මයිනාගෙ කථා....5 .... පහෙ ටොෆිය
ඒ කාලේ මයිනා ගොබිලා ගැටයා කාලේ... ඌගෙ පුංචි සංදියෙ තිබ්බා සුපිරි ටොෆි වර්ග. "ඩෙල්ටා" කිරි රසට, "හැක්ස්" උගුර කූල් වෙන රස, බංටි විවිධ රස අඹ - දොඩම් - ස්ටෝබෙරි වගෙ, "මයි ලේඩි" වටේ මින්ට් රස මැද චොකලට්. ඒ කාලේ ටොෆි කොල එකතු කරන එකත් කරා.. ඒකත් මාර ආතල්. මුළු හික්කඩුව ටවුන් එකේම තිබුනු ටොෆි කොල එකතු කරා. අප්පුච්චාගෙන් ගුටි කාපු තරම නම් මොකට කියනවද. කිලෝමිටර් 3-4ක් පයින්ම ටවුමට ඇවිත් ටොපි කොල එකතු කිරිම අනතුරුදායක බව තමයි අම්මා කිව්වෙ. ලොරියකට හරි බස් එකකට හරි අඩයක් තියයි කියන එක තමා හේතුව. බංටි ටොෆිය කාලා කොලේ ඇදීමත් කළා. ඒකත් වෙනම ආතල් එකක්.
වයසින් වැඩි වෙද්දි ටොපියත් වෙනස් උනා. ඩෙල්ටා බංටි මයිලේඩි කෑම වෙනුවට සමහර උන් වෙනත් ටොෆි කෑමටත් පුරැදු උනා. මයිනා ඇතුළු පිරිස නරක පුරුදු නම් පුරුදු උනේ නෑ. ඒත් බොහෝ දේවල් අත්හදා බැලීම නම් කරා. මත් කුඩු මහපරිමාණ වශයෙන් වෙළඳාම් උනු තොටගමුවෙ සහ ඒ අවට තරුණ පිරිස් මත්කුඩු ඉරිම නිසා විනාශ උනු අයුරු මයිනා ඉතා හොඳින්ම දැක්කා.
මයිනගෙ සෙට් එකේ හිටියා එක වලත්තයෙක්.. මූ ගේන යෝජනා හරිම අනතුරුදායකයි. එදා යෝජනාව පහේ ටොෆියක් කෑම. ඒ කෑමේ අතුරු ප්‍රතිඵල නම් දැනගෙන හිටියෙ නෑ.
නාහල්ලේ ශ්‍රීමත් මදන මෝදකය: වරකට ගම්මිරිස් ඇටයක ප්‍රමාණය ගෙන එළකිරි සමග පාවිච්චි කරනු.
ගුණ: ප්‍රබල වාජිකරන ඖෂධයකි. ලිංගික බෙළහීනතාවය දුරලයි, කෑම රුචිය ඇති කරයි, වාත වේදනා දුරලයි සහ තවත් බොහෝ දෑ.........
අපේ ගම් හතේ කඩේකින් ගත්තා කියන්නෙ ඉතිං දෙවියන්ගෙම පිහිට තමයි. ඊළඟ දවසෙ හොට් නිව්ස් එක ඒක. අනේ ඉතිං බයිසිකල් 4ක නැගි අට දෙනෙක් ගෝනපිනුවලට ගියා කිහාංකෝ පහේ ටොෆි ගේන්න. ගමට හොරා සැමට හොරා රැපියල් 5ට තිබු ඒඅනර්ඝ ටොෆිය කෑමට දැන් සූදානම. කෝකටත් ගම් තුලානට ගිහින්ම කමු කිව්වෙ අතුරු ආබාදයක් ආවොත් කව්රැ හරි එකෙක් උස්සන් ගිහින් ගෙදරට දාවිනේ කියලා.
අපතයො අට දෙනාම ටොෆි කටේ දා ගන්නයි හදන්නෙ කොලේ කැඩුවා. නහයට ඉව කරලා බැළුවා. ඒ ආපු වහුතු සුවඳට මයිනාගෙ ටොෆියත් වෙන එකෙකුට දුන්නා. අන්තිමේ ටොෆි කෑවෙ තුන් දෙනයි. අරුන් තුන්දෙනාගෙන් එකෙක් ටොෆි දෙකක් කෑවා, අනිත් එවුන් දෙන්නා එක බැගින්. වෙලාව රාත්‍රි 7.30 පසුවෙලා. හොඳින් හිටපු එවුන් ගිහින් අර නස්කූනි තුන්දෙනා ගෙවල්වලට ඇරලුවා.
එක බැගින් කාපු එවුන්ගෙන් එකෙක් කෑම කා අපතයා පොලවෙ ගැහුවා වගෙ නිදි. අනිකා බිත්තියෙ පැදුරක් එළමින් රෑ දෙක වෙනකම් දාපු විගඩමට අම්මා තාත්තා ඇතුළු පිරිස මූට නොකරපු වෙදකමක් නෑ. රෑ 1ට විතර අම්මා නැගිටලා බලද්දි මූ පැදුරක් අරන් බිත්තියෙ එළනවලු. පැදුර වැටෙනවා.. ආයෙත් එළනවා.. මෙලෙසයි ඒ ප්‍රතිචාර. ටොෆි දෙකක් කාපු එකා ගෙදර ගිහින් තාත්තා බල බල හිටපු ටි.වි. එක වහලා හිනා වෙවි ටි.වි. එක දිහා බලන් ඉන්නවලු. අනේ ඉතිං ඌගෙ අප්පා හෙණ මුළග්ගිනිකාරයා කුරුඳු දරයක් අරන් කැඩෙනකම් ගහලා ඒත් හිනා වෙනවලු. ඌටත් පිස්සු කියලා ඉස්පිරිතාලේ අරන් යන්න සුදානම.
උගෙ අයියා දන්නවා කරන දේවල් ඔක්කොම කරන්නෙ වසවර්තියො එකතු වෙලා කියල. ඒක නිසා රෑ 12ට විතර මයිනගෙ ගෙදර ආවා. මල්ලිට යකෙක් ගහලා වරෙන් ගුරෙක් හොයන් යන්න කියලා. අනේ ඉතිං මේ අහිංසක මයිනා ගෙදර ඉඳන් කිලෝමිටරයක් විතර දුර එක්කන් ආපු අර පෝරිසාදයා දුන්නෙ නැතා කණ හරහ පාරවල් තුනක් විතර. අනේ ඉතිං අරැ මොනවදෝ අහනවා කට හෙළවෙනවා විතරයි ලයිට් එළියෙන් පේන්නෙ.. සවුන්ඩ් නෑ. මයිනගෙ කණ කූං..... ගාලා සද්දයක් එනවා. අසරණ මයිනා බිම ඉඳගෙන බලන් ඉන්නව.
දෙවියන් අපගෙ මූණ බැළුවා වගෙ මයිනගෙ බාප්පෙක් ඉන්නවා කොළඹ ගිහින් එනවා. ගාළු පාරෙන් බස් එකෙන් බැහැලා පයින් එනව පාර දිගේ. ලයිට් කණුවක් යට අසරණ වෙලා හිටපු මයිනා දැකපු බාප්පා අහපි "මොකෑ පුතේ ඔතන" කියලා. අනේ අර පුපුරු ගහපු කම්මුලෙන් සහ රිදුම් දෙන කන් අඩියෙන් බාප්පගෙ වදන් ඇහෙද්දි දැනුනු සැනසීමක්.
"බාප්පේ මූ මට කණට ගැහුව්වා" කියද්දි. ලේ නෑකම සහ බප්පගෙ චන්ඩිකම පැන්නා එළියට. මගෙ තාත්තාගෙ පරම්පරාව යනු උපන්ගෙයි චණ්ඩින් බව පවසුනු කැමැත්තෙමි. "තොගෙ අම්මට" සහ තවත් බොහො දෑ සමග අරැට දුන්නු පයින් පහරට
"අනේ අයියෙ අපේ මල්ලිට පිස්සු හැදිලා... මුං එකටම ඉන්න එවුන්නෙ.. මොනව හරි හංගනවා" කියපි.
බාප්පා ඇහුවා "මොකද පුතේ උනේ". අනේ ඉතිං මොනව කරන්නද පාවා දීම හැර. "බාප්පෙ කවුද ඒකට ටොෆි වගයක් දීලා ඌ ඒවා කෑවා. අපිටත් දුන්නා අපි එපා කිව්වා. ඌ තනියෙන්ම කෑවා". දැන් හරිනේ තෝ පළ කියලා අරූව එළවපු බාප්පා මාවත් ගිනිහින් එහෙ නිදි කෙරෙව්වා.
පසුදා උදෑසණ අනේ ඉතිං මයිනගෙ එක කම්මුලක අරූගෙ ඇඟිලි 5. දැන් මොකෑ කරන්නෙ. ගෙදර යන්න බෑ අවුල්නෙ. බාප්පටම කිව්වා ෂේප් එකේ අද මෙහෙ ඉන්නම් කියලා. උදේ අම්මා පාන් ගේන්න කඩේ ආවම බාලම්මා අම්මට කියලා ලොකු කොල්ලා අපේ ගෙදර හිටියෙ ඊයෙ රෑ කියලා. ඒක නිසා යංතං ෂේප්. තාත්තා ආවමත් බාප්පා කිව්වා රෑ මම එද්දි පාරෙ හම්බ වුනා මම නවත්ත ගත්තා කියලා.
එදා මෙදාතුර පහේ ටොෆි දෙස නොබලමි. මගෙ බාප්පා නම් අදත් ජීවිතේ බොහො ප්‍රශ්ණ වලදි මා වෙනුවෙන් පෙනි සිටිනවා. හැබැයි ඉතිං කරපු නසරාණි වැඩ නම් නැවැත්තුවෙ නෑ...... එන්නම් ඇං.....
පහෙ ටොෆියක් එහෙම කාපල්ලා හොඳ වාජිකරණ ඖෂධයක්... ගෑණු පරාණ එහෙම ඕවා කනවා නොවෙයි තොපිට හොඳ නෑ.....