#මයිනාගෙකතා... 77... තඩියා - 4
අපේ තඩියා ගැන මම කලිනුත් කියලා ඇතිනේ, ක්ෂණික කේන්ති, ක්ෂණික තීරණ. ඒ වගෙම තමා ගෙදර එවුං එක්කත් ඇරගෙන සමහර වෙලාවට ෆුල් වළිය දානව. තඩියගෙ තාත්තා බීපු වෙලාවට ඉතිං තඩියව බයිට් එකට ගන්නව. එහෙම වෙලාවට තඩියගෙ පියාණෝ කාමරේකට දාලා වසා තැබිම තමයි සිද්ද වෙන්නෙ. කාළය දැහැමින් සෙමින් සොඳින් නැතුව හැළ හැප්පීම්වලින් ගෙවි යන්න පටන් ගත්තා. හයේ හතරේ තරුණයෝ උනාට ගෙදරින් දෙන දෙයක් කාලා කාට හරි ගින්නක් දීලා ෆන් එකක් අරන් ඉන්න එක තමයි කරේ. ඒ අතර වාරේ ගෙදරට එන නඩුවලටත් වගඋත්තර බඳිමින් දඬුවම් විඳිමින් සහ එහෙම නඩු ගේන උන්ට ගේමක් ගහමින් ජීවිතේ ගෙවුනා.
මේ කියන දවස් වෙද්දි තඩියගෙ මව්තුමිය මව්බිමට සම්ප්‍රාප්ත වෙලා හිටපු කාලයක්. පොඩිකාලේ ඉඳලම ආච්චි විසින් හදා වඩා ලොකු මහත් කරපු ඈයෝ හිංදා තඩියයි නංගියි අම්මට වඩා ආදරේ ආච්චිට. අපේ තඩියා ඉතිං උදේට ගෙදරින් පිට උනාම දවල් බත් ගෙඩිය ගහන්න ගෙදරට, ආයෙමත් හවස පිට උනාම රෑට බතට තමා පැමිණීම. වෙන දවස්වලට කණ පැලෙන්න කසියා ගහලා කොහෙ හරි මුල්ලක නිදා ගන්න තඩියගෙ තාත්තා අම්මා රට ඉඳං ආවට පස්සෙ උපාසක වෙලා ගෙදරමයි. ඒ මදිවට අම්මා එක්ක එකතු වෙලා තඩියට බණිනව. එක දවසක ඕං ඔහොම කතාවක් දුර දිග ගිහින්, තඩියා කියලා "හැදුවනං කන්න බොන්නත් දීපල්ලා". ඒකට මළ පැනපු පියානෝ කියලා "තෝ හැදුවට වඩා හොඳයි ඌරෙක් හැදුවනං, මස් කඩේට හරි දෙන්න තිබුනා බොළ" . අර ගොං තඩියා එක සැරේ කියලා "සරමේ පිහිද ගත්තා නං ඉවර නේ මම කිව්වය හදන්න කියලා". ඔන්න ඉතිං ඒ කතාවට මළ පැනපු තඩියාගෙ පියාණෝ දීලා ඇරලා තඩියට, ඒ අතරේ මවුත් දීලා ඇරලා කොසු පාරක් තඩියට. ඊට පස්සෙ ඉතිං තඩියට කුඩාකල සිට මේ දක්වා කල කී දෑ සියල් කියවාගෙන ගිහිල්ලා. අපේ තඩියටත් මළ ෆුල් ඕවර් වෙලා හිටපියව් මම මැරෙණව කියලා ළිදේ පනිට්ටුවට තිබුණු කඹේත් අරන් කාමරේට ගිහින් දොරත් වහගෙන කඹේ පරාලෙක ගැට ගහලා බෙල්ලෙ වැළ දාගෙන මැරෙන්න කියලා.
අනේ ඉතිං අරූට වළිය දාපු දෙමව්පියො "පොඩි පුතේ සමාවෙයං" කිය කිය කෑ ගහන අස්සෙ අරූගෙ ආච්චි "බුදු මයිනා පුතේ තඩියා ඉවරෝ, උඹේ යාළුවා ඉවරො" කියල කෑ ගහනව. මයිනගෙ අම්මට සද්දෙ ඇහිලා මයිනට කෑ ගැහුව්වා තඩියලගෙ ගෙදර රණඩුවක් දුවල බළපිය කියලා. අනේ ඉතිං මයිනත් දිව්වා මොකද බලන්න. තඩියගෙ තාත්තා දොර කඩන්න ගල් ඉන්නකින් අනිනව, තඩියගෙ අම්මා ජනෙල් පොළු ගළවන්න හදනව.
තඩියා පරාළෙට කඹේ ගැට ගහලා අනිත් කොන බෙල්ලෙ ගැට ගහගෙන. මයිනා ඉතිං අරූව දැකපු හැටියෙ "අනේ මේ #%% තඩියො මෙන්න මෙහෙ වරෙන්'' කිව්වා. "මං මැරෙනවා මචං" කියාගෙන පැන්නා මු හිටපු අල්මරිය උඩිං බිමට. හුටා..... කඹෙත් කඩං තඩියා ගෙම්බා පොළවේ ගැහුව්වා සිමෙන්ති පොළවේ. අපේ අනිත් අපතයන්ටත් ආරංචි වෙලා කට්ටියම එද්දි තඩියා ඉන්නව නැගිට ගන්න බැරුව බිම වැටිලා. ඒ මදිවට මුගෙ බෙල්ල වටේම කඹේට හම ගිහින්. ගමම පිරිලා තඩියා බෙල්ලෙ වැළ දා ගනිපු ආරංචියට මූට පට්ට නෝන්ඩිය. වටේ පිටේ කෙල්ලො දෙතුන් දෙනෙකුත් ඇවිල්ලා, ඒ මදිවට කටා අහන හරස් ප්‍රශ්ණවලට අපත රැළටම හිනා. අන්තිමට සිනහ සාගරයයි රස ආකරයයි, හැබැයි තඩියා නැගිටින්නෑ. මූ බිමට වැටෙද්දි මුගෙ කකුළක් ඇමැට්ටි වෙලා. කට්ටියම ඉතිං තඩියව උස්සගෙන ගිහින් ආයුර්වේදෙන් බෙහෙත් බැඳන් ආවා. මාසයක් විතර බෙහෙත් බඳිද්දි තමා ඌට කකුළ බිම තියලා යන්න පුළුවන් උනේ. පාරේ තොටේ මුණ ගැහිලා කවුරු හරි ඇහුව්වනං "හයිය කඹයක් තියෙනව දෙන්නද" කියලා, අපේ තඩියගෙන් අහගන්න තිබුනා කඹ ජාතක කතා වස්තුව ආඩු පාඩු නැතුවම.. ... එන්නං ඈ.....
___මයිනා___

No comments:
Post a Comment