Sunday 31 March 2019

මයිනාගෙ කතා... 36 රෙන්න බරා......

මයිනාගෙ කතා... (36).... රෙන්න බරා......

                                      ටොෆික් එක ඊයා..... නේ, කරන්න දෙයක් නෑ අද ලියන්න වෙන්නෙ ඌ ගැන. ඌ කිව්වට සමවයසෙ හාදයෙක් හැබැයි අපිත් එක්ක යාළු මිත්‍ර සමාගම් අතේ දුරින්. හේතු දෙකක් නිසා එකක් ඒකා හෙණම කුලෑටි ගොං වස්සෙක්, අනික තමා ඌ මව් පේන දුරින් ඉන්න හාදයෙක්. සෙල්ලම් කර කර ඉන්න ගමන් ගෙදර දුවනවා අම්මා හොරැ අරන් ගිහින්ද බලන්න. 
                                                  ඇත්තම කිව්වොත් ඒ මව්තුමියයි පුත්‍ර රත්නයගෙයි බැඳිම නිසාම උගේ පිය රජානො වෙනත් තැනක වාසල් කොරටුවක් පනින්න පුරැදු උනා.  දැං අහපියව් ඇයි කියලා.  බොළව් අරැට යන්තං දණ ගාන්න පුළුවන් වෙච්චි දවසෙ ඉඳන් අරෑ නොවෙයි පිය රජුට මව් දේවිය ඉන්න ඉසව්වකට යන්න දුන්නෙ. ඌ ස්කොලේ දාපු දවසේ ඉඳන් තාත්තා සතුටෙන් හිටයළු ඩියුටි ෂිප්ට් එක මාරැ කරලා උදේ වරැවෙ වැඩ ටික අහවරයක් කරන්න.  ඒත් ඉතිං මූ පාසල් ගියදා පටන් තක්ෂලාවෙ කෙටි බිත්තියෙන් එබිකම් කරනවළු අම්මා ඉන්නවද බලන්න.  එහා පැත්තෙ කඩේක තිබ්බ රතු පාට ලියුම් පෙට්ටිය උඩට වෙලා ඉන්න එක තමා ඌගෙ අම්මගෙ රාජකාරිය. අර ලියුං පෙට්ටියට ලියුමක් දාන්න කවුරැ හරි ආවම අරැන්දෑ පැත්තට කැරකිලා ලියුං දාන කට පෙන්නනවා. එක දවසක පියුං මහත්තයා වැරදිලා රෙද්ද අස්සට අත දැම්මාය කියන්නෙ. ඒ කතාවට නම් අරැගෙ තාත්තා කිව්වලු "
"මම අත නොතියන එකේ ඌ හරි අත තිබ්බනෙ".. කියලා.

උංගෙ තාත්තා පොලේ බිස්නස් කරා සල්ලි එහෙම තිබුනා.  හැබැයි අර ගොං වස්සට හෙණ ආදරෙයි.  ඌ උප්පාද උනාට පස්සෙ තමාලු අරැගෙ තාත්තට හරිගියෙ.  ඊට කලින් නන්නත්තාර වෙලා නහුතෙටම කෙළවිලාලු හිටියෙ.  මූට තාත්තා ඕනම දෙයක් දෙනවා හැබැයි මූ අම්මව නම් තාත්තා ඉන්න පැත්තකට යවන්නෙ නෑ.  තාත්තා ගෙදර නම් මූ අම්මා ලැට් එකට ගියත් එළියට වෙලා ඉන්නවා අම්මා එනකම්.  එක දවසක අපි හින්නි එවුන් කාලේ ගොං වස්සගෙ ගෙදර එහා පැත්තේ පොල් කෑල්ලෙ සෙල්ලං කරනවා. අරෑ ගෙදර දිව්වා අම්මා හොරැ අරං ගිහින්ද බලන්න.  ටිකකට පස්සෙ මූ මිදුලට පැනලා කෑ ගහනවා
"මගෙ අම්මව මරණවො" කියලා
එහා පැත්තෙ ගෙදර ඉන්නෙ ඌගෙ පුංචි අම්මා.  පුංචි ගෙට දුවද්දි අරැගෙ තාත්තා සරම නැතුව ඉන්නවලු පිහියත් උරැක්කු කරන්.  මස්සිනාගෙ පිහිය දැකලා නෑනා කලන්තෙ දාලා වැටිලා.
එදා වෙච්ච ඒ අවමානෙන් පස්සෙ තමා උගෙ තාත්තා පොලට එන ඇහැට කණට පේන එහෙකට පිහියෙන් අනින්න ගියෙ.  උංගෙ පුංචිටත් පිහියෙන් ඇනපු කතාවක් ගමේ තිබුනා.  සමහර වෙලාවක අරෑගෙ අප්පා බීපු වෙලාවට කියන්නෙ
"ගිය ආත්මෙ මේකිගෙ මිනිහ තමා මූ" කියලා.

ඌට වසර 18ක් වෙනකනුත් නිදා ගත්තෙ අම්මා ළඟ තාත්තා වෙනම කාමරේක. 18න් පස්සෙ ඌ නිදා ගත්තෙ අම්මගෙ චීත්තයක් පොරවගෙන.  හැබැයි පුතෝ මූ එක රැයක් ගෙදරින් පිට නම් ඉන්නෙ නැත කොයි දීපංකරෙ ගියත් අම්මත් ඇදන් තමා.  ගමේ අපේ කිහිප දෙනෙක් එකතු වෙලා අවුරැද්දකට සැරයක් කතරගම ට්‍රිප් එකක් යනවා දවස් 3ක.  මයිනාගෙ ගෙදර ඈයො සහ අපතයෝ වැඩි දෙනෙකුත් ට්‍රිප් එකේ.  මේ ට්‍රිප් එක ෆුල් ෆන් ට්‍රිප් එක නිසා මේ ගමනට බොහො අය ස්වකැමැත්තෙන් වේලාසනම එකතු වෙනව.  මෙදා පාර ට්‍රිප් එකට ගොං වස්සයි ඌගෙ තනියට මෑණියන් වහන්සෙයිත් සහභාගි උනා. දොර දෙකේ ලේලන්ඩ් එක දැං ට්‍රිප් එකේ.  අග්ගබෝධිය වැන්දා, වේරහේන වැන්දා, වැවුරැකන්නල වැන්දා...... සිංදු කනවා බෙර පලනවා. 





                                                            අපරාදේ කියන්න බෑ සියළු තැන්වලදි අරැගෙ අම්මා අරැට වඩේ කවනව, අයිස්ක්‍රිම් කවනව, බොම්බයි මොටයි කවනවා, බාබානයිස් කවනවා..... ලට්ට පට්ට ලොට්ට සියල්ල කනවා.  සාමාන්‍යයෙන් දවල් කෑමට හවස 3 හො 4 වෙද්දි තිස්සමහරාමෙට ගිහින් තිස්ස චෙත්‍ය පිටිපස්සෙ තියෙන ඇල පාරෙන් හොඳට නාලා  කාලා තමා කතරගමට පිටත් වෙන්නෙ. රෑ කතරගම ගිහින් වැඳලා පුදලා නැමඳලා නැවත විශ්‍රාම ශාලාවට එන ගමනේ, අරෑ තම්බපු බඩ ඉරිඟු, උණු උණු පැණි ආප්ප, තම්බන ලද රට කජු ........... . එකී මෙකී නොකී සියල්ල මෑණියන් වහන්සෙ සපයනවා පුත්‍ර රත්නය අඹරණවා.  අපරාදේ කියන්න බෑ මුළූ ට්‍රිප් එකේම ඈයෝ මව්තුමියගෙ දාරක සෙනහස සහ පුතණ්ඩියාගෙ අතී විශේෂ බොක්ක ගැන කතාව.  ඒ සබ්බ සකලමනාවම කාපු මේ කා පාළුවා රෑට ට්‍රිප් එකේ ඈයො ශ්‍රමදානෙන් උයාපු බතුත් කෑවා කිහාංකො.  ගත පෙලා කන වෙලේ තල තලා නිදා ගත්තා මදුරැවන්ව හොඳේ.

                                                                 පසුදා උදෑසණ කිරි වෙහෙරත් වැඳලා කට්ටිය සෙල්ල කතරගමට සැපත් උනා.  දැං අපරාදේ කියන්න බෑ සුපුරැදු පරිදි මව් - පුතු සෙනෙහස පටන් අරන්.  දොදොල් ගන්නවා සාම්පල් බලනව, බෙළි මල් බොනව, රණවරා බොනව, දිවුල් ගන්නව..... වැඩ ගොඩයි.  සෙල්ල කතරගමත් වැඳං ඉවර වෙලා කට්ටියම බස් එකට නගින්න යද්දි දකිනවා, මව් සෙනහස උතුරා ගිහින් අර ගොං වස්සට  මීකිරි හට්ටියක් කවනවා.  ඊළඟට සිතුල් පව්වට දවල් කෑම සිතුල් පව්වෙදි කන්නයි අදහස. ඕං සෙල්ල කතරගමින් පිට වෙලා ටිකක් දුර එද්දි ගමේ එළවළු කඩ පේලියක්.  මෑ කරල්, වම්බටු, දිවුල් මළු, දෙළුම් සමග කර්ත කොලම්බන්.... ඇතුළු තවත් වර්ග වල රස අඹ.  හිටපු ගෑණු පරාණ ලාබේට එළවලු ගන්න අතරෙ අර මෑණියො පුතණ්ඩියට රට අඹ ගෙඩියක් කවනවා. මූ ලොකු සයිස් අඹ ගෙඩියකුත් උගුරෙන් පහළට දා ගත්තා. 

                                                      දැන් සිතුල්පව්ව රජමහ විහාරය බලා යාළ වන මැදට. අලි නාවන වලවල් සහිත දුවිලි පිරැණු අති දුෂකර පාර. කොටි කලබළ නිසා ඩ්‍රයිවර් අයියා අරිනවා වහානෙ ජෙට් එක වගෙ. වලවල් වල වැටෙනවා පැද්දෙනවා ගැස්සෙනවා ඇඩ්වාන්චර් වැඩ කෝටියයි. ඒ අස්සෙත් ගියපු කෙල්ලන් කොල්ලන් "ඉස්සං මගුරං ලොකු වැළි ගොව්වං" කියනවා. අර ගොං වස්සා අතේ පොඩි ලී කෑල්ලක් තියං බස් එකේ සීට් එකේ අල්ල ගන්න තියෙන ඇලුමිනියම් බාර් එකට තට්ටු කර කර ආවේ.  හිටි ගමන් තේරෙණවා මු නිකං යකඩ තලනවා වගෙ අර ලී කෑල්ලෙන් ඇලුමිනියම් බාර් එකට ගහගෙන ගහගෙන යනව. අනේ සුපෙම්වතුනි බලන්න දුකයි අරැගෙ මූණ විරැව පට්ටං ගැහිලා. බොහොම අපහසුවෙන් මූ ෂීට් එකේ ඇඹරෙණවා. මූ බොහොම ආයාචනාත්මක බැල්මකින් අපි දෙස බලනවා. කැළණි හිඟන්නා වගෙ හටපු මූ ඔළුවෙන් මයිනට ළඟට එන්න ඉඟි කරා
"මචං මයිනො මට අමාරැයි බස් එක පොඩ්ඩක් නවත්තපං" කිව්වා. නිසි බළධාරියා උණු මයිනගෙ තාත්තට මැසෙජ් එක දුන්නා.

මයිනගෙ තාත්තා - "ඩ්‍රයිවර් මල්ලි කොල්ලෙකුට අමාරැයි පොඩ්ඩක් නවත්තමුද"

ඩ්‍රයිවර් - "පිස්සුද මද්දු අයියෙ මේ හරියෙ කොටි එනවා. පෙරේදත් බස් එකකට වෙඩි තියලා"

"තියෙන අමාරැවක් තද කර ගනිල්ලා ආයෙමත් සිතුල් පව්වෙ තමා නවත්තන්නෙ"

කොන්දා මල්ලි - "පේන්නැද්ද අලි බෙටි ළඟ ළඟම අලියෙක් ඉන්නවා. ඇරලා යං...."





කොටි බය අලි බය සමග අරෑට ඇති උනු ගූ බය. එක වලකින් බස් 
එක ගොඩ ඇවිත් අනිත් වලට වැටෙද්දි "බ්රෝස්සසසසසස්" සද්දෙකුත් එක්ක බස් එකම ගඳ ගහන්න පටන් ගත්තා. විළි ලැජ්ජයි පිං වතුනි කියන්නත් එක්ක අර විසි එක් වියැති තරැණ මහාතාට කලිසමේ ගූ ගිහින්. කහාපාට ගණ කොටස කලිසමෙ ඉතුරැ වී හොදි කොටස ෂිට් එකත් තෙමං කකුල් දෙක දිගෙ බස් එකේ බිමට. සිංදු ඉවරයි තාල ඉවරයි සොමිය ඉවරයි ගන්දස්සාරෙ බෑ දැං. ඩ්‍රයිවරයා වේගය ඩබල් කරලා බස් එක අරන් ඇවිත් නැවැත්තුව සිතුල්පව්වෙ වැව ළඟ. අනේ ඉතිං මයිනා ඇතුළු පිරිස අර කිඹුල්ලු හිටපු වැවෙන් වතුර ඇදලා බස් රථය හොදලා අර ගොනාගෙ ෂැම්පු බෝතලේම බස් එක ඇතුලට හලලා පව්ඩර් එකක් තිබුනා ඒකත් හලලයි බස් එකේ ගඳ නැති කරෙ. අපේ ට්‍රිප් එකේ ගියා කටකාර කෙල්ලෙක් ඒකි අපේ තාත්තට කියාපි

"මද්දු මාමේ ආයෙමත් ට්‍රිප් එද්දි මේ රෙන්න බරයි ඌගෙ අම්මයි නම් එක්ක එන්න එපා හොඳේ" කියලා.

එදා සිතුල්පව්වෙදි ඌට දාපු ඒ නම ලියාපදිංචි උනා. නම නිහාල් උනත් "රෙන්න බරා" කියන නමින් තමයි හැම කෙනාම ඌව දන්නෙ. හැබැයි ඊට පස්සෙ අපි ඉන්න පාරකින්වත් ඌ ගියෙ නෑ.

ටිං බෙලෙක්ක ටක්ක බක්ක
සද්ද හඬවලා...
කබල්ම බස් එකක් සොයා කොල්ලො
ට්‍රිප් එකක් ගියා.....

ට්‍රිප් ගියාට කමක් නෑ පෙරේතකමට මීකිරියි අඹයි කන්න එපා තොපිලා.. බස් එකේ තමා රෙන්න වෙන්නෙ.....
___මයිනා__

Friday 29 March 2019

මයිනාගෙ කතා ... 35 ඇට්ටර පොඩි එකා

මයිනාගෙ කතා ....35.... ඇට්ටර පොඩි එකා.....

ඉස්සර කතාවක් ආහලා තිබුනා අන්දරෙගෙ. දවසක් අන්දරෙ ගමනක් යද්දි වැටක කඩුල්ලක් උඩින් පැනලා යන තැනක් තියෙනවලු. හැබැයි ඉතිං අන්දරෙට එතනින් යන්න විදියක් නෑ මැරෑටි පොඩි නගරං කොල්ලෙක් කඩුල්ල උඩ වාඩි වෙලා ඉන්නවලු. අන්දරෙ එතනින් යන්න හැදුවම අර නගරං කොල්ලා කිව්වලු "පලයං මගෙ කකුල් 2ක යටින්" කියලා. අනේ ඉතිං අන්දරෙ මොකද කරෙ අතේ තිබුනු රිදී කාසියක් අර කොල්ලගෙ අතට දීලා යන්න ගියාළු. කොල්ලා තවත් ටිකක් ආඩම්බර වෙලා එතනින් ගියපු හැඩි දැඩි රාජ පුරැෂයෙකුටත් කිව්වලු "පල මගෙ කකුල් දෙක යටින්" කියලා.  රාජපුරැෂයා දුන්නලු කනේ වංගු කෙලින් වෙන්න කොල්ලට ආයෙමත් පඩත්තර වැඩ නොකරන්න. පළවෙනි එක අන්දරෙ නිය්‍යාය, දෙවනි එක රාජපුරැෂ නිය්‍යාය. මයිනගෙ ළඟ තියෙන්නෙ දෙවනි නිය්‍යාය බොහො අවස්ථාවලදි ඒක ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක උනා.

සමහර ගම්වල ඉන්නවනෙ මැරෑටි පොඩි කොල්ලො. එවුන් යංතං වයස අවුරැදු 10ක් 11ක් වෙද්දි රියල් මදාවිකාරයො වෙනවා. රටේ ලෝකෙ මහ මිනිස්සුත් නොදන්න කුණු හරැප දන්න එහෙම එකෙක් හිටියා මයිනගෙ  ගම කිට්ටුව ගමක. ස්කෝලේ පිට්ටනිය කෙළවරක තමයි ගෙදර තිබුනේ. ඌ මහ නරැම කොල්ලෙක් තාත්තා කලේ කසිප්පු වෙළඳාම අම්මා කලේ බොන්න එන එවුන්ට බයිට් සෑදිම. හැබැයි අර ඇටකිච්චා මොන වරදක් කරත් අරැට කවුරැ හරි මොනවම හරි දඬුවමක් දුන්නොත් ඌගෙ අම්මයි තාත්තයි රෙදි කරෙ තියන් ඇවිත් රංඩු වෙනවා. ඇත්තටම මේක මහ වදයක් වෙලා තිබුනේ ගමේ එවුන්ටයි ඒ ගේ ඉස්සරහ රේල් පාරෙන් යන එන මිනිස්සුන්ටයි.

                              හැම වෙලාවෙම කසිප්පු බොන්න ආපු කාළකණ්ණි එතන ඉන්න නිසා රංඩුවට ආපු එවුන්ටත් ලේසියෙන් බේරෙන්න බෑ.  හික්කඩුව ටවුන් එකෙ ඉඳන් පංති ගිහින් එන ගෑණු ළමයි එහෙම රේල් පාර දිගෙ ඇවිත් තමයි ගෙවල් වලට යන්නෙ. මෙතනින් යන ළමයින්ට මූ ගල් ගහනවා, මඩ වතුර ගහනවා. එක දවසක ගෑණු ළමයෙකුගෙ ගවුම උස්සලා අර කසිප්පුකාරයො බලන් ඉන්දැද්දි. අන්තිමට පොලිසිත් ගිහිල්ලයි ඒ රංඩුව ඉවර උනේ. දැං ඉතිං පංති යන එන ළමයි රේල් පාර දිගෙ එන්නෙ නැතුව ගාළු පාර දිගෙම යනවා එනවා. මුහුදු හුළං සැරට  කුඩයක් ඉහලගෙන යන්නත් බෑ. ගවුමක් සායක් ඇඳන් යද්දි අතින් අල්ලන් යන්න ඕනෙ ඒක හුළඟට යන නිසා.

                  හවසට හවසට ස්කෝලෙ පිට්ටනියට ගිහින් සමහර දවසට මයිනයි අපත රැලයි ක්‍රිකට් ගහනවා. අර ඇට්ටර කොල්ලගෙ ගෙදරට අනිත් පැත්තෙ දිගටම තියෙන්නෙ බක්මී ගස් පේළියක්. බක්මී මල් පිපෙන කාලෙට ඒ ගස්වල මී වද බඳිනව. හවස් යාමේ ක්‍රිකට් සෙල්ලම නැගලා යනවා. ඒත් ඉතිං අර ඇට්ටර කොල්ලා උගෙ ගෙවල් පැත්තට බෝලයක් ගියා නම් අරන් දුවනව. ඒක ඉල්ලන්න ගියාම මුගෙ අම්මා රංඩු වෙලා පිහියක් අරන් බෝලේ පැළුවා. හැමදාම මේ ගෑණි එක්ක රංඩු වෙන්න බැරි නිසා සටම්ප් හිටවන පැත්ත වෙනස් කරා. දකුණත් හුරැ එවුන් වැඩි හින්දා බවුන්ඩ්‍රි වදින්නෙ අර බක්මී ගස් තිබුණු පැත්තට. මෙන්න බොළ මේ නසරාණි පැටියා අර බකමී ගස් අස්සෙ ඉඳලා බෝලෙත් අරන් දුවන්න පටන් ගත්තා. ඩන්ලොප් ටෙනිස් බෝලේ ගෙනැල්ලා ඒකේ මයිල් රේසරේකින් ගාලා හොඳට තම්බලා අරන් තමයි ක්‍රිකට් ගාහන්න ගන්නෙ. හැමෝම රැපියල් 5 -10 එකතු කරලා ගන්න බෝලේ ආයෙමත් අර ගෑණි පැළුවා. එදා නම් කොල්ලො හැමෝම අරැන් එක්ක වලිය දාගෙන කට කියවන්න ආපු කසිප්පුකාරයො දෙන්නෙකුට දුන්නා ස්ටම්ප් වලිනුයි බැට් වලිනුයි. මේ වලිය අස්සෙ මයිනාගෙ දෑසට දර්ශණය වෙනවා ලොකූ මී වදයක් බැඳලා බක් මී ගහාක. හම්මෙ මයිනට දැනුනු ප්‍රිතිය. වරෙල්ලා දැං යමව් කියලා හැමෝම ඇදගෙන මයිනා ආවා. හැම එකාම හෙට අනිවාර්යෙන්ම වරෙල්ලා ක්‍රිකට් ගහන්න කියලා නීතියකුත් දැම්මා.

ඊළඟ දවසෙ කට්ටියටම කිව්වා උඹලා ගිහින් ක්‍රිකට් ගහපල්ලා අපි දෙන්නා බක්මී ගස් අස්සෙ ඉන්නව පුලුවන් තරම් ඒ පැත්තට බෝලේ එවපල්ලා කියලා. මයිනයි තව සනා කියලා එකෙකුයි බක්මී ගස් අස්සෙ තිබුනු වල්බෙලි ගහකට නැගලා මී වදෙ දිහා බලාගෙන ඉන්නව. පිට්ටනියෙ ඉන්න එවුං හිතා මතාම බෝලේ එවනවා බක්මී ගස් පැත්තට. සනා කියන මයිනගෙ අපත යාළුවට හොඳට ගල් ගහන්න පුලුවන් ඒක තමයි ඌට තිබුනු හැකියාව. මෙන්න අර ඇට්ටර කොල්ලා හොරෙන් හොරෙන් ඇවිත් මී වදේ තිබුනු හරියෙන් ළඳු කැළෑවෙ හැංගුනා.

ආයේ පරක්කු වෙන්නෙ මක්කටැයි වල් බෙලි ගහෙන් පැන්නා බිමට. එතනම තිබුනු පොල්ලකින් මයිනා දුන්නා මී වදෙට අනිත් එකත් ඇරියා ගලක්. අපරාදේ කියන්න බෑ ඉලක්ක දෙකම අති සාර්ථකයි. අර තඩි මී වදෙන් බාගයක් කඩන් වැටුනා ඇට්ටර කොල්ලගෙ පිටි පස්සට. මයිනයි අපත යාළුවයි පැනලා දිව්වා. කොහොමද සැප අරැට වටකරගෙන මී මැස්සො අනින්න පටන් අරන්. අන්තිමෙ කොල්ලට සිහිය නැති වෙලා වහානෙකින් තමා ඉස්පිරිතාලෙට අරන් ගිහින් තියෙන්නෙ. මූ අපි දෙන්නගෙ මූණු දැකපු නැති  නිසා වැඩේ අවුල් උනේ නෑ. දවස් 5ක් 6ක් හොස්පිටල් ඉඳලා මූ ආවා අර මරැමුස් ගති බාගයක් විතර අඩු වෙලා.

                            දැං මූගෙන් වැඩියෙ කරදරයක් එහෙම නෑ ඒත් මුගෙ වයසෙ පොඩි එවුන්ට ගහනවා. පැන්සල් පෑන් බලෙන් අරන් යනව මූට මොනව හරි කිව්වොත් තාත්තා ඇවිත් ගුරැවරැන්ටත් වලිය දානව. ඒක සර් කෙනෙකුට මුගෙ තාත්තා ගහන්න ඇවිත් ඒ සර් ඉතිං හරිම දුකෙන් කිව්වා මයිනගෙ සෙට් එකට විස්තරෙ. දැං ආයෙමත් ඇට්ටර කොල්ලට පනිෂ්මන්ට් එකක් දෙන්න ට්‍රයි එක. එක කාලයක් දිගට හරහාට වහිනවා. කැලෑවල තියෙන ඇල පාරවල් වතුර වලවල් එහෙම පිරිලා. රේල් පාර දිගට කපපු කාණු වල ගලාගෙන එන වතුර පාරෙ එක එක මාළු එනවා. ඇට්ටර කොල්ලා රේල් පාර යටින් වතුර බහින්න දාපු බෝකකුවක් අස්සෙ මාළු අල්ලනවා තව පොඩි එවුන් වගයක් එක්ක. මූ බොක්කුව අස්සට රිංගලා අනිත් එවුන් එලියෙ.

අළුතින් රේල් පාරෙ ලී සිල්පර අයින් කරලා කොන්ක්‍රිට් සිල්පර දාන්න, තැන් තැන්වල කොන්ක්‍රිට් සිල්පර ගොඩවල් දාලා. අර කොල්ලා බැහැපු බෝක්කුවෙ එක පැත්තක ගලවපු ලී සිල්පර දාලා ඒ පැත්ත වැහිලා. ඒ පැත්තෙන් වතුර බැහැලා යනවා එත් පුසෙක් වගෙ සතෙකුට ඇරෙන්න වෙන එහෙකුට ඒ පැත්තෙන් එළියට එන්න බෑ. අනිත් පැත්තෙ අළුත් කොන්ක්‍රිට් සිල්පර දාලා. ඒ පැත්තෙ බෝක්කු කට හරස් වෙන්න එක සිල්පරයක් වැටිලා.. ඒක අස්සෙන් තමයි මූ බෝක්කුව අස්සට රිංගන්නෙ. එතනට තව සිලපර දෙක තුනක් දැම්මා නම් අරැ ඇතුලේ හිර වෙනවා.

මයිනා සහ අපත රැල සීනිගම ඉදන් මද වැස්සෙ තෙමි තෙමි රේල් පාර දිගෙ එනවා. දැක්කා සීන් එක අර ඇට්ටර කොල්ලගෙ. "තොපි වැස්ස වෙලාවෙ මැරෙන්නද හදන්නෙ දිවපියව් ගෙවල් වලට" කිව්වාම අනිත් පොඩි එවුන් දිව්වා. අරැ "අඩෝ %#@ බල්ලො අම්මට &%#@" කියලා බැනපි. ටිකක් දුර ආවා අරැ ආයෙමත් රිංගුවා බෝක්කු කට අස්සට. රේල් පාර හරහා දාන්නෙ හතරස් හැඩයෙ තරමක් ලොකු බොක්කුවක් දැකලා ඇති නේ. හැරිලා දිව්වා අරැගෙ බෝක්කුව ළඟට උඩ තිබුනු කොන්ක්‍රිට් සිල්පර 4ක් තල්ලු කරා බෝක්කුව වැහෙන විදියට. මයිනා සහ අපතයො ගියා "තෝ මැරිය බෝක්කුව අස්සෙම" කියලා. වැඩේ වෙද්දි දවල් 11.30ට විතර මහ වැස්සකුත් වැස්සා 2ට 2.30ට විතර මතක් උනා අරැ බොක්කුවෙ නේද කියලා ඒ වෙද්දි කට්ටියම ගෙවල් වල ගිහින් නාලා කාලා ෂපාන් එකේ. සෙට් එකම ආයෙමත් වැස්සෙම දුවගෙන ආවා අර රේල් පාරෙ බොක්කුව ළඟට. අයෙමත් අර සිල්පර ටික අයින් කරද්දි කොල්ලා ඉන්නවා බය වෙලා සුදුමැළි ගැහිලා සීතලට වෙවුල වෙවුල. මූ බෝක්කුව අස්සෙ ඉන්දැද්දි උඩින් කෝච්චි ගිහින් මූ ඒකටත් බය වෙලා. එළියට ඇදලා අරන් දුවපිය ගෙදර කිව්වා මූට දුවන්න පණ නෑ . තව පැයක් විතර උනා නම් මූ මේක අස්සෙම මැරෙණවා ෂුවර් එකටම. මූට යන්න ඇරලා පස්සෙන් ඇවිත් ඈතට වෙලා බලන් හිටියා මූ ගෙදරට යනකම්.

ඒත් හිතට බයයි මූ මරැනොත් කියලා. උංගෙ තාත්තා ගහන්න ආපු සර්ව හොයාගෙන එහෙට ගියා. සර්ට කිව්වා උනු සිද්දිය සර් කිව්වා "කලබල නැතුව ඉන්වලා" කියලා. අපි පුට් සයිකල් වලින් එද්දි සර් අපිට කලින් මෝටර් බයික් එකෙන් අර කොළුවගෙ ගෙදරට ගිහින්. අරැගෙ තාත්ගෙන් කසිප්පු බාගයක් ඉල්ලලා ඒ ගමන් ළමයා ගැන ආහාලා. ළමයා ඉන්නවලු එතකොටත් වෙවුල වෙවුල රෙද්දකුත් පොරවගෙන. "ලමයා මොකට හරි බය වෙලා කතාවක් බහාක් නෑ සර්" කියලා අරැගෙ තාත්තා කියලා. සර් ඉතිං ළමයව බලලා කියලා. මේකට සීතලක් හැදිලා තියෙන්නෙ ගිණි මැළයක් ගහාලා ගිණි තප්පවන්න කියලා. කොකටත් ගිහින් බෙහෙත් ටිකකුත් ගේන්න කියලා. සර් ඇවිත් අපිට බැන්නා යකෝ අරෑ මැරැණා නම් තොපිට ලගින්න වෙන්නෙ හිරෙ තමයි කියලා. දවස් 5ක 6ක උණ සන්නිපාතෙකින් පස්සෙ අරෑ එළියෙ ඉන්නවා දැක්කම තමයි හිතට සැනසීමක් දැනුනෙ. හැබැයි එදා බය උනු බයවිල්ලට මයිනට රෑ උණ හැදිලා. උණ විකාරෙන් කියවලා තියෙන්නෙ මම අර පොඩි එකාව මැරැවා දැං  පොලිසියෙන් එයි කියලා තමා. ගෙදර මිනිස්සු බයෙ ඉඳලා ඇත්තටම මොනව හරි ජල්තර වැඩක් කරලා තමයි කියලා.

ඊට පස්සෙ අර කොළුවා නම් කාටවත් කරදරයක් කරලා තිබුනේ නෑ. ඒත් 2004 සුනාමියට ඒ පවුලෙම ඈයො මුහුදු ජල කඳට යට වෙලා ගිහින් තිබුනා. හිතාමතා නොකරත් එදා ඒ පොඩි එකා මැරැණා නම් කියන පසුතැවිම බොහො කාලයක් මයිනගෙ හිතේ හොල්මන් කලා.......

....මයිනා....

මයිනාගෙ කතා....34 සැළළිහිණිය

මයිනාගෙ කතා.....34... සැළළිහිණිය....

පැහැ සරණිය මිණි පැමිණිය කොත් අගට
බැද කිකිණිය දද ගිගිණිය විමන් වට
නොව පැරණිය වන රමණිය විටින් විට
සැළලිහිණිය වදු කැලණිය පුර වරට





කැළණිය වර්ණනාව 11 වසර සිංහළ සහිත්‍ය පොතේ සැළළිහිණි සංදේශයෙ එන කවියක්.  මයිනා ස.පෙළ කරන කාලේ විෂය නිර්දෙෂයේ තිබුනු අගනා සංදේශ කාව්‍යක්. "ගුත්තිලය" වෑත්තෑවෙ හිමි, "අයියානායක" විමලරත්න කුමාරගම, "මගෙ රට" පි.බි. අල්විස් පෙරේරා.   මතකයෙ හැටියට නම් මේ සියල්ල අපේ සිංහළ පොත් දෙකේ තිබුනා. එවකට සිංහළ විෂය ඉගැන් වු ගුරැතුමිය මයිනගෙ ඥාති වෙන ඒත් ටිකක් සැර පරැෂ කෙනෙක්. එතුමියට මයිනා නොදැක සිටිමත් දුකට කාරණාවක් වගෙම මයිනා දැකිම කේන්තියට කාරණාවක්. එතුමිය අතේ කුමන ආකාරයෙ භාණ්ඩයක් තිබුනත් එයින් පහරක් ගැසිම එතුමියගෙ පුරැද්දක්. එතුමියගෙන් ගුටි කෑම මයිනාගෙ පුරැද්දක් දෙදෙනාට දෙදෙනා නොදැක සිටිමත් දැකිමත් දෙකම පුල් අවුල්.

                                          
                                           එතුමිය වෙන පංතියක උගන්වන වෙලාවක ඒ අහාල පහාලින් ගියා කියන්නෙ බඩුම තමා. "තමුසේ මෙහෙ එනවා" අතේ තියෙන පොතේ මුල්ලෙන්  ඔළුවට. ගුරැ විවෙකාගාරෙ පැත්තෙන් ගියොත් උණු වතුර බෝතලෙන් ඔළුවට අපරාදේ කියන්න බෑ එවැනි ගුරැ ගෝල සබඳතාවක්.  ඒ කාලේ ඉතිං පොතේ තියෙන කවි සියල්ල පාඩම් කරන්න ඕනෙ.  හිටි ගමන් එක ළමයෙක් නැගිට්ටවලා කවි පාඩම්ද කියලා බලනවා. ඒ නැගිට්ටවන ළමයා මයිනා වීමෙ සම්බාවිතාව 90%ක් විතර තමා. සැළළිහිණි සංදේශය පාඩම පටන් ගත්තා මාගෙ දයාබර ගුරැතුමිය තරයේ කියා සිටියා කවි පාඩම් කරපල්ලා මම හැම කෙනාගෙන්ම ආහනවා කියලා. අනේ බොහොම උනන්දුවෙන් ආශාවෙන් නිදි වරා රෑ පුරා ඉඩක් ලද ඇසිල්ලෙ සැළළිහිණියෙ කවිම පාඩම් කරනවා. යංතං කවි බොහො ප්‍රමාණයක් පාඩම් ගුටියක් නොකා ෂේප් වෙන්න පුළුවන්.  කියන්න සංතෝෂයි පිංවතුනි එදා සිංහළ පීරියඩ් 2ක් එකට තිබුනු දවසක්. අද කවි ටික අහානවා කියන එක සුවර් උදේ ස්කෝලේ ගියපු ඇසිල්ලෙ පොත පෙරලන් කවි පාඩම් කරනව. එක නස්කූණියෙක් ඇවිත් කැළණිය වර්ණනාව කවිය වෙනත් විදියකට කියාපි.

ඈ පැමිණිය රෑ පැමිණිය ඇඳ ළඟට
මා නැගිණිය ඈ නැගිණිය ඇඳ උඩට
රස වැහෙන ## පැමිණියෙ %% අගට
සැළිහිණිය #% #% පළ කැළණියට

කියන්න සංතෝෂයි සතියක් පුරා පඩම් කරලත් සැළිහිණියෙ කවි පාඩම් නැති අපත රැළට, එකම එක පාරකින් මේ තඩි කුණු හරැප කවිය මතකයි කිහල්ලකො. සැළිහිණිය පැත්තක තියෙද්දි දැන් ඉතිං මේ කවිය මුමුණනවා. හෙමින් සැරෙ කාළය කවුළු දොරින් පැන ගිහිල්ලා ගුරැතුමිය පංති කාමරෙ දොරෙන් ඇතුලු උනා. ඇදපංකො පීරියඩ් 2ක් එක දිගට දැං. තැනින් තැන එක එකා නැගිට්ටුවා ගුරැතුමිය කවි අහනවා පුළුවන් එවුන් කියනව බැරි එවුන් කෝටු පාර 2ක බැගින් කනවා. තව තැනකින් කෙල්ලෙක් නැගිට්ටුවා ඒකි ඉතිං තාලෙට


"පැහැසරණිය මිණි පැමිණිය කොත් අගට"..
කිව්වා විතරයි මයිනා සිර කරන් සිටි ඒ අසිරැ වලත්ත කාඩ හිනාව හුචුස් ගාලා පැන්නා එළියට. අනේ ඉතිං රතුව ගිය දෑසින් යුතුව කාළි යකින්න සේ රවා ඔරවා ගුගුරා "තමුසේ කියනවා" කියලා දුන්නා විදානයක්. කියන්න කුජීතයි මිත්‍රවරැණි මතක් නොවේ මෙලෝ මළ දානයක්.

"පැහැසරණිය ඈ පැමිණිය" "බඳ කිකිණිය පල කැළණිය"

කියලයි කිය උනේ සුපෙම්වතුනි ආදරණිය ගුරැතුමි ගත්තා අතට රත්මල් කෝටුව "මොනවද තෝ කියන්නෙ හරකෝ" කියලා දුන්නා දීමක් අනිත් එවුන් සිනා සයුරෙ ගිල්වලා. ගහපිය බූරැවා දණ එළියට ගිහින් කියපි. දැන් ඉතිං ගිණ අවුවෙ තාප්පෙන් එළියට ගිහින් දණ ගහාගෙන ඉන්නව. අපරාදේ කියන්න බෑ පාසලේ හිටපු විනීතම දරැවෙක් නිසා දණ ගසා සිටින ස්තානයෙන් මාර්ගය හරහා ගමන් ගන්න සියළු ගුරැ බවතුන් කෝටු පාරක්, අඩි රෑල් පාරක්, ටොක්කක් හො අතේ තියන් යන පොතෙන් එකක් හරි ගහගෙන යනව.


පීරියඩ් දෙක ඉවර කරලා ඒ ආදරණිය ඥාති ගුරැ උත්තමාවිය ආවා ළඟට.

"අද තොගෙ මහ එකා හම්බ වෙන්න මම එන්නං කෝ" කියාපි.
ඔළුවෙන් පටන් ගත්ත හිරියක් ඇඟ පුරා ඇවිත් කකුල් දෙකෙන් පහාළට බැහැලා ගියා. මුත්‍ර බරකුයි කක්කි බරකුයි හිස මත පාත් කර ගෙනම. අපේ මහ තැන ෂොට් එකක් දාපු වෙලාවක එහෙම ආවොත් ගෙදරින් ලැබෙන පිංබත් ටිකත් නැතුව යනව. පෙර වැරදි වගෙකට ගෙදරිනුත් අනතුරැ ඇඟවීම් ඇවිත් තිබුනෙ. මොනව කරන්නද එනදේකට මූණ දීලා රජෙක් වගෙ....... මූණ හොදගන්නව කියලා හිත හදාගෙන හිටියා. හැන්දෑවේ 7ට විතර මහ තැන කෑ ගහපි

"ලොකු එකා මෙහෙට වරෙන්"

අසරණ බැල්මක් මව්තුමිය දෙස බලාගෙන පිය රජතුමා ළඟට පිය මැන්නා. මයිනගෙ මල්ලි ඉතිං නිධානයක් ලැබුනු හිඟන්නෙක් වගෙ බලන් ඉන්නවා සතුටු සිතින් මයිනා ගුටි කනකං..
"මොකද අද ස්කෝලෙ උනේ"
"කවියක් බැරි උනා කියලා දණ ගහලා තිබ්බා"
"මට කිව්වා උඹගෙ අස්සරෙ එච්චරට හොඳ නෑ කියලා. පාඩම් කරපං හොඳට"
"තෝ කකුල් දෙකෙන් උස්සලා පොළවෙ ගහන්නෙ වැරදි කරලා අහු උනොත්"

හම්මෙ යංතං ඇති තාත්තා සිල් ගනිපු දවසක් සහ ගුරැතුමිය අතරමගක මුණ ගැහිච්ච නිසා වැඩේ ගොඩින් සේප්. මයිනගෙ මල්ලිට වැඩේ අවුල් ඇයි තාත්තා ගොඩින් වැඩේ සේප් කරපු නිසා. මූ මයිනා එද්දි දැම්මා කකුලක් මයිනා වැටෙන්න. මයිනත් මොකද කරෙ වැඩිපුරත් බර දාලා එහා පැත්තෙ පිහියකින් වැඩක් කර කර හිටපු අක්කගෙ උඩට පත බෑවා. ඕං ඉතිං තාත්තගෙ මල ඕවර් උනා "මොකද බොල" කියනකොටම අක්කා කිව්වා

"පොඩි එකා කකුළ දැම්මා ලොකු මල්ලි වැටුනා"

අනේ ඉතිං ප්‍රිතීයෙන් පිනා සිටි මයිනාගෙ මල්ලිට පේර කොටුවකින් පහාර පිට පහාර වදිද්දි පස්වනක් ප්‍රිතීයෙන් පිනා මයිනා ලැබූ ආතල් එක මුදල්වලට ගත නොහැකි බව සඳහන් කරනු කැමැත්තෙමි.

අනේ මිත්‍රවරැනි කියන්න විළි ලැජ්ජයි ගුත්තිල කාව්‍ය තුලත් අපේ හැතිකරෙ හැදු කවිය තවමත් මතකය ඒත් ගුත්තිලයෙ කවි කිසිවක් මතක නැත. නිකං ඉන්න වෙලාවට සැළළිහිණියෙ කවිය කියපල්ලා ඒකත් පට්ට........... මයිනා ......

මයිනාගෙ කතා.... 33 මක බාස් සහ ගෝළයා

මයිනාගෙ කතා....33... මක බාස් සහ ගෝළයා

සැරින් සැරේ කරපු අමනකම් අමුතුවෙං කියන්න ඕනේ නෑ නේ.  එහෙම අමනකම් හින්දා මව් දේවිය දුම්මළ වරම ගනිපු වෙලාවට ගම අතහැර සිදාදියට ගියපු එක තමා කලේ. සැරින්  සැරේ ගෙන්දගම් පොළවට රිංගන්න සෙට් කර ගත්තෙත් හිටපු  අමනයො රෑලම එකතු වෙලාම තමා. එකාට එකා නොදැක ඉන්න බැරි අමුතු අමාරැවකුත් තිබුනු නිසා යන තැනකට අඩුම  තරමේ දෙන්නෙක්වත් ගියා තමයි.

නස්ටං නසරාණි වෙලා ඉන්න වෙලාවක පංසලේ පිංබත් කෙළ කෙළ හිටපු ගංකබරයො දෙන්නෙකුට ගහපු එකට අවුළ් ගියා.  ලොකු නම ඉදිරියෙදිම ගල් කොල්ලො දෙන්නෙකුට පහාර දීම හේතුකොට ගෙන පැමිනිල්ල ගෙදරටම. ලොකු නම රංජනි උපාසිකාමාතාව හමු වී විහාර භූමියේදි හිංසාවාදි ලෙස හැසිරැණු පුතාව අංගුළිමාල තනතුරට පත් කරලා. කොසු ඉදල් කුරැඳු පොළු සංග්‍රහායක් ලැබිමෙන් පස්සෙ ටික දවසකට වහාං වීමේ කාළ පරිඡ්ඡෙදය එළඹුනා. කොළඹ ගිහින් අල හාරන්න කියලෑ, ගියා ඉතිං අපේ කොන්ත්‍රාත් බාස් අයියා හොයාගෙන.

"ඩියුලක්ස් අයියෙ, නැද්ද කොළඹ යන්න චාන්ස් එකක්"

"තොපිට වැඩ මගෙ ළඟ නෑ"

"එහෙම කරන්න එපා ඕයි මොනව හරි තියෙනව නං කියනව"

"හපෝ උඹලා මං ඉන්න පලාතක එන්න එපා" "මටත් ගුටි කන්න වෙන්නෙ තොපි නිසා"
"හරි ඉතිං ඒ අර වාචාලයා නිසා නේ ඌ යන්නෑ"
"හරි හෙට වරෙල්ලා හැබැයි මගෙ ළඟ වැඩ නෑ මම වැඩ බාර ගනිපු තැනට එහා පැත්තෙ ගෙවල් වගයක් හදනවා. එතනට සෙට් කරන්නම්"

" හපෝ M.B.B.S. එකක්ද"

"නැත්තං තොපිට මහ බැංකුවෙ වැඩ දෙන්නද කියන්නෙ"

"හරි හරි හෙට එන්නං එහෙනම්"

පසුදා ඉතිං මයිනයි, තඩියයි, කට්ටයි, හූනයි හතර දෙනා එම.බි.බි.එස්. කරන්න ගියා කොළඹට නුදුරැ තැනකට. එතන වෙන්දේසි ඉඩමක තැන් තැන් වල ගෙවල් හදනව. ලංකාවේ සුප්‍රසිද්ද සමාගමක් ඒ වෙන්දේසි ඉඩමෙ තැන් තැන්වල ගෙවල්  කිහිපයක් හදනව. ඒ ගෙවල් කිහිපය බාරව ඉන්නව සිවිල් ඉංජිනියර් කෙනෙක්. ඌ ඉතිං දවසට සැරයක් ඇවිත් පරික්ෂා කරලා යනවා. සයිට් මැනේජර් කියලා එකෙක් හිටියා අවශ්‍ය කරන බඩු එහෙම ගෙනත් දෙන්නෙ පඩි බේරන්නෙ එහෙම ඌ.

ජීවන ගමන සංසරේ නොලැබ ආලෝකේ කියාගෙන හතර දෙනාම ශූරයො වැඩ පටන් ගත්තා. සයිට් මැනේජර් සිමෙන්ති අනුපාතේ කියනව, ඊට පස්සෙ අනනවා ඊළඟට බෙදනවා. එක  බාස් කෙනෙක් ළඟට මයිනා සෙට් උනා, හූනා තව බාසෙකුට සෙට් උනා. තඩියයි කට්ටයි අනනවා සහ සප්ළයි එකත් දෙනවා. දුම්මළ වරම ගත්තු ගුරැන්නාන්සෙලා වගෙ බාස්ලා බඳිනවා හතර දෙනාම ශූරයො අනනවා බෙදනවා.

මයිනා එක්ක සෙට් වෙච්ච බාස් එතරං වයසක් නෑ හැබැයි ඉතිං කතාවට ගියාම ලොවම අමතකයි. බාසයි මයිනා ගෝළයයි ෆුල් ස්ටෝරියකට බැහැලා වැඩ. මයිනා සිමෙන්ති ගෙනත් දානවා ගඩොල් දානවා අරැ බඳිනවා. ටික ටික දවල් වෙද්දි බිත්ති ඉස්සෙනවා, මයිනා බැම්ම උඩින් පැන පැන සිමෙන්ති ගෙනත් දානවා. දවල් කෑම කාලා එහෙම අයෙත් වැඩ දැං මයිනට බැම්මෙන් පනින්න බෑ. මයිනා ගෙනත් දෙන සිමෙන්ති අරැ බදාම ලෑල්ලට හලා ගන්නවා.



හවස 3ට විතර සිවිල් ඉංජිනියර් ආවා වැඩබිම පරික්ෂාවට. අනිත් තැන්වලට ගිහින් එහෙම පොර ආවා මයිනලාගෙ පොට් එකට.

"සමන්තයියා කොහොමද වැඩ"

"අවුළක් නෑ මහත්තයා, අළුත් මල්ලිලා සෙට් එක නියමයි"

"අළුත් මල්ලිලා හොඳයි තෝ පරණ එකා වෙලත් මෙහෙමද බොළ වැඩ කරන්නෙ"

"ඇයි මහත්තයා මම දැන් මහත්තයලගෙම සයිට් තුනක වැඩ කරා කවදාවත් වරදක් උනේ නෑනේ"

"බොළ සමන්තයො තෝ බඳින්නෙ ටැංකියක්ද කාමරයක්ද"

"කාමරයක් මහත්තයා"

"ඉතිං වහෙ කෝ මේ කාමරේට දොරක්"

"හුටා දොර නෑ නේන්නං"

"නෑ තමයි #ත්තෝ"

"මොකෑ කරන්නෙ මහත්තයා දැං"

"මොකෑ කොරන්නෙ නොවෙයි අඩෝ කඩපං දැං බිත්තිය" "අනේ ඉතිං බොළා වගෙ මක බාස්ලත් මේවගෙ වැඩ කරනව නේ"

බිත්තිය කඩලා දොර සීමාවට ඉඩ ඇරියා. සමන්ත බාස්ගෙ ක්‍රියාව බොහොම ඉක්මනට හැමතැනම පැතිරිලා ගියා. අන්තිමේ සමන්ත බාස් "මකබාස් සමන්ත" යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. එන්නං ඈ....
🤔___මයිනා___