ප්රේමයයි වෛරයයි අතරෙ
වෙනස කෙස් ගසකට සමයි
බිඳුනු දා පුජාව ප්‍රේමයෙ
ඔහුගෙ ආගම වෛරයයි........
ගුවන් විදුලියකින් ගීතයක් ඈතින් ඇහෙනවා. ඇත්ත නේද ? ගීතයෙ අරුත ගැන මයිනා හිතින් විමර්ෂණයක යෙදුනා.
"පෙම්වතිය ගිංගඟට තල්ලු කර දමා පෙම්වතා පැන යයි" "සෙබළ පෙම්වතා පෙම්වතියට වෙඩි තබා ගාතනය කරලා" " පෙම්වතාගෙ පොළු පහාරින් පෙම්වතියගෙ පියා මරුට" " පෙම්වතියට පිහියෙන් ඇන පෙම්වතාත් වස බිලා". පහු ගිය කාලයෙ විටින් විට පුවත් පත් වල ඇස ගැටුනු වාර්තා.
වෛරය ප්‍රේමයේ අනිත් ඉම, මයිනා අයෙමත් කල්පනා කරා.
කාලයකට ඉස්සර කළුබෝවිල ඇල අයින දිගෙ ගියා යාළුවෙක් මුණ ගැහෙන්න අත්‍යාවශ්‍ය කාරනාවකට. යාළුවගෙ ගෙදර ඉඳන් අපේ කතාව අතරෙ ඈතින් පෙනුන ගෙදරක වයසක කෙනෙක් වාඩි වෙලා ඉන්නවා, එළියෙ පුටුවක් තියාගෙන ගේ දිහාට හැරිලා ඔහු සැරින් සැරෙ මොනවදො කියනවා. ටික වෙලාවකට පස්සෙ සුන්දර පෙනුමක් තිබුනු ආච්චි කෙනෙක් මග් එකක් ගෙනත් අර සීයගෙ අතට දුන්නා.
අපි කරමින් හිටි කථාව අස්සෙන් මගෙ අවදානය වෙනත් පැත්තකට ගිහින් කියලා දැනගත් මගෙ මිත්‍රයා ගේ ඇතුළට ගිහින් අපිට තේ බොන්න අවශ්‍ය දේවල් අරන් ආවා. ඊට පස්සෙ අරන් ආපු බිස්කට් වලින් කොටසක් ඈතින් පෙනුනු අර සීයගෙ ගෙදරට ගිහින් එයාගෙ අතට දීලා ආවා.
මගෙ මිත්‍රයා දැකලා අර සීයයි ආච්චි හිනා උනු විදියෙන් ඔහු ඔවුන්ගෙ ලෙංගතුම මිතුරෙක් බව වැටහුනා. මිත්‍රයාගෙන් මම ඇහුව්වා "වයසට ගියත් හරි පිරිසිඳුවට ඉන්න දෙන්නෙක් නේද" කියලා, යාලුවා හිනා වෙලා "ඔව්" කියලා කිව්වා. ඒ හිනාව ඇතුලේ මොනවා හරි දෙයක් තියෙනවා කියලා මයිනට හිතුනා. මයිනා යාළුවගෙන් කොයිතරම් ඇහුව්වත් කිසිම දෙයක් යාළුවා කිව්වෙ නෑ, කුමන හෝ හේතුවකට යාළුවා කිසිම දෙයක් කිව්වෙ නෑ.
මයිනගෙ මිත්රයා ඕනැම වෙලාවක අනිත් මිතුරන්ට උදව් කරන කෙනෙක්. තවත් මාසයකට විතර පස්සෙ මයිනා ආයෙමත් ගියා අර යාළුවා මුණ ගැහෙන්න ගෙදරට තවත් යාළුවෙක් එක්ක. මයිනා එක්ක ආව අලුත් යාළුවට රෙන්ට් එකට ගෙයක් ඕන වෙලා. අර මම කලින් කිව්ව වයසක අංකල් ඉන්න ගෙදරට අල්ලපු ගෙදර තමයි රෙන්ට් එකට දෙන්නෙ. ගේ බලලා ඉවර උනාම කලින් යාළුවා අර අංකල්ට කිව්වා " ඔයාලගෙ අනිත් ගෙදරට අලුත් යාලුවෙක් එනවා" කියලා. එදා මයිනා යාළුවගෙන් ආයෙමත් අර වයසක දෙන්නා ගැන ඇහුව්වා. ගේ බලන්න ආපු අනිත් යාළුවා යවලා යාළුවා මයිනට කථාවක් කිව්වා.
අර වයසක අංකල් වගෙම ඇන්ටිත් කුළවාදයෙන් ඔළු පුරවා ගනිපු එක්තරා පලාතක තමයි ඉපදිලා තියෙන්නෙ. අංකල් කුළයෙන් පහත් කෙනෙක් වගෙම ඒ පලාතේ තිබිච්ච ලොකුම වළව්වක ඉපදුනු කෙනෙක් තමයි අර වයසක ඇන්ටි. වළව්වෙ වතුවල වැඩ කරපු කරත්ත දක්කපු කෙනා තමයි අර අංකල්ගෙ තාත්තා. පොඩි කාලේ තාත්තා එක්ක වළව්වට එන අර අංකල් වලව්වෙ කුමාරිහාමි එක්ක සෙල්ලම් කරනවා, පොඩි පොඩි උදව් කරනවා, කුමාරිහාමි ස්කොලේ ගියාට අර අංකල්ගෙ අප්පුච්චා අංකල්ව ස්කොලේ යවලා නෑ. ඒ කාලේ අඩු කුළවල අයට ඉගෙන ගන්න ඉහළ කුළවල අය ඉඩ දුන්නෙත් නෑ. වයස අවුරුදු 9ක් විතර උනු ළමයව ස්කෝලේ දාන්න කියලා හැම වෙලාවෙම පෙරැත්ත කරන හින්දා අප්පුච්චා ළමයව එහා ගමක තිබුනු ස්කෝලෙකට බාර දුන්නා. වලව්වෙ කුමාරිහාමි උදේට ස්කොලේ එක්කන් යන අප්පුච්චගෙ කරත්තෙ පස්සෙන්ම ස්කෝලේ ගියපු අර අංකල් ඒ ස්කොලේ දක්ෂම සිසුවෙක් උනා.
වයසින් මුහුකුරා යද්දි අර අංකල් හරිම සුන්දර තරුණයෙක් බවට පත් උනා. එවකට ඒ පාසලේ තිබුනු 10 කැලෑසියත් සමත් උනා. පුළුවන් හැම වෙලාවෙම පොතින් පතින්, අඩුපාඩු වලට මුදල් වලින් පවා වලව්වෙ කුමාරිහාමි ඉගෙන ගන්න උදව් කලා. කාලයත් එක්කම කුමාරිහාමි අර තරුණයට ආදරය කරන්න ගත්තා.
ලෝකයට හොරෙන් ආදරෙ කරපු මේ අයගෙ සම්බන්දෙ කනින් කොනින් වළව්වටත් අරංචි උනා. වළව්වෙන් අර අප්පුච්චව ගහලා පැන්නුවා. ඒ වගෙම ඒ අයගෙ ගෙට ගිණි තියලා ඒ මිනිස්සුන්ව අසරණ කලා. ඊට පස්සෙ අර අංකල්ව ගස් බැඳලා ගහලා කකුලකුත් කැඩුවා. ඒ කඩපු කකුලේ නොන්ඩිය තාවමත් තියෙනවා.
වලව්වෙ ඇත්තො කොළුවා මරයි කියන භයට අප්පුච්චා පුතාව ගමෙන් පිටමං කරා. ගමෙන් ආපු අංකල්ට ස්කොලේ උගන්නපු ගුරුතුමෙක් කොළඹ රස්සාවක් හොයලා දුන්නා. ඒ රැකියාව කරන අතරෙම ඒ කාලේ තිබුනු සුදුසුකම් උනු 10 සමත් සහතිකෙන් අර අංකල් වරායෙ රැකියාවකට ගියා. වළව්වෙ කුමාරිහාමිට පුළුවන් වෙලාවට ලියුමක් ලියලා කාටත් හොරෙන් කුමාරිහාමිව බලන්න ගියපු අංකල් අයෙමත් වතාවක් වළව්වෙ අයට අහු උනා. එදා බේරිලා ආපු අංකල්ට ආයෙමත් අංකල්ගෙ සුදුහාමිනේව බලන්න යන්න විදියක් නැතුව ගියා.
මේ විදියට අවුරුද්දකින් විතර වළව්වෙ අය කුමාරිහාමිව වෙනත් කෙනෙකුට බන්දලා දෙන්න කටයුතු කලා. අංකල් උත්සහ කලත් දෙන්නට හමු වෙන්න තිබුනු අවස්තාව නැතුව ගිය නිසා, කුමාරිහාමිට අකමැත්තෙන්ම වෙනත් දීගෙක යන්න උනා. ඒත් කුමාරිහාමි හැමදාම දුකෙන් කාලය ගෙව්වා වගෙම තනිකඩ උනු අංකල් සුදුහාමිනේගෙ මතකත් එක්ක කාලය ගෙව්වා.
ඊටත් අවුරුදු 10කට විතර පස්සෙ අහම්බෙන් දවසක මේ දෙන්නා මුණ ගැසුනා. අංකල්ගෙ නොන්ඩි කකුලත් තවමත් තනිකඩව ඉන්න බවත් දැනගෙන කුමාරිහාමි හදවතින් හැමදාම හඬා වැටුනා. කුමාරිහාමිට ඒ වෙද්දි ළමයි තුන්දෙනෙක් හිටියා. වලව්වෙ මහා පරම්පරාවත් කම්මුතුවෙලා ඉවර උනා. අපිළිවෙල වෙච්ච අංකල්ගෙ ජීවිතේ ඔහෙ ගෙවුනා සිගරට් එක්ක මත්පැන් එක්ක. එ අතරෙ කුමාරිහාමි අයෙමත් දවසක අංකල්ව දකිනවා මළ ගෙදරකදි. එදා කුමාරිහාමි අංකල් ඉන්න තැන ලිපිනය එහෙම අරගෙන යනවා.
කාලය වේගයෙන් ගෙවිලා යනවා. කුමාරිහාමිගෙ මහත්තයා මිය ගියා. ළමයි තුන්දෙනාව දීග තල දුන්නා. අයෙමත් වතාවක් කුමාරිහාමි ආරංචි කරලා බැළුවා අංකල් ගැන. අංකල් ඒ දවස්වල අසනීප වෙලා කිසිම දෙයක් කර ගන්න බැරුව රෝහලේ ඇඳක් උඩ.. දුර කතර ගෙවාගෙන කොළඹ ස්පිරිතාලෙට ආපු කුමාරිහාමි අංකල්ව බලලා අවශ්‍ය අඩුපාඩු අරන් දීලා අයෙමත් ගියා. හැබැයි එදා කුමාරිහාමි හදවතින් වගෙම ඇස් වලිනුත් ඇති තරම් ඇඬුවා. මම හින්දා මේ ජීවිතේ විනාස උනේ කියලා ඇය ඇයටම දොස් පවර ගත්තා.
දවස් දෙකකට පස්සෙ කුමාරිහාමි ළමයින්ව ගෙදරට එන්න කියලා සියළුම දේපල සමව බෙදලා පවරලා දුන්නා. දීග එන දවසෙ මහගෙදරින් කරට දැම්ම මුතුපටකුයි, මාලේකුයි හැර අනිත් සියළුම ආභරණ දරුවන්ට බෙදුවා. ගෙදර තිබුනු බඩු මූට්ටු පවා එහෙම කරා. ඊට පස්සෙ දරුවන්ට නොදැනෙන්න ගෙදරින් පිට වුනා. ලියුමක් ලියලා දරුවන්ට කිව්වා කවදාවකවත්ම මාව සොයන්න එපා කියලා.
ඇය ගෙදරින් පිට වුනා. කොළඹට ඇවිත් අංකල්ව හොයාගෙන ඔහු ළඟට ගියා. ඊට පස්සෙ අංකල්ගෙ පිළියන්දල පැත්තෙ තිබුණු පොඩි ගේයි ඉඩමයි විකුනලා ඒ සල්ලිත් දාලා මේ ගෙදර අරන් තිබුනා. වෙනදා හඩුවෙක් වගෙ හිටපු අංකල්ව නාවලා කවලා පොවලා ආදරෙන් බලාගන්නෙ කුමාරිහාමි එහෙමත් නැතිනම් සුදු හාමිනෙ. අංකල්ගෙ පෙන්ෂන් එකෙන් දෙන්නා ජීවත් වෙනවා. දැන් අංකල් මත්පැන් දුම්වැටි අහලකටවත් යන්නෙ නෑ. සතියකට සැරයක් ගෙදරට උවමනා කරන දේවල් අරන් එන අංකල් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා.
මයිනගෙ යාළුවගෙ අම්මා ඉස්සර ඒ ගමෙ කෙනෙක් වගෙම මේ දෙන්නට උදව් කරලා තියෙන්නෙ එයා. මේ ගෙදර පවා හොයලා දීලා තියෙන්නෙත් යාළුවගෙ අම්මා.
මේ කතාව අහලා මයිනට පුදුම හිතුනා. යාළුවගෙ ගෙදර රේඩියො එකේ නන්දා මාලනීගෙ සිංදුවක් යනවා.
"ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්තයි
පාරිශුද්දයි සුරම්‍යයි"
මයිනා අයෙමත් හිතුවා ඇත්තටම ප්‍රේමය, ආළය, ආදරය සඳ එළියසේ අචින්ත්‍යයි ද?
___මයිනා____

+++++++++++++
ReplyDeleteHappy story
+++++++++++
ReplyDeleteපට්ට
ReplyDelete