Tuesday 3 September 2019

මයිනාගෙ කතා .. 57 බණ

#මයිනාගෙ කතා .. 57   බණ


ඉස්සර මයිනාගෙ සම වයසේ හිමි නමක් හිටියා ගමේ පන්සලේ. චීවරෙ නිසා ඉතිං ගිහි පැවදි දුරස්තබව තිබුනට හොඳම යාළුවො දෙන්නා තමයි. පොඩි බඩගින්නට දැං කාලේ එවුන් ක්‍රීම්ක්‍රැකර් හොයද්දි මයිනා ඇතුළු නඩේ ගියෙ පංසළ පැත්තට. පංසලේ මෙනු එක හරිම වෙනස් මොන විදියෙ කෑමක් උනත් ලෝභ නැතුව හදපු නිසාද මන්දා මාරම රසක් තිබුනෙ.

                            අපේ හිත මිතුරැ පොඩිනම දානෙකට එහෙම වැඩියම ඒ දානේ ගෙදරට කියලා වෙනම කැවිළි පාර්සළයක් එහෙම අරන් එනවා අපේ මළ පෙරේත සෙට් එකට. සමහර දවසක අනිකුත් භික්ෂුන් වහන්සේලා දානෙකට එහෙම වැඩම කරන දවසට කලින් දවසේ අපිට කියනව හෙට වරෙල්ලා පංසලට කියලා. එදාට භික්ෂූන් වහන්සේලාට පංසලටම ගෙනෙන දානේ වැළඳිම සිද්ද වෙන්නෙ පොඩිනමගෙ පිහිටෙන් අපි සියළු දෙනා විසින්.

                                 ඕං ඔහොම දවසක හිතමිතුරැ පොඩිනම දැනුම් දුන්නා හෙට පංසලට වරෙව් කියන පණිවිඩය. ඒ පොඩිනම හැර අනිකුත් සංඝ සමුහයා වෙනත් දානමය කටයුත්තකට විහාරස්තානයෙන් පිටව යන බවත්, පංසලට ගෙන එන පේරැ දානය සුනඛ, බිලාල, ගව මහීෂ ආදි සත්වයන්ට නොදි මයිනා ඇතුළු මළපෙරේතයන්ට ලබා දීමට පොඩි නම තීරණය කර තිබුනා. දවල් 10ට විතර විහාරස්තානයට ගොඩ වෙද්දිත් පංසළට ආපු වෑන් රථයකින් ලොකු හිමි සහ අනෙකුත් භික්ෂු සමුහයා පිටත්ව ගිහින්.
                         පංසළට වැදුනු අපතයො අතරෙ මයිනා කෙස් වැටිය කොටට කපා හාමුදුරැ මූඩ් එකේ ඉඳපු නිසා තඩියා කියාපි
"මයිනෝ තෝත් දාගනිං සිවුරක් නියම සාදු කෙනෙක් වගෙ ඉඳි"
අනේ ඉතිං ගොං මයිනත් ඇදං හිටි ටී සර්ට් එක ගලවලා. අර ඇඳ විට්ටමක තිබුනු සිවුරක් ඒකාංශ කරගෙන ඇඳන් භික්ෂු චරිතෙට ගොඩ උනා. අනිත් ඈයොත් විහිළුවට දණ නමා වඳිනවා. ලොකු හිමිත් නැති පංසලේ මොකාට බය වෙන්නද කියලා හිතං මයිනත් චීවරය පිටිං ගියා දාන ශාලාව පැත්තට. කියන්න දුකයි පිංවතුනි දාන ශාළාවට ඇතුළු උනා පමණයි එදිනට අදාළ දානයත් රැගෙන උපාසක පිරිසක් දාන ශාලාවෙ දොර ළඟ. එළියට යන්න විදියකුත් නෑ සිවුරෙ කොට කළිසම පේන පැත්ත හෙමිහිට කවර් කරන් මයිනා එතනම.

“පොඩි සාදු දානේ"
"උපාසකම්මෙ භාජනවලට බෙදලා බුද්ධ පූජාව තිබ්බනං"
උපාසක පිරිස දානේ පාත්‍රවලට තියනව බුද්ධ පූජාවට තියන්න. හිත මිත්‍ර පොඩිනම සහ අපත රැළ එළියට එන්නැතුව ජනේලෙකින් බලං ඉන්නව.
"පොඩි සාදු හරි බුද්ධ පුජාව සූදානං"
"බුදු කුටියට අරං යමු උපාසකම්මෙ"
බුද්ධ පූජාව බුදු කුටියට අරං යන අතරෙ මයිනා දුවං ආවා කාමරේට අර අපත හැතිකරෙ කාමරේ ලොක් කරං ඇතුලේ. කොච්චර කතා කරත් දොර නොවෙයි ඇරියෙ. අර උපාසකම්මලා එක්ක ආපු පොඩි එකෙක් ඇවිත් කියාපි "පොඩි සාදු ඉක්මනට කිව්වා බුද්ධ පුජාව තියන්න"
බුදු කුටියට ගිහින් පනසිල් දිලා බුද්ධ පූජාව පිළිගන්වලා දානය ගැනත් මහ බරසාර බණක් එහෙම කියලා මයිනා ආපි. අනේ ඉතිං අර උපාසකම්මලා පසඟ පිහටුවා වැඳලා ඉවර වෙලා කියාපි
" අනේ මේ මද්දු අයියගෙ පුතෙක් නේද? කවදද මහාන උනේ"
"මද්දු අයියා කියන්නෙ කවුද උපාසකම්මෙ, මම අම්පාරෙ"
"අනේ නෑ හමුදුරැවනෙ අපේ අඳුරන පුතෙක් ඉන්නව ඔබවහන්සේ වගේමයි හැඩරැව"
අනේ ඉතිං අර උපාසක ඇත්තො පසඟ පිහිටුවා වැඳලා දාන ශාළාවට ගියපි. මයිනා ඉතිං ආයෙමත් පොඩි නමගෙ කාමරේට දුවලා ගියා. යද්දි කාමරෙ දොර ඇරලා, පැන්නා කාමරේට මයිනගෙ මළ ඕවර් වෙලා හිටියෙ.
"තොපි #කයලා හිනා වෙන්නෙ බොළව්, පොඩි නම ඔයත් #%තක් කරනවා ඉඳගෙන ආං අර දාන ශාළවට ගිහින් දානේ සාංඝික කරලා එනවකෝ"
සිවුරත් පැත්තකට දාලා මයිනා මාරැ ඇයි යකෝ අර මිනිස්සු සිවුර අස්සෙන් කොට කළිසම දැක්කා නං එහෙම ගුටි කන්න නේ වෙන්නෙ. ඊට පස්සෙ පංසලට යන ගමන නැවැත්තුවා. සතියකට විතර පස්සෙ පොඩිනම ගෙදරටම ඇවිත් මයිනා එක්ක ෂේප් වෙලා ගියා

No comments:

Post a Comment