මයිනාගෙකතා... 86.... යාළුවො...1
බුදු හමුදුරුවො මිත්‍රයො ගැන දේශණා කරද්දි පුන පුනා කියනවනෙ කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ගැන. එහෙම කළ්‍යාණ මිත්‍රයො ලබන්නත් පිං කරලා තියෙන්න ඕනේ. අද කියන්න යන්නෙ මට ජීවිතේ හම්බ උණු සමහර යාළුවො ගැන. හොඳ නරක සැප දුක මැද්දෙ ජීවිත ගෙවද්දි අපිට විවිධ යාළුවො මුණ ගැහෙනවනේ. සමහර යාළුවො වළ කපනව තොපි කම්මුතු වෙලාම පළ කියලා. තව සමහර එවුං වරෙං මචං ගොඩට කියලා කොහොම හරි අත දීලා වලෙන් උඩට ගන්නව. එකට එක පත කාපු එවුංම තමා පසු කාලෙක ලොකුම හතුරන් බවට පත් වෙන්නෙ. ඒක සනාත වෙන ලොකුම උදාහරණෙ තමා මෛත්‍රිපාළ සිරිසේන කියන්නෙ. මහින්ද කඳවුරෙ මහින්දට හිටපු විශ්වාසවන්තම සගයා. මහින්ද විදේශගත වෙන වෙළාවට මහින්දට අයත් අමාත්‍යංශ වගෙම ආරක්ශක අමාත්‍යංශය පවා බාරබදුන්නෙ සිරිසේනට. ඒත් ඉතිං හැන්දෑවේ ආප්පත් කාලා යන ගමං තාප්පෙට චූ කරලා යයි කියලා කවුරුත් හිතුවෙ නෑ. උදේ බළද්දි සිරා නැත....... සොරි ඩොට් කොම් තමා. තුංමුල්ලෙ පද්මෙගෙ ඉඳලා අද වෙනකම් ලංකාවෙ පාතාළ ඉතිහසය අවුස්සලා බලද්දි හොඳ හොද කතා මතුවෙන්නෙ ඒකයි.
මයිනලගෙ සෙට් එකෙත් විවිධ යාළුවො හිටියා. එකට කාපු, එකට බීපු, එකටම වළ බැහැපු මේ අස්සෙත් හිතලා හිතා ගන්න බැරි චරිතත් හිටියා. සමහර උන්ව තේරුම් ගන්නම අවුරුදු ගාණක් ගියා. හැමෝම එකට ඉන්න අතරේ විදේශගත විමේ පළමු වරප්‍රසාදය ලැබුනෙ මයිනට, ඒ ජර්මනියට යන්න. දන්න හිතවත් දුර නෑකමකුත් තිබුනු පවුලේ ළඟම හිතවතෙකුත් උනු හාදයෙක් මයිනව ඌගෙ හොටලේ වැඩට නවත්ත ගත්තා. ඔය හොටලේ ඉන්න දවස්වල හැමදාම උදේ කෑමට එන ජර්මන් අම්මෙකුයි ළමයි දෙන්නෙකුයි මයිනා එක්ක හිතවත් උනා. ඒ හිතවත්කමේ අවසන් ප්‍රථිඵළය උනේ අර ළමයි දෙන්නා හැම දවසකම මයිනව හොයාගෙන ඇවිත් පැයක් දෙකක් අත් අල්ලගෙන වැල්ලෙ ඇවිදීම. අවසානෙට අර ළමයින්ට මයිනව එක්ක යන්න ඕන උනා ජර්මනියට. මයිනගෙ හිතවත් අයියට අයියගෙන් ගෙදරට ආදි වශයෙන් ආපු යෝජනව මයිනගෙ තාත්තා ප්‍රතික්ෂේප කරා. ඊටත් එහා කාරණාව උනේ සමහර යාළුවො මයිනව විවිධ උපැහරණ මගින් රට යෑමේ ආශාවට තිත තැබ්බවීම. ඒ වෙද්දි මයිනගෙ වයස 17යි, යාළුවො අතරිනුත් එකෙක් පුන පුනා රට යෑමෙන් විය හැකි ආබාද ගැන කිව්වා. ඒඩ්ස්, සමාජරෝග, රක්ෂණ මුදල් ලබා ගැනිමට මරා දැමීම, ශරිර අවයව ගලවා ගැනිම වගෙ දේවලුත් කිව්වා. ඕකා නිසා මයිනා කී සැරයක් නම් වලි දාගෙන ඇද්ද එක සැරයක් ගම් පෝරියල් එකකුත් කෑවා.
ඊට පස්සෙ මයිනා අධ්‍යාපන වැඩකටයුතු කරගෙන වළක් බැහැගෙන අපත සෙට් එක එක්ක වළියක් ජොළියක් දාගෙන හිටියා. ඒ වෙද්දි අර මයිනව පස්සට ඇදපු එකා උදේට උදේට වැල්ලෙ බහින්න ගත්තා. සුද්දෙක් හරි සුද්දියෙක් හරි සෙට් කරගෙන රට පනින්න. ඔය විදියට අවුරුදු 3ක් 4ක් යද්දි මයිනට නැවත රට යන්න අවස්තාවක් ලැබුනා ඒ ඔස්ට්‍රියාවට හැබැයි හොර පාරෙන්. ඒ අවස්තාවටත් අර කලින් කිව් එකාම හේතු කාරනා කිව්වා, හොර පාරෙන් ගියාම ඇතිවෙන ගැටළු සහ අවදානම ගැන. ඔස්ට්‍රියාවේ සීතලට මිනිස්සු මැරෙන හැටි, ජොබ් එකක් නැතිව එහෙ ජීවත් වෙන්නෙ කොහොමද, ඒ කාලේ ලක්ෂ 3ක මුදලක් ඉල්ලුවා වීසාවලට. ඒ මුදල් ණයට අරන් ගෙවන්න බැරි උනොත් වගෙ දේවල් කියමින් මූ ඒ ගමනත් නතර කෙරෙව්වා. ඊට මාසෙකට විතර පස්සෙ මයිනට ආරංචියි අර ඕස්ට්‍රියා වීසා දෙන්නම් කිව් අංකල්ව හම්බ වෙන්න අරු ගිහිං කියලා. හැබැයි ඌට අර පුද්ගලයා උදව් කරෙ නෑ. ඊටත් මාස කිහිපෙකට පස්සෙ මයිනගෙ මිත්‍රයයි උගෙ මල්ලියි තව එහෙකුයි උදේ කාලේ ගෙදර නෑ. උංගෙ ගෙදරින් ඇහුව්වමත් "තුන් දෙනාම උදේම කොහෙද ගියා" කියනව. ගෙදර එවුනුත් අපිට හරියට මොකවත් කියන්නෑ. මේක අපේ අපත සෙට් එකටම මාරම ප්‍රශ්ණයක්, කටා ඊළඟ දවසේ පාන්දරම කාටත් හොරෙන් අරුන් 3න් දෙනා පස්සෙන් ගිහින්. මුන් 3න් දෙනා ඌරවත්තෙන් බස් එකෙන් බැහැලා ස්විමිං කරන සර් කෙනෙක් එක්ක යනව දැකලා. ස්විමිං කරන සර්ව අපේ අනිත් අපතයෙකුත් හොඳටම අඳුරනව. ඌත් අහම්බෙන් ගියා වගෙ සර්ව හම්බ වෙලා ආගිය තොරතුරු කතා කරන අස්සෙ අර සර් කියලා "අසවල් 3 දෙනා මේ දවස්වල එනව මගෙන් ලයිෆ් ගාර්ඩ් සෙටිෆිකට් ගන්න, රට යන්න කියලා". විස්තරෙ දැන ගත්තට කවුරුවත් අරුන් 3 දෙනාට ඒ බවක් ඇඟෙව්වෙ නෑ.
සති 2කකට විතර පස්සෙ දවසක සෙට් එක අරුංගෙ ගෙවල් දිහාවට ගියා, අරුං ගෙදර නෑ. ගෙදර උන්ගෙන් ඇහුවම කිව්වෙ "ලොකු අක්කලගෙ ගෙදර ගියා, සතියකින් විතර එයි" කියලා. අපේ කටා ඉතිං මළ පැනලා කිව්වා "සතියකටද ගියෙ, එකට හිටපු යාළුවොන්ටවත් නොකියා රට ගියානේ බළමුකෝ කාටද හරියන්නෙ කියලා" . යං බං කටා මුං ආශ්‍ර්ය කරපු අපිටයි ගහන්න ඕනේ කියාගෙන සෙට් එකම ආවා. මුං 3න් දෙනා ගිහින් තියෙන්නෙ සෞදියට හොටෙල් එකක ලයිෆෆ් ගාර්ඩ්, විස්තරේ ඔක්කොම හොයාගෙන කට්ටියම පාඩුවෙ හිටියා. සෙට් එක අතරේ නීතියක් දැම්මා අරුංගෙ ගෙදර කිසි කෙනෙක් එක්ක කතා බෑ, ඒ ගෙදරට යන්නත් බෑ. එහෙම ගිහිල්ලා අහු උනොත් නැවත අපි සමග යාළුකම් බෑ. අරුංගෙ ගෙදර පළාතක එකෙක් යන්නැත ශ්‍රමදායකත්වය ලැබෙන සේවා මුළින්ම ඇණ හිටියා. ඊළඟට ආර්ථික වාසි.... එළවළූ, මාළු වගෙ දේවල් වෙනදා දෙනව ඒවත් නැවැත්තුව. ලෙඩකට දුකකට බළන ඒවත් නැවතුනා. සම්බාධක පැනවෙද්දි නිකංම ගෙදර උංගෙ හුළං බැස්සා.
හරියටම මාස 3ක් යද්දි දෙන්නෙක් ලංකාවට කෑම බීම නැතුව පඩිය රියාල් 500යයි. විඳිය යුතු සියළු ගැහැට මැද උන් දෙන්නා ලංකාවට. අයියයි මල්ලි දෙන්නගෙන් මල්ලි වෙන හෝටලෙකට වැටිලා තියෙන්නෙ, ඌ එහෙ නැවතිලා. අරුං දෙන්නා ලංකාවට ආවා උං දෙන්නා හුඹහෙන් ඇදපු තළගොයි වගෙ වෙලා, කළු වෙලා කෙට්ටු වෙලා. අරුන් දෙන්නා ආවා මිතුරු කැළම ඉන්න තැනට දවසක කොහොමද මංචංලා කියාගෙන. අපේ කටා "උඹලා ඇයි අපි බළන්න ආවේ, අපෙයි උඹළගෙයි යාළු හිතවත්කම් ඉවරයි. මීට මාස 3කට කලින් අපි ඒවා ඉවර කලා. අපි ඉන්න පැත්තකටවත් එන්න එපා" කිව්වා. මයිනටත් මළ ඕවර් වෙලා හිටියෙ "අනේ.... @රියො තොපි මම රට යන්න හදද්දි දාපු පානිය කොහොමද?. තොපේ පපු හොඳ නෑ තොපේ ජීවිතෙට තොපිට හරි යන්නෙත් නෑ, තොපි වගෙ වසළ @රියො එක්ක යාළුකනුත් එපා අපිට" කට්ටියම බැනලා අරුන්ව එළවලා දැම්මා. ඊට මාස කිහිපෙකට පස්සෙ මයිනත් රට ආවා.... අර රට ගිය අනිත් එකා සෞදියේදි ආගම මාරු කලා ඌටත් එහෙදි පිස්සු හැදිලා ලංකාවට එව්වා අවුරුදු 3කට පස්සෙ.
මයිනා රට ආවට පස්සෙ මයිනගෙ තත්වය හාත්පසින්ම වෙනස් උනා. ගම්පලාතේ සහ ලංකාවෙ එවුන්ට ප්‍රි වීසා දුන්නා, රටදි ජොබ් නැතුව ලංකාවෙ එකෙක් සෙට් උනා නම් ජොබක් දෙන්න පුළුවන් තත්වෙට මයිනා ආවා. ඊට පස්සෙ අරුං මයිනගෙන් උදව් ඉල්ලලා මාර විදියට මයිනගෙ ගෙදරට ඇවිත් තිබුනා. මයිනා මෑණියන්ට කියලා තිබුනෙ ටෙලිෆෝන් නම්බරෙවත් දෙන්න එපා කියලා. අද මේ වෙද්දිත් අපේ කිසිම යාළුවෙක් උං තුන්දෙනා එක්ක කතා කරන්නෙ නම් නැත. අවුරුදු 3කට විතර ඉස්සර ලංකාවට ගියපු වෙලාවක පිස්සු හැදුනු එකා නම් ඇවිත් දුක කියලා රුපියල් 5000කුත් ඉල්ලගෙන ගියා. මයිනා නම් අදත් සතුටින් සුවෙන් ඉන්නව..... අරුංග ජීවිත නම් බොහොම අසීරුවෙන් ගෙවනව. ඊට පස්සෙත් යම් යම් @රි වැඩ අරුං කලා කියලා අරංචියි ඒකෙනුත් මිනිස්සුන්ගෙන් පිරිහිලා ගියෙත් උන්මයි. එන්නං.... ඈ....
_____මයිනා_____