#මයිනාගෙකතා... 80... වීදී හිඟන්නො....
මයිනා ගම් තුළානෙන් වීසී වෙලා කොළඹට ගාල් වෙද්දි ගමේ හිටපු අපත රෑණට නොදෙවෙනි රැළකට තමයි සෙට් උනේ. වළස්මුල්ලෙ 6 දෙනෙක්, පොළොන්නරුවෙ එකෙක්, කැබිතිගොල්ලෑවෙ එකෙක්, රාජගිරියෙ රියල්ම අපතයෙක් සහ මයිනා කියන කණ්ඩායම තමා හිටියෙ. වළස්මුල්ලෙ 6 දෙනාගෙන් එකෙක් මේ වෙනකොට ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත්ව මහ උළු ගෙදර සිටින අතර ඉතිරි 5 දෙනා සමග තවම අතේ දුරින් සබඳතා ඇත. අනිත් උන් තුන් දෙනා කොයි දීපංකරේදැයි නොදන්නා අතර උන් කවදා හරි දවසක මුණ ගැසේවියි සිතමි. එවකට යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය උසස් නිළදාරියෙකුට අයත් නිවසක් අප සැමගෙ නවතැන විය. මයිනා එවකට වෙළඳ දැන්වීම් නිර්මාණය කළ ආයතනයක සේවය කළ අතර ඇතැම්විටක අර නිළදාරියාගෙ වැඩකටයුතු වලටද සහයෝගය ලබා දෙන ලදි.
යළට මහට වැඩට යෑම නිසා මයිනාගෙ ජොබ් එක හුටස් වීම නිසා මයිනාද මාළබේ නිවසේ නිත්‍යය සාමාජිකයෙකු බවට පත්විය. පෙර කී නිළදාරියා විසින් පවත්වාගෙන ගිය පෞද්ගළික ආරක්ෂක සේවාවෙන් පඩි ලබා දෙමින් අප 8 දෙනෙකුට විවිධ වැඩ කටයුතු බාර විය. ඒ අතර එතුමාගෙ තනි නොතනියට යෑම අප දෙදෙනෙකුගෙ දෛනික කාර්‍ය්ය විය. කොයි වැඩේ තිබ්බත් හිතුනු ගමන් ට්‍රිප් යෑමට අමතක නොකල අපතයන් නුවරද, මාතරද, අනුරාධපුරේද කියා වෙනසක් තිබුනේද නැත. ඒ සඳහ වෙනමම ගමන් මල්ලක්ද ඩොලැක්කියක්ද තිබුනු අතර කොටුව දුම්රිය ස්තානයෙන් තිබුනු පළමුවන දීර්ඝම දුම්රිය ගමන අපගෙ ට්‍රිප් එක විය. ඩෝලේ පලා ගීත කකා අපි ට්‍රිප් ගියා ඇත්තම කියනව නම් අන්න ඒවයි ට්‍රිප්. පොළොන්නරුවෙ එකාට ඩොලැක්කි වාදනය සම්බන්ධව හසළ දැනුමක්ද මියුරු ගීත ගායන හැකියාවක්ද තිබුනි. විශේෂයෙන්ම පැරණි ගීත ගොන්නක් ඔහු සතුව තිබු බව කිවමනාය. ඒ හා සමානවම වළස්මුල්ලෙ හාදයෙක්ද හරිම අපූරු ගීත සමුදායක අයිතිකාරයෙක් බව කිව යුතුය. උන් දෙන්නා එකතුව අපි අමානන්දයට පත් කළ අවස්ථාද එමටය. විටෙක වටේ පිටේ ප්‍රේක්ෂකයන්ද අමානන්දයට පත්කල අවස්ථාද අපමණය.
ඕං ඔහොම දවසක කට්ටියම හිටි ගමන් ට්‍රිපක් සෙට් උනා. කිහිප දෙනෙකුගෙ අතේ මුදලුත් තිබුනෙ නෑ. හැබැයි කැබතිගොල්ලෑවෙ අපතය කිව්වෙ සල්ලි අවුළක් නෑ බං යමල්ලා මොනව හරි කර ගන්න බැරියැ කියලා. එදත් ස්ටේෂන් එකට ගිහින් කැබතිගොල්ලෑවෙ එකා ටිකට් අරං ආවා. "කොහේ බං යන්නෙ" කියලා ඇහුවම "යමං බං කතරගම" කිව්වා. ඕං ඉතිං මාතරට වෙනකං කෝච්චියෙ එතන ඉඳං කතරගමට බස් එකේ. කට්ටියම ඉතිං කතරගම ගියා කාමරයක් අරං එදා රෑ ඒකේ නැවතිලා කතරගම වැඳ පුදාගෙන පහුවදා උදේ කිරි වේහෙරත් වැඳලා සෙල්ලට ගියා. සෙල්ලත් වැඳලා ඇවිත් කට්ටියම දවල් කාලා ඉවර වෙලා බිළ ගෙව්වම ආයෙත් කොළඹ එන්න සල්ලි නැත. ඉතිං මොකෑ කරන්නෙ බස්වල නිකං එක්කං යනව කියලෑ. දැං ඉතිං කට්ටියම කල්පනා කරනව මොකද කරන්නෙ කියලා. වළස්මුල්ලට වෙනකං යන්න තිබුනා නං ඇති බං ගෙදරට ගිහිං සල්ලි අරන් යන්න පුළුවන් අපිට කියලා වළස්මුල්ලෙ සෙට් එක කියනව.
ඕං අපේ කැබතිගොල්ලෑවේ එකා දුන්නා අයිඩියාව. "සිංදු කියලා ගාණ කපමු" මයිනට සිංදු බැරි නිසා පැත්තකට උනා. වළස්මුල්ලෙ එවුං දෙන්නෙකුත් මයිනා හිටපු තැනට. කැබැතිගොල්ලෑවෙ එකා එහා පැත්තෙ කඩේකට ගිහින් ඉටිකොළ කෑල්ලක් අරන් ආවා. පොළොන්නරුවේ එකා ඩොලැක්කෙත් තියන් ඉටිකොලේ උඩින් වාඩි උනා, පටන් ගත්තා සිංදු කියන්න. වටේ පිටේ හිටපු එකා දෙන්නා කිට්ටු උනා. වැඩේ නැගලා යනව පොලොන්නරුවෙ එකා "පිදුරු සෙවිකළ පැල්පතෙ" සිංදුව කිව්වා අංකල්ලා සෙට් එකක් එතන නැවතිලාම හිටියා. "පුතා තව සැරයක් අරක කියන්නකො" කියලා මාර ඉල්ලීම්. වළස්මුල්ලෙ එකා කිව්වා "ගැල් පුරවා.....ගෙන හනි හනි හනිකට තවලම් අපි යනව" එතන හිටපු 50ක් 60ක් මිනිස්සු "තව පාරක් කියන්න මල්ලි" කියලා ඔය සිංදුව තුන් සැරයක් කිව්වා. ඔය සිංදුවෙ මැද හරි ලස්සන කොටස් ටිකක් එකතු වෙනව ඒවා එහෙම අරූ නළවලා දුන්නෙ. පැය එකහමාරක් ගියෙ නෑ රුපියල් එක්දාස් හයසීය ගාණක් සල්ලි වැටිලා. සියේ පනහයේ ඒවත් තිබුනා ආපරාදේ කියන්න බෑ. පොඩි සල්ලි ටිකත් කඩේකට දීලා මාරු කරගෙන කට්ටියම වළසුමුල්ලට ගිහින් දවස් 2කක් එහෙත් ඉඳලා කොළඹ ආවා.
එද්දි කට්ටියම කතා උනේ යකෝ ජොබ් නොකර වීදි හිඟන්නො උනා නම් හොඳයි කියලා. ඊට පස්සෙත් ට්‍රිප් ගියා හැබැයි ආයෙත් වීදී සංගීත සාජ්ජ නම් දැම්මෙ නෑ. අදත් මම ඔය "ගැල් පුරවාගෙන" ගීතයට නම් පට්ටම ආශයි. ඒ වගෙම ඔය සිංදුව "පිදුරු සෙවිකල" "මනමාළ ගිරව්" වගේ ගීත ඇහෙද්දි හිත අතීතෙට පැනලා නවතිනව නිරායාසයෙන්ම. ඒ සියල්ලම අතීතෙට එකතු වෙච්ච තවත් මතක ගොන්නක් බවට පත් කරමින් කාළය වේගයෙන් ඉගිළිලා ගිහින්. එන්නං ඈ.....
___මයිනා____

+++++
ReplyDeleteබටහිර රටවල සමහර තරුණ අය මේවගේ විදේශ සංචාරත් කරනවා. ඔවුන්ටම ගැලපෙන්න යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ Working Tourist කියල වීසා එකකුත් තියෙනවා. ඔවුන්ට එදිනෙදා කල හැකි අතේ වැඩ හොයා ගන්න සයිට් වුත් තියෙනවා. ඔවුන් කරන්නේ මාසෙකට දෙකකට ඇවිත් පොඩි ජොබ් කරලා ගානක් හොයාගෙන රට වටේ ඇවිදලා යනවා.
ReplyDeleteeka nam maru
Delete