Friday 29 June 2018

මයිනාගෙ කථා ....18 ගඟ තරණය..

              මයිනාගෙ කථා ....18 ගඟ තරණය..
                                            
                        මේ කියන   කාලේ මයිනගෙ ප්රථම ආදර කතාව ලියන්න පටන් අරන්     තිබුනෙ.     මයිනගෙ කෑල්ල    10 වසරෙ   අන්තිම   හරියෙදි  තමා  මයිනා එක්ක යාළු උනේ.        මයිනත් එක්ක   ඒකි   යාළු   වෙන්න   තිබුනේ   එකම එක හේතුවක් විතරයි.    ඒකිට කිසිම කොල්ලෙක්   ට්රයි  කරෙ  නෑ  හේතුව  ඒකිගෙ  අප්පච්චිගෙ   රෙකෝර්ඩ්ස්.    පුංචිකාලේ  ඉඳලා  අම්මා  කවපු  බළ  මාළුයි  පොලුයි  නිසා  මයිනා  අභියෝග ජය ගන්න හරි හපනා.     ඒකිගෙ  අප්පට කෙළගං කියලා දුවට ට්රයි කරපු එකම එකා මං.     වේලි  වේලි  හිටපු ඒකි  මයිනා  අභියොග  ජය  ගන්න  හපනා  නිසා  කෙටි  ප්රශ්ණ   පත්රයක් දීලා  ඒකට  බාගෙට  ඉරි  ගහද්දි  ඉන්ටව් පාස්  කියලා  එකිගෙ  ආදරවන්තයා  තනතුර  දුන්නා.       නැත්තං මයිනගෙ ආදරවන්තිය තනතුර ඒකිගෙ පංතියේම වෙන එකියකට දෙන්න හැදුවේ.




ඒකිගෙ  ගෙදර  තිබ්බේ  ගඟ  අයිනේ  ඒ  ගඟෙම  කිලෝ  මීටර්  එකහමාරක්  විතර  පීනුවම  මයිනලගෙ  දෙරටත්  යන්න  පුළුවන්.    මයිනගෙ  එක  යාළුවෙක්  හිටියා  තඩි  ඇඟක්  තිබුනු  සිරැර  පුරා  රෝම පිරැණු  මුහුණ  පුරා  රැවුළ  වැවුනු  පොරක්.    මයිනගෙ  ගෙදරයි  උගෙ ගෙදරයි  දුර  මීටර්  50ක්  75ක්  වගෙ  හූවකින්  තමා  දෙන්නගෙ සන්නිවේදනය.      බත්  එක  බෙදන්  හූ දෙකක්  තිබ්බා  කියන්නෙ  උංගෙ ගෙදර  කෑම  හරි  නෑ  මෙහෙන්  හූවක්  ගියා  කියන්නෙ  අපේ ගෙදර  කෑම එළ  වරෙන්  කියන  එක  තමා.      කොටින්ම  කිව්වොත්  අපේ ගෙදර ඌටවත්   ඌගෙ  ගෙදර  මටවත්  පිට  නොවෙයි.   අමුඩෙයි  පුකයි  වගෙ තමයි දෙන්නම,   මයිනගෙ  අම්මට  කේළම්  කියන ගමන් මයිනගෙ  ලව්  එකට  උපරිම  සහයෝගය  දෙන්නෙ  ඌම  තමා.


මේ ලව්  එකට  දෙපැත්තෙම   විරෝධතා  මතු  වෙන්න  පටන්  ගත්තා.     වෙනුවෙන්  මයිනට  වැදුනු  කොසු  පාරවල්,    ඉදල්  පාරවල්  මෙතකෑයි කියන්න.....  බෑ......   ගුටි දීලත්....  මයිනව හදන්න බෑ......   පැත්තෙ   එවුං  ඒකිට   වළි   මේ   පැත්තෙ   එවුං  මයිනට  වළි.    අපරාදේ කියන්න  බෑ  ඒකි   ජුළියට්  වගෙ  නොසැළි  හිටියා  මයිනා රෝමියො  වගෙ  නොබියව  සිටියා.     එහෙං ලියුං  මෙහෙට  මෙහෙං  ලියුං  එහෙට  පියුං  වැඩේ  අර  හොඳම  යාළු  මිත්ර  තඩියා.  මචං  වරෙන්  මැරෙන්න  යන්න  කිව්වත් එනවා.    එහෙම  බුළට්  එකක්. අපරාදේ   කියන්න   බෑ   සුපිරි   යාළුවා.  




  අපේ   ගෙදරට   එහා   පැත්තෙ  ගෙවල්   දේකක   කෙල්ලො   දෙන්නෙක්   මයිනගෙ   ඒකිගෙ   පංතියෙ,  එකියක්   සපොර්ට්   අනිත්  එකි   තරහයි.    සප්   එක   දෙන   කෙල්ල  කොල්ලෙක්   එක්ක   යාළු   වෙලා   හිටියෙ.    අනිත්  එකි  තරහා  වෙන්න හේතුව  තමා  මයිනා  ඒකි  එක්ක  යාළු  නොවිම.    තරහා  එකි  පොඩි කාලේ  ඉඳලම  අපේ  ගෙදර  දුවං  එනවා.     මූණ   සුරතල්   උනාට  කකුල් දෙකේ   ඉඳලා  ඉහළට  කළු  ලප  පුපේ ඉඳං.     ඕකිගෙ   වැඩේම   අපේ  පොඩි  අක්කට  කේළං  කියන  එක   ස්කෝලේ   සියළු   සිදුවීම්  ඇවිත් කියනව.    
ජනවාරි  මාසේ  අරකිගෙ  බර්ත් ඩේ එක..  තාත්තට  බෝළයක්  බස්සලා   රැපියල්  300ක්   ඉල්ලන්  රෝස  මළකුයි ෆර්ෆියුම්  එකකුයි  එක්ක  රෑ  පුරා  නිදි වරා  නිසඳැසක්  එහෙම  ලියලා  දුන්නා.    අරකි  ඒක  පංතියෙ  යාළුවන්ට  පෙන්නලා.     ගෙදර ළඟ  එකි  අපේ  අක්කට  අක්කා අම්මට  අම්මා  අප්පට  බණිනව.    මයිනා ඉතිං හවස් වෙලාවක බත් ගෙඩිය  ගහලා එහෙම  පොඩ්ඩක්  රිලැක්ස්  එකේ  නින්දක්  දාගෙන  ඉන්නව.    දැං සද්දෙ එන්න එන්න  වැඩි  වැදුනා  කොසු  පාරක්  පිට  දිගට.




"බුදු අම්මෝ"   කියාගෙන නැගිට්ටා.     නිදා  ගෙන  ඉන්න  එකාට  පිට  හරහා  කොසු පාරක්  වැදුනම  හිතා ගන්න  පුළුවන්නෙ  මංඥ්ඥං  වෙන හැටි.   ඕං ඉතිං පිය රජාණන්ට  මළ  පැන්නා.

"මරං කාපිය ඔය කොල්ලව"   කියාගෙන   තාත්තා  උත්තමයා  නැගිටිද්දි   ඉතිං මෑණියො  මුළුතැන්ගෙයි  තමා.     පිය  රජාණන්ට  මළ  ඕවර්  උනාම  මව්  දේවිය හුළං    බැහැපු  බැළුම  වගෙ  තමා  මෙලෝ  හැඩයක්  නෑ.    
මේ කියන කාලේ වෙද්දි 11 වසරට  පාස්  වෙච්ච  මයිනගෙ  කුක්කු  ඩෝල්  ගජරාමෙට   පාඩං   කරනව.    මොකද    අවුරැද්දෙ  .පෙළ  විභාගෙ  නිසා.    සියල්ල  අතරෙ  වෙන්ඩ  නෑනලා දෙන්නා  සීතළ  යුද්දෙ  පටන්  අරන්.

"අපේ එකා මැරැවත් ඕකිව බඳින්න දෙන්නෙ නෑ"

"මම බඳින්නෙ මයිනවම තමයි"

එහෙන්  මෙහෙට  මෙහෙන්  එහෙට  කේළම්  කියනව  පමණයි.   එහෙම  ගිහින්  එක දවසක  මයිනගෙ  මල්ලි  පාරෙ  එද්දි  වෙන්ඩ  මාමණ්ඩියා  නට් බුරැල් වෙලා   මයිනා කියලා  හිතලා  වලිය  දාලා.

"උඹ නේද අපේ කෙල්ලගෙ පස්සෙන් එන්නෙ"

"අනේ වහෙ කසිප්පු ගහලා කාණු පල්ලෙ ඉන්නෙ තොගේ දූගේ පස්සෙන් එන්න මට මොංගල් කියලා හිතුවද තෝ"
කියලා  වෙන්ඩ  මාමණ්ඩිට  වළිය  දාපු    අපතයා   ගෙදර ඇවිත්  මවුට කියපි.

"අම්මෙ  අන්න අරැ මගදි බිලා මා එක්ක රණ්ඩුවට ආවා.  මූ නිසා අපිට පාරෙ බහින්නත් නෑ"

අනේ   ඉතිං   බත්   තම්බ   තම්බ  උන්නු මෑණියො  ලිපේ දාපු ගින්දර  එක්කම  දර  පොල්ලක්   අරන්  ඇවිත්  දීලා  ඇරපි.    ඉතිං  දෙයියනේ  මේ  අසරණයා  මොනව කරන්නද    කාලේ   ළමා   හිංසනයට   විරැද්ධ  වෙන  ඈයෝ   හිටයා කියලැයි.

   මොකා   කිව්වත්   කියන්නෙ  ගහන්නෙ  තොපි  හදන්න  නේ  කියලා   තමයි.    අප්පුච්චත්  නෑ   ගෙදර  ගෙයින්  එළියට  බැහැලා  යන්න තමා  තියෙන්නෙ   වෙන මොනව  කරන්නද.

"පළයං උඹ හවසට ගෙදර එන්න එපැයි"


මයිනගෙ   යාළුවගෙ   ගේ   තියෙන්නෙ   ගඟෙ   ඉඳලා   මීටර්  100ක්   විතර  ඈත. මයිනගෙ  ගෙවල්  තියෙන්නෙ  මීටර්  300ක්  විතර  ඈත.   මයිනා   ඉතිං  අර යාළුවගෙ  ගෙවල්   දිහාවට  ගිහින්  එහෙට  වෙලා  ඉඳලා  ඌත්  එක්කම  මේ පැත්තට  එනවා  ඒක  තමා  ෂේප්  වෙන්න  ක්රමේ.    දැං   මයිනට අර  කේළම්  අරන් එන   එකිව   පේන්න  බෑ  මේකිට  ෆනිෂ්මන්ට  එකක්  දෙන්න  හිත හිතා  ඉන්න වෙලාවක  මයිනගෙ  බල්ලෙක්  හිටියා.     ආයේ ඉතිං ඌට කතා කරන්න බැරි ටික පමණයි.    බල්ලා  උදේට  බැන්දාම  අයෙමත්  රෑට  තමයි  ලිහන්නෙ.     එදා කොහොමහරි  මු  දම්වැළ  පන්න  ගෙන  මයිනා   එක්ක  හුරතල්  වෙවි  හිටියා. මයිනගෙ   ගෙදර  සියලු   දෙනාමයි අර  කේළං  කියපු  එකිගෙ  අම්මයි  හැමෝම මිදුලේ   වාඩි   වෙලා  හවස   කහට   සප්පායමක.    අර කේළං   බෝම්බෙ

"පොඩි අක්කෙ ඉන්නවැයි" කියලා ඇහුව්වා.




බල්ලා   බැළුවා ඌත්  දන්නව  ඇති  මේකි  නිසා  මම  ගුටිකන  තරම  ආයේ මොනවද   එළවගෙන  දිව්වා  හැපුවා  පස්ස  පැත්ත.     
 එදා ඉදං වදේ අඩු උනා යංතං  ඒත්  කේළං  එනව.    ආයෙමත්   අපේ   අක්කා  බැනපු  කේස්  එකකට වලියක්   ඇදිලා  ඕං   ඉතිං   මයිනගෙ  ප්රියංභිකාව   මයිනා   එක්ක  තරහ  උනා.      දැං  ඉතිං  නෝ  කතා  නෝ  සිනා  මයිනට  පට්ට  අප්සට්  මේකි  මුණ  ගැසිමට කාලයක්   දෙන්නෙම නැ.      මයිනා   තීරණය  කරා  රෑ  යන්න  ඒකිව  හම්බ   වෙන්න.   ඒකි කියලා තිබුනා මයිනට රෑ 1 වෙනකම් පාඩම් කරනව කියලා.   ඒකිගෙ කාමරෙ ගැන විස්තර පොත් මේසේ තියෙන්නෙ ජනේලෙත්  එක්කම  සහ පාඩම්  කරද්දි   සිහිළ් සුළං   රැල්ලෙ  එතිලා  මයිනගෙ සුවඳ  එන්න   ඕනේ   නිසා  ජනේලේ   එක  පළුවක්  ඇරලා  තියෙන  බවක්.


මයිනයි  මයිනගෙ  බොක්කෙ  ප්රෙඩයි  ඉතිං  සැන්දෑ  වළාවන්   පා  උනාවේ  කියලා රෑ 12.30 විතර  ගියා  අර  හොන්තුවගෙ  ගෙවල් දිහාවට.   වට  පිට  හෝදිසි කරලා  සැක  හැර  දැන  ගෙන  ජනේලේ  දිහාවට  ගියා.   මයිනගෙ  මිත්රය  ඇඳන් හිටියෙ  සරමක්  මොකද  උංගෙ  ගෙදර  නිදා   ගන්නව කියලා  තමයි  ගෙදරින්  ෂේප්  උනේ.   අරැ  ඉතිං  සැහැල්ලුවෙන්  ඉන්න  ඕන  නිසා  යටට  මොකුත්  ඇඳලා  නෑ.    
දෙන්නත්  එක්ක  ජනෙලේ   ළඟට   ගියා   අරකි   පාඩම්  කරනවා.   මයිනා හිමිහිට   අරකිට   "ස්...ස්"   කිව්වා.   අරකි   බැළුවා   අර  ජනේලේ  ඇරපු  කොටසින් එළියට  වැටෙන  ලයිට්  එළිය    අර   මුහුණ   පුරා  රැවුළ  වවන්  ඉන්න   අපතයගෙ මුහණට   වැටිලා   ඌව   තමයි   මුළින්ම  දැක්කෙ.   දැම්මා සද්දයක්  කොහොමද ආයේ  ගම  දෙවනත්  වෙන්න.

"මෙන්න හොරේක්............"



අර  ගස්  නසරාණියා  මොකද  කලේ  පැන්නා  ගඟට දබෝං  ගලා  මයිනටත්  වෙන කරන්න  දෙයක්  නෑ පැන්නා  ගඟට.    සරමක් ටි  සර්ට්  එකක් ඇඳන්  ගඟක පීනන්න බෑනෙ  අරැ  සරමත්  ගලවලා  දාලා ටි  සර්ට  එකත්  ගලවලා  දාලා  පිනනවා.   මයිනා  ඇඳන්  හිටියෙ  කොට  කළිසමකුයි  ටි  සර්ට්  එකකුයි.   මයිනත්  ටි  සර්ට් එකත්  ගලවලා  පීනනවා.    දෙන්නත්  එක්ක  ගෙවල්  දිහාවට  පීනගෙන  ඇවිත් ගඟෙන්  ගොඩ  වෙන  තැන  සිමෙන්තියෙන්  බැඳපු  සොහොන් 2ක්   තියෙන්නෙ.     අරැ  දැන්  අමු   නිර්වස්තරෙන්  මයිනා  අරැට  කිව්වා

"හිටපං මම ගිහින් උඹලගෙ වැලෙන් සරමක් අරන් එන්නම්"

"හරි මම මෙතන ඉන්නං"  කියලා  අරැ  අර  එක  සොහොනක්  උඩින් වාඩි  උනා.

මයිනා  අරැංගෙ  ගෙදර  වැලේ  තිබ්බ  සරම  අතට  ගන්න  ලැබුනෙ  නෑ  ඇහුනා සද්දයක්

"බුදු අම්මෝ මහසෝනා" කියලා..



මයිනා  සරමත්  අරන්  දුවන්  ආවා  අරැට  යකාවත්  ගැහුවද  බලන්න.    එද්දි ටෝච් එකක්  වැටිලා  තියෙනවා  තව  එකෙක්  පාර  මැද්දෙ  වැටිලා ඉන්නවා.    
 "තඩියො" කියලා  කතා  කරා   "මං මෙහෙ වරෙන්"    කියලා අරැ  කතා  කලා.

ඌට   සරම  දිලා  ටෝච්  එක  ඇහිඳලා  වැටිච්ච  එකාට  ගහලා බැළුවා.   ඇස් දෙක උඩ   ගිහින්  සෙම   පෙරාගෙන  එකෙක්  වැටිලා  ඉන්නව.   වටේ  පිටේ  ගෙවල්  වල ඈයොත්  ලයිට්  එහෙම  දාලා  එළියට  ආවා  තඩියා  ෂේප්  එකේ  ගෙදර ගියා.   වතුර  එකක්  ගෙනත්  අරැගෙ  මූණට  ඉහලා  සිහිය  ගත්තා.

"මොකද තමුසෙට උනේ"

"මහසෝනා අර සොහොන උඩ හිටියා"

"පිස්සුද ඕයි මොන මහසෝනෙක්ද තමුසේ වෙන මොකට හරි බය වෙන්න ඇති"

"මම ටෝර්ච් එක ගහද්දි හිටියා කළුම කළුයි ඇඟ පුරාම මයිල් වතුරත් බේරි බේරි හිටියෙ"



අල්ලපු   ගමක   එකෙක්   අපේ   ගමට   එහා  ගමක  බිග්  ගර්ල්  පාර්ටියක්  තිබිලා. මු  රෑ  වෙනකං  සිංදු  කියලා  එහෙන්  ඩ්රින්ක්  එකකුත්  දාලා  එන  ගමන්  තමා සොහොන  පැත්තට  ටෝර්ච්  එක  ගහලා  තියෙන්නෙ.  සොහොන   උඩ  අමු  හෙළුවෙන්   ඉන්න  තඩියව  දැකලා  තමයි  බය  වෙලා    තියෙන්නෙ.

අරැව   එතනට   ආපු   දෙන්නෙක්  ආයෙමත්  ගිහින්  අර  මගුළ්  ගෙදර  තිබුනු ගෙදරටම   ඇරලවලා   ආවා.

ඊළඟ   දවසේ   උදේ   ශාන්ත   මාමා   කියලා   පොරක්  ඉන්නව  මිනිහ   මයිනට කතා කලා.

"ඇත්ත කියපං උඹ නේද ඊයේ රෑ අර මනුස්සයා බය කලේ.      කිව්වා මහසෝනා වතුර  බේරි  බේරි  හිටියෙ  කියලා  උඹෙ  කළිසමෙත්  වතුර  බේරි  බේරි  තිබුනේ"

"පිස්සුද  අනේ ඔයාට  එහෙම  දැක්ක  නම්  එවලේ  අහන්න  එපැයි..  හැම ලබ්බටම අපිවම අල්ල ගන්නෙ"  පොඩි  සද්දයක්  දාලා  එතනින්  ආවා  ෂේප් එකේ.

මයිනගෙ කෑල්ලගෙ ගමේ දැං කටකතා හෝ ගාලා.

"හොරැ ඇවිල්ලා"

"දෙන්නෙකලු"

"හොඳ වෙලාවට දැකලා තියෙන්නෙ"   මයිනටයි තඩියටයි ඉතිං හිනා  කතා අහලා  .




 අර බොන්ඩිගෙ  ස්කෝලේ ඇරෙන වෙලාව  අල්ලලා  මයිනා  ගියා  හික්කඩුවෙ  ස්ටේසන් එකට.   ඕං එකි  එනවා  ඉතිං නළව  නළව   මයිනත් හිනා  කටක්  පුරවන්  ගියා  මේකි  ළඟට.      හම්මෙ ඉතිං ගැස්සුවා  ගැස්සිලක්  ආයෙ  මොනවද   කොච්චියක  එහෙම  වැදුන  නම්   ඒකත් පෙරලෙනව.

"ගෙට හොරැ පැන්නලු නේද  " මයිනා ඉතිං කතාවකට මුල පුරන්න එහෙම ඇහුව්වා.

"ඔව් මාව උස්සන් යන්න හොරැ දෙන්නෙක් ඇවිත්"

"ඇයි ඉතිං උස්සන්න බැරි උනාද"

"උං දන්නවා ලේසියෙන් උස්සන්න බෑ කියලා"

"ඇත්තද"

පස්සෙ  වෙලාවක  කිව්වා  "මම  තමයි  ආවේ  ..තෝ කෑ ගහාපු නිසා ගඟට පැනලයි බේරැනේ”   කියලා.  එදා  ඉදං  අද   වෙනකම් තඩියව  කොහෙ  දැක්කත්  අරකිට  තනියම  හිනා

හික්කඩුවේ   බාළිකා  පාසලකට   ගියපු     කුක්කු  ඩෝල්  තමයි    අවුරැද්දේ සා.පෙළ.  බෙස්ට්  රිසාල්ට්  දැම්මෙ.


තව තියෙනව පස්සෙ කියන්නම් ඈං.