Thursday 12 April 2018

සුරබිදෙන


මයිනාගේ ජිවිත චාරිකාවේ මුණගැහුණු අපුරු කතා වගේම අපුරු චරිත ගැනත් ලියන්න හිතන් ඉන්නවා. දකුණේ දෙවුන්දර ඉඳල අනුරාධපුරයට යනකම් හැම බිම් අඟලකම කරක් ගහපු මයිනා ලබපු ජිවිත අත්දැකීම්, එකිනෙකට වෙනස් ගති පැවතුම් ඇති යාලුවෝ, බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන්නු අපුරු මිනිස්සු, හොල්මන් සහ දෙවියෝ ....හිමිහිට ලියන්නම් හැමදෙයක්ම. අඩුපාඩු තියෙනවනම් පෙන්නලා දෙන්න. ඒවා නිවැරදි කරගෙන ලේඛන කලාව කරගන්න මට පුළුවන් වේවි.


ඔබ මම ජීවත් වන මේ ශ්‍රි ලංකාවෙම තවත් එක් තරුණියකගෙ අනුවේදනීය කතාවක්. මේ කතාව කොතනින් පටන් ගන්න ඕනද කියලා මයිනටත් හිතා ගන්න බැරි උනා. මේ කතාව අහන්න ලැබුනෙත් අහම්බෙන් සෙට් උනු බෝතල් පාටියකදි. රට ඉඳලා ආපු යාළුවෙක් මගෙ මිත්‍රයා ඇතුළු යාළුවො පිරිසකට පොඩි පාර්ටි එකක් දෙනවා. මගෙ යාළුවා මාවත් ඇදගෙන ගියා ඒ බෝතල් සාදයට. හීනියට අඩියක් ගහාපු යාළුවො විවිධ දේ කථා කලා. ඒ වෙලාවෙ අර රට ඉඳලා ආපු මිත්‍රයා කියපු කතාවක් තමයි මේ. හැබැයි මේ කථාවෙ සත්තය අසත්තයතාවය මම දන්නෙ නෑ. මම අහපු කථාවක් විතරයි. ඔහු මට පෙන්නුවා ඔහුගෙ යාළුවෙකුට ඇය ලියපු දිග මැසෙජ් එකක් ඇයගෙ ජීවිතය ගැන. ඒ මැසෙජ් එක මයිනගෙ ෆෝන් එකට පෝවර්ඩ් කර ගත්තා. මේ ඇයගෙ කතාව


"මට අවුරුද්දක විතර වයස වෙද්දි මාව අරන් ගිහින් හදා ගත්තෙ මගෙ ආච්චියි සීයයි. ඒකට හේතුවක් තිබුනා. අපේ තාත්තා කොළඹ ජොබ් එකක් කරන කාලෙ අම්මා තාත්තගෙ යාළුවෙක් එක්ක අනියම් සම්බන්ධයක් තිබිලා. ඒ සම්බන්ධයෙ ප්‍රථිඵලයක් විදියට තමයි මම මේ ලෝකෙට බිහි වෙලා තියෙන්නෙ". ඒ හෙතුව නිස තාත්තා මට කරපු වෙනස්කම් හින්දා තමයි ආච්චි මාව එයා ළඟට අරන් ගිහින් තියෙන්නෙ. කාලය මේ විදියට ගෙවුනා. අඩු පාඩු දහසක් මැද්දෙ ආච්ච්යි සීයයි එක්ක මම සතුටින් දුකෙන් ජීවත් උනා. මට අවුරුදු 16ක් විතර වයස උනාම ආච්චි නිතර නිතර ලෙඩ වෙන්න ගත්තා ඒ අතරෙ මම සාමාන්‍ය පෙළ විභාගය ලියලා ගෙදර හිටියෙ. එක දවසක ලෙඩින් හිටි ආත්තම්මා මේ ලෝකෙන් සමු අරන් ගියා. සීයට තනියම මාව පරිසම් කරන්න බැරි නිසා අම්මට එන්න කියලා මාව  එක්ක යන්න කිව්වා. අකමැත්තෙන් උනත් අම්මට මාව එක්ක යන්න සිද්ද උනා. මම ගෙදරට ආවට තාත්තා කැමති උනේ නෑ. එයාට පුළුවන් හැම වෙලාවෙම මට වෙනස්කම් කලා. මගෙ අනෙක් සහොදරයො (අක්කලා දෙන්නයි මල්ලියි) නෙට් දාලා ඇඳේ නිදියද්දි සීතල සිමෙන්ති පොළවට දාපු පැදුරක මම මගෙ රාත්‍රිය ගෙවා දැම්මා. සමහර දවසක ඒ පැදුරටත් තාත්තා වතුර වක්කරලා තිබුනා.


අපේ ලොකුම අක්කා මට ආදරෙන් හිටියා පුළුවන් වෙලාවට මම ගැන හොයලා බැළුවා. මට අවුරුදු 17ක් වෙද්දිම තාත්තගෙ යාළුවෙකුගෙ පුතෙකුට මාව බන්දලා දුන්නා. ඒත් ඔහු සැමියෙක් විදියට ආදරණිය කෙනෙක් උනේ නෑ. රැවුම් ගෙරවුම් , පහර දීම් මැද මම එයා එක්ක ජිවත් උනේ මාස අටක් විතරයි. රන්ඩුවක් වෙලා මාව තල්ලු කරපු වෙලාවක උඩ තට්ටුවෙන් වැටිලා ඔලුව පැලිලා මාස 2ක් මම රෝහලේ උන්නා. සති තුනක් දැඩිසත්කාරයේ සිහි නැතිව ඉඳල තියනව. ඊටත් පස්සේ සනීප වෙලා ගෙදර ආවා කියමුකෝ .... මම පාඩුවේ හිටියා එයාලත් වෙනසක් මට ඊට පස්සේ කලේ නෑ ………………


මගේ ලොකු අක්කා එයා මට හරි ආදරේ. එයා මැරි කරලා අවුරුදු තුනක්. ඒත් එයාට දරුවෝ හිටියේ නෑ. එයා මැරි කලේ ඔස්ට්‍රේලියාවල උන්නු අය්යා කෙනෙක්ව. එයාත් හිටියේ එහේ ලංකාවට ආ දවසක එයාගේ නැන්දම්මා එයාට ගොඩාක්ම දොස් කියලා වඳ  ගෑනියෙක් කියලා. හරිම දුකින් අක්කා උන්නේ මස්සිනා කිව්වත් දරුවෙක් අරන් හදා ගමු කියලා එයා කැමති උනේ නෑ. අක්කලා ලංකාවට ආවම මම එයාලා ලගට ටික දවසක් ගියා. හීනෙන්වත් හිතපු නැති විදියේ යෝජනාවක් අක්කා මට කලා.. ඒ මස්සිනා එක්ක එකට ඉන්න කියලා එයාගේ ලේ වලින් දරුවෙක් හදලා දෙන්න කියලා..  අනේ මට අවුරුදු 18 ඇති මම එයාට කිව්වා අනේ අක්කේ මට නම් බෑ ඒ පව්කාර වැඩේ කරන්න කියලා ඒත් එයාගේ කදුලු දැක්කම ජිවිතේ නැති කර ගන්නවා කිව්වම මට කරන්න වෙන දෙයක් තිබුනේ නෑ දෙයියනේ ………………


මස්සිනා බදුල්ලෙන් ගෙයක් කුලියට ගත්තා මමයි අක්කයි අපි තුන්දෙනාම එහේ උන්නා. අය්යා නම් අපි ලග උන්නේ මාස දෙකයි. සත්තයි මගේ අක්කා වෙනුවෙන් දරුවෙක් වෙනුවෙන් මම එයා එක්ක එකට නිදාගත්තා ඒත් මස්සිනා කවදාවත් මං දිහා කැත විදියට බලලාවත් කැත විදියට කතා කරලාවත් නෑ. කොහොම හරි දරුවෙක් කියලා දැන ගත්තට පස්සේ මස්සිනා ආයේම ඔස්ට්‍රේලියාවට ගියා. මමයි අක්කයි දෙන්නගෙ  තනියට ගෙදර වැඩට තනියට වයසක අන්කල් කෙනෙක්ව අය්යා නතර කරලා ගියා. ඒ කෙනා අපි කොහෙද කියන්න දැනගෙන උන්නේ නෑ. අක්කා මාව හරි ආදරේන් බලාගත්තා. කිසිම අඩුපාඩුවක් කලේ නෑ ගෙවල් වල අයට කියලා තිබුනේ එයාලා ආපහු ඔස්ට්‍රේලියාවට ගියා කියලා. ඉතින් 1998 මට පුතෙක් ලැබුනා. අය්යත් ලංකාවට ආවා. එයාලා දෙන්නා පුදුමාකාර සතුටක් ලැබුවේ. මම දැක්කා ඒ ඇස් වල තිබුන කාන්තිය.. තාමත් මට මතකයි ලොකු අය්යා... ඒ පුංචි මොලේට මට හිතට ආවට එහෙම කලාට පුතාව එක්ක ගෙදර ආවම මට ලෝබ හිතුනා. ඒත් මගේ සහෝදරීගේ සතුට වෙනුවෙන් මට එහෙම කරන්න උනා. මම පුතා ලග අවුරුද්දක් උන්නා. අය්යා ආපහු අක්කවයි පුතාවයි දෙන්නවම එහාට ගත්තා. මම ආපහු ගෙදර ගියා. ජොබ් එකක් කරා කියලා මම ගෙදරට බොරු කියලා තිබුනේ. පුතාගේ කිරි නතර කලාට පස්සේ මට උන හැදුනා. ඒත් මං මේ කිසිම දෙයක් මගේ අම්මා තාත්තා තියා කිසිම කෙනෙකුට කිව්වේ නෑ. ඒක රහසක් විදියට තියාගන්න පොරොන්දු දීලා තිබුනේ ………

කොහොම හරි මම 2002 ඩුබායි රටේ ජොබ් එකකට ගියා. අක්කලා එක්ක නිතර්ම කතා කලා. එයාලා සතුටින් ඉන්නවා. අදටත් එහෙමයි. මම හම්බකරපු හැම සතයක්ම අම්මට දුන්නා. තාත්තගේ නපුරුකම් නැති උනා. තනි තට්ටුවට තිබුන ගේ තට්ටු දෙකට හදාගන්න මට පුලුවන් උනා. හැමෝටම උදව් කලා පුලුවන් විදියට..

 ඔහොම ඉන්නකොට අපේ අක්කා හදිස්සියේම අසනීප උනා. එයාගේ කිඩ්නී දෙකම සව්ත්තු වෙලා එහේ ඩොක්ටස්ලා  කියලා තිබුනේ අඩුම තරමේ එක් කිඩ්නියක් බද්ද කලොත් ජිවිතේ බේර ගන්න පුලුවන් කියලා. ඒත් අය්යා ලග එච්චර සල්ලියක් ඒ වෙලාවේ තිබුනේ නෑ. අඩුම තරමේ බැංකු ලෝන් එකක්වත් දාන්නවත් කාලයක් නෑ. මම උන්නේ ඩුබායි වල..

දහ අතේ කල්පනා කලා කොහොමද සල්ලි හොයාගන්නේ කියලා අනිතිමට මම තීරණය කලා මගේ කිඩ්නි එකක් විකුනලා මදි සල්ලි හොයලා දෙන්න.. 2010 මම ඩුබායි වල දී ඩීරාම් 28 දාහකට මගේ කිඩ්නී එකක් කෙනෙකුට දීලා එයාලට සල්ලි යැව්වා.  ඒ හැමදෙයක්ම මගේ හොදම යාලුවා දන්නවා.. මම එහේ රෝහලේ ඇදක් උඩ ඉන්නකොට ඒකි තමයි මට උදව් කලේ.. අපේ මැඩම් මේ හැමදෙයක්ම දැනගෙන මට හොදටෝම දොස් කිව්වා.. ඒත් මගේ යාලුවා හැම දෙයක්ම මැඩම්ට කියලා. ඊට පස්සේ මැඩම් මාව ගෙදර එක්ක ඇවිත් බෙහෙත් වෙලාවට දීලා ඩොක්ට ලගට එක්ක ගිහින් සුවයක් ලබන කම් මාව ආදරේන් බලා ගත්තා...


ඩිරාම් 28000කට තමන්ගෙ වකුගඩුවක් විකුණපු නංගි ඒ සල්ලි ඔස්ට්‍රේලියාවෙ ඉන්න අක්කට යැව්වා එයාගෙ වකුගඩුව බද්ද කරන්න. ඒ සියළු උත්තම පරිත්තයාග කරපු ඒ නංගි අදත් මැද පෙරදිග රටක තමන්ගෙ ජීවිතය දිය කර හරිනවා. මට හිතුනා මේ ජීවිත හරිම පුදුමයි කියලා, සහොදර බැඳීම් හරි පුදුමයි නේද?


 පුළුවන් වෙයිද ඒ වගෙ පරිත්‍යාගයක් කරන්න තමන්ගෙම අය වෙනුවෙන්.

8 comments:

  1. උතුම් චරිතයක්

    ReplyDelete
  2. කෙලින්ම කොපි පේස්ට් නොකර නෝට් පෑඩ් එකකට කොපි කරලා සේව් කරලා ඒක මෙතනට දාහං ... එතකොට ඔය සුදුපාට නැති වෙනවා

    ReplyDelete
  3. විස්වාස කරන්න අමාරුයි නේද බං මේ කතාව

    ReplyDelete
    Replies
    1. මේ කතාව ඇත්ත වෙන්නත් පුළුවන්

      Delete
  4. මේක කියවල මට නිකං පිස්සු වගේ බං, එහෙම මිනිස්සුත් ඉන්නවද ?

    ReplyDelete
  5. මෙහෙම දේවල් වෙනවද කියලත් හිතෙනව බං. හැබැයි මේ වෙන දේවල් වල හැටියට මේ වගේ දේවල් අපට පෙනී නොපෙනී ඔන තරම් වෙනවා ඇති

    ReplyDelete