මයිනාගෙ කතා

මයිනාගෙ ජිවිත පියාසැරියෙ ඇසු, දුටු තැන්

Saturday, 24 August 2019

මයිනාගෙ කතා..... 49 පෝස්ටර් ගැසිම

මයිනාගෙ කතා..... 49 ... පෝස්ටර් ගැසිම..

ප්‍රචාරණ මාධ්‍යයක් විදියට බොහොම ජනප්‍රිය ක්‍රමයක් තමයි පෝස්ටර් ගැසිම. පොස්ටර් වලටත් එක එක විදියෙ සීසන් එනව නෙ. O/L රිසාල්ට් එනකොට රටපුරා රිවිෂන් පංති, ඒ ලෙවල් නිසැක ජය උදෙසා අරයගෙ මෙයාගෙ එයාගෙ පංති. එකවුන්ටින් - බෝලවලාන සර්, සිංහළ - වනාතමුල්ලෙ සොත්තිසේන හිමි, සමාජ විද්‍යාව - ඇටකරකවනගෙ සර්, දේසපාළන විද්‍යාව - මඩපාත සර්, කෙමෙස්ට්‍රි - සරමකැඩුවගෙ සර් ඔන්න ඔහොම ඉතිං ලංකාව පුරාම දීප ව්‍යාප්ත වෙනව ටියුෂන් කඩ පිළිබඳව දැනුවත් කිරිම්. ඊළඟට ඒ ලෙවල් සීසන් එක ෆේල් වෙච්ච එවුන්ට රිවිෂන්, ඉංග්‍රිසි කඳවුරු, ඩිපලෝමා......... අරවා මේවා.
ඊළඟ එක තමා ඡන්දෙ කාලෙට එන හිනා මූනු හැබැයි අර සමාජරෝග පක්ෂෙ එවුන් නම් හයියෙන් පඩයක් ගියත් මාර පෝස්ටර් තොගයක් ගහන්නෙ ලංකාව පුරාම. ජනහිතකාමි, ජනතාවදි, ගම දිනවන රට දිනවන, යහපාලනෙ අනාගතේ අපේ අතේ, ....... ඔන්න ඔහොම ඉතිං එක එක පොස්ටර්. ඔන්න ඔය පෝස්ටර් ගැහිල්ල ගමෙන් ගමට ඉස්සර නම් පාක්ෂිකයොම ගස්වල ගල් උඩ තාප්පවල ගැහුව්වට වැඩේ මොඩිෆයි වෙලා පෝස්ටර් සීන් එක දේශපාලන බලය වැඩි එකාට සහ මැර බළය වැඩි එකාගෙ කැමැත්තට සිද්ද වෙන දෙයක් බවට පත් උනා. අනුව දශකයෙ අන්තිම හරියෙ එහෙම නැත්තං මේ සියවසෙ මුල්ම හරියෙ අපේ හොරගොල්ලෙ ලොක්කි රට කරවන සමයේ විස්කි සමග තාර මස් ස්ටූ සප්පායං වෙලා ඒ ඡන්දයෙ ඡන්ද ව්‍යාපාර කටයුතු සඳහ බළ ඇණි බළමුළු සූදානම් කරා.



මෙන්න මේ කියන කාලයෙ මයිනා පුතා ආර්ථික අහෙනියකට පාත්‍රවෙලා ගම හැරදා සිදාදියට සේන්දු වෙලා ලංකාවේ විවිධ පළාත්වලින් ඇවිත් එකට එකතු උනු ගල් ඉබ්බන් රැළක් සමග තමයි හිටියෙ. මාලබේ කහන්තොට තිබුණු එක්තරා ස්කීම් එකක පාළු ගෙදරක ඉඳගෙන, ඒ ගේ අයිති මහත්තයාගෙ සල්ලිවලින්ම කාලා හතරවටේ වෙලවල්වල හිටපු බට්ටො, අංකුට්ටො, කාවයියො, ලූල්ලු, මඩියො, කනයො ආදි වශයෙන්  ජළජ ජීවින් මදුරු දැලක ආධාරයෙන් අල්ලගෙන තෙලට මිරිසට කිරට කෑවා. ඕං ඔය අපත රැළ අතරෙ හිටියා කැබතිගොල්ලෑවේ ගල් ඉබ්බෙක්... අපරාදේ කියන්න බෑ ඉබ්බෙක්, හාවෙක්, මී මින්නෙක්, ඉත්තෑවෙක් සතියකට සැරයක් ත්‍රිවීල් කේබල් එකක ආධාරයෙන් කොතන හරි තැනක එල්ලිලා තිබුනා. අනිත් එවුං දඩ මස් කෑවට මයිනා නම් කුකුළා පමණයි කෑම පිඟානට ලං කර ගත්තෙ.

ඔන්න ඔය කියපු බංගළාවෙ ඉඳගෙන මයිනා ඇතුළු අපත රැළ එක එක ක්‍රියාකාරකම් කරමින් දැහැමින් සොඳින් කාලය භක්ෂණය කලා. හිටපු අපත රැලේ වළස්මුල්ලෙන් ආපු සුපිරි බුලට් 6ක් හිටියා, ඔය 6න් එකෙක් එවකට පැවති රාජ්‍ය බළයෙ හිටපු පක්ෂයෙ ප්‍රබළ ආධාරකරුවෙක් වගෙම බසනාහිර පළාතේ හිටපු මන්ත්‍රි කෙනෙකුගෙ සෙකට්‍රි කෙනෙකුගෙ ළඟම ඥාතියෙක්. ආං අර ඥාති සෙකට්‍රියා මේ ඉන්න අපත රැළට පෝස්ටර් ගැසිමේ කොන්තරාත්තුවක් අපේ එකා හරහ ලබා දුන්නා ඒ සඳහ ලොකු ගෙවිමකුත් කරන බවට පොරොන්දු උනා. පෝස්ටර් සහ වාහනයක් ඇතුළු පහසුකම් ඒ මන්ත්‍රිතුමා විසින් ලබා දෙන බවටත් පොරොන්දු උනා. ඔන්න ඔය කොන්තරාත්තුව බාර අරගෙන අපේ එකා සතුටින් ඉපිලිලා ඇවිත් විසතරෙ කිව්වා. එදා රෑ කට්ටියම ඉදිරි පියවරවල් සහ කලයුතු වැඩ කටයුතු සාකච්ඡා කරමින්ම නින්දට ගියා.

මයිනා ඇතුළු පිරිස හිටපු නිවස අයිතිකාර උත්තමයගෙ හිතවත් යාළු මිත්‍ර මහත්තයෙක් තමා ඔය ගෙදරට ඇවිත් සතියකට සැරයක් නිවසෙ තත්වය සහ අපතයන්ගෙ ක්‍රියාකලාපය පරික්ෂා කරලා ගියෙ. අපරාදෙ කියන්න බෑ එතුමාත් හරිම හොඳ මනුස්සය ඉඳ හිට ගෙදර හදපු කෑම වේලක් එහෙම ගෙනත් දිලා ඔය අතටත් කීයක් හරි දුන්නා. හැබැයි ඉතිං අර කැබතිගොල්ලෑවේ අපතයගෙ උගුල්වලට අහුවෙච්ච හාවා, ඉත්තෑවා වගෙ සත්තුන්ගෙ මස් හොද්ද නම් මහත්තයටත් දුන්නා. එදා උදෑසන ඔන්න ඔය හොඳ මහත්තය  ඉඳි ආප්ප බාජනේකුත් උස්සං කඩා පාත් උනා අපත රැළ ඉන්න තැනට. අපිත් එක්කම එකට ඉඳං ඉඳි ආප්ප කන ගමං මහත්තයා ඉතිං ඉල්ලිමක් කරා එවකට බලය නැතුව හුළං බැහැලා හිටපු හිටපු පක්ෂයේ පෝස්ටර් ටික ගහන්න සෙට් වෙයල්ලා කියලා. "රැල්ල අපිට බවත් සිංහළ බෞද්ධයා චෞර රැජිණ ගැන කළකිරි ඇති බවත් බලය ලැබුනු පසු අපතයන්ට රජයෙ රැකියා සහ වෙනත් තනතුරු ලබා දෙන බවත් මහත්තයටත් රජෙක් වගෙ හිටිය හැකි බවත්" තමා කිව්වෙ. අනේ ඉතිං අර වළස්මුල්ලෙ එකා කිව්වා සර් බය වෙන්න එපා අපි බොක්කෙන්ම සර්ට උදව් කරනව අපිට පෝස්ටර් ටික දෙන්න ඉතුරු හරිය අපි බලාගන්නම් කියලා.

ඊට දවස් කිහිපයකට පස්සෙ ඡන්ද ව්‍යාපාරය පටන් ගත්තා වළස්මුල්ලෙ එකා අදාළ මන්ත්‍රිවරයගෙ වහනය සහ පොස්ටර් අරන් ආවා. අපේ හිතවත් මහතැන් තවත් පෝසටර් තොගයක් ගෙනත් දුන්නා. ඒ පක්සෙ සහ මේ පක්සෙ දෙකේම පෝස්ටර් අපි ළඟ. දැන් ඉන්න අපත රැළ හිතුවා දෙපැත්තට බෙදිලා ගිහින් පෝස්ටර් ගහන්න. වළස්මුල්ලෙ එකා කිව්වා කවුරුත් බෙදිලා යන්නෙ නෑ මේ වහනෙන් ගිහින් දෙපැත්තෙම පෝස්ටර් ගහමු ඒක ආරක්ෂාවට හොඳයි කියලා. ඒ කාලේ ඇත්තටම විරුද්ධ පක්ෂෙ එකෙකුට පෝස්ටරයක් ගහගන්නව කියන්නෙ හරිම අමාරු වැඩක්. පැවති රජයට මැර බලය පොලිස් බලය දෙකම ඇති නිසා බය නැතුව ඕනෑම තැනක ඕනෑම වෙලාවක පෝස්ටර් ගැසිමෙ බලය තිබුනා.



විස්වාස කරන්න සුපෙම්වතුනි අපි දෙපැත්තෙම පෝසටර් එක බස් හෝල්ට් එකෙ දෙපැත්තෙ සාධාරණ විදියට ඇලෙව්වා. පොලිසියද මැරයද මොකා ආවත් රාජ්‍ය බළය තිබුනු මන්ත්‍රිවරයගෙ නම කියා වැඩේ ඇදගෙන ගියා. තාප්ප ගහකොළ බස් නැවතුම්පොළ ආදි සියළු තැන්වල පක්ෂ දෙකෙම අපෙක්ෂකයන් දෙදෙනාගෙම විස්තර සහිත පෝස්ටර් විරාජමාන උනා. ඒ වගෙම දෙපැත්තෙම පක්ෂවලින් නියමයි කොල්ලො ටික යන ගෞරවයත් ආවා, යහමින් මුදල් ගණුදෙනුත් ලැබුනා. එවකට රාජගිරියෙ හිටපු එක්තරා චන්ඩි පොරක් ඩිෆෙන්ඩර් එකකින් ඇවිත් බලද්දි අපි රාජ්‍ය පක්ෂයෙ මන්ත්‍රිවරයගෙ පොස්ටර් ගහනව ඒ වෙද්දි අනිත් පැත්තෙ මන්ත්‍රිගෙ පෝස්ටර් ටික ගහලා ඉවරයි අර චණ්ඩි බුවා "මල්ලිලා අර ප#යගෙ පෝස්ටර් ඔක්කොම වහල දාපල්ලා" කියාගෙ
න ගියා.

මැඩම් ජනාධිපතිව ඉන්දැද්දි පාර්ළිමේන්තුවෙ බලය එජාපෙට ගිහින් බල පෙරළියකුත් උනා නොවෑ.. ඔන්න ඔය කාලේ මයිනා ඇතුළු පිරිසට රජයෙ රැකියාවක් අත වන වන හිටියෙ. ඒත් ඉතිං එවකට කොළපාට පක්සෙ මහ ලේඛම්තුමාගෙ අභාවය හින්දා වැඩේ අංජබජල් උනා. මයිනත් පිටරටකට සේන්දු උනා, වළස්මුල්ලෙ හාදයො කිහිප දෙනෙක් එක්ක සම්බන්ධතා මේ වෙනකනුත් තිබුනට කැබතිගොල්ලෑවෙ එකා සහ පොළොන්නරුවෙ, අනුරාධපුරෙ උං ගැන නම් අරංචියක් නෑ. අදත් අපි එකතු වෙච්ච දවසට ඒ දවස්වල කරපුවා මතක් කරලා හිනා වෙන එක තමා කරන්නෙ.

මාලබේ ස්කීම් එකේ ගෙදරක හිටපු නංගියෙකුත් අරං වළස්මුල්ලෙ එක හාදයෙක් පැනලා ගියා. ඒ සිද්දියට අපි හිටපු නිවස වට කරලා කෙල්ලගෙ නෑයෝ නොනෑයො සහ ඒ අවට හිටපු ඇතැම් නහර වැඩි අයියලා මල්ලිලා කිහිප දෙනෙකුත් වලියට ආවා. හැබැයි ඉතිං අපේ වළස්මුල්ලෙ බුවා තමුන්ගෙ ඥාතියා හරහ පොලීසියට එන්න කියලා වැඩේ බේර ගත්තා ඊටත් දවස් 3කට විතර පස්සෙ අර නහර වැඩි ගමේ මල්ලි කෙනෙකුයි අයියා කෙනෙකුයි හැන්දෑ ජාමේ උස්සලා ඒ කිට්ටුව තිබුනු පරණ රබර් ස්ටෝරුවකට අරන් ගිහින් වැඩි නහර අයින් කරා වැඩේ කියන්නෙ ඒ වීරයො දෙන්නටම ඇඳං හිටි වස්තරාවල චූ ගියා. ඊට පස්සෙ ගමේ ඈයෝ වීරයො උනේ නෑ. කෙල්ල උස්සපු එකා මේ වෙද්දි තිදරු පියෙක්, ස්කීම් එක අවටම තැනක ඌත් පදිංචි වෙලා ඉන්නව. මයිනත් අතීත මතක අස්සෙ පියාසලා සිනාසලා ආදරෙන් ඉන්නව. එහෙනං ඉතිං ගිහින් එන්නං ඈ......
🤔____මයිනා____

- August 24, 2019
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest
Labels: මයිනාගෙ ගමේ කතා

2 comments:

  1. Kavinda27 August 2019 at 18:26

    මාලබේ පැත්තෙ උගුල් වලට අහුවෙන්න තරම් සත්තු හිටියද ඔය කාලෙ?

    ReplyDelete
    Replies
      Reply
  2. Kavinda27 August 2019 at 18:45

    වාහනෙත් අරන් ගිහින් අනිත් පැත්තෙ එකෙක්ගෙ පෝස්ටර් ගහනව දැක්කනම් කෙල වෙනව. පාප්ප, පින්සල් එහෙමත් දෙගොල්ලොම දුන්නද?

    ReplyDelete
    Replies
      Reply
Add comment
Load more...

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Search This Blog

  • Home

About Me

My photo
මයිනා
View my complete profile

Blog Archive

  • June 2020 (7)
  • May 2020 (4)
  • April 2020 (4)
  • March 2020 (5)
  • February 2020 (5)
  • January 2020 (1)
  • September 2019 (12)
  • August 2019 (9)
  • April 2019 (10)
  • March 2019 (4)
  • February 2019 (2)
  • January 2019 (2)
  • December 2018 (1)
  • November 2018 (3)
  • September 2018 (1)
  • August 2018 (2)
  • July 2018 (4)
  • June 2018 (11)
  • May 2018 (7)
  • April 2018 (9)

Labels

  • ඇසු දුටු කතා
  • තොටගමුවේ කථා
  • මයිනාගෙ ගමේ කතා

Followers

Popular Posts

  • මයිනාගෙ කථා ... 8 .. දිමිත්තයා
    මයිනාගෙ කථා .... 8 ..  දිමිත්තයා අහලා තියෙනවද කිහල්ලකො දිමිත්තයා ගැන . ඌ මාළුවෙක් මෙන්න සයිස් අඟල් එකහමාරක් විතර ඇති .  මිර...
  • මයිනාගෙ කතා... 27 ජංගිය
    මයිනාගෙ කතා... 27  ජංගිය ජොකා, පෑන්ටිය, ජංගිය, යට ඇඳුම, අන්ඩර් වෙයාර් එක, මයිනා කූඩුව..... ඕං ඔහොම නම් ගොඩයි නේ අයිටම් එක එකක් උනාට. ඒ කා...
  • මයිනාගෙ කතා...3 ගිං පොල්
    ගිං පොල් කිව්වම නම් ටිකක් බලයි මොනවද මේ පොල් කියලා. දන්නා තරමින් නම් ගිංපොල් බහුළව දැක ගන්න පුළුවන් වෙන්නෙ ලංකාවෙ ස්ථාන දෙකකදි පමණයි. එ...
  • තොටගමුවේ කථා - 2
    පුරාණ තොටගමුව විහාරයෙ අදත් දැකගන්න පුළුවන් කෝට්ටෙ යුගයෙ බිතු සිතුවම්. දකුණු ලක සංචාරයකට ඔබ යනවා නම් අනිවාර්යයෙන්ම යන්න මේ විහාරය දකින්න. ගා...
  • මයිනාගෙකතා...93... මැනර්ස්
    මයිනාගෙකතා...93... මැනර්ස්                                                සිංහළ බාෂාව ඇතුලේ වෙනත් බාෂාවලින් රිංගලා එකතු වෙච්ච වචන මහ...

Report Abuse

Related Posts Plugin for WordPress, Blogger...

My Blog List

  • අටම්පහුර
    අපේ හෝ බෝ අමාලිගේ කතා බහක්
  • රසුදැල් Rasudal
    රෝග නිරෝධායන මධ්‍යස්ථානය Quarantine යනු කුමක්ද?

අටම්පහිය

Ethereal theme. Powered by Blogger.