Sunday 27 January 2019

මයිනාගෙ කතා... 30 සමාජවදේ..

මයිනාගෙ කතා..30.. සමාජවදේ..

එක එක වාද තියෙනව නෙ, ලංකාවෙ වාද අතර ප්‍රසිද්දම වාදය තමයි පානදුරා වාදය. සුද්දගෙ රෙද්දෙ රෙවෙන්න උත්තර දීපු සුපිරි වාදයක් වෙච්ච පානදුරා වාදයෙන් පස්සෙ තමයි පිට රටවල ඈයොත් මේ බුදු දහාම ගැන වැඩි පුර සොයලා තියෙන්නෙ. ඕල්කට් තුමා එහෙම ආවා කියන්නෙ ලංකාවට ඊට පස්සෙ නොවෑ.

                                  ඇත්තම කියනව නම් ලංකාවේ හිටපු සහ ඉන්න සුපිරිම මරි මෝඩ අපතයෝ තමයි සමාජවාදේ වැළඳුනු සෙට් එක. සමහරවිට උං වළිගෙ පාගං නැත්තං සමාජවාදය කියලා මුංට වෙන වෛරස් එකක් ලැබිලා. සාපේක්ෂතාවාදය, පරිණාමවාදය.... වගෙ තව තව වාද අස්සෙ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් පාර්ළිමේන්තුවට වෙලා වාද විවාද  කරන අයියලා සෙට් එකකුත් ඉන්නව නොවෑ. වාද විවාද සාද මැද්දෙ සමහාර එවුන් ගෙවන ලයිෆ් එකත් පට්ට.

                                              මං කියන එකා රට කාලා කාලා බැරිම තැන පිට රටවල් කන්න කියලා ගුවන් ගත උනානේ. ආං එහෙම ගුවන් ගත වෙලා ඉඳලා ලංකාවට ආපුවහාම සමහර එවුන්ට මාර අවුළ් නේ. ආං එහෙම අමාරැවක් තිබුනු එකෙක් අපේ අම්මගෙ කණට දැම්මා "පුතාට  මනමාළියක් හොයමු" කියන තේමා පාඨය. ඕං ඉතිං අම්මට වඩා අනිත් එවුන්ගෙ අමාරැවට දැං එනවා එක එක විස්තර. මනමාළිට තිබිය යුතු සුදුසුකම් මයිනා පාර්ශවයෙන් ඉදිරිපත් කලා. කොණ්ඩය දිග, වැඩියෙ මහාත නැති, පැහැපත්, රෑමත්, උගත්......

ඕහොම ලැව් ගින්නක් පැතිරිලා ගිහින් එක එක ඒවා ගැන ආරංචි අරන් එක එක එවුන් එනව. ඒ අතරිනුත් පවුළේ හිතවතෙක් වෙච්ච එකෙක් මේ සිද්ධිය බොහෝම බැරෑරැම්ව කරටම අරගෙන වැඩේට බැස්සා. ඕං ඉතිං මූ එක එක විස්තර අරන් එන අතරෙ මූත් දන්න හිතවත් කෙනෙකුගෙ විස්තර සමග වර්ණනාව වැඩි උනා. අවසාන ප්‍රථිඵළය උනේ මනමාළිය බලන්න යායුතු බව. හැබැයි යන්නෙ හිතවතා මයිනගෙ අපත සංගමේ යාවජීව සමාජික තඩියා සහ මයිනගෙ බාප්පගෙ පුතෙක් වෙච්ච මයිනා සේම නස්කූනියෙක්.


එක සෙනසුරාදාවක හතර දෙනත් එක්ක ගියා අහම්බෙන් ආවා වගෙ මනමාළිගෙ ගෙදරට. ඕං ඉතිං ගෙට ගොඩ උනු හැටියෙ මයිනගෙ දෙනතට දර්ශණය වෙනවා ලෙනින් ඉන්නව එක බිත්තියක විරවගෙන. පළවෙනි නිගමනයට ආවා මේ ගෙදර මූළිකයා සමාජවාදියෙක් වෙන්න ඕනේ. සාලේ තිබුනු පුටුවක වාඩි උනා ස්ටූල් එක උඩ මැක්සිමම් ගෝර්කිගෙ පොත් පෙළක් සහ චේ ගූවේරා රැව සහිත පොතක්. දෙවනි නිගමනයට ආවා  මේ මාමා සමග කතා කරන්න වෙන්නෙ පරිසමින්.

                       ඕං ඉතිං මාමා ආවා කතා කරගෙන යනකොට තේරැණා අනේ මේ මාමා හොඳ මාමෙක් වග. ඉන්න රට තොට රැකියාවේ තොරතුරැ සහ බුද්ධ දර්මය ගැන කතා කලා. දේශපාළන දැක්මත් වමට බර සරළ දැක්මක්. මාමා සතුව මොළේ උණ නැති බව ස්තීර උනා. ඕං ටිකකින් අර ෆොටෝ එකෙ හිටපු මනමාළිගෙ රැව ඇති එකිත් ආවා. ගේ ඇතුලෙන් එළියට බැහැලා සිහිළ් සුළං රැල්ලෙ සිසිළස විඳින ගමං කතාවට මාතෘකා හොයනව.

"කවුද මේ මල් වවලා තියෙන්නෙ"

"අපේ අම්මා"

"අර එළවළු පාත්ති"

"තාත්තා"

"මොනවද ඔයා කරන්නෙ"

"මොනවත් නෑ ඩිග්‍රිය කරා, සමාජසේවා වැඩ පොදු කටයුතු තමයි"

"ඒක හොඳ වැඩක් පොදු කටයුතු වලට උදව් වීම"

"මේ රටේ පවතින ක්‍රමය වෙනස් කරන්න, ශ්‍රම  සූරා කෑම නවත්තන්න, ධනවාදින් අතරට විතරක් ඇති පහසුකම් පොදු මහජනයාට ලබා දෙන්න අපි කැප වෙනව"

"ඇත්තට"

"ඕව් විජේවීර සහොදරයා අරගළය තුලින් බළාපොරොත්තු උනේ ඒක, ජීවිත පරිත්‍යාගයෙන් අපේ සහොදරවරැ කැප උනේ  සමානාත්මතාවය වෙනුවෙන්" "මේ රට ඇතුලේ ඉන්න ධනවාදීන් පන්නලා බළයට පත් වීම සහා මේ රට සමෘදිමත් දේශයක් කිරිමයි අපේ බළාපොරෙත්තුව. දිවා රෑ කැප වෙමින් අපි උත්සහා කරන්නෙ ඒකට"


වෙන්න මනමාළිගෙ හඬ උස් වෙලා, ගිරිය පිප්පිලා, නහාර ඉළිප්පිලා එකම එක මළම මළ විකාරයක් උනා. ඒ වෙද්දි වෙන්න මනමාළිගෙ තාත්තා ඔළුවෙ අත තියං ඉන්නව. අම්මා කුස්සියට වෙලා දවල් කෑම හදනව. ජෙ.වි.පි. කියන අකුරැත් ඇලජික් වෙච්ච මගෙ ප්‍රතිචාර දන්න බාප්පාගෙ පුතා සහ මිත්‍රය තොළ හපං හිනා වෙනව.

"ඈ කෙල්ලෙ අර මල් ගස් වැව්වෙ අම්මා, එළවළු පාත්ති හැදුවෙ තාත්තා"

"අපි ආපු වෙලාවේ අපිට තේ හදලා දීලා සංග්‍රහ කරේ අම්මා, යකෝ ඉන්න ගෙදර දොරට පළක් නැති තොපි තමා රට හදන්න යන්නෙ"

"අර අම්මා නැහි ගෙන උයනව කුස්සියට ගිහින් ඒ අම්මට පොල් ටිකක් ගාලා දෙන්න බැරි තොපි තමා රට හදන්න යන්නෙ"

"හදලා වඩලා අධ්‍යාපනේ දීලා ලෙඩට දුකට බලලා, අවුරැදු විසි ගාණක් වෙනකං තමුං වෙනුවෙන් යුතුකම් ඉටු කරපු දෙමව්පියන්ට තමුං හම්බ කරලා තමුංගෙ මහාන්සියෙන් රෙදි කෑල්ලක් දෙන්න බැරි තොපි තමයි මේ රට සුඛිත මුදිත කරන්න හදන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව්. ධනවාදින්ට ශාප කරන්න තොපිට උගන්නපු තොපේ නායකයා (එවකට ජෙ.වි.පෙ. නයකයා  සෝමවංශ) ඉන්නෙත් එංගලන්තෙ"

"රෝහණ විජේවිර කියන පිස්සා පස්සෙන් ගිහින් මේ රටට නැති උනු තරැණ ජීවිත, පොදු දේපළ, ඒ මිලේඡ් තුප්පහියො තමා අද රට හදන්න කතා කරන්නෙ"

"රට හදන්න කලින් තොපි හැදියව් ඊට පස්සෙ රට නිකම්ම හැදෙයි"



දේශනය ඉවර කරන්න හම්බ උනේ අරකිගෙ අම්මා අත්පොලසන් දීපි.

"ඔය ළමයගෙ කටට මසුරං දාන්න ඕනේ" කියලා.

"හැබැයි වරද ඔයාලගෙ මොලේ කොලොප්පං වෙන පොතුයි මෝඩ දේශපාළනේටයි ගියාම ගෙදරින් කිසිම දෙයක් දෙන්න එප. ඔය පක්සෙන්ම ඉල්ලං කාලා ඇඳලා ඉඳපං කියලා ගෙදරින් පන්නන්න"

අර අම්මටයි තාත්ටයි කට උත්තර නැත අපි එතන රැඳෙන්නෙ නැතුව මාරැ උනා.
හැබැයි මයිනගෙ බාප්පගෙ පුතණ්ඩියා එන ගමන් අර කෙල්ලගෙ තාත්තට කිව්වා.

"මාමෙ විමල් වීරවංශට හරි ටිල්වින් සිල්වට හරි දුව බන්දලා දෙන්න, සමාජවාදෙන්ම වැඩේ ඇදන් යයි." කියලා

හැබැයි අර ලෙනින්ලා, චේ ලා, රැසියානු පොත් සහ පත්‍රිකා සියල්ල ගිණි ගොඩකට වැටි ගිණිබත් උනාලු ඒ ගෙදර තාත්තගෙ අතින්. අම්මගෙ රෙද්දෙ සමාජවාදේ.

4 comments:

  1. නියමයි මයිනෝ...නියමයි... අම්මගෙ රෙද්දෙ සමාජවාදේ.... බඩේ බඩවල් නෑ.. ඒත් සමාජවාදේ....

    ReplyDelete
  2. හිනාවෙලා බඩ කොරවුනා බං. ඔහොම දෙන්න පුළුවන් වෙච්ච එක නම් මරු. බැරිවෙලාවත් අම්ම හරි තාත්තා හරි ඒ පැත්තෙ වුණානම් ගුටි කනවා.

    ReplyDelete