Wednesday 20 June 2018

මයිනාගෙ කථා... 16 හොල්මන

මයිනාගෙ  කථා....16 .... හොල්මන

                                                  අවතාර ගැන බූත සහ පෙරේත කොට්ඨාස ගැන මොනවද දන්නෙ. මේ ලෝකේ දෙයක් නෑ නේ. ඕං වැඩේ.   මයිනා සහ අපත රැළ ගමේ සමහර එවුන්ට අරහං උනාට තවත් සමහරුන්ට රටක් වටින කොල්ලො ටික. ඒ කාලේ මයිනගෙ ගමේ පොල් අතු හෙවිලි කරපු හැම ගෙදරකම වහලේ මයිනගෙ සහ අපතයන්ගෙ අත් වලින් පොල් අතු බැඳලා තියෙනව. ගමේ ළිඳක් ඉස්සා නම් ඒ කටයුත්ත උනෙත් මයිනලාගෙ අතින්. අනික තමයි කිසිම දවසක ගමේ කෙල්ලෙකුට අනවශ්‍ය විහළු කරලා නෑ. 
ගමේ පිරිසක් මයිනලගෙ ගුණ ගයද්දි තව පිරිසක් දැක්කෙ නුගුණ පමණයි. විටක හික්කඩුව ටවුන් එකෙත් තවත් විටක ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකෙත් වළියක් පත්තු උනා නම් එතන ඉතිං මේ ගං කබරයෙකුත් ඉන්නවා ඒක ෂුවර්. මළ ගෙදරක නිදි වැරිම වගෙම කොඩි දැමිම ඇතුළු සියළු කටයුතු උනේ මයිනලගෙ අතින් තමා. 

එක දවසක මළ ගෙදරක නිදි වරද්දි අරංචියක් ආවා එකෙකුට යකෙක් ගහලා කියල. හික්කඩුව අළුත්වල පාරෙ යද්දි බේරතුඩුව කියලා ගමක් තියෙනව කිලෝමිටර් 6ක් විතර ඈත. ඒ ගමේ එකෙකුට තමයි යකා ගහලා තියෙන්නෙ. මළ ගෙදර හිටපු හැතිකරෙ යකා ගහපු එකා බලන්න යද්දි මයිනා ඇතුළු අපත නඩෙත් ගියා උන් පස්සෙන්. රෑ 10ට විතර පාරෙ ගියපු ලෑන්ඩ් මාස්ටර් එකක නැගලා බේරතුඩුවට ගියා කියමුකො. 

යකා ගහපු එකාගෙ විගඩම් බලලා ඉවර වෙද්දි වෙලාව රෑ 1 විතර වෙලා. යද්දි එල්ලිලා ගියපු ලෑන්ඩ් මාස්ටරෙත් නෑ. ඇවිද්ද පය දහස් වටි කියලා දැන් ඉතිං මයිනා සහ අපතයන් පිරිස පයින්ම එනවා. 
ඒ අතරමග පාළු හරියක් තියෙනව පාළමකුත් එක්ක රංගල්ල කියලා. මහ දවාලේ හොල්මන් ඉන්න පොට් එකක් 88-89 කලේ මරපු ඈයෝ ටයර් සෑයට දාපු ඩේන්ජරස් පොට් එකක්. කිලෝමිටරයක් විතර දුර එනකම් තනි යායට කිරළ ගසුත් කඩොලානත් විතරයි. ලයිට් එකක්වත් නෑ. ඒ හරියෙ පාරෙත් තාර ගැලවිලා කලුගල් පාර පුරාම. 
පාළමට පහලින් ඇනිකට් එකක් තියෙනව එතන මුරට පොරක් ඉන්නව. ඒත් ඌ රෑට නම් ඕතන නෑ.. හොල්මන්වලට බයෙ. 
ආපු සෙට් එකේ 9 දෙනෙක්. රංගල්ලෙ පාළමට එන්න කලින් එකෙක් කියාපි අපි 9 දෙනෙක් ඉන්නවා හැබැයි ඉතිං ඔත්තෙ සංඛ්‍යාවක පිරිසක් ඉන්නකොට තමා හොලමන් පේන්නෙ කියලා. දැන් ඉතිං බය දෙගුණ තෙගුණ වෙලා. ආපු එවුන් හැමෝම අර පාරෙ ගැලවිලා තිබුනු ගලුත් අතේ තියන් එනවා. 
ගොඩාක් එවුන් දැකපු හොල්මන තමා ගිණී හට්ටියක් ඔළුව උඩ තියාගෙන දුවන යකෙක්. ලා සඳ එළියෙ දැන් ටික ටික පාළමට ලංවෙනවා එකාට එකාට තිබුනු බයට එකෙක් හම්ම් සද්දයක් නැත. හිත යටින් බුදුගුණ වයමින්‍ එකා එකා යනවා. දැං පාළම උඩට ආවා පාළමෙන් මීටර් 20ක් විතර ඈතට වෙන්න එකෙක් ඔය අයිනට වෙන්න වාඩි වෙලා ඉන්නව. එක සැරෙට මෙන්න මූ ගිණි කැල්ලක් කට ළඟට ගත්තා, අර ගිණි කෑල්ලෙ එළියට අරැගෙ මූණ රතු පාට උනා. 


හැදුනු චූ බරයි කක්කි බරයි අමතක කරලා එකෙක් අතේ තිබුනු ගලෙන් ගැහුවා. කොපි කිරිම කලාවක් වෙච්ච අපත රැලේ හැම එකාම ගල් වලින් ඒ පැත්තට ගහලා පැනලා දිව්වා. 
ඒ දුවද්දි කලුවරෙ එකා එකා පැටලිලා වැටිලා දණිස් තැරි ගැහිලා. අත පය තුවාල වෙලා ආබාද ගොඩයි.  තුවාල හොදගෙන මළ ගෙදර ඉඳලා ආපු විදියට කට්ටියම ගෙවල් වලට ගියා.
 ඊළඟ දවසෙ සමහර උන්ට තුවාල වලට බෙහෙත් එහෙමත් ගෙනාව. තව උන් 3දෙනෙකුට උණ අරන් උන්ට තෙල් මතුරලා නූල් බැන්දා.

එදා දවසත් ගෙවිලා අනික් දවස ඉරිදා පොළ. අර පාළමේ ඇනිකට් එක මුරට ඉන්න පොර ඔළුවත් වෙලාගෙන ඇහැකුත් ඉදිමිලා පවුළත් එක්ක පොලේ ගිහින් යනවා. මයිනගෙ සෙට් එකේම අපතයෙකුගෙ තාත්තා අර පොරගෙන් ඇහුව්වා 
"මොකො මේ ඔළුව වෙලා ගෙන" 
"බලන්නකො අයියෙ පෙරෙදා රෑ 12ට 1ට විතර කවුදෝ ගල් ගැහුව්වා නේ...පාළම උඩ ඉඳන් එක සැරෙට ගල් වරුෂාවක් වගෙ ආවේ"
 "තනි එකෙකුට ඔහොම ගල් ගහන්න බෑනෙ හොල්මන් තමයි ආයෙ දෙකක් නෑ" 
දැන් ඉතිං වෙච්ච වැඩේ හිතා ගන්න පුළුවන් නෙ. 
ඇනිකට් එකේ මූ නෑ කියලා මූට විරැද්දව පෙත්සමක් ගහලා වාරිමාර්ගෙන්. ඒකට බයෙ තමා මේකා රෑ පාළම ළඟ ඉඳලා තියෙන්නෙ. ඒ දවසෙ මූ හිතේ බය යන්නත් එක්ක ගංජා සුරැට්ටටුක් ගහගෙන, තංගුස්පටක් වතුරට දාගෙන මාළු අල්ලන්න ට්‍රයි එකක් දිලා. අපි ඌට බයෙ - ඌ අපිට බයෙ තමා සීන් එක වෙලා තියෙන්නෙ. 
අරූගෙන් "ඔළුව වෙලාගෙන මොකද" කියලා අහපු මාමගෙ පුතත් උණ හැදිලා හිටපු එකෙක්. අනේ ඉතිං හිනා උනා ඉල ඇදෙන තුරු. 

හොල්මනක් දැක්කොත් ගල් ගහපල්ලා ඒකත් පට්ට

3 comments: