Tuesday 10 March 2020

මයිනාගෙකතා... 74 ... තඩියා - 2

#මයිනාගෙකතා... 74 ... තඩියා - 2

                                  අපේ තඩියා කියන්නෙ ඉතිං මොන වගෙ පොරක්ද කියලා බොළා ඔක්කොම දන්නව නෙ.  තඩියයි, මයිනයි, සයිඩරුයි, පයිතගරසුයි කියන්නෙ එකටම හිටපු හතර දෙනා.  ඒකට එක හේතුවක් උනේ සෙට් එක එකම හංදියෙන් දෙපැත්තට හැරිලා ගියාම එක පැත්තක තඩියයි, මයිනයි අනිත් පැත්තෙ අනිත් දෙන්නා. කොහොමත් රෑ 9ය 10ය වෙනකං වළ බැහැලා ගෙදර ළඟට ඇවිල්ලත් තවත් පැයක් විතර කතා කරලා තමයි මයිනයි තඩියයි දෙපැත්තට යන්නෙ.  සමහර දවසක තඩියත් මයිනලගෙ ගෙදරින්ම කාලා යනව.  සමහර දවසක මයිනා තඩියලගෙ ගෙදරින් කාලා එනව. රෑට රෑට කොටු පනින එවුන්ට මේ සීන් එක හෙණම වදයක් වෙලා තිබුනෙ.   රෑ 11ට 12ට හිටි ගමං හතර දෙනාගෙන් එකෙක් කඩං පාත් වෙනව නේ.   ඕං ඔහොම කොටු පනින එකෙක් අපිට නෝට් වෙලා තිබුනෙ, හැබැයි ඉතිං තෝ තොට ඕන කොටුවක් පැනපිය කියලා අපි අපේ පාඩුවෙ හිටියා.  ඌට හොඳනං ඈ කැමතිනං අපිට මොකෝ තොපි ආතල් එකක් ගනියව් කියලා නොදැක්කා සේ ඉන්නව.  ඒත් ඉතිං ඔය කොටුව පනින එකා ටිකක් ශෝබනයා වගෙම අපිටත් වැඩියෙ දිරවන්නෙ නෑ.  හැබැයි ඉතිං ඌ කොටුව පනින ගෙදර එකී අපි එක්ක ෆුල් ශේප්.  මොකද ඒකි දන්නව අපේ එවුං හොඳට ඇහැ ගහගෙන ඉන්නෙ කියලා සීන් එකට.  අනික අරූ කියනව ඇති රෑ රාත්‍රියෙ අපි දකිනව කියලා. ඔය සීන් එක ඒ ගෙදර එවුන්ටත් ටිකක් නෝන්ඩි වෙලා තිබුනෙ.   මේ හේතුව නිසාම නැන්දම්මා ලේලී වළිපිට තමා හිටියෙ.

        ඕං ඉතිං එක දවසක් අපේ තඩියා දැකලා හැන්දෑවෙ අර ශෝබනයා ජැංඩියට ඇඳගෙන කොහෙද යනව.  එතන හිටපු එකෙකුට ශෝබනය කියලා හදිස්සියෙ කොළඹ යනව බං කියලා.  ඕං ඉතිං එදා රෑත් රස්තියාදුවේ ගිහිල්ලා ඇවිත් ගෙදරවල්වලට යද්දි තඩියත් මයිනලගෙ දිහවට ආවා.  රෑට කාලා ඉවර වෙලා තඩියා කියාපි "මයිනෝ යමං බං අපේ ගෙදර" කියලා.  රෑ 11ට විතර දෙන්නත් එක්ක ආවට තඩියා ගෙදර යන අදහසක් නෑ.   ඔන්න ඔහොම පැයක් විතර හොරගල් අහුළ අහුළ හිටපු තඩියා දැං යමං කියලා ආවා.   තඩිය තඩියගෙ ගෙදරට යන පාරත් පහු කරන් ඉස්සරහටම යනව "කොහෙද වහෙ යන්නෙ" ඇහුවට තඩියා නෝ කතා.  මයිනත් තඩියගෙ පස්සෙන්ම ගියා. මෙන්න මූ අර ශෝබනය කොටුව පනින ගෙදර ළඟට ඇවිත් මයිනො ඔහොම හිටපං කියලා පොඩි තාප්ප කෑල්ලක් තියෙනව ඒකෙන් පැනලා අර ගේ දිහාවට ගියා. මයිනත් එතන තිබුනු ඉද්ද මල් පඳුරකට මුවා වෙලා හිටියා.  කළුවරේ අර ගේ ළඟට ගියපු තඩියා එනකං මයිනා මල් පඳුර යටට වෙලා බලං ඉන්නව.  විනාඩි 5කට විතර පස්සෙ දඩිං බිඩිං ගාලා සද්දයක් ඇහුනා තඩියා දුවගෙන ඇවිත් තාප්පෙන් පැනලා දිව්වා.  මල් පඳුර අස්සෙන් එළියට පැනපු මයිනත් තඩිය පස්සෙන් දිව්වා.

                    ඕං ඉතිං මහ රෑ 12ට එකම ගාළ ගොට්ටියයි නැන්දම්මා ලේලි වළියක්..... දැං ඉතිං ඒ පාරෙන් ගෙදර යන්න බෑ නෙව කිලෝ මීටර් 3ක් විතර වටයක් ගහගෙන බල්ලොත් කවා ගන්න හද හද වෙන පාරකින් ගෙදරට ගියා.  පහුවදා උදෑසන කතා ගොඩයි හොර මිනිහෙක් ඇවිල්ලා....... සහ තවත් කතා.  අනේ ඉතිං එදා අර කාමරේ නිදියල තියෙන්නෙ අරකිගෙ නැන්දම්මා, ගෙදර උන්ටත් සැකයක් තිබිලා අරකි ගැන. තඩිය ගොනා සේ ජනේලට තට්ටු කරාම ජනේලේ ඇරලා, ඒ ජනේලෙට ජනෙල් කූරු එහෙම මොකවත් නෑ.  මූ ජනේලෙන් මේ පැත්තේ ඉඳන්ම අර නැන්දම්මගෙ බෝලේ මිරිකලා "කවුද බොළ තෝ පර බල්ලා" කියලා තඩියගෙ රැවුලෙන් අල්ල ගනිද්දිම තඩියා දැනං වැඩේ කෙළ උනා කියලා.  තඩියා මීටර් සීය...... අහිංසක මයිනා තඩියා පස්සෙ මීටර් දෙසීය.... අනේ ඉතිං පහුවදා පැය ගානක් හිනා වෙච්චි වැඩේට.  ඔය සිද්දිය නම් කාටවත් කිව්වෙ නෑ නිකං හරි ලීක් උනා නං අරකිගෙ මිනිහ ආමි එකේ වෙපන් එකක් ගෙනල්ලා තඩියට වෙඩි තියනව.  තඩියා කියන්නෙ අන්න ඒ වගෙ මී හරක් වැඩ කරන උළමෙක්. තඩියගෙන් ඇහුව්වම තෝ වහෙ මාර වැඩ නේ කරන්නෙ කියලා, නෑ බං පොඩි ආතල් එකකටත් එක්ක අරකිගෙ බෝලේ මිරිකලා එන්න කියල හිතං ගියෙ.  කවුද බං දන්නෙ අර අටමගලේ කාමරෙ ඉඳි කියලා කියාපි.

                                  අපේ හිටපු සෙට් එකම වගෙ ඒ වෙද්දි ප්‍රේම ජළාශෙ රඟනා හංසයො වගෙ හිටියෙ, හැබැයි තඩියා ඉතිං වේළි වේළි තමා.  වැඩේ කියන්නෙ අවුරුදු 14ක එකෙක් හිටියා ඌත් කෑල්ලක් දාගෙන.  තඩියා ඉතිං හරිම කැමැත්තෙං හිටියා ඌගෙම කියලා නාඩි වැටෙන මොකක් හො ගෑණු පරාණයක් පෙම්වති කර ගන්න. අපරාදේ කියන්න බෑ කිසිම දවසක මුගෙ ස්ටයිල් එක නම් වෙනස් කරේ නෑ. සරම ඇඳිම නැත්තං ෂෝට රැවුළ තම්බි ටයිප්...  අනික තමා ඇස් දෙක ලොකු කරලා අපත බැලිල්ලක් බළනව පොඩි එවුන්ට එහෙම කළිසමේ චූ යනව.  සමහර පොඩි එවුං ස්කෝලේ යන්නැතුව හැරිලා ගෙදර යනව මූ පාරේ ඉන්නව දැක්කම.  ඕං ඉතිං මූට මොකක් හරි කමක් නෑ සෙට් කරලා දෙන්න හිතාගෙන ගැන්සියෙ හැම එකාම ෆුල් හෙල්ප් එක. කොල්ලෙක් නෑ කියලා හිතපු හැම කෑල්ලගෙන්ම ඇහුව්වා, අපේ එවුං කලින් ලව් කරලා විශ්‍රාම ගන්වපු ඒවගෙං ඇහුව්වා, අක්කලගෙන් ඇහුව්වා, බැරිම තැන චාටර්, බටර් පීචං, ඇවටියල්, කචල් හුරතල් හැම එකෙන්ම ඇහුව්වා.  කියන්න කණගාටුයි සුපෙම්වතුනි සියළු ප්‍රතිචාර ඉතාම අහයපත්.  දැං මක්කැයි කොරන්නෙ කියලා කුක්කුඩෝල්ට බොහොම අමාරුවෙන් කියලා, ඒකිගෙ යාළුවන්ටත් කියලා තඩියා වෙනුවෙන් කෙල්ලෙක් සෙට් කරලා දීපල්ලා කියලා ඉල්ලිමක් කරා.  ඒ ඉල්ලිම අහක දාන්න බැරිකමට ඒ කෙල්ලො ඉතිං බොහොම අහිංසක කෙල්ලෙක්ව තඩියට මාට්ටු කරන්න කටයුතු කරා.  මයිනත් එක්ක කුක්කුඩෝල් බළන්න යනගමං තඩියට අර කෙල්ල එක්ක කතා කරන්නත් අවස්ථාව හදලා දුන්නා.  මයිනයි කුක්කුයි ලව් එකේ ඉන්න ගමං තනියම ඉන්න අරුං දෙන්නා සෙට් වෙයි කියලා හිතුවට එහෙම එකක් පේන්න නෑ නෑ වගෙ.

ප්‍රේමය ගැණ මුගෙ තියෙන දැනුවත්බාවය මදි කියලා හිතුනු නිසා මේ ගොණාට කිව්වා "අරකිගෙන් අහපං බං දැං" කියලා.  මූ කෝපි කඩේ සුවඳා වගෙ අහපි

තඩියා:- "කෝමෙයි බං අහන්නෙ"
මයිනා:- අහපං නංගි මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ කියලා, ඕකිට කොල්ලෙකුත් නැති එකේ උඹට හා කියයි.
තඩියා:- ඒකි බෑ කිව්වොත් බං
මයිනා:- බලෙං හරි යාළු කර ගනිං.... හොඳිං බැරිනං නරකිං හරි බළමු

                                ඕං ඉතිං එක හෙණහුරාදාවක තඩියා සමග මයිනා ගියා කුක්කුඩෝල් බලන්න,  කුක්කුඩෝල් අර යාළුවත් එක්ක ආවා.  කොටු තාප්පෙ ඈත කොනක බංකුවක වාඩි වෙලා ඉංදිය සාගරයෙ ක්ෂිතජ රේඛාවේ ඇස්‍ රඳවගෙන, මයිනා දෙතනගල කඳු මැන මැන ඉන්නව.  අරුං දෙන්නා ඊට එහා තිබුනු බංකුවක මීටරයක පරතරෙ තියං වාඩි වෙලා ඉන්නව.  උං දෙන්නට තිබුනු අවධානෙන් මිදිලා මයිනා තමංගෙ කාර්‍ය්යට සම්පුර්ණයෙන්ම යොමු උනා විතරයි.  "මයිනෝ දුවලා වරෙං" කිව්වා, හුටා අර කෙල්ල බංකුවෙන් බිම වැටිලා ඉන්නව.  මයිනයි කුක්කුඩෝලුයි එතනට දුවලා බලද්දි අර කෙල්ල ක්ලන්ත වෙලා.  ඒ කෙල්ලගෙ වතුර බෝතලෙන්ම මූණට වතුර ටිකක් ඉහලා සිහිය අර ගත්තම අර කෙල්ල ඉන්නව බය වෙලා මහසෝනා දැක්කා වගෙ. මොකද උනේ කියල ඇහුවට තඩියා කිව්වෙත් නෑ අරකි කිව්වෙත් නෑ. සියළු වැඩ පසෙකලා අර කෙල්ලයි කුක්කුවයි බස් එකකට නග්ගලා, මයිනයි තඩියයි වෙන බස් එකක එල්ලුනා. "මොකෑ වහෙ උනේ කියපං" කියලා ඇහුවමයි තඩියා කිව්වෙ සීන් එක.



                          මූ අර කෙල්ලගෙන් අහලා "ඔයා මට කැමතිද නංගි" කියලා. කෙල්ල කියලා මට විබාගෙ කරන්න ඕනේ දැම්ම ඕවා ගැන හිතන්න බෑ අයියෙ කියලා.  අනේ ඉතිං මේ ගොං අලියට මතක් වෙලා මයිනා කිව්වනෙ හොඳින් හරි නරකින් හරි කියලා.  මූ මොකද කරලා තියෙන්නෙ අර කෙල්ලගෙ අතකින් අල්ලං පොඩි එවුං බය කරන මූඩ් එක දාගෙන ඇසුත් ලොකු කරගෙන අහලා තමුසෙ කැමති වෙනවද නැද්ද?. අනේ ඉතිං මුගෙ විලාසෙට බය වෙච්ච අර කෙල්ලට සිහිය නැතුව ගිහිල්ලා.  මැදෑ කොලා ඉතිං අන්තිමට ඒ කෙල්ලට උණ අරගෙන දවස් තුනක් ස්කොලේ ආවෙත් නෑ, පංති ආවෙත් නෑ, ආයේ කවදාවත් කුක්කුඩෝල්ගෙ තනියට ආවෙත් නෑ. තඩියා යන එන පාරකවත් ගියෙත් නෑ......... මැදෑ ඉතිං තඩියට ලව් සෙට් කරන්න කියලා ගියා.
එන්නං ඈ........ තව තියේ පස්සෙ කියන්නම්
_____මයිනා_____

No comments:

Post a Comment