Saturday 23 February 2019

මයිනාගෙ කතා.. 32 මළ ගෙදර

මයිනාගෙ කතා..32  මළ ගෙදර...

ගොක් කොළයක් කපන තැනක
බෙර පදයක් ඇහෙන තැනක
සුදු කොඩියක් බඳින තැනක
මයිනා ඇත ඕන තැනක.......




                                                      මයිනා ඇතුළූ අපත රැළ නයිටක් නොගහාපු  මළ ගෙදරක් අහාල ගං හතකවත් නෑ. ළඟම හිතවත් ඥාති නම් මැරැණා කියන ආරංචිය ලැබුනු තැන ඉඳලා තුන්මාසේ දානේ  දක්වා ඒ ගෙදරමයි. ළඟම මිත්‍රයෙකුගෙ නම්  මැරිච්ච දවසෙ ඉඳලා හත් දවසේ දානෙ දෙනකම් එතනමයි. දන්න කියන අඳුරණ එකෙකුගෙ නම් මිනිය ගෙදර තියං ඉන්න දවස් 3ම ඒ ගෙදරමයි. මිත්‍රයෙකුගෙ ඥාතියෙකුගෙ නම් හැන්දෑවක ගිහින් කොපි කෝප්පයක් බීලා මාරියක් කාලා ඉන්න කෑල්ලකට සෙවළ පෙර පෙර ඉඳලා එන එක තමා කරන්නෙ.

                                            මයිනා මළ ගෙදරකට සෙට් උනාම ඉතිං දන්න කියන ගැටව්නුයි ගැටිස්සියොයි මයිනා වටේ තමයි. මොකද එළි වෙනකං නිදිමතක් නැතුව ඉන්න පුළුවන්. ඇම්ඩාගෙ කතා ඇතුළු රස කතා, දෙපැත්ත කැපෙන කතා, කුණුහරැප කතා ඇතුළු තවත් දේ. කැරමක්,  ඕමියක් වගෙම නිදි කිරා වැටෙන එවුන්ගෙනුත් ආතල් එකක් අරන් වටේ පිටේ ඉන්න ඈයො සිනා සයුරේ ගිල්ලවන්න මයිනට  තිබ්බෙ සුපිරි හැකියාවක්.

                                                      ඕං ඔහොම ඉඳලා එක දවසක දන්න මිත්‍රයෙකුගෙ ආච්චි මැරිලා නයිටකට සෙට් වෙන්න උනා. අරැගෙ අච්චිගෙ මළගම තිබ්බෙ උගෙ බාප්පගෙ ගෙදර, බාප්පා ජීවත් උනේ වෙන ගමක. මළ ගෙදරට යන්න කලින් මිත්‍රයගෙ අවවාදය "බාප්පා වහ ඇවිළෙන සුළුයි ප්‍රවේශමෙන් හැසිරියල්ලා". එදින සන්ධ්‍යවේ 7 විතර වෙද්දි මළ ගෙදරට සෙට් උනා. මිත්‍රයගෙ නංගි සහ අර බාප්පගෙ දුවත්  මයිනා ඇතුළු නඩේ දැකපු හැටියෙම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිහින් මයිනලට ගරැ සැළකිළි කෝටියයි.

                                    මුළින්ම අතිං අල්ලං එක්කං ගිහිං බයියං කැව්වා, ඊට පස්සෙ කුස්සිය පැත්තෙ තේ කෝපි කෝස් එක යන හරියෙන් වාඩි කරවං එක එක කතා. ඉස්සරහ පැත්තෙ මයිනත් එක්ක අපු අනිත් අපත නඩේ කැරම් බෝඩ් එකක් දෙස කෙළ හල හල බලං ඉන්නවා. වෙලාව රෑ 11ට විතර කිට්ටුයි කැරම් බෝඩ් එකකිං වීසි වෙච්ච තඩියා එකෙක් එක්ක අඳුරැ මුල්ලක කතාව. අර මළ ගෙදර බාප්පගෙ දූ කිව්වා

"ආං ඔයාලගෙ යාළුවා අර පිස්සු කොල්ලා එක්ක ලොකු කතාවක" කියලා.

"පිස්සු මොනවා වෙලාද"

"ඒ ළමයා මන්ද බුද්දික වගෙ ළමයෙක් හරි මෝඩයි අනේ"

"ඇත්තද" කියලා මයිනයි ඉංදික කියලා එකෙකුයි අර මෝඩ කොල්ලා ළඟට කිට්ටු කලා. තඩියා අයෙමත් කැරම් බෝඩ් එකකට යට උනා.

මයිනා-: ඒයි මල්ලි උඹට අර තඩි එකා මොනවද කිව්වෙ

මන්ද බුද්ධික -: ඒවා මේවා කතා කරා එයාලගෙ ගෙදර එන්න කිව්වා.

මයිනා -: උඹ දන්නවද ඔය තඩියා හිරේ ඉඳලා ආවේ.

ම. බුද්ධික -: ඇයි ඒ...

ඉංදිකයා -: පොඩි කොල්ලෙක් දූෂණය කරලා, ඒ ළමයගෙ පුප පැළිලා.

ම. බුද්ධික -: හපෝ එයා එහෙම එක්කෙනෙක්ද

ඉංදික -: නැත්තං පරිසමින් හිටපං හරිද රෑට තෝ උස්සං ගිහින් පුප පළයි

ම.බුද්ධික -: ඔයාල බොරැ කියනව

මයිනා :- අපි බොරැ නං කියන්නෙ ගිහින් අහපං සංජිවයියලගෙ නංගිගෙන්

මන්ද බුද්ධික ගිහින් බාප්පගෙ දූගෙන් ඇහුව්වා.

"අක්කෙ අර මහාත එක්කෙනා පිරිමි ළමයි දූෂණය කරනවද? හිරේ ඉඳලද ආවේ"

මයිනා ඉතිං අතින් සිග්නල් එකක් දුන්නා.
අරකිත් ගජබින්නාලංකාරය අපූරැවට ආලවට්ටං දාලා දෙසා බෑවා. මන්ද බුද්ධික ඉස්සරහ පැත්තටවත් යන්නැතුව අර කෙල්ලො තේ හදන පැත්තට වෙලා ඉන්නවා. රෑ එකට විතර මන්ද බුද්ධික ඇළුමිනියම් පුටු පේළියක් දිගට තියලා ඒක උඩ නිදි. තඩියත් රෑ 2ට විතර කැරම් බෝඩ් බූරෑ කුට්ටං වලට ටටා බායි කියලා කුස්සි පාටියට  සෙට් උනා. මයිනා ඉතිං තඩියට විස්තරේ කිව්වා.

"අපි අරැව බය කරා අරැව ටිකක් බය වද්දපං" කියලා තඩියට කිව්වා.

තඩියා ඉතිං අරැ නිදාගෙන ඉන්න තැනට ගියා. තේ හදන තැන මැරිච්ච උන්දැගෙ ළමයින්ගෙ ළමයිනුයි මැරැණු උන්දැගෙ බාලම දූයි ඒ පවුලේ ඥාති !ෙකල්ලො කිහිප  දෙනෙකුයි තව අයත් එක්ක දොළහක් නැත්තං පහළොවක් විතර කට්ටිය. අර මන්ද බුද්ධිකයව බය කරපු සීන් එක මුන් ඔක්කොම දන්නව. තඩියා අරෑ නිදා ගන්න තැනම පුටුවකින් වාඩි වෙලා. හෙමිහිට අරැ ඇඳං හිටපු කොට කළිසමෙ කකුළ අස්සෙන් අත දාලා. මන්ද බුද්ධික ඇහැරිලා තඩියා දිහා බලලා, තඩියා අරැට කියලා "මල්ලි පුප පොඩ්ඩක් දෙනවකෝ" කියලා.

ආයේ මොනවද මන්ද බුද්ධික බය වෙච්ච පාරට දුන්නා සද්දයක්.

"මෙන්න මට පුපේ අරින්න හදනවෝ"     කියලා. පුටුත් පෙරලං තඩියවත් තල්ලු කරං මන්ද බුද්ධික දුවපි. අර තේ හදන තැන හිටපු නෑම්බියොයි මයිනයි ඉංදිකයයි තඩියයි දැම්මා හිනාවක් මළ ගෙදරම සිනහා සයුරේ  ගිල්වලා. මළ ගෙදර තිබුනු ගෙදර බාප්පට පැන්නා මළ හොඳම එකෙන්. දුන්නා කොස්සක් ගෙනත් උන්දැගෙ දුවටයි නංගිටයි  කොස්ස කැඩෙනකං. මයිනයි තඩියයි ඉංදිකයයි සුං ගාලා මාරැ. නැත්තං අරැ උදැල්ලක් ගෙනත් අපි තුන් දෙනාව වළ දානවා ෂුවර් එකටම. මාස ගානක් යනකං අපිට හිනා වෙච්ච වැඩේට, අර බාප්පගෙ දූට අපිව කොතන දැක්කත් හුචුස් ගාලා හිනා පනීනව. අන්තිමෙ අපේ මිත්‍රයා බාප්පා එක්ක වලිය දාලා තරහා උනා අපි හින්දා, මළ ගෙදරට ආපු යාළුවො එළව ගත්තා කියලා.

මයිනාගෙ කතා.... 31 චිමිනිය

මයිනාගෙ කතා.... 31 ... චිමිනිය...

මයිනගෙ ප්‍රතම ප්‍රේමයට බාධක එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. විශේෂයෙන්ම මයිනගෙ මව් දේවිය තදින්ම විරැද්ධ වීම නිසා ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ඉතිං. කුක්කු ඩෝල්ගෙ අප්පත් හෙණහුරා වගෙ හරහාටම හිටපු නිසා ලව් එක රෝමියෙ ජුලියට් සිද්ධියට සමාන වෙමින් පැවතුනා. මයිනගෙ මල්ලි අපතයත් දුෂ්ඨයගෙ චරිතයටම පණ පොවපු නිසා වැඩේ අවුලෙන් අවුළටම ගියා.

                                              වෙනදට හික්කඩුවෙ ස්ටේෂන් එක කොනක හරි පොළ පාරෙ මුල්ලක හරි ආල කතා ප්‍රේමකතා කරපු එකත් නවත්තන්න උනා. පොළ පාරේ ප්‍රේම කතාවක ඉන්න මොහොතක මයිනගෙ මල්ලි දුෂ්ඨයා දැක මව්තුමියට කේළම දෙසා බෑම ඊට ආසන්නතම හේතුව උනා. ඒ පැත්තෙන් කුක්කු ඩෝල්ට දවසට වේලක් කොස්සකින්, ඉදළකින්, පියාණන්ගෙ මුෂ්ටි ප්‍රහාරයකින් සැළකුම් ලැබේනව. මයිනට කියලත් වෙනසක් නෑ ඉතිං පියතුමා නැති වෙලාවක හදිස්සි ප්‍රහාරයක් ඇතිවීම වලක්වන්න බෑ. පොල්කටු හැන්දකින්, කුරැඳු දර පොල්ලකින්,  කොස්සකින්, දමා ගැසිය හැකි කුමන හො භාන්ඩයකින් ඒ ප්‍රහාරය ලැබිය හැක. මයිනත් ඉතිං කොටි පාළන කලාපෙකට ඇතුල් වෙච්ච කමාන්ඩෝ සෙබලෙක් වගෙ පුල් ඇලට් එකේ ඉන්නව. මයිනත් මව්ගෙ දයා අනුකම්පාව ලබා ගන්න නොකර කෙහෙම්මලක් නෑ. දර පළනවා, වතුර අදිනව, පොල් කඩනව අනේද කියන්නෙ මව් නොවෙයි අනුකම්පාවක් පෑවේ. සියල්ල ඉවසා දරා ගත්තත්    "තෝ බාල එකාගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම් වටින්නෑ"     අන්න ඒ වැකිය නම් දිරවන්නෙම නැත. අන්න ඒ වෙලාවට තමයි අරැට වෙඩි තියන්න හිතෙන්නෙ.

                                 ඒ මදිවට වටේ පිටේ හිටපු නෑයෝ උං ඊට හපං, ඇවිලෙන ගින්නට පැට්‍රල් ඉහ ඉහ උනුත් රංජනි අක්කා ෆෝම් කර කර වෙනම ආතල් එකක් ගත්තා. ඒ මදිවට කුක්කු ඩෝල් ගෙ ගෙදරට පේන දුර රේල් පාරේ ගියත් ඒ ගෙදර උන් ඒකිව මරන් කන්න හදන නිසා රේල් පාරෙ ගමන් කිරීමත් නවත්තලා දැම්මා.   රෑ තිස්සෙ ගඟෙ පැනපු සීන් එකෙන් පස්සෙ ඒකිගෙ අම්මත් පාඩම් කරලා ඉවර වෙනකං ඒකි ළඟට වෙලා ඉන්න පටන් ගත්තා. හැම පැත්තෙම තහාංචි වැඩිවෙලා මුරකාවල් තර වෙලා ලව් එක පුල් අබ්ලික් උනා. හැබැයි ඉතිං කුක්කු ඩෝල්ගෙ ලොකු මල්ලි මයිනට මනාපයි. මූනට මූන මයිනා එක්ක කතා නොකලට ඌ ඉතිං අක්කට මයිනා දැක්කම එහෙම ගිහින් කියනව. එතකොට ඌ හිටියෙ 7 වසරේ 8 වසරෙ විතර කොල්ලො වළිය දැම්මාම එහෙමත් මයිනගෙ නම විකුණලා ඌ බේරෙන සීන් එකකුත් තිබුනා. හැබැයි ඌ හොඳ එකා මයිනා එක්ක අවුළක් නෑ වෙන මස්සිනා පැටව් වගෙ.

                                                    රොමියො ජුළියට්ලට වගෙම තමා මයිනලගෙ ලව් එකටත් තහාංචි වැටුනු නිසා හමු විය නොහැක තමා. ඕං ඉතිං එහෙම මෙහෙම වෙලා කුක්කු ඩෝල්ගෙ යාළුවෙකුගෙ ගෙදර එවුන් සියල්ලෝම බැහැරකට යන දවසක යාළුවගෙ තනියට කුක්කු ඩෝල්ට එන්න කියලා. සෙනසුරාදා දවසක් යාළුවට තනියම ඉන්න බැරිකමට වඩා කුක්කු ඩෝල්ට සහ මයිනට හමු වීමට තමා ඒ යාළුවා අවස්තාව හදලා දුන්නෙ. අනේ ඉතිං මයිනා දවල් 10.30ට විතර අර යාළුවගෙ ගෙදරට ගියා තඩියා එක්ක. තඩියට පැය දෙක තුනකින් විතර වරෙං කියලා මයිනා කුක්කු ඩෝල් එක්ක ප්‍රේම ජලාශේ කිමිදෙන්න පටන් ගත්තා.

                                         ආළය අන්ධයි කිව්වට මයිනා හිටියෙ ෆුල් ඇළට් එකේ. අර ගෙදර කාඹරෙ ජනෙල් කූරැ අතරෙන් පේනව කුක්කු ඩෝල්ගෙ අම්මයි නංගියි ලොකු මල්ලියි එනව. මයිනා පැන්නා සාලේට එතනින් කුස්සියට, හුටා කුස්සියෙ දොර ලොක් කරලා යතුරත් නෑ. ඉස්සරහ පැත්තෙන් නැන්දම්මා ගෙට ගොඩ උනා. කුක්කු ඩෝල්ට බනිනව මයිනා මෙහෙ ආවා කියලා.

"අම්මට පිස්සුද මෙහෙ ඇති මයිනෙක් නෑ"

"කාමරෙක හැංගිලා ඇති ඕකා"

"නැන්දට සැක නං නැන්ද ගේ ඇතුලේ බලන්න ඉවරයි නේ"





කාමර අල්මරි ඇඳන් යට ආදි වශයෙන් සොදිසි කරලා නැන්දා ඊළඟට එන්නෙ කුස්සියට. එළියට පනින්න විදියක් නෑ කුස්සයෙ දොර ලොක් කරලා ජනෙල් වලින් යන්න බෑ ග්‍රිල් නිසා. එකම තැනයි හැංගෙන්න තියෙන්නෙ ලිපට උඩින් තියෙන චිමිණිය. බය සහ ත්‍රාසය නිසාම මයිනා රිංගුවා චිමිනිය අස්සට දෙපැත්තට අත් දෙකයි කකුල් දෙකයි තිය තිය. නැන්දම්මා බෝම්බෙ කුස්සියට ඇවිත් බැළුවා දොරත් ලොක් කරලා. සෝදිසි මෙහෙයුමෙන් පස්සෙ මව්තුමිය යන්න හදනව අර ගෙදර කෙල්ල

"නැන්දෙ ඉන්න තේ එකක් හදනකං" කියපි.         හුටා අර චිමිනිය ඇතුලේ මයිනා ඉන්දැද්දි අරකි තේ හදන්න.   දෙයියො මයිනා දිහා බලලා කුක්කු ඩෝල් අම්මට වළිය ඇද්දා.

"දැං පොලීසියෙන් පැනලා වගෙ හෙව්වෙ මෙතන, හම්බ උනාද මයිනෙක්"

"මෙයාලට දෙන්න ඕන තේ එකක් නෑ චනදිමා, කොයි වෙලවෙ හරි මම බොනව වහා ටිකක්"          
                   කුක්කු ඩෝල්ගෙ සද්දෙට අම්මා  පසුබෑමට ලක් වෙලා යන්න ගියා හැබැයි මස්සිනා පැටියා නවත්තලා ගියා. අනේ ඉතිං මයිනා චිමිනිය අසසේ ඉන්දැද්දි අරැං දෙන්නා කතා වෙනවා මයිනා කෝ කියලා.

"කුස්සියෙ දොරත් වහාලා යතුර මේෂෙ උඩ එළියට යන්න විදියකුත් නෑ"

"ඒක තමා මාර වැඩේ කොහෙද මෙයා ගියේ"

"මං මෙහේ ඕයි"        කියාගෙන මයිනා චිමිනියෙන් එළියට ආවා. අරැන් දෙන්නයි මස්සිනා පැටියයි ඒකාට එකා හිනා වෙනවා. අනේ ඉතිං මයිනා අර චිමිණියෙ තිබුනු දුං කළු වලින් නෑවිලා අළව් යකා සේ විරාජමාණ වෙලා. ටික වෙලාවකට පස්සෙ තඩියා ආවා එක්කගෙන යන්න. තඩියගෙ සයිකලෙන් ඇවිත් පර්ස් එකයි කලිසමයි ටී සර්ට් එකයි ඌට දීලා ගඟෙන් පැනලා තඩියලාගෙ ගෙදරට පීනගෙන ගියා. හැබැයි ඉතිං මස්සිනා පැටියා මයිනට අළුත් නමක් දීලා තිබුනා ලිප් බොක්කා කියලා. ඕං ඔහොමයි මයිනා චිමිනි අස්සෙ රිංගුවේ.