Wednesday 11 July 2018

මයිනාගෙ කථා... 21 කෝස්ටික් සෝඩා.....

මයිනාගෙ  කථා....21 .... කෝස්ටික් සෝඩා

                                              මොනවද දන්නෙ කෝස්ටික් සෝඩා ගැන. මම නම් මෙලෝ දෙයක් දන්නෙ නෑ. සබන් හදන්න ගන්නවළු, වොෂ් ගාර්මන්ට් වලට ගන්නවළුනෙ ඩෙනිම් එහෙම වොෂ් කරන්න. එහෙම ගාර්මන්ට් එකක් තිබුනා ඌරවත්තෙ පාළමට ටිකක් මෙහා ගාල්ල පැත්තට වෙන්න. ඒ ගාර්මන්ට් එකේ අපි දන්න එකෙක් වැඩ කලා ඒ කාලේ.

මතකනේ කුකුළගෙ කතාවක් කිව්වා අර අම්මට කුකුළා පෙන්නලා සීන් එකක් උනේ. ඒ සිද්ධියෙන් පස්සෙ ඒ යාළුව අපිත් එක්ක මිත්‍ර සමාගම නැවැත්තුව.   දැන් ඉතිං ඌ ජීවිතෙ කිසිම දවසක අපිව දැකලා නෑ වගෙ වැඩ.   පාරෙ දැක්කත් අහක බලන් ලොකු සීන් ගොඩයි. 
                   එක දවසක අපේ එකෙක් ඇහුව්වා "ඇයි බන් උඹ කතා කරන්නැතුව යන්නෙ" කියලා. මූ දාපු සද්දෙ…   උඹලා එක්ක  හිටියොත්  අපිත්  කාළකණ්ණි  වෙනවා.     මම දැන් හොඳට  පාඩම්  කරනව  සහ  කතා  ගොඩයි.   ඇත්තටම කරපු   තරමක්   අළිගුත්තෙරැ   වැඩ   කලේ   ඌ,   වැඩිපුරම වලි  ඇති  උනෙත්  ඌ නිසා.    අපේ   එහෙකුට   මළ  පැනලා අරූට  දුන්නා  කනේ  වංගු  කෙලින්  වෙන්න. 

ඌට  ගහපු  එකට  ඒකගෙ  ලොකු  අම්මගෙ  පුතෙක් ඉන්නව  ආමි එකේ   ඌ  අපේ  එකාට  ගහලා.   දැන් ඉතිං වැඩේ ෆුල්  අවුල්  අපේ  එවුන්  ලොකු  අම්මගෙ  පුතාටයි අරූටයි  දෙන්නටම  ගේමක්  දෙන්න  ප්ලෑන්  කරනවා.   ලොකු   අම්මගෙ  පුතා  ආමි  හින්දා  මොනවත්   කරන්න බෑ බයයි.    ලොකු අම්මගෙ පුතා නිවාඩු ඉවර වෙලා නැවත වැඩට  යනවා  හෙට  කියන  අරංචි  ලැබුනා.  වෙලාව පාන්දර 3ට  විතර  තමයි  යන්නෙ. 

                                අපේ ගම්වලට එන ප්‍රධාන පාරෙ තියෙනවා ඇලකුත් එක්ක සොහොන් පිට්ටනියක්. කට්ටියම කතා වෙලා ගෙදරින් පැන ගන්න පුළුවන් එවුන් 4 දෙනෙක් එදා රෑ පාඩම් කරනවා කියලා එකෙකුගෙ ගෙදරට සෙට් උනා.    වේලපහම   හොදින්   වතුර   දමා සාදා   ගන්නා   ලද   අමු  ගොම මිශ්‍රණය බස්කට් එක සොහොන් කොතක් අසල. 

                                           ආමි පොර ගෙදරින් 3ට එලියට ආවොත් විනාඩි 15ක් විතර යද්දි සොහොන ළඟට එනවා. අපේ  අපතයො  සෙට් එක අර මළ රෑ සොහොනට  ගිහින් යට  ඇදුමට  උඩින්  කොළ  අතු  වගෙකුත්  ඇඳගෙන එකෙක්  වෙස්  මුහුණකුත්  දාගෙන  සුදානමින්  ඉඳලා.  ආමි අයියා  පෙන්  ටෝච්  එකක  එළියෙන්  එනවා  දුටු  අපේ හාදයො  එක  සැරෙට  පැනලා  එකෙක්  අරලිය  ගහක්  උඩ ඉඳලා  අරලිය  අත්තකුත්  කඩන්  පැනලා.    ගොම සාත්තුව අයියට දීලා.  ආමි  උන  බැහැපු  අයියා  එල්ලන්  ආපු  තඩි බෑග්  එකත්  දාලා  පැනලා දුවලා.  ඒ අයියා  හැබැයි නොන්ඩිය  වහ  ගන්න  බය  උනු  විස්තරෙ  කියලා නෑ. සොහොන   ළඟින්   යද්දි   උනු   සිද්දිය  පමණයි  කියලා තියෙන්නෙ.

                                 ඊළඟට අපිත් එක්කම ඉඳලා ඈත් උනු එකාට සුපිරි දඬුවම් දෙනව.  පාරෙ ඌ බයසිකලෙක ආවනම්  අපේ  එකෙක්  එක  සැරෙ  පාර  පනිනවා හැපුනොත්  ගැහුව්වා.   ඌ  ගඟෙ  මූදේ  නාද්දි  සෙට්  උනා නම්  අල්ලන්  වතුරෙ  ගිල්ලනවා.   ටික  දවසකින්  මුංගෙ අම්මා   මවුන්ටන්   බයික්   එකක්  අරන්  දීලා  මූට  අපිත් එක්ක   මිත්‍ර  සමාගම්  නවත්වපු ප්‍රිතියට.   මූ  දැන්  ප්‍රඩෝ එකේ  යනවා  වගෙ  මවුන්ටන්  බයික්  එකෙ  යන්නෙ. සමහර  දවස්වල  මුගෙ  නංගිත්  දාගෙන  එනවා  ඉතිං කොහොමද  මුගෙ   සැර.

                                             නංගි හික්කඩුවෙ ක්ලාස් යනවා සා.පෙළ කරන්න හිටියෙ,  ඒකිට තියෙන්නෙ කටක් නොවෙයි බොක්කුවක්.    ඒතරම් අම්මණ්ඩි,   අපේ අපතයො  ළඟ  තියෙන  බයික්  වල  තියෙන්නෙ  රෝද දෙකයි  හැඬල්  එකයි  ප්‍රේම්  එකයි  විතර  නේ....  බ්‍රෙක් ගහන්නෙ  පොල්  ගහ  ලකුන  සෙරෙප්පුව  පස්සෙ  රෝදෙට අල්ලා.    එහෙම  ආපු  එකෙක්  මවුන්ටන්  එකෙ ආපු අයියා  සහ  නංගිව  හප්පලා.   අපේ  එකත්  වැටිලා අරැන්  දෙන්නත්  කම්බි  වැටක්  අස්සෙ  රිංගලා  සුළු තුවාළ.  අරූගෙ  නංගි  අපේ  එකාගෙ කණට  ගහලා. 
දැං  ඉතිං  අරූට  අරකිගෙන්  පළිගන්නම  ඕනේ  කියනව. මේකිට  දඬුවමක්  දෙන්න  උදේ  හවා  ප්ලැන්  කරනව.   ඕං ඉතිං  මේ  වෙලාවෙ  අර  වොෂ්  ගාර්මන්ට්  එකේ  වැඩ කරන   අපේ  හිතාදර  නස්කූණි  නසරාණියා  දුන්නා අයිඩියා එකක්.

                                                   මං තොපිට කොස්ටික් සොඩා ටිකක් ගෙනත් දෙන්නම් කොහොම හරි ඕකිගෙ ජංගියක පල්ලේ දාපල්ලා බඩුම තමා කිව්වා.  අරූ  ඊට පහුවදාම ඌගෙ යුතුකම ඉටු කරා.  ඉතිරි හරිය මයිනා ඇතුලු අපතයන්ගෙ අතේ. 

                                       ඉස්සර උංගෙ ගෙදර යන එන එවුං නිසා ඒ ගෙදර වැල් බැඳපු තැන් තාප්පෙන් පැනිය යුතු තැන් ගැන සියළු දෙනාටම හොඳ අවබෝධයක් තිබුනා.  එක දවසක්  ඒකි  අඳින  ජංගි  පෙලක්  වැලේ  වනපු  වෙලාවක අපේ  එකෙක්  දැකලා.   ඒ ගෙදර  ඈයො  ශාන්ති  කියන ඉංදියන්  කසිකබල්  නාට්‍ය  රසවිඳින  හෝරාවෙ  අපේ එකෙක්  අර  වැලේ  තිබුනු  ජංගි  පෙලට  කෝස්ටික්  සෝඩා ලික්විඩ්  එක  දාලා. 

                              ඊට පසුදා ගණිතය මහ සම්මන්ත්‍රණයක් "සනත් ලෙනොරා" සර්ගෙ අම්බලන්ගොඩ නගරසභා ශාලාවේ.    වැඩේ නැගලා යනවලු.   සර් අනුමාන ප්‍රශ්ණ දෙනව කෙටි ක්‍රම කියලා දෙනවලු.   මැද පෙලක අපහසුවෙන් හිටපු කෙල්ලෙක් කුලප්පු වෙච්ච වැස්සියෙක් වගෙ හෝල් එකෙන් බැහැලා දුවලා.   ඒකිගෙ හොඳම යාළුවත් හෝල් එකෙන් බැහැලා පස්සෙන් ඇවිත් මේකිට උනේ මොකද බලන්න. 


                                    මේකි ඇඹරෙනවලු දඟළනවලු එක විනාශයයි. බැරිම තැන අම්බලන්ගොඩ ස්ටේසන් එකේ නෝනාවරුන්ගෙ වැසිකිළියට රිංගලා ජංගිය ගලවගෙන තමයි බොහොම අපහසුවෙන් ගෙදර ඇවිත් තිබුනේ.   ඇයි ඉතිං මුහුදු හුළං රැල්ලට සාය උඩ ගියානම් තව එකක්නෙ. 
ඒකිගෙ හොඳම යාළුවා යාළුවෙලා හිටියෙ අපේ නඩේ එකෙක් එක්ක.         

ඒකි අපේ එකාට විස්තරෙ කියලා.  අපිට දැං පට්ට හැපි.    කෝස්ටික් සෝඩා වැඩ කරන්නෙ නම් දහඩිය දාන වෙලාවටළු ඒකත් පට්ට නේ.   හැබැයි වරදට අහු උනේ නම් අහිංසක දළඹුවො වගයක්.   
ඊට පස්සෙදවසක ඒ නංගිට අපේ එකෙක් කියලා
 "නංගි මොකෝ ජංගිය අම්බලන්ගොඩ දාලා ආවේ"  මට කිව්වනම් බෙහෙත් දෙනව නේ" කියලා. ඒ කතාව දුරදිග ගිහින්  මිණිමැරුමක්  නොවි  බේරුනා බොහොම  අමාරුවෙන්. 

පරිසමින් ඈං.... කෝස්ටික් සෝඩා මාර බෙහෙත දඟළන නංගිලාට.

14 comments:

  1. අඩෝ මේ එකනං නරක විහිලුවක්

    ReplyDelete
  2. හුටප්පරිජාලං ... යකෝ මේ වස්ති ජරාව ඔය සිනිඳු තැන වලට වදින්න හොඳ නෑ ... විහිලුවට නෙමෙයි සීරියස් පිට.

    බඩු සාන්ද්‍රනේ වැඩි එකක් වෙලා අකටයුත්තක් උනා නම් තොපි හිරේ !!!

    ReplyDelete
    Replies
    1. චිච්චිය කොහොමත් ගඳ ස්ථානයක් තමයි බන්

      Delete
  3. මුං එකතුවෙලා නංකිගෙ පුක නැතිකරනව තව ටිකෙන්. හැක්..

    පුක යනු කුණුහරුපයක් නොවේ - © කතන්දර කාරයා

    ReplyDelete
    Replies
    1. තොපිලත් නංගිගෙ පුක ගැන වද වෙනවා අපිට දාපු පුක් පාට් ගැන දුකක් නැ

      Delete
  4. මාර වැඩනෙ යකෝ කරල තියෙන්නෙ, පවු

    ReplyDelete
    Replies
    1. මේ නම් මොනවද බන් කරාපු අනිත් ඒවත් එක්ක

      Delete
  5. හම්මදබොල ඔය ඉන්නෙ සුපිරි කොල්ලො....පව් යකොව් අරකි

    ReplyDelete
    Replies
    1. උඹ විතරයි කොල්ලො ගැන වචනයක් කිව්වෙ

      Delete