Friday 25 May 2018

මයිනාගෙ කතා.. 9 සුන්දර තරුණිය

මයිනාගෙ කතා......(9).... සුන්දර තරැණිය...
කතාව 18+ එකක් පොඩි එවුන් කියවන්න එපා.

එන්න එන්නම මයිනාගෙ නසරාණි ක්‍රියා උග්‍ර වීම හේතුවෙන්
මයිනාට පිය රජුගෙන් අවසාන නියෝගය ලැබුනා. ගමෙන් පිටුවහල්
කිරිම තමා දඬුවම. මයිනලාගෙ කොළඹ දිහාවෙ ඤාති නිවසක
නවාතැන් සමග සුළු රැකියාවකුත් ලැබුනා. දැං ඉතිං නිදහසේ
පියාසර කරපු මයිනා තටු කපලා කූඩුවෙ. උදේට වැඩට

එනවා හවසට ගෙදර යනව. ටික ටික සෙයිලමේ ජීවිතේට හුරැ
වෙද්දි වැඩ අහාවර වෙලා මයිනා හැන්දෑවට හැන්දෑවට විහාර
මහ දේවි පාර්ක් එකට යන්න පුරැදු උනා. එහෙම ගිහින් ඔය
බංකුවක් උඩින් වාඩි වෙලා ආටක නාටක නාඩගං බල බල
මනසික සුවයක් ලැබිම තමා මයිනා කලේ.

දැං ඉතිං මාසයක් එකහමාරක් විතර මයිනා  හැන්දෑවෙ පාර්ක්
එකට ගිහින් වැව ළඟ බංකුවක වාඩි වෙලා සිහිල් සුළං සැඳෑ අඳුර
විඳලා එනව. මෙහෙම මෙහෙම මෙහෙම යද්දි මයිනට ටිකක්
ඈතින් තිබුනු බංකුවක සුරෑපි ළඳක් වාඩි වෙලා මයිනා දෙස
බලනවා. මයිනා ළපටි කැකුළු නාඹර වස්සා උනාට අර ළඳට
නම් තිහකට කිට්ටු ලුක් එකක් තිබුනෙ. ඕං ඉතිං තව ටික
දවසක් යද්දි ලාමක ටිං ටිං එයා හිනා වෙනවා මයිනා හිනා
වෙනවා. මෙන්න එක දවසක අර සුරෑපි ලලනාව මිහිකතට
නොරිදෙන්න හෙමින් සැරෙ පාද තියමින් ඇවිත් මයිනා හිටි බංකුවෙ
වාඩි උනා.

එයා - ;ඔයා ඩේලි එනවා නේද පාර්ක් එකට
හුටා ජෝන් තමා කටහඬ තල් අත්තට බොරළු ගැහැව්වා වගෙ.
ඒත් ඉතිං හිත හදා ගත්තා ඇයි බං රටේ ජනාධිපති වෙච්චි
හොරගොල්ලෙ මැඩම්ගෙ කට හඬත් එහෙම නේ කියලා.
මයිනා - ඉඳ හිට එනවා කම්මැළි හිතුනාම
එයා - එනි වේ නයිස් ටු මීට් යු මම නිශා
මයිනා - ;ඈම් මයිනා.....
එයා - ;ඔයා හරි හැන්සම් ගූඩ් ලුක්
මයිනා -;තැංක්‍යු
එයා - ඕකේ ඩියර් අපි ටුමාරෝ මීට් වෙමු  බායි සී යු

හම්මෙ ඉතිං දැන් මයිනා ලලනා ලාලිත්‍ය විඳිනවා. දි ඟු කාන්තීමත්
ඇස්කෙටි කර කපන ලද හිස කෙස්සිහින් තොල් සඟළ පිස්සු
හැදෙන ගමනහි ත පිච්චෙන බැල්මපිරිපුන් රණ හංසයන්.  මයිනා
ඉතිං වින්දා විඳිල්ලක් ආයේ නෑ හිතේ නට් බෝල්ට් ගෙවෙන්න.  එදා රෑ
නින්ද නේන රාත්‍රියෙ තමයි ඉතිං.  සැරින් සැරෙ හොරෙන් හොරෙ
වරින් වරෙ  නිශා  තමයි එන්නෙ.  ඕං ඊළඟ දවසේ මයිනා සපත්තු
දෙක කණ්නාඩිය වගෙ මැදලාතිබ්බ හොඳම සර්ට් එක ඇඳලා
වැඩට ගියා.  මුළු දවසම පරිසමට ඉඳලාකොණඩේ එහෙම හදලා
ඔෆ් වෙලා පාර්ක් ගියා.  හම්මෙ ඉතිං එදා ටිකක් සයිඩ් එකක
තිබුනු බංකුවකට වෙලා ආගිය තොරතුරැ කතා.  එතනින් යන
කොල්ලො බල බල යනව.  මයිනා දැ න් හෙණ ආඩම්බරෙ ඇයි
යකඩෝ කළම්බු සෙවන් වල කෑල්ලක් මයින ලඟ ඉඳන් ඉන්නවා
නොවෑ.


“ගාල්ලෙ බෝයිස්ලා හරි ස්වීට් අනේ 

අනේ ඉතිං හැන්දෑ යාමේ එක් වු යාමේ ටිකෙන් ටික ප්‍රේම
වෘතාන්තයක මග සළකුණු පහාළ වෙනව. හම්මෙ එතිං දැං කවදා
කාපු ටකරංද මයිනා එයාට  බබා”  උනා. හවසට හවසට එයා
ඉතිං මයිනට සැන්ඩ්විච්රස මිදිකෝළි කුට්ටුජූස් වර්ග තම්බන
ලද එළවලු,..... රෑට මයිනට කන්න බෑ ඉතිං ගෙදර ගිහින් සැප
කනේ තමා. මයිනට බස් එකේ යන්න සල්ලිලස්සන ටී සර්ට්,
ඩෙනිම්... අත් ඔරලෝසු....

බබා හෙට මේක අඳින්න හරිද සෝ ක්‍යූට් බබා”;

නහයමයි අල්ලන්නෙ මයිනට සුපිරි නහයක් තියෙනවා ඈං ඊරිෂියා
කරනව එහෙම නොවෙයි. මයිනා වැඩ කරපු ඔෆිස් එකේ හිටියා නිමල් කියලා එකෙක්
දවසක් ඌට කිව්වා සීන් එක.  ඌ කිව්වා  සමහාර සල්ලි තියෙන ගෑණු ඉන්නවා මල්ලි පොඩි කොල්ලන්ට තමයි කැමති උඹත් පෙනුමට ඉන්නව නේ  සේප් එකේ කරගෙන පලයං ඉන්න තැන එහෙම පෙන්නන්න එපා. හරි එඩ්‍රස් එක කියන්න එපා  නිමල් අයියගෙ උපදෙස් අකුරටම පිළිපදිමින් වැඩේ යනව. ඕං ඉතිං දවසක් සෙනසුරාදා ලන්ච් එකක් දුන්නා එයාගෙ කාර් එකේම එක්කං ගිහින් කිරැළපනේ පැත්තෙ රෙස්ටුරන්ට් එකක. බබා හෙට ෆිල්ම් එහෙකට යං 10.30 ඕකේ   ඔයා ටෙන් ඕ ක්ලොක් එන්න ලිබර්ටි එකට  ඉබ්බා දියේ දාන්න ඇහුවාම ඇන්නෑවෙ කිව්වළු. දැං ඉතිං මයිනා  එක එක සිහින දැක දැක රෑ පහන් කරා. උදේ ඉතිං නලා එයා දිපු
ඩෙනිමයි එයා දීපු ටි එකයි ඇඳලා එයා දීපු ෆර්ෆියුම් එකත් නාලා සුවඳ විහදුවාගෙන ලිබර්ටි එක ළඟට. එයත් ආවා මෙයත් ගියා තුරැළු වෙලා බැලකනි එකේ කොනේ ෂීට් එකක. නයි කයිද රෝස්  පාං කිව්වලු.

මයිනා නිමල් අයියගෙ උපදෙස් පිළිපදිමින් කිව්වා තඩි බොරැවක්.

මයිනා -  මට ඉක්මනට යන්න ඕනේ අද ගාල්ලෙ යන්න වෙනවා අපේ
ආත්තම්මා හොසපිටල් නවත්තලා ඔයාට පොරොන්දු උණු නිසාමයි
ආවේ

එයා - සොරි බබා එහෙනම් ඔයා යන්න පව් බාබා ඔයාගෙ ග්‍රැනී   ලයිට් නිවුනා තිරය ඇරැනා ඉංග්‍රිසි ෆිල්ම් එකක් පටන් ගත්තා. දැං ඉතිං එහෙ ඒ ෆිල්ම් එක යනව බැල්කනියෙ එවුන් වෙන වෙන ෆිල්ම් පටන් ගත්තා.  මයිනා එක්ක ගියපු එකටත් පට්ට හදිස්සිය එයත් ෆිල්ම් එකක් පටන් ගත්තා මයිනාගෙ පුර්ණ අනුග්‍රහය යටතෙ. එයාට පොප්සිකල් ඕන උනා එයා පොපිසිකල්කනවා. අතරෙ මයිනත් අරහෙ මෙහෙ අත දානවා. �������������� කියන්න කුජිතයි ශෝකයි දුකයි මිත්‍රවරැණි. මයිනට අහු උනා මයිනගෙ ජාතියෙම කොච්චි කරලක් විතර කුඩා ප්‍රමාණයෙ එකක්.


������������ මයිනට හෝල් එකෙන් පැනලා දුවන්න හිතයි ඒත්
මොනවා කරන්නද මම අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා.
රැවටුනු තරම් ඔබ හින්දා මං. ඇයි දෙයියො දුවන්න ගිහින් අරැ
බාගයක් කඩලා ගත්තොත් පරම්පාරවම අහාවරයි නොවෑ. මොකෝ
කඩේකින් ගන්න කියලැයි.  හම්මෙ බෙල් වැදුනා ලයිට් වැටුනා
ඉන්ටවල් කිව්වා.  දැං මයිනට යන්න හදිස්සිය.  අර සමයම
අතාරින්න සුදානමක් නෑ.  හම්මෙ මිය පරළොව ගියපු ආත්තම්මා
ඉස්පිරිතාලේ කියාපු බොරැව පිටින් දාගෙන මයිනා මාරැ.
  බබා මේක තියා ගන්න ඔයා ඒ.සි. එකක යන්න හරිද”   නොර්මල් බස්වල යන්න එපා හරිද”
රැපියල් 3000කුත් දුන්නා.
මයිනා ගියා ඤාති ගෙදරට ගත්තා ඇඳුම් ටිකයි අනිත් අඩුම කුඩුමයි
ජොබුත් එපා කොළඹත් එපා කියලා කෙලින්ම ගෙදර. ආයෙමත්
සුපුරැදු නසරාණි වැඩ සමග ගමේ එවුන් එක්ක. හැබැයි පුතෝ
ජොබ් එක දමල ගහල ආපු හේතුව නම් කිසිවෙකුට කිව්වෙ නැත.
මැදෑ මයිනට උනු සංගෑඳිය ලව් කරන්න ගිහිල්ලා. එහෙම නම්

ලව් කරන්න පෙර හොඳින් අත ගා පරික්ෂා කර බලනු......... 
ගිහින් එන්නම් හොඳේ......



6 comments:

  1. කියවන්ඩ බෑ උක්තෝ තෝ මොකද අකුරු පොඩි කලේ

    ReplyDelete
  2. හේතුව ඔකයි එහෙනම් තනිකඩ කමට....

    ReplyDelete
    Replies
    1. කුප්ප කතා කියන්න එපා යකෝ ලැජ්ජා බයට හැදුනු දරු පැටවු අපි

      Delete
  3. හුකනව පුන් සදේ

    ReplyDelete
  4. හැක්.. හැක්.. මදෑ මයිනෙක් කොළඹ ගිහිල්ල වෙච්ච සංගෙදිය.

    ReplyDelete