Saturday 10 August 2019

මයිනාගෙ කතා ...48 ත්‍රයිලෝක විජයපත්‍ර..


මයිනාගෙ කතා ...(48) ත්‍රයිලෝක විජයපත්‍ර..

පුන්සඳ පායල ඇති රෑක..
ගඟ අද්දර පොඩි අතු ගේක..
නැති කර ගන්නට දුක ශෝක.
හැමදාමත් කරනව මේක.......
මල් ඔතනෝ...... මල් ඔතනො..... ඇට නැටි ඇහිඳල මල් ඔතනෝ....



                                   ඔන්න ඔහොම කියන්නෙ දීපාල් සිල්වා. ලංකාවේ තණමල්විළ ප්‍රදේශය ප්‍රසිද්ධ වෙන්නෙ ත්‍රයිලෝක විජයපත්‍රවලට කියලා හිතුවට ඇත්තම කතාව තමයි තණමල්විළ කියන්නෙ ලෝක වාර්ථාවකට හිමිකම් කියන ප්‍රදේශයක්. ලොව වැඩිම සිය දිවි හානි කර ගන්නා ප්‍රදේශය විදියටත් මේ ගම ලෝක ප්‍රසිද්ධයි ඕං.

                                        ඉස්සරම ඉස්සර මයිනාගෙ තරුණ අවදිය එහෙම නැත්තං 17-18 කාලේ ගැංසි ගැහී රංචු වැදි රස්තියාදු ගහපු සුන්දර කාලේ. ඔය කාලේ හැම දෙයක් ගැනම තියෙන්නෙ කුතුහල්යක් නේ.  සමාජ සම්මත අසම්මත බොහෝ දේවල් රහ බලන්න හිතෙන අත්විඳින්න හිතෙන අත්දකින්න හිතෙන හරි අමුතුම විදියෙ යුගයක්.  ආවේග, රඟපෑම්, පොරවීම්, යාළු පිට් එකට පු# දිලා වෙඩි කාලා මැරෙන්න උනත් සෙට් වෙන මාරම කාලේ.

                                    අපේ සෙට් එකේ විවිධ පොරවල් හිටියා, ඒ අතරින් අපි 4 දෙනෙක් කෑවේ බිව්වෙ කෑලි බලන්න ගියෙ රෑ 1011ට වෙන් වෙලා යනකම් හිටියෙ එකටම තමයි. ඒ අතරිනුත් තඩියයි මයිනයි කියන්නෙ අමුඩෙයි පුකයි වගෙ උදේ නැගිට්ට වෙලාවෙ ඉඳලා රෑ නින්නදට යනකං එකටම හිටපු එවුන් දෙන්නා.  තඩියගෙ අම්මා හිටියෙ රට, තාත්තා සතියකට දෙකකට සැරයක් තමයි ගෙදර ඉන්නෙ.  තඩියයි ආච්චියි නංගියි තමයි ගෙදර ඉන්නෙ.  හැම දවසකම අපේ ගෙදර තඩියා වෙනුවෙනුත් තඩියගෙ ගෙදර මයිනා වෙනුවෙනුත් කෑම සූදානම් කරලා තිබුනා.  ඊට අමතරව මයිනගෙ බාප්පා කෙනෙක් ඉන්නව ඒ ගෙදරත් මයිනගෙ කෑම පිඟාන බෙදලා තියෙනව ඒක අනිවාරයයි.  ඒ බාප්පටයි බාලම්මටයි මයිනා කිව්වෙ අම්මා තාත්තා කියලමයි, මොකද ඒ දෙන්නා තමුංගෙ දරුවන්ට වඩා මයිනට ආදරෙයි.
හුටා.... කතාව වෙන පැත්තකට ගියා..

                                                  අපේ අපත නඩේ ඔක්කොම හිටියා 17ක් විතර.. වයසින් අඩුම එකා ස්කෝලේ 8 වසරෙ හිටියෙ, වයසින් වැඩිම එකා අපිට වඩා අවුරුදු 3ක් වැඩිමහල්. ඔය 17න් 9 දෙනෙක් නිතර හමු වෙලා අපත..අධම..කුජීත වැඩ කලා. අනිත් එවුන්ගෙ ගේම්වලට සපෝර්ට් කරා ඔත්තු බැලුවා, ගේම් සෙට් කරා, නින්ජා ගැහුව්වා, රිටර්න් දුන්නා, ගහ මරා ගන්න බැරි එවුන්ව වෙන එවුන් එක්ක අවුලලා තියලා හිමිජ්ජො වගෙ හිටියා, ලව් කැඩුවා, ලව් හැදුවා, කොටු පැනපු එවුන්ගෙ රහස් දැනගෙන බ්ලැක් මේල් කරා...... ඕං ඔහොම ඉතිං දැහැමින් සෙමින් කාලය ගතකරගෙන යනකොට සිගරට් එකක් බීමේ සහ ඒ පිළිබඳව අත්දැකීම් ලබා ගැනිමේ කුතුහලයට අවතීර්ණ උනා.  කොල්ලෙක් උනාම ඒහෙම ඒවත් කරලා තියෙන්න ඕනැයි කියලා ගෝල්ඩ් ලීප් 9ක් ගෙනත් බීලා බැලුවා..හපෝ! මෙලෝ සංසාරෙක දෙයක් නෑ, දුංකොළ රහයි ගඳයි විතරයි .. ඒක හරි. ඊළඟ අත්දැකීම ත්‍රයිලෝක විජයපත්‍ර වලින් ලැබෙන ඒ ෆීලින්ග් එක මොන වගේද කියලා බලන එක.

                            ජොයිනට් එක, පැට්ටා, මිටිය, රොකට් එක, නිෂාන් වගෙ විවිධ නම්වලින් ගංජා කියන ඖෂධේ හැඳින්නුවා. කන්න ඕන උනාම කබරගොයත් තළගොයා කර ගන්න රටේ අපේ කටා කිව්වෙ ගංජා බිව්වම හොඳට මතක හිටිනව වගෙම කන්න පුළුවන් කියලයි. හරියටම ෆීලිං එක ගන්න නම් ගංජා මල් තමා හොඳ කියලත් අපේ කටා දැනුවත් වෙලා තිබුනා. ඒ කාලේ මල් පැකට් එකක මිල 60යි, කටාගෙ සල්ලි වලින් වෙනත් එකෙක් මලක් ගෙනාවා සහ උගෙ පළපුරුද්දෙන් ඒවා පෙට්ටි සුරුට්ටු ප්‍රමාණයට සැකසුනා. සිගරට් දෙක තුනක දුම්කොළ සහ සියුම්ව සකසා ගත් ගංජා මලේ කොටස් එකට එකතු වෙලා පොඩි ප්‍රමාණයෙ ගොට්ටක හැඩේට හැදුනු සුරුට්ටු උරන්නයි හදන්නෙ. පෙර සිට පුරුද්ද තිබු එකා එකක් පත්තු කර ගත්තා සහ ඉරුවා, අනිත් අපතයන් වගෙම මයිනා දුම් උගුරක් කටට අරන් ආයෙත් එළියට දැම්මා.



ඒක දැකපු පළපුරුදු බුවා "මයිනා මල්ලි ඔහොම බෑ බං දුම් ටික ගිලපං, ඊට පස්සෙ පිට වෙන්න ඇරපං" කිව්වා.
                                                                     ඒ ජේශ්ඨ උත්තමයගෙ මාර්ගෝපදේශය යටතේ දුම් උගුරු කිහිපයක් ඇතුලට සහ එළියට ගියා.  මයිනට නිකං දැනෙනව දැං මේ හමන හුළඟට මයිනව උඩින් ගිහින් ඈත දුරකට වැටෙයි කියල.  හිටපු තැනින් නැගිටලා එන්න හදද්දි අර පළපුරුදු ජේෂ්ඨය කියාපි "මයිනා මල්ලි හොඳට සීනී දාලා ප්ලේන්ටියක් ගහපං කික් එක එන්නෙ එතකොට" මයිනා ඉතිං පරිස්සමට පාරට ඇවිත් ගෙදරට එන්න එද්දි මයිනට හිතෙනව මේ එන වහන ඔක්කොම මයිනගෙ ඇඟටමයි එන්නෙ කියලා.  මයිනා ඉතිං පාරෙ අයිනට අයිනට අයිනටම ඇවිත් වැටවල්වල තියෙන කොළ අතු වල වැදි වැදි තඩියලගෙ ගෙදර කිට්ටුවට ආවා.  දැං මයිනට හිතෙනව තඩියලගෙ ගෙදර තමයි යන්න ඕනේ මයිනගෙ ගෙදරට වඩා තඩියලගෙ ගෙදර නියමයි මරු කියලා.  ඕං ඉතිං මයිනා තඩියලගෙ ගෙදරට ගියාම තඩියගෙ ආච්චිව පේනව කෝපි කඩේ හාමිනේ වගෙ, තඩියගෙ නංගිව පේනව නෑදෑයෝ කතාවෙ ලීලසේනගෙ ලව් එක සුදූ චූටී වගෙ. මයිනා පරිස්සමට බයිසිකලේ බිත්තියකට හේත්තු කරලා කතා බතා නැතුව තඩියගෙ කාමරේට ගිහින් ඇඳේ ඇල උනා. තඩියගෙ නංගි හෙවත් දැං "සුදු චූටී" ඇවිත් "දාඩියයිනේ අයියේ ෆෑන් එක දා ගන්න" කියලා ඒකිම ෆෑන් එක දැම්මා. ඈඳට උඩින් කැරකෙන ෆෑන් දැක්කම මයිනට හිතෙනව දැං උඩට කැරකිලා යයි ගිහින් ෆෑන් එක වටේ කැරකි කැරකි ඉඳි කියලා. ඒ බයට මයිනා ඇඳේ මුනින් අතට හැරිලා නිදා ගන්න බැලුවා, දැං මයිනට හිතෙනවා ඇඳත් හුළඟට අරන් උඩට පාවෙලා යයි කියලා.මයිනා කෝකටත් හොඳයිනෙ කියලා හිතලා ඇඳේ විට්ටමක් හයියෙන් අල්ල ගත්තා.

පැය කීයක් නින්ද ගියාද දන්නෑ ඉතිං මයිනා නැගිට්ටා, මෙන්න බොළං ඇඳ පල්ලෙ තඩියත් ඉන්නව. ටික වෙලාවකට පස්සෙ තඩියත් නැගිට්ටා

"
ඈ බං මයිනා ඒක මාර ආතල් එක නේ"

"
තොගෙ #ක යකෝ මම මාර බයෙ හිටියෙ හුළඟෙ ගහගෙන යයි කියලා"

"
අඩෝ මටත් එහෙමයි බං මම ආවේ හෙන පරිස්සමින් බං පාරෙ"

ඊට පස්සෙ අර මත් ගතිය එහෙම ගියා හැබැයි තඩියගෙ ආච්චියි නංගියි දැක්කම තනියම හිනා. එදායින් පස්සෙ අද වෙනකං ඒ ආතල් එකනං ගන්න ගියෙ නෑ. ත්‍රයිලෝක විජයපත්‍ර  උරන ඈයෝ නං මේ කතාව කියවයි මුල්ම සැරේ දැනුනු ෆීලින්ග් එකත් කියාගෙනම පලයල්ලා... එන්නං ඈ........

____
මයිනා____

6 comments:

  1. ඔයාගේ ගමත් අම්බලංගොඩ පැත්තේ නිසා මට 80 දශකයේ සිදු වූ කතාවක් ලියන්න හිතුනා. අම්බලංගොඩ බස් නැවතුමෙන් කොහේ හෝ ප්‍රාදේශීය නගරයකට යන, දවසේ අවසාන ලංගම බසයේ රියදුරා හා කොන්දොස්තර දෙන්නාම බසය මගී පෝලිමට ගහන්න ඉස්සෙල්ලා ගංජා සුරුට්ටුවක් බීලා. ඉන්පසු බසය නැවතුමට ගෙනවිත් මගීන් පුරවාගෙන (ඔහු කියූ ආකාරයට මේ බසය පිරී ඉතිරී යන්න සෙනග ඉන්නා අතර කොහොම හරි සියල්ලන්මත් රැගෙන යනවාලු) බෙල් එක ගසා පිටත්වීමට සංඥා කලාලු. එතකොටම බසයේ ඉස්සරහා පැත්තෙන් මහා සිනා හඬක් මතු උනාලු. බැලූ කොට රියැදුරා බැටරි පෙට්ටිය (රියදුරු අසුනට පිටිපසින් බැටරි පෙට්ටිය තියන බසයක්) උඩ ඉඳගෙන බස් එක එලවනවා වගේ ක්ලච් පාගලා, ගියර් දාලා ස්ටියරින් එක කරකවන විදියට අත් හොලවමින් බස් එක එලවනවා වගේ කරනවාලු. මේක දැකපු කොන්දොස්තර, රියදුරා බුලත් විටක් කාලා මත්වෙලා කියලා මගීන්ට දන්වලා, (ඒ උනාට හැබෑ හේතුව හැමෝම දන්නවාලු) මොන මොනවා හරි කරලා පියවි සිහිය අරගෙන එයාගේ සහායත් ඇතිව බස් එක ධාවනය කරලා තියනවා.

    ReplyDelete
    Replies
    1. යකෝ මිනිස්සු ටිකත් අරන් මුහුදට ඇල්ලුව නම් එහෙම​

      Delete
  2. කතාවට නමක් දාපං බං!

    ReplyDelete
  3. සුදු චූටි නෙවේ බන් කටු චූටි..
    මම කාලයක් උන්න බෝඩිම ගෙයක් ඇතුලත කාමරයක.රෑට එලියට යන්න විදියක් නෑ.අයිතිකරයා උන්නෙ එහා පැත්තෙ කාමරේ.කාමරේ දුම් බොන්න බයයි අරූට ගද එයි කියල.තිබ්බ එකම විසදුම ජනේලය ඇරගෙන ග්‍රිල් එකේ එල්ලිලා බොන එක දුම ජනේලෙන් එලියට දාන එක.දවසක් ඔය මල් එව්වා එකක් ගැහුවා ඔය විදියට.ජනේලෙ ලග ඉදන් අඩි 2,3ක් එහා තිබුන ඇදට යාගන්න බෑ බයයි පාවෙයි කියල, ෆෑන් එකේ හුලගට ගහගෙන යන්න වගේ.පැය 3කට වඩා ග්‍රිල් එකේ එල්ලිලාම උන්නා.ඊට පස්සෙතමා ඇදට ගිහින් නිදාගත්තෙ ඔන්න

    ReplyDelete
  4. ඒක මාර ආතල් එක නේ බන්

    ReplyDelete