Tuesday 9 April 2019

මයිනාගෙ කතා ....39 පිං සිද්ධ වෙච්චාවේ


මයිනාගෙ කතා ....(39)… පිං සිද්ධ වෙච්චාවේ...

                         ලොව්තුරා බුදුරජානන් වහන්සෙ තරම් දානය ගැන පින ගැන වෙනත් කිසිම ආගමික ශාස්තෘවරයෙක් දේශණා කරලා නෑ. දානය ගැන මහ පුදුම විදියට බුද්ධ දේශනාව පුරාම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. දන් දෙන්න දෙන්න පින තමයි වැඩි වෙන්නෙ..



                                     ඒ වගෙම සමහර පුද්ගල චරිත ඉන්නවා ලෝකෙට පේන්නෙ මාර සිල්වතුන් විදියට,ඇත්තටම උන් දස කාඩ සල්ලාල චරිත. එහෙම ඈයෝ මයිනගෙ ජීවිතේදි විටින් විට හම්බවෙලා තියෙනවා මාරයි, කියලා වැඩක් නෑ. දවල් දවසෙ පොර ටෝක් දෙන ආදර්ශමත් යුග දිවියක රහස් ලොවට කියපු එකෙක් ගෙදර ගෑණි එක්ක ගහ ගන්නෙ උයාපු හට්ටි මුට්ටිවලින්. සමහර මිනිස්සු ගෑණු ලෝකෙට සමාජෙට පෙන්නන චරිතේ නොවෙයි සමාජයෙන් වහං උනාම ඉන්නෙ. සමහර පුද්ගළ චරිත ගැන හිතා ගන්න බෑ මේ අරයමද කියලා, එහෙම වෙලාවට ඉතිං අපිට වහ කන්න හිතෙනව උං ගැන හිතලා..

                                     හැබැයි මෙහෙම දැකපු මුණ ගැහුණු බොහො දෙබිඩි චරිත එහෙමත් නැත්තං ගෑනු මිනිස්සු මයිනගෙ විදේශගත ජීවිතේදි තමයි වැඩි පුරම දැක්කෙ. මේ කියන්න හදන චරිතයත් එහෙම එකක් තමා. මයිනා රට ආපු මුල් කාලේ ගොනා සහ තණකොළ න්‍යායෙන් තමයි හිටියෙ රට ගැන හරි අවබෝධයක් එනකම්.


                                              මයිනගෙ යාළු හිතවත් අයියා කෙනෙකුත් හිටියා රටම, ඌ නැවතිලා හිටියෙ ලංකාවෙම කෙනෙකුගෙ ගෙදර රෙන්ට් එකට කාමරයක් අරන්. ඔය ගෙවල් අයිති එකාගෙ නම ඉන්දික. ලංකාවේ ඉන්න කාලේ ජෝන් කීල්ස් සමාගමේ තමා වැඩ කරලා තියෙන්නේ. කෙලින්ම කියනව නම් උගත් වැදගත් ගුණවත් නැණවත් මහත්තයෙක් බොහො ලංකාවෙ අය ගරු සරු ඇතුව කට පුරා මහත්තයා කියලා තමයි කිව්වෙ. "ඉන්දිකයියා" කියල කිව්වෙ හිතවත්ම සහ ඌගෙ ළඟින්ම හිටපු කෙනෙක් විතරයි. අඩුම තරමේ ඌගෙ පුංචි අම්මගෙ පුතා කිව්වෙත් "ඉන්දික මහත්තයා" කියලා.

                                      ඉන්දිකයියයි ගෑණි ළමයි දෙන්නයි තමයි ගෙදර හිටියෙ අනිත් කමර 2කක හිටියෙ මයිනගෙ හිතමිත්‍ර යාළු අයියයි තව වයසක ඩයල් එකකුයි. වයසක බුවත් හොඳ ජොබක් කරා හැබැයි වැඩට ගිහින් ඇවිත් කාමරෙට වැදිලා දොර වහ ගත්තම ආයෙත් එළියට පහළියට යන්න එළියට බැස්සොත් විතරයි. මයිනගෙ අයියගේ කාමරෙ තිබුනේ ඉන්දිකයගෙ කාමරේට අල්ලපු කාමරේ.. කාමර 2ක අතරේ උඩින් බිත්තිය අතරින් අඩි 2කක දිගට හිඩැසක් තිබ්බා. එතනින් මයිනගෙ අයියගෙ කාමරේ අල්මාරිය උඩට නැග්ගම අනිත් පැත්තෙ කාමරේ බලන්න පුළුවන්. අපේ එකාත් උදේ 9ට යනව රෑ 7ට විතර එනව, නිවාඩු දවසෙ කොහෙ හරි යනවා.
                                         වයසක පොර පොඩියට ෂොට් එකක් එහෙම දාලා පාඩුවේ ඉන්න සුපිරි පොරක්. මයිනත් ඉතිං නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට ඔය පැත්තට යනව එහෙම ගියාම ඉන්දිකයා ඇතුළු පිරිස සමග සංවාද වලටත් එකතු වෙනව. බීමේ ආදීනව, කාමයෙ ආදීනව වගෙ දේවල් ගැන මූ දේශන, ධර්ම ටෝක් ඇහුව්වම හිතෙන්නෙ මූ නම් සෝවන් වෙලා ඇති කියලා. සමහර පවුල් ප්‍රශ්ණ සමතයකට පත් කරෙත් මූ ගෑණිටයි මිනිහටයි එන්න කියලා බණ පදයක් එහෙම කියලා මූ දෙන අමර ටෝක් හම්මා......! හාමුදුරුවොත් පරාදයි මුගෙ සීලෙට!

                                                    සමහර දවස්වල මයිනට ගෙදර යද්දි රෑ 23 වගෙ වෙන දවස් තියෙනවා, එහෙම දවස්වලට මයිනා ගෙදර නොගිහින් අයියලගෙ ගෙදර යනවා. එහෙම යන්නෙ දවල් වෙනකම් නිදා ගන්න ඕන නිසා මොකද මයිනගෙ අක්කගෙ ළමයි එක්ක නිදා ගන්න බෑ ,උං කෑ ගහනවයි දඟළනවයි එක විකාරයයි. අයියාකාරයා මයිනට වෙනම යතුරක් එහෙම දීලා තිබුනා කැමති වෙලාවක ඇවිත් ඉන්න කියලා. මේ කියන දවස් වෙද්දි ඉන්දිකයගෙ පවුල ලංකාවට ඇවිත් හිටියෙ දවල් දවසේ ගෙදර කිසි කෙනෙක් නෑ. මයිනට රෑ වෙච්ච දවසක අයියලගෙ ගෙදර  නිදා ගන්න ගියා. මයිනා අපතයා පොළවෙ ගැහුව්වා වගෙ නිදි අයියා කාරයා සුපුරුදු පරිදි වැඩට ගියා. රෑ 3ට විතර මයිනා ඇවිත් නිදි කියලා ඉංදිකයා දන්නෙ නෑ. අයියා මයිනව කාමරෙ ඉන්දැද්දි පිටිං ලොක් කරගෙන තමයි වැඩට ගියේ. දවල් 11ට විතර මයිනට දැනුනා කවුරු හරි දොරේ හැඬල් එක කරකැව්වා වගෙ. මයිනා බැළුවා කවුරුත් ආවේ නෑ, ටිකකින් ඉන්දිකයගෙ කාමරේ දිහාවෙන් ගෑණු කට හඬක් ඇහුනා. ඉන්දිකයගෙ ගෑණි ලංකාවේ නේ... ඈ යකෝ මේ වෙලාවේ කොහෙන්ද ගෑණියෙක්? මයිනා ඉතිං මේසෙට නැගලා එතනින් අල්මරියට නැගලා බැළුවා, මෙන්න බොල ඉන්දිකයා වයසක පහෙ ගෑණියෙකුගෙ ඇඳුං ගළවනවා

                                                  හිටපිය කැ# උපාසකයා තොගෙ ආච්චිට හම#නන්න කියලා මයිනා අල්මරියෙන් බිමට බැහැලා මයිනගෙ ළඟ තිබුනා නොකියා e70 ෆෝන් එකක් එකත් අරන් ආයෙමත් අල්මරිය උඩට. ඉන්දිකයියා හෝ ගාලා වනනවා මයිනා විඩියෝ පාරක් දැම්මා විනාඩි 3ක වගේ..
වැඩේ කරං ඉවර වෙලා මූ අර ගෑණිට කියාපි "අනේ පිං සිද්ද වෙච්චාවේ අක්කේ" කියලා. (මූ කෙළලා තියෙන්නෙත් ධර්මෙං) මයිනට පැන්නා හිනාවක් හුචෝස් ගාලා ඇඳට පැනලා බඩ අල්ලං හිනා ඉතිං. දොරවල් ඇරෙන වැහෙන සද්ද ඇහුනා ඊට විනාඩි 5කට විතර පස්සෙ කාමරෙ දොරට ගැහුව්වා. මයිනා ගිහින් දොර ඇරියා ඉන්දිකයා දැං මළ පැනලා!

"තමුසේ මොකද මෙහෙ කරන්නෙ? කාමර දුන්නෙ අයියට විතරයි මේ මාසේ අයියටත් වෙන කොහෙ හරි හොයා ගන්න කියනව"කිව්වා..


"ආ.... ඇත්තද තමුසෙට සල්ලි දිලා අයියා ඉන්නෙ එහෙම කියපු කියපු වෙලාවට යන්න අපි හිඟන්නො කියලද හිතේ?"

"තමුසෙට නාකි ගෑණු ගෙනත් කෙළින්න හොඳයි අපි දැක්කම තමා අවුල, වැඩි සද්දෙ දැම්මොත් #කවනව කැ# උපාසකට"


"ඇයි තමුසෙ මට මොනවා කරන්නද"


"කරන්නෙද මේ බලපං කරන දේ උඹ හිතුවද මමත් දඹල්ලෙ මොළෑවේ කියලා" පෙන්නුවා විඩියො එක. (ඉන්දිකයගෙ ගම දඹුල්ල දිහාවේ.) අනේ ඉතිං සිංහ වෙස් අරගෙන හිටපු ඉංදිකයා බල්ලා වෙලා ගිහින් අත් දෙක එකතු කරලා වැන්දා මයිනට.


"අනේ මල්ලි කාටවත් කියන් එපා ඕයි මගෙ පවුල කැඩෙයි"


ඉන්දිකයා පවුලට පට්ට බයයි සහ ඉන්දිකගෙ ගෑණි හොඳ සල්ලි තියෙන පවුලක මූ බය උනා ගෑණිට කියයි කියලා.

"තමුසේ වීරයා වෙන්නැතුව පාඩුවේ හිටියොත් ඉතිං හරි නැත්තං කෙළවන එකම කෙළවනව ආයේ දෙකක් නෑ නාකි ගෑණු ළඟට ආයෙමත් රිංගන්න බැරි වෙන්න"

ඉන්දිකයා ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගෙ හිටියා ආයේ කටක් ඇරියෙ නෑ. අපේ අයියටත් කිව්වා කැ# ඉන්දිකයා මොනව හරි පාර්ට් එකක් එහෙම දැම්මොත් කියපං කියලා. ඊටත් අවුරුදු දෙකක් විතර යනකං ඉන්දිකයා රට ඉඳලා ලංකාවට ගියා, ඒ වෙනකං ඉන්දිකයා නොවෙයි බණ දෙසන්න ගියේ කාටවත්.

අන්තිමට යද්දි ඒ ගේත් අපේ අයියට දීලයි ගියේ ඉන්දිකයා.

එන්නං ඈ.........
___මයිනා____

4 comments:

  1. මයිනා. මම ආතල් අරං තියනව.. ඒ වගේම ආතල් දීලත් තියෙනව. ඒත් මෙහෙමනං ආතල් දීල නැහැ බන්. උබ රජ බඩුවක්..

    ReplyDelete
    Replies
    1. මොනවා කරන්නද ලොක්කා මගේ ජීවිතේම ආතල් එකක්

      Delete
  2. උබ හරියටම හරි
    මගේ ජීවිතේ හම්බ උන නසරානි චරිත බොහොමයක් උදේ හවස "සාදු සාදු "කිය කිය හිටපු උන් තමා

    ReplyDelete
    Replies
    1. උපසක බක බක රා කෝප්ප දෙක දෙක කිව්වලු

      Delete