Saturday 14 September 2019

මයිනාගෙකතා ..67... ලව් -1

මයිනාගෙකතා ..67... ලව් -1

                             මයිනා සහ කුක්කුඩෝල් ප්‍රේමයට තිත තැබෙද්දි මයිනගෙ යාළුවෙකුගෙ ප්‍රේම කතාවක් පටන් ගන්න ෆුල් ට්‍රයි එකක් දෙමින් හිටියේ. අපේ එකා ට්‍රයි කරපු කෑල්ලත් එක්කම හිටපු අනිත් කෑල්ල හින්දා වැඩේ හරි යන්නෙම නෑ. ඒ වෙද්දි සියලුම අපතයන් ප්‍රේමයෙ වෙලී ගිලී හිටපු නිසා සහ ලව්සික් එකේ හිටපු මයිනට බෙහෙත් දෙන්න උවමනාව නිසාත් අනිත් කෑල්ල මයිනාට සෙට් කිරිමේ මෙහෙයුමක් පටන් ගත්තා. ඒ වෙද්දි ඒ කෙළි පැටික්කි 9ය වසරේ තමයි හිටියෙ. ඕං ඉතිං මාසයක් විතර ට්‍රයි කරා මේකි නොවෙයි රිප්ලයි දෙන්නෙ, මේකිට ට්‍රයි කරනව කියලා දැන ගතිපු කුක්කුඩෝල් පාරෙ තොටේ කොතන මුණ ගැසුනත් අලුත් එකිට හින්ට් ගහනව සහ රැවුම් ගෙරවුම්.  

                               ඕං ඔය පස්සෙන් යන වැඩේ හරියන්නැති හින්දා මයිනා ලව් ලෙටර් එකක් දුන්නා. හැබැයි ඉතිං ඔය ලෙටර් එකේ ලිව්වෙ ප්‍රියා සූරියසේනයන් ගායනා කරන
"හදවත ඉල්ලා...
නොලැබුණු විටදී..
දහසක් සිතිවිලි මා ..
හද තුළ කැළඹි...
මිතුරියෙ...
ඔබ කෙලෙසක හො අමතක කරමි....
නොපිරු පෙරුමන් පුරලා කුමටද ලතැවී..." සිංදුව තමයි. ඒ ලෙටර් එක දීලා ඒ දවසෙම අත්‍යාවශ්‍ය කාරණයකට මයිනා කොළඹ ගියා. ඊට දවස් 3කට විතර පස්සෙ මයිනා නැවත එද්දි ලව් එක සෙට් සහ මයිනගෙ යාළුවගෙ ලව් එකත් සෙට්.

                                                                                               දන්නවනෙ බාලවයස්කාර දැරියො ලව් කරන්න ගත්තම තියෙන වදේ..
උදේ ඒකි ස්කෝලෙ යන වෙලාවට පේන්න යන්න ඕන... අයෙමත් ඒකි ස්කොලේ අරිලා එන වෙලාවට පේන්න යන්න ඕන. ඒ ක්‍රියාවලිය හින්දම බයිසිකල් රේස් පදින්න ප්‍රැක්ටිස් පටන් ගත්තා. පාන්දර 6.30 වෙද්දි බයිසිකලෙන් අරකිට පේන්න යනව එහෙම ගිහින් ලොකු අක්කලගෙ ගෙවල් පැත්තට හරි බාප්පා කෙනෙකුගෙ ගෙදරකට හරි ගිහින් 8ට විතර ගෙදර එනව. ආයෙමත් ස්කූල් ටයිම් එකේ මයිනයි අනිත් අපතයයි මහ ගිණි අව්වෙ ටවුන් එකට.





                       ඔය කෙළි පැටික්කිලගෙ ගෙදර බේකරියක් තිබුනා, ඒ කෙළීගෙ පංතියෙ මයිනගෙ බාප්පගෙ පුතෙකුත් හිටියා. මයිනගෙ අපත මල්ලිත් ඒ ඉස්කෝලෙම ඒ ලෙවල් කරනව. හෙමිහිට හෙමිහිට ගිහින් ලව් සීන් එක මල්ලිගෙ කණට ගියා. මූ දවසක අර කෙල්ලව අල්ලගෙන ඒකිගෙන් අහලා
"තමුසේ අපේ අයියත් එක්ක යාළුයිනේ"
"ඔව් අයියෙ කාටවත් කියන්න එපා" කියලා මේ මී හරකි බය වෙලා.

                            එදා ඉඳන් අපේ මල්ලිගෙ කෑම පාර්සලේ දිනපතා පාසල් යනවා සමහර දවස්වල මාළු පාන්, කිඹුලා බනිස්, ක්‍රීම් බනිස් එහෙමත් ඉස්කෝලේ යනව. කුක්කුඩෝල් වගෙ නිතරම කතා කරන්න මීට් වෙන්න අවකාශ නැති නිසා ප්‍රේම පත්‍ර තමා ලියන්නෙ. ඔය කෙලි පැටික්කි ලියුම් ලියලා දෙන්නෙ බාප්පගෙ පුතාට, ඌ පියුන් වැඩේ කරනවට වෙනම මාළු පාන් කනව. ඒ මදිවට ඒ ලියුම මයිනගෙ මල්ලිට පෙන්නල ඌට කියලත් අරකිව බ්ලැක්මේල් කරනව. අර කෙල්ලගෙ ගෙදරින් දෙන සල්ලිත් මුන් දෙන්නා ගන්නව ඒ මදිවට කෙල්ලව බය කරනව "හිටපං අපේ අම්මව එවන්නං ගෙදරට" කියලා. ඕං ඉතිං දිනපතා මේ දුක්ගැනවිල්ල එන්න පටන් ගත්තා, එක දවසක ස්කෝලෙන් ට්‍රිප් එකක් යන එකකට දෙන්න ගෙනාපු රුපියල් 500ක් මුන් දෙන්නා අරං. මේ වැඩේ හරි යන්නෑ කියලා හිතුනු තැන ලව් එක නවත්තලා දැම්මා වෙන මොනව කරන්නද...
                                    ලව් සීන් එක දැනගෙන කෙල්ලගෙ අයියා කෙල්ලට ගහලා තිබුනා. හැබැයි මයිනට මොකවත් කියන්න නම් ආවේ නෑ ඒ ගෙදර කවුරුවත්, ඒ ලව් එක මාස තුනකින් වගෙ ඉවර උනා. මොකද තව ටික කාලයක් ලව් එක ඇදං ගියා නම් අර අපතයො දෙන්නා කෙල්ලට කියලා ගෙදර තියෙන බඩු මුට්ටුත් හොරෙං ගෙන්න ගන්න ලයින් එකක් තිබුනෙ.

එන්නං ඈ........ තව ලව් තියෙනව ඒවත් කියන්නං එක එක.
___මයිනා___

7 comments:

  1. ඉබොලා එකෙක් නෑර මහ නසරානියො වගෙයි.

    ReplyDelete
    Replies
    1. 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

      Delete
  2. බයිසිකල් රේස් ගිය විදිය කියනකොට හිනාවෙලා පණ ගියා… මෙතන ජෝඩුවට වඩා මගුල් තිබිලා තියෙන්නෙ හබන් කුකුල්ලු දෙන්නටනේ… අයියා මයිනට පාට් දාන්න එන්න නැතුව ඇත්තෙ මයිනගෙ නඩේ ගැන කලින්ම දන්න හින්දා වෙන්න ඇති... ආයෙ ඌ වසන්නයැ...

    ReplyDelete