හික්කඩුව කිව්වම හැමදෙනාටම මතක් වෙන්නෙ සුන්දර වෙරළ තීරයක්, කොරල් පර පිරුණු මුහුදු උද්‍යානයක්, සංචාරකයො පිරුණු නගරයක්... එහෙම නේ. හික්කඩුව අවට තියෙන ගම් ගත්තම තෙල්වත්ත හෙවත් පුරාණ තොටගමුව හරි ප්‍රසිද්ධයි. තොටගමුව රත්පත් විහාරය, විදාගම මෛත්‍රි හිමි, තොටගමුවේ ශ්‍රි රාහුළ හිමි, වෑත්තෑවෙ හිමි වගෙ උගත් පඬිරුවන වැඩසිටි වගෙම ගුත්තිල කාව්‍ය, සංදේශ කාව්‍යන්, බුදුගුණලංකාරය, බුත්සරණ, වගෙ වටිනා ග්‍රන්ථ සිංහළ සාහිත්‍යයට තිළිණ කරපු නිසත් මේ විහාරය බොහොම වැදගත් වෙනවා.
ඒ වගෙම පුරාණ තොටගමු විහාරයෙ යකුන් යොදවා වැඩගත් අතර යකුන් කරවු ගල් උළුවස්ස, ගල් කණු අදත් දැක ගන්න පුලුවන්. මල්සරාගෙ පිළිරුවක් සහිත ලංකාවෙ එකම විහාරයත් තොටගමුවෙ පුරාණ විහරයයි. බස්නාහිරට ශීර්ෂය සිටිනසේ ලංකාවෙ තිබෙන එකම සැතපෙන බුදු පිළිමය තිබෙන්නෙත් මේ විහාරයෙ පමණයි. මේ පිළිමය මැව්වෙ සක්‍ර දෙවියන් කියලත් ජනප්‍රවාදයක් තිබෙනවා. මේ වගෙ තවත් බොහො තොරතුරු මේ ගම්වල පැරැන්නන්ගෙන් දැන ගන්න පුළුවන්. ලංකාවෙ තිබුණු විශාලම පිරිවෙණක් වුනු විජයබා පිරිවෙණ තිබුනෙත් මේ විහාරයෙම තමයි.

මේ අවට ගම් වලට නම් හැදිලා තියෙන්නෙත් මේ පිරිවෙණට සහ විහාරයට කරන ලද සේවා එක්ක. විහාරයට අවශ්‍ය මැටි දුන් ගම මැටිවල, මල් දුන් ගම මල්වැන්න, බත් දුන් ගම බද්දේගම, තෙල් දුන් ගම තෙල්වත්ත, සීනි හැදු ගම සීනිගම, බෙර සෑදු ගම බෙරවාගොඩ.... මේ වගෙ මේ ගම් ගැනත් ගොඩාක් විස්තර තියෙනවා ඒවත් පස්සෙ එකක ලියන්නම්. හැබැයි අද දවසෙ තොටගමුව විදියට හඳුන්වන්නෙ වෙනත් ගමක් සීනිගම දේවාලෙ පහු කරන් ගාල්ල පැත්තට යද්දි හමුවෙන ගමක්.
පුරාණ තොටගමුව හෙවත් නූතන තෙල්වත්ත රත්පත් විහාරය වඩාත් ප්‍රසිද්ද වෙන්නෙ ශඩ් භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රි රාහුළ මහහිමිපාණන් හින්දා. පැවදිවීමට කලින් මේ යතිවරයානන් වහන්සෙගෙ ගිහිකල බොහො විස්තර ජනප්‍රවාද වශයෙන් මුණ ගැහෙනවා. 6වන පරාක්‍රම බාහු හෙවත් සයවැනි පැරකුම්බා රජුට ඥාතිත්වයක් තිබුනු බවත් සඳහාන් වෙනවා. ගිහි කල රාහුළ හිමිගෙ පියා ප්‍රාදේශිය ගම් නායකයෙකු වූ අතර රාහුළ හිමි ඉතාම කුඩා අවදියෙදි පියා මිය ගිහින් තිබෙනවා. පැරකුම්බා රජුගෙ හමුදාවන් අතින් ප්‍රාදේශියව ඇති වුනු කැරල්ලකදි ඔහු මිය ගිය බවත් ඉන්පසුව රාහුළ හිමිගෙ මව රාහුළ කුඩා දරුවාද රැගෙන තෙල්වත්ත රත්පත් විහාරය පිටුපසට වෙන්න තිබුනු ගමක් වන කිරලගහවෙළ කියන ගමේ සැඟවි ජීවත් වූ බවත් සඳහන් වෙනවා. මේ රාහුල දරුවා කුඩා කාලයේදි දිනක් පැරකුම්බා රජු පුරාණ තොටගමු විහාරයට පැමිණ ඇති අතර රජු දැකිමට පැමිණි මිනිසුන් මැද හිටපු රාහුළ දරුවා රජුගෙ ශ්‍රි විභූතිය දැක මෙලෙසින් කවියක් කිවාළු.
මා වැනි බිළින්දා
වර වර ළඟට කැන්දා
දුක සැප කුමන්දා
අසන නිරිඳො වෙන කොයින්දා
මේ කවිය ඇසුනු රජතුමා දරුවා ළඟට ගෙනවිත් බොහෝ තෑගි දුන් බවත් සඳහන් වෙනවා. සිංහළ සාහිත්‍යයට මහඟු සේවාවක් කරපු රජතුමා නිසි කළ පැමිණි විට ඔහුට රජවාසලට පැමිණෙන ලෙසටද පවසා තිබෙනවා. එවකට පුරාණ තොටගමු විහාරයෙ වැඩසිටි පරිවේණාධිපති වීදාගම මෛත්‍රි හිමිපාණන් සහ රජු අතර ඉතාම කුළුපග මිත්‍රත්වයක් තිබුණු බව පැවසෙනවා. ඒ නිසාම ඉඩ ලද සෑම විටම රජු මෙම විහාරයට පැමිණුන අතර, මේ විහාරයට සේවා සපයන්නට අවට ගම් නායකයන්ට නියෝග දුන් බවත් ජනප්‍රවාදයෙ සඳහන්.
තොටගමුවෙ කතා මෙතනින් පටන් ගත්තෙ මේ තොරතුරුත් එක්ක හොඳ ප්‍රවේශයක් ලබා ගන්න පුලුවන් නිසා. හොඳ හොඳ විස්තර තියෙනවා ඒවත් පස්සෙ කියන්නම්කො.
___මයිනා___

ඉක්මන් කොරානම්........ඉතුරු ටිකත්
ReplyDeleteබලා හින්නම්............
ReplyDeleteපස්සෙ කියන ටිකත් ඉක්මනට කියන්න වෙයි.
ReplyDeleteමතක විදියට විෂ්ණු දෙය්යෝ වාඩිවෙලා ඉන්න ලංකාවේ එකම පිළිමේ තීන්නෙත් ඔතන.
ReplyDeleteඉක්මන් කොරානම්........ඉතුරු ටිකත්
ReplyDeleteපන්සලට ගොඩ වැදිලා යන්න ඕන දවසක
ReplyDelete