Friday 17 August 2018

මයිනාගෙ කතා... 23.. චොකලට්...


මයිනාගෙ කතා... (23).. චොකලට්...

                                                                  මයිනගෙ ප්රේම කතාව හැල හැප්පිම් බාදක මැද්දෙන් ඉස්සරහට ඇදිගෙන යනව. සතියකට සැරයක් මයිනගෙ මව්තුමිය ඉතිං කොස්සකින් ඉදළකින් දර පොල්ලකින්  මයිනට  සංග්රහා සත්කාර ලබා දෙනවාමයි.     ඒත් ඉතිං   මයිනා නොවෙයි සැලුනේ.  අපරාදේ කියන්න බෑ අඩුවක් පාඩුවක් නැතුව ගෙදරිනුත් මයිනගෙ කුක්කුඩෝල්ට ඉඳ හිට කොසු පොළු සංග්රහායක් ලැබුනා.

                                                              ඕං ඉතිං එක දවසක ඩබළ හික්කඩුව ස්ටේෂන් එකේ කතා කර කර හිටියා කියලා ආරංචියක් ලැබිලා මයිනාගෙ මව් දේවිය එක මිත්රයෙකුට මයිනාගෙ නිවාස සීමාව තහනම් කලාපයක් කරා. හැබැයි ඉතිං එතුමිය නොදන්න කාරනාව තමයි මයිනාගෙ යාළු මිත් තඩියා මයිනාට ආදරය වෙනුවෙන් බොක්කෙන්ම සපෝර්ට් එක දුන්නු බව. අම්මට රට කේලම් කියන ගමන් මේ ඉබ්බා මයිනට එකෙන්ම උදව් කරා.

                                               මෙහෙම මෙහෙම කාලේ ගෙවෙද්දි කුක්කුඩෝල්ගෙ අප්පා දවසක් මයිනගෙ මව්තුමියත් කේක් ගෙඩිය වගෙ බයිසිකලේ වාඩි කරන් එද්දි මයිනගෙ පියාණන්ගෙ පූටාරය නවත්තලා.

කුක්කුඩෝල්ගෙ අප්පා : - "මේ උඹව හම්බ වෙන්නමයි හිටියෙ, උඹගෙ කොල්ලො දෙන්නගෙන් එකෙක් එනවා මගෙ කෙල්ල පස්සෙන්. ඒක නවත්තන්න කියාපං"

මයිනගෙ පිය රජානෝ :- දැන් කොයි එකාද පස්සෙන් එන්නෙ

කුක්කුඩෝල්ගෙ අප්පා :- කොයි එකාද දන්නෙ  නෑ මට අහුවෙච්ච වෙලාවට මම බලා ගන්නං.

මයිනගෙ පිය රජු :- ලොකු එකාගෙ බෙල්ලෙ සුරයක් තියෙනව, පොඩි එකාගෙ නෑ. අහුවෙච්ච වෙලාවට අල්ල ගනිං කෝ"

                                                  පිය රජු දන්නව පුතණ්ඩියො දෙන්නගෙම තරම එකෙක් ෆේස්ටු ෆේස් ගේම ඉල්ලනව අනිත් එකා කාළ වේළාව බලා නින්ජා ප්රහාරයක් දියත් කරනවා. ඒක නිසා පියාණෝ තුල බියක් නැත.

මයිනගෙ මවු :- ඔව් ඔව් මේ උඹගෙ තේ, පොල්, රබර් වතු දැකලා නල්ල මලේ කුමාරිහාමි අල්ල ගන්නම ඕනේ. අනේ මේ කසිප්පු ගහාලා කාණු පල්ලෙ වැටිලා ඉන්න තෝගෙ දූ ගන්න අපේ එකාට පිස්සු නේ. #@%%^,. %&$#%.. €$&^.. @#%%%#@ උඹළගෙත් හිතේ ඇති ඌව අල්ල ගන්න.

                                                     ඒ සොඳුරැ වාග් මාලාව හමුවේ කුක්කුඩෝල්ගෙ අප්පා ඉතිං කන් දෙකේ ඇඟිලි ගහාගෙන මාරැ. හැබැයි ඉතිං නූළට ගිණි ඇවිළිච්ච තුං හුළස් රතිඤ්ඤාව වගෙ මවු එන්නෙ මයිනා ඉස්රහා පුපුරන්න. බව දන්නා ආදරබර පියා මග දිගට නවත්වමින් සියල්ලො සමග කතා බහා කරමින් එතුමාගෙ ආදරණිය පොඩි නැන්දගෙ ගෙට ගොඩ වෙලා බුළත්විටක් එහෙම හපලා වෙලාව පරක්කු කරනවා. නැත්තං ඉතිං මේ ඇවිළිලා ඉන්න තරමට අහිංසක මයිනට වදින වැදිල්ල අප්පුච්චා දන්නවා.

                                                                 කරැමේ ගෙවන්න තියෙන තියෙන වෙලාවට කෝච්චිත් මහ පාරෙ යන්නැහෙ ගොං මයිනත් "පොඩි ආච්චි"  කියාගෙන   ගේට්ටුවෙන්  ඇතුල් උනා.   අනේ ඉතිං සාරියක් පටලන් හිටපු රංජනි අක්කා අසුරැ සැනින් රෙදි වැළ පාත් වෙනවට උස්සලා ගහාලා තිබුනු ගිනීසීරිය ලීය අරන් කකුලට පාගලා කඩලා ගත්තා. පළවෙනි ප්රහාරය පාද හරහා ඉතිරිය ඉතිං ශරිර කූඩුව කියන පිට්ටනිය සිසාරා.

                           අර වයසක පොඩි ආච්චිටයි බාප්පා කෙනෙකුගෙ දුවෙක් ඇවිත් එහෙ හිටියා ඒකිටයි පිං සිද්ධ වෙන්න යංතං නොමැරි බේරැනා. පොඩි ආච්චිටත් මළ ඕවර් ඉතිං දැම්මා සද්දයක්
"
උඹ මේ කොල්ලා මරං කන්නැතුව ඉඳපං රංජනි. බැළුවොත් ඇත්තං මූ මරං කන්න හදන්නෙ"

                                 එදා දවස ආච්චි ළඟට වෙලා ඉඳලා ඊළඟ දවසෙ ගෙදරට පාත් උනා.   ඕං ඉතිං මයිනගෙ  යාළුවො පිරිස හවස්ජාමේ ආවම මවු දේවිය ඉතිං පෙරදා සිද්දිය කියනව.

"
අර කසිප්පුවා ඊයේ ආවා ඌගෙ නල්ල මලේ දුවගෙ පස්සෙන් එන එකා ගැන අහන්න. මම කියලා දුන්නා කනේ ඇඟිළි ගහ ගන්න"   "මං මූ මරණව මට ආරංචි උනොත් එහෙම ආයෙමත්"

     එවා කියලා ඉවර වෙලා සුපුරැදු වැකිය
"
මූ පොඩි එකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරං වටින්නෙ නෑ" ඕං ඔහොමයි මයිනගෙ මවු මයිනට ගෞරව නාම දුන්නෙ.


                                                                මේ කියන දවස්වල වැස්සකට තෙමි අව්වට වේලි නැවත වැස්කට තෙමිම හේතුවෙන් මයිනට උන හැදුනා. මේ උනේ වැඩි වෙලා සන්නිපාත වෙලා මයිනට දවස් 7ක් 8ක් විතර ගෙයින් එළියට බැසිය නොහැකි තත්වයක් උදා උනා. වෙනදා දවසට සැරයක් පේන්න යන ප්රේමවන්ත මයිනා නැති නිසා කුක්කුඩෝල්ට දුක දැනි සංවේගයට පත්ව විස්තර සොයද්දි අපේ අපත නඩේ දීපු තොරතුරැවලට අනුව මයිනා වළ පයයි ගොඩ පයයි. හෙට අනිද්දම මැරෙන සයිස් එකක් තමා තියෙන්නෙ මළ ගෙදරට උවමනා  කරන කටයුතු සූදානම් කරන ගමන් වගෙ තමා අපේ අපතයො ඉඳලා තියෙන්නෙ.

                                                          ඕං මයිනගෙ මල්ලි තඩි චොකලට් ප්රින්ගල් එකකුත් අරන් ගෙට ආවා. මයිනා ඉතිං ඇඟ පත පණ නැතුව සාලේ මැද්දෙ දිග පුටුවෙ පතබෑවිලා ඉන්නවා. මයිනගෙ අතිජාත මිත් තඩියත් ඉන්නවා. අරැ අර චොකලට් එක දිග  ඇරලා හැම දෙනාටම බෙදුවා. තඩියා ඉතිං ඒක කාලා අරැගෙන් ඇහුව්වා

"
කොහෙන්ද බං චොකලට් උඹට"

"
අපේ නෑනා දුන්නා බං අයියා ලෙඩ වෙලා බලන්න එන්න විදියක් නෑනෙ"

                                                                 මවු දේවිය තේ බිබි හිටපු මග් එකෙන් මයිනගෙ ඔළුවට. ලෙඩ වෙලා නැගිට ගන්න බැරැව හිටපු එකාට මග් එකෙන් ගහැව්වාම  හිතා ගන්න පුලුවන් නෙ ගෘහස්ත ප්රචන්ඩත්වයට මයිනා හසු වෙච්ච තරම්.

ලෙඩ සනීප වෙලා කුක්කුඩෝල් බලන්න ගියාම ඇහුව්වා
"
තමුසෙට පිස්සුද අර අපතයා අතට චොකලට් දීලා එව්වෙ"

"
අපෝ ඔයාගෙ යාළුවන්ට දුන්නම එයාලා කනවනෙ. ඒක හින්දා මල්ලිට දුන්නෙ"
"
තමුසෙ මහ මෝඩ අට මගලයක් ඇත්තටම"
අනේ ඉතිං මේ හරකි හුරතල් වෙලා පපුවට ඔළුව තියං කියාපි



"
ඉතිං එයා මගෙ මස්සිනා නේ අයියෙ" කියලා.

කාට කියන්නද ශාන්ත මේවා. තව ඉවර නෑ පස්සෙ කියන්නම්