Monday 20 April 2020

#මයිනාගෙකතා... 82... දානෙ ගෙදර

#මයිනාගෙකතා... 82... දානෙ ගෙදර...

                         දන්නව නේ, කොල්ලන්ට කොළු කාලේ හරියට වැඩ නෙ. "බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ" කිව්වෙ ඔන්න ඔය කාළවකවානුවට තමා. අතන මෙතන කොතන උනත් තියෙන දානෙට, මගුළට, පිරිතට, මළගමට ආදි වශයෙන් ඔය කොයි තැනත් කොල්ලො පෙනි ඉන්නව. දන්න - නොදන්න, ඥාති - නොඥාති, මිතුරු - සතුරු.... සියළු දෙනාගෙම පොදු වැඩවලට කොල්ලො බොක්කෙං වැඩ. මළගෙයක් නම් ඒ ගෙදර සමග තියෙන සම්බන්ධතාවය අනුව තමයි එතන රැඳෙන කාළය ගණනය වෙන්නෙ. හත් දවසම ඇදපු මළගෙවලුත් නැතුවම නොවෙයි.

                 මයිනා සහ අපත නඩේ කියලත් වැඩි වෙනසක් නෑ, පොදු වැඩ සහ පොදු ක්‍රියාකාරකම්වලදි ඉදිරියෙන්ම හිටියා. ගමේද පිට ගමකද කියලා වෙනසක් නැතුව කොතනටත් උපරිමයෙන් සහය දුන්නා. ඕං ඉතිං එක දවසක මයිනලට සෙට් උනා දානෙ ගෙදරක යන්න ඇල්පිටිය දිහවේ, කට්ටගෙ පුංචි අම්මගෙ ගෙදර. කට්ටගෙ පුංචි අම්මා කියන්නෙ අපෙත් පුංචි අම්මා වගෙ නිසා අපතයන් රැළ ඒ දානමය පුණ්‍ය කටයුත්තට සහබාගි වෙන්න තීරණය කලා.  කට්ටගෙ පුංචි අම්මට තමංගෙ පරපුරෙ එවුංගෙ පිරිස් බළය වැඩිපුර පෙන්නන්න ඕන නිසා හැම එකාටම එන්න කියන පණිවිඩේත් ලැබුනා.   අපරාදේ කියන්න බෑ දානෙට කලින් දවසෙ උදේම කට්ටියම ඇල්පිටි යන්න කියලා සූදානම් වෙලා ගාළු පාරට ආවමයි දැක්කෙ ගමෙං බාගයක් එතන.  අපරාදේ කියන්න බෑ ඉතිං දන්නව නෙ කටවල් වල හැටි.  එන එන බස් එකේ ඉඩ ඇති හැටියට කොහොම කොහොම හරි කට්ටියම අම්බළන්ගොඩට සේන්දු උනා.  ඊළඟට තියෙන ඇල්පිටි බස් එක කිව් එකට එන්නත් කලින් අර තොටගමු සෙනඟ බස් එකට නැගිපි.  අපරාදේ කියන්න බෑ තව ඇඟිල්ලක් ගසන්න ඉඩ නැත.  ඩ්‍රයිවර්ටයි කොන්දටයි කිව්වා හැමොම ඇලිපිටියට යන්නෙ දැං යමං මොන කිව්ද මොන ටර්නද කියලා.  ඩැයිවරයගෙ සීට් එක යංතං ඉතුරු වෙලා තිබ්බා. ඒකට ඌ ගොඩ උනා ඩෑස් බෝඩ් එක උඩිං කොන්දවත් වාඩි කරං එක පිම්මෙ ඇල්පිටියට.  කොන්දා ඇලිපිටියෙන් බැහැලා ඉස්සරහා දොරෙන් හැමෝම බැහැපල්ලා කියලා ටිකට්වල සල්ලි ගත්තා.

                     කට්ටිය 70ක් විතර මහ පෙරහැරක් වගෙ පුංචිගෙ ගෙදරට.  ටින්, බෙලේක්ක, හට්ටි, මුට්ටි, බාස්කට් එක්ක සෙට් එක කඩං පත් උනා.  ළමා, තරුණ, මහළු ගැහැණු, පිරිමි වශයෙන් හැම එකාමත් හිටියා.  ඒ මහ පිරිස දැකලා අති උනු බයට බාප්පට සිහි නැතුව ගියා, පුංචි ප්‍රීතියෙන් පිනා ගියා.  පළමුව තේ පැන් සංග්‍රහය... දුන්නා සෙට් එකම මෙසෙත් සුද්දයි කෑමත් සුද්දයි ගෙදර හිටපු අනික් ඈයො තූෂ්නිම්භූත වෙලා ගියා.  උස්සං අපු හට්ටි මුට්ටිවල බළ මාළු, බටු මෝජු, සුදූළුණූ වෑංජන, අච්චාරු සහ විවිධ වර්ගවල කැවිළි.  ඒවා දැකලා බාප්පා නැවත පියවි සිහියට ආවා.  ඇයි යකෝ දානෙට උවමනා සේරම බඩු තොටගමුවේ ඈයෝ අරං ඇවිත් නෙව.  පිරිසක් ඇළට නාගන්න ගියා, පිරිසක් ළිඳට නාගන්න ගියා, තව පිරිසක් අරං ආපු බෝතල් සමග සප්පායං වෙන්න ගියා, බොහොම සුළු පිරිසක් දානේ ඉදිරි වැඩ ගැන සාකච්චා කරන්න ගියා.





                              ඉනපසු එළඹි දවල් කෑම වේලාව.... ආයෙමත් හැන්දෑව ගැන ෂුවර් නැති උන් දීලා ඇරියා බඩේ හතර මුල්ල ඇදෙන්න. අපරාදේ කියන්න බෑ දෙවනි පාරටත් ආං අර බාප්පට සිහිමුර්ජා උනා. කාලා ඉවර වෙලා පැයක් ගිය තැන රාහුළ හාමුදුරුවො බැඳං වැඩ ගත්ත යක්කු ගාණට තොටගමුවෙ එවුං වැඩ.  වත්ත සුද්ද කිරිමේ සිට ළුණු සුද්ද කිරිම දක්වා සියළු වැඩ අපේ එවුං අතට පත් වෙද්දි, එගම පුරවැසි සහ බාප්පාගෙ ඥාති හිතවත් සියල්ලම පැත්තකට වීසි උනා. හවස් වෙද්දි හයි කරපු තහඩු ටෙන්ට් එකේ දැහැත් විඩ සෑදිම සහ වෙනත් පිරිකර සූදානම් වීමත් සිද්ද උනා.  වටේ පිටේ ඇහැට කණට පේන නොපෙනෙන සියළුම ගවුම් කෑලි දානෙ ගෙදර දිහවට, අපේ හාදයො දෙපැත්තෙන් පෙර පෙර පැණි හළනව.   ගමත් එකයි කොහෙත් එකයි න්‍යායෙන් ගමේකම මතුවෙලා එද්දි ආයේ පිට කියලා නෑ ආමන්ත්‍රණය හුයන්නෙන්.  ඒ වගෙම ගමේකමට කටට හුරු පුරුදු නම්වලින්.  සැන්ඳෑ අඳුර ලොව ගළන වෙලාවේ අපේ කටාට වැසිකිළි යෑමේ උවමනාවක් ආවා.   කටා ගෙට මීටර් 20ක් විතර ඈතින් තියෙන වැසිකිළියට.


                                පෙර පුරුද්දට මු ඇඳන් හිටපු ජොකයි ෂෝටයි වැසිකිළි කවුළුව උඩින් තිබ්බා.  සාං.. ගාලා එතනට ගිය එකෙක් අරුගෙ ෂෝටයි ජොකයි ඉස්සුවා.   කටා ලෝඩ් එක බාලා ඇතුලෙ ඉඳන් වස්තරා ඉල්ලනව කරුණාවෙන්.  කට්ටිය ශබ්ද නැත.  දෙවනි පාර රළු බසින් ඊට පසු සුපුරුදු වාග් මාලාවෙන්.   ඇඳුං ගනිපු එකාගෙ අම්මා තාත්තා සහවාස වෙච්චි තැන ඉඳලා වදලා ලොකු මහත් කරපු හැටි සහ මේ මොහොතවන විට බල්ලෙකුත් කෙළපු කතාවක් වෙනකං කටා කියාපි.  දානේ ගෙදර ආපු එගම වැසි කන්තාවන් කන්වල ඇඟිළි ගහගෙන, වැඩිහිටි මාමාලා තූෂ්ණීම්භූත වෙලා, කෙල්ලො ගෙවල්වල දුවලා.   ඕං ඔය වෙලාවේ ආපු ලෑන්ඩ්මාස්ටරයක් පන්සලෙන් පිඟන්, කෝප්ප, පැදුරු, පඩික්කං ආදිය අරන් එන්න යං කියලා කතා කලා.   වල් වළත්ත නසරාණි සෙට් එකෙන් බාගයක් අර ලෑන්ඩ්මාස්ටරේට නැග්ගා.   එක නසරාණියෙක් කටාගෙ ෂෝටයි ජොකයි ලෑන්ඩ්මාස්ටරේට දාගෙන පන්සලට අරන් ගිහින්.  මළ පැනපු කටා "තොපිට මගෙ ප## බලන්න නේ ඕනේ කියාගෙන ලැට් එකෙ දොරත් ඇරන් එළියට ආපි.  ඇස් වසාගත් ගෑනු, බිම බලාගත් පිරිමි, ක්ලාන්තෙ දාපු ආච්චිලා, හූ තියපු කොල්ලො මැද නැවත අරුට මතක් උනා මේ ගෙදර නෙවෙයි කියලා.  කටා නැවත අසුරු සැනින් වැසිකිළියට, ඒ වෙද්දි සියල්ල සිදුවී හමාරයි.   කට්ටගෙ පුංචි අම්මා සිහි නැතුව වැටිලා.   තවත් පැය බාගෙකට පස්සෙ ආපු ලෑන්ඩ්මාස්ටරෙ තිබුනු ජොකයි ෂෝටයි වැසිකිළි කවුළුව උඩට.   වස්තරා ඇන්ඳට ඒ වෙද්දි කටාගෙ ආත්මේම නිර්වස්තරා වෙලා ආහවරයි.   ලැට් එකෙන් එළියට ආපු කටා විළිලැජ්ජාව මැද ඇඳුම් බෑග් එකත් අරං දානේ පැත්තක තියෙද්දි ගෙදර ගියා.  යන්න කළිං ලැජ්ජාව දෙපිටිං යන්න කියලා "තොපි ගස් කැ%යො එකාට එකාට පොළු පාර ගානෙ දෙනවා වරෙව්කො හෙට ගෙවල්වලට" කියාගෙනම ගියා. "කටා ඇල්පිටි යමුද" ඇහුව්ව නං ඉතිං කටාගෙන් අහගන්න තිබුනා හොඳ හොඳ වචන ටිකක්. එන්නං ඈ.......
___මයිනා___

#මයිනාගෙකතා... 81... ගම හරහ

#මයිනාගෙකතා... 81... ගම හරහ...

                                               කාලෙන් කාලෙට එන එක එක ක්‍රිඩා තියෙනව නෙව. ක්‍රිකට්, වොළි බෝල් ඔය අතරින් පළමු තැන ඉන්නව. අවශේෂ ක්‍රිඩා අතරේ එල්ලෙ, චක්ගුඩු වගෙ ඒවා තමයි ඉස්සරහින්ම ඉන්නෙ. ඒ වගෙම මළළ ක්‍රිඩාත් සමහර එවුංගෙ ඇඟවල් ඇතුළට බැහැලා ඒ අංශෙනුත් ඉදිරියට යන එවුං ඉන්නව.

ඉතිහස කතා පෙරලගෙන යද්දි මළළ ක්‍රිඩා අංශයෙන් කප් ගහපු නම තියපු එවුං එමටයි නෙව. කාල් ලුවිස්, හුසේන් බෝලට් වගෙ එවුං තමා මේ කාලේ ලෝක මට්ටමෙ ඔය නම තියං ඉන්නෙ. ලංකාවෙ ඉස්සර හිටියා මැරතන් කරූ සහ තිලකරත්න. ලංකාවේ නම මුලින්ම ඔය අංශෙන් ලෝකෙට ගෙන ගියපු පොරක් තමා ඩනකන් වයිට් කියන්නෙ . ඒ වගෙම තමයි ලෝකේ විශිෂ්ඨතම පරාජිතයා වශයෙන් හඳුන්වනු ලබන කරුණානන්ද ලංකාවේ නම ජපන් පාසල් පෙළ පොතටත් දා ගත්තා. ඒ ඔහු පරාජිතයෙකු ලෙස නොපසුබට උත්සහය නිසයි.
සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුළවංශ මයිනලගෙ ගැටව් අවදියෙ හිටපු ජනප්‍රියම ක්‍රීඩිකාවො තමා. ඒ කාලේ මයිනලගෙ ගමෙත් හිටියා අයියයි නංගියි දෙන්නෙක්, පැය 24 පුරාම දුවපු එකම කෙරුවට උං දෙන්නා දිනපු තරඟයක් නම් දන්නෙ නෑ. ඔය කෙල්ලට නම් කිව්වෙ මයියොක්කා දර්ශා කියලා, උං කොහෙ ඉන්නවද කියල නම් දන්නෙ නෑ.





එක කාලෙක මයිනටත් හිතුනා මැරතන් කරූ වගෙ වෙන්න. එහෙම හිතලා තනියට තව ගොබිලො දෙන්නෙකුත් ඇදගෙන හැන්දෑවට හැන්දෑවට මයිනා පුහුණුවිම්වල නිරත උනා. තොටගමුවෙ හංදියෙ ඉඳලා කහව හංදියට ගිහින් හැරිලා ඒම තමා කලේ. මයිනා සහ අනිත් උන් දෙන්නා සමග පුහුණුවීම් කරනව පෙරගමන් සයිකල් පසුගමන් සයිකල් සමග අනික් අපතයොත් එනව. ඕං ඔහොම දවස් 10ක් 15ක් ප්‍රැක්ටිස් කරද්දි මයිනලට සහබාගි විය හැකි තරඟයක් පිළිබඳව හෝඩූවාවක් ආවා. මයිනත් මොකද කරේ අනිත් එවුං දෙන්නත් සමග ඒ මහ ගම හරහ දිවිමේ තරඟයට සහබාගි වීමට තීරණය කලා. දින ගෙවි ගියා තරඟය පවත්වන දිනය ආවා මයිනත් අනිත් එවුං දෙන්නව ඇදගෙන ගිහින් තරඟයට සහබාගි උනා. තරඟය ආරම්භ කිරිමට අංක එහෙම ලැබුනා 60ක් විතර පිරිසක් තරඟෙට සහබාගි උනා.


                   ටික වේලාවකට පසු තරඟය අරම්භ කලා මයිනා සහ පිරිස තරඟ බිමේ. මයිනට සහ අනිත් එවුං දෙන්නට වතුර අරං බීම අරං ග්ලූකෝස් අරන් බයිසිකල් පෝළිමකුත් සපෝට් එකට එනව. ඕං ඔහොම දුවගෙන යද්දි සමහර උං අතරමග නවතිනව තව සමහර උං දුවනව. මයිනත් එක්ක ආපු අනිත් උන් දෙන්නත් උංගෙ උපරිම වේගෙන් දුවන්න ගත්තා. මයිනා පහු උනා සපෝට් එකට ආපු එව්වො අරුන් දෙන්නා තරඟෙ දිනවන්න ඕන නිසා මයිනගෙ සහය පැත්තකට දාලා අරුන් එක්කම ඉදිරියට. මයිනා ඉතිං පුළුවන් උපරිමෙන් ඇදගෙන එනව. මග දිගට ඉන්න නරඹන්නො වතුර බකට් එහෙම තියාගෙන ඉඳලා දීලා අරිනවා පෙර වෛර පිරිමන්නැහෙ. එකේක ගහපු වතුර පාරකට ක්‍රීඩකයෙක්ගෙ කණේ වතුර ගිහින් ඌ උඩ පනිනව ඔළුවට ගහ ගන්නව එක විකාරයයි. තව නරඹන්නෙක් ගහපු වතුර එක සමග පනිට්ටුව පැමිණීම නිසා තවත් ක්‍රීඩකයෙක් ලේ පෙරාගෙන. මේ සියල්ල දැක දැක මයිනා තරඟයෙ. ඕං ඉතිං මයිනගෙ කරුමේ සෙට් වෙච්ච තැනකදි එක නරඹන්නෙක් දීලා ඇරියා මයිනටත් වතුර එකක්. කියන්න අජූතයි පිංවතුනි, තුං නොදකිං ඒ වතුර එක මූ පොල් ලෙලි පල් කරන වළක වතුර එකක් ගහලා තියෙන්නෙ. ගන්දස්කාරේ බෑ මදුරු පණුවොයි ඉස්ගෙඩියි හිට ඇඟෙ කටට ගියපු වතුර වලට තෑහ් තූ තූ... තමා. "හිටපිය කැ@යා තොගෙ අම්මට #කවලා ගන්නෙ" කියලා මයිනා අරු එක්ක වළිය ඇද්දා. මයිනා තනියෙං හිංදා ගේම ඉල්ලුවට වැඩක් නෑ "හිටපං රේස් එක ඉවර වෙලා එන්නං" කියලා මයිනා දුවනව ආයෙමත්.  සපොට් එකට ආපු බයිසිකලයක් ආයෙමත් ඇවිත් මයිනා නැතුවට බලන්න. මයිනගෙ ළඟ පට්ට ගඳයි ඉස්ගෙඩිත් ඇඟෙ.

                 ආපු එකාට විස්තරෙ කියන ගමන් මයිනා රේස් එකේ පස්ස බැළුවම එකෙක් ළඟ ළඟම එනව ඇඟෙ ඉතිරි සියළූ වෙර වීරිය අරං මයිනා තරඟය නිමා කලා.      කියන්න සංතෝෂයි මිත්‍රවරුණි අර පස්සෙන් ආපු එකා අන්තිමයා.   ඊට කලින් ආපු මයිනා අන්තිමයට කලින් එකා.   තරඟය නිමා කළ පිරිස 38යි මයිනා 37 වෙනියා. මයිනගෙ අපතයො දෙන්නා 3 වෙනියා සහ 7 වෙනියා වෙලා තිබුනා. සියළුම අපතයන් මයිනට මඩ වතුර ගහපු එකා හොයන්න පිටත් උනා.  15ක පමණ පිරිසක් මඩ වතුර ගහපු එකා හොයන්න උගෙ ගමට.   යද්දි ඌ කුරුඳු වගයක් පටවන්න ලෑන්ඩ් මාස්ටරෙන් ගිහිල්ලා.   අර කුරුඳු පටවන්න ගියපු තැනට ගිහින් අරූව අල්ල ගත්තා,  අරන් ආවා දෙකක් දීලා ඊට මෙහා තිබුනු පල් වෙච්ච පාළු ළිඳක් ළඟට.  අර ළිඳෙන් වතුර බාස්කට් එකක් අරන් බාගෙකින් අරූව නෑව්වා ඉතිරි බාගෙ බීපිය කියලා අරූටම දුන්නා.   අරූ දැන් නොඳිනා වැඳුං වඳිනව සමාව ඉල්ල ඉල්ල.   කුරුඳු පටවන්න ආපු එකා නැතුවට කුරුඳු වත්ත අයිති එකා හොයාගෙන එද්දි පාළු ළිඳ ලඟ අරූව දණ ගස්සලා පල් වතුර පොවන්න හදනව.   සිද්ධියෙ අග මුළ නොදන්න කුරුඳු අයිතිකාර එකා ගේම ඉල්ලුව. වළිය වෙනතකට කට්ටියම සෙට් වෙලා කුරුඳු අයිති එකාට දෙන්න හදද්දි සද්දෙට පාරේ ගිය මාමා කෙනෙක් ආපි.





                 උන්දෑ ආපු හැටියෙ "මොකෑ පුතේ මේ" කියල අහපි.   හුටා උන්දෑ මයිනගෙ අප්පගෙ ළඟම බොක්කක්. කටා කිව්වා සීන් එක මෙහෙම දෙයක් මූ කරා ඒකට පනිෂ්මන්ට එකක් දෙන්න ආවේ.  මේ මාමා අපිත් එක්ක වළියට ආවා දෙන්නටම එකට තියලා දෙන්න හැදුවේ කියල.  ඔන්න ඕක අතෑරලා දාපං පුතේ බල්ලෙක් කෑවට උඹලා බල්ලො කන්න යන්නෑ නේ කියලා මාමා ධර්මෙන්ම වැඩේ ෂේප් කලා. මාමා හින්දා වැඩේ අතෑරලා එන ගමන් එකෙක් ඇරූගෙ ලෑන්ඩ්මාස්ටරේ ස්ටාර්ට් කරන හැඬල් එක අරන් ඇවිල්ලා. මයිනලා ඇවිත් පැයකට විතර පස්සෙ අරු එනව තව ලෑන්ඩ්මාස්ටරයක් තියෙන මාමා කෙනෙකුත් එක්ක.   ඒ ආපු මාමාත් ගමේ බොහොම ගෞරවයට පාත්‍ර උනු කෙනෙක් අරූට මොකවත් කර ගන්න විදියක් නැති උනා ඒක නිසා. "තෝ පරිසම් වෙලා ඉඳපං මේ මාමා නිසා බේරුණා" කියලා හැඬල් එකත් දීලා යැව්වා.   මාස 2කක් විතර ඕකව අල්ලන්න ට්‍රයි කරාට ඌ නොවෙයි අපි යන එන පාරකවත් ගියෙ.   එන්නං ඈ.......
____මයිනා___

Saturday 4 April 2020

මයිනාගෙකතා... 80... වීදී හිඟන්නො

#මයිනාගෙකතා... 80... වීදී හිඟන්නො....

                   මයිනා ගම් තුළානෙන් වීසී වෙලා කොළඹට ගාල් වෙද්දි ගමේ හිටපු අපත රෑණට නොදෙවෙනි රැළකට තමයි සෙට් උනේ. වළස්මුල්ලෙ 6 දෙනෙක්, පොළොන්නරුවෙ එකෙක්, කැබිතිගොල්ලෑවෙ එකෙක්, රාජගිරියෙ රියල්ම අපතයෙක් සහ මයිනා කියන කණ්ඩායම තමා හිටියෙ. වළස්මුල්ලෙ 6 දෙනාගෙන් එකෙක් මේ වෙනකොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත්ව මහ උළු ගෙදර සිටින අතර ඉතිරි 5 දෙනා සමග තවම අතේ දුරින් සබඳතා ඇත. අනිත් උන් තුන් දෙනා කොයි දීපංකරේදැයි නොදන්නා අතර උන් කවදා හරි දවසක මුණ ගැසේවියි සිතමි. එවකට යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය උසස් නිළදාරියෙකුට අයත් නිවසක් අප සැමගෙ නවතැන විය. මයිනා එවකට වෙළඳ දැන්වීම් නිර්මාණය කළ ආයතනයක සේවය කළ අතර ඇතැම්විටක අර නිළදාරියාගෙ වැඩකටයුතු වලටද සහයෝගය ලබා දෙන ලදි.

                    යළට මහට වැඩට යෑම නිසා මයිනාගෙ ජොබ් එක හුටස් වීම නිසා මයිනාද මාළබේ නිවසේ නිත්‍යය සාමාජිකයෙකු බවට පත්විය. පෙර කී නිළදාරියා විසින් පවත්වාගෙන ගිය පෞද්ගළික ආරක්ෂක සේවාවෙන් පඩි ලබා දෙමින් අප 8 දෙනෙකුට විවිධ වැඩ කටයුතු බාර විය. ඒ අතර එතුමාගෙ තනි නොතනියට යෑම අප දෙදෙනෙකුගෙ දෛනික කාර්‍ය්ය විය. කොයි වැඩේ තිබ්බත් හිතුනු ගමන් ට්‍රිප් යෑමට අමතක නොකල අපතයන් නුවරද, මාතරද, අනුරාධපුරේද කියා වෙනසක් තිබුනේද නැත. ඒ සඳහ වෙනමම ගමන් මල්ලක්ද ඩොලැක්කියක්ද තිබුනු අතර කොටුව දුම්රිය ස්තානයෙන් තිබුනු පළමුවන දීර්ඝම දුම්රිය ගමන අපගෙ ට්‍රිප් එක විය. ඩෝලේ පලා ගීත කකා අපි ට්‍රිප් ගියා ඇත්තම කියනව නම් අන්න ඒවයි ට්‍රිප්. පොළොන්නරුවෙ එකාට ඩොලැක්කි වාදනය සම්බන්ධව හසළ දැනුමක්ද මියුරු ගීත ගායන හැකියාවක්ද තිබුනි. විශේෂයෙන්ම පැරණි ගීත ගොන්නක් ඔහු සතුව තිබු බව කිවමනාය. ඒ හා සමානවම වළස්මුල්ලෙ හාදයෙක්ද හරිම අපූරු ගීත සමුදායක අයිතිකාරයෙක් බව කිව යුතුය. උන් දෙන්නා එකතුව අපි අමානන්දයට පත් කළ අවස්ථාද එමටය. විටෙක වටේ පිටේ ප්‍රේක්ෂකයන්ද අමානන්දයට පත්කල අවස්ථාද අපමණය.

                           ඕං ඔහොම දවසක කට්ටියම හිටි ගමන් ට්‍රිපක් සෙට් උනා. කිහිප දෙනෙකුගෙ අතේ මුදලුත් තිබුනෙ නෑ. හැබැයි කැබතිගොල්ලෑවෙ අපතය කිව්වෙ සල්ලි අවුළක් නෑ බං යමල්ලා මොනව හරි කර ගන්න බැරියැ කියලා. එදත් ස්ටේෂන් එකට ගිහින් කැබතිගොල්ලෑවෙ එකා ටිකට් අරං ආවා. "කොහේ බං යන්නෙ" කියලා ඇහුවම "යමං බං කතරගම" කිව්වා. ඕං ඉතිං මාතරට වෙනකං කෝච්චියෙ එතන ඉඳං කතරගමට බස් එකේ. කට්ටියම ඉතිං කතරගම ගියා කාමරයක් අරං එදා රෑ ඒකේ නැවතිලා කතරගම වැඳ පුදාගෙන පහුවදා උදේ කිරි වේහෙරත් වැඳලා සෙල්ලට ගියා. සෙල්ලත් වැඳලා ඇවිත් කට්ටියම දවල් කාලා ඉවර වෙලා බිළ ගෙව්වම ආයෙත් කොළඹ එන්න සල්ලි නැත. ඉතිං මොකෑ කරන්නෙ බස්වල නිකං එක්කං යනව කියලෑ. දැං ඉතිං කට්ටියම කල්පනා කරනව මොකද කරන්නෙ කියලා. වළස්මුල්ලට වෙනකං යන්න තිබුනා නං ඇති බං ගෙදරට ගිහිං සල්ලි අරන් යන්න පුළුවන් අපිට කියලා වළස්මුල්ලෙ සෙට් එක කියනව.



              ඕං අපේ කැබතිගොල්ලෑවේ එකා දුන්නා අයිඩියාව. "සිංදු කියලා ගාණ කපමු" මයිනට සිංදු බැරි නිසා පැත්තකට උනා. වළස්මුල්ලෙ එවුං දෙන්නෙකුත් මයිනා හිටපු තැනට. කැබැතිගොල්ලෑවෙ එකා එහා පැත්තෙ කඩේකට ගිහින් ඉටිකොළ කෑල්ලක් අරන් ආවා. පොළොන්නරුවේ එකා ඩොලැක්කෙත් තියන් ඉටිකොලේ උඩින් වාඩි උනා, පටන් ගත්තා සිංදු කියන්න. වටේ පිටේ හිටපු එකා දෙන්නා කිට්ටු උනා. වැඩේ නැගලා යනව පොලොන්නරුවෙ එකා "පිදුරු සෙවිකළ පැල්පතෙ" සිංදුව කිව්වා අංකල්ලා සෙට් එකක් එතන නැවතිලාම හිටියා. "පුතා තව සැරයක් අරක කියන්නකො" කියලා මාර ඉල්ලීම්. වළස්මුල්ලෙ එකා කිව්වා "ගැල් පුරවා.....ගෙන හනි හනි හනිකට තවලම් අපි යනව" එතන හිටපු 50ක් 60ක් මිනිස්සු "තව පාරක් කියන්න මල්ලි" කියලා ඔය සිංදුව තුන් සැරයක් කිව්වා. ඔය සිංදුවෙ මැද හරි ලස්සන කොටස් ටිකක් එකතු වෙනව ඒවා එහෙම අරූ නළවලා දුන්නෙ. පැය එකහමාරක් ගියෙ නෑ රුපියල් එක්දාස් හයසීය ගාණක් සල්ලි වැටිලා. සියේ පනහයේ ඒවත් තිබුනා ආපරාදේ කියන්න බෑ. පොඩි සල්ලි ටිකත් කඩේකට දීලා මාරු කරගෙන කට්ටියම වළසුමුල්ලට ගිහින් දවස් 2කක් එහෙත් ඉඳලා කොළඹ ආවා.

                           එද්දි කට්ටියම කතා උනේ යකෝ ජොබ් නොකර වීදි හිඟන්නො උනා නම් හොඳයි කියලා. ඊට පස්සෙත් ට්‍රිප් ගියා හැබැයි ආයෙත් වීදී සංගීත සාජ්ජ නම් දැම්මෙ නෑ. අදත් මම ඔය "ගැල් පුරවාගෙන" ගීතයට නම් පට්ටම ආශයි. ඒ වගෙම ඔය සිංදුව "පිදුරු සෙවිකල" "මනමාළ ගිරව්" වගේ ගීත ඇහෙද්දි හිත අතීතෙට පැනලා නවතිනව නිරායාසයෙන්ම. ඒ සියල්ලම අතීතෙට එකතු වෙච්ච තවත් මතක ගොන්නක් බවට පත් කරමින් කාළය වේගයෙන් ඉගිළිලා ගිහින්. එන්නං ඈ.....
___මයිනා____

මයිනාගෙකතා... 79 .... WPC

#මයිනාගෙකතා... 79 .... WPC

                                                                          පහගිය දවස්වල බුකිය පුරා එස්.අයි. නෝනා කෙනෙකුගෙ ෆොටෝවක් කැරකෙනව දැකලයි මේක මතක් උනේ. මුලින්ම කියන්න ඕනේ කතාවක් මම ලංකාවේ දැකපු ලස්සනම පොලිස් නිළඳාරිණිය දැක්කෙ යටියන්තොටදි. 2009 දවසක වෙන්න ඕනේ එතුමිය නම් සැබෑවටම ලස්සනයි, කරවනැල්ල පැත්තට යන්න ගිහින් ආයෙමත් කාර් එක හරවං ආවා. ඊට පස්සෙ ළඟට ගිහින් දෙහිඕවිටට යන්න පාරත් අහගෙන හොඳට මූණ බලාගෙන ආවා. හැබැයි එතන හිටපු දඩ සයිස් සාජන් නෝනා නම් "ඒක පාරක් අහන්න උවමනාවට ආව ගමනක් නෙවෙයි" කියලා කියනව ඇහුනා. මොනව කරන්නද ඉතිං කොළුකම නෙවෑ.......... නේද?.

                                                           මයිනා ගෙන්දගං පොළවට වෙලා වළ බහින කාලේ හිටපු අපත නඩෙත් එක්ක මාළඹේ බත්තරමුල්ල අවට පාත බොහො වෙළාවට ගැවසුනා. ඒ දවස්වල ආරක්ෂක හේතු මත හැමතැනම ඉතිං හමුදා මුර පොළවල්, පොලිස් මාර්ග බාධක. බස් එහෙක ගියත් පයින් ගියත් වෙන වහනෙක ගියත් පරික්ෂා කිරිම්වලට මුහුණ දෙන්න වෙනව සැරින් සැරේට. ඒ වගෙම පාර්ළිමේන්තු දවස්වලට පාරවල් වහලා හිටි ගමං අපේ ඡන්දෙන් පාර්ළිමේන්තු ගියපු එවුං අපට වද දීගෙන පාරෙ යනව. ඕං ඔහොම කතා ගොඩයි. අපේ අපත සෙට් එකේ හිටපු ලොකුම අපතය චමින්ද කියලා කැබතිගොල්ලෑවෙ එකෙක්. සමහර දවසක හැන්දෑවෙ පාර්ළිමේන්තුපාරෙ ඇවිදගෙන යන එන එක සෙට් එකේ එක විනෝදාංශයක් උනා.





                ඕං ඔහොම යන එන වෙළාවක දැකපු පොළිසියෙ අක්කි බබෙකුට චමින්දයගෙ හිත ගිහින්. මූ ඉතිං මේක බලන්න ඕන නිසා ඔය පාර්ළිමේන්තුපාරෙ හක්කලොං කරන්න ගත්තා. දැකිල්ලත් එක්තරා #කිල්ලක් කියන්නැහෙ මූට දවසකට සැරයක් පොළිස් නෝනව දකින්නම ඕනේ. සමහර දවසක ඔය පොලිස් නෝනා ඩියුටි මාරු උනාම මූ දහසක් වැඩ තිබුනත් උදේ වරුවෙ යනව බලලා එන්න. නැත්තං හවස යනව මූ ඔතනින් එහෙට මෙහෙට ගිහිල්ලම ආමි එකටයි පොලිසියටයි මූව හොඳට නෝට්. මු අර පොළිස් නෝනගෙ මූණ බලන් යනව විතරයි නමක් ගමක් වයසක් හො ඉන්න පොළිසියක්වත් දන්නෑ. ඔන්න ඉතිං දවසක අනිත් අපතයො කිව්වා මේ වැඩේ හරි යන්නෑ, "ගිහිල්ලා අහමු කෙලින්ම" කියලා. ඒ දවස් මතක විදියට පාර්ළිමේන්තුව දිගටම රැස් උනු කාළයක් වගෙම කොළඹ බෝම්බයක් පුපුරලා විශේෂ ආරක්ශක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙච්ච දවස් වගයක්.

                                කරුමේ සක්‍රයා ආවත් වළක්වන්න බෑ කියනව නේ. ඔන්න එදා චමියා හැඩ වැඩ වෙලා අනිත් අපතයොත් එක්ක ගියා පොළිස් නෝනා බලන්න. එදා පොළිස් මුර පොළ සහ හමුදා මාර්ග බාදකය ළඟින් එහට මෙහට 3න් 4 සැරයක් ගියා. ආමි එකෙන් කතා කරා කට්ටියටම අයි.ඩි. කාර්ඩ් එහෙම බළලා, චමියව වෙනම ගත්තා. දැන් ප්‍රශ්ණ වැළයි උඹ ඇයි මෙතනින් එහෙට මෙහෙට යන්නෙ. දවස් ගාණක් තෝ දැක්කා ඇත්ත කියපිය තෝ ඔත්තු බළනවද?. මැදෑ කොලා ඕං තව ටිකකින් තරු පටි තියෙන මහත්තයෙකුත් ආවා. ඊළඟ ප්‍රශ්ණ කිරිම ආරම්බ වෙන්නෙ එතරම් හොඳ විදියකට නොවේය කියන එකත් සමහර සෙබළුන්ගෙ අත්වලට ආපු පොළුවලින් ප්‍රත්‍යක්ෂ උනා. ඇට තැලෙන්න ගුටි කනවට වඩා හොඳයි ඇත්ත කියන එක කියල හිතපු මයිනා පැන්නා ඉස්සරහට. "සර්" කියලා අර උසස් නිළධාරියට විස්තරෙ කිව්වා. ආං අර පොලෝසියෙ අයිටම් එකට හිත ගිහින් මූ උදේ හවා ලවක් දෙවක් නැතුව මෙතනින් එහෙට මෙහෙට යන්නෙ. අද අපි ආවේ හිටියොත් නමක් ගමක්වත් දැනගෙන යන්න කියල සර්.

                                ඒක අහපු නිළධාරියටත් හිනා පොළු අතේ තියන් හිටපු ආමි එකේ කොල්ලන්ටත් හිනා. "යකෝ තොට පොළිස් කෑල්ලකටම හිත ගියෙ, ආමි එකෙත් ඉන්නව ඔයිට වැඩියෙ හොඳ කෑලි" කියලා. එතුමා කිව්වා "හෙට හවස හතරට වරෙං විස්තර හොයල දෙන්නම්" කියලා. එතන හිටපු කොප්‍රල් කෙනෙකුට කිව්වා "මේ මල්ලි ආවොත් විස්තර ටික දෙන්න" කියලා. පහුවදා හවස ගියාම අර පොලිස් නිළධාරිණියගෙ විස්තර නම:, ගම: වයස : ආදි වශයෙන් ලියලා. රතු පෑනෙන් තරු ළකුණක් දාලා ලියලා විවහකයි තෙමස් ගැබිණියකි කියලා. එතන වරහන් ඇතුලේ ලියලා කැමතිනම් සැමියාගෙ කැමැත්ත විමසා රැගෙන යන්න කියලා.

                                එදායින් පස්සෙ චමිය නෙවෙයි පාර්ළිමේන්තු පාර පැත්ත පළාතක ගියෙ. අපි නම් සමහර වෙලාවට පොලිස් කාන්තාවක් දැක්කම අහනව "චමීයො තෙමස් ගැබිණියක්ද දන්නෑ" කියලා. ඒ වෙළාවට අරු ඉතිං අපිට ශුද්ද සිංහලෙන් කියලා දෙනව. ආතල්ම වැඩේ උනේ ඔය කතාව අපේ ලොක්කා දැනගෙන චමීයව බයිට් එකට ගනිපු එක. දවසක් ලොක්කා චමීයවයි තව එකෙකුයි දාගෙන වහනේ ගිහින් තියෙනව කොම්පඤ්ඤවීදියෙ තැනකට එතනම තිබුණු පොළිස් බැරියර් එකේ ඉඳලා පොලිස් කාන්තාවක්. අපේ ලොක්කගෙ අයි.ඩි. එක පෙන්නුවම ආමි එක සැළියුට් එහෙම ගහලා ආචාර සමාචාර කරලා තමයි නවතින්නෙ. අපේ ලොක්කා අර පොළිස් කාන්තාවට කතා කරලා ආමි එකෙනුත් සැළයුට් ගැහුව්වා කියන්නෙ කවුරු හරි තදයෙක් කියලා දැනගනිපු පොළිස් කාන්තාව ඇවිත් වහනේ ළඟට.

                               අපේ ලොක්කා ඇහැව්වලු "ඔය ළමයා බැඳළද?" අර wpc කිව්වලු ඇඹරි ඇඹරි "නෑ සර්" කියලා. සර් චමියා පෙන්නලා කිව්වලු "මේ ළමයට මම බඳින්න කෙනෙක් හොයනව ඔයා කැමති නම් කියන්න" කියලා. අර wpc කිව්වලු "මම අම්මිගෙනුයි අප්පච්චිගෙනුයි අහන්න ඕන සර්" කියලා. අපේ චමියා ඉන්නවලු සර්ට පිහි පාරක් දෙන්න තරං කේන්තියෙන්. සර් කිව්වලු "එහෙනං අහලා කියන්නකො" කියලා. එතනින් මිටර් 10ක් එන්න හම්බ වෙලා නෑ චමියට මළ පැනලා "සරුත් මහ #කන වැඩ නේ කරන්නෙ" කියලා යන වහනෙන් පැනලා පාරට යන්න ගිහින්. සර් වහනේ නවත්තලා එළියට බැහැලා කිව්වළු "චමින්ද එහෙනං වැඩේ හරිනේ වෙඩිමට සූදානං වෙමු ඈ" කියලා. අර wpc කට්ට කළු දඩ සයිස් කෙනෙක්ලු, ඔය සීන් එක නිසා මාසයක් විතර චමීයා සර් එක්ක කතා කරෙත් නෑ. එදා මෙදා තුර චමින්දයා නෙවෙයි පොලිස් කාන්තාවක් ඉන්න පැත්ත පලාතක යන්නෙ. අද දවසෙ නම් චමින්දය කොහෙ ඉන්නවද කියලා දන්නෙ නෑ ඒත් අතීත මතක නම් අදත් තනියෙන් ඉන්න වෙලාවටත් මතක් වෙලා හිනා යනව....... එන්නං ඈ......
____මයිනා____