Tuesday 3 September 2019

මයිනාගෙ කතා... 58 උදව්ව

මයිනාගෙ කතා... 58 .. උදව්ව .....
මයිනා කියන්නෙ එකෙන්ම පට්ට බොක්කක්. යාළුවො වෙනුවෙන් කෙළව ගනිපු එකෙක් දැකලා නැත්තං ලෙසටම බලපල්ලා මම තමා ඌ. මේ කෙළව ගැනිමේ සීමාවක් නෑ අද මේ වෙනකනුත් ලෙසටම කෙළව ගන්නව. මිළ මුදල් කාළය නැති කර ගත්තා මදිවට හතුරො හදා ගනිපු එකෙත් සීමාවක් නෑ. අනේ ඉතිං අන්තිමේ සමහර යාළුවොත් නෑ.
දා ගනිපු තොප්පි සමහරක් ඒවා යාළුවන්ගෙ යාළුකම් නිසා උන්ගෙ යාළුවන්ට උදව් කරන්න ගිහින් දා ගනිපුවා. තොගමුව, වැරැල්ලාන, සිනීගම, කළුපේ, මළවැන්න කියන ගම් පහෙම ඉන්න උණ බෝළ නිසා වටපිට ගම්වල ඈයොත් උදව් ඉල්ලුවෙ මේ හාදයන්ගෙන්ම තමා. අපරාදේ කියන්න බෑ ඉතිං නාපු නෑමේ හැටියට මෙහෙම ඉන්න එකත් ලොකු දෙයක්. නිර්වස්තරෙන් ඉන්න වෙලාවක දැක්කොත් එහෙම හිතෙයි යකෝ මුගෙ ඇඟ හරියට කැටපත් පවුර වගෙ කියලා. ඒ තරමට කුරැටූ ගී බොළව්.
ආං එහෙම හිටපු යාළුවෙකුගෙ යාළුවෙක් අපේ එකෙකුට කියලා ඌට උදව්වක් දෙන්න කියලා. උදව් තමා කෙල්ලව පන්නාගෙන යෑම. මේ වෙද්දි කෙල්ලගෙ ගෙදර එවුන් පවුරැ වළල්ලක් බැඳලා හතර අතේ අවිගත් මුර සෙබළුන් යොදලා. යාළුවගෙ යාළුවට පවුරැ වලල්ලම බිඳලා යන්න පුරැෂ ධෛර්යය නැති නිසා අපේ පුරැෂ ධෛර්යය ඌ වෙනුවෙන් පාවිච්චි කරන්න තීරණය කලා.
නිවාස අඩස්සියෙ හිටපු ඒ කෙල්ලට කෙල්ලගෙ යාළුවෙකුගෙ අතේ පණිවිඩයක් යැව්වා. අසවල් දවසෙ අසවල් වෙලාවට ගෙදරට හැරෙන පාර ළඟට එනවා "එන්නකෝ" කියලා. කියපු දවසේ කියපු වෙලාවට අර මණමාළයයි ඌගෙ යාළුවා වෙච්ච අපේ යාළුවයි මයිනයි තවත් එවුං 3 දෙනෙකුයි ත්‍රිවිලර් එකකින් අදාල තැනට. ත්‍රීවිල් එකෙ 6 දෙනෙක් මුළු ගනන ඩ්‍රැයිවරයා හැර.
ඩ්‍රයිවරයා ත්‍රිවිල් එක හරවලා තියා ගත්තා, කෙල්ල එනතුරැ මනමාළයා ඇතුළු පිරිස සූදානමින්. කෙල්ල ඇඳුම් බැග් එකකුත් අරන් ආවා. මේකිත් දාගෙන තව 6 දෙනෙකුත් ත්‍රිවීල් එකේ යන්නයෑ. තොපි දෙන්නා ත්‍රීවිල් එකේ පළයව් කියලා මයිනා සහ පිරිස පාද චාරිකාවෙ යෙදෙන්න තීරණය කලා. අනේ ඉතිං විනාඩි 5ක් ගියේ නෑ පිරිසක් දුවගෙන එනවා. අපිත් එක්ක හිටපු එකෙක් "අඩෝ ගම්පෝරියල් එකක් සෙට් වෙන්න යන්නෙ දුවපියව්" කියලා ඌ දිව්වා. ඌ පිටි පස්සෙ අපි දිව්වා.


කරැමේ ලෙසටම සෙට්වෙලා මයිනගෙ රබර් සෙරෙප්පුවෙ පටිය පැන්නා. පැයට 120ක වේගෙන් ආපු මයිනා 60ට සොලෝ උනා. එළවං අපු උන්ගෙන් එකෙක් දීලා ඇරියා බයිසිකල් කේබල් ලොක් පාරක් පිට දිගට අපරාදේ කියන්න බෑ පිච්චෙනවා වගෙ තමා දැනුනෙ. ඊළඟට තව එකෙක් උඩ පැනලා දුන්නා පයිං එකක් මයිනා හොම්බෙං ගියා තාර පාර දිගෙ. අත් දෙකද දණිස් දෙකද ඇතුළුව සොඳුරැ සුමට ශරිර කූඩුව හම ගිහින් රක්ත දාරා ගලා හැලේ. ඉන්පසු ඉතිං අතිං පයිං කේබල් වලින් පොලුවලින් ආදි වශයෙන් විනාඩි පහාලවක පමණ සොඳුරැ සංග්‍රහායක්. අන්තිම හුස්ම පොද පිටවෙන්න කලින් "මම අහවල් ගමේ #ත්තෝ" කියමින් ඇදං වැටුනා මතකයි.
"ගහන්න එපා ඕකා මැරෙයි"
"අතැරලා යමල්ලා"
"මූ වෙන මොකකට හරි ආවද දන්නෑ"
ඈත ලෝකෙකං ඒ වගෙ වදන් ඇහෙනවත් මතකයි.
දෑස් හැර බලද්දි උඩින් ෆෑන් එකක් කැරකෙනවා. බෙහෙත් සැර එහෙම නහායට දැනෙනවා. ආරච්චිකන්ද රෝහලේ සයනය මත රිදුම් දෙන සිරැරින් යුතු මයිනා සැතපි ඉන්නව. කෙටි බිත්තියෙන් එහා පැත්තෙ තඩියා ඉන්නව. දැං ඉතිං හිතට ෆිට්, හැබැයි ඉතිං ඇඟපත වේදනාව කියලා නිමක් නැත. වෛද්‍ය නිගමන වලට අනුව ඇට කැඩි නැත, මස් තැළි ඇත, හිස පැළි ඇත, මැහුම් 3ක් දමා ඇත.
තඩියා දැක්කා මයිනා ඇස් ඇරලා, ආවා ඇඳ ළඟට.
"මයිනෝ මොකෝ බං උනේ"
"වැදුනා බං ගං පොරියල් එකක් මොනව උනාද මතක නෑ" "කවුද මාව ස්පිරිතාලේ ගෙනාවේ"
"උඹට අර ගමේ එවුං ගහාද්දි සුද්දයි කට්ටයි හැංගිලා බලන් ඉඳලා, සිංදුවා දුවගෙන ඇවිත් ත්‍රීවිල් එකක් අල්ලන් අපේ ගෙදරට" "මට විස්තරෙ කිව්වම මමයි පතයයි ආවා සිංදුවා එක්ක ඒ ත්‍රිවීල් එකේම එනකොට සුද්දයි කට්ටයි අරැං දෙන්නයි උඹව උස්සං එනවා. අපි ත්‍රීවිල් එකේම උඹව දාගෙන ස්පිරිතාලෙට ආවා"
"පොලිසියෙන් ඇහුව්වා මොකද උනේ කියලා අපි කිව්වා දන්නෙ නෑ අපි එද්දි පාරේ වැටිලා හිටියා ඒක නිසා උස්සං ආවා කියලා" "පොලිසියෙන් ඇහුවොත් මොනව හරි කියපං"
"හරි"
රෝහල් පොලෝසියෙන් ඇහුව්වා තමුසෙට මොකද උනේ කියලා.
"දන්නෑ සර් ත්‍රීවිලර් එකකින් ආපු ඈයෝ වගයක් එක සැරේ ගහලා ගියා විතරයි මතක"
ගෙදර ඇඩ්‍රස් අරවා මෙව්වා ඔක්කොම ඒවා බොරැ ඒවා දුන්නා. තඩියට කිව්වා ගෙදරට ගිහිං බොරැවක් කියලා ෂේප් කරපිය කියලා. එදා හවස ඩොක්ටර්ට කියලා බලෙන්ම ටිකට් කපං තඩියලගෙ ගෙදරට ආවා. වෙනිවැල් ගැටයි ගොනීකා කොලයි හින්දා ඇඟෙ අමාරැව අඩු උනා දැන් අවුළ අර ගහාපු එවුන් හොයා ගන්න විදිය. සුමංගලේට පාසල් යන අපේ පොඩි එකේකුට උගේ යාළුවෙක් කියලා "අපේ අයියලා උඹලගෙ පැත්තෙ එකෙකුට අම්බානක බඩු දීලා" කියලා.
ඒ අරංචිය ලැබුනාම ඉතිං පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය අපේ ඈයෝ අපේ පොඩි එකාට කියලා අරැංගෙ විස්තර එහෙම අහාගෙන. දවසක් අපේ පොඩි එකත් බයිසිකලේක දාගෙන තඩියා අනිත් පොඩි එකාගෙ ගෙදරට ගිහින් "විෂණු ක්‍රාන්ති" හොයාගෙන. අර පොඩි එකාගෙ අයියට කියලම විෂ්ණු ක්‍රන්ති පැළත් ගලවං මූණ හොඳට බලං එහෙම ආවා.
එදායින් පසු සෙට් එකේ එවුං පස් හයදෙනෙක් බද්දෙගම හික්කඩුව පාරේ හක්කලං කරනව. ඕං ඉතිං අර ගහාපු උන්ගෙ කරැමේ කැරකිලා ආපු දවසක උං දෙන්නෙක් එනවා හික්කඩුව පැත්තට. අනේ ඉතිං කේන්තියෙන් පුපුර පුපුර හිටපු මයිනටත් අනිත් උන්ටත් අරැං දෙන්නා දැක්කම දැනුනු සනීපේ. ආයේ ඉතිං මයිනා අරච්චිකන්ද මූළික රෝහළට ගියාට ඒ හාදයො දෙන්නා කරාපිටිය මහ රෝහළට තමා ඇතුළත් කරලා තිබුනේ. එකෙකුගෙ ඉළ ඇට දෙකක් කැඩිලා එකෙකුගෙ දකුණු අත කැඩිලා. ඕං ඔහොමයි උනේ ඒ සිද්දිය උදව් කරන්න ගිහින්.

No comments:

Post a Comment