මයිනාගෙකතා... 68 ... රිවිෂන්
මයිනා කියන නසරාණියා අ.පො.ස. සා.පෙ. පළවෙනි පාර ජල්ල හුටං කර ගත්තා. කටිටියටම කියන්න මෙයාලා එකෙන්ම ෆේල් රිසාල්ට් එක වැඩ 7යි සම්මාන එකයි හාද. ෆේල් උන විශය ගණිතය ආඩම්බරෙන් කියන්නෙ හරිද?. "තෝ මෙහෙම හිටියොත් තොට වෙන්නෙ කුළී වැඩ කරන්න ඒක හිංදා කරපිය ආයෙමත් විභාගෙ" කියලා ගෙදර එවුන්දලා එළෙව්වා පුණරික්ෂණ පංති. කියන්න සංතෝෂයි මිතුරනි රුහුණු රටේ අග නගරේ ගාළුපුරේ සිරි බලන්න පුළුවන් විදියට තමා පංති යන්න ලැබුනේ. ඒ කාලේ ගාල්ලෙ සා.පෙළ සඳහ ජනප්‍රිය පංති දෙකක් තිබුනා, එකක් "ඉගෙනුම" අනික "හයස්ටඩි".
"ඉගෙනුම" කියන්නෙ වක්වැල්ල පාරෙ තිබුනු වෙනස්ම විදියෙ පංතියක්. හරියට පාසලක් වගෙමයි, නීතී මාලාවක් සහ වෙනස්ම විදියකට විනය පවත්වාගෙන ගියපු තැනක්. විශාළ පරණ වළව්වක වගෙ ගෙයක තිබුනු ඒ පංතිය ඇතුලේ 1 වසරේ ඉඳලා උ.පෙළට යනකම් පංති පැවැත් උනා. සතියේ උදේ 8.30 ඉඳළ දවල් 2ක වෙනකම්ම පුණරික්ෂණ කරන ඈයොන්ට පංති. ස්කෝලෙ ගියා වගෙ තමයි ඉතිං. සුදු ෂර්ට් එක අඳින්න ඕනේ ඩෙනිම් අඳින්න බෑ, කළිසම කළු හො වෙනත් විච්චූරණ නොවන පාටක්. පංතියට ගියාම සද්ද බද්ද බෑ නිශ්සබ්දව ඉන්න ඕනෙ එහෙම සද්ද දාලා අහු උනොත් පංතියෙන් එළියට සහ කණ පැලෙන්න ලැබෙනව. නැවත පංතියට එන්න ඕනේ නම් දෙමව්පිය දෙපළගෙන් කෙනෙක් සමග එන්න ඕනේ. පංතියට එක දවසක් හරි ආවේ නැත්තං රිපෝර්ට් එකේ හේතුව ලියා මව්පිය දෙපළගෙන් කෙනෙකුගෙ අත්සන ඇතිව ආ යුතුයි. ඕං ඔහොම නීති සම්බාරයක් ඔය පංතියෙ තිබුනා. පංතියට ළමයි බාර ගන්නෙත් මව හො පියා සමග පැමිණියොත් පමණයි.
පංතිය ඉස්සරහම තිබ්බෙ කර්තකොළම්බන් අඹ ගහක් හම්මෙ ඉතිං ගෙඩි ඔළුවෙ වදිනව, ඒත් එක ළමයෙක් නොවෙයි ඇහැක් ඇරලා බැළුවෙ ඒ දෙස. අනිත් පැත්තෙ තිබ්බා මිදි වැළක් ඒ මිදි වැළ පහු කරන් තමයි පංතියට ගියෙ. අනේ ඉතිං මිදි ඇඹුළයි කියල හිතාගෙන ඒ දෙස බල බල පංතියට ගිය එක තමා උනේ. ඕං ඔය පංතියට මයිනා ඇතුළුව තොටගමුවෙ, කළුපේ, සීනිගම, තෙල්වත්ත ආදි අවට පහත ගම්වලින් 20ක් විතර ගියා. කට්ටියගෙ ගමන පාසල් දුම්රියෙ එහෙමත් නැත්තං ස්කූල් ට්‍රේන් එකේ. මේ සෙට් එකට අතරමගදි රත්ගම සහ බූස්සෙ සෙට් එකකුත් සෙට් වෙනව. අපරාදෙ කියන්න බෑ 40ක විතර පිරිස පෝළිමට පංතියට ගොඩ වදිනව. ඒ වගෙම ඉතිං රණඩු බණ්ඩු වලිනුත් අඩුවක් නෑ. ගම් පළාතේ රිච්මන්ඩ්, මහින්දෙ, ඇලෝෂියස් යන පොඩි එවුන්ට පට්ට හැපි ඇයි ඉතිං අයියල සෙට් එක ඉන්නව නෙ. ලොකු පංතිවල එවුං සද්ද නෑ පොඩි එවුන්ට එහෙම සද්දෙ දැම්මා කියන්නෙ අම්බනයි ටිකයි වෙන්න කන්න වෙනව. හවසට ගාල්ලෙ ස්ටෑන්ඩ් එකේ පොඩි පොඩි වලි ලොකු වෙලා කවකටු පාරවල්, පිහි - කිනිසි පාහරවල් එහෙමත් හුවමාරු උනා. අන්තිමට ගාල්ලෙ පොලිසියෙන් ස්ටෑන්ඩ් එක ඇතුලේ පොලිස් මුරපොළකුත් ස්තාපිත කලා මේ දරු පැටව් නිසාම.
ඕං ඉතිං කට්ටිය පංතියට යද්දි ඔළුවෙ වදින අඹ ගැන පට්ට ඊරිෂියාවයි. මොනව කරන්නද මේ අඹ ගෙඩියක් නොකෑවොත් ගමට සහ නමට හොඳ නැති නිසා ඒ වෙනුවෙන් සියළු දෙනා වෙහෙසුනා. හැබැයි ඉතිං අහු උනා කියන්නෙ "තිස්ස ද සිල්වා" ගෙ කම්බුළ හිරි වැටෙන පහර ෂුවර්. තිස්ස ලොක්කා තමයි ඔය පංතියෙ අයිතිකාරයා සහ නිසි බළධාරියා යකෙකුටවත් බය නැති යකා. ඕං එක සවසක පංතිය ඇරිලා එළියට බැහැලා යද්දි තෙරපි තෙරපි යන ළමයි අතරින් අත දාලා කැඩුව අඹයක් කැඩු සැනින්ම ඉස්සරහ ගිය එකාගෙ බෑග් එකට දැම්මා ඌ දන්නෙත් නෑ. හැබැයි අඹේ කැඩූ සීන් එක ගණං උගන්නපු තඩි සර් දැකල තිබුනා, කැඩු එකා හරියටම ෂුවර් නැතත් සැකයට ඔෆිස් රූම් එකට ගෙන්නපු පස් හය දෙනා අතරෙ මයිනත් හිටියා. අඹ ගෙඩිය කැඩුවා කිව්වට ගෙන්නපු එකෙක්වත් ළඟ අඹ ගෙඩිය තිබුනෙ නෑ, අඹ ගෙඩිය දාපු බෑග් එක තිබුනු එකා ඔෆිස් එකට ආවේ නෑ. හැබැයි ඉතිං සර් පැහැදිළිවම කිව්වා "තොපිලගෙන් එකෙක් තමා අඹ කැඩුවෙ වැඩිපුරම මට සැක තෝ තමයි" කියල. මයිනා හෙණ ශෝක මූඩ් එකක් දාගෙන "අපට හොරෙන් අඹ කන්න ඕනේ නෑ සර් අපේ ගෙදර අඹ ගස් පහක් හයක්ම තියෙනව" කියලා ආවා ඉතිං විනීත සුවනීත දරුව වගෙ. ආවට මොකද ඔය ගණං සර් මයිනව හොඳට නෝට් කරං හිටියෙ. විටින් විට "චූස් - බූස්" සද්ද දාපුවා, චිට් ලියල යවපුව, කෙල්ලන්ගෙ බෑග් අස්තානගත කරපුව වගෙ වැරදි බර ගාණකට සර් චූදිතයෙක් හොය හොය හිටියෙ.
ඒ මදිවට ඔය පංතියෙ හිටියා චන්ද්‍රසිරි අයියා කියලා පියන් කෙනෙක්, ඕකා ළමයි පංතිය ඇරිල ගියාම බයිසිකලෙන් පස්සෙන් ගිහින් බලනව පාරේ යද්දි කරන වැරදි. ඒවා බලං ඇවිත් තිස්ස සර්ට වාර්ථා කිරිම ප්‍රධානම කර්‍ය්ය තමා ඕකට තිබුනු. එක දවසක චන්ද්‍රසිරියයි සයිකලෙයි කාණුවකට පෙරලා දැමීමෙ චෝදනාවකුත් මයිනට තිබුනා. අහම්බෙන් සිදු වූ සිදුවිමක් ලෙස දක්වා චන්ද්‍රසිරියව සයිකලෙත් එක්කම කාණුවට දැමීමට අපත ගැන්සියම එකසේ සහබාගි උනා. ඒ ඒ චෝදනාවලට ප්‍රධාන වැරදිකරු ලෙසට සැකයට භජනය උනත් සාක්ෂි නැතිකමින් දඬුවම් නොළබා සිටිමෙ වාසනාව තිබුනා.
ඔන්න ඔහොම ඉඳලා හෙණහුරා ලබපු ගණිතය විෂය තිබුණු දවසක, අර පැණ්ඩා වගෙ මහත සර්ගෙ පංතිය ඉවර වෙලා පේළි පේළි ළමයි පංතියෙන් එළියට යනව. මයිනා ටිකක් ඉස්සරහ පේළියක හිටියෙ. ඉස්සරලම ගෑණු ළමයින්ගෙ පැත්තෙන් කෙල්ලො ටික එළියට බහිනව, මයිනා ඉතිං පිටි පස්සට හැරිලා බැළුවා සර් කාරයා පේන්න නෑ. දැම්මා ලේන් පැටියෙක් වගෙ සද්දයක්, ඊට පස්සෙ අර එළියට බහින කෙල්ලෙකුට "සුදූ මං එනකං ඉන්න හොඳේ" කියලා කිව්වා. කියන්න දුකයි පිංවතුනි...... අර පැන්ඩා සර් වාඩි වෙලා ඉඳල නෙව මයිනගෙ ඩෙස්ක් පේළියට පේළි 3ක් විතර පිටි පස්සෙන්. අපරාදෙ කියන්න බෑ වැදුනා කම්බුල් පාරවල් ටිකක් නිකං දත් ගළවන්න බෙහෙත් විදලා වගෙ දැනුනෙ. "ආයෙමත් තොට පංති එන්න ඕනෙ නම් අම්මා හරි තාත්තා හරි එක්කං වරෙං" කියලා දුන්නා විධානයක්.
පැණ්ඩා සර් පස්සෙන් ගිහින් ෆුල් ට්‍රයි එකක් දුන්නා ෂේප් වෙන්න වැඩේ හරි ගියෙ නෑ. ගෙදරට ගිහිං කියන්නයෑ මෙහෙම උනා කියලා ඩබල් පෝරියල් නෙව කන්න වෙන්නෙ. විභාගෙට ඉතිරි තව මාස 2ක් වගෙ කරන්න දේකුත් නෑ පංති යන්නත් නෑ. වෙනද වගෙ පංති යන වෙලාවට ගෙදරින් ඇවිත් අනිත් එවුන් එක්කම ගාල්ලට යනව, ආයෙමත් පංති ඇරිලා අනිත් එවුං එන වෙලාවට ගෙදර එනව. එහෙම සතියක් විතර ගියාම හයිස්ටඩි ක්ලාස් යන කොල්ලෙක් සෙට් වෙලා ඌ කිව්වා "වරෙං අපේ පංතියට ගිහින් බළමු" කියලා. ඌත් එක්ක ගිහිල්ලා ඒ පංතියෙ හිටපු එකාට වැඳලා ඉතිරි මාස 2ක හයිස්ටඩි යන්න හදාගත්තා. ගෙදර මිනිස්සුන්ගෙ හිතේ තාම ඉගෙනුමට යන සුවනීත දරු පැටියා කියල. ඒ මාස දෙකත් ඉවර කරලා ස.පෙළ නම් ලිව්වා යංතං ගොඩත් ගියා....... තාම ඉතිං ඔය වක්වැල්ල පාරෙන් යද්දි "ඉගෙනුම" දැක්කම තනියෙං හිනා...
එන්නං ...... ඇ.......
_____මයිනා____
මයිනාගෙකතා ..67... ලව් -1
මයිනා සහ කුක්කුඩෝල් ප්‍රේමයට තිත තැබෙද්දි මයිනගෙ යාළුවෙකුගෙ ප්‍රේම කතාවක් පටන් ගන්න ෆුල් ට්‍රයි එකක් දෙමින් හිටියේ. අපේ එකා ට්‍රයි කරපු කෑල්ලත් එක්කම හිටපු අනිත් කෑල්ල හින්දා වැඩේ හරි යන්නෙම නෑ. ඒ වෙද්දි සියලුම අපතයන් ප්‍රේමයෙ වෙලී ගිලී හිටපු නිසා සහ ලව්සික් එකේ හිටපු මයිනට බෙහෙත් දෙන්න උවමනාව නිසාත් අනිත් කෑල්ල මයිනාට සෙට් කිරිමේ මෙහෙයුමක් පටන් ගත්තා. ඒ වෙද්දි ඒ කෙළි පැටික්කි 9ය වසරේ තමයි හිටියෙ. ඕං ඉතිං මාසයක් විතර ට්‍රයි කරා මේකි නොවෙයි රිප්ලයි දෙන්නෙ, මේකිට ට්‍රයි කරනව කියලා දැන ගතිපු කුක්කුඩෝල් පාරෙ තොටේ කොතන මුණ ගැසුනත් අලුත් එකිට හින්ට් ගහනව සහ රැවුම් ගෙරවුම්.
ඕං ඔය පස්සෙන් යන වැඩේ හරියන්නැති හින්දා මයිනා ලව් ලෙටර් එකක් දුන්නා. හැබැයි ඉතිං ඔය ලෙටර් එකේ ලිව්වෙ ප්‍රියා සූරියසේනයන් ගායනා කරන
"හදවත ඉල්ලා...
නොලැබුණු විටදී..
දහසක් සිතිවිලි මා ..
හද තුළ කැළඹි...
මිතුරියෙ...
ඔබ කෙලෙසක හො අමතක කරමි....
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවී..." සිංදුව තමයි. ඒ ලෙටර් එක දීලා ඒ දවසෙම අත්‍යාවශ්‍ය කාරණයකට මයිනා කොළඹ ගියා. ඊට දවස් 3කට විතර පස්සෙ මයිනා නැවත එද්දි ලව් එක සෙට් සහ මයිනගෙ යාළුවගෙ ලව් එකත් සෙට්.
දන්නවනෙ බාලවයස්කාර දැරියො ලව් කරන්න ගත්තම තියෙන වදේ..
උදේ ඒකි ස්කෝලෙ යන වෙලාවට පේන්න යන්න ඕන... අයෙමත් ඒකි ස්කොලේ අරිලා එන වෙලාවට පේන්න යන්න ඕන. ඒ ක්‍රියාවලිය හින්දම බයිසිකල් රේස් පදින්න ප්‍රැක්ටිස් පටන් ගත්තා. පාන්දර 6.30 වෙද්දි බයිසිකලෙන් අරකිට පේන්න යනව එහෙම ගිහින් ලොකු අක්කලගෙ ගෙවල් පැත්තට හරි බාප්පා කෙනෙකුගෙ ගෙදරකට හරි ගිහින් 8ට විතර ගෙදර එනව. ආයෙමත් ස්කූල් ටයිම් එකේ මයිනයි අනිත් අපතයයි මහ ගිණි අව්වෙ ටවුන් එකට.

ඔය කෙළි පැටික්කිලගෙ ගෙදර බේකරියක් තිබුනා, ඒ කෙළීගෙ පංතියෙ මයිනගෙ බාප්පගෙ පුතෙකුත් හිටියා. මයිනගෙ අපත මල්ලිත් ඒ ඉස්කෝලෙම ඒ ලෙවල් කරනව. හෙමිහිට හෙමිහිට ගිහින් ලව් සීන් එක මල්ලිගෙ කණට ගියා. මූ දවසක අර කෙල්ලව අල්ලගෙන ඒකිගෙන් අහලා
"තමුසේ අපේ අයියත් එක්ක යාළුයිනේ"
"ඔව් අයියෙ කාටවත් කියන්න එපා" කියලා මේ මී හරකි බය වෙලා.
එදා ඉඳන් අපේ මල්ලිගෙ කෑම පාර්සලේ දිනපතා පාසල් යනවා සමහර දවස්වල මාළු පාන්, කිඹුලා බනිස්, ක්‍රීම් බනිස් එහෙමත් ඉස්කෝලේ යනව. කුක්කුඩෝල් වගෙ නිතරම කතා කරන්න මීට් වෙන්න අවකාශ නැති නිසා ප්‍රේම පත්‍ර තමා ලියන්නෙ. ඔය කෙලි පැටික්කි ලියුම් ලියලා දෙන්නෙ බාප්පගෙ පුතාට, ඌ පියුන් වැඩේ කරනවට වෙනම මාළු පාන් කනව. ඒ මදිවට ඒ ලියුම මයිනගෙ මල්ලිට පෙන්නල ඌට කියලත් අරකිව බ්ලැක්මේල් කරනව. අර කෙල්ලගෙ ගෙදරින් දෙන සල්ලිත් මුන් දෙන්නා ගන්නව ඒ මදිවට කෙල්ලව බය කරනව "හිටපං අපේ අම්මව එවන්නං ගෙදරට" කියලා. ඕං ඉතිං දිනපතා මේ දුක්ගැනවිල්ල එන්න පටන් ගත්තා, එක දවසක ස්කෝලෙන් ට්‍රිප් එකක් යන එකකට දෙන්න ගෙනාපු රුපියල් 500ක් මුන් දෙන්නා අරං. මේ වැඩේ හරි යන්නෑ කියලා හිතුනු තැන ලව් එක නවත්තලා දැම්මා වෙන මොනව කරන්නද...
ලව් සීන් එක දැනගෙන කෙල්ලගෙ අයියා කෙල්ලට ගහලා තිබුනා. හැබැයි මයිනට මොකවත් කියන්න නම් ආවේ නෑ ඒ ගෙදර කවුරුවත්, ඒ ලව් එක මාස තුනකින් වගෙ ඉවර උනා. මොකද තව ටික කාලයක් ලව් එක ඇදං ගියා නම් අර අපතයො දෙන්නා කෙල්ලට කියලා ගෙදර තියෙන බඩු මුට්ටුත් හොරෙං ගෙන්න ගන්න ලයින් එකක් තිබුනෙ.
එන්නං ඈ........ තව ලව් තියෙනව ඒවත් කියන්නං එක එක.
___මයිනා___
#මයිනාගෙකතා ..66.. එළඟිතෙල් සාත්තුව....
18+ එකක් හරි පොඩිහිටියො කියවන්න එපා..
කියමනක් තියෙනව ගෑණු දහකට පෙන්නුවත් පිරිමියෙකුට පෙන්නන්න එපාය කියලා. හරි තොපි හිතන එක තමා! මොකද ඕක දැක්කොත් මොනවහරි ඇදයක්, වරදක්, කූදයක් කියනවමයි ඒක පිරිමිගතිය. අපේ සෙට් එකේ හිටපු ඇච්චො බැච්චො අතරේ නසරාණිම ඇටිකිච්චෙක් හිටියා. ඒ වෙනකොට ඕකා හිටියෙ ස්කෝලේ 9 වසරේ හැබැයි අපරාදේ කියන්න බෑ ඌට ගෑණියෙක් බඩ කරලා ළමයත් උපද්දලා වැදුං ගෙයි වැඩ ටිකත් කරලා දෙන්න තරම් දැනුම තිබුනා. ඕකා ස්කොලේ ඇරිලා ඇවිත් හවස 4 වෙද්දි දානවා සයිකලෙන් රවුමක් ඒ අපි සෙට් එක සෙට් වෙලාද බලන්න.
මුලින්ම කොටාගෙ ගෙදරට , එතනින් කටාගෙ ගෙදරට, ඊට එහා පැත්තෙ කට්ටගෙ ගෙදර, එතනින් පතයගෙ ගෙදරට ඊට පස්සෙ මයිනා සහ තඩියා සොයාගෙන..
සෙට් එකෙන් බාගයක්ම තොටගමුවෙ හාදයො ඉතිරිබාගෙ කළුපේ හාදයො. අපරාදේ කියන්න බෑ සෙට් එකම එකට එකතු උනාම ගමම පෙරලන්න පුළුවං තරං නඩේ. එකෙක් චූ කරා කියන්නෙ ඉතිරි එවුනුත් පොළිමට හිටං ටැප් එක අරිනවා... එක දවසක හවස් යාමේ ඕං ඉතිං එකෙක් රේල් පාර අයිනේ ඇරියා ටැප් එක, ඉතිරි ඈයොත් දිගටම ටැප් ඇරගෙන. අන්තිමට හිටපු එකා ගෙදරක කුස්සිය ළඟ ජුංඩා එලියෙ දාගෙන, ඒ ගෙදර ගෑණි මාළු හෝදපු පිළී වතුර එකකින් අරූව නෑව්වා ජුංඩා පෙන්නුවා කියලා. ඔන්න ඔය වගෙ ජුංඩා එළියේ දාපු වෙලාවක අපේ අර නසරාණි ඇටිකිච්චා එකෙකුට කියලා "අපෝ මොකද්ද බං ඔය අමු මිරිස් කරලක් වගෙ නේ, තෝ බැන්ද දවසක ගෑණි පිට යයි" කියලා. ඒ ගැන හිතල හිතල හිතලා......... අරුට මාර ප්‍රශ්ණයක් උනා දැං මේක පොඩි වීම. ඌ මොකද කරන්නෙ අනිත් එවුං චූ පාරක් දාන්න සෙට් වෙච්ච හැටියෙ ෂේප් එකේ රබර් ඇහැ දාලා බළනව අනිත් එවුංගෙ සයිස් එක. ඌ වැරදිලා හරි චූ පාරක් දාන්නෙ ටිකක් ඈතට වෙන්න.
ටික දවසක් යද්දි මූට මේ තත්වය ඉවස ගන්නම බැරුව ගිහින් මූ අර නසරාණි ඇටකිච්චගෙන්ම අහලා "මේක ලොකු කර ගන්න මොකද බං කරන්නෙ ඕන" කියලා. "හිටපංකෝ සෙට් එකම ඉන්න වෙලාවක අහමු මයිනයියගෙ සීයා එහෙම හොඳ වෙදෙක්ලු නේ බෙහෙත් දන්නව ඇති, ඇයි බං "ලවා" අයියා බයෝ නේ කරේ ඌත් දන්නව ඇතිනේ" කියලා දැං ඇටකිච්චා කියලා. කොහොමින් කෝමහරි එදා හවස ඉරට්ටයක් අරන් අත මැනලා අතේ ඇඟිළි ගානට අර ඉරට්ට කඩ කඩ අයින් කරලා ඉතිරි වෙන ප්‍රමාණය සමානයි #ංඩගෙ ප්‍රමාණයට කියලා සෙල්ලමක් ගියා. ඒ කතා මේ කතා මැද්දෙන් කැරකිලා ඇවිත් අවසානෙට නැවතුනේ #ංඩා ලොකු කිරිම පිළිබඳව වු මාතෘකාවකින්.

රට ඉඳි කෑම, කෝළිකුට්ටු කෑම, රට ඉඳි එළඟි තෙලෙහි බහා සතියකට පසු කෑම,.. සහ තවත් දේ කතා වෙනව. ඔය අස්සෙ අර නසරාණි ඇටකිච්චා ඇවිත් ෂේප් එකේ කිව්වා "ඕයි මයිනයියෙ මම අරූට මෙහෙම සීන් එකක් කිව්වා අරු දැං #ංඩා ලොකු කරන්න බෙහෙත් හොයනව" කියලා. හිටපිය තොට කරන්නං හොඳ වැඩක් කියලා, මයිනා කිව්වා "මම වෙද පොතක තිබිලා කියෙව්වා බං ඔය එළඟි තෙල් තියෙනව නේ. හැමදාම උදේට උදේට එළඟි තෙල් දාලා හොඳට මසාජ් කරාම ඕක ලොකු වෙනවලු. ඊට පස්සෙ රෑට නින්දට කලින් එළඟි තෙල් මේස හැන්දක් බොන්න ඕනලු. වේළිච්ච මිදි, රට ඉඳි එහෙමත් කනව නම් හොඳයිලු" කියලා. අනේ ඉතිං එදා හවසම මූ අර නසරාණි ඇටයත් එක්ක ගිහින් වෙද සාප්පුවෙන් එළඟිතෙල් කාලකුයි, රට ඉඳි වගේකුයි අරන් ඇවිත්. පොඩි එකා ඇවිත් අපිට විස්තරෙ කිව්වා. අපේ කට්ටා හිටියෙත් එළඟි තෙල් ගෙනාව එකාගෙ ගෙවල් ගාව. කට්ටට කිව්වා පොඩ්ඩක් අරුට ඇහැ ගාගෙන හිටපං කියලා.
වැඩේ හරි අරු හැමදාම උදේට එළඟි තෙල් එකත් අරන් ලැට් එකට රිංගනව. ටිකකින් අර එළඟිතෙල් එක අර වැසිකිළි කවුළුව උඩින් තියනවා කට්ටා වැඩේ මිටර් කරන් ඉඳලා. අරූගෙ අයියට කියලා "මොකද බං බොලාගෙ මල්ලි හැමදාම උදේට එළඟි තෙල් එකකුත් අරං ලැට් එකට රිංගන්නෙ, පොඩ්ඩක් බලාං" කියලා.
අනේ ඉතිං ඊළඟ දවසේ අරු ලැට් එකට රිංගුවම අයියා ෂේප් එකේ බලං ඉඳලා, ලැට් එකේ කවුළුව උඩට එළඟිතෙල් බෝතලේ ඇවිත්. අයියා ඉනිමග තියලා ලැට් එකේ කවුළුවෙන් බලද්දි අරු ෆුල් මසාජ් එකක් දෙනවලු. ආයේ මොනවද ලැට් එකෙන් එළියට ඇදලා අරන් දීලා ඇරලා කන වහලා 2ක්. එදා ඉඳලා ඌගෙ නම "#ඩ තෙලා" උනා. වැඩේ ඉතිං නෝන්ඩි වෙලා ගිහින් අහල ගම් 7ක්ම දැන ගත්තා මුගෙ නම. හිටි ගමන් පොඩි කොල්ලො මූට ඔය නම කියලා පැනලා දුවනව මූ ඉතිං අතට අහු වෙච්ච එකකින් කෙළලා අරිනව තැන නොතැන බලන්නැතුව. දෙපාරකට ඔළු පැලුවා කොල්ලො දෙන්නෙක්ගෙ මූ ගල්වලින් ගහලා. හොඳ කුණුහරුප ටිකක් එහෙම අහගන්න ඕන උනාම අපේ තඩියා අහනව අරුගෙන් "එළඟි තෙල් වගයක් තියෙනව දෙන්නද බං" කියලා. අනේ ඉතිං අරු කියල දෙනව එළඟි තෙල් දාන්න ඕන තැනයි ගාන්න ඕන තැනයි ඔක්කොම අඩුවක් නැතුව.
"#ඩ තෙලා" 2004 සුනාමියෙන් මිය ගියා, ඌ ගැනත් මතක ගොන්නක් මයිනගෙ හිතේ තවම තියෙනවා ...
____මයිනා____
මයිනාගෙ කතා ...65... හොරා කෑම - 2
මළ ගෙදරක නයිටක් ගහනව කියන්නෙ වෙනම ආතල් එකක් බව ඒ ආතල් එක ගනිපු එවුන් දන්නව නෙ. මයිනගෙ ගැන්සිය ඉතිං මළගෙවල්වල දානේ ගෙවල්වල නයිට් ගහන්න මාර කැමතියි ඒකට එකම හේතුව හොර කුරුම්බා කෑම සහ වෙනත් මදාවි වැඩ. ඕං ඔහොම එක මළ ගෙදරක නයිටක් අදින්න ගියපු දවසක පාන්දර දෙකට විතර උණු උණු පාන් කෑමේ උවමනාවක් ආපු අපත නඩේ කිට්ටුව පාත තිබුණු බේකරියකට සේනදු උනා. මයිනා ඇතුළු පිරිස පාන් කෑමට යන බව අහපු තව සෙට් එකක් පාන් ගන්න යන්න සෙට් උනා. "අපි ගිහිල්ලා ආවට පස්සෙ උඹලා පලයල්ලා" කියලා අපේ සෙට් එක මුළින් ගියා. ගියපු අපත සෙට් එකෙන් මයිනයි, තඩියයි, කටයි, තව එකෙකුයි බේකරියට ගියා අනිත් උන්ට එළියෙ ඉඳපල්ලා අපි පාන් අරන් එන්නං කියලා. ඕං ඉතිං ඔය බේකරිය තිබුණු ගෙදරට ගියාම බේකරියෙ පොර.
"මොකෝ මද්දු අයියගෙ පුතා රෑ වෙලා"
"මළ ගෙදර පැත්තට ආවා මාමේ, උණු පාං කමු කිව්වා කට්ටියම ඒක නිසා ආවා"
"පාන් නිකං කෑවෑකිය පුතේ"
"දන්නැද්ද ඉතිං ආතල් එකට වගෙ"
"ඉන්නවකො එහෙනං ටිකක්" අනේ ඉතිං බේකරිය මාමා ගේ ඇතුළට ගිහින් රෑට උයල ඉතිරි වෙච්ච පරිප්පු හට්ටියකුයි කරවල බැඳුං දීසියකුයි ගෙනත් දුන්නා. හතර දෙනා එක්ක පරිප්පුයි කරවළ බැදුනුයි කාලා, තව පාන් ගෙඩි දෙකකුත් අරන් ආවා. උදේට හදන්න තියෙන මාළු පාන්වල කරි එකත් හදලා වෙනම හට්ටියක තිබුනා, මයිනා ඒක දැක්කට ඒ ගැන එතරං අවදානයක් ගත්තෙ නෑ. පාන් දෙකත් අරං මයිනයි සෙට් එකයි ආවා, අනිත් අපත සෙට් එක බේකරියෙන් එළියෙ ඉඳලා මයිනලත් එක්ක ආවා. මළ ගෙදර ඉඳපු අනිත් ගැන්සිය බේකරිය ඇතුලට ගියා.

එළියට වෙලා හිටපු මයිනගෙ සෙට් එකේ එවුන් දැං බර බරෙ
"මොකද වහෙ මෙච්චර වෙලා කරෙ"
"අපි බං පාන් කාලම ආවා තොපි කාපං මේ පාන් ගෙඩි දෙක"
"නිකං පාන් කන්න පුළුවන්ද බං"
කටා:- කරි අරං ආවේ බොළාටත්
කටා එහෙම කිව්වාම කල්පනා කරා අපි අර පරිප්පු එකයි කරවළ බැදුං ටිකයි ඔක්කොම කෑවනේ.
කටා අර අරං ආපු පාං ගෙඩි දෙකෙන් එකක් කඩා ගනිල්ලා කියලා දිලා ඌ අතේ තිබ්බ පාන් එක කැඩුවා. මෙන්න බැළුවාම මු අපේ ඇස්වහලා අර මාළු පාන් කරි එකෙන් කොටසක් පාං ගෙඩියක මැද්දට දාගෙන ඇවිත්. ඕං ඉතිං මයිනටයි තඩියටයි මළ පැන්නා, අර මුනුස්සයා අච්චර හරියක් කරලත් මූ කරපු වැඩේට. අනිත් කාළකණ්නිත් මාළු පාන් කරි එක්ක පාං කෑවා. අනිත් ගැන්සියෙ එවුනුත් ආවා බේකරි ගිහිල්ලා, ඊට පැය බාගෙකට පස්සෙ බේකරියෙ මාමා කිතුල් පොල්ලකුත් උස්සං මළ ගෙදරට. දැං මාමා අනිත් ගැන්සියෙ එවුංව හොයනව මාළු පාන් කරි එක ඉස්සුවා කියලා. අනේ ඉතිං මාමා ළඟට ගිහින් මාමත් එක්කම අරුන්ට බැනලා බොහොම අමාරුවෙන් මාමව හරවලා යවලා කටාව පැත්තකට එක්ක ගිහින් කනේ පාරක් දුන්නා. අපිටත් පුදුමයි මූ කොහොමද අපෙත් ඇස් වහලා මාළු පාන් කරි එක ඉස්සුවේ කියලා. වලත්ත කටා පාන් ගෙඩියක මැද්ද අතින් ඔබලා ඒකට අර කරිය පුරවන් ඇවිල්ලා. මූ මරන්න එපැයි ඉතිං තව ටිකෙන් පොළු පාරක් කන්නයි වෙන්නෙ.
අපේ තඩියා රෑ ගමන්වලට වැඩිපුර ඇන්දෙම සරමක්, සමහර දවසක මූ මගක් දුරදි මුගෙ ජොකා පන්නලා සරම අස්සෙම ගහ ගන්නව තවත් සමහර දවසක මූ ජොකා අඳින්නෙම නෑ. ඕං ඔහොම දවසක රෑ මියුෂිකල් ෂෝ එකකට ගිහින් ආයෙමත් එනව, වෙලාව පාන්දර තුනාහමාර වගෙ ඇති. තොටගමුවේ හංදියෙන් හැරිලා ටිකක් දුර එද්දි බේකරියක් තියෙනව පාර අයිනෙම, කට්ටියම බේකරියට රිංගුවා. අපේ තඩියත් එදා අතරමගදි ජොකා ගළවගෙන හිටපු දවසක්, මු ඇඳගෙන හිටියෙත් නයිලෝන් සරමක්. බේකරියට යද්දි රෝස්පාන් පෝරොණුවෙන් එළියට ගන්නව උණු උණුවෙම. කට්ටියම බේකරියට පැනලා කෑම ජාති ගන්නව. අපේ තඩියා බේකරිය ඇතුළට ආව වේගෙන්ම ආයෙමත් එළියට ආවා. බැළුවාම මූ සරමත් කැහැපොට ගාගෙන උඩ පැන පැන වගෙ ඉන්නෙ "හිටපං තඩියො ඔහොම" කියාගෙන මයිනත් බනිස් වගෙකුත් අරං එළියට ආවා. "අඩේ මයිනා ඉක්මනට යමං බං" කියලා තඩියා ගමන් වේගය ඩබල් කරගෙන යනව, මයිනත් තඩියගෙ පස්සෙන් දුවගෙන යනව.
මයිනා හිතුවා මුට බොකක්වත් සෙට් වෙලාද කියලා. ටිකක් දුර ආවම තඩියා ලයිට් කණුවක් යට නැවතිලා මේ ටික ගනිං හු#තො ඉක්මනට කියලා සරම කැහැපොටේ දිග ඇරියා. මේ වල් වේසාව අර බේකරියෙ පෝරණුවෙන් බාපු ගමන් රෝස් පාන් 5ක් 6යක් සරං පල්ලෙ දාගෙන. නයිලොන් සරමට අර රෝස් පාං අයිනක් උණු වෙලා ජුංඩගෙ ඇලිලා............ පහුවදා උදේ තමා දැක්කෙ මුගෙ ජුංඩා මහ බ්‍රහ්මයා වගෙ වෙලා එක පැත්තක දිය පට්ටෙකුත් ඇවිත්. සතියක් විතර ජොකා නැතුව තමා තඩියා ගමන් බිමන් ගියෙ. ඕං ඔහොම සරම ඇඳන් ජොකා නැතුව එන වෙලාවක මුගෙ ලොකු නැන්දගෙ දුව මගදි හම්බවෙලා ඒකිත් බයිසිකලෙ පොල්ලෙ ඉන්දගෙන පැදං ඇවිත්. ඇවිත් තිබුනෙත් තඩියලගෙ ගෙදරටමයි, අක්කා බයිසිකලෙන් බැහැලා මූට කිව්වලු "තොට අක්කා අඳුරගන්න බැරි තරමටම මදනයා ගහලා දැං නේද" කියලා. අරූ අලි පැටිය වගෙ සිට් එකට වඩා ප්‍රමාණයක් එළියෙ, බයිසිකලේ පැදං එද්දි ආර්.පි.ජී. එක පයර් වෙලා අක්කගෙ පිටෙ වැදි වැදි ඇවිත් තියෙන්නෙ.
එන්නං ඈ........ තව හොරා කෑං තියේ කියන්න බෑ..
___මයිනා___
මයිනාගෙකතා.... 63 ... පිටගංකාරයා
ඕං ඉතිං එකමත් එක කාලෙක එකමත් එක ගමකට එකමත් එක පිටගංකාරයෙක් ගියාලු. පිටගංවල එවුං ගියාම ඒ ගංවල එවුන්ට පොඩි පහෙ කැසිල්ලක් එනව නේ, ආං එහෙම කැසිල්ලක් ආපු එවුන් පිටගංකාරයට රවනව ඔරවනව සහ එක එක වැඩ. එහෙම වෙන්න එක හේතුවක් උනේ ගමේ නෑම්බියො ටිකත් පිටගමාට කටපුරා සිනාසි ඇඟෑලුම් පෑම. ඒ ගමේ එක මායිමක තිබුනෙ රක්ෂිත වනයක්, ගමේ හිටපු සියළුම පිරිමි පරාණ බුළත්විටක් එහෙම හපාගෙන හේනක් කුඹුරක් කරාන හිටපු ඈයෝ. සමහර ඇයෝ රබර් කිරි කැපිම, දළු කැඩිම වගෙ දේවල් කරා. සිදාදියෙන් ආවැයි කිව්ව පිටගංකාරයා අර ගමේ හිටපු ගොබිළංගෙන් පැහැදිළිව වෙන්කර හඳුනා ගැනිමෙ ලක්ෂණ තිබුනා. ඒ හාදයගෙ පෙනුමත් ටිකක් ආරක්ෂක අංශ සමාජිකයෙකුගෙ වගෙ හිංදා ගමේ එවුං රැව්වට එරෙව්වට ටිකක් බයකුත් තිබුනා.

ඕං ඔය පිටංගංකාර හාදයා ගිහින් නැවතිලා හිටපු තැන තිබ්බෙ අක්කර ගානක වතුයායක්, ඒ වත්ත පුරා යම් ප්‍රමාණයකට තේ සහ ගම්මිරිසුත් වෙනත් භව බෝග සහ පළතුරුත් තිබුනා. වත්තෙන් ආදායමක් බළාපොරොත්තු නොවුනු වත්ත අයිතිකාර තැන මාස කිහිපයකට සැරයක් ඇවිත් ගියා පමණයි. ඒ තැනැත්තා පිට රටක හිටපු හින්දා එතුමගෙ යාළු ෆිට් එකක් තමයි මාසෙකට සැරයක් වත්තට විසිට් දැම්මෙ. ඒ යාළුෆිට් පොරත් ඉතිං ඇවිත් දවසක් දෙකක් ඉඳලා බෝර 12 තුවක්කුවකින් රිළවෙකුට, වල් ඌරෙකුට එහෙම වෙඩි තියලා පොඩි සාජ්ජයක් එහෙම දාලා තමා යන්නෙ.
ඊට ඉස්සර සමහර ගමේ හාදයො ඔය වත්තෙ තිබුනු බව බෝග හොරෙන් සහ බළෙන් කියන දෙයාකාරයෙන්ම අරං ගිහිං තියෙනව. ඒ ඉඩම දැන් ගනිපු කෙනාට ඉඩම විකිණිනිමට හේතු වෙච්ච කාරණාවත් ඒකමයි.ඉඩම අරගෙන ඒ ඉඩම වටේ වැටවල් එහෙම පිළිසකර කරවලා සුද්ද පවිත්‍ර කරවලා තමා පිටගංකාරයා ඇතුළු පිරිසකට ගිහිං ඉඳපල්ලා කියලා කිව්වෙ. ලැබුනු පළවෙනිම අවවාදය තමා ගමේ එවුං එක්ක ආරවුල් හදා ගන්න එපා කියන එක. පිටගංකාරයා ඇතුළු පිරිසකටම පළයල්ලා කිව්වට අනිත් එවුන් එනකං පිටගංකාරයට තනියම තමා ඉන්න උනේ. මුළින්ම පිටගමා එක්ක සෙට් උනේ ගමේ කඩේ මුදලාලි, ඊට පස්සෙ වත්තෙ වැඩට ස්ථීර ලෙසම ආපු දෙමළ මනුස්සයා බාළන්. බාළන්ට ඒ ගම ගැන හොඳ අවබෝධයක් තිබුනා සහ හැම එකා ගැනම බාළන් දන්නව. බාළන් ඉතිං ඔය හන්දි ගානේ බෝක්කු පාළං ගානේ ඉන්න එවුං ගැනත්, ගමේ චන්ඩිපාට් දාන එවුං ගැනත් ඇත්තටම චන්ඩි කවුද කියන එකත් නොන්ඩි ගැනත් කියල දීලා තිබුනෙ.
පිටංගංකාරයා කඩේට ගියාම කඩේ මුදලාළි ඉතිං බඩු ටික එහෙම දීලා ඉක්මනට එවනවා වගෙ ගරු සැලකිළි තිබුනා. එක දවසක් පිටගං කඩෙන් එළියට බහිද්දි එකෙක් ඇවිත් බලෙන්ම ඇඟේ හැපිලා "ඇස් පේන්නැද්ද ඕයි" කියලා පොඩි සද්දෙකුත් දැම්මා. අනේ ඉතිං පිටගමා "සොරි" කියලා බොහොම නිහතමානිව කියලා පාඩුවේ ආවා. මේවා පිට ගම් නෙව නිකං ප්‍රශ්ණ හදා ගන්න උවමනාවක් නෑ කියලා හිතං ආවා. ඒ වෙලාවේ ඇඟේ හැපිලා තියෙන් චන්ඩි පාර්ට් එකේ ඉන්න නොන්ඩි පොරක්, ඒක දැන ගත්තෙ බාළන්ගෙන්. "අපරාදේ මහත්තයට තිබ්බෙ දෙන්ඩ එකක් කණ පැළෙන්න" කියලා තමයි බාලා කිව්වේ.
ඊට දවස් දෙකකට විතර පස්සෙ සෙනසුරාදා දවසක පිටගමා සුපුරුදු පරිදි උදේ කඩේට ගියා. ඔය කඩේ ඉස්සරහම තමයි ගම හරහා යන එකම බස් එකත් නැවැත්තුවෙ. උදේ 10ට විතර වගෙ වෙලාව පිටගමා බඩුත් අරං කඩෙන් එළියට බහිද්දි එකේ ඇවිත් හැපුනා ඇඟෙ, කවදා කොහෙන් කොහොම ආපු ශක්තියක්ද? කේන්තියක්ද කියන කාරනව මතක නැත. දීලා ඇරියා එක කං අඩියට අරු කණත් බදං බිම ඉඳ ගත්තා. ඉස්සරහට එකම එකයි ආවේ ඌට එකම එක පාරක් ගැහුව්වා පයිං ඌ ආගිය අතක් නැත. ඇඟිල්ලකුත් කෙලින් කරන් දැම්මා සද්දයක් "මතක තියා ගනියව් මම බෙන්තර පාළමෙන් එහා පැත්තෙ #@යෙක් පඩ ෂෝ දාන්න අවොත් එකාට එකාට #කවලා ගන්නෙ" කියලා. කඩේ මුදලාළිට පට්ට හැපි ඉතිං.

බාළන්ට ආරංචි වෙලා එකෙකුට ගැහුව්වා කියලා බාළා කඩේ පැත්තෙන් විස්තරත් හොයාගෙන දුවගෙන ආවා.
"මහත්තය මොකටද අරුට ගැහුව්වෙ, ඕකා මහ වසවර්තියා ජයරත්න කියන්නෙ ඕකට තමා"
හුටා පිටගමා හිතුවෙ කලිං දවසෙ වගෙ තවත් පඟර නැට්ටෙක් කියලා, බැලින්නං ගහලා තියෙන්නෙ ගමේ චංඩියට. ඕකා සත්තු මරණ එකයි වතුවල බවබෝග හොරෙන් බලෙන් ගන්නන එකයි තමා කරේ. දැං ඉතිං ගැහුව්වට පස්සෙ බය පෙන්නන්නයෑ.
"බය නැතුව ඉන්නව බාළා මං බළා ගන්නං මොකා ආවත්" කියලා වීරයා උනාට මොකද දැං ඉතිං හිතට ෆුල් අප්සෙට් සමග බයකුත් ආවා. ඔය ජයරත්න කියන එකාට අයියලා මල්ලිලා පස් දෙනෙක් උං ඔක්කොම නාහයට අහන්නෙ නැති නසරාණි. පිටගමා එතන ටිකක් එහා තියෙන ටී ස්ටේට් එකට ගිහං ලොක්කගෙ යාළු ෆිට් එකට කෝල් එකක් දාලා කිව්වා "මෙහෙම සීන් එකක් උනා, තනියම ඉන්න බයයි අනිත් අපත රැල එවන්න" කියලා.යාළු ෆිට් බුවත් කිව්වා "හිටාං හෙට කොල්ලො ටික එක්ක මමත් එනවා" කියලා.
එදා රෑ 11ට විතර ජයරත්නයගෙ මල්ලිලා දෙන්නෙක් වෙරි වෙලා ආවා පිටගමාට සද්දයක් දාන්න. පිටගමත් ඉස්සරහ පැත්තෙ ලයිට් එක දාලා පිටි පස්සෙ දොරෙන් එළියට ආවා අරුන් දෙන්නව කවර් වෙන විදියට.එද්දි ගේ ඇතුලේ තිබිච්ච රම්බො පිහියකුත් ඉනේ ගහගෙන ආවා. අරුන් දෙන්නා ලයිට් එළිය යට පිටගමා කළුවර තැනක ඉඳං බැලුවා අරුන් දෙන්නා අතේ ආයුධ මොනවත් නෑ. පිටගමා අරුන් දෙන්නට පිටිපස්සෙන් ඇවිත් හිට ගත්තා "මොකද තමුසෙලා මේ මහ රෑ"
"මේ මහත්තය උඹ දැන ගනිං මේවා අපේ ගම් හරිද පිටිං ආවා නම් පිට විදියට හිටපං"
"පිට ගං කොහෙද වහෙ පිටගං තියෙන්නෙ මේ ලංකාවේ කොහෙත් එකයි, කණ පලා ගන්නෙ නැතුව ආපු අතක් බලාගෙන පළයව්"
"උඹ පරිසම් වෙලා ඉඳපං"
"තොගෙ අම්මට #@න්න මට මොනව කරන්නද බොළ තොපි"
ගත්තා ඇදලා පිහිය පිහි මිටෙන් ගැහුව්වා ඔළුවට එකෙකුගෙ, අනිත් එකා පැනලා දුවන්න හදපු පාර බිමත් වැටිලා දණිස් දෙකත් දෙරි ගහගෙන ගියා. පිහි මිටෙන් ගහපු එකාගෙ බෙල්ලට පිහිය තියලා කිව්වා "තෝ මෙතන කපනව දැන ගනිං වල් බල්ලා" කියලා. අනේ ඉතිං ඌගෙ වෙරිත් හිඳිලා පැනලා දිව්වා. ඊළඟ දවසේ දවල් එකට විතර අපත රෑළ ආවා යාළුෆිට් බුවා සමග. ඊටත් පැයකට විතර පස්සෙ ආදාළ පොලිස් වසමෙ ජිප් එකක් පුරවලා නිලධාරී මහත්වරු සෙට් එකකුත් ආවා. එක එක කතා සතුටු සාමිචි අස්සෙන් රට බ්‍රෑන්ඩ් වලින් බෝතල් 2ක 3කුත් ඉවර උනා. ඊට පස්සෙ ඉතිං චන්ඩියා ආරූඩ උනු මහත්වරු "යමං කොල්ලො උඹට පාට් දාන එකා බලන්න" කියාපි.පිටගමා අපත රෑන සමග නිළධාරි සෙට් එකම ජයරත්නයගෙ ගෙදරට. පිටගමාගෙ ගැම්ම කොහොමද කිව්වොත් ඕ.අයි.සි. වගෙ තමා ගියෙ. යද්දි ඉතිං ජයරත්නය නැත, රෑ ආපු මල්ලිලා දෙන්නා ඇත. පොළිසියෙන් කතා කරලා අරුන් දෙන්නට දුන්නා කනේ පාර ගානේ. අපත රැලේ හිටි වළස්මුල්ලෙ එකෙක් දුන්නා තව කනේපාර ගානේ, ඊට පස්සෙ කොහොමද ගැම්ම!
එදායින් පස්සෙ ගමම බයයි සහ දුටු තැන බලෙන් හො කතාව. අපත රැලේ තුන් දෙනෙකුත් නැවතුනා පිටගමා එක්ක. ගමේ කැකුළියො ටික සිනහ පපා කොමළ වෙලා ඇඹරිලා කැරකිලා තමා හිටියෙ. ගමේ කොල්ලො ටිකත් එකා එකා සෙට් උනා, බුළත් හප හප හිටපු එවුන් දෙතුන් දෙනෙකුගෙ බුළත් කෑමත් නවත්තල දැම්මා.කොළඹත් එක්ක ඇවිත් මාළබේ ස්කීම් එකෙත් ඉඳලා උන් කොළඹ ආතල් එකත් අරන් දුන්නා. දෙන්නෙකුට කොළඹ ගාර්මන්ට් එකක ජොබ් සෙට් කරලා නවාතැන් එහෙමත් හදලා දුන්නා. ජයරත්නලා ඌගෙ අයියලා - මල්ලිලා එහෙම පැත්ත පළාතක ආවේ නෑ ඊට පස්සෙ. හැබැයි ඉතිං අපේ කාකි යුනිෆෝම් සෙට් එක වදයක් උනා, හිටි ගමං බොතල් උස්සං එනව තුන් හතර දෙනා. එහෙම ආවම බයිට් හදන්නයි අරවයි මේවයි, එකෙක් හිටියා චමියා කියලා අන්තිමේ ඌ පොලිසියට බයිට් හදන කුක්ම උනා. අනික ඒ ගෙදර ලොකු වළව්වක් වගෙ සුද්දන්ගෙ කාලේ හදපු ගෙයක්, ලස්සනට හොටෙල් එකක් වගෙ තියං හිටියෙ. කාකි සූට් හිටි ගමන් ගෑණු පරාණත් උස්සං එන්න පටන් ගත්තා. ඕං ඉතිං ඒ පාර පිටගමා මාස 2ක 3කින් එන්න ආවා මොකද එක තැනක ඉන්න බැරි පණු අමාරුවක් තියෙනවනෙ ඒකයි. පහු කාලෙක අනිත් අපතයනුත් ඔය ගම්පලාතෙන් යන්න ගිහින් තිබුනා. බොහො කාලෙකට පස්සෙ යාලු ෆිට් බුවයි, අපේ ලොක්කයි, අපේ එදා සෙට් එකේ කිහිප දෙනෙකුයි එකතු වෙලා පොඩි සාදයක ඉන්දැද්දි යාළු ෆිට් බුවා කිව්වා.
" මූ නම් මාර බඩුව පනීයා අර ගමත් එක්කත් ගේම ඉල්ලලා තනියෙංම හිටියා අර වත්තේ"
අපේ ලොක්කා.- "එහෙම තමයි දකුණෙ කොල්ලන්ගෙ හයිය.."
පිටගමා :- "පිස්සුද සර් මම එදා ඌට ගැහුව්වෙ ජයරතන්යා කියලා දන්නෙ නැතුව, ගැහුව්වට පස්සෙ මොනව කරන්නද ඉතිං."
යාලු ෆිට් :- "මම හිතං හිටියෙ මෙච්චර කල් තෝ පට්ට වැඩර් කියලා."
පිටගමා :- "මොන වැඩර්ද සර්, අරූගෙ මල්ලිලා දෙන්නට ගැහුව්වට පස්සෙ මං නිදා ගත්තෙත් ගාලේ තිබුනු කාමරේ..."
එන්නං ඈ.... බොලා කුප්ප කතා කියනව එහෙම නොවෙයි.
___මයිනා___
#මයිනාගෙකතා... 64.... හොරා කෑම - 1
සාමාන්‍යයෙන් අපි හැම එකාම හොරා කනව නෙව, ගෑණු පිරිමි බේදයක් නැතුවම. හොරා කෑමත් විවිධ අංශ කරා විහිදි පැතිරි තියෙනව. රටේ පාළකයගෙ ඉඳලා ගමේ ග්‍රාමසේවකට යනකම්ම හොරා කනව. සමහර කෙල්ලො ඉන්නව නෙව ලුනු එකේ ඇඟිල්ල දාලා හරි හොරෙන් දිවෙ ගාගන්න. තව තව එක එක හොරා කෑම් තියෙනව, මේ කියන්න යන්නෙත් එහෙම හොරාකෑම් කිහිපයක් ගැන.
සමහර දවසක හැන්දෑවෙ මළගෙවල් වල නයිට අදිද්දි වටේ පිටේ වතුවල තියෙන පොල් ගස් වලට තමා බබා ලැබෙන්නෙ. ඔන්න ඔහොම එක දවසක මළ ගෙදරක ගිහිං හොර කුරුම්බා කෑමකට සෙට් උනා. කට්ටිය 12ක් හො 13ක් හිටියා, ඉස්සර මළ ගෙවල් සහ රෑ ගමන් වැඩි නිසාම මයිනා පිට කොටුවෙ කෑල්ල 20යි ගොඩෙන් ගෙනාපු පෙන්ටෝර්ච් එකක් ළඟ තියන් හිටියෙ. සෙට් එකම පාර දිගෙ ඇවිත් මළ ගෙදරට කිලෝ මිටරයකට විතර එහා තිබුණු ටිකක් ලොකු වත්තකට පැන්නා. ඒ වත්තෙ ගෙදරටම කිට්ටුව තිබුණු පැළ ගහකට තමා ගේම දෙන්න හදන්නෙ. ඒ ගහෙ උස අඩි අටක් විතර, ගහට නගින්න උවමනාවක් නෑ එකෙක්ගෙ කර උඩට තව එකෙක් නැග්ගා නම් ගෙඩි කඩන්න පුළුවන්. ඇඟපත සමග සවි ශක්තිය තිබුනු තඩියගෙ උඩට කැහැටුවට හිටි කට්ටව නැග්ගුවා. තඩියගෙ කර උඩ ඉඳං කට්ටා ගෙඩිය ගෙඩිය කඩලා තඩියගෙ අතට දෙනව තඩියගෙ අතිං මයිනා අරං හෙමහිට බිමින් තියනව. තඩියා සැරින් සැරෙට "අඩෝ පට්ට ගඳයි බං" කියනව. මයිනා පෙන් ටෝර්ච් එක ගහලා බැළුවා බළු ගූ තැම්බක් චොරොස් වෙලා තියෙනව. කෝකටත් කියලා කට්ටගෙ කකුළට ගහලා බැළුවා හුටා මූ තැම්බ පාගගෙන තමා තඩියගෙ කරට නැගලා තියෙන්නෙ.
"හුටා තඩියො මුගෙ කකුලේ බං බළු ගූ" කිව්වා විතරයි තඩියා "මුගෙ ආච්චිට හාල් ගරන්න" එපැයි කියලා පැත්තකට පැන්නා. කට්ටා එල්ලුනා පොල් අත්තක අනේ ඉතිං අත්තත් ගලවං කට්ටං දඩෝ ගාලා බිමට. "@#තක් කරනවනෙ @රි තඩියා" කියලා අරු දාපි සද්දයක්. ලයිට් වැටුනා ගේ හතර වටේම, මයිනා පැනලා දිව්වා. ඒ අනුගමනය කරපු අනිත් එවුනුත් දිව්වා ගෙදර එකා ඇවිත් රීප්ප පටි පාරක් දුන්නම තමයි අරුන් දෙන්නට දුවන්න මතක් උනේ. තඩියව අඳුර ගත්තා කට්ටව හරියට දැක්කෙ නෑ. තඩියා ඇඳං හිටපු ටී සර්ට් එකේ බළු ගූ චොරොස්, මහ රෑ දොළහට තඩියා ලක්ස් කැටයක් ඉවර වෙනකං නෑවා. අර ගෙදර එකා පොල්ලක් අරන් මළ ගෙදරටත් ඇවිත් කුරුම්බා කඩපු එවුන් හොයලා. යංතං බේරුනා හොයාගෙන ගෙවල්වලට නාපු නිසා.
ඉස්සර මයිනා සහ අපත පිරිසට තිබුනා අවළං පුරුද්දක්, හැන්දෑවට ආප්ප කෑම. කට්ටියම සල්ලි එකතු කරලා හො සමහරවිටක තනි ධන පරිත්‍යාගයෙන් හො මේ ආප්ප කෙළිය ඇදන් ගියා. සමහර දවසක ඉතිං ආප්ප කන්න මුහුදේ තිබුනු කොරල් පර ටිකත් ගලවලා ගෝණි කරලා විකුණුවා. අපරාදේ කියන්න බෑ සිනීගම, වැරැල්ලානෙ, තොටගමුවෙ හාදයන්ට සුනාමිය ඇවිල්ලයි කොරල් පර කඩන එකේ ආදීනව කියලා දුන්නෙ. ඕං ඔහොම එක දවසක මස්තෙ ගහලා අතේ පිච්චිය නැතුව වේළි වේලි ඉන්න දවසක කටා කතා කරා වරෙල්ලා ආප්ප කන්න යන්න කියලා. කටාගෙ අම්මා හිටියෙ රට ඒක නිසා කටාගෙ ළඟ සල්ලි තිබුනා. කට්ටියම දැන් ගාළු පාර දිගෙ ඇවිදගෙන එනව වැල්ලවත්තෙ අරක්කු චන්දරේ මාමාගෙ කඩේ මුලින්ම අහුවෙන්නෙ. කටා දිගටම යනව, ඊළඟට ගාමිණි අයියගෙ කඩේ ඒත් කටා දිගටම යනව. "කොහෙද බං යන්නෙ ගමිණි අයියගෙ කඩේට යමං" "වරෙං බං ලුමබිණියෙන් කමු" කියාගෙන කටා යනව ඒ පස්සෙන් අපිත් යනව. මේ කඩ දෙකටම නිතරම යනව සහ කඩදෙකේම එවුං අපේ ගෙවලුත් දන්නව. අපිටත් අවුල් මූ මොකද අද ලුම්බිණි යන්නෙ කියලා.
මූ ලුම්බිණියෙ හෝටලේ ළඟට කිට්ටු වෙලා කියාපි "උඹලා අප්ප අරං කාපල්ලා අවුළක් නෑ හැබැයි මම වෙන මේෂෙක ඉඳන් කන්නෙ, බිල මම ගෙවන්නං උඹලා කාපල්ලා හරිද" කියලා. අපිට මොකෑ තෝ බිළ ගෙවනවනං කියලා හිතං කට්ටියම ලුම්බිණියට රිංගලා ආප්ප කනව. ඔය ලුම්බිණියෙ වැඩ කරන මිනිස්සුයි අයිතිකාරයයි මයිනගෙ අප්පගෙ බොක්කෙ ෆිට් බූවාලා, එතනින් මෙහා පැත්තෙ අබේවීර ස්ටෝර්ස් එක. අබේවීර එකේ ඉන්නෙත් මයිනගෙ තාත්තගෙ ළඟම හිතවත් අය, හික්කඩුවෙ සිකරට් ඒජන්සිය කරේ එයාලා. අබේවීර ස්ටෝර්ස් එක ඉස්සරහ පැත්තෙ චන්දන ෆාර්මසිය ඒකත් එහෙමයි. ඔය හරියෙ පාරෙන් ගියත් කඩේකට ගොඩ උනත් තාත්තට නිව්ස් එක යනව. ඒක නිසා මයිනා ඔය හරියෙන් ගියත් බොහොම පරිසමින් තමා ගමන් ගත්තෙ. කට්ටියම ආප්ප කනව දෙයියනේ කියලා දන්සැලක් කනව වගෙ. සෙට් එකම ආප්ප කාලා ඉඟුරු ප්ලෙන්ටියක් එහෙම බොනව, කටා කිව්වා "උඹලා ප්ලෙන්ටිය බීලා ඉස්සරහට පලයල්ලා මම එන්නං" කියලා.

කට්ටියම කාලා බීලා කඩෙන් එළියට බැහැලා ආවා, කඩේ ඉස්සරහ තැග් ගැහෙන්නයෑ කියලා ගාළු පාර දිගෙ ඉස්සරහට ඇවිදගෙන එනව. එන ගමන් අබේවීර ස්ටෝර් එකේ තට්ටෙ අයියටත් අයියෙ කියාගෙන හිනාවකුත් දාගෙනම ආවා. ඒ වෙද්දි වෙලාව හවස හයාමාරට විතර ඇති. මෙන්න බොළං කටා දුවගෙන එනව "දුවපල්ලා" කියාගෙන. මූ ගිය තැන කෑමක් සහ නෑමක් නිසා හැමෝම පුළු පුළුවන් විදියට දුවගත්තා ආප්ප දිරවන්නත් එක්කම. මහපාරෙන් රේල්පාරෙන් අර පැත්තෙන් මේ පැත්තෙන් දුවල දුවල කට්ටියම එකතු උනා සුපුරුදු අපත පොට් එකට.
තඩියා:- මොකෝ වහෙ උනේ
කටා:- බොලා කාපුවට බිල ගෙව්වෙ නෑනේ බං කඩේ එවුං වළිය දැම්මා
කට්ටා:- @රි වැඩ කරන්න එපා වහෙ, දැං ඒ පැත්තකටවත් යන්න බෑ නේ.
සුද්දා:- ගහා #කයගෙ කණ පොඩි වෙන්න.
කට්ටියම කටාට වළිය මයිනට පට්ට බයයි යකෝ හෙට උදේ තාත්තට ඔය කඩේක එකෙක් කිව්වා කියන්නෙ ඩබල් පෝරියල් නෙ. මයිනා කටාව බෙල්ලෙන් අල්ලා තල්ලු කරල දාලා තඩියයි සුද්දයි එක්ක ගෙදර දිහාවට ආවා. එදිදි පිය රජානෝ ශාන්ති එක්ක තනිවෙලා සිරස බලනව. ෂේප් එකේ තාත්තව එළියට එක්ක ඇවිත් සුද්දයි, තඩියයි එක්ක තාත්තට කිව්වා විස්තරෙ.
"තෝ වල් බල්ලා මට පාරේ බහින්නත් නැති කරපිය, දැං අම්මට ඇහුනනං බලාගනිය තොට කරන දේ"
"අම්මට ඇහෙන්නැති වෙන්න නේ ඉතිං ඔයාට කිව්වෙ"
"මං උදේට ගිහින් බලන්නං" කියල ඉතිං පිය රජානෝ කොන්තරාත්තුව බාර ගත්තා.
පහුවදා උදේ තාත්තා තඩියයි, සුද්දයි එක්ක ගිහින් පෙරදා වෙච්ච වරද උනේ මෙහෙමයි කියලා කියලා රුපියල් දෙසිය ගානක බිලකුත් ගෙවල ඇවිත් තිබුණා. කටාව දැක්කම නම් තාත්තට මළ පැනලා "තෝ උස්සලා ගහනව පොළවේ වල් බල්ලා" කියලා තිබුනා. ඊට පස්සෙ කටා එක්ක ආප්ප කන්න ගියේ බොහොම පරිසමින්.
එන්නං එහෙනං ඈ.... හොරෙං කාලා දුවපල්ලා ඒකත් පට්ට්
___මයිනා___
මයිනාගෙ කතා... 62 ... ආදර කතා.. කුක්කුඩෝල් -3
ඔන්න ඔහොම පටං ගත්ත ආදර කතාව බාධක මැද්දෙන් හැපි හැපි පෙරළි පෙරළි ඉදිරියටම ඇදෙනව. ඒ දවස්වල දිනපොත ලිවිමේ කලාවක් තිබුන නෙව, මයිනත් ඉතිං එහෙම එහෙක අකුරු කෙටුව. මයිනගෙ පුරුද්දක් තිබුනා ඔය දිනපොතේ හැමදවසකම නිසඳැසක් කවියක් කොටන. අනික ඔය පිටුවක් පිටුවක් ගානේ කුක්කුඩෝල් ගැන මොනව හරි තමයි ලියෑ උනේ. කුක්කුඩෝල්ට ඕන උනා මයිනාගෙ දිනපොත පෙරලා බලන්න, අන්තිමට අකමැත්තෙන් උනත් මයිනට සිද්ද උනා මයිනාගෙ දිනපොත කුක්කුඩෝල් අතට පත් කරන්න. මේ අටමගලේ දිනපොත අරං ගිහින් පාඩම් වැඩ අස්සෙ දිනපොත කියවීමත් කරලා. දිනපොත අනිත් පොත් එක්ක තමයි තියලා තියෙන්නෙ සැක නොසිතෙන පරිදි.

එක දවසක මයිනයි, තඩියයි, කට්ටයි, කටයි 4 දෙනා පරණ කයියකුත් ගහගෙන රේල් පාර දිගෙ එනව. මෙන්න මේ දවසේ කුක්කුගෙ පොත් අස්සෙ තිබුනු මයිනාගෙ ලපඩං දිනපොත නැන්දම්මට මාට්ටු වෙලා. නැන්දම්මා ඒ පොතේ ඇති විස්තර සවිස්තරව කියවා බලා නහුතෙට තද වෙලා, මයිනා බැහැ දැකිමේ නොනිමි ආශාවකින් වේලි ගිහිල්ලා ඉඳලා තියෙන්නෙ. හුටා බොලේ මෙන්න කුක්කුඩෝල්ගෙ අම්මා එනව ඉස්සරහට කාළි යක්ෂණි වගෙ ආයෙමත් හැරිලා යන්න විදියකුත් නෑ, වෙන කරන්න දේකුත් නෑ. වෙන කෙහෙල් මලක් වෙයං කියලා ඉස්සරහටම ආවා.
කුක්කුගෙ අම්මා:- මම තමුසේ අල්ල ගන්න තමයි හිටියෙ, හොඳ හිතිං කියන්නෙ ආයෙමත් අපේ දු පස්සෙන් ආවොත් කරනව හොඳ වැඩක්
කටා :- හරි නැන්දෙ ඊළඟ දවසෙ දූට අපේ පස්සෙන් එන්න කියන්න
කුක්කුගෙ අම්මා :- තොගෙ කළිසම ගළවනව ඔළුවෙං මම නරක ගෑණි කියන්න එපා
ගොං තඩියා:- දැං කියලත් හොඳ ගෑණියෙක්යෑ ඉතිං...
කුක්කුගෙ අම්මා :- තෝ හිතුවද තොගෙ අම්මා වගෙ මම රට ගිහින් එක එකාට අල්ලනව කියලා.
කටා :- රටම යන්න ඕනයෑ අල්ලන්න......
කුක්කුගෙ අම්මා :- තෝ මතක තියා ගනිං කපල මේ ගඟට දැම්මත් තොට දෙන්නෑ මගෙ කෙල්ල
කට්ටා:- කපල ගඟට දැම්මොත් කිඹුලෙක් වෙලා ඇවිත් කෑළි ටික හරි කයි, ඒ තරං ආදරෙයි.. (කට්ටා යනු කුක්කුගෙ ළඟම ඥාති බව කරුණාවෙන් සළකන්න)
කුක්කුගෙ අම්මා:- තෝ නෑකම ගැන හිතලවත්ද ඔය වල් බල්ලොන්ගෙ පැත්ත ගන්නෙ, හිටපං තොට හොඳ වැඩක් කරන්න (කට්ටට කනේ පාරක් මළ ඕවර් වි සිටි තඩියා නැන්දම්මාගෙ බෙල්ලෙන් අල්ලං)
මයිනා :- තඩියා අතෑරපං හරි, මගෙ යාළුකම ගැන හිතලවත් අතෑරපං වටේ පිටේ මිනිස්සු බලං ඉන්නව.
තඩියා:- අනේ #කාහං @රි මයිනා තෝ, කොහෙවත් ඉන්න ගෑනුන්ගෙන් #කන කතා අහන්න උනේ තෝ හින්ද තමයි.
අනේ ඉතිං අර නැන්දම්මා කාළි අම්මා මයිනාගෙ දිනපොත ඉරා ඉරා දමා ගහපි මූණට. විළි ලැජ්ජාවේ සංතෝෂේ බැරුවා සෙනග දෙස බලද්දි බප්පගෙ දොණියන්දෑ ඉන්නව ඇස් දෙක රතු කරන් ගිණි පුපුර පුපුර. හුටා දැන්නං වැඩේ අංජබජල් " චුටී නංගි, චූටි නංගි" මොන චූටි නංගිද මේකි මෝටාර් උන්ඩයක් වගෙ සිං ගාලා ගියා. මයිනා ඉතිං අනිත් අපතයොත් එක්ක චූටි නංගිව ෂේප් කර ගන්න හිතං ඒ ගෙවල් පැත්තට බඩගෑවා. ආදරණිය බාළම්මා එනව කොස්සත් අරන් පෙරමගට.
බළම්මා:- තොට ලැජ්ජාවක් කියල එකක් නැද්ද හැබෑට ගෑණුන්ගෙං ගුටි කන්න යන්නෙ (පළවෙනි කොසු පාර)
මයිනා:- පිස්සුද අම්මෙ මේ තඩිය එක්ක රණ්ඩු උනේ ඒ මනුස්සය (නෑකමට බාළම්මා උවත් අම්මා ලෙස අමතන බව කරුණාවෙන් සළකන්න අදත් එතුමිය තම දූවා දරුවන්ට වඩා මයිනාට ආදරය බවද පවසමි) (දිගට හරහාට කොසු පාරවල්)
බළම්මා :- වරෙං යන්න ගිහින් අහලා බලන්න ඔය #ත්තිගෙ #%% ත රත්තංද කියලා. පර @#සි ඉරනව දෙකට, එංගලන්තෙ මහ රජ්ජුරුවන්ට දෙන්න හිතං ඇති අර කසිප්පු ගහන #%#%%%# ගේ දූ සිඟිත්ත.
මයිනා:- අනේ අම්මෙ යංකෝ මට බඩගිනි මොනව හරි කන්න හිතං ඒ පැත්තට ආවේ.
බළම්මා:- කන්න නෙවෙයි තොට දෙන්න ඕනේ වහ ටිකක් වල් බල්ලා.
තඩියා:- මූට රටේ ලෝකේ වෙන කෙල්ලො නෑ නේ මේ #ම්බකට වහ වැටිලා ඉන්නෙ.
අනේ ඉතිං මයිනා හඬා දොඩා හැපි වැළපි බොහොම අමාරුවෙන් ඒ මහ වළිය සමතයකට පත්කරන ලදි. ආදරණීය බාළම්මා ඊට දින කිහිපයකට පසු කුක්කුඩෝල්ගෙ ගෙදරටම ගොස් මයිනා ලියු සියළුම ලියුම් ගෙනවිත් ලිප දමා පුළුස්සා මයිනාගෙ නළලේ අළු ගෑ බවද පවසනු කැමැත්තෙමි. ප්‍රේමයට කොහිද බාදා නැත්තෙ, ඕං ඉතිං ඒ අවුරුද්දෙ ස.පෙළ ඉහලින්ම පාස් වෙලා කුක්කුඩෝල් ගියා ගාල්ලෙ ජනප්‍රිය පාසළකට. ඉස්සර හික්කඩුව පොළ පාරේ ස්ටේෂන් එකේ තිබුණු ලව් එක ගියා ගාල්ලට. ගාළු කොටුවෙ, පාර්ක් එකේ නැත්තං හෝල් එකක පෙම්සුව වින්දා විඳිල්ලක් ආයේ නෑ ඉතිං........ මයිනා දැනුවත් වෙන ගමං එයාවත් දැනුවත් කරා.
හැමදාම සතියෙ දවස්වල හවස මහනුවර ට්‍රේන් එකෙන් ගාල්ලෙ සිට හික්කඩුවට, සෙනසුරාදා ඉරිදා අමතර පංති ප්‍රසව හා නාරිවේද එහෙමත් තිබුනා. මේං මේ කියන කාලේ කුක්කුඩෝල් ඉතිං ටික ටික පැෂන් කරන්න පටන් ගත්තා ගමේ ස්කොලෙ යද්දි තිබ්බ කුලෑටි ගතිය ගිහින් ටික ටික පොෂ් වෙන්න ගත්තා. ඒ කාලේ ගාල්ලෙ ධර්මපාළ පාර්ක එකේ හිටියා මහ වළත්ත රිළවෙක්, ඕකා සමහර වෙලාවට කෙල්ලො එහෙම දැක්කම හෙණම වල් වැඩක් කරනව. එදා කුක්කුඩෝල් දණිස්සෙන් උඩට වෙන්න සාය කොටේකුත් ගහගෙන ටය්ඩ් ටීෂර්ට් එකකුත් එහෙම දාගෙන පට්ට සෙක්සි ලුක් එකෙ. ඔය කොටට අඳින සීන්වලට මයිනා කැමති නැත, දැකපු හැටියෙම මයිනා ඉතිං කුක්කුට බර බරේ දාලා පාර්ක් එකට ඇදං ගියා. පාර්ක් එකට ඇතුල් වෙන තැනම ඉස්සරහ තමයි අර වල් රිළව දැංවැළක් දාලා ගැට ගහලා තිබුනෙ. අපරාදේ කියන්න බෑ අර වල් රිළව කුක්කුඩෝල් දෙස බළං වළත්ත වැඩේ පටං ගත්තා. මයිනත් එතන එහා පැත්තෙ හිටපු තාරාවො දෙස බලාගෙන හිටියා රිළවගෙ ක්‍රියාව දැක්කෙ නෑ වගෙ. වටේ පිටේ හිටපු කොල්ලන්නට කෙල්ලන්ට බඩවල් අල්ලං හිනා. මළ පැනපු කුක්කුඩෝල් දුවගෙන ඇවිත් බස් එකකට නැගලා යන්න ගියපි. එදායින් පස්සෙ කුක්කුඩෝල් නොවෙයි කොටට ඇඳං පාර්ක් ගියෙ. තව තියෙනව ඉවර නෑ.......
__මයිනා___