පුරාණ තොටගමුව විහාරයෙ අදත් දැකගන්න පුළුවන් කෝට්ටෙ යුගයෙ බිතු සිතුවම්. දකුණු ලක සංචාරයකට ඔබ යනවා නම් අනිවාර්යයෙන්ම යන්න මේ විහාරය දකින්න. ගාම්භීර ඉතිහාසයක් එක්ක සම්බන්ධ මේ විහාරයේ අතීත කතා දැනගන්න.
කුඩාකළ රජුගේ අවධානයට පවා ලක්වුණත්, වයස අවුරුදු 12ක් විතර වෙනකොට රාහුළ දරුවා නිසි අධ්‍යාපනයකට හෝ වෙනත් වෘත්තිය ශිල්පයකට හෝ යොමු නොවුනි. ගම් ගොඩෙ තැන තැන අවිදිමින් කාලය කා දමපු ගිහි රාහුළගෙ අනිත් විනොදාංශය උනේ මාළු ඇල්ලිම.
එක දවසක් වීදාගම මෛත්‍රි හමුදුරුවො කිරලගහවෙල ගමට වැඩම කරපු දවසක ගිහි රාහුළ වළක මාළු බාමින් ඉන්නනවා දැක්කලු. එදා අටවක පෝය දවසක් නිසා හමුදුරුවො කිව්වලු
"කොල්ලො අද අටවක නේද බොළ කියලා" මාළු අල්ලමින් හිටපු ගිහි රාහුළ මාළු අල්ලන කොක්ක පෙන්නලා කිව්වලු
"හාමුදුරුවනෙ මේකෙ එක වකයි නේ" කියලා.
මුගෙ පණ්ඩිත කතාවට හමුදුරුවො කිව්වලු
"තො කොයි වල යන්නද බොළ" කියලා, හමුදුරුවො අදහාස් කලේ මොන අපායට යන්නද කියන එකයි. ඒත් කොල්ලා ගත් කටටම කියාපි
"මේ වලේ නැත්නම් එහා වළට යනවා හමුදුරුවනෙ" කියලා.
කොල්ලත් එක්ක කතා කරලා දිනන්න බැරි බව දැනගතපු හමුදුරුවො එතනින් යන්න ගියාළු.
ඒත් මේ කොළුවත් එසේ මෙසේ එකෙක් නොවෙයි කියලා වැටහුණු හාමුදුරුවො කොළුවා ගැන විස්තර හෙව්වලු. මේ විදියට දවස් කිහිපයකින් කොළුවා ගැන විස්තර දැන ගනිපු හමුදුරුවො කොළුවගෙ ගෙදරට යන්න කියලා පිටත් උනාලු. මෙහෙම ගියපු හාමුදුරුවො දැක්කලු රාහුළ කොලුවගෙ අම්ම මිදුලේ හාල් සෝදමින් ඉන්නවා. කවියටම උපන් හපන් වීදාගම හාමුදුරුවො මේ සුන්දර කාන්තාව (රාහුළ හිමිගෙ මව දිඟු කෙස් වැටියක් තිබුනු සුන්දර ගැහැණියක් ලෙස සඳහන් වෙනවා) දැකලා කවියක් කීවලු.
සිහින් සිළිඳු වත දිදුලේ
හාල් ගරන කත මිදුලේ
කියලා වත්තෙ ගහක් උඩට වෙලා හිටපු කොල්ලා මේ කවි පද දෙක ඇහුණු ගමන් ඉතිරි පද දෙක සම්පුර්ණ කලාලු මේ විදියට.
එ දැක කෙනෙක් යද්ද කෙසේ
මුඩු මහණෙක් ප්‍රිය කර සේ
මේ පද දෙක ඇහුනු හාමුදුරුවෝ කොළුවාගේ අම්මට කියල එදාම කොලුවා පන්සලට එක්කන් ගියාලු. එවකට මහත් ප්‍රසිද්ධියක් ඉසිළු හිමිනමක් වූ වීදාගම හිමි සෙවනේ කොළුවා යහපත් වෙයි සිතපු මෑණියනුත් කොළුවා පන්සලට බාර දුන්නලු.
එදා ඉඳන් පන්සලෙ නැවතුණු කොළුවට හාමුදුරුවො අකුරු සාස්තරෙත් කියලා දෙනගමන් විජයබා පිරිවණේ තිබු පොත් පත් කියවන්නත් පැවසුවලු. කොච්චර කියෙව්වත් කිසිම දෙයක් මතක නම් හිටියෙත් නැතිලු. මාස කිහිපයකට පස්සෙ තොටගමුවෙ ශිරි රාහුළ නමින් පැවිදි දිවියට ඇතුලත් උනු රාහුල හිමිව හැම කෙනෙක්ම හැඳින්නුවෙ තොටගමුවෙ හමුදුරුවො නමින්.
එවකට බොහොම බලගතු තෙලක් උණු සරස්වතී තෛලයත් මේ පන්සලේ සුරක්ෂිතව තිබිලා තියනවා. වීදාගම හිමි ධර්ම දේශනයන්ට පිටත්වෙන්න ඉස්සරවෙලා සරස්වතී තෛලය දිවේ තවරගන්නවලු. අශ්ව ලොම් ගහක් සරස්වතී තෛලය තිබුණු බෝතලයට දාලා ඒ ලොම් ගහක් හත් වතාවක් ගසලා තමයි දිවේ ගාගෙන තියෙන්නේ. මේ තෙල් දිවේ ග ගැනීමෙන් කිසිම විටෙක දිව පැටලෙන්නේ නැතිව වචන උච්චාරණය කළ හැකි බවත්, ඉතා හොඳ මතක ශක්තියක් ඇතිවෙන බවත් සඳහන් වෙනවා.
මේ සිද්ධිය දිහා හැමදාම හොරෙන් බලන් හිටපු රාහුළ සාමණේරයො හිතුවලු මේ තෙල දිවේ ගා ගැනිමෙන් මේ තරම් බළයක් තියෙනවා නම් මේ බෝතලේම බිව්වොත් කොහොමට හිටිද කියලා. රාහුළ පොඩිනමගෙ හැටි දන්න වීදාගම හාමුදුරුවො මේ සරස්වති තෛලය තිබුණු කාමරයත් අල්මාරියත් විශේෂයෙන්ම ආරක්ෂා කරන්න පෙළඹුනා. පැන් පහසුවට ගියත් දානය වළඳන්න ගියත් පිට ප්‍රදේශයකට ගියත් මේ කාමර අගුළු දාලා යතුරු අරන් යන්න අමතක කලේ නෑ.
ඒ වගේම තමයි මේ පන්සල් භුමියේ බොහෝ පක්ෂීන් නිදැල්ලේ සිටි බවත් එක සැළලිහිණියෙක් විදාගම මෛත්‍රී හිමියන් ඇතිදැඩි කළ අතර ඉතා චතුර ලෙස කථා බහ කළ බවත්, පිරිවෙන්වාසී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සමගින් ඉතා කුළුපගව සිටි බවත් කියවෙනවා. විටෙක මේ සැළලිහිණියා විදාගම හිමි පිටතට වැඩම කරන විට උන් වහන්සේ සමගින් ආ ගිය අතර ඇතැම් අවස්ථාවල ගම නායකයන්ට හා දායකයන්ට මේ සැළලිහිණියා මගින් පණිවිඩ යවා ඇති බවද සඳහන්.
මේ විදියට කාලය ගෙවිලා යද්දි එක දවසක් විදාගම හිමියො දානයක් සඳහා ගමට වැඩම කරා, එදා උන්වහාන්සෙ සරස්වති තෛලය තිබුනු කාමරය අගුළු දාලා ගියෙ නෑ. මේ දවස එනකම් බලන් හිටපු තොටගමුවෙ හමුදුරුවො මොකද කරෙ කාමරේට පැනලා සරස්වති තෛලය බෝතලේම එක හුස්මට බීලා දැම්මා. සරස්වති තෛලයෙ තිබුනු සැරට තොටගමුවෙ හමුදුරුවො සිහි මුර්ජා වෙලා වැටුණා. පන්සලේ අනික් හිමිවරු සියල්ලොමත් දානයට වැඩම කරලා සිටියෙ. මේ වෙලාවෙ තොටගමුවෙ හමුදුරුවො වැටෙනවා දැකපු සැළලිහිණියා වීදාගම හිමි සිටි දානෙ ගෙදරට ගිහින්
"තොට්ටා ඉවරයි තොට්ටා ඉවරයි" කියලා කෑ ගැහුව්වලු. වෙච්ච කාරණාව තේරුම් ගනිපු වීදාගම හිමියො
"කිරි තියෙන ගෑණු පන්සලට වරෙව්" කියමින් පන්සලට වැඩම කළාලු.
__මයිනා___
ජනප්‍රවාදයෙ එන සිදුවීම් ඇසුරු කර ගනිමින් ලියන මේ ලිපිවල යම් යම් තැන් දෝස අඩු පාඩු ඇත්නම් පෙන්වා දෙන ලෙස ඉල්ලමි. යම් වරදක් ඇති තැනක් ඇත්නම් එයද පෙන්වා දෙන ලෙස ඉල්ලමි. මන්ද ඉතිහාසය කියවීමක් නිසා එහි යම් අඩු පාඩු මා අතින් සිදු විය හැක.

WOW ++++++
ReplyDeleteඉක්මනට ලියනවද ඉතුුරු ටික
ReplyDeleteකාලය හරස් වි ඇත මිත්‍රයා
Deletemaru...........
ReplyDeleteThanks friend
Deleteඊට පස්සෙ?
ReplyDeleteස්තුතියි මයිනෝ ... මේ හෙමින් අමතකව වැලලී යන අපේ උරුමය...
ReplyDeleteසැළලිහිනියො ගිරවුන්ට වඩා හොඳටත් අවස්තානුකූලවත් කතාකරන බව අසා තිබෙනවා. මේ සැළලිහිණියාටනම් සරස්වතී තෛලය දීලද දන්නෙත් නෑ.
මම නම් අහල තියෙන්නේ අර කවියේ පද දෙක තමයි " හාල් ගරන කත මිදුලේ , දැක මහනෙක් පිරිය කලේ" කියලයි . තවද මෙය හාමුදුරුවෝ කොලුවා ගෙදර නොසිටි නිසා පිල්කඩේ පලමු පද දෙක අගුරු කැබැල්ලකින් ලියා ගියේ කොලුවා ට මෙය ඇස ගැස්වීම ටයි.
ReplyDeleteමේ කවියේ දෙවැනි පදය මටත් මතක නැත .
අනික් එක තමයි දවසක් හාමුදුරුවෝ වඩින කොට අර මාලු බාන සීන් එක වගෙ, මේ කොලුවා පාරේ තැනක ශරීර කෘත්‍ය කරමින් ඉන්නවා . එතකොට හාමුදුරුවෝ අහනවා " කොලුවෝ ඕක හොඳ ද?" කියලා . ඔය කරන දේ හරිද කියන එකයි උන් වහන්සේ ඇහුවේ. එතකොට කොලුවා උත්තර දෙනවා " හාමුදුරුවනේ මේක හොඳ නැත්නම් ඊයෙ එක තියනවා කියලා .
තවත් මම දන්න ලස්සන කතාව ක් තමයි , රාහුල හාමුදුරුවෝ මහණ වීමෙන් පසු තමන් වහන්සේගේ අත වැසියෙකු ත් සමග ගෝවෙට වඩිනවා . එහිදී උන්වහන්සේ දකිනවා මිනී පෙට්ටියක් අහසෙ කිසිම ආධාරකයක් නැතුව අවකාශයේ. මිනිසුන් එයට වැනදගෙන් ඉන්නවා . මේ දෙස මද වේලාවක් බලන් හිටපු හාමුදුරුවෝ එක් වරම වටාපත පෙට්ටියේ එක් පැත්තකට අල්ලනවා. ඒ සමඟ ම පෙට්ටියේ එක් පැත්තක් කඩා වැටෙනවා . දෙපස අධි බල කාන්දම් දෙක්කින් අවකාශයේ රදවා ඇති පෙට්ටිය වටාපත ඇල්ලීම නිසා කාන්දම් බලය අවහිර වීමෙන් එක් පැත්තක් කඩා වැටෙනවා.
මේ බොරුව එලිවීම නිසා එහි පාලන අධිකාරිය විසින් උන්වහන්සේ සහ අතවැසියා සීත කාමරයක වසා තබනවා පහුවදා වෙනකම්. එහිදී හාමුදුරුවෝ අතවැසියාට කියනවා දැන් උඹ මා හාමුදුරුවෝ කියා හිතන්නේ නැතුව මාත් එක්ක ගුස්ති අල්ලපන් කියලා . දෙන්නා ඉතිං උදේ වෙනකම් ගුස්ති ඇල්ලුවා ලු. හේවායො උදේ සිරුරු දෙක එලියට ගැනීමට එද්දී දෙන්නා ඉන්නවාලු දාඩිය මුගුරු දාගෙන. ඉන් පසු ඔවුන්ට නිදහස ලැබුනාලු.
මයිනාට මෙය තව රසවත්ව ලිවීමට හැකිවේවි. මේ සාරාංශය පමනයි.
Damayanthi Weerasinghe
damayanthirw@yahoo.com
මයිනගේ යාළුවා ගුලි කෑවා වගේම තමයි !
ReplyDeleteඅපි ඕක අහල තියෙන්නේ "රාහුලය මළා, රාහුලය මළා" කියල සැළලිහිණියා කියපු විදිහට...
ReplyDelete