Saturday 16 June 2018

මයිනාගෙ කතා...15 අත්හදා බැලීම - 2... ඩයිනමයිට්

මයිනාගෙ කතා... 15  අත්හදා බැලීම - 2... ඩයිනමයිට් 

                අත්හදා බැළිම් ටික කාලෙකට නතර කරන්න උනා නේ කසිප්පු අවුළ හින්දා. ආයෙමත් මාසයක් හමාරක් යනකොට පරණ  පුරැදු විද්‍යාඥ්ඥයා මයිනට ආරෑඩ වෙන්න ගත්තා. සමහර වෙලාවක මට හිතෙනව ආරෑඩ උනේ හිට්ලර්ද කියලත් ඇයි ඉතිං එන්නෙම ඩේන්ජරස් අයිඩියා නේ.

මයිනට හිතුනා සමුහ ඝාතනයක් කරන්න මිනිස්සු නොවෙයි බොළව් ගඟෙ ඉන්න මාළු.   මේකට අවශ් ඩයිනමයිට් එකක් නොවෑ දැං ඉතිං සඳහා සිත වෙහෙසමින් ඉන්නව. අංක එක තමා වෙඩි බෙහෙත් සොයා ගැනිම. ගල් වලට බෝර දාන මාමා කෙනෙක් හිටියා සොමේ මාමා කියලා. එක දවසක හැන්දෑකරෙ පාර වැරදිලා වෙන පැත්තක ගිහින් පැත්තට ගියා වගෙ මාමාලගෙ ගෙදර ගියා. මාමා අපේ තාත්තට කිව්වෙ "මස්සිනා" කියලා. අපේ තාත්තා එයාට කිව්වෙත් මස්සිනා කියලා. මාමා මයිනව දැක්ක ගමන් දාරක සෙනෙහෙන් පිරිලා ඉතිරිලා කැරකිලා බිස්කට්ද කේක්ද කෙසෙල් ගෙඩිද ක්රීම් සෝඩද සියල්ල ගෙනත් සංග්රහයෙ. එහෙම කරන්න හේතුව මාමාට හිටියෙ තැරි (කෙල්ලොම) තුනක් ඒක නිසා පුත්තුන්ට පණ ඇරලා. මාමගෙ සංග්රහ සත්කාර අතරෙ දැම්මා වචනේ

"මාමේ වෙඩි බෙහෙත් ටිකක් දෙන්න කෝ"
"
නෑ නෑ වෙඩි බෙහෙත් නෑ මට උඹලගෙ තාත්තගෙන් බැණුම් අහන්න බෑ"
"
දැං මට හිතා ගතෑකි මේ පැත්තෙ ආපු කාරණාව"
"
අනේ තියා ගන්න ඔයාගෙ වෙඩි බෙහෙත් මම යනව යන්න"
පොඩි නෝක්කාඩුවකුත් දාගෙන එන්න පිටත් වුනා. දැං මාමා වෙඩි බෙහෙත් නොදුන්න එකට නැන්දට පට්ට දුකයි. දුකෙන් ඉඳපු නැන්දා මයියොක්කා ගහක් ගලවලා ඒකෙ අල ටිකයි කටු අනෝදා ගෙඩියකුයි එහෙම මල්ලකට දාලා දුන්නා ගෙදර අරන් එන්න. ඒක දෙනගමං කිව්වා
"
උඹ බය නැතුව ඉඳපං පුතේ මම ඉරිදට පොලේ යද්දි වෙඩි බෙහෙත් ටිකක් ගෙනත් දෙන්නම්"

හැම ඉරිදම පොළට ගෙහුං එද්දි නැන්දා ඔය මොනව හරි කඩචොරැ ටිකක් අපේ මළයටයි මටයිත් දීලා තමයි යන්නෙ. මයිනට  ඉතිං ඉහෙ මලක් පිපුනා වගෙ තමයි මයිනා ෆුල් ෂපාන් එකේ ඉන්නවා ඉරිදට බඩු ලැබෙන  හින්දා. අනේ ඉතිං ඉරිදා අරෙහෙ මෙහෙ නොගිහිං ඉන්නව නැන්දා පොළේ ගිහින් එනකම්. ඕං ඉතිං ගෙදර ප්රතිචාර

"
මොකද ලොකු එකාට අසනීපයක්වත්ද"
"
අද ඇඳේ වැරදි පැත්තෙන් නැගිටලද කොහෙද"
"
අනිත් හනුමො එක්ක තරහා වෙලා වෙන්න ඇති"
මයින නෙ දන්නෙ මයිනාට ලැබෙන්න යන දේ ගැන. ඕං ඉතිං නැන්දා එනව මයිනා ඉතිං නැන්දව දැක්කෙ නෑ වගෙ වත්ත පහාලට වෙලා කිතුල් පිත්තක් සුද්ද කරනවා.

"
කෝ ලොකු දරැවා"
"
වත්ත පහාළ මොකද්ද කරනව වගෙ"
"
ලොකූ පුතේ"

"
එනව ඉන්න"


සත්ගුණවත් සෙනෙහෙබර නැන්දා මාමගෙ වෙඩි බෙහෙත් ගන්න බැරි වෙච්චි ශෝකයට රත්ඤ්ඤා 100ක් තියෙන පෙට්ටියක්ම ගෙනල්ලා. මොනවද ඉතිං ආයේ  මයිනා පියාසලා සිනා සලා ආදරෙන් තමා. දැං ඉතිං දවල් කෑමෙන් පස්සෙ මයිනා ගියා අනිත් අපතයො සොයාගෙන.

"
ඩයිනමයිට් එකක් දාලා මාළු අල්ලමු"
"
එළ එළ අල්ලමු"
"
කෝ දැං බඩු"
"
මම ගෙදර හදනව යමල්ලා අපේ දිහාවේ"
"
අනේ අම්මෙ මෙන්න වැන්දා අපිට එන්න බෑ උඹ පලයං"
"
තාත්තා අවුළක් නැ යමල්ලා"
දැං ආයෙමත් ප්රශ්ණයක් වෙඩි නූලක් ඕනේ. සෝමේ මාමා දෙන්නෙ නෑ ආයෙමත් ගන්න නම් ගල් කොරියට යන්න ඕනේ. ඒත් ඉරිදා ගල් කොරියෙ වැඩ නෑ. එකෙකුට කිව්වා ගල් කොරියෙ වැඩ කරන ගාමණි කියලා අයියා කෙනෙක් ඉන්නවා එහෙට ගිහින් ඉල්ලපං කියලා. ඇහුවොත් කියපං මාළුන්ට ඩයිනා කෑල්ලක් ගහාන්න කියලා කිව්වා. පැයකට විතර පස්සෙ අඟල් 2කක විතර වෙඩි නූල් කෑල්ලකුත් අරන් අරැ ආවා ගාමිණි අයියටත්  මාළු ටිකක් ඉල්ලුවා කියාගෙන.

ඕං ඉතිං අර වෙඩි නූලත් බොහොම පරිසමින් අරන් තියලා ගඟෙ එක තැනක අකුළක් අරන් ගිහල්ලා හිටවලා දින කිහිපයක් තිස්සෙ එතනට කෑම ජාති ගිනිහින්  දානව. එක එකා එක එක දේවල් ගඟට දානව මාළු ගෙන්න ගන්න. පොල් කුඩු, මාළු බඩ, පරණ පාං අරවද මේවද මාළු කනවා කියලා හිතන සියළුම ජාති. සතියක් විතර මාළුන්ට කෑම දාද්දි දැං අර අකුළ කිට්ටුව මාළු ගැවසෙනව පේනව.



පටන් ගත්තා ඩයිනමයිට් එක හදන්න. අර රතිඤ්ඤා සීයම ගළවලා ඒකේ වෙඩි බෙහෙත් එකතු කරලා ඔක්කොම වෙනම කොළවලින් හදපු ගොට්ටකට දාලා වෙනම ලොකු රතිඤ්ඤයක් ප්රතිනිර්මාණය කරා. ඒකේ සෙව නූලට අඟළක් විතර සයිස් එකට  කපලා හදා ගත්තු අර ගල් බොර වලට දාන වෙඩි නූල දැම්මා. වෙඩි නූල දාන්නෙ රතිඤ්ඤවල තියෙන සෙව නුල වතුරට නිවෙන නිසා. ඇතුලට වතුර යන්නැති වෙන්න ඉටි කොළ වල ඔතලා ඩයිනමයිට් එකේ කටයුතු සියල්ල සූදානම් කර ගෙන හවස 3  විතර කට්ටියම යද්දි අර අකුළ ළඟ එහා ගමකින් ආපු එකෙක් ඔරැවක ඉඳන් විසි දැළක් ගහලා මාළු අල්ලනවා.
කොහොමද අරැ දැක්කම පැනපු මළ ඇයි යකඩො දැං සතියක් තිස්සෙ කෑම දාලා දාලා   අර රිළවට දීපියකෝ මාළු ටික අල්ලන් යන්න. දැළ ගහලා අරැ දැළ අදිනව එකෙක් කෑ ගහැව්වා

"
මුගෙ අම්මට @#% ගහපිය මයිනො බෝම්බේ" කියලා.
ගත්තා ගිණි පෙට්ටිය පත්තු කරා ඩයිනමයිට් එක වීසිකරා අරැගෙ ඔරැව ළඟට. "දඩොං...." ගාලා පිපිරුවා ඉංග්රිසි චිත්රපටියක වගෙ. ග්රෑම් 300 400 වෙඩි බෙහෙත් දාලා  තිබුනම හිතා ගන්න පුළුවන් නෙ. ගඟෙ වතුර උඩ ගිහිල්ලා අරැගෙ ඔරැවත් පෙරලිලා එක විකාරයයි. ඇත්තටම අරැ හිතුවෙ ගැහුව්වෙ බෝම්බයක් කියලා මොකද ඒක ඔතලා තිබුනෙ කොළ පාට ඉටි කොළයකින්. දැළත් දාලා ඔරැවත් දාලා ගොඩට පීනපු අර මිනිහ පාරට දිව්වා. එතන හිටපු අපේ අපත රැළත් අර මිනිහා පස්සෙ ටිකක් දුර එළවලා ඇවිත් ගඟට පැන්නා මාළු එකතු කරන්න.

එකෙක් අර මිනිහගෙ මාළු දැළම උස්සගෙන ඇවිත් පොඩි එවුන්ට දුන්නා මාළු  බේරන්න. අනිත් එවුං බැහැලා ගඟට මාළු එකතු කරනව. අර දැළ ගහාපු එකා පාරට ගිහින් පාර අයිනේ බිම ඉඳගෙන ඉන්දැද්දි ගමේ ටිකක් නහාරයක් වැඩි එකෙක් අරැගෙන් අහලා
"ඇයි අයියෙ මෙතන" කියලා.
"
අනේ මල්ලි මට කොල්ලො වගයක් බෝම්බයක් ගැහුව්වා. බෝම්බෙ ගඟට වැටුනු නිසා මට මොකුත් උනේ නෑ උං මාව එළවලා මගෙ දැළයි ඔරැවයි ගත්තා"

දැං ඉතිං අර නහරෙ වැඩි එකා වීරයා වෙලා
"
එහෙම කොහොමද මේ ගං වල කණ පලන්න මම ඕකුංගෙ"
කියාගෙන ගඟ පැත්තට එනවා.


ගඟට බැහැලා පිනන්න පුළුවන් ඈයො ඔක්කොම ගඟට පැනලා මාළු අහුලනව. ගොඩ හිටපු පොඩි පොඩි එවුන් අර දැළේ හිටපු මළු ගලව ගන්න ගමන් ගඟෙ ඉන්න එවුන් ගෙනත් දෙන මාළුත් එක තැනකට දානව. අර නහාරෙ වැඩි එකා ගඟ ළඟට ආවට මොකද ඉන්න සෙට් එක දැක්කම කර ගන්න දෙයක් නෑ. ලොකු ලොකු එවුන් ගඟට බැහැපු නිසා අර දැළේ මාළු ගලව ගලව හිටපු පොඩි එකෙකුට අරැ දුන්නා කණට එකක් පොඩි එකා කණ අල්ලන් බිම වාඩි උනා. අනිත් පොඩි එවුන් කෑ ගහද්දි ගඟෙ හිටපු සෙට් එකම ගොඩට. නහාර වැඩි එකාට දුන්නා සෙට් එකත් එක්කම දිලා වීසි දැළ ඇතුලට දාලා තිබ්බා. ඌට වදිද්දි අර මාළු දැළ දාපු එකා පැනලා දිව්වා පස්සෙ අපේ අපතයො එළවගෙන ගියා. අරැ දුවලා ගිහින් රිංගලා තියෙන්නෙ අර කණට ගහපු පොඩි එකාගෙ ගෙදරට
"
මාව මරන්න හදනවෝ බේර ගන්න"
"
මොකද බං තොපිට වෙලා තියෙන්නෙ" කියලා ගෙදර එකා අහද්දි කියලා
"
මූයි සොයිසයි උඹගෙ ළමයට ගැහුව්වා අයියෙ වරෙංකො ගඟ ළඟට යන්න"

කියලා අරැවත් අරන් ගඟ ළඟට ආවා. මයිනලගෙ ගෙදරටත් ආරංචි වෙලා මයිනගෙ තාත්තයි අනිත් සමහර එවුනගෙ තාත්තල යි එහෙමත් ආවා. විස්තරෙ මුළ ඉඳලා කිව්වා. මයිනගෙ තාත්තා මැදිහත් වෙලා අර මිනිහගෙ දැළයි ඔරැවයි මාළු කොටසකුයි දිලා යැව්වා. නහාරෙ වැඩි එකා ගහාපු පාරට පොඩි එකාගෙ කම්මුළ ඉඳිමිලා. ඒකට පොඩි එකාගෙ තාත්තා අරැට  දුන්නා සුපිරි කණේ පාරක්. අයේ පොඩි එවුන්ගෙ දෙස නොබලන්න.

මයිනගෙ තාත්තා මයිනට කිව්වා
"
යමං ගෙදර"
මයිනගෙ අපත යාළු හැතිකර ඔක්කොම පස්සෙන් එනවා.
"
බෙදපං හැමොම එවුන්ට ඔය මාළු"කියලා කිව්වා. මාළු ඉතිං හැමොටම බෙදුවා.

"
තෝ දන්නවද ඩයිනමයිට් දාන එකේ බරපතළකම...පොළිසියෙන් ආවා නම් තොපිට වෙන්නෙ මොකද" "ආයෙමත් ඔය වගෙ ගොං වැඩ නොකර හිටපියව්"

මව්තුමිය පුපුරනව එයා පත්තු උනොත් දාපු ඩයිනමයිට් එකට හපං හින්දා ෂේප් එකේ තාත්තට කිට්ටු වෙලා කිව්වා
"
මම මේ මාළු ටිකකුත් අරන් බප්පලගෙ ගෙදර පැත්තට යන්නම් නැත්තං අද රෑට මම හින්දා තාත්තටත්  බඩගින්නෙ තමා නිදා ගන්න වෙන්නෙ"
"
මටත් පේනනෙ ඒක හොඳයි එහෙ පළයං එහෙනම්"

අර මාළු කොටසකුත් අරන් බාප්පලගෙ ගෙදරට ගිහින් ෂේප එකේ එහෙ ඉඳලා පහුව දා තමා ගෙදරට ආවේ. අර නහරයක් වැඩි එකා කාලයක් යනකං කිණිස්සක් ඉනේ ගහගෙන කැරකුනා අපි එකෙකුට ඇනලා හිරේ යනව කියලා. ඒත් ඒක හිතන තරම් ලේසි උනේ නෑ ඌට අපි අඩුම ගානේ හතර දෙනෙක්වත් එකට හිටපු නිසා.

ඩයිනමයිට් ගිණි කෙළි සෙල්ලම් එච්චර හොඳ නෑ. ඒක නිසා මයින කරපු අත්හදා බැළිම් කරන්න යන්න එපා. මයිනගෙ තව අත්හදා බැළිමක් තියෙනවා ඒකත් කියන්නම් පස්සෙ වෙලාවක.

4 comments:

  1. එකෙක් ඉන්නවා ඔය සෙල්ලම දාල අතට කෙලවගත්ත

    ReplyDelete
    Replies
    1. අපෙත් එකෙක් ඉන්නව ඇඟිළි 2ක් නැ, එතන හිට්පු අනිත් එකා කියලා පත්තු කරපු ගමන් දාන්න එපා ටිකක් ඉන්ඳලා දාපං කියලා ආයේ ඉතින් මොනවද

      Delete
  2. ටෞකන්ඩ තෝ යකෙක්නෙ මයිනො

    ReplyDelete
    Replies
    1. වරෙන් ඩයිනයක් දාන්න යන්න

      Delete