මයිනාගෙකතා... 68 ... රිවිෂන්
මයිනා කියන නසරාණියා අ.පො.ස. සා.පෙ. පළවෙනි පාර ජල්ල හුටං කර ගත්තා. කටිටියටම කියන්න මෙයාලා එකෙන්ම ෆේල් රිසාල්ට් එක වැඩ 7යි සම්මාන එකයි හාද. ෆේල් උන විශය ගණිතය ආඩම්බරෙන් කියන්නෙ හරිද?. "තෝ මෙහෙම හිටියොත් තොට වෙන්නෙ කුළී වැඩ කරන්න ඒක හිංදා කරපිය ආයෙමත් විභාගෙ" කියලා ගෙදර එවුන්දලා එළෙව්වා පුණරික්ෂණ පංති. කියන්න සංතෝෂයි මිතුරනි රුහුණු රටේ අග නගරේ ගාළුපුරේ සිරි බලන්න පුළුවන් විදියට තමා පංති යන්න ලැබුනේ. ඒ කාලේ ගාල්ලෙ සා.පෙළ සඳහ ජනප්‍රිය පංති දෙකක් තිබුනා, එකක් "ඉගෙනුම" අනික "හයස්ටඩි".
"ඉගෙනුම" කියන්නෙ වක්වැල්ල පාරෙ තිබුනු වෙනස්ම විදියෙ පංතියක්. හරියට පාසලක් වගෙමයි, නීතී මාලාවක් සහ වෙනස්ම විදියකට විනය පවත්වාගෙන ගියපු තැනක්. විශාළ පරණ වළව්වක වගෙ ගෙයක තිබුනු ඒ පංතිය ඇතුලේ 1 වසරේ ඉඳලා උ.පෙළට යනකම් පංති පැවැත් උනා. සතියේ උදේ 8.30 ඉඳළ දවල් 2ක වෙනකම්ම පුණරික්ෂණ කරන ඈයොන්ට පංති. ස්කෝලෙ ගියා වගෙ තමයි ඉතිං. සුදු ෂර්ට් එක අඳින්න ඕනේ ඩෙනිම් අඳින්න බෑ, කළිසම කළු හො වෙනත් විච්චූරණ නොවන පාටක්. පංතියට ගියාම සද්ද බද්ද බෑ නිශ්සබ්දව ඉන්න ඕනෙ එහෙම සද්ද දාලා අහු උනොත් පංතියෙන් එළියට සහ කණ පැලෙන්න ලැබෙනව. නැවත පංතියට එන්න ඕනේ නම් දෙමව්පිය දෙපළගෙන් කෙනෙක් සමග එන්න ඕනේ. පංතියට එක දවසක් හරි ආවේ නැත්තං රිපෝර්ට් එකේ හේතුව ලියා මව්පිය දෙපළගෙන් කෙනෙකුගෙ අත්සන ඇතිව ආ යුතුයි. ඕං ඔහොම නීති සම්බාරයක් ඔය පංතියෙ තිබුනා. පංතියට ළමයි බාර ගන්නෙත් මව හො පියා සමග පැමිණියොත් පමණයි.
පංතිය ඉස්සරහම තිබ්බෙ කර්තකොළම්බන් අඹ ගහක් හම්මෙ ඉතිං ගෙඩි ඔළුවෙ වදිනව, ඒත් එක ළමයෙක් නොවෙයි ඇහැක් ඇරලා බැළුවෙ ඒ දෙස. අනිත් පැත්තෙ තිබ්බා මිදි වැළක් ඒ මිදි වැළ පහු කරන් තමයි පංතියට ගියෙ. අනේ ඉතිං මිදි ඇඹුළයි කියල හිතාගෙන ඒ දෙස බල බල පංතියට ගිය එක තමා උනේ. ඕං ඔය පංතියට මයිනා ඇතුළුව තොටගමුවෙ, කළුපේ, සීනිගම, තෙල්වත්ත ආදි අවට පහත ගම්වලින් 20ක් විතර ගියා. කට්ටියගෙ ගමන පාසල් දුම්රියෙ එහෙමත් නැත්තං ස්කූල් ට්‍රේන් එකේ. මේ සෙට් එකට අතරමගදි රත්ගම සහ බූස්සෙ සෙට් එකකුත් සෙට් වෙනව. අපරාදෙ කියන්න බෑ 40ක විතර පිරිස පෝළිමට පංතියට ගොඩ වදිනව. ඒ වගෙම ඉතිං රණඩු බණ්ඩු වලිනුත් අඩුවක් නෑ. ගම් පළාතේ රිච්මන්ඩ්, මහින්දෙ, ඇලෝෂියස් යන පොඩි එවුන්ට පට්ට හැපි ඇයි ඉතිං අයියල සෙට් එක ඉන්නව නෙ. ලොකු පංතිවල එවුං සද්ද නෑ පොඩි එවුන්ට එහෙම සද්දෙ දැම්මා කියන්නෙ අම්බනයි ටිකයි වෙන්න කන්න වෙනව. හවසට ගාල්ලෙ ස්ටෑන්ඩ් එකේ පොඩි පොඩි වලි ලොකු වෙලා කවකටු පාරවල්, පිහි - කිනිසි පාහරවල් එහෙමත් හුවමාරු උනා. අන්තිමට ගාල්ලෙ පොලිසියෙන් ස්ටෑන්ඩ් එක ඇතුලේ පොලිස් මුරපොළකුත් ස්තාපිත කලා මේ දරු පැටව් නිසාම.
ඕං ඉතිං කට්ටිය පංතියට යද්දි ඔළුවෙ වදින අඹ ගැන පට්ට ඊරිෂියාවයි. මොනව කරන්නද මේ අඹ ගෙඩියක් නොකෑවොත් ගමට සහ නමට හොඳ නැති නිසා ඒ වෙනුවෙන් සියළු දෙනා වෙහෙසුනා. හැබැයි ඉතිං අහු උනා කියන්නෙ "තිස්ස ද සිල්වා" ගෙ කම්බුළ හිරි වැටෙන පහර ෂුවර්. තිස්ස ලොක්කා තමයි ඔය පංතියෙ අයිතිකාරයා සහ නිසි බළධාරියා යකෙකුටවත් බය නැති යකා. ඕං එක සවසක පංතිය ඇරිලා එළියට බැහැලා යද්දි තෙරපි තෙරපි යන ළමයි අතරින් අත දාලා කැඩුව අඹයක් කැඩු සැනින්ම ඉස්සරහ ගිය එකාගෙ බෑග් එකට දැම්මා ඌ දන්නෙත් නෑ. හැබැයි අඹේ කැඩූ සීන් එක ගණං උගන්නපු තඩි සර් දැකල තිබුනා, කැඩු එකා හරියටම ෂුවර් නැතත් සැකයට ඔෆිස් රූම් එකට ගෙන්නපු පස් හය දෙනා අතරෙ මයිනත් හිටියා. අඹ ගෙඩිය කැඩුවා කිව්වට ගෙන්නපු එකෙක්වත් ළඟ අඹ ගෙඩිය තිබුනෙ නෑ, අඹ ගෙඩිය දාපු බෑග් එක තිබුනු එකා ඔෆිස් එකට ආවේ නෑ. හැබැයි ඉතිං සර් පැහැදිළිවම කිව්වා "තොපිලගෙන් එකෙක් තමා අඹ කැඩුවෙ වැඩිපුරම මට සැක තෝ තමයි" කියල. මයිනා හෙණ ශෝක මූඩ් එකක් දාගෙන "අපට හොරෙන් අඹ කන්න ඕනේ නෑ සර් අපේ ගෙදර අඹ ගස් පහක් හයක්ම තියෙනව" කියලා ආවා ඉතිං විනීත සුවනීත දරුව වගෙ. ආවට මොකද ඔය ගණං සර් මයිනව හොඳට නෝට් කරං හිටියෙ. විටින් විට "චූස් - බූස්" සද්ද දාපුවා, චිට් ලියල යවපුව, කෙල්ලන්ගෙ බෑග් අස්තානගත කරපුව වගෙ වැරදි බර ගාණකට සර් චූදිතයෙක් හොය හොය හිටියෙ.
ඒ මදිවට ඔය පංතියෙ හිටියා චන්ද්‍රසිරි අයියා කියලා පියන් කෙනෙක්, ඕකා ළමයි පංතිය ඇරිල ගියාම බයිසිකලෙන් පස්සෙන් ගිහින් බලනව පාරේ යද්දි කරන වැරදි. ඒවා බලං ඇවිත් තිස්ස සර්ට වාර්ථා කිරිම ප්‍රධානම කර්‍ය්ය තමා ඕකට තිබුනු. එක දවසක චන්ද්‍රසිරියයි සයිකලෙයි කාණුවකට පෙරලා දැමීමෙ චෝදනාවකුත් මයිනට තිබුනා. අහම්බෙන් සිදු වූ සිදුවිමක් ලෙස දක්වා චන්ද්‍රසිරියව සයිකලෙත් එක්කම කාණුවට දැමීමට අපත ගැන්සියම එකසේ සහබාගි උනා. ඒ ඒ චෝදනාවලට ප්‍රධාන වැරදිකරු ලෙසට සැකයට භජනය උනත් සාක්ෂි නැතිකමින් දඬුවම් නොළබා සිටිමෙ වාසනාව තිබුනා.
ඔන්න ඔහොම ඉඳලා හෙණහුරා ලබපු ගණිතය විෂය තිබුණු දවසක, අර පැණ්ඩා වගෙ මහත සර්ගෙ පංතිය ඉවර වෙලා පේළි පේළි ළමයි පංතියෙන් එළියට යනව. මයිනා ටිකක් ඉස්සරහ පේළියක හිටියෙ. ඉස්සරලම ගෑණු ළමයින්ගෙ පැත්තෙන් කෙල්ලො ටික එළියට බහිනව, මයිනා ඉතිං පිටි පස්සට හැරිලා බැළුවා සර් කාරයා පේන්න නෑ. දැම්මා ලේන් පැටියෙක් වගෙ සද්දයක්, ඊට පස්සෙ අර එළියට බහින කෙල්ලෙකුට "සුදූ මං එනකං ඉන්න හොඳේ" කියලා කිව්වා. කියන්න දුකයි පිංවතුනි...... අර පැන්ඩා සර් වාඩි වෙලා ඉඳල නෙව මයිනගෙ ඩෙස්ක් පේළියට පේළි 3ක් විතර පිටි පස්සෙන්. අපරාදෙ කියන්න බෑ වැදුනා කම්බුල් පාරවල් ටිකක් නිකං දත් ගළවන්න බෙහෙත් විදලා වගෙ දැනුනෙ. "ආයෙමත් තොට පංති එන්න ඕනෙ නම් අම්මා හරි තාත්තා හරි එක්කං වරෙං" කියලා දුන්නා විධානයක්.
පැණ්ඩා සර් පස්සෙන් ගිහින් ෆුල් ට්‍රයි එකක් දුන්නා ෂේප් වෙන්න වැඩේ හරි ගියෙ නෑ. ගෙදරට ගිහිං කියන්නයෑ මෙහෙම උනා කියලා ඩබල් පෝරියල් නෙව කන්න වෙන්නෙ. විභාගෙට ඉතිරි තව මාස 2ක් වගෙ කරන්න දේකුත් නෑ පංති යන්නත් නෑ. වෙනද වගෙ පංති යන වෙලාවට ගෙදරින් ඇවිත් අනිත් එවුන් එක්කම ගාල්ලට යනව, ආයෙමත් පංති ඇරිලා අනිත් එවුං එන වෙලාවට ගෙදර එනව. එහෙම සතියක් විතර ගියාම හයිස්ටඩි ක්ලාස් යන කොල්ලෙක් සෙට් වෙලා ඌ කිව්වා "වරෙං අපේ පංතියට ගිහින් බළමු" කියලා. ඌත් එක්ක ගිහිල්ලා ඒ පංතියෙ හිටපු එකාට වැඳලා ඉතිරි මාස 2ක හයිස්ටඩි යන්න හදාගත්තා. ගෙදර මිනිස්සුන්ගෙ හිතේ තාම ඉගෙනුමට යන සුවනීත දරු පැටියා කියල. ඒ මාස දෙකත් ඉවර කරලා ස.පෙළ නම් ලිව්වා යංතං ගොඩත් ගියා....... තාම ඉතිං ඔය වක්වැල්ල පාරෙන් යද්දි "ඉගෙනුම" දැක්කම තනියෙං හිනා...
එන්නං ...... ඇ.......
_____මයිනා____