Sunday 22 March 2020

මයිනාගෙකතා..78... කුක්කුඩෝල් - 3

#මයිනාගෙකතා..78... කුක්කුඩෝල් - 3

                                                               ඇඩවාන්ස් ලෙවල් පළවෙනි අවුරුද්දෙ අන්තිම හරිය වෙද්දි කුක්කුඩෝල් ෆුල් පොෂ් වි මයිනාට නීති තහංචි සහ උපදෙස් දෙන මට්ටමට පැමිණ සිටියා. ඒ වෙද්දි පට්ට කෑල්ලක් වෙච්චි කුක්කුඩෝල් පස්සෙ ගාල්ලෙ මල්ලිලත් වැටුනා. ඔන්න ඔහොම වදයක් වෙච්ච එක මල්ලි කෙනෙකුට බොහොම ආදරෙන් කියල දුන්නා මේ මගෙ ලව් එක පාඩුවෙ ඉදිං කියලා. ඊටත් මාසෙකට විතර පස්සෙ ඕං ඉතිං තව එකෙක් පස්සෙං වැටිලා කියලා කුක්කු නහයෙන් අඬන්න ගත්තා. හික්කඩුවෙ කුමාරකන්දෙන් හැරුනම හෙන්නතොට කියල ගමක් තියෙනව ඕං ඔය ගමේ, අපි වගෙම නහයට අහන්නෙ නැති හාදයෙක් තමා පස්සෙන් එන්නෙ. ඕං ඉතිං ඒ හාදයත් හම්බ වෙලා මල්ලි වද නොදි ඉඳපං මේ මම බඳින්න ඉන්න ගෑණු ළමය කියලා පැහැදිළි කරා. ඌ ඉතිං වැඩි නහරේ උළුප්පං "මට ඕන්නං මම ට්‍රයි කරනව උඹ ඒකිගෙ තාත්තද......" කියලා අහාපි මෙතෙක් වෙලා නිහඬව හිටි තඩියා දීලා ඇරියා එකක් මල්ලි රවුං දෙකක් විතර කැරකිලා ගෙම්බා පොළවෙ ගැහුව්වා වගෙ බිම. ඔන්න ඉතිං පාසල් වයසේ කොල්ලො ටිකක් වට උනා වළියට ඒත් තඩියගෙ ඇඟට බය වෙච්ච උං පස්සෙ බලා ගැනීමේ පොරොන්දුව පිට විසිරිලා ගියා.

                                                                   ඊළඟ සතියෙ දවසක මයිනා ප්‍රියංබිකාව බැළිමට ගාල්ලට, පෙරදිනක ඇති වු අවමානයට අවධානයෙන් සිටි මල්ලිලා සටන් බිමට. අපරාදේ කියන්න බෑ මිත්‍රවරුනි වැදුනා වැදිල්ලක්...... කෑම අතිවිශිෂ්ඨයි. රිච්මන්ඩ්, මහින්දෙ, ඇලෝෂියස්, විද්‍යාලොකේ විතරක් නොවෙයි කොටුව ඇතුලේ මෙලෝකමකට නැති බොළවත් නම අහලා නැති ඕල්සන්ට් කියන ඉස්කෝලෙ එවුනුත් ගැහුව්වා අප්පා. ඉතිහාසෙ ප්‍රථම වතාවට වෙන්න ඇති මේ පාසල් සියල්ලම එකමුතු වෙලා යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න ඇත්තෙ. අපරාදෙ කියන්න බෑ නාසයෙන් ලේ ගලනව ඇහි බැම පැළිලා ලේ ගළනව ඇදං හිටපු ටි සර්ට් එක ඉරිලා මයිනා ඉතිං ලංකාවේ දිගම බස් නැතුම් පොළ වටේම දිව්වා ආයේ නෑ..... ඊට වසර කිහිපෙකට පෙර ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ මයිනලා හින්දම පිහිටවපු පොලිස් මුර පොළට පිං සිද්ධ වෙන්න අම්බානයි ටිකයි කාපු මයිනා බස් එහෙකට පැනලා හැංගුනා. මොකා ගැහුවද කොහොම ගැහුව්වද කියලා මයිනට අදටත් මතක නෑ. අන්තිමෙ මයිනා නැගල හිටපු බස් එක යනව අර ගහපු එවුන් ගැන හිත හිත කේන්තියෙන් ආපු මයිනට බස් එක යන්නෙ කොහෙටද කියලවත් නිනව්වක් නෑ.



                                                                   කොන්දා ළඟට ආවම අතේ තිබ්බ රුපියල් 20න් 10ක් කොන්දට දුන්නා. මේන්න බොලේ බස් එක ගමනාන්තයට ඇවිත් බැහැලා බැලින්නං බස් එක දෙණියායටම ඇවිත්. දැං මොකෑ කරන්නෙ අතේ තියෙන්නෙ රුපියල් 10යයි ආයෙමත් ගාල්ලට යන්නත් සල්ලි මදියි. දෙණියාය කොළඹ බස් එකක් ළඟට ගිහින් කොන්දයියට ඇත්තම විස්තරෙ කියලා හැන්දෑවේ 8ට විතර මයිනා ඒ බස් එකෙන් ඇවිත් හික්කඩුවෙන් බැස්සා. ගෙදර දිහාවට නොගිහං තඩියලගෙ ගෙදරට ගිහිං කිව්වා විස්තරේ. තඩියගෙ නංගියි තඩියයි උණු වතුරෙන් තවා තෙල් බෙහෙත් ගල්වා රෑට කන්නත් දීලා එහෙම නිදි කරව ගත්තා. පසු දා අනික් අපතයනුත් විස්තරෙ දැනගෙන  මොකද අපි කරන්නෙ සහ කොහොමද රිටන් එකක් දෙන්නෙ කියන දෙගිඩියාවෙන් ඉන්දැද්දි අපේ කටා දුන්නා අයිඩියාව.
"ඕකට ගාල්ලෙදි ගහන්න බෑ ඉස්කූල් යුනිෆෝම් පොලිස් කේස් ආවොත් අවුළ" "මිල්ලෙ අහවලා උඹගෙ බොක්ක නේ පොරට කියලා ඕකගෙ ගමට හරි ගෙදරටම හරි ගිහින් තමයි සද්ද දාන්න වෙන්නෙ"

                                                                         ඉදිරි දවස් කිහිපයෙ අදාල මල්ලි බබාගෙ සියළු විස්තර අපේ කටාම ගෙනත් දුන්නා. දවසක් හැන්දෑවක මයිනා සමග එවකට සුපිරි බුලට් එකක් උනු මිල්ලෙ බුවා සහ තවත් එවැනිම හාදයෙක් එක්ක ට්‍රේල් බයික් දෙකකින් හෙන්නතොටට ගියා. මල්ලියා තාප්පයක් උඩට වෙලා කකුල් දෙක වන වන ඉන්නව තව හතර පස් දෙනෙකුත් එක්ක. අනේ ඉතිං මයිනට දැනුනු සංතෝෂෙ............ මයිනා ආයෙත් නෑ දුන්නා දීමක් වෑන් ඩෑම්, බෲස් ලී, ජෙට් ලී ආදි සියළුම නළුවන්ගෙ ඉරියව් වලින්. ගමේ හාදයො චන්ඩි වගෙ දුවගෙන ආවට එකෙක් නොවෙයි කිට්ටු වෙන්නෙ මයිනා සමග ගියපු පුද්ගළයො දෙන්න දකින දකින එකා නවතිනව. අන්තිමට ඒ නහර මල්ලිගෙ ඥාතියෙක් ඇවිත් අරැං දෙන්නගෙ කකුල් දෙක ළඟ වැටුනමයි මයින ගහන එක නැවැත්තුවෙ. ඒ වෙද්දි අර මල්ලි බාගෙට මැරිලා වගෙ තමයි හිටියෙ. ඊට පස්සෙ ඒ මල්ලි  පාරකදිවත් දැක්කෙ නම් නෑ. අර මයිනා එක්ක ගිය පුද්ගළයො දෙන්නගෙන එක්කෙනෙක් නම් වෙඩි පහරකින් මිය ගියා පසු කාලෙක. ඒ වෙද්දි මයිනගෙ සහ කුක්කුඩෝල්ගෙ ගෙවල් දෙපැත්තෙන්ම දරා ගත නොහැකි තරමටම ප්‍රශ්ණ ආවා, අනික තමයි කුක්කුඩෝල්ගෙ ආච්චි මයිනගෙ ගෙදරටම ඇවිත් පිය රජානෝ හමුවිම. "අනේ පුතේ කොල්ලට කියාපං කෙල්ල විභාගෙ ගන්නකම් පාඩුවෙ ඉන්න කියලා ඊට පස්සෙ ඕන දෙයක් කර ගත්තාවෙ" කියලා ආච්චි කියාපි. එන්න එන්න කුක්කුඩෝල්ගෙ නීති රෙගුලාසි වැඩි වෙද්දි කුක්කුඩොල්ගෙන් ඈත් වෙන්න කරුනු කාරනා එකතු උනා. යාළුවො ආශ්‍රය කරන්න එපා අරක අඳින්න එපා, කොන්ඩෙ කපන්න එපා,......... සහ පොඩි පොඩි දේවල් වලටත් රණ්ඩු වීම වගෙම මයිනගෙ පොඩි අක්කාට බැන වදිමින් පණිවිඩ එවිම. තවත් කරුණු කාරණා තිබුනත් ඒවා ලිවීම කුක්කුඩෝල්ට අවැඩක් නිසා නොලියා සිටිම මැනවයි සිතමි.

                                                                   අන්තිමට මයිනා විසින් ප්‍රේමයට තිත තබන ලදි, පසු කාලෙක මයිනා විදේශගත විමෙන් පසු මයිනාගෙ බාප්පගෙ පුතාගෙන් මයිනගෙ දුරකථන අංකය ඉල්ලා තිබුනත් ඔහු එය දීම ප්‍රතික්ෂේප කර තිබුනා. එක අවුරුද්දක දෙසැම්බර් වලදි මයිනා ලංකාවට ආපු වෙලාවක කුක්කුඩෝල් අහම්බෙන් මුණ ගැසි දුරකථන අංක හුවමාරු කර ගත්තත් මයිනා වන මා කුක්ඩෝල් සමග කතා කිරිමට නොගිය බව ප්‍රකාශ කරමි. කුක්කුඩෝල්ගෙ පියා කිහිප වතාවක්ම මයිනා සමග බළෙන්ම කතා බහ කරත් මයිනා ඇසු ප්‍රශ්ණ වලට පමණක් පිළිතුරු දී පලා යන ලදි. ඌට හිතෙන්න ඇති අපරාදේ මූව දූවගෙන් ඈත් කරෙ කියලා. මේ ප්‍රේම කතාවෙ තව බොහො දේ ඇතත් ඒවා කීම හො ලිවිම කුක්කුඩෝල්ගෙ අනන්‍ය්තාවයට හානියක් විය හැකි බැවින් නොලියා සිටිම මැනවයි සිතමි. අද දවසේ කුක්කුඩෝල් කොහෙ ඇද්දැයි නොදන්නා නමුත් මාගෙ මෑණියන් සහ බාළම්මා යන දෙදෙනාම කේන්ති ගැස්සවීමට අදත් මා යොදා ගන්නෙ කුක්කුඩෝල්ගෙ නමයි. "ඒ කාලේ මට ඒකි බඳින්න දුන්නෙ නෑ දැං බොරුවට කසාද බැඳපං ගාන්න එපා" කිව්වා නං "ඒ පට්ට ##ති නැතුවට කමක් නෑ තෝ ඔහොමම හිටපිය" ලෙස පිළිතුරු ලැබෙන බව නිසැකය. අදත්  මා නොදන්නෙ කුක්කුඩෝල් සමග මාගෙ මෑණියන්ට ඇති තරහව කුමක්ද යන්නයි. ඒ ලව් එක ගැන කතා ඉවරයි එහෙනම් හරිද? තව ලව් තියෙනව ඒව ගැන කියන්නම්.....
____මයිනා_____

මයිනාගෙකතා... 77... තඩියා - 4

#මයිනාගෙකතා... 77... තඩියා - 4

අපේ තඩියා ගැන මම කලිනුත් කියලා ඇතිනේ, ක්ෂණික කේන්ති, ක්ෂණික තීරණ.  ඒ වගෙම තමා ගෙදර එවුං එක්කත් ඇරගෙන සමහර වෙලාවට ෆුල් වළිය දානව.   තඩියගෙ තාත්තා බීපු වෙලාවට ඉතිං තඩියව බයිට් එකට ගන්නව.  එහෙම වෙලාවට තඩියගෙ පියාණෝ කාමරේකට දාලා වසා තැබිම තමයි සිද්ද වෙන්නෙ.  කාළය දැහැමින් සෙමින් සොඳින් නැතුව හැළ හැප්පීම්වලින් ගෙවි යන්න පටන් ගත්තා.  හයේ හතරේ තරුණයෝ උනාට ගෙදරින් දෙන දෙයක් කාලා කාට හරි ගින්නක් දීලා ෆන් එකක් අරන් ඉන්න එක තමයි කරේ.  ඒ අතර වාරේ ගෙදරට එන නඩුවලටත් වගඋත්තර බඳිමින් දඬුවම් විඳිමින් සහ එහෙම නඩු ගේන උන්ට ගේමක් ගහමින් ජීවිතේ ගෙවුනා.

       මේ කියන දවස් වෙද්දි තඩියගෙ මව්තුමිය මව්බිමට සම්ප්‍රාප්ත වෙලා හිටපු කාලයක්.  පොඩිකාලේ ඉඳලම ආච්චි විසින් හදා වඩා ලොකු මහත් කරපු ඈයෝ හිංදා තඩියයි නංගියි අම්මට වඩා ආදරේ ආච්චිට.   අපේ තඩියා ඉතිං උදේට ගෙදරින් පිට උනාම දවල් බත් ගෙඩිය ගහන්න ගෙදරට, ආයෙමත් හවස පිට උනාම රෑට බතට තමා පැමිණීම.   වෙන දවස්වලට කණ පැලෙන්න කසියා ගහලා කොහෙ හරි මුල්ලක නිදා ගන්න තඩියගෙ තාත්තා අම්මා රට ඉඳං ආවට පස්සෙ උපාසක වෙලා ගෙදරමයි.   ඒ මදිවට අම්මා එක්ක එකතු වෙලා තඩියට බණිනව.   එක දවසක ඕං ඔහොම කතාවක් දුර දිග ගිහින්, තඩියා කියලා "හැදුවනං කන්න බොන්නත් දීපල්ලා".   ඒකට මළ පැනපු පියානෝ කියලා  "තෝ හැදුවට වඩා හොඳයි ඌරෙක් හැදුවනං, මස් කඩේට හරි දෙන්න තිබුනා බොළ" .   අර ගොං තඩියා එක සැරේ කියලා   "සරමේ පිහිද ගත්තා නං ඉවර නේ මම කිව්වය හදන්න කියලා".   ඔන්න ඉතිං ඒ කතාවට මළ පැනපු තඩියාගෙ පියාණෝ දීලා ඇරලා තඩියට, ඒ අතරේ මවුත් දීලා ඇරලා කොසු පාරක් තඩියට.   ඊට පස්සෙ ඉතිං තඩියට කුඩාකල සිට මේ දක්වා කල කී දෑ සියල් කියවාගෙන ගිහිල්ලා.  අපේ තඩියටත් මළ ෆුල් ඕවර් වෙලා හිටපියව් මම මැරෙණව කියලා ළිදේ පනිට්ටුවට තිබුණු කඹේත් අරන් කාමරේට ගිහින් දොරත් වහගෙන කඹේ පරාලෙක ගැට ගහලා බෙල්ලෙ වැළ දාගෙන මැරෙන්න කියලා.





             අනේ ඉතිං අරූට වළිය දාපු දෙමව්පියො "පොඩි පුතේ සමාවෙයං" කිය කිය කෑ ගහන අස්සෙ අරූගෙ ආච්චි "බුදු මයිනා පුතේ තඩියා ඉවරෝ, උඹේ යාළුවා ඉවරො" කියල කෑ ගහනව.   මයිනගෙ අම්මට සද්දෙ ඇහිලා මයිනට කෑ ගැහුව්වා තඩියලගෙ ගෙදර රණඩුවක් දුවල බළපිය කියලා. අනේ ඉතිං මයිනත් දිව්වා මොකද බලන්න. තඩියගෙ තාත්තා දොර කඩන්න ගල් ඉන්නකින් අනිනව, තඩියගෙ අම්මා ජනෙල් පොළු ගළවන්න හදනව.


                               තඩියා පරාළෙට කඹේ ගැට ගහලා අනිත් කොන බෙල්ලෙ ගැට ගහගෙන. මයිනා ඉතිං අරූව දැකපු හැටියෙ "අනේ මේ #%% තඩියො මෙන්න මෙහෙ වරෙන්'' කිව්වා. "මං මැරෙනවා මචං" කියාගෙන පැන්නා මු හිටපු අල්මරිය උඩිං බිමට. හුටා..... කඹෙත් කඩං තඩියා ගෙම්බා පොළවේ ගැහුව්වා සිමෙන්ති පොළවේ. අපේ අනිත් අපතයන්ටත් ආරංචි වෙලා කට්ටියම එද්දි තඩියා ඉන්නව නැගිට ගන්න බැරුව බිම වැටිලා. ඒ මදිවට මුගෙ බෙල්ල වටේම කඹේට හම ගිහින්. ගමම පිරිලා තඩියා බෙල්ලෙ වැළ දා ගනිපු ආරංචියට මූට පට්ට නෝන්ඩිය. වටේ පිටේ කෙල්ලො දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා, ඒ මදිවට කටා අහන හරස් ප්‍රශ්ණවලට අපත රැළටම හිනා. අන්තිමට සිනහ සාගරයයි රස ආකරයයි, හැබැයි තඩියා නැගිටින්නෑ. මූ බිමට වැටෙද්දි මුගෙ කකුළක් ඇමැට්ටි වෙලා. කට්ටියම ඉතිං තඩියව උස්සගෙන ගිහින් ආයුර්වේදෙන් බෙහෙත් බැඳන් ආවා. මාසයක් විතර බෙහෙත් බඳිද්දි තමා ඌට කකුළ බිම තියලා යන්න පුළුවන් උනේ. පාරේ තොටේ මුණ ගැහිලා කවුරු හරි ඇහුව්වනං "හයිය කඹයක් තියෙනව දෙන්නද" කියලා, අපේ තඩියගෙන් අහගන්න තිබුනා කඹ ජාතක කතා වස්තුව ආඩු පාඩු නැතුවම.. ... එන්න​ං ඈ.....
___මයිනා___

මයිනාගෙකතා ..76 ... ලව් -2

#මයිනාගෙකතා ..76 ... ලව් -2

                                                මයිනගෙ ඊළඟ ලව් එක හරිද එහෙමත් නැත්තං 3වෙනි ලව් එක. ඒ ලව් එක හික්කඩුවෙ "මිල්ල" කියන පැත්තෙ අපරාදේ කියන්න බෑ උංගෙ අප්පා අපේ ගමේ නම එක්කත් තරහයි. ඔය ලව් එකට තියෙනව සදා අමතක නොවන මතකයක්, ඒ කියන්නෙ මයිනයි මයිනගෙ මල්ලියි දෙන්නම ට්‍රයි කරලා එකම කෑල්ලට. හික්කඩුවේ සිංහ සමාජය ගොඩනැගිල්ල කිට්ටුව තිබුනා සමාධි කියලා ටියුෂන් ක්ලාස් එකක්, ඕං ඔතනට තමා ඒකි කලාස් ආවේ. මයිනා සහ අපත සෙට් එක ක්ලාස් යන වෙලාවට ඒකි පස්සෙන් ගිහින් කොහොම කැමැත්ත ගත්තා. මයිනා එක්ක ලව් එකක් යනව කියලා නොදන්න මල්ලිත් ගිහින් ඒකිගෙන්ම කැමැත්ත අහලා. "අපරාදේ අයියා එක්ක යාළු වෙලා හිටියෙ නැත්තං මං ඔයාට කැමති වෙනව" කියලා මෙකි මල්ලිට කියලා. ඒ සිද්ධියෙන් පස්සෙ ඉතිං මයිනගෙ මල්ලිට කාඩ් එකක් වැදුනා "අහේනියා" කියලා.

                                               ඕං ඉතිං ඔය ලව් එකත් උංගෙ ගෙදරට මාට්ටු උනා සහ එවුන්ගෙ තාත්තා ඒකිට ෆුල් වළිය දාන්න ගත්තා. මයිනා ඉතිං ඉඳ හිට මිල්ල දිහාවෙත් බයිසිකල් පදින්න ගත්තා. ඒකිගෙ අක්කා මයිනගෙ ලව් එකට ෆුල් සප් එක දුන්නා අපරාදේ කියන්න බෑ. ඔය ලව් එකත් ස.පෙ. ගොඩ දා ගෙන ගාල්ලෙ සංඝමිත්තෙට තමා උ.පෙ. ට ගියෙ. මයිනත් ඉතිං ආයෙමත් ගාළු යන්න පටන් ගත්තා, ඒ සීන් එකට කුක්කු ඩෝල්ගෙ ඇස්වල කටු ඇනෙන්න ගත්තා. හැබැයි ඉතිං මයිනගෙ අළුත් ලව් එකට අපරාදේ කියන්න බෑ ගිංතොට පාළම වගෙ වාචාළ කටක් තිබුනා. උ.පෙ. අවසාන අවුරුද්දට කුක්කුඩෝලුත් පළවන අවුරුද්ද වෙනුවෙන් අළුත් ලව් එකත් ගාල්ලට ඉස්කෝලෙ සහ පංති යනව. කුක්කුඩෝල්ගෙ පංති ඉවර වෙනව අනිත් එකීට පංති පටන් ගන්නව, සෙනසුරාදා අනිවාරයෙන්ම මයිනට කුක්කුඩෝල්ව මීට් වෙනව. මයිනා ඉතිං පුළුවන්තරම් කුක්කුඩෝල්ව මගහරිනව. ඕං ඉතිං අන්තිමේ කුක්කුඩෝල් සහ අළුත් ලව් එක අතර සීතළ යුද්ධයක් පටන් ගත්තා, වැඩේ සීරියස් වෙලා මුන් දෙන්නා වළියකුත් දාගෙන. වටේ පිටේ හිටපු යාළුවො දෙන්නා දෙපැත්තට කරලා යංතං වළිය බේරගෙන තිබුනා.


                                     ඒ ලව් එක ටික කාළයක් යද්දි ඉතිං අපරාදේ කියන්න බෑ මළම වදයක් වෙන්න ගත්තා. මේකි දවසක අපේ ගමේ කෙල්ලෙක් එක්ක අපේ ගෙදරටත් ඇවිත් තේ එහෙමත් බීලා ගිහිල්ලා. අපේ මෑණියන්වහන්සෙ කුක්කුඩෝල්ට බණින ඕනෑම කෙනෙකුට බත බුළතින් සංග්‍රහ කරලා ගෙදර තියෙන මොනව හරි සිහි වටනෙකුත් දීලයි යවන්නෙ. ඕං ඉතිං අපේ ගෙදරත් ගිහිං ආවා කියල මේකිගෙ රැස් වැඩි වෙන්න ගත්තා. සියළුම පෝය දිනයන් මේකි වෙනුවෙන් වෙන් කිරිම නිසා මයිනට බණක් භාවනාවක් කර ගන්නවත් වෙළාවක් කාළයක් නැතුව ගියා. ඒ මදිවට මේ අටමගළේ එහෙ මෙහෙ එක්කං යන්න සල්ලි තියෙන එකක්යෑ, ජොබ් කරනව කියලෑ මොකෝ. ඕං ඔය අතරවාරේ මයිනගෙ ගෙදර එවුන්ටත් මයිනා ගෙදර ඉඳිම වධයක් උනා සහ මයිනටත් ගම අතහැර යෑමේ උවමනාවක් තිබුනා. ඒ වෙද්දි ගම දෙපැත්තකින් ඇවිලෙමින් තිබුනා, නෑකම සහ යළුකම මැද මයිනත් අසරණ උනා. මයිනා යාළුකම් එක්ක හිට ගනිද්ද ගෙදරට මයිනා දුරකට එළව දැමිමේ දැඩි උවමනාවක් ආවා. මයිනත් ජොබ් හොය හොය ඉතිං රට හතර අතේ දුවපු කාලේ. එක දවසක දෙන්නා එක්ක ගාල්ලෙ ඉඳං එද්දි ඒ බස් එකටම මුංගෙ අයියත් මගදි නැගපි........


                                       එදා නම් ඉතිං පියාණන් සහ අයියණඩි දෙන්නම අම්බානයි ටිකයි වෙන්න දීලා තිබුනා, අපරාදේ කියන්න බෑ දවස් 3ක් ඇඳ උඩම ඉන්න. ඊළඟ සතියෙ වගෙ වෙද්දි මයිනප්පුටත් අගනුවර දිහවේ ජොබ් කට්ටක් සෙට් වෙලා යන්න උනා. ජංගම දුරකථන පහසුකම් හො වෙනත් සන්නිවේදන ක්‍රමයක් නොතිබුනු ඒ කාලේ ඉතිං තඩියා, කට්ටා හො වෙනත් ගල් ඉබ්බෙකුගෙ මාර්ගෙන් ඇර වෙනත් තොරතුරක් ගත හැකි ක්‍රමයක් තිබුනෙ නෑ. සියල්ල ඉවර වෙලා සනීප උනාට පස්සෙ ලව් එක වෙනදා සෙනසුරාදට ගාල්ලට එන පුරුද්දටම ගාළු ඇවිත්. හැබැයි ඉතිං එදා ඇවිත් තිබුනෙ මයිනත් එක්ක මයිනගෙ ගෙදර නවතින්න යන්න හිතාගෙන. ස්කූල් බෑග් එකට ඇඳුම් ටිකකුත් දාගෙන. ඒත් ඉතිං ඒ දවසෙ මයිනගෙ කරුමෙටද උරුමෙටද දන්නෑ මයිනා ගාළු ගියේ නෑ සහ ඒකිට මුණ ගැහුණු අපේ කටා ඒකි මයිනගෙ ගෙදර එන්න ආපු එක නවත්තල තිබුනා කටාගෙ කූට උපක්‍රම වලින්. මයිනත් කොළොම්පුරට උනා සහ මාස 3ක් විතර මයිනට නැවත ගම දිහාවේ එන්න ලැබුනෙත් නෑ. ඒ ලව් එකත් එතනින් හබක් වෙලාම ගියා. හැබැයි ඉතිං ලව් එකත් එහෙම පිටින්ම විෂ කඩියා මයිනා ගෙදර එන දවස් දැන ගැනිම උදෙශා අපේ ගමේ වෙනමම රොයිටර් සේවයක් ක්‍රියාත්මක කරලා තිබුනා. හිටි ගමං ගමේ කෙල්ලෙක් "රංජනී නැන්දෙ ලොක්කයියා ආවේ නැහැයි" කියල අහන්නත් ඒ තොරතුරු අනිත් පැත්තට වාර්ථා කරන්නත් උනා. ඒ හේතුව නිසාත් මයිනා නැවතිලා හිටපු අදාල ඥාති නිවසට කියල තිබුනේ නිවාඩුවකටවත් මූ ගමට නාවට කමක් නෑ කියල. මයිනා ඒ කරදරෙනුත් බේරුනා කොහොම හරි. තව ලව් තියේ කියන්න බෑ බොළව්.......
___මයිනා____

Wednesday 11 March 2020

මයිනාගෙකතා... 75... තඩියා - 3

#මයිනාගෙකතා... 75... තඩියා - 3

                     තඩියා කියපු හැටියෙම උඹළට මතක් වෙන්නෙ හෙණම ගොං මීහරක් ඩයල් එකක් නේ, එහෙම හිතන්න එපා බොළව් ඕකා හෙණම ලෝක අණ්ඩයා.   අපේ කට්ටා යාළුවෙලා හිටියෙ අපේ ගමට ගම් දෙකක් විතර එහා පැත්තෙ ගමක කෙල්ලෙක් එක්ක.   සතියකට 2කට සැරයක් රාත්‍රියෙ ඔය ගෙදර ජනේලෙකින් ගේ ඇතුළට පැනිම අපේ කට්ටා පුරුද්දක් කරගෙන හිටියා.  කට්ටා එහෙම යන දවසට උගෙ තනියට සහ ආරක්ශාවට අපේ එකෙක් එක්ක යනව.  රෑ 10ට 11ට කාමරේට පනින එකා පැය 2ක් 3ක් ගියාම තමා එළියට එන්නෙ.  එතකං තනියට යන එකා එළියෙ කොහෙ හරි තැනකට වෙලා මදුරුවො තළ තළ ඉන්න ඕනේ.  හැබැයි කට්ටා ඔය ගමනට කටා සහ තඩියා කියන දෙන්නම සහබාගි කර ගත්තෙ නෑ.  මොකද කට්ටා දන්නවා බුෆේ දාලා ගම් පොරියල් තමයි ලැබෙන්නෙ කියලා මුන් දෙන්නා එක්ක ගියාම.  කට්ටගෙත් නරක දවසක් උදා වෙලා කට්ටට ඔය ගමන යන්න එදා දවසේ කවුරුවත්ම සෙට් වෙලා නෑ.   අන්තිමට හිත හදාගෙන තඩියව එක්ගෙන ගිහින්.   ඔය දවස් වළ ගෙවල්වලට හොරු පනිනව කියලා ලොකු කතාවක් තිබුනා.

                           කට්ටා වෙනදා වගෙම රෑ 10ට විතර ගිහින් ගෙදරට මීටර් 50ක් විතර ඈත තියෙන ළිඳ ලඟින් තඩියව තියලා කෙල්ලගෙ කාමරේට රිංගලා.  තඩියා ඉතිං ළිඳ ලඟ ඉන්දැද්දි වටේ පිටෙ හිටපු මදුරුවෝ එහෙම සෙට් වෙලා තඩියා සමග වළිය.  තඩියා ඇඟෙ වහන මදුරුවට ටෝච් එක අල්ලනව ඊට පස්සෙ මදුරුවට ගහනව.  පිටේ වහන මදුරුවන්ට එතන ගහකින් කඩා ගනිපු කොළ අත්තකින් ගහලා එළවනව.   ළිඳ තියෙන තැනට අල්ලපු වත්තෙ ගෙදර එකා ඈත ඉඳං බැළුවම කවුරු හරි ළිඳ ළඟ ඉඳං ඉන්නව.   නාන රෙදි හෝදන විදියක් පේන්නත් නෑ ඕං ඉතිං ඒ ගෙදර එකා ඇඳ පොල්ලකුත් අරන් ටෝච් එකකුත් අරන් ළිඳට කිට්ටු කරලා.  තඩියට මීටර් වෙලා කවුරු හරි එනව තඩියා හෙමිහිට ළිඳේ අනිත් පැත්තට සෙට් වෙලා.  ආපු එකාගෙ ගෙදර එවුං හතරවටේ ලයිට් දාලා පොල්ලක් අරන් ගිය එකා බලන්න.   පොල්ල අරන් ආපු එකාගෙ ගෑණියි අවුරුදු 12ක විතර කොල්ලයිත් ඇවිත් තව ටෝච් එකකුත් අරන්.  පොඩි එකා ටෝච් එක ගහද්දි තඩියා මාට්ටු "තාත්තෙ මෙන්න තඩි මිනිහෙක් මෙතන ඉන්නවො" ගාද්දි තඩියට කරන්න දෙයක් නෑ, අරුගෙ ගෑණිත් පෙරලගෙන දුවලා.  දුවන ගමං "කට්ටො දුවපං" කියලා කෑ ගහලා, ඊට පස්සෙ ඉතිං ඒ හඬ ඇහෙන මානේ හැම ගෙදරම විදුළි පහන් දැල්වි ගෙවල්වල එවුං කොසු, පොළු, කඩු, පිහි, මන්න සමග එළියට.  තව එකෙකුට දුවපං කිව්වට කවුරුත් දිව්වෙ නැති නිසා හැමෝම අනිත් එකාව හොයලා.   කට්ටගෙ කෑල්ලගෙ ගෙදර එවුනුත් එළියට පැනලා කට්ටා කාමරෙ ඇතුලේ.  කෙල්ලගෙ කාමරෙ දොරට ගහද්දි කට්ටව ඇඳ යටට දාලා කෙල්ල නිදි පාට් එකේ දොර ඇරලා.   කෙල්ලව තනියෙන් කාමරෙ ඉන්දන්න බයයි කියලා, කෙල්ලගෙ අම්මා කෙල්ලගෙ ඇඳේම නිදියලා.  අනේ ඉතිං උදේ 5 වෙනකම්ම කට්ටා ඇඳ යට.  කෙල්ල ස්කෝලේ යන්න ලෑස්තිවෙන මුවාවෙන් කොහොම හරි කට්ටව ජනෙලෙන් පන්නල යවලා. තඩියා දුවපු දිවිල්ල කෙලින්ම ගෙදරට ගිහිං නිදියලා, කට්ටා පාන්දරම ඇවිත් තියෙන්නෙ මළ ඕවර් කරං තඩියගෙ ගෙදරට. උදේ පාන්දර කට්ටා එන හින්දා තඩියගෙ නංගි අහලා "තමුසේ ඊයේ රෑ ගෙදර නෙවෙයිද ඕයි හිටියෙ"


කට්ටා (මළ ඕවර් වි) :- නෑ මං ඊයේ රෑ ගියා අරූගෙ අම්මට #@%^%_ දැං මේ එන ගමං

තඩියගෙ නංගි:- තෝ එකට මහන්සි නොවි හිටපිය ඌගෙ තාත්තා තාම ජීවතුං අතර ඉන්නව.


                                                    අරූ ගිහින් තඩියගෙ කකුළකින් ඇදලා ඇඳෙං බිමට දාලා. නින්දෙන් තුෂ්නිම්බූත වෙච්ච තඩියා බිම වැටිලා මංඥ්ඥං වෙලා බලන් ඉන්නවළු  කට්ටා දිහා.  කට්ටා අරුට බනිනවලු "$%න වැඩ කරන්න එපා වාහෙ, අරකිගෙ තාත්තට අහු උනා නම් මගෙ බෙල්ල කපනව නේ".  එතකොට තමා තඩියට රෑ වෙච්ච සිද්දිය මීටර් වෙලා තියෙන්නෙ.  තඩියා හිනාවෙනවලු කට්ටා දිහා බලාගෙන, මළ ඕවර් වෙලා ආපු එකත් තඩියත් එක්කම හිනාවෙනවලු.   උදේ 6ට විතර මුං හිනාවෙන්නෙ ඇයි කියලා ආහලා අච්චි තඩියට බනිනවලු.  එදා දවසම ආතල් සාගරයයි, කට්ටගෙ කෙල්ලගෙ කාමරේ ජනේලෙට අරක්ෂාව උදෙශා ග්‍රීල් එකක් හයි කරලා.  හැබැයි ඉතිං ඒ ග්‍රීල් එකේ ඇණ දෙකක් ඉතිරි කරලා අනිත් ඇණ ටිකටත් ගේමක් ගැහුව්වා කෙල්ලටම කියලා.  

අන්න එහෙමයි අපි උදව් කරන්නෙ යාළුවන්ට.
____මයිනා____

Tuesday 10 March 2020

මයිනාගෙකතා... 74 ... තඩියා - 2

#මයිනාගෙකතා... 74 ... තඩියා - 2

                                  අපේ තඩියා කියන්නෙ ඉතිං මොන වගෙ පොරක්ද කියලා බොළා ඔක්කොම දන්නව නෙ.  තඩියයි, මයිනයි, සයිඩරුයි, පයිතගරසුයි කියන්නෙ එකටම හිටපු හතර දෙනා.  ඒකට එක හේතුවක් උනේ සෙට් එක එකම හංදියෙන් දෙපැත්තට හැරිලා ගියාම එක පැත්තක තඩියයි, මයිනයි අනිත් පැත්තෙ අනිත් දෙන්නා. කොහොමත් රෑ 9ය 10ය වෙනකං වළ බැහැලා ගෙදර ළඟට ඇවිල්ලත් තවත් පැයක් විතර කතා කරලා තමයි මයිනයි තඩියයි දෙපැත්තට යන්නෙ.  සමහර දවසක තඩියත් මයිනලගෙ ගෙදරින්ම කාලා යනව.  සමහර දවසක මයිනා තඩියලගෙ ගෙදරින් කාලා එනව. රෑට රෑට කොටු පනින එවුන්ට මේ සීන් එක හෙණම වදයක් වෙලා තිබුනෙ.   රෑ 11ට 12ට හිටි ගමං හතර දෙනාගෙන් එකෙක් කඩං පාත් වෙනව නේ.   ඕං ඔහොම කොටු පනින එකෙක් අපිට නෝට් වෙලා තිබුනෙ, හැබැයි ඉතිං තෝ තොට ඕන කොටුවක් පැනපිය කියලා අපි අපේ පාඩුවෙ හිටියා.  ඌට හොඳනං ඈ කැමතිනං අපිට මොකෝ තොපි ආතල් එකක් ගනියව් කියලා නොදැක්කා සේ ඉන්නව.  ඒත් ඉතිං ඔය කොටුව පනින එකා ටිකක් ශෝබනයා වගෙම අපිටත් වැඩියෙ දිරවන්නෙ නෑ.  හැබැයි ඉතිං ඌ කොටුව පනින ගෙදර එකී අපි එක්ක ෆුල් ශේප්.  මොකද ඒකි දන්නව අපේ එවුං හොඳට ඇහැ ගහගෙන ඉන්නෙ කියලා සීන් එකට.  අනික අරූ කියනව ඇති රෑ රාත්‍රියෙ අපි දකිනව කියලා. ඔය සීන් එක ඒ ගෙදර එවුන්ටත් ටිකක් නෝන්ඩි වෙලා තිබුනෙ.   මේ හේතුව නිසාම නැන්දම්මා ලේලී වළිපිට තමා හිටියෙ.

        ඕං ඉතිං එක දවසක් අපේ තඩියා දැකලා හැන්දෑවෙ අර ශෝබනයා ජැංඩියට ඇඳගෙන කොහෙද යනව.  එතන හිටපු එකෙකුට ශෝබනය කියලා හදිස්සියෙ කොළඹ යනව බං කියලා.  ඕං ඉතිං එදා රෑත් රස්තියාදුවේ ගිහිල්ලා ඇවිත් ගෙදරවල්වලට යද්දි තඩියත් මයිනලගෙ දිහවට ආවා.  රෑට කාලා ඉවර වෙලා තඩියා කියාපි "මයිනෝ යමං බං අපේ ගෙදර" කියලා.  රෑ 11ට විතර දෙන්නත් එක්ක ආවට තඩියා ගෙදර යන අදහසක් නෑ.   ඔන්න ඔහොම පැයක් විතර හොරගල් අහුළ අහුළ හිටපු තඩියා දැං යමං කියලා ආවා.   තඩිය තඩියගෙ ගෙදරට යන පාරත් පහු කරන් ඉස්සරහටම යනව "කොහෙද වහෙ යන්නෙ" ඇහුවට තඩියා නෝ කතා.  මයිනත් තඩියගෙ පස්සෙන්ම ගියා. මෙන්න මූ අර ශෝබනය කොටුව පනින ගෙදර ළඟට ඇවිත් මයිනො ඔහොම හිටපං කියලා පොඩි තාප්ප කෑල්ලක් තියෙනව ඒකෙන් පැනලා අර ගේ දිහාවට ගියා. මයිනත් එතන තිබුනු ඉද්ද මල් පඳුරකට මුවා වෙලා හිටියා.  කළුවරේ අර ගේ ළඟට ගියපු තඩියා එනකං මයිනා මල් පඳුර යටට වෙලා බලං ඉන්නව.  විනාඩි 5කට විතර පස්සෙ දඩිං බිඩිං ගාලා සද්දයක් ඇහුනා තඩියා දුවගෙන ඇවිත් තාප්පෙන් පැනලා දිව්වා.  මල් පඳුර අස්සෙන් එළියට පැනපු මයිනත් තඩිය පස්සෙන් දිව්වා.

                    ඕං ඉතිං මහ රෑ 12ට එකම ගාළ ගොට්ටියයි නැන්දම්මා ලේලි වළියක්..... දැං ඉතිං ඒ පාරෙන් ගෙදර යන්න බෑ නෙව කිලෝ මීටර් 3ක් විතර වටයක් ගහගෙන බල්ලොත් කවා ගන්න හද හද වෙන පාරකින් ගෙදරට ගියා.  පහුවදා උදෑසන කතා ගොඩයි හොර මිනිහෙක් ඇවිල්ලා....... සහ තවත් කතා.  අනේ ඉතිං එදා අර කාමරේ නිදියල තියෙන්නෙ අරකිගෙ නැන්දම්මා, ගෙදර උන්ටත් සැකයක් තිබිලා අරකි ගැන. තඩිය ගොනා සේ ජනේලට තට්ටු කරාම ජනේලේ ඇරලා, ඒ ජනේලෙට ජනෙල් කූරු එහෙම මොකවත් නෑ.  මූ ජනේලෙන් මේ පැත්තේ ඉඳන්ම අර නැන්දම්මගෙ බෝලේ මිරිකලා "කවුද බොළ තෝ පර බල්ලා" කියලා තඩියගෙ රැවුලෙන් අල්ල ගනිද්දිම තඩියා දැනං වැඩේ කෙළ උනා කියලා.  තඩියා මීටර් සීය...... අහිංසක මයිනා තඩියා පස්සෙ මීටර් දෙසීය.... අනේ ඉතිං පහුවදා පැය ගානක් හිනා වෙච්චි වැඩේට.  ඔය සිද්දිය නම් කාටවත් කිව්වෙ නෑ නිකං හරි ලීක් උනා නං අරකිගෙ මිනිහ ආමි එකේ වෙපන් එකක් ගෙනල්ලා තඩියට වෙඩි තියනව.  තඩියා කියන්නෙ අන්න ඒ වගෙ මී හරක් වැඩ කරන උළමෙක්. තඩියගෙන් ඇහුව්වම තෝ වහෙ මාර වැඩ නේ කරන්නෙ කියලා, නෑ බං පොඩි ආතල් එකකටත් එක්ක අරකිගෙ බෝලේ මිරිකලා එන්න කියල හිතං ගියෙ.  කවුද බං දන්නෙ අර අටමගලේ කාමරෙ ඉඳි කියලා කියාපි.

                                  අපේ හිටපු සෙට් එකම වගෙ ඒ වෙද්දි ප්‍රේම ජළාශෙ රඟනා හංසයො වගෙ හිටියෙ, හැබැයි තඩියා ඉතිං වේළි වේළි තමා.  වැඩේ කියන්නෙ අවුරුදු 14ක එකෙක් හිටියා ඌත් කෑල්ලක් දාගෙන.  තඩියා ඉතිං හරිම කැමැත්තෙං හිටියා ඌගෙම කියලා නාඩි වැටෙන මොකක් හො ගෑණු පරාණයක් පෙම්වති කර ගන්න. අපරාදේ කියන්න බෑ කිසිම දවසක මුගෙ ස්ටයිල් එක නම් වෙනස් කරේ නෑ. සරම ඇඳිම නැත්තං ෂෝට රැවුළ තම්බි ටයිප්...  අනික තමා ඇස් දෙක ලොකු කරලා අපත බැලිල්ලක් බළනව පොඩි එවුන්ට එහෙම කළිසමේ චූ යනව.  සමහර පොඩි එවුං ස්කෝලේ යන්නැතුව හැරිලා ගෙදර යනව මූ පාරේ ඉන්නව දැක්කම.  ඕං ඉතිං මූට මොකක් හරි කමක් නෑ සෙට් කරලා දෙන්න හිතාගෙන ගැන්සියෙ හැම එකාම ෆුල් හෙල්ප් එක. කොල්ලෙක් නෑ කියලා හිතපු හැම කෑල්ලගෙන්ම ඇහුව්වා, අපේ එවුං කලින් ලව් කරලා විශ්‍රාම ගන්වපු ඒවගෙං ඇහුව්වා, අක්කලගෙන් ඇහුව්වා, බැරිම තැන චාටර්, බටර් පීචං, ඇවටියල්, කචල් හුරතල් හැම එකෙන්ම ඇහුව්වා.  කියන්න කණගාටුයි සුපෙම්වතුනි සියළු ප්‍රතිචාර ඉතාම අහයපත්.  දැං මක්කැයි කොරන්නෙ කියලා කුක්කුඩෝල්ට බොහොම අමාරුවෙන් කියලා, ඒකිගෙ යාළුවන්ටත් කියලා තඩියා වෙනුවෙන් කෙල්ලෙක් සෙට් කරලා දීපල්ලා කියලා ඉල්ලිමක් කරා.  ඒ ඉල්ලිම අහක දාන්න බැරිකමට ඒ කෙල්ලො ඉතිං බොහොම අහිංසක කෙල්ලෙක්ව තඩියට මාට්ටු කරන්න කටයුතු කරා.  මයිනත් එක්ක කුක්කුඩෝල් බළන්න යනගමං තඩියට අර කෙල්ල එක්ක කතා කරන්නත් අවස්ථාව හදලා දුන්නා.  මයිනයි කුක්කුයි ලව් එකේ ඉන්න ගමං තනියම ඉන්න අරුං දෙන්නා සෙට් වෙයි කියලා හිතුවට එහෙම එකක් පේන්න නෑ නෑ වගෙ.

ප්‍රේමය ගැණ මුගෙ තියෙන දැනුවත්බාවය මදි කියලා හිතුනු නිසා මේ ගොණාට කිව්වා "අරකිගෙන් අහපං බං දැං" කියලා.  මූ කෝපි කඩේ සුවඳා වගෙ අහපි

තඩියා:- "කෝමෙයි බං අහන්නෙ"
මයිනා:- අහපං නංගි මං ඔයාට කැමතියි ඔයා මොකද කියන්නෙ කියලා, ඕකිට කොල්ලෙකුත් නැති එකේ උඹට හා කියයි.
තඩියා:- ඒකි බෑ කිව්වොත් බං
මයිනා:- බලෙං හරි යාළු කර ගනිං.... හොඳිං බැරිනං නරකිං හරි බළමු

                                ඕං ඉතිං එක හෙණහුරාදාවක තඩියා සමග මයිනා ගියා කුක්කුඩෝල් බලන්න,  කුක්කුඩෝල් අර යාළුවත් එක්ක ආවා.  කොටු තාප්පෙ ඈත කොනක බංකුවක වාඩි වෙලා ඉංදිය සාගරයෙ ක්ෂිතජ රේඛාවේ ඇස්‍ රඳවගෙන, මයිනා දෙතනගල කඳු මැන මැන ඉන්නව.  අරුං දෙන්නා ඊට එහා තිබුනු බංකුවක මීටරයක පරතරෙ තියං වාඩි වෙලා ඉන්නව.  උං දෙන්නට තිබුනු අවධානෙන් මිදිලා මයිනා තමංගෙ කාර්‍ය්යට සම්පුර්ණයෙන්ම යොමු උනා විතරයි.  "මයිනෝ දුවලා වරෙං" කිව්වා, හුටා අර කෙල්ල බංකුවෙන් බිම වැටිලා ඉන්නව.  මයිනයි කුක්කුඩෝලුයි එතනට දුවලා බලද්දි අර කෙල්ල ක්ලන්ත වෙලා.  ඒ කෙල්ලගෙ වතුර බෝතලෙන්ම මූණට වතුර ටිකක් ඉහලා සිහිය අර ගත්තම අර කෙල්ල ඉන්නව බය වෙලා මහසෝනා දැක්කා වගෙ. මොකද උනේ කියල ඇහුවට තඩියා කිව්වෙත් නෑ අරකි කිව්වෙත් නෑ. සියළු වැඩ පසෙකලා අර කෙල්ලයි කුක්කුවයි බස් එකකට නග්ගලා, මයිනයි තඩියයි වෙන බස් එකක එල්ලුනා. "මොකෑ වහෙ උනේ කියපං" කියලා ඇහුවමයි තඩියා කිව්වෙ සීන් එක.



                          මූ අර කෙල්ලගෙන් අහලා "ඔයා මට කැමතිද නංගි" කියලා. කෙල්ල කියලා මට විබාගෙ කරන්න ඕනේ දැම්ම ඕවා ගැන හිතන්න බෑ අයියෙ කියලා.  අනේ ඉතිං මේ ගොං අලියට මතක් වෙලා මයිනා කිව්වනෙ හොඳින් හරි නරකින් හරි කියලා.  මූ මොකද කරලා තියෙන්නෙ අර කෙල්ලගෙ අතකින් අල්ලං පොඩි එවුං බය කරන මූඩ් එක දාගෙන ඇසුත් ලොකු කරගෙන අහලා තමුසෙ කැමති වෙනවද නැද්ද?. අනේ ඉතිං මුගෙ විලාසෙට බය වෙච්ච අර කෙල්ලට සිහිය නැතුව ගිහිල්ලා.  මැදෑ කොලා ඉතිං අන්තිමට ඒ කෙල්ලට උණ අරගෙන දවස් තුනක් ස්කොලේ ආවෙත් නෑ, පංති ආවෙත් නෑ, ආයේ කවදාවත් කුක්කුඩෝල්ගෙ තනියට ආවෙත් නෑ. තඩියා යන එන පාරකවත් ගියෙත් නෑ......... මැදෑ ඉතිං තඩියට ලව් සෙට් කරන්න කියලා ගියා.
එන්නං ඈ........ තව තියේ පස්සෙ කියන්නම්
_____මයිනා_____