Friday 18 May 2018

මයිනාගෙ කථා ... 8 .. දිමිත්තයා

මයිනාගෙ කථා .... 8 ..  දිමිත්තයා

අහලා තියෙනවද කිහල්ලකො දිමිත්තයා ගැන.

මාළුවෙක් මෙන්න සයිස් අඟල් එකහමාරක් විතර ඇති

මිරිදිය මත්සයෙක් සහ ඒකදේශි මත්සයෙක් විදියට තමයි හඳුන් වන්නෙදිමිත්තයා වැඩිපුරම ඉන්නෙ ගාළු දිස්ත්රික්කයෙ ඇළ වේලි ආශ්රිතව.   අතරිනුත් රංගළු ඔය විශේෂයි.

රංගළු ඔය තියෙන්නෙ හික්කඩුව ප්රදේශිය ලේඛම් කොට්ඨාශයත් අම්බලන්ගොඩ 

ප්රාදේශිය ලේඛම් කොට්ඨාශයත් බෙදා වෙන් කෙරෙන මායිම විදියට.  කළූපේ කියන 
ගමේ එක කෙළවරක් මේ රංගළු ඔයෙන් අහවරයි.  හික්කඩුව තොටගමුව හරහා 
අළුත්වලට යන පාර තියෙන්නෙ මේ රංගළු ඔය හරහාරංගල්ල කියන්නෙ පට්ට පාළු 
එරියා එකක්,. මහ දවාලෙත් හොල්මන් සෙල්ලං දාන කිඹුල්ලු ඉන්න හෙණ ඇඩ්වාන්චර් 
ප්ලේස් එකක්. සාමාන්යයෙන් ලේසියකට තනියම නම් කවුරත් පැත්ත පලාතක 
යන්නෙ නෑ. එක යායට කඩොලානත් එක්ක ඇති වෙන ගුප්ත බවක් අනිත් පැත්තෙ 
කිරළ ගස් යායක්  එක්ක දිගටම තියෙන වෙල් අනොදා කැලැව.

හැබැයි ඉතිං මේ කැලෑව මැද්දෙ විවිධ වර්ගයෙ පළතුරැදං, හිඹුටු, කිරළ, ඇට අඹ  (කොස් ඇටයක්


තරම් කුඩා අඹ විශේෂයක්), ගොරකා, ඇඹුල් පේර, වැළි අනෝදාකජු, සහ තවත්

බොහො දේ විශේෂයෙන්ම ගාල්ලට විතරක් ආවේනික ඩොංගා කියන පළතුරත් මේ

කැලෑවෙ තිබුනා.






දවසක ස්කෝලෙදි මොකද්දො එහෙකට ආවේණික සතුන් හා ශාක ගැන


වැඩසටහනක් තිබුනා වැඩසටහනෙදි දිමිත්තයා ගැනත් ජීවත් වෙන රංගල්ල

අභයභූමිය  පරිසර  පද්දතිය ගැනත්  ලොකු  විස්තරයක්  කියලා  දුන්නා.    දිමිත්තයා

ගස්  වල  ඉන්න  දිමියන්ට  කටින්  වතුර  පාරක්  විදලා    දිමියො  වතුරට වැටුනම

අල්ලන් කනවලු.   මේ විස්තරෙ අහාපු වෙලේ ඉඳලා මයිනට රංගල්ලට  පියාඹලා ගිහින් 

"දිමිත්තයෙක්"    බලන්න මාරම ආශාවක් ආවා.   


                                                            දිවා රෑ කල්පනා කරලා කරලා අනිත් අපතයන්ටත්  කංකෙඳිරි ගාලා ගාලා සෙනසුරාදාවක උදේම යන්න සුදානම් උනා දිමිත්තයො බලන්න. එක  සෙනසුරාදාවක  උදැහැනැක්කෙ  අපත  නඩේම දැන් පාර 
දිගෙ කෑ ගගහා යනවා රංගළු යන්න. එකෙක් දෙන්නෙක් පිහිත් ඉනේ ගහගෙන ඇවිත් හදිස්සි අයශ්යතාවයකට පාවිච්චියට ගන්න.   සමහර එව්වො පොළු අතේ තියන්, 15 දෙනෙක් විතර එක දිගට යද්දි හිතා ගන්න පුළුවන්නෙ.   ගම වටේම බල්ලො බුර බුරා පස්සෙන් එනවා....  බල්ලන්ගෙ ඒරියා වල බොඩර් පනිද්දි උං උන් කා  කොටා ගන්නවා,   ගම පුරාම එකම ගාලගෝට්ටියයි.   සමහර බල්ලො කන්න පනිනව එහෙම එවුන්ට  පොළු පාරක් දෙනවා කෑ ගහගෙන දුවන්න.   

ඕං පළවෙණි වලිය සෙට් උනා

"කවුද බොළ අපේ බල්ලට ගැහුවේ"    කියාගෙන එළියට පැන්නා එකෙක්කට්ටිය 
15ක් විතර ඉන්නව අම්බානයි ටිකයි කන්න වෙන නිසා අරැ දෙස් දෙවොල් කියනව 
පැත්තක  ඉඳන්.

"
මදාවිකාරයො මුංගෙ අතපය කැඩෙන්න කාළකණ්ණි"


"
හෙණ ගහන්න තොපිට


ගෑණියි මිනිහයි දෙන්නම දැං හෙණ ඉල්ලනවා


එකෙක් කිව්වා  "මාමේ කටවහගෙන ඉඳපං බල්ලා ගෙයි වත්තෙ දාගෙන හදා ගත්තා නම් ඉවරයි නේ


තවත් හිටියොත් ලොකු වළියක් යන නිසා මයිනා අපතයොත් ඇදගෙන ගියා එතනින්


කොහොමින් කොහොම හරි රංගල්ලට සැපත් උනා.   මිනිස් පුළුටක් පේන මානෙක නෑ.  





ගොරක ගස්වලට පිරිසක් නැගලා කිරළ ගස් වලට පිරිසක් නැගලා.   තව කිහිප දෙනෙක් ඊට


එහා තිබුනු පොල්  වත්තකට රිංගන්න ගියා.   අනේ ඉතිං මයිනා රංගළු ඔය  දිගෙ

 "දිමිත්තයො"  හොයාගෙන  තනියෙන්ම   යනවා.    කඩොල් ගස් අස්සෙන් රිංග


රිංග, කදුරැ ගස් අස්සෙන් වැටි වැටිකැරන් පඳුරැ වල හැපි හැපි ගිහින් මයිනා අනිත් 

එවුනගෙන් මගහැරැනාහුටා දැන් ආපු දුර කොයිතරම්ද කියනව නම් එක

අපතයෙකුගෙවත් කට හඬක්වත් ඇහෙන්නෙ නෑකිඹුල්ලුයි හොල්මනුයි මතක් උනා

දැං ඉතිං මයිනට හුජ්ජබරක් හැදිලයි නැවතුනෙ.  කැරන් පඳුරැ අස්සෙ කිඹුල්ලු ඉන්නවා

කියන්නෙ 500%ක් ෂුවර්.   අසරණ මයිනා එතන ඔය අයිනෙ තිබුනු කදුරැ ගහකට

නැග ගත්තා අනිත් ඈයෝ හොයාන එනකං  





අනිත් එවුනුත් පාළම උඩට ඇවිත් බලද්දි මයිනා නැත  අරැනුත් මයිනව හොයාගෙන ඔය දිගෙ එනවා.   හු තියනව කෑ ගහනවා පොලු වලින් කැරන් පඳුරැවලට ගහානව.   මයිනට දැං ඇහෙනවා අපතයන්ගෙ සද්දෙ.   මයිනා තවත්  ටිකක් ගහ උඩටම නැගලා අර නසරාණි එන දෙසට දෑස් දල්වාගෙන ඉන්නව.

අර අපතයො ළඟ ළඟම  එනව මයිනට පට්ට  හැපි ඉතිං.    

ඕං අරැනුත් දැක්කා ඈත මයිනා කදුරැ ගහක් මුදුනෙඉන්නව අන්දරෙගෙ   සීයගෙ බෝල වල සිරි නරඹ නරඹ.     හැපි එකට අරැන්ගෙ  සද්දෙත් වැඩි වුනාවටෙ  පිටේ  තිබ්බ  කැරන්  පඳුරැ ඇතුලු  පොඩි පොඩි ගස්වලට පොළු වලින් ගැහිල්ලත් වැඩි   වුනා.     මුංගෙ මළ අඳෝනාවට කැලේ හිටපු තඩි  කබරයෙක් දුවපි තඩි කබරයා පස්සෙ මේ අපත රැළ තව හයියෙන් කෑ ගගහා එළවං ආපි.   අරැන්ට  බය උනු කබර රජානෝ කෙලින්ම මයින හිටපු කදුරැ ගහ උඩට නැගපි.  


කදුරැ කියන්නෙ හරිම හයිය  හත්තිය  තිබුනු ලී ජාතියක් නොවෑ. කබරයට බයෙ


මයිනා දඟලපු දැඟලිල්ලට කදුරැ ගහත් කඩන් මයිනා  වැටිච්චි ඔයට.    සද්දෙට බයේ

කබරයත් පැනපි ඔයටම.   අර නසරාණි සෙට් එක උඩ පැන පැන හිනා වෙනව.   ඔයට

වැටුනු මයිනගෙ කකුල ඔයෙ වැටිලා තිබුනු දිරාපු ගහාක අතු කැල්ලකට පැලිලා ගිහින්

කකුළ නෑ නෑ වගෙ. මයිනා බොහොම අමාරැවෙන් අරැන්ට කිව්ව.

"
අඩෝ මගෙ කකුළ කැඩිලා"   කියලා.

බාගයක් එවුන් ඔයට පැනලා මයිනව ගොඩට ගත්තා.   දණහිසෙ ඉඳලා ඉහලට පලලා


ගිහින් ලේ ගලනව  කකුලත් හිරි වැටිලා.   දැං ඉතිං බොහොම අපහාසුවෙන් අරැන්

එකතු වෙලා මයිනා පාරට උස්සන් ආවා.   එතන ඉඳලා හෙමින්  හෙමින් කොර ගගහා

පාර දිගෙ එනව.    මගදි හම්බ වුනු පුට් සයිකලේක තව දුරක් ආවා.   එතන ඉඳන්

නැවත ලේ පෙරෙන කකුළෙන් නොන්ඩි ඇන ඇන එනවා. ඕං ඉතිං මගදි අර යද්දි රංඩු


වෙලා ගියපු  ගෑණියි මිණිහයි ඉන්නව පාර අයිනෙ.   මුං දෙන්නා ආයෙමත් පටන්

ගත්තා දෙස් තැබිල්ල.

"
කාළකණ්ණි මුංගෙ කකුල කැඩිලා මදි බෙල්ල කැඩෙන්න තිබ්බේ"


"
හෙණ හත වදින්න තොපි ඇඹරිලා කුඩු වෙලා යන්න ඔනේ"


"
දෙවොල් දෙයියොම බලන්න ඕනේ කාළකණ්ණි හැතිකරේ"


අරැන් දෙන්නා තොර තෝංචියක් නැතුව කියවනවා. ඒත් ඉතිං ඉවසන් ආවා කොහෙද


මේ ගෑණි පස් උඩ  දානවා පොලවෙ අත තිය තියා දිව්රනවා.   සිනීගම දේවාලේ හෙට

ගම්මිරිස් අඹරනවා කියනවා.   දේවාල වැඩ කෝටියයි.   පැන්නා රතු ඉර දුන්නා අර

ගැණිට එකෙක් පොළු පාරක් මිනහටත් දුන්නා  පයින් එකක්.    දැන් වලිය පටන්

ගත්තා අල්ලපු ගෙදරක ඉන්නව අර ගෑණිගෙ මල්ලි කෙනෙක් දුවන්  ආවා

කඩුවකුත් අරන්.    එතනින් ගියපු එකෙක් මයිනගෙ කකුලේ ලේයි අරැගෙ අතේ

කඩුවයි දැකලා   මයිනගෙ බාප්පලගෙ ගෙදරට කියලා "අන්න මද්දු අයියගෙ පුතාව කපලා".

අරංචිය කණ වැකුණු සියළු දෙනාම පෙරහැර සේ වලිය තිබුනු පැත්තට එන්නා


"
මද්දු අයියගෙ පුතා කපලා"


"
මද්දු අයියගෙ පුතාගෙ කකුළ කපලා"


"
මද්දු අයියගෙ පුතාට වැදිච්ච කඩු පාරට කකුලේ කෑළි දෙකලු"


"
මද්දු අයියගෙ පුතාට කඩුවෙන් ගහලා එතනමලු"


කට කතා වර්ධනය වීමේ ප්රථිඵළය අන්තිම නිව්ස් එක 


"
මයිනව මරලලු"


නිව්ස් එක මයිනගෙ තාත්තගෙ කණට


බාප්පලා ඇතුළු පළමුවෙන් පැමිණි පිරිස එද්දි මයිනගෙ කකුලේ ලේ අරැගෙ අතේ කඩුව. අනේ අරැට අම්බානක බඩු දෙනවා අතපය කැඩි  දත්  කැඩි එකම ජරමරයයි.   දෙවනි පිරිස මයිනාගෙ මල්ලි  ඇතුළු දෙවන පෙල එද්දි මයිනා හිටං ඉන්න බැරි නිසා බිම වාඩි වෙලා.   බාප්පලා අරැට ගහනවා.


දෙවනි  පෙල සෙට් එක අරැංගෙ ගේ කුඩු පට්ටම් කිරිම ආරම්ඹ කරලා.  තුන්වන කණ්ඩායම මයිනගෙ  පියා  සහ  ළඟ ඤාති දුර ඤාති ගම්වාසි සහ හිතවත් ඈයෝ දැං රැන්ගෙ ගෙවල් ගිණි තැබිමට සුදානම.    


මයිනා  බැරි මරගාතේ ගිහින් එල්ලුනා තාත්තගෙ බෙල්ලෙ.


"
මට මුං ගැහුව්වෙ නෑ මම ගහකින් වැටිලා තුවාල උනේකියලා  කිව්වා


ඕං දැං විස්තරෙ කිව්වාම කට්ටිය කූල් උනා.   ඒත් ඉතිං වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.   ගුටි කාපු  එකා  කරාපිටියට  වම්  අත  කැඩිලා දත් කැඩිලා .   සති  2ක් විතර  ස්පිරිතාලෙ මාස 2 පුරා  මයිනගෙ තාත්තා අරැගෙ ගෙදරට කෑම බීම අඩු පාඩු සැපියම සිදු කලා  අර ගෙදර කැබිනට් එකේ   විදුරැ දාලා ජනෙල් දොරවල් හදලා දෙන වැඩේ බාප්පලා කරලා දුන්නා.   අර කට කියවපු ගෑණි   පොලිසියෙ පැමිණිල්ලක් දාලා තිබුනා.   එකත් සමාදාන උනා කියලා ගෑණිත්  පැමිණිල්ල ඉල්ලා අස් කර  ගත්තා.


අර මුලින්ම පණිවිඩේ බාප්පලට දීපු එකාට ගමේ එවුන් නමක් දාලා "ගින්නා"   කියලා.




ඕං එහෙමයි මයිනා "දිමිත්තයෝ" බැළුවෙ. අද තව වෙනකනුත් සජීවිව දිමිත්තයා


කියන ඒක දේශිය  මත්සයා නම් මයිනට දකින්නට නොලැබුනු බව පවසමි. හැබැයි

මිත්‍රවරැණි අදටත් දිමිත්තයෙක් දැකිමේ ප්‍රබල අශාවක් මයිනගෙ හිතෙ පැළ පදියම්

වෙලා තියෙනව..   

නිකං ඉන්න වෙලාවට ඒක දේශිය සත්ව ශාක ගැන ඉගෙන ගනිල්ලා ඒකත් පට්ට....... 

ගිහිල්ලා එන්නම් ........

20 comments:

  1. අපේ පැත්තෙත් බන්දුල පෙතිය කියල එකෙක් හොයාගත්ත අවුරුදු ගානකට කලින්, ඒක නිව්ස් වල ගියා විතරය් කොල්ලොයි බල්ලොයි හැම එකාම ලවක් දෙවක් නැතුව උන් අල්ලන ගත්ත. අන්තිමට පොලිස් පැට්‍රොල් විසිට් දාන්න උනා වැඩේ නවත්තන්න. දවසක් පාන් බෙදන පන්කාරයත් පොලිසියෙන් කුදලාගෙන ගිහින් තිබුන බයික් එකත් එක්කම, මාළු අල්ලලා මාට්ටු වෙලා.

    ReplyDelete
  2. තොපේ ගමෙයි අහල ගංවල උනුයි දැං නිදහසේ ජීවත් වෙනවා ඇති

    ReplyDelete
    Replies
    1. එහෙම තමා මෙහෙ සමහර එව්වො අවුරුදු 60 - 70 තිස්සෙ මරා ගන්නව බන්. හැබැයි ඒවට හේතු වෙලා තියෙන්නෙ බොහොම සුලු සිද්දි.

      Delete
  3. බන්ධුල පෙතිය ගැන විස්තරයක් දාන්න කෝ

    ReplyDelete
    Replies
    1. මේං මයිනෝ,
      https://www.youtube.com/watch?v=Zind13PQQhg
      https://www.youtube.com/watch?v=UoBnnzypx_o

      Delete
  4. බල්ලෙක් හින්දා වලියක් ගිය දුර. තවඩිංගෙන් එකෙක් දෙන්නෙක් වැලිගංපිටි යනවානොවැ.

    ReplyDelete
    Replies
    1. කොළඹ පාතලේ අදත් මරා ගන්න හේතු වෙලා තියෙන්නෙ පරවියො රංඩුවක්

      Delete
  5. බොලාගෙ ගමේ ඉන්න එවුවොනං හනුමගෙ පරංපරාවෙන් ආපු එවුවො වෙන්න ඇති ඔහොම ගිනි පත්තු කරන්න.
    ගහේ ඉන්න වෙලාවෙ බොලාට දිමිත්තයෙක් වතුර පාරක් විදල බිම දාගන්න ට්‍රයි කලේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. අදටත් ඔය කියන දිමිත්තය දැකලා නැ බන්

      Delete
  6. /විශේෂයෙන්ම ගාල්ලට විතරක් ආවේනික ඩොංගා කියන පළතුරත් /
    මෙය සාවද්‍ය ප්‍රකාශයකි.

    ReplyDelete
    Replies
    1. http://helapakade.blogspot.com/2014/12/blog-post_21.html

      Delete
    2. දන්න් තරමින් ඩොංගා තියෙන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයෙ තමයි සුළ්බව. මාතර සහ කළූතර දිස්ත්‍රික්ක වලත් තැන් තැන් වල ටික ටික තියෙනව​.

      Delete
  7. දිමිත්තයා ගැන තවත්
    https://www.nationalgeographic.org/media/sri-lankas-amazing-archers/

    ReplyDelete
  8. මුංගේ ගං ඔල තව ඉතුරුවෙලා ඉන්නවද මිනිස්සු... :P

    ReplyDelete
    Replies
    1. දැන් ඉන්න හැල්පයො මෙ ආත්ල් දන්නෙ නැ.

      Delete
  9. මයිනා ආවෙිනික හුටප්පරයකි

    ReplyDelete
    Replies
    1. මොනා කරන්නද බන් දොළදුක හැදුනාම​.

      Delete