Sunday 22 March 2020

මයිනාගෙකතා ..76 ... ලව් -2

#මයිනාගෙකතා ..76 ... ලව් -2

                                                මයිනගෙ ඊළඟ ලව් එක හරිද එහෙමත් නැත්තං 3වෙනි ලව් එක. ඒ ලව් එක හික්කඩුවෙ "මිල්ල" කියන පැත්තෙ අපරාදේ කියන්න බෑ උංගෙ අප්පා අපේ ගමේ නම එක්කත් තරහයි. ඔය ලව් එකට තියෙනව සදා අමතක නොවන මතකයක්, ඒ කියන්නෙ මයිනයි මයිනගෙ මල්ලියි දෙන්නම ට්‍රයි කරලා එකම කෑල්ලට. හික්කඩුවේ සිංහ සමාජය ගොඩනැගිල්ල කිට්ටුව තිබුනා සමාධි කියලා ටියුෂන් ක්ලාස් එකක්, ඕං ඔතනට තමා ඒකි කලාස් ආවේ. මයිනා සහ අපත සෙට් එක ක්ලාස් යන වෙලාවට ඒකි පස්සෙන් ගිහින් කොහොම කැමැත්ත ගත්තා. මයිනා එක්ක ලව් එකක් යනව කියලා නොදන්න මල්ලිත් ගිහින් ඒකිගෙන්ම කැමැත්ත අහලා. "අපරාදේ අයියා එක්ක යාළු වෙලා හිටියෙ නැත්තං මං ඔයාට කැමති වෙනව" කියලා මෙකි මල්ලිට කියලා. ඒ සිද්ධියෙන් පස්සෙ ඉතිං මයිනගෙ මල්ලිට කාඩ් එකක් වැදුනා "අහේනියා" කියලා.

                                               ඕං ඉතිං ඔය ලව් එකත් උංගෙ ගෙදරට මාට්ටු උනා සහ එවුන්ගෙ තාත්තා ඒකිට ෆුල් වළිය දාන්න ගත්තා. මයිනා ඉතිං ඉඳ හිට මිල්ල දිහාවෙත් බයිසිකල් පදින්න ගත්තා. ඒකිගෙ අක්කා මයිනගෙ ලව් එකට ෆුල් සප් එක දුන්නා අපරාදේ කියන්න බෑ. ඔය ලව් එකත් ස.පෙ. ගොඩ දා ගෙන ගාල්ලෙ සංඝමිත්තෙට තමා උ.පෙ. ට ගියෙ. මයිනත් ඉතිං ආයෙමත් ගාළු යන්න පටන් ගත්තා, ඒ සීන් එකට කුක්කු ඩෝල්ගෙ ඇස්වල කටු ඇනෙන්න ගත්තා. හැබැයි ඉතිං මයිනගෙ අළුත් ලව් එකට අපරාදේ කියන්න බෑ ගිංතොට පාළම වගෙ වාචාළ කටක් තිබුනා. උ.පෙ. අවසාන අවුරුද්දට කුක්කුඩෝලුත් පළවන අවුරුද්ද වෙනුවෙන් අළුත් ලව් එකත් ගාල්ලට ඉස්කෝලෙ සහ පංති යනව. කුක්කුඩෝල්ගෙ පංති ඉවර වෙනව අනිත් එකීට පංති පටන් ගන්නව, සෙනසුරාදා අනිවාරයෙන්ම මයිනට කුක්කුඩෝල්ව මීට් වෙනව. මයිනා ඉතිං පුළුවන්තරම් කුක්කුඩෝල්ව මගහරිනව. ඕං ඉතිං අන්තිමේ කුක්කුඩෝල් සහ අළුත් ලව් එක අතර සීතළ යුද්ධයක් පටන් ගත්තා, වැඩේ සීරියස් වෙලා මුන් දෙන්නා වළියකුත් දාගෙන. වටේ පිටේ හිටපු යාළුවො දෙන්නා දෙපැත්තට කරලා යංතං වළිය බේරගෙන තිබුනා.


                                     ඒ ලව් එක ටික කාළයක් යද්දි ඉතිං අපරාදේ කියන්න බෑ මළම වදයක් වෙන්න ගත්තා. මේකි දවසක අපේ ගමේ කෙල්ලෙක් එක්ක අපේ ගෙදරටත් ඇවිත් තේ එහෙමත් බීලා ගිහිල්ලා. අපේ මෑණියන්වහන්සෙ කුක්කුඩෝල්ට බණින ඕනෑම කෙනෙකුට බත බුළතින් සංග්‍රහ කරලා ගෙදර තියෙන මොනව හරි සිහි වටනෙකුත් දීලයි යවන්නෙ. ඕං ඉතිං අපේ ගෙදරත් ගිහිං ආවා කියල මේකිගෙ රැස් වැඩි වෙන්න ගත්තා. සියළුම පෝය දිනයන් මේකි වෙනුවෙන් වෙන් කිරිම නිසා මයිනට බණක් භාවනාවක් කර ගන්නවත් වෙළාවක් කාළයක් නැතුව ගියා. ඒ මදිවට මේ අටමගළේ එහෙ මෙහෙ එක්කං යන්න සල්ලි තියෙන එකක්යෑ, ජොබ් කරනව කියලෑ මොකෝ. ඕං ඔය අතරවාරේ මයිනගෙ ගෙදර එවුන්ටත් මයිනා ගෙදර ඉඳිම වධයක් උනා සහ මයිනටත් ගම අතහැර යෑමේ උවමනාවක් තිබුනා. ඒ වෙද්දි ගම දෙපැත්තකින් ඇවිලෙමින් තිබුනා, නෑකම සහ යළුකම මැද මයිනත් අසරණ උනා. මයිනා යාළුකම් එක්ක හිට ගනිද්ද ගෙදරට මයිනා දුරකට එළව දැමිමේ දැඩි උවමනාවක් ආවා. මයිනත් ජොබ් හොය හොය ඉතිං රට හතර අතේ දුවපු කාලේ. එක දවසක දෙන්නා එක්ක ගාල්ලෙ ඉඳං එද්දි ඒ බස් එකටම මුංගෙ අයියත් මගදි නැගපි........


                                       එදා නම් ඉතිං පියාණන් සහ අයියණඩි දෙන්නම අම්බානයි ටිකයි වෙන්න දීලා තිබුනා, අපරාදේ කියන්න බෑ දවස් 3ක් ඇඳ උඩම ඉන්න. ඊළඟ සතියෙ වගෙ වෙද්දි මයිනප්පුටත් අගනුවර දිහවේ ජොබ් කට්ටක් සෙට් වෙලා යන්න උනා. ජංගම දුරකථන පහසුකම් හො වෙනත් සන්නිවේදන ක්‍රමයක් නොතිබුනු ඒ කාලේ ඉතිං තඩියා, කට්ටා හො වෙනත් ගල් ඉබ්බෙකුගෙ මාර්ගෙන් ඇර වෙනත් තොරතුරක් ගත හැකි ක්‍රමයක් තිබුනෙ නෑ. සියල්ල ඉවර වෙලා සනීප උනාට පස්සෙ ලව් එක වෙනදා සෙනසුරාදට ගාල්ලට එන පුරුද්දටම ගාළු ඇවිත්. හැබැයි ඉතිං එදා ඇවිත් තිබුනෙ මයිනත් එක්ක මයිනගෙ ගෙදර නවතින්න යන්න හිතාගෙන. ස්කූල් බෑග් එකට ඇඳුම් ටිකකුත් දාගෙන. ඒත් ඉතිං ඒ දවසෙ මයිනගෙ කරුමෙටද උරුමෙටද දන්නෑ මයිනා ගාළු ගියේ නෑ සහ ඒකිට මුණ ගැහුණු අපේ කටා ඒකි මයිනගෙ ගෙදර එන්න ආපු එක නවත්තල තිබුනා කටාගෙ කූට උපක්‍රම වලින්. මයිනත් කොළොම්පුරට උනා සහ මාස 3ක් විතර මයිනට නැවත ගම දිහාවේ එන්න ලැබුනෙත් නෑ. ඒ ලව් එකත් එතනින් හබක් වෙලාම ගියා. හැබැයි ඉතිං ලව් එකත් එහෙම පිටින්ම විෂ කඩියා මයිනා ගෙදර එන දවස් දැන ගැනිම උදෙශා අපේ ගමේ වෙනමම රොයිටර් සේවයක් ක්‍රියාත්මක කරලා තිබුනා. හිටි ගමං ගමේ කෙල්ලෙක් "රංජනී නැන්දෙ ලොක්කයියා ආවේ නැහැයි" කියල අහන්නත් ඒ තොරතුරු අනිත් පැත්තට වාර්ථා කරන්නත් උනා. ඒ හේතුව නිසාත් මයිනා නැවතිලා හිටපු අදාල ඥාති නිවසට කියල තිබුනේ නිවාඩුවකටවත් මූ ගමට නාවට කමක් නෑ කියල. මයිනා ඒ කරදරෙනුත් බේරුනා කොහොම හරි. තව ලව් තියේ කියන්න බෑ බොළව්.......
___මයිනා____

No comments:

Post a Comment