Wednesday 2 May 2018

ලෝකය සුන්දර නැත.

මයිනා කිව්වානේ මයිනගෙ ජීවිතේට මුණ ගැහුනු මිනිස්සු ගැන, එහෙම ඇසුරු කරපු ජීවිත අතරෙ තිබුනු අපූරු කතා ජීවිත අත්දැකීම් ඔයාලට කියන්නම් කියලා.  අද මම කියන්නම් ඔයාලට කථාවක්.. මේ කථාව මයිනට කිව්වෙ කොළඹදි හමු වෙච්චි මල්ලි කෙනෙක්.  ගම ඇඹිළිපිටියෙ. කථාව නම් මල්ලිගෙ ජීවිතේ අත්දැකීමක් නොවෙයි. ඒත් ලංකාවෙම සිදු වෙච්ච එක්තරා ඇත්ත කථාවක්.


ලංකාවෙ ගම්බද පලාතක බොහෝම දුප්පත් පවුලක  රූමත් තරුණියක් ඉඳලා තියෙනවාපවුළේ වැඩුමලා වෙච්ච මේ ගැහෑණු ළමයට තමන්ට වඩා බාල මල්ලි කෙනෙකුත් නංගිලා දෙන්නෙකුත් ඉඳලා තියෙනවා. රුමත් ගැහැණු ළමයෙකුට පිරිමි ළමයින්ගෙන් කොහොමත් කරදර එනවා නෙ, කොතරම් අගහිඟ තිබුනත් තමන්ට පුළුවන් විදියට ස්වෝත්සාහයෙන් පුළුවන් තරම් ඉගෙන ගනිපු මේ ළමයා අ.පො.ස. සා.පෙ. හොඳින් පාස් වෙලා තියෙනවා.   භාහිර පංති කිසිවකට නොගිහින්, උසස් පෙළ කරන්න දහාසක් බළාපොරොත්තු පොදි බැඳන් සුදානම් වෙච්ච ඒ ළමයා වාණිජ විෂයන් වලින් උසස් පෙළ විභාගෙට සුදානම් වෙලා පාසලෙ ගුරුවරු එහෙමත් තම හැකි පමණින් උදවු කරලා තියෙනවා.  උසස් පෙළ විභාගෙට මාස 6ක් විතර තියෙද්දි ඒ ළමයගෙ තාත්තා කොස් ගහකින් වැටිලා උකුල් ඇටෙ බිඳිලා
එදා වේල හරි හම්බ කරපු ඒ අසරණ මනුස්සයා ඔත්පළ උනාට පස්සෙ ඒ දරුවනුත් අම්මත් හුඟාක් අසරණ වෙලා තියෙනවා.   ඇදුම රෝගයෙන් පීඩා විඳපු ඒ අම්මා, අසරණ උනු තාත්තා, නන්ගිලා මල්ලිලා ගැන හිතපු අර ගැහෑණු ළමයා ගාර්මන්ට් එකක ජොබ් එහෙකට ගිහින් තියෙනවා.   පවුලේ අඩුපාඩු පුළුවන් විදියට කරගෙන ජීවිතේ ඉස්සරහාට ගියපු මේ ළමයට එයා වැඩකරපු ආයතනයේම ඉහල නිළධාරියෙක් ආදරය කරන්න පටන් අරන්. වැදගත් පෙනුමක් තිබුණු සංවර කථාබහ තිබුනු මේ නිළධාරියට කාලෙකට පස්සෙ අර ගැහැණු ළමයත් ආදරේ කරන්න පටන් අරන්.  

 මේ නිළධාරියගෙ පෞද්ගළික තොරතුරු මොනවත් නොදන්න මේ ළමයා කලේ ඔහුට පුළුවන්තරම් ආදරෙ කරපු එක පමණයි.   හැමදාම හවසට අර නිළධාරියගෙ කාර් එකෙන් අතන මෙතන ගියපු අර ගැහැනු ළමයා එක්තරා දවසක ගැහෑණු ළමයෙක් ජීවිතේ දිවිහිමියෙන් රැක ගත්තු පාරිශුද්දත්වය ඔහුට පුජා කලා.  ඊට ටික දවසකට පස්සෙ අර නිළධාරියා ගැහැණු ළමයට කිව්වා ඔයා ජොබ් එකෙන් අයින් වෙන්න මම ඔයාට පඩි වැඩි හොඳ ජොබ් එකක් බැළුවා එතෙනට යන්න කියලා.     ඒ කථාව විශ්වාස කරපු අර ළමයත් ඔහු කියන දෙයට එකඟ වෙලා අළුත් තැනට වැඩට ගියා එතන හෝටලයක් වගෙ පෙනුනට ඇතුළෙ උනේ වෙනත් දේවල්.. ඒ ළමයා එතන රිෂෙප්සන් එකේ ටික දවසක් වැඩ කරගෙන යද්දි අර නිළධා රියගෙ ෆෝන් වැඩ නෑ, කළින් වැඩ කරපු තැනින් අස් වෙලා රට ගිහින්.     
අර ගැහැණු ළමයට උන් හිටි තැන් අමතක උනා මොකද ඒ වෙද්දි ඒ ළමයට බබෙක් ලැබෙන්න ඇවිත් මාස දෙකක් වෙනවාඅන්තයටම අසරණ උනු ඒ ළමයට ගමට යන්න විදියකුත් නෑ කොළඹ ඉන්න විදියකුත් නෑ.  අන්තිමේ තමන්ට වෙච්ච මේ අකරතැබ්බෙ කිව්වෙ අර හොටෙල් එකේ මැඩම්ට.  ඒ මැඩම් බොහොම කරුණාවෙන් කෙල්ලව එක්ක ගිහින් ඇබෝෂන් එකක් එහෙම කරවලා ලැබෙන්න හිටි ළමයවත් නැති කරලා කෙල්ලව ගෙනත් අර හෝටලේ ඇතුලේ වෙච්ච සිද්ධි දාමයට එකතු කලා.   කැමැත්තෙන් හො අකමැත්තෙන් කෙල්ලට උනේ ඒවට අවනත වෙන්න විතරයි.   අර නිළධරියා කලිනුත් රුමත් දුප්පත් තරුණියො මේ විදියට මේ හොටෙල් එකට දීපු එක තමයි කරලා තියෙන්නෙ.  ඒ වගෙම ඔහු බැඳලා ළමයි දෙන්නෙක් ඉන්න තාත්තෙක්. 

කාලයකට පස්සෙ අර ගැහැණු ළමයගෙ මල්ලි උසස් පෙළ කරලා ඉවර වෙල කොළඹ සුප්‍රසිද්ද ආයතනයක වැඩට එනවා.  අක්කා හොටෙල් එහෙක රිෂෙප්සන් එකෙ වැඩ කියලා දැනන් හිටියට වෙනත් විස්තර අර මල්ලි දැනගෙන හිටියෙ නෑ. කාළයක් ගියාම අර මල්ලිගෙ ආයතනයෙ හිටි එක යාළුවෙක් මල්ලිගෙ බොක්කම උනා.  මේ බොක්කා දවසක් අර මල්ලිට කිව්වා යමු කියලා නිගම්බො බීච්,  ෆන් එකක් ගන්න කියලායාළුවො දෙන්නා මීගමුවට ගිහින්  බීයර් එකක් එහෙම බීලා ඉන්නකොට බොක්ක තව යෝජනාවක් ගෙනාව. ඒ තමයි ගණිකාවකගෙ පහස ලබන එක.   අකමැත්තෙන් කැමති වෙච්ච අර මල්ලි යාළුවත් එක්ක එක්තරා හෝටලයකට යනවා.  යාළුව මල්ලිව ලොබි එහෙකින් තියල තමන්ට අවශ්‍ය ගණිකාව තෝරගෙන රූම් එහෙකට යනවා.  මල්ලිට කියනව උඹෙ බුකින් එකත් හරි පලයන් රූම් එකට කියලා. යාළුවා පැයකට විතර පස්සෙ විතර ඇවිත් මල්ලිව හොයනවා මල්ලි නෑ.  එතන රිෂෙප්සන් එකෙන් ඇහුව්වම කියනවා එයා ඒ වෙලාවෙම ගියා කියලා, යාළුවා කල්පනා කරනවා මු පුදුම පොරක් නේ මාවත් දාලා ගිහින් කියලායාළුවත් හොටෙල් එකෙන් පිට වෙලා යනවා. 



මීගමුව පැත්තෙදි අවූරුදු 21ක තරුණයෙක් කෝච්චියට පැනලා මැරෙනවා. හේතුවක් නෑ.  මළ ගෙදර වැඩ වලට අර බොක්කෙ යාළුවා බොක්කෙන්ම බැහැලා වැඩ කරනවා.  මැරුණු යාළුවගෙ අක්කව හොඳට දැකලා පුරුදුයි.. ඒත් මතක නෑඅඬා වැළපෙන අම්මා තාත්තා නංගිල දෙන්නා අතරෙ  අක්කා හූල්ලනව.     ඇස්වලින් ගලන කඳුළු මොකද්දො කතාවක් හංගනවා. මල්ලිගෙ මළගමෙන් පස්සෙ හැම දෙනාම යන්න යනවා. අර බොක්කෙ යාළුවත් යනවා අර අක්කා ගැන කල්පනා කර කර..., කොහෙදිද දැක්කෙ?

මල්ලිගෙ හත්දවසෙ දානේ ඉවර වෙනවා අක්කා අයෙමත් කොළඹ යනවා, තරුණියක් වසපානය කර මියයයි.  බෝඩිමෙ කාමරයක අක්කා වස බීලා මැරිලා තිබුනා.
බොක්කෙ යාළුවට අක්කා දැක්ක තැන මතක් උනා.. මීගමුවෙ හොටෙල් එකේ.

යාළුව අර ගෙදර අයට ගොඩාක් උදව් කලා. නංගිලා දෙන්නගෙන් එක්කෙනෙක් කැම්පස් ගිහින්. අනික් කෙනත් උසස් පෙල කරලා රජයෙ රැකියාවකට ගිහින්.

අපේ සමාජයෙ උනු එක කතාවක්.. හිතල බලන්න මේ ලෝකය කොයි තරම් නපුරුද? මේ කථාව අහලා මයිනටත් ඇස්වලට කඳුළු ආවා. 

____මයිනා___

5 comments:

  1. අර බුකියේ දාල තිබුන එක දාපන්කෝ

    ReplyDelete
  2. ගම්වලින් කොළඹ වැඩට ඇවිල්ල මොලේ කල්පනා කරන්නැතුව වැඩ කළොත් ඔය වගේ දේවල් වෙන්නැතුව තියෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. දුප්පත්කම නිසා කොයිතරම් දේවල් වෙනවද

      Delete