Tuesday 8 May 2018

මයිනාගෙ කථා... 6 හොර කුරුම්බා

මයිනාගෙ  කථා....6 .... හොර කුරුම්බා 

                                  එකම අත්තෙ වහන්නෙ එකම ජාතියෙ කුරැල්ලො කියනවනෙ. එහෙම එකම වර්ගෙ නසරාණි කුරැල්ලො සෙට් එකක් තමයි මයිනා ඇතුළු පිරිස. මුළු කණඩායම 15ක් විතර හිටියා ඒ අතර හිටපු සමහර උන් සතියකට සැරයක් තමා සෙට් උනේ. 8 දෙනෙක් හිටියා දිනපතා සේවය. හවස් වරුවක මේ එකෙක්වත් තනියෙන් නම් නොපෙනේ.  එහෙම දැක්කොත් ගමේ එවුන්ට එදාට වෙන මාතෘකාවක් නෑ. 
එක එක නසරාණි වැඩ කරන අතර හිටි ගමන් ගඟේ  නෑමත් සිද්ද වෙනවා. ගඟක් කිව්වට ඉතිං කරදිය ගලන උඩුමුල්ලෙ මොලපු ඔය තමා. තොටගමුවෙන් මුහුදත් එක්ක මුහු වෙන මේ ගංඟාවෙ නාන එකත් ඉතිං පට්ට ආතල්. තොටගමුවෙ පාළම උඩින් වතුරට පනින අපතයො ටික ඉතිං පැය ගනනක් ජල ක්‍රිඩා තමයි. 
මුහුදු වතුර එහෙමත් නැත්නම් කරිජ්ජ නාද්දි එන බඩගින්නත් ඊට හපං. ඒ බඩගින්න නිවන්නෙ අවට පහත වතුවල තියෙන පොල් ගස් තමා. ඇත්තම කිව්වොත් සතියෙ දිනවල උදේ වරුවක ගඟේ නානවා කියන්නෙ ගඟ අයින දිගෙ තියෙන පොල් ගහක කුරැම්බා කළටි කිසිවක් ඉතිරි නොවන බවයි.  අපේ කණ්ඩායමට අමතරව හිටපු තවත් කණ්ඩායම් මේ අසමජ්ජාති වැඩේ අඩුපාඩු නැතුව කලා. අනේ ඉතිං ඒ පොල්ගස් අයිති මිනිස්සු ඒ එකම ගහකවත් පොල් ගෙඩියක් ප්‍රයෝජනේකට නොගත් බව නම් ඉර හඳ සේ විශ්වාසයි. සතියෙ දවස්වල උදේ වරුවක ගෙදර ඉන්නෙ ගෑණු කෙනෙක් එහෙමත් නැත්නම් වයසක ආත්තම්මා කෙනෙක්.  සමහර දවසක ඉතිං ඒ මිනිස්සුන්ටත් සද්දෙ දාලා මිදුලේ තියෙන පැළ ගස්වලිනුත් ගෙඩි කඩන් එනවා. 

මේ කියන දවසේ කට්ටිය නෑමට සෙට් වෙලා. අපේ සෙට් එකේ හිටපු හොඳම ගස් නගින්නා මම. ෆයිලට් කියන ගෞරව නාමය ලැබෙන්න හේතු වෙලා තිබුනෙත් මේ ගස් නැගීමේ දක්ෂතාවයමයි. අනේ ඉතිං ගඟ පැත්තට නැවුනු අඩි 40ක් විතර උස ගසකට මයිනා කියන ෆයිලට් ගුවන්ගත උනා. අනිත් අපතයො වතුරෙ. කට්ටිය 13යි. 
දැන් මයිනා කුරැම්බා කඩ කඩ ගඟේ ඉන්න එවුන්ට දානවා.
"අඩෝ මට දෙකක් ඕනේ" ඌගෙ ගෙදර ගහෙ වගෙ සමහර උන් දෙක දෙකත් ඉල්ලනවා. කුරැම්බා වලු දෙකක් වතුරට කඩලා දාන සද්දෙ සහ අර අපතයන්ගෙ සද්දෙට ගෙදර මනුස්සයා යකඩ පොල්ලකුත් අරගෙන ආවෙ නැතෑ. 

"තොපේ අම්මට #%#%#" "

 සහ තවත් බොහෝ වදන් වැකි සහිතව පොල්ලත් අරන් එනවා. 
ඉක්මනින් බහින්න කියලා සුරුස් ගලා පොල් ගහෙ කඳේ ලිස්සගෙන එද්දි අඩි 15ක් විතර උඩදි පොල් කඳේ තිබුනු පොල් කීරක් ඇමිනුනා අනවශ්‍ය තැනක. මයිනා හිතුවේ මල්ල ඉරිලා බිත්තර දෙක බිම කියලා. දැන් ඉතිං ගහේ කඳ බදාගෙන මග නැවතිලා. ගහ මුල පොල්ල තියන් වත්තෙ අයිතිකාරයා.. ගඟෙ ඉඳන් අපත රැල කෑ ගහනව. ඇස් වලින් කඳුළු වැගිරෙනවා රිදෙන රිදිල්ලට. "අද තෝ මරණවා බැහෑපිය ගහෙන්" අරූ කෑ ගහනවා. මයිනා බොහොම අමාරැවෙන් අයෙමත් ගහ උඩට නැග්ගා. පැටලිලා තිබුනු පොල් කීර ගැළවුනා. 
ගඟ අයිනෙ ගැඹුර වතුර දනහිස ළඟටත් නෑ. ඒත් මයිනා අඩි 15ක් 20ක් විතර උඩ ඉඳන් ගඟට පැන්නා. ඒ පැනිල්ලට අනිවාරයෙන්ම බෙල්ල කැඩෙන්න ඕනෙ. යාළු අපතයො ටික මයිනා ඉවරෝ කියාගෙන දුවගෙන ආවා. ගහ මුල හිටපු මිනිහ පොල්ලත් දාලා පැනලා දිව්වා. අනේ දෙයියො බලලා මයිනා වැටුනෙ කොන්ද පැත්ත වතුරෙ වැදෙන විදියට. කොන්ද නම් බිම ඇනුනා ඒත් වැඩි අමාරුවක් නෑ. 
යාළු අපතයො ටික මයිනා උස්සන් ගඟෙන් ගොඩට ගෙනව. අර පොල් කීර ඇනුනු තැනින් ලේ එනවා. එකෙක් ලැජ්ජාව පැත්තක තියලා ජොකා ගලවලා බැළුවා. වැඩේ ටිකක් සීරියස්. කට්ටිය දෙන්නෙකුත් එක්ක මයිනා වීල් එහෙක දාගෙන ආරච්චිකන්ද හොස්පිටල් එකට. දවස් තුනක් විතර ඉතිං හොස්පිටල් තමා බෙහෙත් සමග. 

ගහෙන් පනින ඒ සජිවි දර්ශණය දුටු එක යාළුවෙක් අනේ මයිනා ඉවරයි කියලා ක්ලාන්ත වෙලා වතුරෙම. ඌත් උස්සන් තමා ගෙදර ආවේ. එදා හවස මයිනා බලන්න ආපු යාළුවා කිව්වෙ මම හිතුවෙ උඹ ඉවරයි කියල බන් මට මොනව උනාද කියලා මමම දන්නෙ නෑ කියලා. ඒ කියලා මයිනා හැදුනද?  නෑ නෙ. 
අර මයිනගෙ ජොකා ගලවලා බලපු නසරාණි හැතිකරේ කියපුව හිතා ගන්න පුළුවන් නෙ. මයිනා හොස්පිටල් ඉන්දැද්දි මයිනාගෙ ලව් එකට දීපු ආරංචි ඊට හපං. මයිනා ඇතුලු අපතයො තුන් හතර දෙනෙක්ම යාළු වෙලා හිටියෙ එකම ස්කොලේ ගෑණු පරාණ කිහිපයක් එක්ක. අරුං ගිහිල්ලා එවුන්ගෙ ලව් කරන කෑලි වලට කියලා තියෙන්නෙ මයිනගෙ බෝල දෙක නෑ ළමයෙක්වත් හදලා ඉවරයි කියලයි. ඒක අහපු මයිනගෙ ලව් එකට ඉතිං හෙණ කුතුහලේ බෝල දෙක නැතුව ඇති කියලා. දැං මේකි ඇඹරි ඇඹරි අහනවා අයියෙ ඇත්තද යාළුවො කියන්නෙ අරව මේවා කතා ගොඩයි. ඇයි තමුසෙට බලන්න ඕනෙද අහලා කුණු හරුපෙන් බැනලයි ෂේප් උනේ. ඒ මදිවට මග දිගට හම්බෙන අපතයොත් එක එක කතා කියනව බොළව්. 

මයිනගෙ තාත්තා නම් කියන්නෙ තෝ හදපු වෙලෙ ඌරෙක් හැදුව නම් මසටවත් විකුණන්න පුළුවන් කියලා. අන්න ඒ කතාව ඇහුනු එක අපතයෙක් ගෙදරට ඇවිත් තාත්තා හීන් අඩියක් ගහපු වෙලාවක අහලා "මාමේ ඌරා ගෙදර ඉන්නවද" කියලා. එදා නම් අපේ අපුච්චා අරූට ඌරන්ට පැටව් ලැබෙන හැටි කියලා දීලා. හොඳ වෙලාවට අක්කා ගෙට ගොඩ උනු නිසා ඌට තියරි පාඩම විතරයි කරලා තියෙන්නෙ. ඒ වෙලාවෙ අක්කා ආවෙ නැත්නම් අරූට ප්‍රැක්ටිකල් පාඩමත් කරනව අයේ දෙකක් නෑ. 

එහෙනං ආයෙමත් එන්නං ඈං. හොරාට කුරැම්බාවක් එහෙම කාපු එවුන් තමා දන්නෙ ඒකෙ ආතල් එක.....ආ...බයිසිකලේ චේන් එක පැනලා ඇනුනු අවස්ථාවක දැනුන සැප ඉතිං කොල්ලන්ට විතරයි හොඳේ....
තොපි කුප්පකතා එහෙම කියනව නෙමෙයි. මයිනා හොඳ ශරිර සෞඛ්‍යයෙන් ඉන්නවා.

-- මයිනා-- 

8 comments:

  1. ඇත්තම කියහං ඇටදෙක ගැලවුනා නේද

    ReplyDelete
  2. "මයින වලේ, ඇටේ ගහේ, ගම හෙලවේ"
    මරන පොස්ටරේ

    ReplyDelete
    Replies
    1. ඇට ගහ මුල තමා චුට්ටක් එහාමෙහා උනා නම්

      Delete
  3. මයින ගහේ - ඇටේ ඇලේ

    ඔහොම බේරිච්ච එක මදෑ. බැරිවෙලාවත් අර ගහේ අයිතිකායරයට අහුඋනානං හෙම ඇට දෙක විතරක් නෙමෙයි පොල්ලත් නැති වෙලා තමයි නවතින්නෙ.

    ReplyDelete
    Replies
    1. ගහන්ඩ ගෙනාපු පොල්ලද අයියේ

      Delete
    2. අනිවාරයෙන්ම ඔළුව පලනවා ඌට අහු උනා නම්

      Delete