Sunday 29 July 2018

තොටගමුවේ කතා - 6


එවකට බොහොම වැදගත් වගෙම උසස් අධ්‍යාපන ආයතනයක් උනු තොටගමුවේ විජයබා පිරිවෙණ භික්ෂුන් වහන්සේලා දහස් ගණනකට ශිළ්ප සතර දෙමින් අමිළ සේවයක් කරා. 



රාජ්‍ය අනුග්‍රහය ඉතා ඉහළින් ලැබුනු මෙම අධ්‍යාපන ආයතනය සහ පිරිවෙණ වෙනුවෙන් සේවා සපයන ගම් බොහොමයක් පැරකුම්බා රජු විසින් විහාරයට පවරලා දීලා තිබුනා. ඒ අතරිනුත් විශේෂ ගමක් තමයි බද්දෙගම හෙවත් බත් දෙන ගම. එවකට විහාරයට සහ විජයබා පිරිවෙණ තුල සිප සතර හැදෑරැ සියළුම භික්ෂුන්ට දානය සඳහ හාල් සැපයු ගම තමයි බද්දෙගම. අදටත් සස්‍රික කුඹරැ වලින් සමන්විත මේ ගම අතීත ශ්‍රි‍ විභූතිය කියාපාමින් වැජඹෙනවා. හික්කඩුව නගරයෙ ඉඳලා කිලෝ මීටර් නමයක් ඈතින් තියෙන මේ බද්දෙගම නගරය ගාල්ල දිස්ත්‍රික්කයෙ තිබෙන ප්‍රධාන කෘෂිකාර්මික කොට්ටාසයක්. ගිං ගඟෙන් පොෂණය වන සුන්දර කුඹුරැ යායවල් තැනින් තැන තිබෙන තේ වතු සහ වෙනත් වගා බිම් සමගින් තවමත් සුන්දර ගැමි අසිරිය නොනැසි පවතිනව. 

පුරාණ තොටගමුව අද දවසෙ හඳුන් වන්නෙ තෙල්වත්ත නමින් නුතනයෙ තොටගමුව ලෙස හඳුන්වන ගම තියෙන්නෙ හික්කඩුව නගරයට කලින් කොළඹ පැත්තට වෙන්න. අතීයෙ ශ්‍රි විභූතයෙන් වැජඹුනත් අද දවසෙ ලංකාවෙ ක්‍රිමිනල් රෙකෝර්ඩ් එහෙම නැත්නම් අපරාධ වාර්ථා වල ඉහලින්ම තියෙන නම් අතරට මේ ගම් ඇතුලත්. පතාල කල්ලි අතර ගැටුම් මත්කුඩු වෙළඳාම මහ පරිමාණ කොල්ලකෑම් කුලියට මිණි මැරිම වගෙ එකි මෙකි නොකි බොහො දේවල් දැන් මේ ප්‍ර‍දේශ තුල සිද්ධ වෙනව. තෙල්වත්තෙ රවි, කළුපේ මනෝජ් වගෙ රටේ නම ගිය අපරාධකරැවන් හිටියෙත් මෙහෙ තමයි. ඒත් ඒ අයත් අල්ප ආයුෂ වලින්ම මරැ තුරැලට ගියා.

සුනාමි එන්න වසර කිහිපයකට කලින් එකතරා කණ්ඩායමකට තොතුරක් ලැබිල තිබුනා සරස්වති තෛලය තොටගමු විහාරයෙ බුදු කුටිය ඇතුලේ තැනක තිබෙන බවට. මේ පිරිස ගල් ඉනි එහෙමත් අරගෙන මහ රෑ බුදු කුටියට වැදිලා තිබුනා එහෙත් මුළු බුදු කුටිය පුරාම නාගයන් පිරිල හිටි බව තමයි කියන්නෙ. මේ සිදුවිමට මූලික උනු කෙනා ඊට දවස් කිහිපයකට පස්සෙ ඒ.සි. බස් එකකට හැපිලා අවසන් ගමන් ගියා, ඉතිරි අයත් විවිධ කරදර මැද්දෙ ඉඳලා සුනාමි වෙලාවෙ අවසන් ගමන් ගියා. 
තවත් දවසක මත්කුඩු උරන්න පුරැදු තරැණයෙක් පන්සල් වත්තෙ ගහකින් තැඹිළි වල්ලක් හොරෙන් බිමට බාලා. හැබැයි ඉතිං කොල්ලා ගහෙන් බැහැලා නෑ. 
කොල්ලා ගහෙන් බහින්න හදද්දි ගහ මුල ලොකු නයෙක් ඉන්නවලු පෙණය කරන්. ගහ උඩ හිටපු එකා කෑ ගහලා අන්තිමට ස්වමින්වහන්සෙලා එතනට ආවම තමයි නයා ගිහින් තිබුනෙ. මේ වගෙ දේවල් වෙන්නෙ නම් රාහුළ හිමියන් ඒ කාලෙම මන්ත්‍ර බළයෙන් යම් ආරක්ෂාවල් කරලා තිබුනු නිසාලු. 

Wednesday 11 July 2018

මයිනාගෙ කථා... 21 කෝස්ටික් සෝඩා.....

මයිනාගෙ  කථා....21 .... කෝස්ටික් සෝඩා

                                              මොනවද දන්නෙ කෝස්ටික් සෝඩා ගැන. මම නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ. සබන් හදන්න ගන්නවළු, වොෂ් ගාර්මන්ට් වලට ගන්නවළුනෙ ඩෙනිම් එහෙම වොෂ් කරන්න. එහෙම ගාර්මන්ට් එකක් තිබුනා ඌරවත්තෙ පාළමට ටිකක් මෙහා ගාල්ල පැත්තට වෙන්න. ඒ ගාර්මන්ට් එකේ අපි දන්න එකෙක් වැඩ කලා ඒ කාලේ.

මතකනේ කුකුළගෙ කතාවක් කිව්වා අර අම්මට කුකුළා පෙන්නලා සීන් එකක් උනේ. ඒ සිද්ධියෙන් පස්සෙ ඒ යාළුව අපිත් එක්ක මිත්‍ර සමාගම නැවැත්තුව.   දැන් ඉතිං ඌ ජීවිතෙ කිසිම දවසක අපිව දැකලා නෑ වගෙ වැඩ.   පාරෙ දැක්කත් අහක බලන් ලොකු සීන් ගොඩයි. 
                   එක දවසක අපේ එකෙක් ඇහුව්වා "ඇයි බන් උඹ කතා කරන්නැතුව යන්නෙ" කියලා. මූ දාපු සද්දෙ…   උඹලා එක්ක  හිටියොත්  අපිත්  කාළකණ්ණි  වෙනවා.     මම දැන් හොඳට  පාඩම්  කරනව  සහ  කතා  ගොඩයි.   ඇත්තටම කරපු   තරමක්   අළිගුත්තෙරැ   වැඩ   කලේ   ඌ,   වැඩිපුරම වලි  ඇති  උනෙත්  ඌ නිසා.    අපේ   එහෙකුට   මළ  පැනලා අරූට  දුන්නා  කනේ  වංගු  කෙලින්  වෙන්න. 

ඌට  ගහපු  එකට  ඒකගෙ  ලොකු  අම්මගෙ  පුතෙක් ඉන්නව  ආමි එකේ   ඌ  අපේ  එකාට  ගහලා.   දැන් ඉතිං වැඩේ ෆුල්  අවුල්  අපේ  එවුන්  ලොකු  අම්මගෙ  පුතාටයි අරූටයි  දෙන්නටම  ගේමක්  දෙන්න  ප්ලෑන්  කරනවා.   ලොකු   අම්මගෙ  පුතා  ආමි  හින්දා  මොනවත්   කරන්න බෑ බයයි.    ලොකු අම්මගෙ පුතා නිවාඩු ඉවර වෙලා නැවත වැඩට  යනවා  හෙට  කියන  අරංචි  ලැබුනා.  වෙලාව පාන්දර 3ට  විතර  තමයි  යන්නෙ. 

                                අපේ ගම්වලට එන ප්‍රධාන පාරෙ තියෙනවා ඇලකුත් එක්ක සොහොන් පිට්ටනියක්. කට්ටියම කතා වෙලා ගෙදරින් පැන ගන්න පුළුවන් එවුන් 4 දෙනෙක් එදා රෑ පාඩම් කරනවා කියලා එකෙකුගෙ ගෙදරට සෙට් උනා.    වේලපහම   හොදින්   වතුර   දමා සාදා   ගන්නා   ලද   අමු  ගොම මිශ්‍රණය බස්කට් එක සොහොන් කොතක් අසල. 

                                           ආමි පොර ගෙදරින් 3ට එලියට ආවොත් විනාඩි 15ක් විතර යද්දි සොහොන ළඟට එනවා. අපේ  අපතයො  සෙට් එක අර මළ රෑ සොහොනට  ගිහින් යට  ඇදුමට  උඩින්  කොළ  අතු  වගෙකුත්  ඇඳගෙන එකෙක්  වෙස්  මුහුණකුත්  දාගෙන  සුදානමින්  ඉඳලා.  ආමි අයියා  පෙන්  ටෝච්  එකක  එළියෙන්  එනවා  දුටු  අපේ හාදයො  එක  සැරෙට  පැනලා  එකෙක්  අරලිය  ගහක්  උඩ ඉඳලා  අරලිය  අත්තකුත්  කඩන්  පැනලා.    ගොම සාත්තුව අයියට දීලා.  ආමි  උන  බැහැපු  අයියා  එල්ලන්  ආපු  තඩි බෑග්  එකත්  දාලා  පැනලා දුවලා.  ඒ අයියා  හැබැයි නොන්ඩිය  වහ  ගන්න  බය  උනු  විස්තරෙ  කියලා නෑ. සොහොන   ළඟින්   යද්දි   උනු   සිද්දිය  පමණයි  කියලා තියෙන්නෙ.

                                 ඊළඟට අපිත් එක්කම ඉඳලා ඈත් උනු එකාට සුපිරි දඬුවම් දෙනව.  පාරෙ ඌ බයසිකලෙක ආවනම්  අපේ  එකෙක්  එක  සැරෙ  පාර  පනිනවා හැපුනොත්  ගැහුව්වා.   ඌ  ගඟෙ  මූදේ  නාද්දි  සෙට්  උනා නම්  අල්ලන්  වතුරෙ  ගිල්ලනවා.   ටික  දවසකින්  මුංගෙ අම්මා   මවුන්ටන්   බයික්   එකක්  අරන්  දීලා  මූට  අපිත් එක්ක   මිත්‍ර  සමාගම්  නවත්වපු ප්‍රිතියට.   මූ  දැන්  ප්‍රඩෝ එකේ  යනවා  වගෙ  මවුන්ටන්  බයික්  එකෙ  යන්නෙ. සමහර  දවස්වල  මුගෙ  නංගිත්  දාගෙන  එනවා  ඉතිං කොහොමද  මුගෙ   සැර.

                                             නංගි හික්කඩුවෙ ක්ලාස් යනවා සා.පෙළ කරන්න හිටියෙ,  ඒකිට තියෙන්නෙ කටක් නොවෙයි බොක්කුවක්.    ඒතරම් අම්මණ්ඩි,   අපේ අපතයො  ළඟ  තියෙන  බයික්  වල  තියෙන්නෙ  රෝද දෙකයි  හැඬල්  එකයි  ප්‍රේම්  එකයි  විතර  නේ....  බ්‍රෙක් ගහන්නෙ  පොල්  ගහ  ලකුන  සෙරෙප්පුව  පස්සෙ  රෝදෙට අල්ලා.    එහෙම  ආපු  එකෙක්  මවුන්ටන්  එකෙ ආපු අයියා  සහ  නංගිව  හප්පලා.   අපේ  එකත්  වැටිලා අරැන්  දෙන්නත්  කම්බි  වැටක්  අස්සෙ  රිංගලා  සුළු තුවාළ.  අරූගෙ  නංගි  අපේ  එකාගෙ කණට  ගහලා. 
දැං  ඉතිං  අරූට  අරකිගෙන්  පළිගන්නම  ඕනේ  කියනව. මේකිට  දඬුවමක්  දෙන්න  උදේ  හවා  ප්ලැන්  කරනව.   ඕං ඉතිං  මේ  වෙලාවෙ  අර  වොෂ්  ගාර්මන්ට්  එකේ  වැඩ කරන   අපේ  හිතාදර  නස්කූණි  නසරාණියා  දුන්නා අයිඩියා එකක්.

                                                   මං තොපිට කොස්ටික් සොඩා ටිකක් ගෙනත් දෙන්නම් කොහොම හරි ඕකිගෙ ජංගියක පල්ලේ දාපල්ලා බඩුම තමා කිව්වා.  අරූ  ඊට පහුවදාම ඌගෙ යුතුකම ඉටු කරා.  ඉතිරි හරිය මයිනා ඇතුලු අපතයන්ගෙ අතේ. 

                                       ඉස්සර උංගෙ ගෙදර යන එන එවුං නිසා ඒ ගෙදර වැල් බැඳපු තැන් තාප්පෙන් පැනිය යුතු තැන් ගැන සියළු දෙනාටම හොඳ අවබෝධයක් තිබුනා.  එක දවසක්  ඒකි  අඳින  ජංගි  පෙලක්  වැලේ  වනපු  වෙලාවක අපේ  එකෙක්  දැකලා.   ඒ ගෙදර  ඈයො  ශාන්ති  කියන ඉංදියන්  කසිකබල්  නාට්‍ය  රසවිඳින  හෝරාවෙ  අපේ එකෙක්  අර  වැලේ  තිබුනු  ජංගි  පෙලට  කෝස්ටික්  සෝඩා ලික්විඩ්  එක  දාලා. 

                              ඊට පසුදා ගණිතය මහ සම්මන්ත්‍රණයක් "සනත් ලෙනොරා" සර්ගෙ අම්බලන්ගොඩ නගරසභා ශාලාවේ.    වැඩේ නැගලා යනවලු.   සර් අනුමාන ප්‍රශ්ණ දෙනව කෙටි ක්‍රම කියලා දෙනවලු.   මැද පෙලක අපහසුවෙන් හිටපු කෙල්ලෙක් කුලප්පු වෙච්ච වැස්සියෙක් වගෙ හෝල් එකෙන් බැහැලා දුවලා.   ඒකිගෙ හොඳම යාළුවත් හෝල් එකෙන් බැහැලා පස්සෙන් ඇවිත් මේකිට උනේ මොකද බලන්න. 


                                    මේකි ඇඹරෙනවලු දඟළනවලු එක විනාශයයි. බැරිම තැන අම්බලන්ගොඩ ස්ටේසන් එකේ නෝනාවරුන්ගෙ වැසිකිළියට රිංගලා ජංගිය ගලවගෙන තමයි බොහොම අපහසුවෙන් ගෙදර ඇවිත් තිබුනේ.   ඇයි ඉතිං මුහුදු හුළං රැල්ලට සාය උඩ ගියානම් තව එකක්නෙ. 
ඒකිගෙ හොඳම යාළුවා යාළුවෙලා හිටියෙ අපේ නඩේ එකෙක් එක්ක.         

ඒකි අපේ එකාට විස්තරෙ කියලා.  අපිට දැං පට්ට හැපි.    කෝස්ටික් සෝඩා වැඩ කරන්නෙ නම් දහඩිය දාන වෙලාවටළු ඒකත් පට්ට නේ.   හැබැයි වරදට අහු උනේ නම් අහිංසක දළඹුවො වගයක්.   
ඊට පස්සෙදවසක ඒ නංගිට අපේ එකෙක් කියලා
 "නංගි මොකෝ ජංගිය අම්බලන්ගොඩ දාලා ආවේ"  මට කිව්වනම් බෙහෙත් දෙනව නේ" කියලා. ඒ කතාව දුරදිග ගිහින්  මිණිමැරුමක්  නොවි  බේරුනා බොහොම  අමාරුවෙන්. 

පරිසමින් ඈං.... කෝස්ටික් සෝඩා මාර බෙහෙත දඟළන නංගිලාට.

Sunday 8 July 2018

මයිනාගෙ කථා...20 නාවළපිටියෙ නැන්දා......

මයිනාගෙ  කථා....20 .... නාවළපිටියෙ නැන්දා

මයිනා සහ අපත නඩේ අපරාදේ පොත්වලට සල්ලි (අ.පො.ස) වියදම් කරලා සා.පෙ. ලියලා ඉවර වෙලා ට්‍රිප් එකක් යන්න සූදානම් උනා. සිරීපාදේ යන්න කෝච්චියෙන්. ට්‍රිප් එකට සෙට් වෙලා හිටපු එවුන් ගෙවල් වලින් හින්නි එකා සංදියෙ එක්ක ගිහින් කෝඩු කඩපු ඈයෝ. ගමන්මග හෝ  ගමන ගැන නිසි අවබෝධයක් නෑ. 
අනේ ඉතිං මේ විදියට ලත වෙද්දි එක අපතයෙක් කිව්වා අපේ නැන්දා ඉන්නෙ නාවළපිටියෙ, එහෙ ඉඳන් සිරීපාදෙට ඔහොම මෙහෙම කියලා. කට්ටියම ගිහින් එහෙ ඉඳලා සිරිපාදෙ යමු කියලා. දැං ඉතිං මොනවද එකෙන්ම පුල් හැපි.

 නැන්දා අවුරුද්දකට සැරයක් ඇවිත් අරූව වඩාගෙන යන්න හදන්නෙ නැන්දගෙ ගෙදර. එහෙම ආවම ගමේ තියෙන සබ්බසකළමනාවම උන්දැට ගෙනත් දෙන්නෙ ඉතිං මයිනා සහ යාළු පිරිස. පොල් ගේනවා එකෙක්, දෙල් ගේනවා එකෙක්, ඉස්සො - දැල්ලො බළමාළු මයිනගෙ තාත්තට පිංසිද්ධ වෙන්න ලැබේනවා. අනේ ඉතිං අරුන්දෑ මයිනගෙ තාත්තාව ලෙව කන්නෙ නැතිටික විතරයි. 

"අනේ අයියෙ එක දවසක එන්නකො අපෙත් ගමේ කියලා කවුරැ හරි එනවනං කොයිතරං කැමතිද".

 උන්දැගෙ ඇවටිලි ළඟ හිත වෙඬරැ වගෙ දිය වෙලා යනව ඉතිං අනේද කියන්නෙ. 
"මේ ළමයෙක්වත් එවන්න අයියෙ නෑකං දුරස් වෙන්ට දෙන්ට එපා... අපි නැති කාලෙක මේ ළමයිනුත් ඈත් වෙලාම යනව නොවෑ". 


නැන්දා කියන විදියට නැන්දාගෙ වත්ත වටේම දූරියං ගස්ලු. වත්ත මැද මැංගුස් ගස්ළු. මුහුදු හුළඟයි කරිජ්ජ ලුණු වතුරයි එක්ක දිවි ගෙවන අපිට ඒ කතා මාරය.  හැබැයි කිසිම දවසක නැන්දා ගෙනාපු දූරියං ගෙඩියක් නම් නැත. නැන්දා කියන්නෙ දැං අවාරේ බවයි.  මැංගුස් කතාවත් එසේමය.   ඒ වත්තෙ මැංගුස් ගෙඩියක් නම් යාළු අපතයාගෙ පැමිලි එකේ උන්වත් නොකෑ බව නම් ෂුවර්ය. අනේ ඉතිං හික්කඩුවෙ ටවුමේ මැංගුස් විකිණිමට තිබෙද්දි අර නැන්දාගෙ වත්තෙ මැංගුස් නැතිවිමටත් හේතුවකි. නැන්දා කියන්නෙ ඒ මැංගුස් කළුතර ඒවා බවයි. නවළපිටියෙ මැංගුස් වෙනත් වාරයක පල ගන්නා අතර එයට නියමිත මාසයක් වාරයක් නැත.  නැන්දා දෙසැම්බර් අවත් අප්‍රයෙල් ආවත් අගොස්තුවෙ ආවත් නාවලපිටියට මැංගුස් ආවාරය බව නැන්දා කියයි. 

අපේ ගම්වල කවුරු කවුරුත් එකිනෙකාට නෑකම් ඇති හින්දා අපේ මහ පරම්පරාවෙ ඈයෝ ඒ නෑ සබඳතා ගෞරවයෙන්  රැක  ගත් බව කිව යුතුමය.   යාළු අපතයගෙ නැන්දා  වුවත්  අනිත්  නසරාණින්ටත්  ළඟ දුර නෑකම් තිබුනු නිසාත් ගෙවල් වල ඈයෝ සිරීපාදේ යන ඇයොන්ට පහසුකම් සලසා දුන්නේය.   දන්න හඳුනන ඈයොන්ගෙ සන්ගලාස්  ජැකට්  බෑග්  කුළියට  ණයට  සහ ආයාචනාත්මකව  ඉල්ලා  ගත්  අතර  සමහරුන්ගෙ  ගෙවල් වල  ඒවා   තිබිම  නිසාම  අවුළක්  වුයෙ  නැත. 

යාළු  අපතයා  ජිවිතකාලේම  නැන්දාගෙ  ගෙදර  දෙපාරක් ගිහින්  තිබුනු  අතර  අවසන්  වරට  ගිහින්  තිබුනේ  වසර දෙකකට පෙරයි. 

සියල්ල  සූදනම්  වූ  අතර  මගවිදම්  සඳහා  ගෙවල්  වල ඇයෝ  මුදල්  දුන්නෙ  මුං  මේ  සල්ලි  අරන්  පැනලා  යාවි කියන  සිතුවිල්ලෙන්  විය  යුතුය.  එක  අපතයෙකුගෙ අප්පාට  සල්ලි  උතුරා  ගලා  ගිය  නිසා  ඌට  රැපියල්  3000ක් දි තිබුනි.   අනිත්   හැළපයන්ට  750ක් හො  1000ක් දී තිබුනේ  ඇඟෙන්  ඇටයක්  ගලවා  දෙන  තරම්  අමාරැවෙනි.   මයිනාගෙ  අප්පා  මෑණියන්  වහන්සෙ ඉදිරිපිට  රැපියල්  1000ක්  දුන්  අතර  මෑණියන්  සමන් දේවාළයට  පඬුරැ  දැමීමට  රැපියල්  40ක  කාසිද  මයිනාගෙ අක්කලා  රැපියල්  100ක්ද  ආධාර  වශයෙන්  දුන්නෙ  උඹ සිරිපාදෙම  නැවතියං  යන  පරම  චේතනාවෙන්  විය හැක. 

වත්ත  පහළට  ආපු  අප්පුච්චා  කාටත්  හොර  රහසේ රැපියල්  500ක්  දුන්නෙ 

"උඹලෑ අම්මගෙ ජහරනෙ එවුන් ෂුවර් නෑ කාටවත් පෙන්නන්නෙ නැතුව මේක හංගලා තියා ගනිං" 
(අපත යාළුවාගෙ නැන්දා මයිනාගෙ මවු පාරෂවයෙ ඤාති බව කරැණාවෙන් සලකන්න)

 "මගට බැස්සාම කියන්න බෑනේ, පොකැට් කාරයො ඉන්නවා ඒක නිසා සල්ලි වෙනම හංගලා තියා ගනිං"
 සහ  තවත්  උපදෙස්  සමග  කීවේ  මොන  ප්‍රශණයක් උනත්  අනිත්  උන්  මගහැරුනත්  කොයි  ඉස්ටේෂන් එකකින්  හරි  කොළඹ  එන  කොච්චියක  නැග  කොළඹට ඇවිත්  එතන  ඉඳන්  ගෙදර  එන්න  පුළුවන්  බවයි. 

දවස් 2කට  කලින්  හික්කඩුවේ  ඩිමාෂා  එකේ  දුරකථනයට පිං සිද්ධ  වෙන්නට  රැපියල්  60ක්  ගෙවා  නැන්දාට  අපි එන බව  දන්වා  පස්වනක්  ප්‍රිතියෙන්  පිනා  සතුටු  වෙමින්  ආ හැටි  මතකය. 

ගමනට  නඩය 8  දෙනෙකි.  මයිනා  සමග  ස.පෙ.  ලියු අපතයන්  තුනක්ද  එවකට  10 වසරට  සමත්  වු  එකෙක්ද උ.පෙ. ලියන එකෙක්ද,    ආතක්  පාතක්  නැති  අපිට  වඩා වයසින්   වැඩි  සියළු  වලත්ත  කාඩ  නසරාණි  වැඩ  සඳහා අපව  පුරුදු   පුහුණු  කල  එහෙත්   ගමට   සුද්දවන්ත  වු අපේ   ගුරුන්  දෙපලක්ද  තවත්  අපේ වයසේම  ගංපාළුවන් දෙදෙනෙක්ද  විය.   
                   නැන්දාගෙ ගෙදරට හිස් අතින් යා  නොහැකි නිසාම   මයිනාගෙ  ගෙදරින්  මාළු  ඇඹුලක්ද  තව එකෙකුගෙ   ගෙදරින්   පොල්   ගෙඩි   10ක්ද   වෙනත් එකෙක්   සිනිසම්බල්   බෝතලයක්ද   නැන්දා   දැඩි ආශාවක්   දක්වන   ජාඩි   මුට්ටියක්ද   ඇතුළු   ලට්ටං ලොට්ටං ද.    මුහුදු   වෙරළ   පුරා  හක්කලන්  කර  සිප්පි  කටු කවඩි  හක්බෙල්ලොද  නැන්දාගෙ  පුතාට  සහ  දුවට සුදානම්  කර  ගත්තෙය.      ලොරියක පමණ බඩුද උස්සා ගෙන   පාන්දර 5ට   හික්කඩුවෙන්   සමුද්‍ර   දේවියෙ   නැගි කොළඹටත්   ඉතිරි   මග   වෙනත්   දුම්රියකින් නාවළපිටියටත්   රාත්‍රිය   නැන්දාගෙ   නිවසෙ   නැවති පසුදා   සිරීපාදෙ   යෑමටත්   නැවත එන   ගමනෙ නැන්දාගෙ   නිවසෙ   නැවති   ගිමන්   නිවා   ගම   රට   බලා පැමිණිමටත්   අදහස්   කරන   ලදි. 

හික්කඩුව  දුම්රිය  ස්තානයෙ  වැඩ  කරන  හිතවත්  මාමා කෙනෙකුගෙ  අනුග්‍රහයෙන්   ලට්ට-පට්ට  සමග ගාඩ් පෙට්ටියෙ  නැගි  කොළඹට  පැමිණි  අතර  කොළඹින්  ටිකට්  ගෙන  බදුළු  දුම්රියෙ  මහ  පිරිස්  සමග  සටන්  වැද එක  දොරක්  අත්පත්  කර  ගත්තෙ  ඇඟපුරා  තිබු  ගමේ උණ  දුම්රිය  මගින්ට  පෙන්විමෙන්  පසුව  බව  කිව  යුතුමය.   කොටුව  දුම්රිය  ස්තානයෙන්  පිටත්  විමටත් පෙර  සිට  පටන්  ගත්  සිංදු  කෑම  මදකට  හො  නතර  වුවා නම්  ඒ  යමක්  කෑ  අවස්ථාවක  පමණි.  

                         බිංගෙවල්   අස්සෙන්   කඳු   නැග   නැග  කඳු බැස   බැස  යකඩ  යකයි  අපියි  තරඟෙට  හූ  කිය  කිය නාවලපිටියට  ආවා.    හට්ටි   මුට්ටි  පෙට්ටි  බෝතල් බාස්කට්  සහා  පොල්  ගෝණියත්  අරන්  ස්ටේෂන්  එකේ ඉඳන්   දැන්   නැන්දාගෙ  ගෙදර  හොයන්  යනවා  වෙලාව හවස  5ට   විතර   ඇති.    අපත  යාළුවා  නම්  කිව්වෙ  මේම මේම  කොච්චි  යන  සද්දෙ  ගෙදරට  ඇහෙනව  කියලා.   අර පොල්   ගෝණිය  එකා  එකා  මාරැවෙන්  මාරැවට  අරන් කන්දකුත්  බඩ  ගාගෙන  නැන්දගෙ  ගෙදරට ආවා  පැය එකහමාරකට   විතර   පස්සෙ. 

                  හතරවටින්  අඳුර  ඇවිත්  අප  වට  කොට  මුකුළු කරයි.    අනේද   කියන්නෙ   සුපෙම්වතුනි   නැන්දාගෙ ගෙදර   දොර වසා   ඇත.    මග   දිගට   පාන්දර   ඉඳලා කාපු   ඉස්සො   වඩේ,  පරිප්පු   වඩේ   මාළු   පාන්   සහ  කජු   කඩල   දෝසි දැං   මේ   සියල්ල   මිස්   කෝල්   ගහනවා.   දොරට   සහ   සියළුම   ජනේලයන්ට   තඩි බෑවත්   නැන්දා   ගෙදර   නැත .   අමාරුවෙන්ම   හිටපු ඈයො   නැන්දලාගෙ   වැසිකිළියට   පැන   බර   සැහැල්ලු කර   ගනිමින්   සැනසුම්   හෙළු   අතර   පස්ස   හොදා ගත්තෙ   අසල  ගලා  ගිය  කුඩා  දිය  පහරින්  බෝතල් පුරවා  ගැනිමෙන්   බව   කරැණාවෙන්   සලකන්න.  

                             යන  එනමං  නැති  අනාතයන්  වි අහල පහල  ගෙවල්  වලින්  විපරම්  කරා.    දවල්  ඉඳලම  එයාලා නෑ  කියලා  තමයි  කිව්වෙ.  සත්  ගුණවත්  අසල්වැසි නැන්දෙක්   ඒ   අකාරුණික   හැන්දෑවෙ   තේ කෝප්පයක් දීලා   ඇහුව්වා   දැන්   මොකද   කරන්නෙ  කියලා.

 "අනේ නැන්දෙ අපි දැන් යන්නං"    කියලා  ගෙනාපු  පොල්  ටිකත්  මාළු  දෙල්  ඉස්සො  එකත්  ඒ  නැන්දට   දිලා ඒ  ගෙදර   හිටපු  පොඩි  එකාට  ගෙනාපු  සිප්පි  කටු  මල්ල දුන්නා.   පොඩි  එකාට  හරි  හැපි.  මූ  දැන්  කියනවා  

"අපේ ඉසකෝලෙන්ම    මේවා   තියෙන්නෙ චමත්ට විතරයි එයා අපට අල්ලන්වත් දෙන්නෙ නෑ" කියලා. චමත් කියන්නෙ අර නැන්දගෙ කොල්ලට. අපේ එක හාදයෙක් ඇහුව්වා
 "චමත් ඔයාගෙ යාළුවද ඇයි එයා අද ගෙදර නැද්ද" පොඩි එකා කියපි 
"අද කවුද වධකාරයො වගයක් එනවා කියලා එයාලා ගියා වෙන කොහෙදො". 
කඩා  වැටි  හඬන  හදින්  ගිනියපු  දේවල්  වලින  සිනී සම්බල්  එකයි   කැවිළි   පාර්සලේකුයි   විතරක්   අරන් නැන්දෙ   ඔයාලා  මේවා  ගන්න  කියලා  ඒවා  දීලා  ආයෙමත්   ඉස්ටේෂමට   ගෑටුවා. 

                        මගදිගට අරූගෙ නැන්දාට කලයුතු සියළු  දෑ  නැන්දගෙ  අම්මට  කළයුතු  සියළු  දෑ  සහ නැන්දගෙ  දුවටත්  කොරලා  අර  පොඩි  කොල්ලා  අහු උනොත්   ඌගෙත්   @#  පලලා දැං වැඩ  ගොඩයි. 

                       කළුවරෙම  ආවා  ස්ටේෂන්  එකට   ස්ටේෂන් එකෙ   වාඩි  වෙලා  ඉන්දැද්දි  දහඩිය  නිමිලා  ගිහින්  දැං සීතල  දැනෙනවා.   ගෙනාපු   ජැකට්   ස්විටර්   ඇඳගෙන  දැං ස්ටේසමේ.     රෑ  වෙද්දි  ආපු   බඩගින්නට  එකෙක්   ගිහින් පාං  ගෙඩි හතරක්   ගෙනත්   නැන්දාට   ගෙනා   සීනි   සම්බල් එක්ක   වැළඳුව.   නැගිටින්නෙ   ඉඳ   ගන්නෙ   අරැගෙ නැන්දගෙ   ගුණ   වයන   ගමන්.



                                           ස්ටේෂමෙන්  ඇහුව්වාම  සිරිපාදෙ යන  ස්පෙෂල්  ට්‍රෙන්  එකක්  තියෙනවා  ඒක  එන්නෙ  රෑ 12ට  විතර  අද  නම්  පරක්කුයි  පාන්දර   2 -3  වගෙ  වෙයි එද්දි   කීවා  දැන්  ඉතින්  හැටන්  වලට  ටිකට්  අරන්  උදේ 4ට විතර  ආපු  ට්‍රේන්  එකේ  හැටන්  වලට  ආවා .   හැටන් වලට බැස්සාම    සීතළ   පිණි   බිංදු   බිංදු   වද  දෙමින්  කරන වදයත්   රෑ   පුරා   නිදි   වරා  ගෙවු   ඒ   අසුන්දර   රැයත් පෙරදා   දුම්රියෙ   ගී   ගයා   බොල්   හඬ   නිකුත්   වු උගුරත්   සමග   සිරීපාදය  නැගිම   එකෙකු   විසින් ප්‍රතික්ෂේප   කරන   ලදි.   එකා   දෙන්නා   වි   දෙන්නා   තුන් දෙනා වි   සියල්ලොම සිරීපාදය   නැගිම   නවතා   නැවත ගම   බලා   යායුතු   බවට  තීරණය  කෙරිණි. 

                                     වීරයා  සේ  නැන්දාගෙ  ගෙදරට  අපිව රැගෙන  ආ  එකා  හුළං  බැහැපු  බැලුමක්සෙ  කට  පුප  වසා   නිහඬවම   සිටියෙ  එය  ඌගෙම  සෞඛ්‍යට  හොඳ බව   දන්නා  නිසාවෙනි.   සෙනග   පිරැණු   දුම්රියක  නැගි නැවත   කොළඹට   පැමිණ   ගෙදරට   ආ   පසු  අරූ  නැන්දා   කල   අමන   වැඩය   තාත්තා   සමග   පවසා තිබුණි.    අපේ   අප්පොච්චා  කිව්වෙ   මම   උඹට   කිවේ ඒක   තමයි   මුලින්ම   කියාය. 

                                    කාළය  ගෙවෙමින්  යද්දි  අපත  යාළුවා නැවත  යතා  තත්වයට   පත්වි   මිතුරු  සමාගමේ   නිසි තැන ලැබීය.    මාස   කිහිපයකට   පසු   අරූගෙ නාවලපිටියෙ   නැන්දා   ඇතුළු   පිරිස  නැවත   ගම   පැමිණ තිබුනි.    අපේ    අපතයන්ට    නැන්දා   දැකිම   නයාට අඳුකොළ   දැකිම   හා   සමාන වු   අතර   නැන්දාට   පාඩමක්   ඉගැන්විමෙ   තදබළ   අශාවක්   අපටත්   වඩා නැන්දාගෙ   බෑණට   හෙවත්   අපේ   මිත්‍රයාට   තිබිම විශෙෂත්වයකි.   

                                   නැන්දාගෙ   දෝණියන්දෑගෙ   සමහර   දෑ    නලල්තලාවෙ   පිහිටියාසෙ   හැසිරැණු   අතර   එවා පඩයකට   ගනං   නොගැනිමට    අපේ    සෙවලයන්ට මුලින්ම   අවවාද   සහ   අනතුරු   අඟවා   තිබිණි. එලෙසින්ම   මිතුරු   සමාගමේ  සියළුම  දෙමාපියන්ද දැනුවත්   කර   ගෙදර   හතරමායිමෙ  අවොත්  ගනං නොගන්නා   ලෙසටද   අවවාද   කර   තැබිනි. 

                                 නැන්දාගෙ  කොලුවා  වෙරලේ  සිප්පි  කටු ඇහිදින්නට  රැගෙන  ගොස්  ඌව  මුහුදට  තල්ලුකර  දමා මුහුදු   වතුර   පොවා   ඌට   පනිස්මන්ට්   දීමට   9 -10 වයස්කාණ්ඩයෙ     පසුවු    පොඩි   ගැන්සියෙ   හාදයො කටයුතු කර   තිබිනි.    නැන්දාගෙ   දුව   හික්කඩුව බීච් එකේ   නෑමේ   මුවාවෙන්  රැගෙන  විත්  ඉතිරි  දඬුවම් දීමටත්   අපතයාගෙ   අක්කා   නංගි   ඇතුළු   පිරිස   කටයුතු   කර   තිබිනි.    උදේ    කාලයෙ   වතුර   අඩුවෙන් පෙන්වන    මුහුදෙ   නැංගුරම්ලා   ඇති   බොට්ටුවකට   නංගි    නග්ගවා   දහවල් 11   පමණ   වන   විට  වතුර  වැඩි වු පසු    "අනේ නංගි ඔයාට පීනන්න බෑ නේද" කියා නංගි වෙරළට ගෙන එමේ කාර්යය අප නඩයට පවරන ලදි . 



                           බොට්ටුවෙන්  නංගි  වතුරට  පන්නවා දෙතුන්  සැරයක්  නංගි  උඩ  යට  ආ  ගිය  පසු  අනවශ්‍ය තැන්ද  අල්ලා  වෙරළට  ගෙන  එන  ලදි.     නැන්දා  අර  පුරුදු   හිනාවෙන්   මයිනාගෙ   ගෙවල්   දිහාවට   යද්දි   බාර් එකෙන්   හීන්   අඩියක්   ගසා   මදපවනෙ   සිටි   මයිනාගෙ තාත්තා   පරම්පරා   තොරතුරු   සමග   නැන්දාගෙ  ජාතිය ඇමතිමෙන්   සියල්ල   අංජබජල් වී   ගියේය.    වෙනදා අතින් කටින්  මළු  උස්සාගෙන  දුම්රියට  නගින  නැන්දා  හිස් අතින්ම  නැවත  නාවළපිටි  ගියේය. 

                                              ඉන්පසු  වසර  ගනනාවක් යනතුරු   නැන්දා  ගම  ආවේ  නැත.   අරූගෙ ආච්චි මලදා ආවත්  ඉතා  ඉක්මණින්ම   මාරුවූයේ   අපේ   වසවර්තින් ඒ   සිදුවිම   අමතක   නොකර   සිටි   නිසාවෙනි. 

ගිහින්  එන්නම්  එහෙනම්...  ඊළඟ   සිරිපාදේ  සීසන්  එක කට්ටියම  යමුද  නාවළපිටියෙ  නැන්දලාගෙ  දිහා.....

Tuesday 3 July 2018

මයිනාගෙ කථා...19 පොලිස් වාර්ථාව

මයිනාගෙ  කථා....19 .... පොලිස් වාර්ථාව
                          
                 යහපත් කල්කිරියාව වැදගත් වෙනවනෙ ගමක ජීවත් වෙද්දි. අපේ ගමේ ග්‍රාමසේවක අපිත් එක්ක පට්ට ෂේප්. ඒත් පන්සලේ ලොකු හිමි අවුල්. ගමේ හිටපු සමහර අම්මණඩිලා අපි පාරෙ දැක්කත් ක්ලේමො බෝම්බ දැක්කා වගෙ තමයි. ඒ සමහර එවුන් ඉතිං ළඟම ඥාති තමයි. 

මයිනගෙ සෙට් එකේ හිටියා මයිනලට වඩා වයසින් වැඩි තුන් දෙනෙක්. අවුරැදු 4ක් 5ක් වගෙ වැඩුමහල්. ඒ අපතයොත් අපිත් එක්කම අපේ නසරාණි වැඩ සමග හවුල් වෙමින් කාළකණ්ණි වෙමින් හිටියා. 
එහෙම හිටපු එකෙකුගෙ ගෙදරින් මූට ෆුල් බර බරෙ. බත් කාඩ් එකත් කැපෙන තැනටම වැඩේ අවුල් වෙලා තිබුනෙ. 
මූ තීරණය කළා රැකියාවකට යන්න. ඒ කාලේ ඉතිං ෂුවර් එකටම යන්න පුළුවන් ආමි, නේවි, ගුවන් නේ. මූ තිරණය කලා එයාර්ෆොර්ස් යන්න. සම්මුඛ පරික්ෂණ සඳහ පැමිණෙන විට ඇඳුම් රැගෙන එන්න. බඳවා ගැනිම එදිනම. ඇඳුම් පැළඳුම් උස්සගෙන මූ ගියා දැං එයාර්පෝස්. අනේ අපි අපත රැළට පට්ට දුකයි. ඒ දුක ඌටත් දැනිලා මූ සතියකට පස්සෙ මහ රෑක ගෙදර ආපි. ගමේ එව්වොත් දන්නෙ මූ එයාර්පොර්ස් ගියා කියල නේ. මුගෙ කොණඩෙත් කොටට කපන් දැන් මූ ආයෙමත් අපත රැලේ. 

මේ විදියට මාස කිහිපයක් ගියාම මේකගෙ මාමා කෙනෙක් වරායෙ ජොබ් එකක් සෙට් කරලා. දැන හැඳුනුම්කම් හරහා සහ යම් කෙනෙකුට මුදලක් දීලා ජොබ් එකට යන්න. ග්‍රාමසේවා සහතික අනිකුත් සහතික සමග පොලිස් වාර්ථාවකුත් ඕනෙ. අපට අයිති අපේ පොලිසියට ගියපු අපේ එකා පොලිස් වාර්ථාව ඉල්ලුම් කරලා ආවා. 
ඊට පස්සෙ ඉතිං පොලිසියෙ සත්ගුනවත් නිළඳාරියෙක් එනව නොවෑ මුගෙ පැටිකිරිය හොයාගෙන ගමට. එහෙම ඇවිත් මුගෙ නැන්දා කෙනෙකුගෙ ගෙදරට ගිහින්. උන්දෑ ඉතිං කරපු නොකරපු සියළු දෑ සමග මූ හමුදාවෙන් පැනලා ඉන්නෙ කියලත් කියලා. පොලෝසියෙ මහත්තයා අළුවා කාලා තේ බීලා ගිහින් ගැහුව්වා රිපොර්ට් එක මු ආමි ඇබ්සන්ට්  කියලා. 
දවස් පහකට පස්සෙ තමයි රිපොර්ට් එක දෙන්න එන්න කියලා තිබුනෙ. පොලිස් රිපොර්ට් එක ගන්න. එන්න කියපු දවසට පහුවෙනිදා ඉන්ටර්වීව් එකට උදේ 10 වෙද්දි ඉන්න ඕනේ. පොලිස් රිපොර්ට් එක ගන්න යද්දි ඉතිං මූගෙ පස්සෙන් බයිසිකල් වල එල්ලිලා අනිත් නසරාණියොත් ගියා. පොලිස් රිපොර්ට් එක ගන්න එකයි ඌගෙ තනියට තව හයයි. දැං කට්ටිය එකටම දැක්කම පොලිසියට හරි කිති. 

අරූ ගිහින් පොලිස් වාර්ථාව ඉල්ලුවා අර ඉන්කොයර් එකට ආපු රාළහාමිත් ඉන්නවා. 
"හා තමුසෙ ආමි එකෙන් පැනලා නේද ඉන්නෙ" කියලා අරූව අල්ලලා දැම්මා කූඩුවට. ඉන්කොයර් එකට ආපු රාලහාමි කියනව. මුන් ගමේ ගැන්සි හදන් ඉන්නෙ.. කෙල්ලෙකුට පාරට බහින්න නෑ. ගංජා ගහනවා හොරෙන් පොල් කඩනවා සහ තවත් බොහො දෑ. හිටියා පඩත්තල S.I. කෙනෙක්. දුන්නා හයදෙනාටම කම්මුල රත් වෙන්න එක බැගින්. අරූ ඇතුලේ අපි එළියෙ බංකුවක වාඩි කරවලා. උදේ 8ට පොළිසියට ගියපු එවුන් හවස 4ටත් පොලිසියෙ. වතුරවත් නැත. ඒ මදිවට පොලිස්කාරයන්ගෙ පක්කිලි වැඩ කරවනවා. වතුර ගේන්න, ඉස්සරහ කඩේට ගිහින් සිගරට් ගේන්න, ප්ලේන්ටි ගේන්න, එකෙකුට පොලිසිය අතු ගාන්න...... 
කොයි ලෝකේ ගියත් දවල් බත් ගෙඩිය ගහන්න ගෙදර එන අපතයො නැති නිසා ගෙදර මිනිස්සුත් හොයලා. පොලිසියට උදේ ගියා කියන ආරංචිය තියෙනව නෙ. අනික හත් දෙනාම එකටම ගියපු නිසා එතරම් අවුලකුත් නෑ. හවස හයට විතර එළියෙ හිටපු එවුන්ට යන්න කිව්වා, කූඩුවට දාපු එකා ccmp එකට බාර දෙනවා කිව්වා. දුකෙන් කේනතියෙන් ආවා. ගෙදර ඇවිත් කූඩුවෙ හිටපු එකාගෙ ගෙදරට විස්තරෙ කිව්වා. ඒ ගෙදර මිනිස්සු පොලිසියට ගියත් වැඩක් උනේ නෑ. 
ඊළඟ දවසෙ උදේ 9ට විතර ගියා කට්ටියම පොළිසියට යාළුව බලන්නත් එක්ක. අරූට ගෙදරින් දීපු කෑම එකයි වතුර එකයි දීලා දැං ඉන්නවා පොලිසියට වෙලා. 10.30ට විතර O.I.C. තැන ජීප් එකකින් ඇවිත් බැස්සා.  අපි කලින් දවසෙ ගියපු හය දෙනයි තව තුන්දෙනෙකුයි. කොල්ලොම ගොඩක් ඉන්න නිසා එතුමා ඇහුව්වා ඇයි ඔය ළමයි කියලා. අනේ ඉතිං අපේ එක අපතයෙක් ඉන්නව හෙණම අහිංසක මූණ. ඒ වගෙම සුපිරි කපටියා රඟපෑම 500%යයි. මූ එකපාර අඬාගෙන කියාපි 
"සර් අපේ අයියට පොලිස් වාර්ථාව ගන්න ආවේ. ඊයෙ අපිට මේ මහත්වරු හොඳටම ගහලා අපේ අයියා කූඩුවට දැම්මා බුදු සර්" කියලා. OIC ලොක්කා කට්ටියම එක්කගෙන ගියා ඔෆිස් එකට. කූඩුවේ හිටිය එකත් අරන් ආවා. උගෙන් ඇහුව්වා ආමි ඇබ්සන් ද? 
ඌ කිව්වා "අනේ සර් මම ආමි ගියෙ නෑ එයාර්ෆොර්ස් ඉන්ටව් එකකට නම් ගිහින් තියෙනවා. මට වරායට යන්න චාන්ස් එකක් ලැබුනා ඒකටයි පොලිස් වාර්ථාව ගන්න ආවේ" කියලා. 
කතා කරා ඉන්කොයර් එකට ගියපු රාළහාමිට. දැං මූ කියනවා මුං ගංජා ගහනවා කෙල්ලෙකුට පාරෙ යන්න නෑ. අරවා මේවා ගොඩයි OIC එක රාළහාමි කෙනෙකුට කිව්වා කොළඹ ගුවන් හමුදා මූලස්තානෙට කතා කරලා තොරතුරු ගන්න කියලා. එහෙන් කිව්වා එහෙම කෙනෙක් නෑ කියලා. දැං ඌ බේරි.
 අර රාලහාමිට OIC බැන්නා බැනිල්ලක් කන් දෙකේ ඇඟිළි ගහගන්න. අර කනට ගහපු S.I. ට කතා කලා ඌට කිව්වා තමුසෙලා තමයි අපරාදකාරයො හදන්නෙ මේ සමාජෙට. 
"නෑ සර් මුං ගමටම වදයක්. ගංජාකාරයො" දැං S.I. රවනවා ඔරවනවා වැඩ ගොඩයි. 
OIC එක රාළහාමි කෙනෙකුට කිව්වා කළුපේ තොටගමුවෙ කවුරු හරි ඉන්නව නම් එක්ක එන්න කියලා. අපේ වාසනාවට වයසක ආත්තම්මා කෙනෙක් ඉන්නවා උන්දෑ පොලිසියට ඇවිත් පැමිණිල්ලක් දාන්න. 
OIC ඇහුව්වා "ඔය අම්මා මේ ළමයි දැකලා තියෙනවද.?" 
"අනේ බුදු මහත්තයො මේ පැටව් ටික තමයි මගෙ වහලේ පොල් අතු ටික බැඳලා දෙන්නෙ, මට නා ගන්න ළිඳක් හාරලා දුන්නෙ, බැරල් දෙකකට මට මේ කවුරු හරි රත්තරං දරුවෙක් බොන්න වතුර එක ගෙනත් දීලා යන්නෙ, මේ පැටව් පාරෙ දෙල් ගෙඩියක් පොල් ගෙඩියක් වැටිලා තිබුනත් මගෙ මිදුළට දාලා යන්නෙ. අනේ මහත්තයො පෙරෙදා මගෙ මිනිහවත් නාවලා මටත් නාන්න වතුර ඇදලා බැරල් එහෙකට පුරවලා දීලයි ගියෙ." හම්මෙ ඉතිං ගුණ කන්දරාවයි. තවත් කාගෙන් අහන්නද. 
දැං ඉතිං OIC මහත්තයගේ  මළ ඕවර්.
 "දැං තමුසෙ පොළිස් වාර්ථාව අතින් ලියලා අරන් එනවා මම අත්සන් කරලා දෙන්නම" I.S. කාරයා නිකං නයා මැරිච්ච අහිකුණ්ඨකයා වගෙ ගියා. 
"පොලිස් වාර්ථාව එපා සර් දැන් වැඩක් නෑ.. අද 10ට තමයි ඉන්ටව් එක තිබුනෙ" කියලා දැන් අර අඬන එකා කිව්වා. 
OIC මහත්තයා එතුමාගෙ නිළ නිවාසෙට එක්කන් ගිහින් තේ පැන් සංග්‍රහයකුත් කරලා අපෙන් අර පොලිස් අපතයන් වෙනුවෙන් සමාවත් අරන් එව්වා.
දැන් අර ඉන්කොයර් එකට ආපු පොලිස්කාරයත් එක්ක බද්ධ වෛරයක් ඇති උනා. අනික තමයි වැදුනු කනේ පාර, කට්ටියම දැන් පොලිස්කාරයට කරන්න ඕන දේ කල්පනා කරනවා. ඒ කතාව එතනින් ඉවරයි ඈං.

ඉස්සරලාම රාළහාමිට අපි ගැන බොරැ කියපු ගෑණි හෙවත් අරෑගෙ නැන්දට ගේමක් සෙට් කරා. දවස් 5කට විතර පස්සෙ මහා රෑ කිතුල් ගහකින් ඉදිලා වැටෙන ඇට සොපින් බෑග් 3ක් විතර ගිහින් වැසිකිළියට වතුර ගන්න බැඳලා තිබුනු ටැංකියට දැම්මා. 
ඉන්කොයර් එකට ආපු රාලාමිට බොරු කියපු එකට ගමේ වැඩිහිටියො කිහිප දෙනෙක් කියලා තිබුනා. දැං ඉතිං පරිස්සමෙන් හිටපන් අක්කෙ කොල්ලො ටික උඹට හොඳ වැඩක් කරයි කියලා. අනේ ඉතිං උදෑසන පුප හේදු ඒ නැන්දයි නැන්දගෙ වැඩට යන දුවයි ස්කොලේ යන කොල්ලයි අපරාදෙ කියන්න බෑ ඉතිං සස සස තමයි. 
ඒ නැන්දා තමා මයිනා සහ පිරිස ගමෙන් ගියාට පස්සෙ කිරිබත් උයන් කෑවේ. ඒ නැන්දට දිගට හරහට වද දුන්නා ඊට පස්සෙ... ඒවත් කියන්නම් පස්සෙ දවසක. 

මේ විදියට කාලය ගෙවුනා මාස එකහමාරක් දෙකක් විතර. ඒ කාලේ ඇතුලත OIC මහත්තයගෙ හොඳම ඉන්ෆොමර්ලා සෙට් එක අපි. ගමෙ කසිප්පු පෙරන, විකුණන හංගන සියළු තැන්, එක පාරක් දාපු වඩි 20ක් විතර ගඟට පෙරලලා බැරල් දඟර එහෙම අරන් ගියා.

දවසක අපේ නසරාණි නඩෙයි තව පොඩි එවුන් සෙට් එකකුයි කජු කඩන්න කියලා කළුපේ කියන ගම පහු කරන් ඇතුලට ගියා රංගල්ල පාළම කිට්ටුවට. ඒ හරිය පාළු පැත්තක්. වාහනයක් ගියත් අහම්බෙන් තමා. ගොනපීනුවල, බේරතුඩුව, අළුත්වල පැත්තට යන කෙටිම පාරත් ඒක. පාළමට මිටර් 500ක් විතර මෙහා තියෙනවා තඩි ගොරකා ගහකට එකෙක් නැග්ගා. ගහට පහළ එවුන් මුට බිම වැටිලා තිබුනු ගෙඩි වලින් ගහනවා. අරූ ගහ මුදුනටම නැග්ගා. ගහ උඩටම ගියාම ඈත පාර දිගටම පේනවා.
ගහ උඩ ඉන්න එකා කෑගැහුව්වා "අන්න අර පොලිස්කාරයා එනවා" කියලා. 
එකෙක් ඉන්නවා යකෙකුටත් බය නැති. ඌ කිව්වා හැංගියව් කියලා හැමොම එතන තිබුනු කුරැඳු ඉඩමට පැනලා හැංගුනා. එතන හරකෙක් බැඳලා තිබුනා තෘණ කන්න. හරකගෙ කඹේ බැඳලා පාරෙන් මේ පැත්තෙ හරකා පාරෙන් එහා පැත්තෙ. 
රාළහාමි මොටර් බයික් එකෙ එනවා හැටට හැටේ. අපේ අපතයා බයික් එක කිට්ටු වෙන්න ඇරලා ඇද්දා හරකගෙ කඹේ. අයේ ඉතිං මොනවද පියඹා යනවා මා ආකාසයෙ තමයි. අනේ ඉතිං ඒ කාලේ තිබ්බෙ CB125 බයික් එකක අවේ රාළහාමිගෙ අතපය දෙරි ගැහිලා බයික් එකත් පෙරලිලා. හරකගෙ කඹේ ඇද්ද එකත් සැනෙන් කුරැඳු ඉඩමට පැනලා හැංගුනා. අර රාළහාමිට නැගිට ගන්න බැරැව පාරෙ පැත්තක වාඩිවෙලා ඉන්නවා. උදව්වක් ඉල්ලන්නවත් ඒ හරියෙ ගෙයක් දොරක් නෑ. 
පැය බාගෙකට විතර පස්සෙ හිකක්ඩුව පැත්තෙ ඉඳලා ආපු ලැන්ඩ් මාස්ටර් එකකට රාළහාමියි බයික් එකයි දෙකම පටව ගෙන බේරතුඩුව පැත්තට ගියා. හිතට සැටිස් දැං රාළහාමිට දීපු පනිස්මන්ට් එකට. 
දවස් 3කට විතර පස්සෙ අර ලෑන්ඩ් මාස්ටර් එකේ එකා අපි දැකලා කියාපි "ඔය මල්ලි එදා ගොරකා ගහ උඩ හිටියා නේ මම දැක්කා. පොලිසියත් එක්ක සෙල්ලම් පරිසමින් මල්ලිලා" කියලා. කට්ටිය බය වෙලා හිටියෙ අවුලක් වෙයි කියලා ඒත් ඉතිං යහතින් හිටියා. 

අර OIC මහත්තයගෙ මුළු නමම තාම මතකයි ඒත් සෙනවිරත්න කෑල්ල විතරක් කියන්නම්. එතුමා අපේ පොලිසියෙන් ඉවත් වෙලා ගිහින් වසර 5කට පස්සෙ වලස්මුල්ල පොලිසියෙදි මට අහම්බෙන් මුණ ගැහුනා. එහිදිත් මාව අඳුනගෙන "මෙහෙ ඉන්න එපා කොල්ලො.. පලයං බන් ගමට" කියලා දුන්නු අවවාදයත් තාම මතකයි. 

කිතුල් ඇට කේස් එක පට්ට සාර්ථකයි. අත්හදා බලන්න යන්න එපා හොඳෙ... එහෙනං එන්නං