Sunday 27 January 2019

මයිනාගෙ කතා... 30 සමාජවදේ..

මයිනාගෙ කතා..30.. සමාජවදේ..

එක එක වාද තියෙනව නෙ, ලංකාවෙ වාද අතර ප්‍රසිද්දම වාදය තමයි පානදුරා වාදය. සුද්දගෙ රෙද්දෙ රෙවෙන්න උත්තර දීපු සුපිරි වාදයක් වෙච්ච පානදුරා වාදයෙන් පස්සෙ තමයි පිට රටවල ඈයොත් මේ බුදු දහාම ගැන වැඩි පුර සොයලා තියෙන්නෙ. ඕල්කට් තුමා එහෙම ආවා කියන්නෙ ලංකාවට ඊට පස්සෙ නොවෑ.

                                  ඇත්තම කියනව නම් ලංකාවේ හිටපු සහ ඉන්න සුපිරිම මරි මෝඩ අපතයෝ තමයි සමාජවාදේ වැළඳුනු සෙට් එක. සමහරවිට උං වළිගෙ පාගං නැත්තං සමාජවාදය කියලා මුංට වෙන වෛරස් එකක් ලැබිලා. සාපේක්ෂතාවාදය, පරිණාමවාදය.... වගෙ තව තව වාද අස්සෙ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාර්ළිමේන්තුවට වෙලා වාද විවාද  කරන අයියලා සෙට් එකකුත් ඉන්නව නොවෑ. වාද විවාද සාද මැද්දෙ සමහාර එවුන් ගෙවන ලයිෆ් එකත් පට්ට.

                                              මං කියන එකා රට කාලා කාලා බැරිම තැන පිට රටවල් කන්න කියලා ගුවන් ගත උනානේ. ආං එහෙම ගුවන් ගත වෙලා ඉඳලා ලංකාවට ආපුවහාම සමහර එවුන්ට මාර අවුළ් නේ. ආං එහෙම අමාරැවක් තිබුනු එකෙක් අපේ අම්මගෙ කණට දැම්මා "පුතාට  මනමාළියක් හොයමු" කියන තේමා පාඨය. ඕං ඉතිං අම්මට වඩා අනිත් එවුන්ගෙ අමාරැවට දැං එනවා එක එක විස්තර. මනමාළිට තිබිය යුතු සුදුසුකම් මයිනා පාර්ශවයෙන් ඉදිරිපත් කලා. කොණ්ඩය දිග, වැඩියෙ මහාත නැති, පැහැපත්, රෑමත්, උගත්......

ඕහොම ලැව් ගින්නක් පැතිරිලා ගිහින් එක එක ඒවා ගැන ආරංචි අරන් එක එක එවුන් එනව. ඒ අතරිනුත් පවුළේ හිතවතෙක් වෙච්ච එකෙක් මේ සිද්ධිය බොහෝම බැරෑරැම්ව කරටම අරගෙන වැඩේට බැස්සා. ඕං ඉතිං මූ එක එක විස්තර අරන් එන අතරෙ මූත් දන්න හිතවත් කෙනෙකුගෙ විස්තර සමග වර්ණනාව වැඩි උනා. අවසාන ප්‍රථිඵළය උනේ මනමාළිය බලන්න යායුතු බව. හැබැයි යන්නෙ හිතවතා මයිනගෙ අපත සංගමේ යාවජීව සමාජික තඩියා සහ මයිනගෙ බාප්පගෙ පුතෙක් වෙච්ච මයිනා සේම නස්කූනියෙක්.


එක සෙනසුරාදාවක හතර දෙනත් එක්ක ගියා අහම්බෙන් ආවා වගෙ මනමාළිගෙ ගෙදරට. ඕං ඉතිං ගෙට ගොඩ උනු හැටියෙ මයිනගෙ දෙනතට දර්ශණය වෙනවා ලෙනින් ඉන්නව එක බිත්තියක විරවගෙන. පළවෙනි නිගමනයට ආවා මේ ගෙදර මූළිකයා සමාජවාදියෙක් වෙන්න ඕනේ. සාලේ තිබුනු පුටුවක වාඩි උනා ස්ටූල් එක උඩ මැක්සිමම් ගෝර්කිගෙ පොත් පෙළක් සහ චේ ගූවේරා රැව සහිත පොතක්. දෙවනි නිගමනයට ආවා  මේ මාමා සමග කතා කරන්න වෙන්නෙ පරිසමින්.

                       ඕං ඉතිං මාමා ආවා කතා කරගෙන යනකොට තේරැණා අනේ මේ මාමා හොඳ මාමෙක් වග. ඉන්න රට තොට රැකියාවේ තොරතුරැ සහ බුද්ධ දර්මය ගැන කතා කලා. දේශපාළන දැක්මත් වමට බර සරළ දැක්මක්. මාමා සතුව මොළේ උණ නැති බව ස්තීර උනා. ඕං ටිකකින් අර ෆොටෝ එකෙ හිටපු මනමාළිගෙ රැව ඇති එකිත් ආවා. ගේ ඇතුලෙන් එළියට බැහැලා සිහිළ් සුළං රැල්ලෙ සිසිළස විඳින ගමං කතාවට මාතෘකා හොයනව.

"කවුද මේ මල් වවලා තියෙන්නෙ"

"අපේ අම්මා"

"අර එළවළු පාත්ති"

"තාත්තා"

"මොනවද ඔයා කරන්නෙ"

"මොනවත් නෑ ඩිග්‍රිය කරා, සමාජසේවා වැඩ පොදු කටයුතු තමයි"

"ඒක හොඳ වැඩක් පොදු කටයුතු වලට උදව් වීම"

"මේ රටේ පවතින ක්‍රමය වෙනස් කරන්න, ශ්‍රම  සූරා කෑම නවත්තන්න, ධනවාදින් අතරට විතරක් ඇති පහසුකම් පොදු මහජනයාට ලබා දෙන්න අපි කැප වෙනව"

"ඇත්තට"

"ඕව් විජේවීර සහොදරයා අරගළය තුලින් බළාපොරොත්තු උනේ ඒක, ජීවිත පරිත්‍යාගයෙන් අපේ සහොදරවරැ කැප උනේ  සමානාත්මතාවය වෙනුවෙන්" "මේ රට ඇතුලේ ඉන්න ධනවාදීන් පන්නලා බළයට පත් වීම සහා මේ රට සමෘදිමත් දේශයක් කිරිමයි අපේ බළාපොරෙත්තුව. දිවා රෑ කැප වෙමින් අපි උත්සහා කරන්නෙ ඒකට"


වෙන්න මනමාළිගෙ හඬ උස් වෙලා, ගිරිය පිප්පිලා, නහාර ඉළිප්පිලා එකම එක මළම මළ විකාරයක් උනා. ඒ වෙද්දි වෙන්න මනමාළිගෙ තාත්තා ඔළුවෙ අත තියං ඉන්නව. අම්මා කුස්සියට වෙලා දවල් කෑම හදනව. ජෙ.වි.පි. කියන අකුරැත් ඇලජික් වෙච්ච මගෙ ප්‍රතිචාර දන්න බාප්පාගෙ පුතා සහ මිත්‍රය තොළ හපං හිනා වෙනව.

"ඈ කෙල්ලෙ අර මල් ගස් වැව්වෙ අම්මා, එළවළු පාත්ති හැදුවෙ තාත්තා"

"අපි ආපු වෙලාවේ අපිට තේ හදලා දීලා සංග්‍රහ කරේ අම්මා, යකෝ ඉන්න ගෙදර දොරට පළක් නැති තොපි තමා රට හදන්න යන්නෙ"

"අර අම්මා නැහි ගෙන උයනව කුස්සියට ගිහින් ඒ අම්මට පොල් ටිකක් ගාලා දෙන්න බැරි තොපි තමා රට හදන්න යන්නෙ"

"හදලා වඩලා අධ්‍යාපනේ දීලා ලෙඩට දුකට බලලා, අවුරැදු විසි ගාණක් වෙනකං තමුං වෙනුවෙන් යුතුකම් ඉටු කරපු දෙමව්පියන්ට තමුං හම්බ කරලා තමුංගෙ මහාන්සියෙන් රෙදි කෑල්ලක් දෙන්න බැරි තොපි තමයි මේ රට සුඛිත මුදිත කරන්න හදන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව්. ධනවාදින්ට ශාප කරන්න තොපිට උගන්නපු තොපේ නායකයා (එවකට ජෙ.වි.පෙ. නයකයා  සෝමවංශ) ඉන්නෙත් එංගලන්තෙ"

"රෝහණ විජේවිර කියන පිස්සා පස්සෙන් ගිහින් මේ රටට නැති උනු තරැණ ජීවිත, පොදු දේපළ, ඒ මිලේඡ් තුප්පහියො තමා අද රට හදන්න කතා කරන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව් ඊට පස්සෙ රට නිකම්ම හැදෙයි"



දේශනය ඉවර කරන්න හම්බ උනේ අරකිගෙ අම්මා අත්පොලසන් දීපි.

"ඔය ළමයගෙ කටට මසුරං දාන්න ඕනේ" කියලා.

"හැබැයි වරද ඔයාලගෙ මොලේ කොලොප්පං වෙන පොතුයි මෝඩ දේශපාළනේටයි ගියාම ගෙදරින් කිසිම දෙයක් දෙන්න එප. ඔය පක්සෙන්ම ඉල්ලං කාලා ඇඳලා ඉඳපං කියලා ගෙදරින් පන්නන්න"

අර අම්මටයි තාත්ටයි කට උත්තර නැත අපි එතන රැඳෙන්නෙ නැතුව මාරැ උනා.
හැබැයි මයිනගෙ බාප්පගෙ පුතණ්ඩියා එන ගමන් අර කෙල්ලගෙ තාත්තට කිව්වා.

"මාමෙ විමල් වීරවංශට හරි ටිල්වින් සිල්වට හරි දුව බන්දලා දෙන්න, සමාජවාදෙන්ම වැඩේ ඇදන් යයි." කියලා

හැබැයි අර ලෙනින්ලා, චේ ලා, රැසියානු පොත් සහ පත්‍රිකා සියල්ල ගිණි ගොඩකට වැටි ගිණිබත් උනාලු ඒ ගෙදර තාත්තගෙ අතින්. අම්මගෙ රෙද්දෙ සමාජවාදේ.

මයිනාගෙ කතා...29 ඔට්ටු ඇල්ලීම

මයිනාගෙ කතා...29 ... ඔට්ටු ඇල්ලීම

                                     ඔට්ටු ගැන මොනවද දන්නෙ, කැසිනො සහ වෙනත් විදිවලින් රජයෙ අනුග්‍රහායෙන් ඔට්ටු ඇල්ලුවට ගමේ ගොඩේ ඔට්ටු පොළට ඉතිං දහාසකුත් එකක් තහාංචි. හැම ගමකම වගෙ මීට අවුරැදු 10කට 12කට කලින් ඔට්ටු පොළවල් තිබුනා. බුරැවා ගැහිල්ල, කුකුල් කෙටවිල්ල වගෙ ඒවා තමයි බහුල වශයෙන් තිබුනෙ. 6 - 5 දැමිල්ලත් තිබුනා පොඩි දාදු කැට දෙකක් හොලවලා දාන සීන් එකක් ඒකේ තිබුනේ. එංගලන්තෙ අශ්වයන්ට මෙහෙ ඉඳන් සල්ලි පුදන ක්‍රමේකුත් තියෙනව හරි ඒක වෙනම කතාවක්.

                                       ඊළඟ එක තමා ජැක්පොට් මැෂිම ලංකාව පුරා නගර වල ඒ කාලේ ඔය මැෂිම හයි කරලා තිබුනා. හික්කඩුවෙත් 2කක්ම තිබුනා අතට රැපියල් 10ක් 20ක් ලැබුනා නං මයිනා ගිහින් ජැක්පොට් එකට පුදලා ආපු සොඳුරැ අතීතයක් මයිනට තිබුනා. පයින්ම හික්කඩුවට ගිහින් අතේ තිබුනු කීය හරි මැෂින් එකට දාලා බලං ඉන්නවා ඉතිං ඒකේ තිරේ දිහෑ. දිනුවා නං එහෙම 2කේ කාසි සර සර ගාලා හැලෙන්නෙ. ඒක නැවැත්තුවෙ ප්‍රේමදාස ආණඩුවෙන් නේ, ඒකට හේතු උනාය කියන්නෙ ප්‍රේම් ලොක්කා හැන්දෑකොරේ විසිට් එකක් දාද්දි පාසල් නිළ  ඇඳුමෙන් ළමයෙක් ඉන්නවලු පාර අයිනෙ. රෑ 8ට විතර මේ ළමයා තනියෙං පාර අයිනෙ ඇයි කියලා බැළුවම කොල්ලා බස් එකේ යන්න ගෙදරින් දීපු සල්ලි වලින් ජැක්පොට් ගහාලා. සල්ලි නැතුව ගෙදර යන්න විදියක් නැතුව තමයි ඉඳලා තියෙන්නෙ. ප්‍රේම් ලොක්කා කොල්ලට ගෙදර යන්න. අවශ්‍ය පහසුකම් එහෙම සලසලා දිලා ගනිපු තීරණය තමයි ලංකාව පුරාම ජැක්පොට් මැෂින් තහනම් කිරිම.

                                     ඕං ඉතිං මයිනලාගෙ ගමෙත් කැලෑ මණ්ඩියක මේ වැඩේ ජයටම කෙරැනා. දවසක මයිනා පුටාර් එකේ නිරික්ෂණ චාරිකාවක යෙදි ඉන්න මොහොතක එකෙක් "ලොකු මල්ලි මාව චුට්ටක් ඉස්සරහාට දාපං" කියලා අර කැලෑ මණ්ඩියට ගියා. ආපු එකේ මොකෑ යන්නෙ නිකං කියලා මයිනත් ඉතිං ඔළුව පොඩ්ඩක් දාලා බැළුවා. හම්මා  ඉතිං 1000ට 500ට කූට්ටම කැපෙන්නෙ. වඩි වෙච්ච උං එහෙම කොළ බෙදාගෙන දඟළනවා. වටේ එවුන් එවුන් පිට ඉදං ඔට්ටු අල්ලනව.

"මේ 100 කළු අයියා දිනයි"

"මේ 200 ලාල් දිනය"

"මේ 200ය 100ට දානව සුනිල් දිනයි"

මයිනගෙ බයිසිකලේ ආපු එකත් දැං ඔට්ටු අල්ලන්න සෙට් උනා. ඊළඟ අත කැපෙන්නෙ ආරි මාමා කියලා පොරකට. මයිනා එක්ක ආපු එකා ඔට්ටු අල්ලන්න හදන්නෙ අනිත් එකාට. මයිනගෙ කට තියන් ඉන්න බැරිකමට   අරෑට කිව්වා

"ආරි මාමාට අල්ලපන්"

ආරි මාමා අතේ තිබිච්ච අන්තිම 1000 තමයි දාලා තියෙන්නෙ. ඒ වෙනකොටත් පැරදිලා කුජීත වෙලා හිටපු ආරී බැළුව නරි බැලිල්ලක්. නිකං හරියට පව් අරැගෙ 100 කියන්න වගෙ. කරැමේ ආරීට කැරකිලා කාඩ් පැක් එකේ උරැමේත් ආරිට ආවා. එතැන් පටන් ඉතිං ආරී දුන්නා වටේටම පිටියම සුද්දයි. ආරී සරම කැහැපොට ගහලා දිනපු සල්ලි ඔක්කෝම දාගෙන යමිං ගමං රැපියල් 500කුත් දීලා ගියා මයිනාට.

අර 500යත් අතේ තියන් මයිනා කල්පනා කරා ඉස්කෝලෙ ඇරිලා ඇවිත් බූරැවා ගහන්න යන්න. ඕං ඔය සිතුවිල්ලෙන් ඉන්දැද්දි මයිනා බුරැවා ගහාන්න යන තැනට යන්න හේතු හොයනවා. කරැමේ කියන්නෙ එකෙක් පයිං ගියෙ නෑ එදා බූරැවා ගහාන පැත්තට. මයිනා  හිතං හිටියෙ ට්‍රාන්ස්පෝර්ට් දෙන මුවාවෙන් ඒ පැත්තට යන්න ඒක හරි ගියෙත් නෑ. ඊළඟ  දවසේ ට්‍රාන්ස්පෝර්ට් එකක් සෙට් උනා. පුටාර්  එකේ හැඬල් එකේ ටියුබ් පටියක් දාලා පොත්  දෙකකුත් ඒකෙ හිර කරං පංති ගිහිල්ලා එන ගමන් තමා හිටියෙ. ආයේ මොනාද ඉතිං මයිනා බූරැ පොලේ තමා කෙලින්ම අරැත් දාගෙන, වැඩෙ නැගලා යනව.
මයිනා දැං ඔට්ටුවක් අල්ලන්න එකෙක් හොයනව. වළියක් නැතුව සල්ලි බේර ගන්න පුළුවං එකෙකුත් වෙන්න එපෑ. මොන ඔට්ටුද  එකෙක් කෑ ගැහුව්වා "පොලීසියෙන්" කියලා. හිටපු ඇයෝ කොහෙද නෑ කාල් ලුවිස්ලා, බෝල්ට්ලා මොක්කුද එතන ඉඳලා දුවපු එවුන් එක්ක. අහිංසක මයිනා කෙසේ දුවමිද  බයිසිකලේ දාලා, අසරණ මයිනා එතනම නැවතුනා. එතන එවුං දුවලා පොලිසියෙන් මයිනව අල්ල ගත්තා එකෙක් දුන්නා කණ වහාලා එකක් හත් දින්නත් තරැ සහ ඉතිරි මන්දාකිණියම සැනින් මැවෙන්න.

"තෝ බූරැවා ගැහුව්වා නේද"

බොහොම අහිංසකතාලෙන් පොළිස් නිළධාරියා දෙස බලාපු මයිනා

"අනේ සර් පංති ගිහින් එද්දි ජොංකොලොස් මගෙ බයිසිකලේ උදුරන් ආවා මම ඒක ගිනියන්න ආවේ"

ජොංකොලොස් හොර පොල් කැඩිම, හොරකම් සහ බූරැවා ගැසිම සම්බන්ධව ඒ පලාතේ නම් දරාපු හාදයෙක්. මතකෙට ආවේ  ඌ උගෙ නම කිව්වා.

"කෝ බයිසිකලේ"

"අර තියෙන්නෙ සර්"
පංති පොත් දෙකත් හැඬල් එකේ, පොලිස් පොරක් පොත් දෙකත් අරං බලලා

"හරි යනවා දැං" කියලා එළවලා දැම්මා.

මයිනා ඉතිං පොලිස් කනේ පාරත් කාලා පැයට එකසිය විස්සට පැදගෙන එනව පුටාර්  එක. හුටා මෙන්න බොළං "ජොන්කොලා" ඒ පැත්තට යනව. ජොන්කොලාව දැක්කෙ නෑ වගෙ මයිනා රෑං ගාලා මාරැ. බූරැ පොලේ එකෙක්වත් අල්ල ගන්න බැරැව ආපු පොලීසියට "ජොංකොලා" මාට්ටු. ආයේ මොනවද ඉතිං අරෑට අම්බානයි ටිකයි වෙන්න දීපු පොලීසියෙන් බූරැවා ගැසිමේ සහා සුදූ පොළ පවත්වාගෙන යෑම ඇතුළු සියළු වැරදි දාලා උසාවියට. හැබැයි ඔය අස්සෙ හිටපු එක පොලිස්කාරයෙක් කියලා උඹ ගැන මෙන්න මෙහෙම කොල්ලෙක් විස්තර කිව්වා කියලා. උසාවියෙන් 20000ක දඩයක් කාපු "ජොංකොලා" දැං බයිසිකල්වල  පංති ගිහින් එන හැම කොල්ලටම වලිය දානව. ඕං ඉතිං එක දවසක මයිනා සහ ජොංකොලා මූණට මූණ මුන ගැහුනා. අල්ල ගත්තා මයිනගෙ බයිසිකලේ හැඬල් එකෙන්

"තෝ නේද එදා පොලිසියට මං ගැන කිව්වෙ. ගහානව #ත්තිගෙ පුතාගෙ කණ පොඩි වෙන්න"

"අනේ ඉතිං #@යි තමයි ජොංකොලස් ගහලා බලපං"

"ඇයි තෝ මට මොනව කරන්නද"

"හුකා ඉතිං බොට ගියපු ගම තමයි. ඇඟට අතක් තියලා බලපං"

සද්දෙ වැඩි වෙද්දි ඕං වටේ පිටේ මිනිස්සුත් ලං උනා. පොඩි රත්තයියා කියලා ඉන්නව එයත් ආවා.

"ජොංකොලොස් පලයං පලයං පොඩි එවුන් එක්ක රංඩු නොවි"

"නෑ පොඩි මල්ලි මු උස්සලා ගහන්න ඕනේ පොළවේ, වයසට නෙවෙයි මුගෙ වැඩ"

වටේ පිටේ මිනිස්සු සෙට් උනා මයිනා ඉතිං හෙණ සෝක මූඩ් එකකුත් දාගෙන අහිංසකයා වගෙ ඉන්නවා. "ජොංකොලස්" ඉතිං වීරයා වෙන්න ට්‍රයි එක ඕං ඉතිං මයිනගෙ අපත ගැංසියෙ එවුන් පස් හය දෙනෙක් ආවා. මයිනා ඉතිං එතන හිටි වැඩිහිටි අණට කීකරැ විණිත දරැවෙක් වගෙ යන්න හදද්දි ජොංකොලොස් බයිසිකලේට ගැහුව්වා පයිං. මයිනා ඉතිං අපතයා පොලොවෙ ගැහුව්වා වගෙ තාර පාර මැද්දෙ. මයිනගෙ මළ අසුහාරදාහාට පැන්නා බයිසිකලේ කේබල් ලොක් පාරක් දුන්නා ජොංකොලාට හිතා ගන්න බැරිවෙන්න.  ඉතිරි අපතයො ටිකත් වැටවල් වලින් ගලවපු පොළු පාරවල් සහා කේබල් පාරවල් දෙනවා ජොංකොලාට. වටේ පිටේ එවුන් බේරන්න හදද්දි පොඩි රත්තයියා එකෙකුටවත් බේරන්න දුන්නෙ නෑ.

"පාඩුවෙ යන්න හදපු කොල්ලට යන්න දුන්නෙ නෑ නේ, ගුටි කාපුවාවෙ" කියලා ජොංකොලා සරමත් දාලා ට්‍රන්ක් එක පිටින්ම තමා දිව්වෙ.   ආරංචිය ගෙදරට ගිහිං මයිනා ගෙදර යන්න කලින්. පියරජු පෙරමගට වඩිනව මොකද උනේ බලන්න.

"මොකද උනේ"

"ජොංකොලා මගදි ගහන්න ආවා"

"වරෙං යන්න" කියලා ආවා වලිය උනු තැනට.  තොරතුරැ වලට අනුව ජොංකොලා වැරදියි. ගියා ජොංකොලාගෙ ගෙදරට ජොංකොලාගෙ  තාත්තට කිව්වා

"මාමේ ජොංකොලාට කියපං මේක මෙතනින් ඉවරයි කියලා ආයෙමත් මගෙ කොල්ලට පාරෙදි හුචං පචං දාලා මම නරක මිනිහ කියන්නත් එපා"

"අනේ බං පුතේ ඌ දන්නෙ නැතුව වෙන්න ඇති, ඌ ගෙදර ආපු ගමන් මම එවන්නං"

ඊට පස්සෙ ජොන්කොලා නොවෙයි මා දෙස බැළුවේ. මම නොවෙයි ජොංකොලා දෙස බැළුවේ. පහු කාලෙක ජොංකොලොස් පොලිස් වෙඩි පහාරින් මිය ගියා. අම්බලන්ගොඩ පොලිසියෙ පොලිස් නිළඳාරින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරිම නිසා. එන්නං ඈ.... බූරැවා ගහාන තැනකට සෙට් වෙයල්ලා ඒක මාරයි.