Friday 6 September 2019

මයිනාගෙ කතා ...65... හොරා කෑම - 2


මයිනාගෙ කතා ...65... හොරා කෑම - 2

මළ ගෙදරක නයිටක් ගහනව කියන්නෙ වෙනම ආතල් එකක් බව ඒ ආතල් එක ගනිපු එවුන් දන්නව නෙ. මයිනගෙ ගැන්සිය ඉතිං මළගෙවල්වල දානේ ගෙවල්වල නයිට් ගහන්න මාර කැමතියි ඒකට එකම හේතුව හොර කුරුම්බා කෑම සහ වෙනත් මදාවි වැඩ. ඕං ඔහොම එක මළ ගෙදරක නයිටක් අදින්න ගියපු දවසක පාන්දර දෙකට විතර උණු උණු පාන් කෑමේ උවමනාවක් ආපු අපත නඩේ කිට්ටුව පාත තිබුණු බේකරියකට සේනදු උනා. මයිනා ඇතුළු පිරිස පාන් කෑමට යන බව අහපු තව සෙට් එකක් පාන් ගන්න යන්න සෙට් උනා. "අපි ගිහිල්ලා ආවට පස්සෙ උඹලා පලයල්ලා" කියලා අපේ සෙට් එක මුළින් ගියා. ගියපු අපත සෙට් එකෙන් මයිනයි, තඩියයි, කටයි, තව එකෙකුයි බේකරියට ගියා අනිත් උන්ට එළියෙ ඉඳපල්ලා අපි පාන් අරන් එන්නං කියලා. ඕං ඉතිං ඔය බේකරිය තිබුණු ගෙදරට ගියාම බේකරියෙ පොර.

"මොකෝ මද්දු අයියගෙ පුතා රෑ වෙලා"
"මළ ගෙදර පැත්තට ආවා මාමේ, උණු පාං කමු කිව්වා කට්ටියම ඒක නිසා ආවා"
"පාන් නිකං කෑවෑකිය පුතේ"
"දන්නැද්ද ඉතිං ආතල් එකට වගෙ"
"ඉන්නවකො එහෙනං ටිකක්" අනේ ඉතිං බේකරිය මාමා ගේ ඇතුළට ගිහින් රෑට උයල ඉතිරි වෙච්ච පරිප්පු හට්ටියකුයි කරවල බැඳුං දීසියකුයි ගෙනත් දුන්නා. හතර දෙනා එක්ක පරිප්පුයි කරවළ බැදුනුයි කාලා, තව පාන් ගෙඩි දෙකකුත් අරන් ආවා. උදේට හදන්න තියෙන මාළු පාන්වල කරි එකත් හදලා වෙනම හට්ටියක තිබුනා, මයිනා ඒක දැක්කට ඒ ගැන එතරං අවදානයක් ගත්තෙ නෑ. පාන් දෙකත් අරං මයිනයි සෙට් එකයි ආවා, අනිත් අපත සෙට් එක බේකරියෙන් එළියෙ ඉඳලා මයිනලත් එක්ක ආවා. මළ ගෙදර ඉඳපු අනිත් ගැන්සිය බේකරිය ඇතුලට ගියා.





එළියට වෙලා හිටපු මයිනගෙ සෙට් එකේ එවුන් දැං බර බරෙ
"මොකද වහෙ මෙච්චර වෙලා කරෙ"
"අපි බං පාන් කාලම ආවා තොපි කාපං මේ පාන් ගෙඩි දෙක"
"නිකං පාන් කන්න පුළුවන්ද බං"
කටා:- කරි අරං ආවේ බොළාටත්
කටා එහෙම කිව්වාම කල්පනා කරා අපි අර පරිප්පු එකයි කරවළ බැදුං ටිකයි ඔක්කොම කෑවනේ.

කටා අර අරං ආපු පාං ගෙඩි දෙකෙන් එකක් කඩා ගනිල්ලා කියලා දිලා ඌ අතේ තිබ්බ පාන් එක කැඩුවා. මෙන්න බැළුවාම මු අපේ ඇස්වහලා අර මාළු පාන් කරි එකෙන් කොටසක් පාං ගෙඩියක මැද්දට දාගෙන ඇවිත්. ඕං ඉතිං මයිනටයි තඩියටයි මළ පැන්නා, අර මුනුස්සයා අච්චර හරියක් කරලත් මූ කරපු වැඩේට. අනිත් කාළකණ්නිත් මාළු පාන් කරි එක්ක පාං කෑවා. අනිත් ගැන්සියෙ එවුනුත් ආවා බේකරි ගිහිල්ලා, ඊට පැය බාගෙකට පස්සෙ බේකරියෙ මාමා කිතුල් පොල්ලකුත් උස්සං මළ ගෙදරට. දැං මාමා අනිත් ගැන්සියෙ එවුංව හොයනව මාළු පාන් කරි එක ඉස්සුවා කියලා. අනේ ඉතිං මාමා ළඟට ගිහින් මාමත් එක්කම අරුන්ට බැනලා බොහොම අමාරුවෙන් මාමව හරවලා යවලා කටාව පැත්තකට එක්ක ගිහින් කනේ පාරක් දුන්නා. අපිටත් පුදුමයි මූ කොහොමද අපෙත් ඇස් වහලා මාළු පාන් කරි එක ඉස්සුවේ කියලා. වලත්ත කටා පාන් ගෙඩියක මැද්ද අතින් ඔබලා ඒකට අර කරිය පුරවන් ඇවිල්ලා. මූ මරන්න එපැයි ඉතිං තව ටිකෙන් පොළු පාරක් කන්නයි වෙන්නෙ.

අපේ තඩියා රෑ ගමන්වලට වැඩිපුර ඇන්දෙම සරමක්, සමහර දවසක මූ මගක් දුරදි මුගෙ ජොකා පන්නලා සරම අස්සෙම ගහ ගන්නව තවත් සමහර දවසක මූ ජොකා අඳින්නෙම නෑ. ඕං ඔහොම දවසක රෑ මියුෂිකල් ෂෝ එකකට ගිහින් ආයෙමත් එනව, වෙලාව පාන්දර තුනාහමාර වගෙ ඇති. තොටගමුවේ හංදියෙන් හැරිලා ටිකක් දුර එද්දි බේකරියක් තියෙනව පාර අයිනෙම, කට්ටියම බේකරියට රිංගුවා. අපේ තඩියත් එදා අතරමගදි ජොකා ගළවගෙන හිටපු දවසක්, මු ඇඳගෙන හිටියෙත් නයිලෝන් සරමක්. බේකරියට යද්දි රෝස්පාන් පෝරොණුවෙන් එළියට ගන්නව උණු උණුවෙම. කට්ටියම බේකරියට පැනලා කෑම ජාති ගන්නව. අපේ තඩියා බේකරිය ඇතුළට ආව වේගෙන්ම ආයෙමත් එළියට ආවා. බැළුවාම මූ සරමත් කැහැපොට ගාගෙන උඩ පැන පැන වගෙ ඉන්නෙ "හිටපං තඩියො ඔහොම" කියාගෙන මයිනත් බනිස් වගෙකුත් අරං එළියට ආවා. "අඩේ මයිනා ඉක්මනට යමං බං" කියලා තඩියා ගමන් වේගය ඩබල් කරගෙන යනව, මයිනත් තඩියගෙ පස්සෙන් දුවගෙන යනව.

මයිනා හිතුවා මුට බොකක්වත් සෙට් වෙලාද කියලා. ටිකක් දුර ආවම තඩියා ලයිට් කණුවක් යට නැවතිලා මේ ටික ගනිං හු#තො ඉක්මනට කියලා සරම කැහැපොටේ දිග ඇරියා. මේ වල් වේසාව අර බේකරියෙ පෝරණුවෙන් බාපු ගමන් රෝස් පාන් 5ක් 6යක් සරං පල්ලෙ දාගෙන. නයිලොන් සරමට අර රෝස් පාං අයිනක් උණු වෙලා ජුංඩගෙ ඇලිලා............ පහුවදා උදේ තමා දැක්කෙ මුගෙ ජුංඩා මහ බ්‍රහ්මයා වගෙ වෙලා එක පැත්තක දිය පට්ටෙකුත් ඇවිත්. සතියක් විතර ජොකා නැතුව තමා තඩියා ගමන් බිමන් ගියෙ. ඕං ඔහොම සරම ඇඳන් ජොකා නැතුව එන වෙලාවක මුගෙ ලොකු නැන්දගෙ දුව මගදි හම්බවෙලා ඒකිත් බයිසිකලෙ පොල්ලෙ ඉන්දගෙන පැදං ඇවිත්. ඇවිත් තිබුනෙත් තඩියලගෙ ගෙදරටමයි, අක්කා බයිසිකලෙන් බැහැලා මූට කිව්වලු "තොට අක්කා අඳුරගන්න බැරි තරමටම මදනයා ගහලා දැං නේද" කියලා. අරූ අලි පැටිය වගෙ සිට් එකට වඩා ප්‍රමාණයක් එළියෙ, බයිසිකලේ පැදං එද්දි ආර්.පි.ජී. එක පයර් වෙලා අක්කගෙ පිටෙ වැදි වැදි ඇවිත් තියෙන්නෙ.
එන්නං ඈ........ තව හොරා කෑං තියේ කියන්න බෑ..
___මයිනා___

1 comment: