Thursday 4 June 2020

මයිනාගෙ කතා... 91... පොල්ල


මයිනාගෙ කතා... 91... පොල්ල

වල්ල ගැන බොලට කිව්ව නේ, අද කියන්නෙ පොල්ල ගැන. ඇඳ පොල්ල සහ දොර පොල්ල බොහොම ජනප්‍රියයි වගෙම තව පොල්ලක් තමා කොහු පොල්ල. කොහු කර්මාන්තයෙදි පොල් ලෙලි වතුරෙ දාලා පල් කරලා, ඒ ලෙල්ල තලන්න ගන්න පොල්ලට තමා කොහු පොල්ල කියන්නෙ. ඉස්සර රත්ගම දිහාවෙ වළියක් ගියාම ගෑණු ආවේ ඔය කොහු පොල්ලත් අරගෙන තමා. ශක්තිමත් කිතුල් ලීයකින් අඩි එකහමාරක් විතර දිගට හදා ගන්න කොහු පොල්ලත් මරු ආයුදේ. ඊට අමතරව ඉතිං පොළුවල අයිතිකාරයො නම් පිරිමි බොළ අපි තමා. පොළු ගැන කතා කරාම එක එක හැඩ සහ ප්‍රමාණ වලිං පොළු තියෙනව. සාමාන්‍යයෙන් වයසත් එක්ක පොල්ලෙ ක්‍රියාකාරකම් වෙනස් වෙනව. චූටිචුකං #යි, කෝකත් රෙඩි #යි, දුන්නොත් ගැහු #යි, එල්ලලෙන වැල් #යි.... වයස 0 සිට 11 දක්වා, 12 සිට 45 දක්වා, 45 සිට 60 දක්වා, 60න් පසු විදියට ඉහත පොළූ බෙදා වෙන් කරනව හරිය.

පොල්ල කිව්වාම වළියකදි බොහොම ප්‍රයොජනවත් වෙනව නෙව. වැටකින් හරි ගහකින් හරි කඩා ගනිපු ලීයක් පොල්ලක් වෙන්නෙ නිකම්මයි. ඔය පොළු පාරත් කරුමෙට නරකට හිටපු අවස්ථා එමටයි. කොස්සෙ මිටෙන් ගහපු පාරටත් මිනිස්සු මැරුණා. ඒවා ඉතිං වෙනම කතා. අදටත් මතක හිටින පොළු පාර මයිනට වැදුනෙ එල්ලෙ පොල්ලකින්. ඒක නම් වැදුනා කකුල් දෙක හරහ ඇදගෙන වැටෙන්නම, ඊට පස්සෙ ඉතිං කියන්න ඕනෙ නෑනෙ ලැබුනු පොළු සංග්‍රහය. ගිණිසීරිය පොල්ලක් තමා අපේ පැතිවල ලේසියෙන්ම වැටකින් කඩා ගන්න පුළුවන්. හැබැයි සැළසුම් සහගත පහරදීමකට වෙනම සූදානම් කර ගත්තු කුරුඳු පොළු සහ බයිසිකල් ප්‍රේම් එකක් කපල හදපු යකඩ පොල්ලකුත් තිබුනා.


අපේ ෆුට් සයිකල්වල කේබල් ලොක් තමයි හදිසියෙ පාවිච්චියට ගන්න වෙන්නෙ. මොකද අපේ කටා මාසෙකට දෙකකට සැරයක් අපිට හොඳ කෑමක් සෙට් කරනවමයි. ඕං එක දවසක කට්ටියම කතා උනා ඇල්පිටියෙ හඬන ඇල්ල බලන්න යන්න. කට්ටියම ෆුට් සයිකල්වල ඩබල් දාලා යමු කියලයි කතා උනේ. අදාල ඉරිදා දවසෙ ඕං කට්ටියම සයිකල් 6ක නැගලා 11 දෙනෙක් ඇලපිටි යන්න පිටත් උනා. ඩබල් 5යි සින්ගල් එකයි, කට්ටියම කළුපේ හරහ අළුත්වලට අළුත්වළින් ඇල්පිටියට එහෙමයි ගමන් මග. අළුත්වල හරියට එද්දි ළමෝ දහම්පාසල් යන්න සුදුවතින් සැරසිලා පාරේ. ඕං අපේ කටාගෙ ගොං ගති ඉස්මතු වෙන්න ගත්තා. අළුත්වල පහුකරලා ටික දුරක් යද්දි මල් වට්ටියක් අරං ආපු කෙල්ලෙකුගෙ ඇඟට ඇල්ලුවා සයිකලේ. ඒ කෙල්ල පැන්නා පාර මැදට කටා අනිත් එකත් එක්ක වැටක් අස්සට ගියා. "මු එක්ක ගියොත් අතපය කඩා ගන්න වෙන්නෙ බං" කියලා කටා එක්ක ගිය එකා අනිත් බයික් එකට සෙට් උනා. දැන් කටා සිංගල්. එහෙට මෙහෙට වෙට්ටු දම දම අපිට මීටර් 50ක් විතර දුරින් කටා යනව. අපිත් කටා දෙස බලාගෙන පස්සෙ යනව.

ඕං එක තැනකදි කටා ඇදලා ගියා, අපිට කටා පේන්නැ. වංගුවක් තියෙනව ඔතනින් හැරුනම කටා නොපෙනි ගියා කියලා හිතං අපිත් ඉදිරියට. ඕං ඈත පේනව මිනිස්සු වගයක් වට වෙලා කෑකෝ ගහනව. වේගෙන් ආපු ත්‍රීවිල් එකක් පොඩි එකෙකුත් උස්ස ගනිපු කෙනෙකුත් දාගෙන වේගෙන් ගියා. හුටා ලංකරලා බලද්දි කටා දණ ගස්සලා දෙන්නෙක් එක්ක කුරුඳු පොළු සංග්‍රහයක් තව පිරිසක් බේරනව. එකට ආපු එකා දාලා යන්න බැරි අමාරුවට අපිත් ඉතිං ගිහිල්ලා බැළුවා. මූ වෙට්ටු දාදා ඇවිත් පොඩි එකෙක් හප්පලා, පොඩි එකාගෙ ඔළුව පැළිලා. මූව බේරන්න ගිහින් තව ටිකෙන් අපිටත් ගහනව ගමේ මිනිස්සු. ඇල්පිටිය පැත්තක තියෙද්දි ආයෙමත් ගෙදර ආවා කටාට බැන බැන.

එදා අගොස්තු මාසේ පෝයක්, කට්ටියම සෙට් උනා බද්දෙගම සන්දරවල පන්සළට යන්න. හැබැයි කටාට හොරෙන්. දවල්ට කාලා 2ට විතර කට්ටියම බද්දෙගම යන්න පිටත් උනා. එකෙක් කිව්වා "යමල්ලා ගිණිමැල්ගහ පැත්තෙන් ඩොංගා ටිකකුත් කඩාගෙන යන්න පුළුවන්" කියලා. ඕං කට්ටියම පාර දෙපස බල බල යද්දි පාර අයිනෙ ගහක ඩොංගා පිරිලා. කට්ටියම දැං ගහට පොළු ගහනව. පොළු ගහන්න ලී ගන්නෙ වැටට හිටවපු ඒවා. හුටා මේං ගෑණියෙකුයි මිනිහෙකුයි කැත්තකුත් උස්සං එනව, රටේම කුණු හරුප ටිකත් කිය කිය. බයිසිකල්වලට නැගලා පදින්න වෙලාවක් නෑ තල්ලු කරං තමයි දිව්වෙ කට්ටියම. යංතං ගුටි නොකා බේරුනා ඈතදිම අර මිනිස්සු එනව දැකපු නිසා.

ඕං ඔහොම දැහැමින් සෙමින් කාලේ ගෙවිලා ගිහිං කට්ටිය දවසක ගම්මඩුවක් බලන්න ගිහින් වළියක් පටල ගත්තා. උංගෙ ගමේ උන්ට ගහන්න ගිහින් ඉල්ලං කන්න උවමනාවක් නැති නිසා ගම්මඩුව පැත්තක තියෙද්දි කට්ටියම ගෙදර ආවා. ඊට සතියකට විතර පස්සෙ ඒ ගමේ කොල්ලො දෙන්නෙක් සීනිගම දේවාලෙට ඇවිත්. කට්ටයි, තඩියයි දෙන්නා අරුන් දෙන්නව වැල්ලට එක්කගෙ ගිහින් දීලා කනේ පාරවල් 2කක්. ඔය වෙලාවේ කොහෙදෝ ඉඳලා ආපු කටා ගුටි කාලා ගියපු කොල්ලො දෙන්නව අයෙමත් වැල්ලට එක්ගෙන ගිහින්. දීලා පොලු පාරවල් දෙක තුනක් එකෙකුගෙ ඔළුව පැළිලා අනිකගෙ අත කැඩිලා. කොල්ලො දෙන්නා රෝහළට කේස් එක පොලිසියට. එතන හිටපු එකෙක් කටාගෙ විස්තර දීලා. කටා හොයන්න පොලිසියෙන් ගමට. රෝහළ් වාර්තා සමග වැඩේ සීරියස් යන සයිස් එකට. ඕං කටා පොලිසියට අරං ගියා. ගුටි කාපු එවුන් දෙන්නා කට්ටයි, තඩියයිත් ගැහුව්වා කියලා උන් දෙන්නවත් හොයනව. වැඩේ උසාවි යන සයිස් එකට ඇවිත්, කටා කූඩුවේ. දන්න අඳුරන හිතවත් දේශපාළන සහ ඉහළ පොලිස් නිළධාරියෙකුගෙ පිහිටෙන්, රුපියල් 5000ක් අර කොල්ලො දෙන්නට දීලා සමතයකට පත් උනා. ඊට පස්සෙ පොළු සෙල්ලමට ගියෙ බොහොම පරිසමින්.

අතේ මැඳගිල්ලෙ ඉඳලා වැළිමිට ලඟට ඉරටුවක් මැනලා ගනිං. ඒක අතක ඇඟලිවල දිග ප්‍රමාණයට කඩලා අයින් කරපල්ලා දැං ඒ ඉතුරු උන ප්‍රමාණය සමානයි පොල්ලට කියලා හිතා ගනිල්ලා. බොරු නම් මැනලා බලපල්ලා හරිය. අපේ කට්ටා පොල්ලෙ ප්‍රශ්නෙකට රෝහල්ගත උනා දවස් 3කට. කරාපිටියෙ ඇඳ ළඟ හිටියෙ අපි එකා එකා මාරුවෙන් මාරුවට. හැබැයි කට්ටට එහෙමට අමාරුවක් නෑ, පරික්ෂණ වගයක් කරා. ඒ වගෙම පුහුණුවන වෛද්‍ය ශිෂ්‍යයන්ට ප්‍රයෝගික පුහුණුව ලබා දීමටත් සමහර ලෙඩ්ඩු පරික්ෂා කරා. සාමාන්‍යයෙන් උදේ පාන්දර ඔය පුහුණුවන වෛද්‍යවරු එනව. ඇවිත් ලෙඩ විස්තර රිදෙන තැන් අතුරු ආබාද ගැන විස්තර අහලා දැන ගන්නව. කට්ටත් නොමිලේ පොල්ල අතගා ගැනිමේ අවස්ථාව ඔය නිසා ලැබුනා. එදා උදේ කෝමහරි කට්ටා වොෂ් රූම් ගියාම පුහුණු වෙන වෛද්‍ය කණ්ඩායම ඇවිත්. ඇඳ උඩට වෙලා කටා තමයි ඉඳලා තියෙන්නෙ. අර කණ්ඩායම ඇඳ ඉහ වාර්ථා එහෙම බලලා දැන් කටාව පරික්ෂා කරන්න පටන් අරන්. එහෙට අනිනවලු මෙහෙට අනිනවලු එක විකාරයයිලු. අන්තිමට කිව්වලු ගලවන්න කියලා කළිසම, උපන්ගෙයි වළත්තයා වෙච්ච කටා ගලවලා කළිසමයි ජොකයි. එහා ඇඳේ ලෙඩා කොට්ටෙ හපංලු වැඩේට. ඔය අතරෙ ඇට කූට්ටමට ටොක් එකකුත් දාපු ඩොක් සෙට් එකා ගියාළු, කටාගෙ මල්ලි ඔළුව උස්සං බලන් ඉන්නවලු. වොෂ් රූම් ගියපු කට්ටා ඇඳට එන්නැතුව බලන් ඉඳලා සීන් එක. ඩොක්ලා ගියාම බෙහෙත් දෙන්න නර්සලා එද්දි අල්ලපු ඇඳේ එකාට ලේ යනවලු. බළපුවාම ඌට ඔපරේෂන් එකක් කරලා තිබිලා තියෙන්නෙ. හිනාව හිර කරන් ඉඳල තුවාළ වලින් ලේ එළියට පැනලා. ඊළඟ දවසෙ කට්ටා ගෙදර ආවා, කටා නම් කිව්වෙ "තව දවස් 2ක්වත් ඉඳලා එන්න තිබ්බෙ බං" කියල. ඕං ඔහොමයි පොළු කතාව ඉවර උනේ...... එන්නං ඈ........
____මයිනා____

No comments:

Post a Comment