Saturday 4 April 2020

මයිනාගෙකතා... 79 .... WPC

#මයිනාගෙකතා... 79 .... WPC

                                                                          පහගිය දවස්වල බුකිය පුරා එස්.අයි. නෝනා කෙනෙකුගෙ ෆොටෝවක් කැරකෙනව දැකලයි මේක මතක් උනේ. මුලින්ම කියන්න ඕනේ කතාවක් මම ලංකාවේ දැකපු ලස්සනම පොලිස් නිළඳාරිණිය දැක්කෙ යටියන්තොටදි. 2009 දවසක වෙන්න ඕනේ එතුමිය නම් සැබෑවටම ලස්සනයි, කරවනැල්ල පැත්තට යන්න ගිහින් ආයෙමත් කාර් එක හරවං ආවා. ඊට පස්සෙ ළඟට ගිහින් දෙහිඕවිටට යන්න පාරත් අහගෙන හොඳට මූණ බලාගෙන ආවා. හැබැයි එතන හිටපු දඩ සයිස් සාජන් නෝනා නම් "ඒක පාරක් අහන්න උවමනාවට ආව ගමනක් නෙවෙයි" කියලා කියනව ඇහුනා. මොනව කරන්නද ඉතිං කොළුකම නෙවෑ.......... නේද?.

                                                           මයිනා ගෙන්දගං පොළවට වෙලා වළ බහින කාලේ හිටපු අපත නඩෙත් එක්ක මාළඹේ බත්තරමුල්ල අවට පාත බොහො වෙළාවට ගැවසුනා. ඒ දවස්වල ආරක්ෂක හේතු මත හැමතැනම ඉතිං හමුදා මුර පොළවල්, පොලිස් මාර්ග බාධක. බස් එහෙක ගියත් පයින් ගියත් වෙන වහනෙක ගියත් පරික්ෂා කිරිම්වලට මුහුණ දෙන්න වෙනව සැරින් සැරේට. ඒ වගෙම පාර්ළිමේන්තු දවස්වලට පාරවල් වහලා හිටි ගමං අපේ ඡන්දෙන් පාර්ළිමේන්තු ගියපු එවුං අපට වද දීගෙන පාරෙ යනව. ඕං ඔහොම කතා ගොඩයි. අපේ අපත සෙට් එකේ හිටපු ලොකුම අපතය චමින්ද කියලා කැබතිගොල්ලෑවෙ එකෙක්. සමහර දවසක හැන්දෑවෙ පාර්ළිමේන්තුපාරෙ ඇවිදගෙන යන එන එක සෙට් එකේ එක විනෝදාංශයක් උනා.





                ඕං ඔහොම යන එන වෙළාවක දැකපු පොළිසියෙ අක්කි බබෙකුට චමින්දයගෙ හිත ගිහින්. මූ ඉතිං මේක බලන්න ඕන නිසා ඔය පාර්ළිමේන්තුපාරෙ හක්කලොං කරන්න ගත්තා. දැකිල්ලත් එක්තරා #කිල්ලක් කියන්නැහෙ මූට දවසකට සැරයක් පොළිස් නෝනව දකින්නම ඕනේ. සමහර දවසක ඔය පොලිස් නෝනා ඩියුටි මාරු උනාම මූ දහසක් වැඩ තිබුනත් උදේ වරුවෙ යනව බලලා එන්න. නැත්තං හවස යනව මූ ඔතනින් එහෙට මෙහෙට ගිහිල්ලම ආමි එකටයි පොලිසියටයි මූව හොඳට නෝට්. මු අර පොළිස් නෝනගෙ මූණ බලන් යනව විතරයි නමක් ගමක් වයසක් හො ඉන්න පොළිසියක්වත් දන්නෑ. ඔන්න ඉතිං දවසක අනිත් අපතයො කිව්වා මේ වැඩේ හරි යන්නෑ, "ගිහිල්ලා අහමු කෙලින්ම" කියලා. ඒ දවස් මතක විදියට පාර්ළිමේන්තුව දිගටම රැස් උනු කාළයක් වගෙම කොළඹ බෝම්බයක් පුපුරලා විශේෂ ආරක්ශක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙච්ච දවස් වගයක්.

                                කරුමේ සක්‍රයා ආවත් වළක්වන්න බෑ කියනව නේ. ඔන්න එදා චමියා හැඩ වැඩ වෙලා අනිත් අපතයොත් එක්ක ගියා පොළිස් නෝනා බලන්න. එදා පොළිස් මුර පොළ සහ හමුදා මාර්ග බාදකය ළඟින් එහට මෙහට 3න් 4 සැරයක් ගියා. ආමි එකෙන් කතා කරා කට්ටියටම අයි.ඩි. කාර්ඩ් එහෙම බළලා, චමියව වෙනම ගත්තා. දැන් ප්‍රශ්ණ වැළයි උඹ ඇයි මෙතනින් එහෙට මෙහෙට යන්නෙ. දවස් ගාණක් තෝ දැක්කා ඇත්ත කියපිය තෝ ඔත්තු බළනවද?. මැදෑ කොලා ඕං තව ටිකකින් තරු පටි තියෙන මහත්තයෙකුත් ආවා. ඊළඟ ප්‍රශ්ණ කිරිම ආරම්බ වෙන්නෙ එතරම් හොඳ විදියකට නොවේය කියන එකත් සමහර සෙබළුන්ගෙ අත්වලට ආපු පොළුවලින් ප්‍රත්‍යක්ෂ උනා. ඇට තැලෙන්න ගුටි කනවට වඩා හොඳයි ඇත්ත කියන එක කියල හිතපු මයිනා පැන්නා ඉස්සරහට. "සර්" කියලා අර උසස් නිළධාරියට විස්තරෙ කිව්වා. ආං අර පොලෝසියෙ අයිටම් එකට හිත ගිහින් මූ උදේ හවා ලවක් දෙවක් නැතුව මෙතනින් එහෙට මෙහෙට යන්නෙ. අද අපි ආවේ හිටියොත් නමක් ගමක්වත් දැනගෙන යන්න කියල සර්.

                                ඒක අහපු නිළධාරියටත් හිනා පොළු අතේ තියන් හිටපු ආමි එකේ කොල්ලන්ටත් හිනා. "යකෝ තොට පොළිස් කෑල්ලකටම හිත ගියෙ, ආමි එකෙත් ඉන්නව ඔයිට වැඩියෙ හොඳ කෑලි" කියලා. එතුමා කිව්වා "හෙට හවස හතරට වරෙං විස්තර හොයල දෙන්නම්" කියලා. එතන හිටපු කොප්‍රල් කෙනෙකුට කිව්වා "මේ මල්ලි ආවොත් විස්තර ටික දෙන්න" කියලා. පහුවදා හවස ගියාම අර පොලිස් නිළධාරිණියගෙ විස්තර නම:, ගම: වයස : ආදි වශයෙන් ලියලා. රතු පෑනෙන් තරු ළකුණක් දාලා ලියලා විවහකයි තෙමස් ගැබිණියකි කියලා. එතන වරහන් ඇතුලේ ලියලා කැමතිනම් සැමියාගෙ කැමැත්ත විමසා රැගෙන යන්න කියලා.

                                එදායින් පස්සෙ චමිය නෙවෙයි පාර්ළිමේන්තු පාර පැත්ත පළාතක ගියෙ. අපි නම් සමහර වෙලාවට පොලිස් කාන්තාවක් දැක්කම අහනව "චමීයො තෙමස් ගැබිණියක්ද දන්නෑ" කියලා. ඒ වෙළාවට අරු ඉතිං අපිට ශුද්ද සිංහලෙන් කියලා දෙනව. ආතල්ම වැඩේ උනේ ඔය කතාව අපේ ලොක්කා දැනගෙන චමීයව බයිට් එකට ගනිපු එක. දවසක් ලොක්කා චමීයවයි තව එකෙකුයි දාගෙන වහනේ ගිහින් තියෙනව කොම්පඤ්ඤවීදියෙ තැනකට එතනම තිබුණු පොළිස් බැරියර් එකේ ඉඳලා පොලිස් කාන්තාවක්. අපේ ලොක්කගෙ අයි.ඩි. එක පෙන්නුවම ආමි එක සැළියුට් එහෙම ගහලා ආචාර සමාචාර කරලා තමයි නවතින්නෙ. අපේ ලොක්කා අර පොළිස් කාන්තාවට කතා කරලා ආමි එකෙනුත් සැළයුට් ගැහුව්වා කියන්නෙ කවුරු හරි තදයෙක් කියලා දැනගනිපු පොළිස් කාන්තාව ඇවිත් වහනේ ළඟට.

                               අපේ ලොක්කා ඇහැව්වලු "ඔය ළමයා බැඳළද?" අර wpc කිව්වලු ඇඹරි ඇඹරි "නෑ සර්" කියලා. සර් චමියා පෙන්නලා කිව්වලු "මේ ළමයට මම බඳින්න කෙනෙක් හොයනව ඔයා කැමති නම් කියන්න" කියලා. අර wpc කිව්වලු "මම අම්මිගෙනුයි අප්පච්චිගෙනුයි අහන්න ඕන සර්" කියලා. අපේ චමියා ඉන්නවලු සර්ට පිහි පාරක් දෙන්න තරං කේන්තියෙන්. සර් කිව්වලු "එහෙනං අහලා කියන්නකො" කියලා. එතනින් මිටර් 10ක් එන්න හම්බ වෙලා නෑ චමියට මළ පැනලා "සරුත් මහ #කන වැඩ නේ කරන්නෙ" කියලා යන වහනෙන් පැනලා පාරට යන්න ගිහින්. සර් වහනේ නවත්තලා එළියට බැහැලා කිව්වළු "චමින්ද එහෙනං වැඩේ හරිනේ වෙඩිමට සූදානං වෙමු ඈ" කියලා. අර wpc කට්ට කළු දඩ සයිස් කෙනෙක්ලු, ඔය සීන් එක නිසා මාසයක් විතර චමීයා සර් එක්ක කතා කරෙත් නෑ. එදා මෙදා තුර චමින්දයා නෙවෙයි පොලිස් කාන්තාවක් ඉන්න පැත්ත පලාතක යන්නෙ. අද දවසෙ නම් චමින්දය කොහෙ ඉන්නවද කියලා දන්නෙ නෑ ඒත් අතීත මතක නම් අදත් තනියෙන් ඉන්න වෙලාවටත් මතක් වෙලා හිනා යනව....... එන්නං ඈ......
____මයිනා____

No comments:

Post a Comment