Tuesday 10 April 2018

මයිනාගෙ කථා...2 ගල්කටස්



ඕං ඉතිං තවත් එකක් ඈ....... උපතින්ම එක එක උණ දෝතින් දරාගෙන ජන්මය ලබන අපේ ගමපලාතෙ දරු  පැටවුන්ට සමහර වෙලාවට උණ සන්නිපාතයත් වැළඳෙනවා. එහෙම සන්නිපාත තත්වය වැඩි වෙලා නිව්මෝනියාව වැළඳුනාම වැඩේ අවුල් වෙනවා. එහෙම උනාම ප්‍රතිවාදි කල්ලියකින් හරි පොලිසියෙන් හරි තමා බෙහෙත් ලැබෙන්නෙ. පොලිසියෙන් බෙහෙත් මාත්‍රාව වෙනස් කරමින් විවිධ විදියෙන්, කිතුල් පොල්ලකින් හරි ඇට්ටෙරිය පොල්ලකින් කකුල් දෙකෙන් එල්ලලා එහෙමත් නැතිනම් බංකුවක් මත දිගෑදි කරලා හරි බලෙන් හො බෙහෙත් දෙනවා. මෙහෙම දෙන බෙහෙත් ඉතිං ටික කාලයයි. මාසයකට දෙකකට සැරයක් බළපිටියට හරි ගාල්ලට හරි ලෝයර් මහත්තරුත් එක්ක ක්ලිනික් යන එකත් සමහර හාදයොන්ට වෙනම ආතල් එකක්. ප්‍රතිවාදි කල්ලි වලින් ලැබෙන බෙහෙත් මාත්‍රාව සැරයි, හැබැයි ඉතිං එක වේළයි හරියටම බෙහෙත ලැබුනනම් ලෙඩා මලත් බඩ සුද්දයි. මාරියක් කාලා කෝපි කොප්පයක රහ බලන්න ඇහැකි අවුළක් නැතුව. එහෙම ඉතිං උණට බෙහෙත් ලැබුණු අවස්ථා එමටයි.

අවට පහත ගම්වල උණ තිබෙන උන්ට තමන්ගෙ ශක්තිය උරගා බලන්න ලැබෙන හොඳම අවස්ථාව එන්නෙ අගොස්තු මාසේ.  ඒ කියන්නෙ දෙවොල් දෙවි හාමුදුරැවන්ගෙ පිහිටෙන් අවුරැද්දකට සැරයක් එන සිනීගම දෙවොල් දේවාලයෙ උත්සවය. අපරාදෙ කියන්න බෑ කප් සිට වු දින සිට සිනීගම හාදයොන්ට වැඩ. කඩු මුවහත් කිරිම, උල් පිහිය සෑදීම, බාටික්කා සොයා ගැනිම වගෙ දේවල් මේ අතර ප්‍රධානයි. ඒ අතරිනුත දේවාලේ අවසන් පෙරහැර සහ දෙවොල් මඩු යාගය පැවතෙන රාත්‍රි දවස් වල වෙළපහා වැල්ලෙ මෝල්ගස් වළ දැමිම, කඩු සැඟවිම වගෙ දේ සිද්ධ වීම සාමන්‍යයි. ඒවා ඉතිං ප්‍රයොජනයට ගත් සහ නොගත් අවස්ථා දෙකම තියෙනව.


මේ කියන කාලේ මයිනා සහ තවත් හාදයෙකුට උන හැදිලා හිටියා ඒ උණ තමයි පිස්තෝළයකින් වෙඩි තැබිමෙ උණ, ඒ වෙද්දි වයස නම් 17යි මාස 500ක් වගෙ.  මේ අමුතු උනෙන් පෙලෙද්දි දිවා රෑ නොබලා වෙහස මහන්සි වෙලා මේකට වැඩිපුර බෙහෙත් හෙව්වෙ මයිනගෙ මිතුරු හාදයා. මේ හෙවිල්ලෙ අවසානයක් වුනේ එක්තරා පුද්ගළයෙකුගෙ කටමැත දෙඩවිල්ල මත පමණට වඩා කයිවාරු ගැසිම නිසා. ගේම නම් ගේම බවත් තමන්ගෙ ළඟ විවිධ වර්ග වල ආයුද තිබෙන බවත් කියපු මේ කයිවාරැකාරයගෙ කිසිම ආයුධයක් දෑහින් දැකපු කෙනෙක් නම් ඒ වෙනකම් හිටියෙ නෑ. ඒත් ඉතිං මයිනගෙ මිතුරු හාදයා ඉන්තේරුවෙන්ම කිව්වෙ මූ ළඟ මොනවම හරි ඇති බන් කියලා. ඊට පස්සෙ අර කයිවාරුවා ගැවසෙන තැන් ගැන මිතුරු හාදයා ඇහැ ගහගෙන හිටියා. එක දවසක් කයිවාරුවා කුරැඳු ඉඩමක් මැද්දෙ වැඩිපුරම හක්කොළං කරන බවත් මූ මොනවම හරි මේ ඉඩම ඇතුලෙ කරන බවත් කියපු මයිනගෙ යාළු හාදයා දවසක් අර කයිවාරුට කලින් කුරැඳු ඉඩමෙ තිබුනු තඩි අඹ ගහකට වෙලා බලන් ඉඳලා. මෙන්න බොලේ කයිවාරු ඇවිත් එක තැනක තිබිලා පාර්සළයක් අරන් බලලා ආයෙමත් හංගලා. පැයක් පමණ අර අඹ ගහෙ හිටපු යාළු හාදයා ඒ වෙද්දි දිමියන් කෑම නිසාම හොඳ ගානට හෙම්බත් වෙලා.

කයිවාරු  හංගපු පාර්සලේ නම් තිබුනෙ අවශ්‍ය කරන බෙහෙතක්, ඒ කියන්නෙ ගල්කටස් කියන දේශීය ගිණි අවියක් සහ උණ්ඩ 2ක්. දෙවරක් නොසිතාම මයිනගෙ යාළු හාදයා ඒකත් උස්සන් මයිනගෙ ගෙදර.. දැන් ඉතිං යාළුවො දෙන්නම බෙහෙත් පාවිච්චි කරන්න යන්න ඊළඟ දවස යොදා ගත්තා. රෑ පුරා නිදි නොමැතිවත් නින්ද ලැබු ඇසිල්ලෙ රම්බො, පිඩේටර් වගෙ ඉංග්‍රිසි චිත්‍රපටිවල හිටපු නළුවො එළියට ඇදලා දාලා ඒ තැන් වල මයිනයි යාළුවයි රඟපාමින් රැය පහන් කර ගත්තා. උදේ 8 වෙද්දි මිතුරු තොමෝ ගෙයි දොරකඩ මාළු අල්ලන්න ගඟට යන නියාවෙන් බිළිපිති දෙකකුත් අරන් දන්න හඳුනන කෙනෙකුගෙන් ඔරුවකුත් ඉල්ලගෙන දැන් ඩබලම හබල් ගහගෙන ඔරැව පැද්දා කිලෝමිටර් 3ක් විතර ගඟෙ ඉහළට. එහෙම ආවම එක ප්‍රදේශයක කැලෑ කොටසක් තියෙනව ඒ කැලැවට ඇතුල් වෙලා දැන් බෙහෙත පාවිච්චි කරන්නයි හදන්නෙ.

මයිනට මේ ගැන දැනුමක් නැත මිතුරා කාගෙන් හො අසා දැනගත් පරිදි අර එක උණ්ඩයක් බටයට ඇතුල් කරලා නියමිත පරිදි සකසලා පිටි පස්සෙන් තිබ්බ ටිගර් එකත් ඇදලා මයිනට කිව්වා "මයිනො උඹ ඔය ගහාට මුවා වෙයන්" කියලා. මයිනා ගහාට එහා පැතතෙ ඉඳන් බලන් ඉන්නව යාළුවා ඉති කොකා ගැස්සුව "දඩෝං" . බුදු අම්මෝ කියලා සද්දයක් ආවා යාළුවා විසි වෙලා වැටුනා එරමිණියා ගාලක් උඩට. මයිනා දුවන් ඇවිත් යාළුවගෙ කටු ගලවලා යාළුවව ලොකු වෙහසකින් පස්සෙ බේර ගත්තා. අර ගල්කටස් එකේ බටෙ හතරට පැලිලා යාළුවගෙ අතත් පණ නෑ. 


මීට වසර විසි ගණනකට කලින් වෙච්ච ඒ සිද්ධියෙන් පස්සෙ අදත් මයිනා ගිණි අවි වලට බයයි. යාළුවා නම් උණ හොඳ කරගන්නම ඕන නිසා යුධ හමුදාවට බැඳුනා. රට වෙනුවෙන් ජීවිත පූජා කරපු විරැවන් අතරෙ ඔහුගෙ නමත් තියෙන්නෙ ඒ ගෙදර අයට වගෙම මයිනටත් දුක්බර මතකයකට ඉඩ හදලා දීලා. අර කයිවාරුත් පස්සෙ කාලෙක මැරුණා අක්මාව දිය වෙලා ඒ වැඩිපුරම දේශීය මත්පැන් බීම හේතුවෙන්. පස්සෙ කාලෙක තමයි දන්නෙ ගල්කටස් කියන්නෙ පාවිච්චි කරන එකාගෙත් ඉරණම විසඳලා දෙන ජාතියෙ අමුතුම සතෙක් කියලා.............

උඹලා එහෙම ගල්කටස් පාවිච්චි කරනවා එහෙම නොවෙයි... ආයෙත් එන්නම් ඈං.....

ඡයාරෑපය අන්තර්ජාලයෙන්

20 comments:

  1. හොද වෙලාවට පලවෙනි උණ්ඩෙන්ම ගල්කටස් එකට කෙලවුනේ නැත්නම් බටේ පුපුරලා සෙත්තපෝච්චි වෙන්නේ දෙවනි උණ්ඩේ පාවිච්චි කොරන මයිනාව තමයි.

    ReplyDelete
    Replies
    1. වයසෙ වැරැද්ද නොවෑ මොනවා කරන්නද

      Delete
  2. මයිනටත් හැදෙන උණ. තව පොඩ්ඩෙන් එදාම දෙන්නට හරි. දුකයි මයිනගේ යාළුවා ගැන. ඒත් එයා හමුදා සේවය සතුටින් කරන්න ඇති.
    දුර්ලභ දේවල් හාස්‍ය සමග ..

    ReplyDelete
    Replies
    1. ජොබ් එක සතුටින් කරා වගෙම රට වෙනුවෙන් වශශාල සේවයක් කරපු සොල්දාදුවෙක්

      Delete
  3. නියමයි නියමයි අටප පාර පෙන්නුවෙ.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔහු තමා මට මේ මුළු පාරම කියලා දෙන්නෙ

      Delete
  4. නියමයි අටම පාර පෙන්නුවෙ.

    ReplyDelete
    Replies
    1. අටම් මාව අතින් අල්ලන් පාරෙ එක්කගෙන යනවා. ස්තූතියි ඔබට

      Delete
  5. උණ තිබුනට වෙඩි වගේ කෙලින් පොරවල් ඉන්න පළාතක් බොල ඔය
    //බාටික්කා
    මොනවද මයිනෝ මේ

    ReplyDelete
    Replies
    1. බාටික්කා කියන්නෙ මී හරකගෙ අඟකින් හදන ඇඟිලි වැස්මක් වගෙ එකක් ඒක අතේ හිර කරගෙන තමයි ගහන්නෙ. වැදුනම ඉතිං ඇට කැඩෙනව හකු පනිනවා.

      Delete
    2. ඕ බෝ ඔය කියන්නේ කලාකිරිඤ්ඤෙයක් ගැන,
      නංචක්කුවක් නොවේ අටමෝ නකල් ඩස්ටර්යක්.

      Delete
    3. නම මතක නැතුව නේන්නං උන්නෙ කලා කිරිඤ්ඤ තමා

      Delete
  6. අටම් තමයි පාර කිව්වේ.. එන්න ඒ පාර දිගේ ආවා ඉතිං.

    ReplyDelete
  7. බොලාටත් මාර උණ තමයි හැදෙන්නෙ, ඔය කියන කාලෙ අපෙත් හාදයෙකුට තිබ්බ ඔය වගේම ඇම්මක්. මිනිහත් නිතරම කතා කලේ ඔය ගැනමයි, ඒ මදිවට මිනිහට හිටිය යාලුවෙක් හමුදාවේ මේජර්/බ්‍රිගේඩියර් කෙනෙක්ගෙ පුතෙක් ඔයිට වඩා හොඳ සෙල්ලම් බඩු අතපත ගාන. නමුත් යාළුවගේ වෙලාවට දවසක් පනාගොඩ හමුදා කඳවුර ළඟ තිවුණ මුරපොළකදී මුගේ බෑග් එකේ තියල තඩි හමුදා පිහියක් අහු වෙච්චි නිසා ගෙවල් වලට කොල්ලගේ කල්කිරියාව මාට්ටු උණු පාර උගේ ලෙඩේ නිට්ටාවටම හොඳ උනා.

    ඒ විතරක්යැ අපේ අල්ලපු ගමේ හිටිය නිසා මේ හාදයාගේ තාත්ත ඌවත් ඇදගෙන අපේ ගෙදරටම ඇවිල්ල අපේ තාත්තටයි අම්මටයි කතාව කියල මං ගැනත් ඇහැ ගහගෙන ඉන්න කියල. හොඳ වෙලාවට එදා මං ගෙදර නොහිටියේ, හිටිය නම් එක ගිනි විජ්ජුම්බරයයි.

    ඒත් එදා ගෙදර ආව ගමන් 4 තට්ටුවට අරං ගියා වගේ තමයි අම්මයි තාත්තයි අහපු ප්‍රශ්න වලට මට වරුවක් වග උත්තර දෙන්න උනා, අපි දෙන්නගෙ තව යාලුවෙක් වෙච්චි "ලේන" ටත් මේ වගේම වග උත්තර බඳින්න උනා කියල මට ආරංචි උනා පස්සෙ :-D

    ReplyDelete