Saturday, 23 May 2020

මයිනාගෙ කතා... 83.... පිංබතා..

මයිනාගෙ කතා... 83.... පිංබතා..

                                  සමහර ගම්වල ඉන්නවනෙ පන්සල ගෙදර කරගත්තු එවුං පිරිසක්. වයසක උපාසකලා හිතං ඉන්නෙ උං හරි ශ්‍රද්ධා සම්පන්න, සිල්වන්ත, ගුණවන්ත පිරිසක් කියල නේ. ඒ උනාට උං කරන කියන දෑ ගැන කුමට කතාද. ගල් වඩු කර්මාන්තයෙ ඉහළටම ගියපු සහ පසු පස ආර ක්‍රිඩාවෙ කප් ගනිපු එවුං උං කියලා පිළිගන්න ගමේ සමහර වැඩිහිටියො කැමති නෑ නෙව. මයිනගෙ ගමෙත් හිටියො ඕං ඔහොම කැස්වටුවො 3න් 4 දෙනෙක්. දහම්පාසල ඇතුළු පන්සළට අයිති බෞතික වස්තූන්ගෙ නිළ නොවන අයිතිකාරයො වෙලා හිටියෙ උන් තමා. ඕනෑම පොදු කටයුත්තකදි එක දාගන්න පුප දෙන්න හිටපු මේ සෙට් එකයි මයිනලගෙ සෙට් එකයි හිටියෙ ආරෝවෙන්. මයිනලගෙ සෙට් එක මුහුනට මුහුන ගේම ඉල්ලුවට පිංබත් සෙට් එක ගේම ගැහුව්වෙ ෂේප් එකේ. ඔය පිංබත් සෙට් එකේ ප්‍රධානියා වෙලා හිටියෙ මයිනගෙ නැන්දා කෙනෙකුගෙ පුතෙක්. නෑකම තිබ්බට මයිනට ඕකා දිරවන්නෙම නෑ, ඕකා ගහපු ගේම් 2ක 3ක්ම මයිනට මාට්ටු. කොයි වෙළාවක හරි තොට දෙන්නං කිය කිය හිත හිත ඉන්දැද්දි දවසක ඒකට කරුණු කාරණා යෙදුනා.

                           අපේ එකෙක් අවුරුද්දක් විතර ගමේ කෑල්ලකට ට්‍රයි කරා. හැබැයි ඉතිං ඒකි නෙවෙයි අපේ එකාට කැමති උනේ. ඕං අපේ එකාට අර පිංබත් සෙට් එකේ එකෙක් වළිය දාලා. "උඹ මොකද අපේ මාමගෙ දූගෙ පස්සෙන් එන්නෙ" කියලා. ඕකට අපේ එකා අරූට ගේම ඉල්ලුවම පිංබත් සෙට් එකම එකතු වෙලා අපේ එකාට සද්දෙ දාලා කණත් අතගාලා එවලා. අපේ එකා ඉදිමිච්ච කම්මුළත් එක්ක මයිනලගෙ ගෙදරට "මයිනා අරුං සෙට් එක එකතු වෙලා මට ගැහුව්වා බං" "අම්මට ##%#න උන්ට ගියපු රට, වරෙං යන්න බලන්න" කියලා මයිනත් අරූ එක්ක ගියා වළිය වෙච්ච දිහවට. යද්දි මයිනගෙ නැන්දගෙ පුතා වෙච්චි පිංබතා එනවා ඉස්සරහට. "මූත් හිටියද" කියලා අහද්දි අරූ කිව්වා මූ තමයි බං කනට ගැහුව්වෙ කියලා. ආයේ ඉතිං මොනවද පිංබත්ට දුන්නා දීමක් දෙන්නා එක්ක ගමම වට වෙලා බේර ගන්නකම්ම. ඕං ඉතිං නෑ පරපුර මයිනාට විරුද්ධව නැගි සිටියා.


                ඔං ඔය අස්සෙ අනුංගෙ සීනී කිරන්න සෙට් වෙච්ච එකෙක් මයිනට වළිය දැම්මා. ඒ වෙද්දි අරංචිය ලැබුනු මයිනා සහ සමාගමේ එවුං සිද්ධිය වෙච්ච තැනට. අර අනුංගෙ සීනී කිරන්න ආපු එකාට සෙට් එකම එකතු වෙලා වළිය දැම්මා. ඌ ඒ වෙද්දි දේශපළඥ්ඥයෙකුට පන්දම අල්ලගෙන හිටපු නිසා ඌ ගමට ලොක්කා වෙලා හිටියෙ. උගෙ ලොකුකම් දෙපිටින් යන්න කියලා සෙට් එකම නෙළපි අරූට. සෙරෙප්පු දෙකත් දාලා අල්ලපු ගෙදරකට පැනලා ඇඳ යටට රිංගලයි ඌ බේරුනේ. පිංබත් සෙට් එකට බෙදපු ප්‍රමාණය මදි නිසා නැවත ඒ අඩුව පුරවන්න හිතාගෙන කට්ටියම විසිරිලා ගියා.   හැබැයි ඉතිං මෑණියන්ට සහ පියාණන්ට නෑ සනුහරෙ එවුං කියලා තියෙන්නෙ "පුතණ්ඩියට ළඟඳිම මහඋළු ගෙදර ලගින්න වේවි"
"කාණු පල්ලක ඉඳීවි කොයි වෙලාවක හරි"
"ආං මද්දු අයියෙ උඹගෙ පුතා අදත් බීලා රණඩුවක් පටලගෙන"
"හොයල බළපං අක්කෙ කුඩු ගහනවද දන්නෑ"


                                ඕං ඉතිං පරළ වෙච්ච රංජනී මාතාව කොස්ස, ඉදළ, කුරුඳු පොල්ල ආදි සුළු අවි ප්‍රහරයක් දියත් කරලා, ඒත් මදී කියලා හිතුනු නිසා කැත්ත අරං ආපි බෙල්ල කපන්න.
"තෝ අපිට ගමේ ඉන්න දෙන්නෙ නැද්ද මදාවියො, අර පොඩි එකාගෙ පයට පෑගෙන දූවිළි වටින්නෑ තෝ"
දැම්මා සුපුරුදු වාඛ්‍යය, හරි මම යන්නං වැඩේ ඉවර නේ කියලා මයිනා ගියා කාටවත් නොකියම කොළඹ. හැබැයි ඉතිං යන්න කලිං අර පිංබත් සෙට් එකේ තව එහෙකුට දුන්නා රන්තරු පේන්න. මයිනා කොළඹ ගියාට මොකද සිකුරාදට රෑට ගමේ තමයි. ඒ දවස්වල සීනිගම දේවාලේ උත්සවේ පටන් අරන්. පරණ කෝන්තර පිරිමහ ගන්න ඊට වඩා හොඳ දවස් තවත් කොහෙද?. නැවත අර පිංබත් සෙට් එකට සහ උන්ට සපොට් එකට ආපු තව සෙට් එකකට වැල්ල දිගෙ දුවන්න දුන්නා. අපරාදේ කියන්න බෑ අර පිංබත් සෙට් එකට දුටු තැන දෙනව. ඔය සෙට් එකේ එකෙක් උගෙ පෙර කරුමයක් පටිසන් දීලද කොහෙද හැමදාම ගුටි කනව. අපේ එවුනුත් දුටු තැන අරුට ගහනව, පප්පා ගමේ සෙට් එකෙන් අම්බානක කන රෝමන්කාරයො වගෙ අරූම හැමදාම කනව. මයිනගෙ මෑණියන් මයිනට ගම් පළාත තහනම් කළාපයක් බවට පත් කරා.

                                  ඒකට හේතු උනු ප්‍රධාන කාරණාව උනේ සිකුරාදාවක ගමේ ආපු මයිනා සහ ඉතිරි නඩේ තව එකෙකුගෙ වළියකට අත දමා තවත් පිංබතෙකුට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙනතුරු පහරදී වළිය බේරිමට ආ ඌගෙ අක්කා කෙනෙකුටත් පහර දීම. ඒ අක්කා ළමයෙකු ලැබි රෝහලේ සිට පැමිණ තිබුනේ එදිනමයි. ඒ වළියට අත දැමිමට ආ වෙනත් පිරිසකට එතෙක් කැලේ, කොලේ, මඩේ, ඇලේ, දොලේ, ලැට් එකේ සඟවා තිබු කඩු, කිණිසි, කිරිච්චි, ගල්කටස්.... ආදි සියළුම අවි ආයුද එළියට ගෙන ප්‍රදර්ශණය කිරිමත් නිසා පොලිසියෙ මහත්වරුන්ගෙ සදාදරණිය පැමිණිම සිදුවිම අවුළටම ගියා. මයිනා හැර අනෙකුත් ඉබ්බන් මාට්ටු වි පොලිස්බාරයට පත්උනා. නඩුවක් නොගිහින් සමාදානයෙන් වැඩේ ගොඩ දා ගත් නමුත් මයිනා සතුව තිබු ඉතාම අගනා දෙපැත්ත කැපෙන සුදු යකඩ කඩුව හා අඩි එකහමරක පමණ කුඩා කඩුව තඩියා විසින් අස්තානගත කරන ලදි. තඩියා සැඟ වු තැනින් වෙනකෙකු ගත්තාද? තඩියාම ගල් බනිස් කරාදැයි අදටත් නොදනිති.

                                            කරුමෙට කරගසා අඩුපාඩු නොමැතිව නිතර දෙවේලේ අම්බානක අපේ එවුංගෙ කෑම ලැබු පිංබත් මෑන් ගම හැරදා කොළඹට සේන්දු විය. බොරලැස්ගමුවේ තිබු ආයතනයක රැකියාවට ගිය ඌට,😂😂😂 ඌගෙ කරුමය කොළඹදිද ගෙවන්නට සිදුවිය. ඒ දිනක් බොරැල්ල බස් නැවතුමේදීද තවත් දිනක විහරමහදේවි පාර්ක් එක ඇතුලේ කාන්තා පරාණයක් ඉදිරියේද මයිනා විසින් උගෙ කණ පැළිමයි. ඉන් කළකිරි ගෙදර ආ පිංබත් මෑන් ගමෙදි අම්බානක කෑම කොළඹ ගිහිල්ලත් කෑම කියා වස පානය කලේය. හැබැයි ඌ නොමලේ අපේ වාසනාවට බවත් දනිමු. ඉන්පසු ඌගෙ තාත්තා මයිනාගෙ පියාණෝ හමු වි දුක පවසා හඬා වැටි වළිය සමතයකට පත් කර ගත්තාය. එහෙත් අදටද ඌ නම් මයිනා යන මාවතක පාරක හො දිශාවකවත් නොයයි. එලෙසින්ම මයිනාගෙ නැන්දගෙ පුතාවන පිංබතාද අද වනතුරු මයිනා දෙස නොබලයි. මයිනාගෙ නෑ සනුහරෙ ඈයෝ අද වනවිට මයිනාට කරණු ලබන ගරු බුහුමන් දුටුවිට, මයිනා පශ්චාත්බාගයෙන් සිනාහවි අතීතයට පැන දුවයි. "උන් මැරිලා ඉපදුනාද මං මැරිලා ඉපදුනාද" මයිනා එලෙසින් සිතයි. එන්නං ඈ...
____මයිනා____

No comments:

Post a Comment