Tuesday 16 June 2020

මයිනාගෙකතා...93... මැනර්ස්

මයිනාගෙකතා...93... මැනර්ස්


                                               සිංහළ බාෂාව ඇතුලේ වෙනත් බාෂාවලින් රිංගලා එකතු වෙච්ච වචන මහ ගොඩක් තියෙනව නෙව. ඔය අතරිනුත් පෘතුගීසි වචන බොහොමයක් අපේම වචන වෙලා අපේ බාෂාවත් ආක්‍රමණය කරලයි තියෙන්නෙ. අනිත් හරියට දෙමළ වචනත් බොහොමයක් තියෙනව. ඒ වගෙම සමහර වචනවල අකුරු එහා මෙහා වෙලා ඒ වචනත් බාෂාව ඇතුලෙම පැළපදියම් වෙලා නොවැ. නුඹ කියන වචනෙ අද වෙද්දි උඹ වෙලා මදිවට ඒ වචනය සළකන්නෙත් පහත් ආමන්ත්‍රණයක් විදියට. නමුත් සද්ධර්මරත්නාවලිය වගෙ පුරාණ පොත්වල නම් නුඹ කියන වචනෙ තමයි බොහො තැන්වල ලියවිලා තියෙන්නෙ. "නුඹ වහන්දෑ" ඕං ඔහොම වචන තියෙනව ඒ පොත්වල. අද වෙද්දි හෙළ බෂ නැත්තටම නැතිවෙලා ගිහින් වගෙම සිංහළ බාෂාවත් අබාවයට යමින් පවතිනව. වෙන්න පොෂ් උන්දැලා ඉංග්‍රිසි අච්චාරු දාපු සිංහළ නොවෑ කතා කරන්නෙ.

                                             අම්මා - අම්මි වෙලා එතකොට අම්මි කියන්නෙ දෙමළෙන් මිරිස් අඹරණ ගලේ තියෙන දරුගළට. ඉස්සර මිරිස් ඇඹරුවේ ගළක, කඩෙන් පැකට් ගෙනාවෙ නෑ හරි. අපේ බාෂාව ලෝකෙන්ම වෙනස්ම බාෂාවක්නෙ ඕනම වචනයක් ලියන්න වගෙම ලියපු වචනෙ ශබ්ද කරන්නත් පුළුවන් අපිට විතර නෙව. ඔය ඈ කාරය කියන ශබ්දය අපේ බාෂාවේ විතරයි තියෙන්නෙ කියලත් පහුගිය දවසක ලිපියක තිබුණා. අපේ රටේ ඇත්තො පිට රටවලට ගියාම වගෙම පිටරටවල ඉන්න ඇත්තන්ගෙ ගෙවල්වල ඇත්තොන්ටත් අමුතු පොෂ්ගතියක් ආවා ඉස්සර. ඒ කියන්නෙ මීට අවුරුදු 10කට 15කට විතර කලින්. විශේෂයෙන්ම ඉතාලිය, සයිප්‍රසය, ඩුබායි ගියපු උන්දැළගෙ මේ ගතිය වැඩි උනා. ඕං ඔහොම අයගෙ ගෙවල්වල ඈයො සමහර වෙලාවක අම්බානයි ටිකයි වෙන්න නා ගතපු අවස්තා නැතුවම නොවෙයි. එක දවසක ඒ වගෙ රට හුළඟ වැදුනු ගෙදරක අක්කෙක් බාත් රූම් එකේ නාන්නෙ නැතුව පොදු ළිඳට ඇවිත් ළමයව නාවලා. ළමයා ළිං පඩියෙ අනත් පැත්තෙන් තියලා පොඩි එකාට කියනව "සුදු පුතා ෂිල්පස් දා ගන්න" පොඩි එකා උඩ බිම බළනව. අපි සහ ළිඳ ළඟ හිටපු එවුන් වටපිට බළනව. සිලීපස් දා ගන්න කියන එක තමා ඒ ගෑණි පොඩි එකාට කියලා තියෙන්නෙ. නොදන්න දෙමළෙට ගිහින් වරිගෙ නහ ගතපු උන්දැගෙ නමත් ශිල්පස් විදියට රෙජිස්ටර් උනා අන්තිමේ.

                                         manner කියන වචනෙ වෙන්න ඕන අපි මැනර්ස් කියලා සිංහළෙන් කියන්නෙ. ඇත්තටම ඒ වචනෙ තේරුමටද අපි වැඩ කරන්නෙ. ආකාරය, අයුරු, අන්දම, ක්‍රමය.... වගෙ තේරුම් ටිකක් තමා ශබ්දකෝෂය පෙරළුවම හම්බ උනේ නම්. ඔය වගෙම වචනයක් තමයි alert කියන්නෙ "මං පොඩි ඇලට් එකක් දානව" කියලා කණ අද්දර බෝම්බයක් ගැහුව්වත් නැගිටින්නැතිව නිදා ගන්න එක තමා අපි කරන්නෙ. පංච ඉන්ද්‍රයන් අවදිව විමසිල්ලෙන් සිටිමට ඇලර්ට් කියනව කියලා දැන ගත්තම තමා මෙච්චරකල් අපි වචනෙට හාත්පසින්ම වෙනස් වැඩක් කරෙ කියලා දන්නෙ.
                                     මැනර්ස් කියන එක සමහර උන් ළඟ වැඩිපුරත් එක්ක. තව සමහර උන් ළඟ ගාණට. තවත් සමහරක් එවුන් ළඟ ඇත්තෙම නෑ. ඔය විදි 3නෙම එවුන් මයිනගෙ ගැන්සියෙ හිටියා. අපිත් එක්ක එකෙක් හිටියා කෑම දැක්කම මැනර්ස් ඉවරයි, ඌ සමගින් තේ මේසෙකට සෙට් උනාත් අපි බොන්නෙ තේ එක පමණයි. මොකද කැවළි ජාති ඌ අපිටත් එක්කම හරියන්න කනව. ඇත්තම කියනවනං ඌ ටිකක් හැන්ඩියා . මූ ගාල්ලෙ පංති යන කෙල්ලෙක් දැකලා ඒකි පස්සෙන් යන්න පටන් ගත්තා. "මම මචං මෙහෙම එකියක් පස්සෙ යනව ඒකීගෙත් අකමැත්තක් නෑ බං අහන්න ඕනේ" කියාපි. අපේ සත්ගුණවත් සැදැහැවත් සෙට් එක ගිහින් කෙල්ලගෙන් අහලා. කෙල්ල ඉතිං ඇදලා පැදලා ගැස්සිලා කිව්වලු " තව හිතන්න ඕනේ අයියෙ" කියලා. ඕං ඉතිං ඔහොම ගිහින් සතියකට විතර පස්සෙ මයිනගෙ යාළුවෙකුයි ඌගෙ පවුලේ ඈයොයි ත්‍රිවිලර් එකකින් ඇවිත් මුහුදේ නාන්න මයිනට සෙට් උනා. මයිනා ඒ අය එක්ක කතාවේ ඉන්දැද්දි යාළුවගෙ අම්මා මයිනට එහෙ එන්න කියලා වදේ ගහනව. මේ අය මයිනගෙ තාත්තගෙ හොඳම හිතවත් අය බද්දෙගම. ඒ යාළුකම මයිනා සහ සම වයසෙ වෙච්ච කොළුවගෙ අතරෙත් තිබුනා. ඩොංගා කන්න එහෙම හිතුනම මයිනා එහෙ තමා යන්නෙ.

                                                මයිනත් දවස් 2ක 3නකින් ඒ පැත්තට එන පොරොන්දුව පිට ඒ අය යන්න පිටත් වෙද්දි අපේ අපත රැළ වට උනා. "අඩෝ මයිනා ඒ කෙල්ලට තමයි බං අරූ ට්‍රයි කරන්නෙ, තෝ සපෝට් එකක් දීපංකො" කියලා වදේ. එදා හවස කෙල්ලට ට්‍රයි කරන එකත් වඳින්නැතුව විතරයි ඌට සප් එකක් ඉල්ලලා. බැරිම තැන ඊළඟ සිකුරාදා බද්දෙගම යමු කියලා කට්ටියම සෙට් වෙලා මයිනගෙ තාත්තටත් කිව්වා. තාත්තා බ්‍රහස්පතින්දා හැන්දෑවේ ගිහින් මාළු වගයකුයි දැල්ලොයි ගෙනල්ලා ඒවත් හදලා, කරවළ වගයකුත් එක්ක අරගෙන යන්න දුන්නා. මොකද ඒ මිනිස්සු ගියාම තියෙන තරම් සබ්බ සකළමනාවම දීලා තමයි එවන්නෙ. යන්න කලින් පළවෙනියටම අර කබ්බට තේරුම් කරලා දුන්නා "බොළ ගල් ඉබ්බො.... යන්නෙ තෝ නිසාමයි, හැබැයි තෝ අපේ කාඩ් එකයි තොගෙ කාඩ් එකයි දෙකම පරිසම් කර ගනිං" "නැත්තං ලව්ත් ඉවරයි උදව්ත් ඉවරයි" කියලා.

                                                    කට්ටිය 7දෙනෙක් උදේ 9.45ට 10ට විතර ගියා ඒ ගෙදරට. අගෝස්තු මාසේ දවසක් වෙන්න ඕන ගස්වල ඩොංගා පිරිලා තිබුනා. මයිනා දැකපු ගමන් ඔන්න ඒ මිනිස්සුන්ගෙ ලෙංගතුකම වැඩි වෙලා, තේ මේසයක් ලෑස්ති කලා. අග්ගලා වගයකුයි කඩෙන් ගෙනාපු කේක් වගයකුයි එක්ක. අනේ ඉතිං අර කෙල්ලත් දොර රෙද්දට පිටින් ඉඳගෙන බලං ඉන්නව. ගෙදර කොල්ලා "ලැජ්ජ වෙන්න එපා කන්න කන්න, මයිනගෙ ගෙදරයි මෙහෙයි කිසිම වෙනසක් නෑ" කිව්වා. අන්න ඉතිං අර අපතයගෙ අපතගතිය පැන්නා එළියට. අග්ගළ 4යි කේක් කෑළි දෙකයි ගියපු අනිත් එවුන් එකාට එකා මූණ බලං නිකං හිටියා. තේ බීමෙන් පස්සෙ අම්මයි තාත්තයි ලොකු දුවයි උයන්න සෙට් වෙනව. "පුතේ දවල්ට කෑම ටිකක් නොකා නං යන්න එපා හොඳේ" කියලා ඒ මිනිස්සු ආගන්තුක සත්කාරෙට ලේස්ති වෙනව. අර කෙල්ලයි මයිනගෙ යාළුවයි "යං වත්ත පහළට"| කියලා කට්ටි එක්ක වත්තට ගියා. මුළින්ම ඩොංගා කඩන්න. අර අපතයා ඩොංගා ගෙඩි 10ක් විතර කෑවා. කෙල්ල බලං ඉන්නව, ඊළඟට පැණි නාරං ගස් 4ක් 5ක් තිබුනා ඒවගෙන් ගෙඩි කඩනව. අරූ ඒවත් 4ක් 5ක් කෑවා. අර කෙල්ලත් හොඳට මීටර් කරගෙන ඉන්නෙ. මූ කෙල්ල ඉන්න කිට්ටුව පාත ඉඳගෙන ඉන්න නිසා මොනවත් කියන්නත් බෑ. අනිත් එවුන්ට උපරිම මළ ඒ වෙද්දි. වත්ත පහළ තිබුනු මඤ්ඤොක් වගෙකුත් ගළවගෙන කට්ටියම ආවා ගෙදරට. එද්දි ඒ අම්මා දොඩම්වගයක් මිරිකලා ඒකත් අර අපතයා වීදුරු 2කක්ම ගැහුව්වා.
                                                              දවල් කෑම වෙලාවත් ආවා අනිත් එවුං සුළු වශයෙන් බත් බෙදා ගත්තා. මයිනා ඉතාම සුළු වශයෙන් පිඟානට කෑම දා ගත්තා. මොකද ඒ ගෙදර හදනව කිරි මාරම රසයි. කෑමෙන් පසු කිරි කන්න හිතාගෙන මයිනා එහෙම කලේ. අනේ ඉතිං ගෙදර මිනිස්සුත් මූණට මූණ බළා ගන්න උනා අරූගෙ කෑමට. 3වෙනි පාරටත් අරූ කෑවට පස්සෙ කට්ටියගෙම සායම හේදිලා ඉවරයි. අර කෙල්ල නිකං හොල්මන් වෙලා බලන් ඉන්නව. කෑමෙන් පසු බළාපොරොත්තු උනු විදියටම කිරි. අනේ දෙවියන්ගෙම පිහිටයි අනිත් අය මැනස් හොයද්දි අරූ කිරි හට්ටියක්ම තනියෙන් වග කියාපි. ඊට පස්සෙ මයිනා සහ ගෙදර පිරිස ආගිය තොරතුරු සහ අම්මා තාත්තා ගැන විස්තර එහෙම කතා කරනව. සීනිගම දේවාලේ උත්සවය දවසට එන බවත් ඒ දවසට මයිනලගෙ ගෙදරට එන බවත් මයිනගෙ තාත්තට කියන්න කිව්වා. මයිනා සාලේ කතා කරන අතරේ අරූ ස්තොප්පුවෙ පුටුවක දිගා වෙලා "ඕ...හ්...ග්" ගාලා ගුඩුස් යවනව. ගියපු අනිත් එවුන්ට මූව මරං කන්න තරහයි. සියල්ල අවසන සමු ගැනිමේ වෙලාව. ගෙදර මිනිස්සු ඩොංගයි, මඤ්ඤොක්කයි, කිරි වගේකුයි නාරං වගයකුයි දුන්නා මයිනගෙ තාත්තට අරන් යන්න. ඔන්න දැං අර අපතයා ෂේප් එකේ ළඟට ඇවිත් මයිනට කියනව "මේ අරකිගෙන් අහපංකෝ" කියලා. මයිනට ඉතිං කොහොමද මළ "මට කියලා මෙතන #කව ගන්නැතුව යමං තෝ" කියලා මයිනා එනවා පාරට එන්න. ගෙදර කොල්ලා අනිත් සෙට් එකත් එක්ක ඉස්සරහ මයිනා ගෙදර කෙල්ල එක්ක ටිකක් පහු උනා.

"නංගි ඔයා අරූව දන්නවද"
"ගාල්ලෙදි මගෙ පස්සෙන් එනව අයියෙ එක පාරක් මගෙන් යාළු වෙන්නත් ඇහුව්වා"
"ඔයා මොකද කිව්වෙ"
"මං පස්සෙ කියන්නං කිව්වා"
"දැං මොකද කියන්නෙ එතකොට"
"හපෝ අයියෙ මේ ලංකාවෙම කොල්ලො නැතුව එකම එකා ඌ උනත් මම යාළු වෙන්නෙ නෑ, ඌට මැනර්ස් කියලා කිසිම දෙයක් නෑ නේ"
"එහෙනං කමක් නෑ නගෙ මූ හෙණම අපතයා ඊළඟ දවසේ ආවොත් එහෙම බණින්න. ඔයාට මොනවහරි කිව්වොත් මට කියන්න මම බලා ගන්නං හොඳේ"
"හරි අයියෙ"
                                         ඉන් පසු ඌගෙ ලව් එකත් ඉවරයි, කිසිම දවසක ඌ සමග පිට තැනකට නම් ගියේ නැත. හැබැයි ආරංචියේ හැටියට නම් අද මේ වනතුරුත් ඌ කෑමට නම් ඉදිරියෙන්ම බව දැන ගන්නට ලැබුනි. බොළගෙ මැනර්ස් එහෙම පරිසං කර ගනිල්ලා හොඳේ........ එන්නං ඈ.....
___මයිනා____

Friday 12 June 2020

මයිනාගෙ කතා... 92... කබරා

මයිනාගෙ කතා... 92... කබරා

කබරා දැකලා නැති කෙනෙක් ලංකාවෙ ඉන්න විදියක් නෑ. එහෙම ඉන්නව නං ඌ ලංකාවේ වෙන්නත් බෑ.... කබරා මැරිම ලංකාවෙ පරිසර නීතිවලට අනුව දඬුවම් ලැබිය යුතු වරදක්. ඒත් කබරට ගේම දෙන එවුං නැතුවම නොවේ. ඔය කබරා මරන්න හේතුවන එක කාරණයක් තමයි තෙල් ගන්න. කබරතෙල් කියන්නෙ බොහොම බයානක විෂක්, ඒ විෂ කැවිලා බේරුණු අය දිහා බැළුවොත් ඒක තේරෙයි. එහෙම බේරුණු කෙනෙක් වෙනව නම් අනිවාරයෙන්ම සදාකාළික ලෙඩෙක්. හරියට හුස්ම විතරක් තියෙන මළකඳක් වගෙ. එහෙම විෂ කැවුනු කෙනෙකුට මුළින්ම වෙන්නෙ ඇඟෙ තියෙන සියළුම ලෝම සහ නියපොතු දත් වගෙ දේවල් ගැළවිලා වැටිම. ඇස් පෙනිමත් නැතුව යනව, ඒ වගෙම තමයි ඒ මරණය බොහොම වේදනාත්මක එකක් වෙනව. ඉස්සර කාලේ ගම්වල ඔය කබරතෙල් සීන් එක දරුණුටම තිබිලා තියෙනව. සමහර ගම්වල ඇතිවුනු ආරවුල් වලදි විරුද්ධ පාර්ශවයට කොහොම හරි කබරතෙල් ටිකක් දීපු එක තමා කරලා තිබුනෙ.

                              මයිනගෙ අම්මා සහ තාත්තා මයිනලගෙ ගමේ සමහර ගෙවල්වලින් වතුර එකක්වත් බොන්න එපා කියලා තහානමක් දාලා තිබුනා. ඒකට හේතුව උනේ පෙරකළ ඒ උදවිය කරපු ක්‍රියාකාරකම්ම තමා. ඒත් ඉතිං මයිනට ඔය කතාවල ගත යුත්තක් තිබුනෙ නෑ. "මෙහෙ වරෙං පුතේ" කියලා කබරතෙල් වීදුරුවක් දුන්නත් බීලා දාන පොරක් මයිනා. අපේ මව්තුමියට මයිනව දිරවන්නෙ නැති එක හේතුවක් තමා ඔය කාරණාව. සමහර වෙලාවට අප්පම කියනව "මු කාට ජාතක වෙලා හැදිච්ච එකෙක්ද බොළ" කියලා. අම්මා නං ගාණ හරියන්න ආව එකා කියලා අතට අහු වෙච්ච එකකිං තමා.





                                 අපේ ප්‍රදේශය මැදින් ගළා බහින ගඟක් තියෙනව. ගඟක් කිව්වට ඒක කරිදිය මිරිදිය මිශ්‍ර වතුර තියෙන මොළපු ඔයක්. ඔන්න ඔය ගඟෙත් යමරෙට කබරයො ඉන්නව. එක දවසක හැන්දෑවෙ ගඟ අයිනෙ ඉන්දැද්දි කබරෙක් යනව ගඟෙ නාන්න. කට්ටියම කබරට ගල් වලින් පොළු වලින් ගහන්න ගත්තා. කබරත් ගඟෙ නාන එක නවත්තලා අපිට ගේම ඉල්ලන්න නැවතුනා. අපිත් ඇරියෙ නෑ ගල් ගහනව, කබරා ඌගෙ වළිගෙන් එතන තිබුනු කදුරු ගහක පොතු ගැළවෙන්න ගහනව. ගල් වදිනකොට මූ පිම්බෙනව "හූෂ්" ගාලා අමුතු සද්දෙකුත් දානව. ටික වෙලාවකින් කබරා නිසළ උනා. කබරට බඩු හරි කියලා අපේ තඩියා කබරට කිට්ටු වෙලා බැළුවා. හුම්.... කිසිම රිපලයි එකක් නෑ. මූ අතේ තිබුනු කෝටුවකින් කබරට ලංවෙලා ඇනලා බැළුවා. කියන්න සංතෝෂයි මිත්‍රවරුණි කබරයා දීලා ඇරියා තඩියට වළිග පාරක තඩියා බිම. කටා තරමක ලොකු ගළක් අත් දෙකන්ම උස්සලා අතෑරියා කබරයගෙ ඔළුව උඩට. ඒ පාරට නම් කබරයා බය වෙලා ගඟට පැනලා ගියා යන්න. කබරා ගහපු පාරට තඩියා වැටුනම හැමෝම කබරට ගහපු ගල්වලින් බාගයක් තඩියටත් වැදුනා ඈ..... ඒක වෙනමම ආතල් එකක් හරිය. වැඩේ ඒක නෙවෙයි, ඔය ගඟට බැහැලා කකුළුවො අනින පොරක් ඉන්නව සෞමයියා කියලා. එදා කබරෙක් මිනහව වතුරෙදි බදාගෙන කාලා. ඒ පොර ස්පිරිතාලේ ගිනිහිල්ලයි බේර ගත්තෙ. හැබැයි අපි ගහපු කබරද කියලා අපි දන්නෑ.

                              ඕං එක දවසක මයිනා සැප නින්දෙ. මයිනා පස්සෙං කබර තඩියෙක් එළවගෙන එනව. මයිනා ඉතිං බේරෙන්න හිතාගෙන දිව්වා දිවිල්ලක් ආයේ නෑ හුසෙන් බෝල්ට් කොහෙද මයිනා එක්ක දුවන්නෙ. මයිනා දුවලා දුවලා පැන්නා ස්කොලේ වත්තට. කබරයත් ගේම අතෑරලා නෑ මයිනා පස්සෙන්ම ඇවිත්. ඕං ඉතිං මයිනා ස්කොලේ වත්ත පුරාම දුවලා දුවලා එක බිල්ඩින් එකක උස බිත්තියක් ළඟ නැවතුනා. ඔතනින් එහාට මයිනට දුව ගන්න විදියක් නෑ. ඕං කබරයා මයිනා ඉදිරිපිටට ආවා. මූ දැන් මයිනගෙ වල්ල කන්නමයි පනින්නෙ. මයිනා බිත්තියට හේත්තු වෙලා දීලා ඇරියා කබරයට එකක්. හුටා මයිනගෙ මල්ලි ඇඳෙන් පහාලට. මූ නැගිටපු ගමන් දීලා ඇරපි එකක් මයිනා හොල්මන්ද පොල්කොළ වෙලා ගියා. හුටා මයිනා හීනයක් දැකලා අරූට පයිං එකක් දීලා. මහ රෑ 12ට දෙන්නා කෙළගත්තා කියාංකො..........

මයිනලගෙ ගමේ කෙළවරක තියෙනව කැළෑවක්. මයිනලා ඉඳ හිට ඔය කැලෑවට රිංගලා පොඩි පොඩි ආතල් ගන්නව. ඉඳ හිට බාබක්‍යු පාරක් එහෙම දානව. ඒවා වෙන කතා පස්සෙ ලියන්නම්. එදා ඔය කැලෑවට වැදිලා කට්ටිය මඤ්ඤොක්කා පුච්චලා කන්න සෙට් උනා. ඔන්න ඔය වෙලාවෙ කබරයෙක් ඔය කිට්ටුවෙන් ලාවට බැල්මට් එකකුත් දාගෙන පාඩුවේ යනව. ආවා අයිඩියාවක් කබරතෙල් හිඳින්න. එකෙක් දෙන්නෙක් පස්ස ගැහුව්වට සාමුහික වැඩකදි ඔය එකත් එකට එකතු වෙනව. ඊළඟ දවසෙ කට්ටියම අර කැලෑවට ආවා. හීන නයිලෝන් කඹ දෙකකුයි මාළු ඔළු දෙක තුනකුයි අරන්. මාළු ඔළු දෙක දාලා පැයක් යන්න උනේ නෑ කබර කමින්. තොණ්ඩුවක් දාලා කබරය අල්ලා ගැට ගැහුව්වා ගහක. තව කබරයෙක් ඊළඟ දවසෙ අල්ලගමු කියලා හිතං කටිටියම ආවා. හුටා ඊළඟ දවසෙ කසිප්පු අල්ලන්න කැලේට පොලිසියෙන් පැනලා. ගෝඩා බැරල් සමග කබරත් මාට්ටු, කසිප්පු වලට අල්ල ගනිපු එකාට නඩු දෙකයි. අරු පොලිසියට දිව්ර දිව්ර කියනව "සර් මම නම් නෙවෙයි කබරා ගැට ගැහුවේ" කියලා. මොන කතාද පොලිසියෙන් අරූට අම්බානක බඩු දිදි අරන් ගියා. ඊට පස්සෙ අපි නෙවෙයි කබරෙක් යන පාරකවත් හිටියෙ. පොලිසියෙන් අරෑව අරන් ගියාම තමයි අපිත් දන්නෙ කබරට කේස් දැම්මම ආණ්ඩුව ගන්නෙත් කබරගෙ පැත්ත කියලා. එහෙනං එන්නං ඈ........
____මයිනා___

Thursday 4 June 2020

මයිනාගෙ කතා... 91... පොල්ල


මයිනාගෙ කතා... 91... පොල්ල

වල්ල ගැන බොලට කිව්ව නේ, අද කියන්නෙ පොල්ල ගැන. ඇඳ පොල්ල සහ දොර පොල්ල බොහොම ජනප්‍රියයි වගෙම තව පොල්ලක් තමා කොහු පොල්ල. කොහු කර්මාන්තයෙදි පොල් ලෙලි වතුරෙ දාලා පල් කරලා, ඒ ලෙල්ල තලන්න ගන්න පොල්ලට තමා කොහු පොල්ල කියන්නෙ. ඉස්සර රත්ගම දිහාවෙ වළියක් ගියාම ගෑණු ආවේ ඔය කොහු පොල්ලත් අරගෙන තමා. ශක්තිමත් කිතුල් ලීයකින් අඩි එකහමාරක් විතර දිගට හදා ගන්න කොහු පොල්ලත් මරු ආයුදේ. ඊට අමතරව ඉතිං පොළුවල අයිතිකාරයො නම් පිරිමි බොළ අපි තමා. පොළු ගැන කතා කරාම එක එක හැඩ සහ ප්‍රමාණ වලිං පොළු තියෙනව. සාමාන්‍යයෙන් වයසත් එක්ක පොල්ලෙ ක්‍රියාකාරකම් වෙනස් වෙනව. චූටිචුකං #යි, කෝකත් රෙඩි #යි, දුන්නොත් ගැහු #යි, එල්ලලෙන වැල් #යි.... වයස 0 සිට 11 දක්වා, 12 සිට 45 දක්වා, 45 සිට 60 දක්වා, 60න් පසු විදියට ඉහත පොළූ බෙදා වෙන් කරනව හරිය.

පොල්ල කිව්වාම වළියකදි බොහොම ප්‍රයොජනවත් වෙනව නෙව. වැටකින් හරි ගහකින් හරි කඩා ගනිපු ලීයක් පොල්ලක් වෙන්නෙ නිකම්මයි. ඔය පොළු පාරත් කරුමෙට නරකට හිටපු අවස්ථා එමටයි. කොස්සෙ මිටෙන් ගහපු පාරටත් මිනිස්සු මැරුණා. ඒවා ඉතිං වෙනම කතා. අදටත් මතක හිටින පොළු පාර මයිනට වැදුනෙ එල්ලෙ පොල්ලකින්. ඒක නම් වැදුනා කකුල් දෙක හරහ ඇදගෙන වැටෙන්නම, ඊට පස්සෙ ඉතිං කියන්න ඕනෙ නෑනෙ ලැබුනු පොළු සංග්‍රහය. ගිණිසීරිය පොල්ලක් තමා අපේ පැතිවල ලේසියෙන්ම වැටකින් කඩා ගන්න පුළුවන්. හැබැයි සැළසුම් සහගත පහරදීමකට වෙනම සූදානම් කර ගත්තු කුරුඳු පොළු සහ බයිසිකල් ප්‍රේම් එකක් කපල හදපු යකඩ පොල්ලකුත් තිබුනා.


අපේ ෆුට් සයිකල්වල කේබල් ලොක් තමයි හදිසියෙ පාවිච්චියට ගන්න වෙන්නෙ. මොකද අපේ කටා මාසෙකට දෙකකට සැරයක් අපිට හොඳ කෑමක් සෙට් කරනවමයි. ඕං එක දවසක කට්ටියම කතා උනා ඇල්පිටියෙ හඬන ඇල්ල බලන්න යන්න. කට්ටියම ෆුට් සයිකල්වල ඩබල් දාලා යමු කියලයි කතා උනේ. අදාල ඉරිදා දවසෙ ඕං කට්ටියම සයිකල් 6ක නැගලා 11 දෙනෙක් ඇලපිටි යන්න පිටත් උනා. ඩබල් 5යි සින්ගල් එකයි, කට්ටියම කළුපේ හරහ අළුත්වලට අළුත්වළින් ඇල්පිටියට එහෙමයි ගමන් මග. අළුත්වල හරියට එද්දි ළමෝ දහම්පාසල් යන්න සුදුවතින් සැරසිලා පාරේ. ඕං අපේ කටාගෙ ගොං ගති ඉස්මතු වෙන්න ගත්තා. අළුත්වල පහුකරලා ටික දුරක් යද්දි මල් වට්ටියක් අරං ආපු කෙල්ලෙකුගෙ ඇඟට ඇල්ලුවා සයිකලේ. ඒ කෙල්ල පැන්නා පාර මැදට කටා අනිත් එකත් එක්ක වැටක් අස්සට ගියා. "මු එක්ක ගියොත් අතපය කඩා ගන්න වෙන්නෙ බං" කියලා කටා එක්ක ගිය එකා අනිත් බයික් එකට සෙට් උනා. දැන් කටා සිංගල්. එහෙට මෙහෙට වෙට්ටු දම දම අපිට මීටර් 50ක් විතර දුරින් කටා යනව. අපිත් කටා දෙස බලාගෙන පස්සෙ යනව.

ඕං එක තැනකදි කටා ඇදලා ගියා, අපිට කටා පේන්නැ. වංගුවක් තියෙනව ඔතනින් හැරුනම කටා නොපෙනි ගියා කියලා හිතං අපිත් ඉදිරියට. ඕං ඈත පේනව මිනිස්සු වගයක් වට වෙලා කෑකෝ ගහනව. වේගෙන් ආපු ත්‍රීවිල් එකක් පොඩි එකෙකුත් උස්ස ගනිපු කෙනෙකුත් දාගෙන වේගෙන් ගියා. හුටා ලංකරලා බලද්දි කටා දණ ගස්සලා දෙන්නෙක් එක්ක කුරුඳු පොළු සංග්‍රහයක් තව පිරිසක් බේරනව. එකට ආපු එකා දාලා යන්න බැරි අමාරුවට අපිත් ඉතිං ගිහිල්ලා බැළුවා. මූ වෙට්ටු දාදා ඇවිත් පොඩි එකෙක් හප්පලා, පොඩි එකාගෙ ඔළුව පැළිලා. මූව බේරන්න ගිහින් තව ටිකෙන් අපිටත් ගහනව ගමේ මිනිස්සු. ඇල්පිටිය පැත්තක තියෙද්දි ආයෙමත් ගෙදර ආවා කටාට බැන බැන.

එදා අගොස්තු මාසේ පෝයක්, කට්ටියම සෙට් උනා බද්දෙගම සන්දරවල පන්සළට යන්න. හැබැයි කටාට හොරෙන්. දවල්ට කාලා 2ට විතර කට්ටියම බද්දෙගම යන්න පිටත් උනා. එකෙක් කිව්වා "යමල්ලා ගිණිමැල්ගහ පැත්තෙන් ඩොංගා ටිකකුත් කඩාගෙන යන්න පුළුවන්" කියලා. ඕං කට්ටියම පාර දෙපස බල බල යද්දි පාර අයිනෙ ගහක ඩොංගා පිරිලා. කට්ටියම දැං ගහට පොළු ගහනව. පොළු ගහන්න ලී ගන්නෙ වැටට හිටවපු ඒවා. හුටා මේං ගෑණියෙකුයි මිනිහෙකුයි කැත්තකුත් උස්සං එනව, රටේම කුණු හරුප ටිකත් කිය කිය. බයිසිකල්වලට නැගලා පදින්න වෙලාවක් නෑ තල්ලු කරං තමයි දිව්වෙ කට්ටියම. යංතං ගුටි නොකා බේරුනා ඈතදිම අර මිනිස්සු එනව දැකපු නිසා.

ඕං ඔහොම දැහැමින් සෙමින් කාලේ ගෙවිලා ගිහිං කට්ටිය දවසක ගම්මඩුවක් බලන්න ගිහින් වළියක් පටල ගත්තා. උංගෙ ගමේ උන්ට ගහන්න ගිහින් ඉල්ලං කන්න උවමනාවක් නැති නිසා ගම්මඩුව පැත්තක තියෙද්දි කට්ටියම ගෙදර ආවා. ඊට සතියකට විතර පස්සෙ ඒ ගමේ කොල්ලො දෙන්නෙක් සීනිගම දේවාලෙට ඇවිත්. කට්ටයි, තඩියයි දෙන්නා අරුන් දෙන්නව වැල්ලට එක්කගෙ ගිහින් දීලා කනේ පාරවල් 2කක්. ඔය වෙලාවේ කොහෙදෝ ඉඳලා ආපු කටා ගුටි කාලා ගියපු කොල්ලො දෙන්නව අයෙමත් වැල්ලට එක්ගෙන ගිහින්. දීලා පොලු පාරවල් දෙක තුනක් එකෙකුගෙ ඔළුව පැළිලා අනිකගෙ අත කැඩිලා. කොල්ලො දෙන්නා රෝහළට කේස් එක පොලිසියට. එතන හිටපු එකෙක් කටාගෙ විස්තර දීලා. කටා හොයන්න පොලිසියෙන් ගමට. රෝහළ් වාර්තා සමග වැඩේ සීරියස් යන සයිස් එකට. ඕං කටා පොලිසියට අරං ගියා. ගුටි කාපු එවුන් දෙන්නා කට්ටයි, තඩියයිත් ගැහුව්වා කියලා උන් දෙන්නවත් හොයනව. වැඩේ උසාවි යන සයිස් එකට ඇවිත්, කටා කූඩුවේ. දන්න අඳුරන හිතවත් දේශපාළන සහ ඉහළ පොලිස් නිළධාරියෙකුගෙ පිහිටෙන්, රුපියල් 5000ක් අර කොල්ලො දෙන්නට දීලා සමතයකට පත් උනා. ඊට පස්සෙ පොළු සෙල්ලමට ගියෙ බොහොම පරිසමින්.

අතේ මැඳගිල්ලෙ ඉඳලා වැළිමිට ලඟට ඉරටුවක් මැනලා ගනිං. ඒක අතක ඇඟලිවල දිග ප්‍රමාණයට කඩලා අයින් කරපල්ලා දැං ඒ ඉතුරු උන ප්‍රමාණය සමානයි පොල්ලට කියලා හිතා ගනිල්ලා. බොරු නම් මැනලා බලපල්ලා හරිය. අපේ කට්ටා පොල්ලෙ ප්‍රශ්නෙකට රෝහල්ගත උනා දවස් 3කට. කරාපිටියෙ ඇඳ ළඟ හිටියෙ අපි එකා එකා මාරුවෙන් මාරුවට. හැබැයි කට්ටට එහෙමට අමාරුවක් නෑ, පරික්ෂණ වගයක් කරා. ඒ වගෙම පුහුණුවන වෛද්‍ය ශිෂ්‍යයන්ට ප්‍රයෝගික පුහුණුව ලබා දීමටත් සමහර ලෙඩ්ඩු පරික්ෂා කරා. සාමාන්‍යයෙන් උදේ පාන්දර ඔය පුහුණුවන වෛද්‍යවරු එනව. ඇවිත් ලෙඩ විස්තර රිදෙන තැන් අතුරු ආබාද ගැන විස්තර අහලා දැන ගන්නව. කට්ටත් නොමිලේ පොල්ල අතගා ගැනිමේ අවස්ථාව ඔය නිසා ලැබුනා. එදා උදේ කෝමහරි කට්ටා වොෂ් රූම් ගියාම පුහුණු වෙන වෛද්‍ය කණ්ඩායම ඇවිත්. ඇඳ උඩට වෙලා කටා තමයි ඉඳලා තියෙන්නෙ. අර කණ්ඩායම ඇඳ ඉහ වාර්ථා එහෙම බලලා දැන් කටාව පරික්ෂා කරන්න පටන් අරන්. එහෙට අනිනවලු මෙහෙට අනිනවලු එක විකාරයයිලු. අන්තිමට කිව්වලු ගලවන්න කියලා කළිසම, උපන්ගෙයි වළත්තයා වෙච්ච කටා ගලවලා කළිසමයි ජොකයි. එහා ඇඳේ ලෙඩා කොට්ටෙ හපංලු වැඩේට. ඔය අතරෙ ඇට කූට්ටමට ටොක් එකකුත් දාපු ඩොක් සෙට් එකා ගියාළු, කටාගෙ මල්ලි ඔළුව උස්සං බලන් ඉන්නවලු. වොෂ් රූම් ගියපු කට්ටා ඇඳට එන්නැතුව බලන් ඉඳලා සීන් එක. ඩොක්ලා ගියාම බෙහෙත් දෙන්න නර්සලා එද්දි අල්ලපු ඇඳේ එකාට ලේ යනවලු. බළපුවාම ඌට ඔපරේෂන් එකක් කරලා තිබිලා තියෙන්නෙ. හිනාව හිර කරන් ඉඳල තුවාළ වලින් ලේ එළියට පැනලා. ඊළඟ දවසෙ කට්ටා ගෙදර ආවා, කටා නම් කිව්වෙ "තව දවස් 2ක්වත් ඉඳලා එන්න තිබ්බෙ බං" කියල. ඕං ඔහොමයි පොළු කතාව ඉවර උනේ...... එන්නං ඈ........
____මයිනා____

මයිනාගෙ කතා... 90... වල්ල

මයිනාගෙ කතා... 90... වල්ල...

වල්ල ගැන මොනවද දන්නෙ, වළු ගැන කතා කරද්දි මුලින්ම සිහියට එන්නෙ පොල් වල්ල. ඊට පස්සෙ අඹ වල්ල, රඹුටන් වල්ල, ඩොංගා වල්ල ආදි වශයෙන් පළතුරු වර්ග එක පොකුරට තියෙද්දි වල්ල කියල කියනව. මේ හැම දේටම අමතරව නීරෝගි පිරිමින්ටත් එකාට එක ගානෙ වළු තියෙනව. ඒ වළු ගැන තම තමං බලා ගනිල්ලා වළු නැති එවුං අනිත් එවුංගෙන් අහලා වල්ල බලාපල්ලා. වළු ගැන කතා කරද්දි අම්බලන්ගොඩ ස්ටෑනඩ් එකේ හිටපු වල්ලව අමතක කරන්නම බෑ. ළඟට ඇවිත් සරම උස්සලා කොස් ගෙඩියක් සයිස් වල්ල පෙන්නලා තමයි පොර හිඟමන් යදින්නෙ. තාම ඉන්නවද කියල නම් දන්නෑ ඒ දවස්වල නම් හිටියා.

අපේ සෙට් එකේ හිටපු එවුන්ගෙන් තඩියා කියන්නෙ බකිංහැම් පැලස් එකට ගියත් සරම ඇඳගෙන යන පොරක්. ඒක අපිට ප්‍රශ්ණයක් නොවුනට ඒක ඌටම ප්‍රශ්ණයක් උනු අවස්තා නම් එමටයි. ඕං ඉතිං එක දවසක අපේම එකෙකුගෙ ගෙදරක තිබුනු දානේකට යන්න සෙට් උනා. දානෙට පෙර දවසෙ රෑ පිරිත් කියන නිසා වත්ත හතර කොනට ලයිට් ඇදිම සහ කෑම උයන තැනට ලයිට් දැමිම ඇතුළු වැඩ කොටස තඩියට බාර දුන්නා. ඒ වෙද්දි දුර නෑයො ළඟ නෑයෝ ආදි වශයෙන් විවිද නෑයො ඒ ගෙදරට ලංවෙලා. ඇහැට කණට පේන නැම්බියොත් හතර පස් දෙනෙක් ඇවිත් හිටියා. අපේ තඩියා ඒ වෙද්දි ටෙස්ටර් එක එහෙම අරන් වෘත්තිය විදුළි ඉංජිනේරුවෙක් වෙලා. ගෙදර ඈයොත් "තඩි" අතනට බල්බ් එකක් දාන්න, පාර පේන්න එකක් දාන්න, මණඩප්පෙට සීරියල් වැලක් දාන්න ඕං ඔහොම වැඩ ගොඩයි.

කෑම උයන්න හදපු මඩුවෙ සහ ඒ අවට ඉඳගෙන නෑම්බියො ටිකයි වයසක උන්දලා කිහිප දෙනෙකුයි තේ හදනව. ඊට අමතරව අල සහ ළුනූ සුද්ද කරනව. ඔන්න ඔය වෙලාවෙ අපේ විදුළි කාර්මික ශිල්පියට පණිවිඩෙ ආවා කෑම හදන මඩුවෙ එළිය මදියි එතනට එළිය වැඩි බල්බ් එකක් දාන්න කියලා. ඕං අපේ තඩියා වීරයාසේ ගිහින් 100W බල්බ් එකක් දාන්න හදනව. මඩුවේ තිබුනු දිරාපු මේසයක් උඩට ප්ලාස්ටික් පුටුවක් තියලා පුටුව උඩ ඉඳගෙන මූ බල්බ් එක මාරු කරන්න ට්‍රයි එක. ඔය වෙලාවෙ ඔතනට ආපු අපේ කටා "තඩියො තේ එකක් ගැහුව්වද බන්" කියලා අරුගෙ සරමෙන් ඇදලා. කියන්න දුකයි පිංවතුනි සරම කැඩිලා ජොකා දාලා නෑ වල්ල එළියෙ. නෑම්බියො සී සී කඩ දුවලා, වයසක උන්දලා තූෂ්නිම්බූත වෙලා. තඩියා කළබළ වෙච්ච පාර මේසෙත් කඩං පුටුවත් කඩං බිමට. පිරිත කොහෙද රස සාගරයයි, හිනා ආකරයයි. තඩියගෙ වල්ල දැක්කා හැමෝම. මළ පැනපු තඩියා පිරිත පැත්තක තියෙද්දි ගෙදර ගියා. දැකපු උන් නම් කිව්වෙ තල් කුරුම්බා දෙකක් වගෙ සයිස් දෙකක් තිබුනා කියලයි.



ඊළඟ වල්ල අපේ කට්ටගෙ කට්ටා කෙට්ටු වෙලා මන්දපොෂණය හැදුනු එකා වගෙ උන්නට, පරම්පරාවෙම ඒවා එකතු වෙලා හැදුනු තඩි වල්ලක් නම් තිබ්බා. දවසක් කට්ටියම රංගල්ල පාළම පැත්තට ගියාම කදුරු ගෙඩි අහුලගෙන ගහන්න පටන් ගත්තා. වෙළිච්ච කදුරු ක්‍රමයෙන් අමු කදුරු ගෙඩි දක්වාත් එතනිනුත් නොනැවති ගල් පහරවල් දක්වාම විකශණය උනා. දෙපැත්තට බෙදිලා ගල් ගහද්දි අපේ තඩියා පාරෙන් ගැළවුනු කලු ගලකින් කෙලලා ඇරියා. අපේ කට්ටා ගලෙන් බේරෙන්න උඩ පැන්නා, කරුමෙක මහත කියන්නෙ ගලත් බිම වැදිලා උඩට වීසි උනා. ඒ ගල කෙලින්ම කට්ටගෙ වල්ලෙ අපරාදෙ කියන්න බෑ කට්ටා බිම වැටුනෙම සිහි නැතුව. කට්ටියම කට්ටව උස්සලා අරන් වතුර ගහලා කුරුම්බාවකුත් පොවාගෙන ආවා. ඒත් ඉතිං කට්ටට ඇවිද ගන්න බැරි තරමට අමාරුයි. කතා කර ගන්නත් බැරි තරමටම වැඩේ සීරියස්, දොස්තර කෙනෙක් ළඟට කට්ටව උස්සං ගියා. දොස්තර මහත්තයත් ලැජ්ජාව පැත්තක තියල කට්ටගෙ වල්ල පරික්ෂා කරලා බැළුව. අපරාදේ කියන්න බෑ වල්ල කුරුවල් වෙන්නම ගල් පාර වැදලා. ඩොක් කියපු විදියට කට්ටගෙ තුන තුංපලෙ ගිහින්. බෙහෙත් තොගෙකුත් දීලා කරාපිටිය රෝහලේ සායනයකටත් සහබාගි වෙන්න කියලයි කට්ටව එව්වෙ.

අයෙමත් තඩියගෙ වල්ල ගැන කියන්නෙ. ඕං එක දවසක මගුල් ගෙදරක යන්න සෙට් උනා. තඩියලගෙ මම්මා කෙනෙකුගෙ පුතෙක් බැඳලා මනමාළි කැන්දගෙන එන දවස. මගුල් ගෙදර සියලු වැඩ මයිනා සහ සමාගම විසින් තමයි පාළනය උනේ බාර් එකේ හිටියෙ මයිනා. බාර් එකට එන මයිනගෙ අපත සෙට් එකට ස්ප්‍රයිට්, කෝලා සැරින් සැරේ දෙමින් හිටියෙ. රෑ වෙලා මහ සංගීත සැඳෑව මනමාළයයි මනමාළියි වට කරන් යාළු හිත මිතුරු ඩාන්ස්. ඔය අස්සෙ අපේ තඩියත් ඇඳං හිටපු කළිසම ගලවලා සරමක බැහැලා. මනමාලයා ඇවිත් සතුට ඉතිරිලා ගිහින් මයිනා සහ අපතයො හොය හොය ඉඹිනව. නටන්න ඇදගෙන යනව, ඕං ඔය අස්සෙ තඩියවත් අතින් ඇදන් ගියා ඩාන්ස් කරන්න. ඔය වෙලාවේ කටා වළත්තය වෙලා ලොකු වීදුරුවක අඩියට අරක්කු සූට්ටක් දාලා කොකාකෝලා වැඩිපුර දාලා දුන්නා තඩියට. කටාගෙ යාළුෆිට් එකට කෝලා වීදුරු තුනක් හතරක්ම බීපු තඩියත් ඩානස් ප්ලො එකේ. අපේ තඩියගෙ තියෙනව වෙනම ඩාන්ස් එකක්. සරමේ ඉස්සරහ පැත්තෙනුයි පස්ස පැත්තෙනුයි අල්ලං සරම උඩට පහතට කර කර දාන ඩාන්ස් එකක්. ටික ටික ඩාන්ස් ප්ලො එකේ කොනකට තල්ලු වෙච්ච තඩියා මිදුල කෙළවරක මල් පඳුරක් ළඟ ඩාන්ස් එකේ. ඕං ඉතිං එක කෙල්ලෙක් අඬ අඬ ඉන්නව පේනව, අළුත ගෙනා මනමාළිගෙ නෑදැවෙන නැන්දා කෙනෙක් මනමාළයගෙ අම්මට මොනවද කියනව. මනමාළයගෙ අම්මා මයිනට එන්න කියල කතා කලා. "මොකෝ නැන්දෙ" "බළපං පුතේ මේ කෙල්ලට කවුද @රියෙක් සරම උස්ස උස්ස පෙන්නනවලු" "ඒ මොකාද ඒ මං බලන්නං නැන්දෙ" අර නැන්දා "දුව මේ අයියට පෙන්නන්න මොකාද කියලා". මයිනා අර කෙල්ල හිටපු තැනට ගියා මල් පඳුරකට එහා පැත්තෙන් පුටු තියාගෙන කෙල්ලො ඩානස් බලන් ඉඳලා. එතන අඳුරත් එක්ක කාටවත් එතන පේන්නැ. හැබැයි ඩාන්ස් කරන එවුන් හොඳට පේනව. අපේ තඩියා ඔය වගක් නොදැන උගෙ ලුංගි ඩාන්ස් එක දාලා. ඒ වෙලාවෙ තඩියා ජොකාලස් ඉඳලා තියෙන්නෙ සරම වැඩිපුර ඉස්සිලා. කෙල්ල හිතලා තියෙන්නෙ තඩියා කෙල්ලට සරම උස්ස උස්ස වල්ල පෙන්නනව කියලා. ඒ කෙල්ලට කාරණාව තෙරුම් කරලා දීලා, අර ඩානස් කරන තැනට ගිහින් උන් හිටපු තැනත් පෙන්නුව අඳුරට එතන පේන්නැති බවත්. ඔය කතාව අහපු තඩියගෙ මම්මා හෙවත් මනමාළයගෙ අම්මා තඩියව පැත්තකට එක්කං ගිහින් වල්ල කපන්න හැදුවේ. බොහොම අමාරුවෙන් තමයි එදා තඩියගෙ වල්ල බේරලා දුන්නෙ. හැබැයි එච්චර හරියක් වෙලත් තඩිය නොවෙයි ජොකා දාන්න ඕන කියල පුරුද්දක් ඇති කර ගත්තෙ. පුරුදු පරිදි වල්ල වන වන තමා තඩියා ඉන්න හොයන්නෙ.
එන්නං ඈ....... මේ බොලා වල්ල ප්‍රවේශම් කර ගිනිල්ලා.
____මයිනා____

මයිනාගෙ කතා.... 89... තණමල්විල කොල්ලා සහ මං

මයිනාගෙ කතා... 89 . තණමල්විල කොල්ලා සහ මං

                        මේ දවස්වල ස්වාධින රූපවහණියෙ පට්ට කතාවක් යනවාය කියා මුල්ම ඉඟිය ලැබුනෙ මුහුණු පොතෙනි. බොහො කාලයකට පෙර සිංහළ සිනමාව සහ පුංචිතිරයෙන් ඈත්ව සිටි මට ටෙළියක් ලෙස මෑතකදි හිතට වැදුනු ටෙළි 2කකි. එකක් කූඹියො වන අතර අනික ගිණි අවි සහ ගිණි කෙළි නාට්‍යයි. ඒත් මෑතකදි දුටු සිඟිති පාතාළයෙ හැසිරිම සහ වීඩියො දුටු විට ගිණි අවි සහ ගිණි කෙළි නාට්‍යය පිළිබඳව මට නැවත වරක් සිතන්නට යමක් ඉතිරි උනු බව කිව යුතුමය. එවැනි ටෙළි නාට්‍යය ළමා මනසට ගැළපේද? ඒක බොළා තීරණය කරපල්ලා.

                    තණමල්විළ කොල්ලා නැවත පුංචි තිරය මට සමීප කළ බැව් කිව යුතුය. එය වෙනස්ම කතාවක් නොවුනත් සමාජයට යම් පණිවිඩයක් දෙමින් තිබේ. "දීප්ත" මල්ලිව ගොඩ නංවන යශොදරා අක්කාගෙ සියුම් බුද්ධිය සහ හැකියාව ප්‍රශංසනීය බව කිව යුතුමය. මේ කියන්න යන්නෙ තණමල්විළ කොල්ලා ගැන නොවන බව කරුණාවෙන් සළකන්න. එහෙත් හැම ගමකම යශොදරා අක්කලා සිටිය යුතුමය. එහෙම උනා නම් වඩා හොඳ පුරවැසි පිරිසක් ගමට රටට දායාද වීමට තිබුනි.




                             අපේ ගම්වලත් අක්කලා ඇත, තවත් බොහො ගම්වලත් අක්කලා ඇත. හැබැයි ඒ අක්කලා "යශොදරා" නොවන අතර සුද්දි, බට්ටි, ලොක්කි, මද්දු, ටිකිරි, මැණිකෙ ආදි නම් වලින් හැඳින්වින. මේ අක්කලා යශොදරා අක්කා නොවුනත් මහසෝනා ගෙවල් ඉදිරිපිටින් ගියත් වැඩක් නොගෙන නම් අත නොහරි. "ලොකු මල්ලි පොඩි වැඩක් කරලා දෙනවකො" කියන ගමේ අක්කලා බවතරණය, ගම්පෙරළි, කළියුගය වෙනුවට තඩි හම්පඩ පොරවක් අතටදි "මේක පළලා දෙනවකො" කියයි. බැහැ කියන්නට බැරිකමට අර හම්පඩ පොරොවෙන් දෙල් කොටයක් හො වෙනත් දර කොටයක් සමග ඔට්ටු වෙන්නෙ බැහැ කිව්වොත් ඇහෙන කඩප්පුලි කතා නිසාවෙනි. "මට පාඩම් කරන්න තියෙනව" කිව්වොත් වැඩේ නහුතං වෙන නිසාම කට වහගන දර පැළිම සුදුසු බව ගමේ කොල්ලො දනිති. "උඹ පාඩං කරලා මහ ඒජන්ත වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ" " බළකො මූ ගියපු උඩක් , රට අල්ලන්න වෙන්න ඇති" ඔවැනි කතා අහනවාට වඩා දර පැළිම යෙහෙකියැයි මල්ලිලා දනිති.

                       යශොදරා අක්කා රුසියානු සාහිත්‍යය කියෙව්වාට ගමේ බොහො අක්කලා කියවන්නෙ ලාංකිය පත්තර කලාවයි. සුවඳ, සඳරේණු, බිරිඳ, ප්‍රියාදරි, සේම චිත්‍රකතා පත්තරද මේ ගොන්නෙ විය. ඒ අක්කාගෙන් මේ අක්කාට ඒ අක්කාගෙන අර අක්කාට ආදි වශයෙන් පත්තර අදින රස්සාවද කිරිමට වන්නෙ මල්ලිලාට වන අතර එවැනි පත්තර කියවීමට මල්ලිලා නිකන්ම ඇබ්බැහිවිම සිදුවේ. එකළ මයිනාද ප්‍රියාදරි සහ චිත්‍රකතා පත්තර ආශාවෙන් කියැවිමට ඇබ්බැහි වි සිටි අතර නැට්ටට කිරි උනන වයසේ එවැනි පත්තර හම්මේ.... හාය. මර්ටින් වික්‍රමසිංහ නොදත් ගමේ අක්කලා සුජීව ප්‍රශන්න ආරච්චි, මහෙෂ් රත්සර, යෞවන සමින්ද්‍ර, ආසිරි වනිගරත්න, ප්‍රදීප් කුමාර බාළසූරිය දැනසිටි බව සැබෑය.

                                      සමහර අක්කලා නාන රෙදි හෝදන වෙලාවක ළිඳක් ළඟින් ගියොත් අහවරය. "වතුර 2කක් ඇදලා දෙනවකො" ගෙදරම රෙදිත් හෝදා අක්කටත් නාන්නට වතුර අදින්නට සිදු වන්නෙ මල්ලිත් නොදැනුවත්තමය. ඔය පරිප්පුව වැඩිපුර අපේ තඩියා කෑ අතර සමහර දවසක පැය 3ක 4ක කාළයක් තඩියා පොදු ළිඳට එන ඈයොන්ට වතුර ඇද්දා මතකය. ගමේ මල්ලිලාට පොත පත දෙනු වෙනුවට පත්තරත් උපදෙස් වෙනුවට උදව්වත් ගත්ත අක්කලා නම් ගම්වල ඇත. යශොදරා අක්කා කේක්, බිස්කට්, කෝපි තණමල්විල කොල්ලාට දෙන අතර අපේ ගම්වල අක්කලාගෙ ඇල්වතුර එකක් හො බීමට නම් දානයක්,  මගුළක්, පිරිතක් නැත්නම් උංගෙ ගෙදර එකෙක් සෙට්ටපොයිච්චි වෙන්නම ඕනෑය. එහෙම වෙලත් අක්කා දෙතුන් පාරක් මල්ලිව දැක්කා නම් "තොපිට ගෙවල් නැද්ද බොළව්" අසනු නිසැකය.

                                තණමල්විළ කොල්ලාගෙ සෙට් එක මරුය. පතෝළයා, කිතුලා, හීං අයියා, ජගා ඇතුළු මරු කොල්ලො ටිකකි. ගම්වල එවැනි කොළුනඩ ඕනෑ තරම් වේ. එක සිගරට් එක එක උගුර ගානේ රවුමට යද්දි ඒක වෙනමම ආතල් එකකි. අමු අඹයක් කැබළි වලට කඩා 12 දෙනෙකු කෑ අතීතයක් මයිනාටද ඇත. කොළුකමට කොල්ලො මදාවි වැඩ කරති. ඒවා විවිධය වත්තකට පැන හොරාට කුරුම්බා කැඩිමද වෙනම ආතල් එකකි. කොත්තුවක් ආප්පයක් කෑමට සල්ලි නැති වු විට හොර පොල් කැඩිමද තවත් ආතල් එකකි. සුනාමියට පෙර මුහුදෙ හිරිගල්පර කඩා විකිණිමද අඩුවක් නැතිවම සිදු විය. ගෙදරට හොරෙන් මුහුදට පැන හිරිගල් පර කැඩිමද වෙනම ආතල් එකකි. එහෙම වෙලාවක පොලිසියෙන් පැන රබර් උණ්ඩ වලින් වෙඩි තැබිමද පට්ටම ආතල් එකකි. ඈත ගම්පළාත් වලින් පැමිණ පොලිසියට බැඳුනු සමහර නිළදාරින්ට පිහිනිමට නොහැකි වීමද ආතල් එකකි. පොඩි එවුන් රැල්ල පාගනව මෙන් වතුරටත් ගොඩටත් පනිමින් එවැනි නිළදාරින් දෙන ආතල් එකද පට්ටය. වැළි ගොඩදාන පතෝළයා වගෙම අපිත් පොලිසියට බයෙ දිව් අතීතය අදද මතකේ මැවේ.

                                    ගම කොහෙ උවත් ලංකාව පුරාම කොල්ලන්ගෙ ආතල් එක හා සමානය. එක්ස්රේ කාඩ් ඩ්‍රම 90 දශකයෙ යෞවනයන් අතර පැතිර ගිය තවත් උන්මාදයකි. ෆුට් එකට නිල්පාට බැරළයක් තබා නිර්මාණය කරගත් ඒ ඩ්‍රම පෙර බොහො සැඳැවන් අමානන්දයට පත් කලේ නිතැතිනි. යුද්ධය පැවති කාලයෙ අපේ ගම්වලද ලොක්කයියලා විය. විටෙක පෙට්ටියක සීල් තබා තවත් විටක බාගයක් විවෘත පෙට්ටියක දමා හො රණවිරුවෙකුගෙ දෙහයක් පැමිණි විටක අපිද දුක් උනෙමු. විටෙක නිවාඩු පැමිණි සොල්දාදු වීරයො අපිට යුද්ධයෙ බිහිසුණු බව සහ ඔවුන්ගෙ කැප කිරීම් ගැනද විස්තර පවසද්දි අපි විශ්මයෙන් ඇලළි ගියෙමු. එදවස අපගෙ සිහින අතර ඉහළින්ම තිබු සිහිනය සොල්දාදුවෙකු වීමයි. යුද හමුදාවේ ඉහළ නිළයකට යෑමට ඉහළට ඉගෙන ගන්නා ලෙස පැවසු බොහො සොල්දාදු සොහොයුරො තණමල්විල කොල්ලාගෙ ලොක්කයියා මට සිහි කරවයි.

                                     90 දශකයෙ සහ දෙදහ මුල් කාලයෙ ස්මාර්ට් ෆෝන් නොමැති යුගයක තරුණයන්ගෙ ජිවිත වඩාත් සුන්දරව තිබුනා යැයි මට සිතෙ. හවසක රස්තියාදුවක් ගසා හැම දවසකම ගෙදිරින් බැණුම් ඇසිම එදවස දෛනික ජීවිතයේම කොටසකි.  තණමල්විළ කොල්ලා උසස් පෙළ පාස්විය බාහිර උපාදිය කිරිමටද සූදානම් වෙයි. එම ප්‍රථිපළයන්හි නියමුවා "යශෝදරා අක්කාය". ගම්වල බොහො අක්කලාට යශොදරා කෙනෙක් විය හැක. ඒත් යශෝදරා වෙනුවට ඒ අක්කලා දර පළන්නට, පොල් කඩන්නට, වතුර අදින්නට, කඩේ යන්නට මල්ලිලා යොදා ගන්නේය. ඒ කාලේ අක්කලා හිටියට දැන්නං ඉන්නෙ අක්කි බබාලලු, කාලේ වෙනස් උනා තාලේ වෙනස් උනා. ඒ කාලෙ අක්කල අපිට කියල පත දර කොට පළව ගත්තට දැන් ඉන්න මල්ලිලා ඊට එහ දේවල් පළනවලු. දැං ඉතිං ඒවා කතා කරලා වැඩක් නෑ. තණමල්විල කොල්ලෙක් ගැන ලියපු මං තොටගමුවෙ කොල්ලෙක්. එන්නං ඈ.......
___මයිනා___

මයිනාගෙ කතා... 88 ... තිරික්කලේ...

මයිනාගෙ කතා... 88 ... තිරික්කලේ...

                          ඉස්සර කාලේ ලංකාවෙ වගෙම වෙනත් රටවලත් ප්‍රවහණ පහසුකම් සලස ගත්තෙ සත්තුන්ගෙන් නෙව. එක එක ප්‍රදේශවලට යද්දි මේ ක්‍රමය වෙනස් වෙනව. අලි ඇතුන්ගෙ ඉඳලා බල්ලට යනකම් විවිද සත්තු මේ කාර්‍ය්යෙදි මනුස්සයට උදව් කරලා තියෙනව. ඔය සත්තු අතරිනුත් ගවයා නොහොත් හරකා බොහොම කිට්ටුවෙන්ම මිනිස්සුන්ට උදව් කරලා තියෙනව. හරකගෙ ජීවිතේ දි උගෙ වයස් කාණ්ඩ එක්ක ඌට කියන නමත් වෙනස් වෙනවනෙ. පැටියා නොහොත් වසු පැටියා කියලා චූටී කාලෙදි කියන එකාම ටික දවසකින් වස්සා වෙනව. ඒ වස්සගෙ නහය විද්දම ගොනා වෙනව, ඌගෙ ඇට දෙක තළලා ඉවර වෙලා පුසියා කියනව. පොදුවෙ හරකා එහෙමත් නැත්තං ගවයා කියනව වගෙම, පොත පත පරිශීලනයෙදි තව තව නම් හරකට කියලා තියෙනව. වෘෂභ, මහිෂ වගෙ නම් සංස්කෘත ග්‍රන්ථවල නම් අපිට දකින්න පුළුවන්. ගෙරියා... කියන නම කරත්ත බාෂාවෙදි නිතරම කියවෙනව, ගෙරියා කියන්නෙ ටිකක් නසරාණි ඩයල් එකකට වෙන්න ඕනේ.

              ඉස්සර කාලේ රජවරු, සිටුවරු, ඇමතිවරු, නිළමෙවරු ගමනා ගමනයට අශ්වකරත්ත සහ අශ්වයො පාවිච්චි කරද්දි ගම් ප්‍රධානින් පවිච්චි කරේ තිරික්කල සහ කරත්ත. කරත්ත ප්‍රවහන කටයුතු වෙනුවෙනුත් තිරික්කල සහ බක්කි කරත්ත ගමනා ගමනය සඳහත් පාව්චි කරාලු. මීට අවුරුදු 20කට 30කට ඉහත මාතර නගරයෙ නම් ඔය බක්කි කරත්ත වගෙම තිරික්කලත් තිබුනා. දැන්නනම් බොහොම කළාතුරකින් ටෙලිවිෂන් එහෙක තරු පංතියෙ හෝටලයක හැර වෙන නම් දකින්න පුළුවන් කටුගෙයි තමා.

                        අපේ ගම්තුලානට එහාට වෙන්න තිබුනා තව ගමක් අළුත්වල කියලා. ඔන්න ඔය ගමේ හිටපු අවුරුදු 55ක 60ක විතර මාමෙක්. දවසක් තිරික්කලෙකින් අපේ ගම හරහා හික්කඩුවට ගිහින් නැවත යමින් ගමන් අඳුරන ගෙදරක් ළඟ මාමා තිරික්කලේ පාර්ක් කරලා. මාමා ඒ ගෙදර ඇතුලට ගිහින් කතාවක. තිරික්කලෙ හිටපු ගොනා එතන තිබුනු ගිණීසිරීය අත්තක් කන්න දිව දික්කරනව. ඒත් ඉතිං අර ගොනාගෙ කඹේ කරත්තෙම රෝදෙක ගැට ගහලා තිබුනු නිසා ඌට හෙළවෙන්නවත් බැරුව අසරණ වෙලා. මයිනට ඒක දැක්කම පට්ට දුක හිතුනා, මයිනා ගොනාගෙ කඹේ ලිහලා කරත්ත ඇන්දෙ ගැට ගැහුව්වා. ඕං අර ගොනත් ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයොජනෙ අරන් ගිණිසීරිය දළු කමින් වැට දිගෙ ඉස්සරහට යනව. මයිනත් මයිනගෙ ගමන ගිහින් නැවත එන ගමන් දැක්කා අර තිරික්කලෙත් ඇදන් ගොනා මීටර් 200ක් විතර ඉස්සරහට ඇවිත්. ඕං ඉතිං මයිනට හිතුනා තිරික්කලෙ රවුමක් යන්න. වටේ පිටේ කවුරුවත් පේන්නත් නෑ දවල් 11ට විතර වගෙ ඇති වෙලාව. ආයේ ඉතිං දෙපාරක් හිතන්නෙ මක්කටෑ, නැග්ගා තිරික්කලේට.





                     ඉස්සර මයිනා පොඩිකාලෙ මයිනලගෙ ගෙදරත් කරත්තයක් තිබුනා. ඒක නිසා මයිනට ගොනා හැසිරවීමේ හැකියාවකුත් තිබුනා. මයිනා තිරික්කලෙන් මීටර් 50ක් යන්න උනේ නෑ සුද්දා කියල අපතයෙක් ඉන්නව ඌත් නැග්ගා තිරික්කලේට. දෙන්නත් එක් ඉතිං ඉදිරියට ගමනෙ තමා. හිටි ගමන් රේස් එකට තව ටිකකින් නැළවි නැළවි, පුල්ලි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්. අපේ ගම් පහු කරගෙන ඉස්සරහට ගියාම රංගල්ල පාළම කියලා පාළු පාළමක් තියෙනව. එතනින් ගඟ දිගට තියෙන පාරෙ කිසිම කෙනෙක් යන්නෑ. එතන ඇනිකට් එකේ වැඩකරන අය සහ වනජීවි එක තමයි ඔතනින් යන්නෙ. ඕං ඔය පාරෙ මයිනයි සුද්දයි ඉතිං තිරික්කලෙ පදිනව. පැයක් විතර ගියාම අපේ කට්ටයි කටයි දෙන්නත් මග සළකුණු ඔස්සෙ එතනට. උන් දෙන්නත් තිරික්කලෙන් ඒ පැත්තට මේ පැත්තට. ඒ වෙද්දි ගම ඇවිළිලා ඉවරයි, තිරික්කල් මාමට හාට් ඇටෑක් ඇවිත්. ඕං ඉතිං ඔය කළබැගෑනියට සෙට් වෙච්ච අපේ එකෙකුට කනට කරලා එතන එහා පැත්තෙ ගෙදරක එකෙක් කියලා "මේ මිනහගෙ තිරික්කලෙ මයිනා අරං ගියා කළුපේ පැත්තට, මං අරුං දෙන්නටත් කිව්වා ඉක්මනට වරෙව් කියලා. මුං පොලිසි යන්න කලිං කරත්තෙ අරං වරෙං"කියලා.


                               ටිකකින් ඌත් තිරික්කල් ප්ලෙස් එකට, "මචෝ අරහෙ හෙණ ගිණි කෙළියයි ඉක්මනට යමල්ලා" කිව්වමයි මතක් උනේ කරත්තෙ වෙන එකෙකුගෙ නේද කියලා. ඒ වෙද්දි ගොනාටත් කටින් සෙම එන සයිස් එකට ඇවිත්. "මේ කරත්තෙ උඹ අරන් පළයං හරිද ඇහුව්වොත් කියාපං ගොනා කළුපේ හිරියෙ හිටියා උඹ අරං ආවා කියලා" ඌ කරත්තෙ දීලා යවලා හතර දෙනා පයින්ම ආවා ඉතිං කරත්තෙ අරං ගිය දිහාවට. ඒ වෙද්දි ඉතිං කටින් සෙම දාන සයිස් එකේ ගොනාට ගම්වාසි සියළු දෙනාගෙ සන්ව කරුණාව පහළ වෙලා. වතුර දෙනව, කන්න දෙනව, හරියට නිකං නන්දිවිශාල ඇවිත් වගෙ තමා. මයිනලත් ෂේප් එකේ ඇවිත් මොකවත් නොදන්න ගානට ගොනාගෙ ඔළුවත් අතගාලා මාරු උනා. එතන අල්ලපු ගෙදර මාමා කතා කරලා "තෝත් කරන්නෙ හරි වැඩනේ වහෙ, තව පොඩ්ඩෙන් අර මිනිහට පපුවෙ අමාරුව හැදිලා මැරෙනව. හිටපං මම තාත්තා හරි අම්මා හරි හම්බ වෙනකං"
"වැඳලා කියන්නං අම්මටනම් කියන්න එපා හොඳේ, චුට්ටක් ආශ හිතුනා අප්පා ඒකයි ගියේ"
"තොට මරු ආශාවල්තමා එන්නෙ, දැං පළයං. අර මිනිහ පොලිසි ගියා නම් තමා උඹට වැඩේ"

මයිනා ආවා එතනින් ශේප් වෙලා හැබැයි ඉතිං අර තිරික්කලේවත් අර මාමවත් ඊට පස්සෙ කිසිම දවසක් දැක්කෙ නම් නැත. එන්නං හොඳේ.......
_____මයිනා___

මයිනාගෙකතා... 87...සෙවළයා


මයිනාගෙකතා... 87...සෙවළයා


මයිනා පුතා කාලෙකට ඉස්සර කොලොන්නවෙ ප්ලාස්ටික් බෝතල් හදන ෆැක්ටරි එකක වැඩකලා. ඔය ෆැක්ටරි එකේ තමයි හොරිලික්ස් බෝතල්වල මුඩිය එහෙම හැදුවෙ. ඔතන ෆැක්ටරි එකට වැඩට යන්න හේතුවක් උනේ ගමේ එවුං සෙට් එකක් එතන ජොබ් එකට ආවා. උන්ට කොළඹ ආපු අළුත නිසා උන්ව කොළඹට හුරු වෙනකං තමයි මයිනත් උං එක්කම එතන ටික දවසක් වැඩට යන්න සෙට් උනේ.  හැබැයි ඔය ආපු සෙට් එකේ හිටිය මයිනගෙ මාමා කෙනෙකුගෙ  පුතෙක්. වෙනකොට කසාද බැඳලා හිටියෙ, මයිනලට වඩා අවුරුදු 5ක්  6ක් වැඩුමාල් වගෙම ලෝකඅණ්ඩපාළ.  ඊට අමතරව ගෑණු සෙවළයා. මයිනට ඕකව දිරවන්නෙම නෑ. ගමේ ඉන්න දවස්වලත් මයිනා ඕකා එක්ක දෙතුන් සැරයක් වළිය දාගෙන හිටියෙ. ඕකා එක්ක තිබුනු ඇරියස් කවර් කර ගන්න මයිනට මාර උවමනාවක් තිබුනෙ. ඒකට මයිනට අවස්ථාවක් නොලැබුනු එකට මයිනා දුකෙන් හිටියෙ.

ඔය ආපු සෙට් එකේ එකෙක් හිටියා මයිනගෙ බොක්ක හින්දා තමයි මයිනා ටික දවසක් උන් එක්ක ඉන්න තීරණය කලේ. ෆැක්ටරියටම ටිකක් එහට වෙන්න තිබුනු වත්තක (මුඩුක්කුනිවාස) බොඩිමක් සෙට් කරං ඒකේ නැවතුනා.  මයිනට ඉතිං සමහර දවසක බෝඩිමේ ඉන්නව සමහර දවසක මාළඹේ යනව.  කට්ටියටම බෝඩිමේම උයන් කන්නත් සෙට් කරලා දුන්නා. ලාම්පුතෙල් ලිපකුයි හට්ටි තුන හතරකුයි පිඟන් වගයකුයි මාළඹේ ගෙදරින් ගෙනැල්ලා දුන්නා. මයිනා ආපු එවුන්ට පැහැදිළිවම කිව්වා, පාඩුවේ වැඩ කරපල්ලා ගෙදර වරෙල්ලා කාලා-බීලා පාඩුවෙ ඉඳපල්ලා.  මේ වත්තෙ කෙල්ලන්ට ගෑණුන්ට ටෝක් කරන්න යන්න එපා. වැරදිලා හරි කේස් එකක් ආවොත් තොපිට දුවන්න කොළොන්නාවෙ පාරවල් මදි වේවි. කොහොම පැහැදිළි කරලා ආවත් මයිනා දන්නව අරූ කන එක කනව අම්බානක.  මොකද ඕය සෙවළ ගතිය ඌගෙ ජාන වලින්ම එන පුරුද්දක්, ඕකගෙ තාත්තත් ගෑණු සෙවළය.

ආපු සෙට් එකේ හතර දෙනෙක් හිටියා. මයිනගෙ බොක්කයි තව එකෙකුයි නෝමල් එකේ තමන්ගෙ ජොබ්එක කරගෙන ෂේප් එකේ ඇදගෙන ගියා.  අර සෙවළයයි තව එකෙකුයි ෆැක්ටරියෙ කෙල්ලන්ට සෙවළ පෙරන්න ගත්තා. මයිනා ඉතිං ඔතන වැඩට යන්න උවමනාවක් නැති නිසා අරුන්ටත් ෆැක්ටරි එක හුරු හිංදා මාළඹේටම ගාල් උනා. ඉඳ හිට සතියකට දෙකකට සැරයක් අරුංව බළලා යන්න මයිනා ගියා. එහෙම ගියාම මයිනගෙ බොක්කා කියනව සතියෙ සමාලෝචනය. මතක ඇතුවම අර සෙවළයගෙ ක්‍රියාකාරකම් ටිකත් කියනව.  පළවෙනි අරංචිය ආවා අරුං දෙන්නගෙන එකෙක් බෝඩිම අයිති ඇන්ටිගෙ දුවට ලයින් කරන බවත්,  අනිත් එකා ඒකිගෙම යාළුවෙකුට ලයින් කරන බවත්. මදිවට උං දෙන්නා ලැල්ලක් හිල් කර හදා ගත් හිළකින් එහා පැත්තෙ නාන කෙල්ලන්ට බැල්මට් එක දාන බවත්. මයිනා පුතාට අවබෝධ උනා ළඟදිම කෑමක් ෂුවර් ඒක වළක්වන එක මයිනට කරන්න බැරි දෙයක් බවත්.

බෝඩිමේ ඇන්ටි කරෙ සල්ලි පොළි කරපු එක, ඇන්ටිව මයිනට හඳුන්වලා දුන්නෙ පොඩි චමින්ද කියලා මයිනගෙම යාළුවෙක්. ඇන්ටි පොඩි චමින්දයගෙ නෑයො වෙනව.   වගෙම තමයි ඔය වත්තම හොල්ලගෙන තමයි හිටියෙ. මයිනා අරුංව බළලා යන ගමන් ඇන්ටිගෙ ගෙදරටත් ගොඩ උනා.   ගිය තොරතුරු කතා බහ කරලා ඇන්ටි බෝඩිමේ ඉන්න අයගෙන් කරදරයක් එහෙම නෑනේ, කුළිය එහෙම වෙලාවට දෙනව නේදඅහලා පැත්‍තටත් වචනේ දාලා බැළුවා. ඇන්ටිගෙ දූ පැනලා අර උස අයියා ඔයාගෙ මාමගෙ පුතාලු නේකියලා අහපි.  මයිනත් කල්පනා කරලා බලලා කිව්වා අනේ අපේ ගංවල අපි කවුරුත් එකාට එකා නෑයෝ,  කොහෙන් හරි නෑ කමක් නම් ඇති හැබැයි ඉති ඒවා මේ ළඟම ලේ නෑකම් නොවෙයි හොඳේකියලා මයිනා ෂේප උනා. ඊට පස්සෙ ෂෙප් එකේ ඇන්ටි චුට්ටක් එන්නකොකියලා ඇන්ටිවත් එක්කගෙන පාර දිහවට එන ගමන් ඇන්ටිට විස්තරෙ කිව්වා.  ඇන්ටි අර උස එකා බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නව, ඇන්ටිගෙ දුව ඒකා ගැන බොහොම උනන්දු වෙන පාටයි ටිකක් පරිසමින්කියලා.  දුවට අඟවන්න එපා ටිකක් ඇහැ ගහගෙන ඉන්නකො කියලා මයිනා ආවා. මයිනා මයිනගෙ බොක්කට කියලා ආවා මොනවම හරි කේස් එකක් ආවොත් උඹයි අනිත් එකයි බොරැල්ලට ඇවිත්  177 නැගලා මාළඹෙ පහු උනාම තියෙන නෙමිකො ෂෝ රූම් එක ළඟින් බැහැපං,  ඊට පස්සෙ ඉස්සරහට ඇවිදගෙන වරෙන්,   එතන ජොතිපාළ මාවත පහු උනාම ඊළඟ පාර කහන්තොට පාර එතන කාගෙන හරි අහපං කීල්ස් ස්කීම් එකට යන්නෙ කොහොමද කියලා. එතනට ආවම මම ඉන්නව නැත්ත කාගෙන ඇහුව්වත් උඹටගේ පෙන්නයි.  විස්තර කියලා දීලා මයිනා මාළඹේ ආවා.  සතියකට විතර පස්සෙ සැන්දෑවරුවක 7   විතර මයිනගෙ බොක්කයි අනිත් එකයි ඉහෙන් කණින් දාඩි පෙරා ගෙන ස්කීම් එකට ආපි. මයිනට තේරුණා වැඩේ දෙල් වෙලා කියලා. “මොකෑබංඋනේ  අරුං දෙන්නා ඇන්ටිගෙ දුවයි තව කේලෙකුයි එක්ක ෂෝ එකක් බලන්න ගිහින් බං ඒක ඇන්ටිට මාට්ටු” “උඹලගෙ මාමාගෙ පුතා මාට්ටු ඌට අම්බානක දෙනව අරු පැනලා දිව්වා කොහෙ දිව්වද දන්නෑ” “උඹලා දෙන්නා ආවේ කොහොමදඅපිට අව්ළක් නෑනේ බං,  ඇන්ටි අපිට වචනයක් කිව්වෙ නෑ.  බොළගෙ එකා දණ ගස්සලා කුඩුකාරයො දහයක් දොළහක් එක්ක දෙනව අම්බානක”.


                                                            ඔය වලි අස්සෙ ගිහින් කොහෙවත් නැති පෝරියල් කන්න ඕනයෑ. මයින පුතා පහු වෙනිදා උදේ පොඩ් චමින්දයට කිව්වා පොඩ්ඩක් බලා ගෙන වරෙං අර පැත්තෙ විස්තර කියලා.  ඇන්ටි අරුට කියලා අර ළමයා මට හොඳ වෙලාවට කිව්වෙ,  ඕකා බැඳලා කියලා. ආයේ ගෑණු දෙස නොබලන්න දුන්නා ඕකට, අනිත් එකා පැනලා දිව්වානෙ නැත්තං ඌටත් දෙනව”. අනිත් එවුන් දෙන්නට අවුළක් නෑ,  උන් දෙන්නා බොඩිමේ ඉඳන් වැඩට ගියා.  හැබැයි ඉතිං මුළු ෆැක්ටරි එකම දන්නව සීන් එක. “උඹළගෙ දෙන්නෙකුට අම්බානක දීලලුනේඔය වදන තමයි හැමෝම අහනව කියන්නෙ. රෙද්දක් ඇඳන් වැඩට යන්න බැරි නිසා උන් දෙන්නත් ජොබ් එක දාලා යන්න ගියා.
අර සෙවළයට ගහද්දි පැනල ගිය එකා කැලෙන් කොලෙන් ඇලෙන් පැනපැන ගිහින් මතුවෙලා තියෙන්නෙ කොලොන්නාවෙ තෙල් ටැංකි දිහවෙන්.  එතන හිටපු ආමි එකේ සෙට් එකෙන් රුපියල් 100කුත් ඉල්ලන් ඌත් ගමට සේන්දු වෙලා තිබුනා. සෙවළයා පහු කාලෙක රට ගියා රටදි ගෑණියෙක් එක්ක යාළුවෙලා ගෑණිත් බැදං දැන් හළාවත දිහවෙ ඉන්නව කියලයි අරංචිය.  උඹලගෙත් ඔයවගෙ චීත්ත රෙදි වලට වහ වැටුනු එවුං ඉන්නවනං ලියා ගෙන පලයල්ලා උන් ගැන.  එන්නං ඈ.....
___මයිනා___