Monday, 5 November 2018

මයිනාගෙ කතා...32.. ජංගිය

ජොකා, පෑන්ටිය, ජංගිය, යට ඇඳුම, අන්ඩර් වෙයාර් එක, මයිනා කූඩුව..... ඕං ඔහොම නම් ගොඩයි නේ අයිටම් එක එකක් උනාට. ඒ කාලේ ස්කෝලෙන් ගුටි කාපු එක හේතුවක්  තමා පටි ජොකා. සුදු සර්ට් එක පටි ජොකාට යට කරාම මරැ එකට තියෙනව. හැබැයි ඉතිං නැවෙද්දි දිග හැරෙද්දි ජොකා එළියට ආවාම ගුරැබවතුන්ගෙන් වේවැල් කසාය ලැබේනව ලෙසටම.

ජංගි කතා අතරේ හොඳම කතාව තියෙන්නෙ  අපේ හිටපු තවත් නසරාණි අපතයෙකුට. තැනක් නොතැනක් නැති වාචාල කටක් තිබුණු ලැජ්ජාවක් කියන එකක් සංසාරෙවත් නොතිබුනු එකෙක් තමා ඌ. හැමදේම විහිළුවට අරගෙන වචාළකම පෙන්නන්න ගිහින් ඌගේ පරිප්පු ලෙසටම කාපු කිහිප දෙනාගෙන් එකෙක් තමා මේ මයිනා. අපරාදේ  කියන්න බෑ ඌ හින්දා ලැබුනු කළු ගල් පාරකින් මැහුං 4ක් දාපු තුවාල කැළලක් තවමත් මේ සිරසේ විරාජමානව තියෙනව.


තොරණක්, පෙරහෑරක්, මියුසිකල් ෂෝ එකක්, ට්‍රිප් එකක් ආදි සියළු තැන්වලදි බඩකටපුරා කන්න පුළුවං විදියෙ ගං පෝරියල් ඉල්ලලා දීපු හාදයෙක්.  එක දවසක්  කෑම ඔඩර් එකක් ඉල්ලලා දුන්නා ගාල්ලෙ දක්ෂිණ නාවික හමුදා කඳවුරෙන්, අන්න කෑම අතිවිශිෂ්ඨයි.  ඒ කෑමෙන් පස්සෙ අද තව වෙනකං එළිමහාන් සංගීත සංදර්ශණ නම් බලන්න නොගියෙමි.   සංසාරෙන් උරැම වෙච්ච ගොංකම කොහොමද කියනව නම් පොලීසියත් එක්කත් කට ගහාගෙන නීතිය කියලා දෙන්න යනව.   එහෙම වෙලාවල් ලැබුණු කනේ පාරවල් සපත්තු පාරවල් එහෙමත් නිමක් නෑ.   ඌට දාපු නම කිව්වොත් මාව මාට්ටු වෙන නිසා ඌගෙ නම කියන්න විදියක් නෑ. එක දවසක් මූ S I කෙනෙකුට කිව්වා "මම යනව මානවහිමිකම් තමුසේ බලනවකො තමුසෙට වෙන දේ" කියලා.   ඒ කාලේ ඔය මානවහිමිකම් කියලා එකක් තිබුනා කියලා දන්නෙත් ඌ කිව්වම. හැබැයි ඉතිං SI උන්නැහෙත් ටිකක් පදිරි උනා අරෑගෙ  ටෝකට.

මේ දවස් වෙද්දි අධ්‍යාපනය ඇතුළු සියළු කටයුතු වලින් ඈත් වෙලා පූර්ණ කාලීන රස්තියාදු සංගමයෙ සාමාජිකත්වය අරගෙන තිබුනේ.  දිනපතා ගලා එන පැමිණිළි වැඩි වෙද්දි ඊට සාපේක්ෂව ගෙදරින් ලැබුනු දඬුවම් එහෙමත් ටිකක් සැර උනා.  අපත ගැංසියම එකට ඉන්න වෙලාවක වඳුරෙක් ගහාක ඉඳං අනිත් ගහාට පනින්නෙ බොහොම පරිසමට.   ගං වැදිච්ච කළු වඳුරැ  රංචුවකට වට කරං දීපු පනිෂ්මන්ට් එකක ප්‍රථිඵළය උනේ අපි දැක්ක ගමං වඳුරෙක්වත්  අහාළ ගං 7ක නොයිඳිම. වඳුරන්ගෙ බය කොතරම්ද කියනව නං අපි දිහා බලාගෙන අනිත් ගහාට පනින්න ගියපු වඳුරො බිමට වැටිලා අත පය කඩා ගනිපු අවස්තා එහෙමත් තිබුනා.


                 ගෙදරින් කන්න දෙයක් දුන්නට අතට කීයක්වත් දෙන්නෙ නෑ නේ. ඕං ඉතිං සෙට් එක තීරණය කරා කොහෙ හරි යන්න. මොනව හරි ගතමනාවක් ලැබෙන දෙයක් කරන්න. අර බිස්නස් කරමු මේ බිස්නස් කරමු කිව්වට එහෙම බිස්නස් කරන්න අපිට කොහෙද දෙයියංගෙ මල්ලි.   අවසානේ තීරණය උනා මොනව හරි දෙයක් කරමු ලැබෙන ඕනෑම දෙයක්.   අන්න ඒ වගෙ වෙළාවක අපේ කොන්තරාත් ප්ලෙන්ට්බාස් අයියා අපි ඉන්න අහාළ පහාළින් යනව.


"ධම්මිකයියෙ"


"සයාං ගොයියො"


"ඩියුලක්ස් අයියා"..   ඇතුළු එකි මෙකි නම් වලින් කෑ ගහාලා අයියව නවත්ත ගත්තා.
"මොකද වාහෙ"


"තමුසේ කොහෙ යන්නෙ"


"යනව බං හතර පස් දෙනෙක් ඕනේ ගෙයක් ඉවර කරන්න තියෙනව ඉක්මනට දෙන්න ඕනේ එකක්"


"කොහෙද"


"කොළඹ බං වත්තල"


"අපි එක්කං යනවකෝ ඕයි"


"අනේ මේ තොපේ වැඩ කෙරිලි"


"සිරාවටම කියන්නෙ අපි එන්නං"


"මම වෙන කාටවත් කතා කරන්නෙ නෑ තොපි 8 දෙනෙක් වරෙව්"


"කොහොමෙයි යන්නෙ"


"හෙට ගාළු කුමාරියෙ යමල්ලා"

මයිනා සහ අපතයන් පසුදා රේල්ලුවෙන් කොළඹට කොළඹින් වත්තලට.   "රෝයල් පර්ල් ගාර්ඩන්"   එහෙමත් නැත්තං මුතුරාජ වෙළ ලෑන්ඩ් සේල් කාරයො මුල් අදීයරෙ ඉඩම් විකිනිමෙන් ඉඩම් ගත්ත ඈයො හදන නිවෙස්. සමහර ගෙවල් බාගෙට හදලා තව සමහාර ඒවගෙ යට තට්ටුව හදලා පදිංචි වෙලා උඩ තට්ටුවෙ වැඩ ඉතිරියි. මෙහෙම මෙහෙම වැඩ ඕං ඉතිං අපේ අපතයොත් පසුදා සිට වැඩ පටන් ගත්තා. වැඩට යක්කු වගෙ තමා බිත්ති කපනවා සුද්ද කරනවා එක දිගට වැඩ එක්කං ආපු එකාටත් පට්ට හැපි. මුං ඉතිං රෑ 7 විතර වෙනකම් වැඩ නේ.   බතක් උයනව කරවළ බැඳුමක් පරිප්පුවක් හදා ගන්නවා කනව වැඩ කරනවා දවස් 10ක්  යද්දි වැඩ ඉවරයි.

ඕං ඉතිං කොන්ත්‍රාත් අයියා ඊට එහා පැත්තෙ  තිබුනු ගේත් කොන්තරාත් ගත්තා. දැං ඉතිං ඒ හරිය ගම කර ගත්තා නිවාඩු පාඩු වෙලාවක අර වගුරක ඉන්න ආඳෙක් ලූලෙක් බට්ටෙක් අල්ලං කිරට මිරිසට රසට හදං කන එකත් පටං ගත්තා. අපි වැඩ කරපු ගෙදරට මීටර් 40ක් 50ක් වගෙ දුරින් තිබුනෙ යට තට්ටුව හදලා පදිංචි වෙච්ච ගෙදරක්. උඩ තට්ටුවේ එළියට ආපු බීම් කම්බි වල වැලක් ගැට ගහාලා යට තට්ටුවෙ ගෙදර නෝනයි මහත්තයයි ළමයෙකුයි එහෙම හිටියා. මතක විදියට මහත්තයා එයාර් ලංකා වැඩ කරපු කෙනෙක් නිල්පාට කාර් එකකින් වැඩට ආවේ ගියෙ. මහත්තයයි නෝනයි දෙන්නම මහාතයි චබි සයිස් ඈං... 


මේ පාත්තයටත් නිකං ඉන්න බැරැව එක දවසක් අපි වත්තල ගිහින් බඩුත් උස්සං එන  වෙලාවක හම්බ වෙලා විස්තර අහාපි.

"මේ මල්ලිලගෙ ගම් පලාත එහෙම"

"අපි හික්කඩුවෙ සර්"

"දකුණේ කොල්ලො ටිකක් නේ"


එහෙම කියලා මහත්තයත් හිතවත් වෙලා ඉතිං උදේට "මෝනිං" පාරක් එහෙම දාගෙන හැන්දෑවට "ගුඩ් නයිට්" කියාගෙන යන තත්වෙට පත් උනා. අපේ වැඩ වල වේගවත් බව දැකපු අලුතින් හැදෙන තව ගෙවල් කිහිපයක වැඩත් අපේ එකාට ලැබුනා. මුතුරාජ වෙළ පේන්ට් කිංග් අපේ එකා උනා අපිට පිංසිද්ධ වෙන්න.  ඕං ඕහොම ඉන්දැද්දි අර මහත්තයගෙ ගෙදර උඩ තට්ටුවේ රෙදි වැලේ පත සයිස් ජංගියක් වනලා. අර අපේ වහුතු වාචාල කට තියෙන එකා කිව්වා.


"බලපල්ලකෝ අර වැලේ නෝනගෙ ජංගියක් වනලා පට්ට ඩිකියක් ඇත්තෙ නේ බං"

"නෑ බං ඒක මහත්තයගෙ එකක්"

"නෑ අඩෝ නෝනගෙ"

"මහත්තයගෙ බොළ"

"නෑ නෑ ඒක නෝනගෙ" අන්තිමට වැඩට හිටි ඈයො දෙපැත්තට බෙදිලා ඔට්ටුවක් දැම්මා රැපියල් 300ක ජංගිය කාගෙද කියලා දැන ගන්න.


එදා හැන්දෑවෙ ඉතිං අර වාචාළ කටා මහාත්තයා එන වෙලාව බලලා පාරට වෙලා හිටියා. අර ගෙදර උඩ තට්ටුවෙ නයිටියකුත් පටලන් නෝනා මොකද්දො වැඩක. ඕං මහාත්තයා එනවා අපේ වාචාලයා පාර අයිනේ. මහාත්තයා එදා පොඩි සොට් එකකුත් දාලා මළකුත් පන්නගෙන එන වෙලාවක්. මහාත්තයා නැවැත්තුවා කාර් එක

"කොහොමද මල්ලිලා"

"හා හොඳයි සර්, සර් මේ පොඩි වැඩක් අහාන්න හිටියෙ"

"මොකද්ද මල්ලි"

"සර් අර උඩ තට්ටුවෙ වනපු ජංගිය සර්ගෙද නෝනගෙද"
සර් ගෙදර දිහා බැළුවා නෝනා නයිටිය පිටිං  සැඳෑ සක්මනෙ

"අම්මට #කන්න @රි බල්ලා, තොට ගෑණුංගෙ  ජංගි බලන්න" බැස්සා කාරෙකෙන් බිමට අල්ල ගත්තා අරැගෙ බෙල්ලෙන්.
"@#% %%^ $€$& චටාස් පටාස්"

කට්ටියක් මහත්තයා බදා ගත්තා අනිත් එවුන් අපේ එකා පැත්තකට ඇද ගත්තා. මේක දැකපු නෝනයි වැඩට ගෙදර ඉන්න ගෑණියි දුවගෙන ආවා. මහත්තයව කාර් එකට නග්ගලා යවන ගමං නෝනා ඇහුව්වා මයිනගෙන්

"මොකද මල්ලි උනේ"

"අනේ මැඩම් අපේ එවුං දෙන්නෙක් ඔට්ටුවක්  දාලා අන්න අර උඩ වැලේ තියෙන අන්ඩර් වෙයාර් එකට, මූ මහත්තයගෙන් ඒක නෝනගෙද මහත්තයගෙද කියලා අහාලා නේ"

අනේ ඉතිං විළියෙන් රතු වෙච්ච නෝනා මයිනට කිට්ටු වෙලා කියාපි.


"ඒක මගෙ එකක් මල්ලි" කියලා.

හැබැයි ඉතිං වාචාලයා පහුවදාම ගමේ ආවා. මහත්තයා අපි දෙස නොබලා එතනින් ගමනේ යෙදුනා. නෝනා නං අහාක බලං හිනා වෙවි යන වග අපි බලං හිටියා. ඒ ගෙදර වැඩ ඉවර කරලා ගමේ ආපු අපත නඩේ ආයෙමත් නොගිය නිසා කොන්තරාත් බුවා ෆුල් නන්නත්තාර උනා. ගිහිං එන්නං ඈ.......

3 comments:

  1. පෝස්ට් එක බ්ලොග් එකට දාන්න කලින් , නෝ්ට් පෑඩ් එකකට කොපිකරලා ඉවරවෙලා , එතනින් අරගන බ්ලොග් එකට දාහං මයිනෝ එතකොට ..මේ විදිහට සුදුපාට ඉරි හිටින්නේ නැ

    ReplyDelete
  2. මයිනො බලපිටියෙ අකියා..වෙද පුතා එහෙම දන්නවද..

    ReplyDelete