Thursday, 4 June 2020

මයිනාගෙ කතා... 88 ... තිරික්කලේ...

මයිනාගෙ කතා... 88 ... තිරික්කලේ...

                          ඉස්සර කාලේ ලංකාවෙ වගෙම වෙනත් රටවලත් ප්‍රවහණ පහසුකම් සලස ගත්තෙ සත්තුන්ගෙන් නෙව. එක එක ප්‍රදේශවලට යද්දි මේ ක්‍රමය වෙනස් වෙනව. අලි ඇතුන්ගෙ ඉඳලා බල්ලට යනකම් විවිද සත්තු මේ කාර්‍ය්යෙදි මනුස්සයට උදව් කරලා තියෙනව. ඔය සත්තු අතරිනුත් ගවයා නොහොත් හරකා බොහොම කිට්ටුවෙන්ම මිනිස්සුන්ට උදව් කරලා තියෙනව. හරකගෙ ජීවිතේ දි උගෙ වයස් කාණ්ඩ එක්ක ඌට කියන නමත් වෙනස් වෙනවනෙ. පැටියා නොහොත් වසු පැටියා කියලා චූටී කාලෙදි කියන එකාම ටික දවසකින් වස්සා වෙනව. ඒ වස්සගෙ නහය විද්දම ගොනා වෙනව, ඌගෙ ඇට දෙක තළලා ඉවර වෙලා පුසියා කියනව. පොදුවෙ හරකා එහෙමත් නැත්තං ගවයා කියනව වගෙම, පොත පත පරිශීලනයෙදි තව තව නම් හරකට කියලා තියෙනව. වෘෂභ, මහිෂ වගෙ නම් සංස්කෘත ග්‍රන්ථවල නම් අපිට දකින්න පුළුවන්. ගෙරියා... කියන නම කරත්ත බාෂාවෙදි නිතරම කියවෙනව, ගෙරියා කියන්නෙ ටිකක් නසරාණි ඩයල් එකකට වෙන්න ඕනේ.

              ඉස්සර කාලේ රජවරු, සිටුවරු, ඇමතිවරු, නිළමෙවරු ගමනා ගමනයට අශ්වකරත්ත සහ අශ්වයො පාවිච්චි කරද්දි ගම් ප්‍රධානින් පවිච්චි කරේ තිරික්කල සහ කරත්ත. කරත්ත ප්‍රවහන කටයුතු වෙනුවෙනුත් තිරික්කල සහ බක්කි කරත්ත ගමනා ගමනය සඳහත් පාව්චි කරාලු. මීට අවුරුදු 20කට 30කට ඉහත මාතර නගරයෙ නම් ඔය බක්කි කරත්ත වගෙම තිරික්කලත් තිබුනා. දැන්නනම් බොහොම කළාතුරකින් ටෙලිවිෂන් එහෙක තරු පංතියෙ හෝටලයක හැර වෙන නම් දකින්න පුළුවන් කටුගෙයි තමා.

                        අපේ ගම්තුලානට එහාට වෙන්න තිබුනා තව ගමක් අළුත්වල කියලා. ඔන්න ඔය ගමේ හිටපු අවුරුදු 55ක 60ක විතර මාමෙක්. දවසක් තිරික්කලෙකින් අපේ ගම හරහා හික්කඩුවට ගිහින් නැවත යමින් ගමන් අඳුරන ගෙදරක් ළඟ මාමා තිරික්කලේ පාර්ක් කරලා. මාමා ඒ ගෙදර ඇතුලට ගිහින් කතාවක. තිරික්කලෙ හිටපු ගොනා එතන තිබුනු ගිණීසිරීය අත්තක් කන්න දිව දික්කරනව. ඒත් ඉතිං අර ගොනාගෙ කඹේ කරත්තෙම රෝදෙක ගැට ගහලා තිබුනු නිසා ඌට හෙළවෙන්නවත් බැරුව අසරණ වෙලා. මයිනට ඒක දැක්කම පට්ට දුක හිතුනා, මයිනා ගොනාගෙ කඹේ ලිහලා කරත්ත ඇන්දෙ ගැට ගැහුව්වා. ඕං අර ගොනත් ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනෙ අරන් ගිණිසීරිය දළු කමින් වැට දිගෙ ඉස්සරහට යනව. මයිනත් මයිනගෙ ගමන ගිහින් නැවත එන ගමන් දැක්කා අර තිරික්කලෙත් ඇදන් ගොනා මීටර් 200ක් විතර ඉස්සරහට ඇවිත්. ඕං ඉතිං මයිනට හිතුනා තිරික්කලෙ රවුමක් යන්න. වටේ පිටේ කවුරුවත් පේන්නත් නෑ දවල් 11ට විතර වගෙ ඇති වෙලාව. ආයේ ඉතිං දෙපාරක් හිතන්නෙ මක්කටෑ, නැග්ගා තිරික්කලේට.





                     ඉස්සර මයිනා පොඩිකාලෙ මයිනලගෙ ගෙදරත් කරත්තයක් තිබුනා. ඒක නිසා මයිනට ගොනා හැසිරවීමේ හැකියාවකුත් තිබුනා. මයිනා තිරික්කලෙන් මීටර් 50ක් යන්න උනේ නෑ සුද්දා කියල අපතයෙක් ඉන්නව ඌත් නැග්ගා තිරික්කලේට. දෙන්නත් එක් ඉතිං ඉදිරියට ගමනෙ තමා. හිටි ගමන් රේස් එකට තව ටිකකින් නැළවි නැළවි, පුල්ලි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්. අපේ ගම් පහු කරගෙන ඉස්සරහට ගියාම රංගල්ල පාළම කියලා පාළු පාළමක් තියෙනව. එතනින් ගඟ දිගට තියෙන පාරෙ කිසිම කෙනෙක් යන්නෑ. එතන ඇනිකට් එකේ වැඩකරන අය සහ වනජීවි එක තමයි ඔතනින් යන්නෙ. ඕං ඔය පාරෙ මයිනයි සුද්දයි ඉතිං තිරික්කලෙ පදිනව. පැයක් විතර ගියාම අපේ කට්ටයි කටයි දෙන්නත් මග සළකුණු ඔස්සෙ එතනට. උන් දෙන්නත් තිරික්කලෙන් ඒ පැත්තට මේ පැත්තට. ඒ වෙද්දි ගම ඇවිළිලා ඉවරයි, තිරික්කල් මාමට හාට් ඇටෑක් ඇවිත්. ඕං ඉතිං ඔය කළබැගෑනියට සෙට් වෙච්ච අපේ එකෙකුට කනට කරලා එතන එහා පැත්තෙ ගෙදරක එකෙක් කියලා "මේ මිනහගෙ තිරික්කලෙ මයිනා අරං ගියා කළුපේ පැත්තට, මං අරුං දෙන්නටත් කිව්වා ඉක්මනට වරෙව් කියලා. මුං පොලිසි යන්න කලිං කරත්තෙ අරං වරෙං"කියලා.


                               ටිකකින් ඌත් තිරික්කල් ප්ලෙස් එකට, "මචෝ අරහෙ හෙණ ගිණි කෙළියයි ඉක්මනට යමල්ලා" කිව්වමයි මතක් උනේ කරත්තෙ වෙන එකෙකුගෙ නේද කියලා. ඒ වෙද්දි ගොනාටත් කටින් සෙම එන සයිස් එකට ඇවිත්. "මේ කරත්තෙ උඹ අරන් පළයං හරිද ඇහුව්වොත් කියාපං ගොනා කළුපේ හිරියෙ හිටියා උඹ අරං ආවා කියලා" ඌ කරත්තෙ දීලා යවලා හතර දෙනා පයින්ම ආවා ඉතිං කරත්තෙ අරං ගිය දිහාවට. ඒ වෙද්දි ඉතිං කටින් සෙම දාන සයිස් එකේ ගොනාට ගම්වාසි සියළු දෙනාගෙ සන්ව කරුණාව පහළ වෙලා. වතුර දෙනව, කන්න දෙනව, හරියට නිකං නන්දිවිශාල ඇවිත් වගෙ තමා. මයිනලත් ෂේප් එකේ ඇවිත් මොකවත් නොදන්න ගානට ගොනාගෙ ඔළුවත් අතගාලා මාරු උනා. එතන අල්ලපු ගෙදර මාමා කතා කරලා "තෝත් කරන්නෙ හරි වැඩනේ වහෙ, තව පොඩ්ඩෙන් අර මිනිහට පපුවෙ අමාරුව හැදිලා මැරෙනව. හිටපං මම තාත්තා හරි අම්මා හරි හම්බ වෙනකං"
"වැඳලා කියන්නං අම්මටනම් කියන්න එපා හොඳේ, චුට්ටක් ආශ හිතුනා අප්පා ඒකයි ගියේ"
"තොට මරු ආශාවල්තමා එන්නෙ, දැං පළයං. අර මිනිහ පොලිසි ගියා නම් තමා උඹට වැඩේ"

මයිනා ආවා එතනින් ශේප් වෙලා හැබැයි ඉතිං අර තිරික්කලේවත් අර මාමවත් ඊට පස්සෙ කිසිම දවසක් දැක්කෙ නම් නැත. එන්නං හොඳේ.......
_____මයිනා___

No comments:

Post a comment