Saturday 23 May 2020

මයිනාගෙ කතා... 85... finger bowl

මයිනාගෙ කතා... 85.. .finger bowl..

මයිනා ස.පෙළ එහෙම ඉවර කරල රිසාල්ට් එනකං හිටපු කාලේ, මයිනගෙ හිතවත් අයියා කෙනෙක් මයිනව ඇදගෙන ගියා ඌ කරපු හෝටලේ වැඩට. හික්කඩුව සංචාරක පුරවරෙ තිබුනු හෝටලේ මයිනා කිචන් හෙල්පර් විදියට තමා දැම්මෙ. ඒකට හේතු දෙකක් තිබුනා එකක් තමා ඒ වෙද්දි හිටපු කිචන් ස්ටාප් එක දෙයියනේ කියලා උනුත් කාලා ගෙවල්වලටත් පාර්සල් ඇදලා යාළුවොත් ස්ටාප් රූම්වලට ගෙනත් කන්න දීම.  අනික තමයි මයිනා නසරාණි වෙලා මහඋළු ගෙදර නවතින සයිස් එකක් තියෙන හින්දා මූට මොනව හරි පුරුදු කිරිම. මයිනව කිචන් එකේ එවුන්ට හඳුන්වලා දුන්නෙ නැන්දගෙ පුතා කියලා. "ලක්ෂමන් මේ මගෙ නැන්දගෙ පුතා එයාට කියන්න අඩු පාඩු උවමනා ඒවා එයා ලිස්ට් හදයි, එයාටත් වැඩ උගන්වන්න" කියලා අයියා ගියා. කුස්සියෙ සෙට් එක සහ වේටර්ලා සෙට් එක බැළුවා මූට වළිය දාන්න බෑ, ගම් පළාත අප්සට් ඒක නිසා දෙන්න පුළුවන් උපරිම වැඩ දීම පටන් ගත්තා.

පිඟන් සේදීම, වළං සේදීම, ළුනූ කැපිම, හාල් සේදීම ආදි වශයෙන් වැඩ පිට වැඩ. චුට්ටක් වාඩි උනා නං සද්දෙ "වාඩි වෙලා බෑ මල්ලි වැඩ වැඩ" පළවෙනි දවසෙ ෆුල් අමාරුයි. කොහොම හරි මයිනත් කට්ට කාගෙන අදිනව. අරුං බැළුවා මූට වැඩ දීලා දන්නන්න බෑ, අයියට කේලම් කීම පටන් ගත්තා. අපේ එකා මීටර් කරන් හිටියෙ කුස්සියෙ ලිස්ට් එක කෙටි වෙලා තමයි එන්නෙ දැන්. වෙනදට සතියට දෙපාර ගෙනාපුවා දවස් 10කට විතර එක පාරයි එන්නෙ. අරුන්ට ඇහෙන්න පොඩි සද්දයක් දාලා එහෙම හැමදාම රෑට අයියා කෑම කන වෙලාවට මයිනවත් ළඟ තියං තමා කෑම කන්නෙ. එහෙම කන ගමං මයිනට හැන්ද ගෑරොප්පුව පාවිච්චි කරන හැටි එහෙම කියලා දෙනව. හොටෙල් එහෙකදි කෑම ගනිද්දි එහෙම හැසිරෙන විදිය වගෙ දේවල්, පිටරටවලින් විශේෂයෙන්ම යුරෝපා ජාතිකයන්ට ගරු කරන හැටි එහෙමත් කියලා දෙනව.  ඒ අස්සෙම කියනව කෝමහරි හැන්ද පුරුදු වෙයං හොඳ කුකෙක් උනා කියන්නෙ එකෙන්ම ගොඩ කියලා. මයිනට යංතං පදං කෑම හැදිමේ හැකියාවක් තියෙනව මෙහෙම උන්නට හරිය. ඒ හැමදේම අතරෙ වැදගත් උනේ අයියා කියලා දීපු ඩිසපිලීන් පාඩම තමයි.

මයිනා රට ආවට පස්සෙ මයිනගෙ රැකියාව ටික ටික ඉහළට ගිහින්, ආයතන වැඩකටයුතුවලට වෙනත් රටවලටත් යන තැනටම ආවා. ඔහොම ගියාම හොටෙල් කෑම බීම ආයතනයෙන් දෙනව, එහෙමත් නැත්තං අපේ වැඩවලට සම්බන්ධවෙන අනග්‍රාහකයො දෙනව. ඔහොම ගියාම ඒ ඒ අය එක්ක බොහොම සුහදව වැඩ කරල අවශ්‍යය වැඩ කටයුතු කරගෙන එන එක මයිනා පරිසමට කරා. ඒ වගෙම මයිනගෙ ආයතනයටත් බොහොම ලාභ ලැබුනා. මයිනා සුපර් ස්ටාර් වෙද්දි මුලින්ම රිදුනේ ඉන්දියන් වේ#ගෙ පුතාලට. විශේෂයෙන්ම මළයාලින්ට ඇස්වල කටු අනින්න වගෙ උනා මේ වැඩේ. මොකද මළයලි හැම එකාම උපාධි ගහපු එවුන්, අනික තමා මේ ලෝකේ කපටිකම උපතින් අරං ආව ජාතියක් ඇත්නම් උං තමා. ඕං ඉතිං කම්පැණියෙ එවුං දෙපැත්තට බෙදුනා. ඒක හරියටම කියනව නම් මුස්ළිම් සහ හින්දු බෙදිමක් තමයි උනේ. හැබැයි හිංදු මුස්ළිම් බෙදිමක් නැතුවම මළයාලි එකම ගොඩකට උනා. අන්තිම වෙද්දි එහෙන් මෙහෙන් කේළම් එහෙට මෙහෙට යන එක තමා උනේ. ඒ වෙද්දි කම්පැණියටම හිටියෙ මයිනත් එක්කම ලංකාවේ එවුං 4යි. මයිනා ෂේප් එකේ ලංකාවේ එවුං වැඩට අරං ගොඩ වැඩි කරා. ඔය අතරේ වැඩිපුරම බොසාට කේළම් කියපු මළයාළියව මයිනා එක්ක වැඩවලට දැම්මා. මයිනා ඉතිං වෙනදා වගෙම ෆුල් හැපි එකේ වැඩ, අර මළයාලියා පට්ට කයිය ඌ සියල්ලම දන්නව කියලා.

මයිනට එක ඉංදියන් එකෙක් කිව්වා උඹ පරිසමින් ඉඳපං මුං පට්ට කපටියි රංඩු නොවි මොළෙන් ගහපං මුන්ට කියලා. ඕං මයිනයි මළයාළියයි ගියා ඩුබායිවලට මයිනා ෂේප් එකෙ මළයාලියව මීටර් කරන් ඉන්නෙ. මූට ඉංග්‍රිසි කියවන්න බෑ හොටෙල් මෙනු එක මයිනා ඕඩර් කරන දෙයක් මූ කනව. අනික තමා මූ මයිනා කරන දිහාම බලන් ඉඳලා ඒකම කරනව. මයිනා හිත හිත හිටියා හිටපං තොට දෙන්නං කොයි වෙලාවක හරි හොඳ පරිප්පුවක් කියලා. ඊළඟ ටුවර් එක තිබුනේ ඉන්දියාවෙ ආග්‍රාවලට, සපත්තු ඕඩර් වගයක් දෙන්න. ආග්‍රාවල ඉන්න එක සප්ලයර් කෙනෙක් ෆයිව්ස්ටාර් හොටෙල් එකක් එහෙම සෙට් කරලා උපරිමයෙන් සංග්‍රහ කරන්න. ඉන්දියාවට ගියාම මයිනා කෑමෙන් බීමෙන් බොහොම පරිසන් වෙනව. මොකද අජීරණයක් එහෙම හැදුන නම් එහෙම වැඩ කෙසේ වෙතත් ලැට් හොය හොය තමා ඉන්න වෙන්නෙ. ඉන්දියාවෙ ලැට්වලට යනවට වඩා හොඳයි පුප සුපර් ග්ලු ටිකක් දාලා අලව ගන්නව. ආග්‍රාවලට ගියපු දවසෙ රෑ අපි හිටපු හොටෙල් එකෙම රෙස්ටුරන්ට් එකට සප්ලයර්ලා දෙන්නෙක් උංගෙ මැනේජ්ලා දෙන්නෙකුත් එක්ක ඩිනර්වලට ආවා. මළයාලියා ෂර්ට් එක යට කරලා ටයි එකක් එහෙම දාලා මැනෙජින් ඩිරෙක්ට වගෙ, මයිනා ටීෂර්ට් කෑල්ලයි ඩෙනිමයි කොතනටත් දමන පටි සෙරෙප්පු දෙකයි. දැන් මළයාලියා පට්ට වැඩර් වෙලා රඟනව කියන්නෙ රැඟිල්ලක් අපේ බොසා අයිඩියා ගන්නෙත් උගෙන් වගෙ. මෙනූ එක ආවා මයිනා ග්‍රිල් චිකන් එකකුයි චිප්ස් එකකුයි ඕඩර් කරා. අරුත් දැන් ගල් ඉබ්බා වගෙ "සේම් දේදෝ" කිව්වා. ඕඩර් එක ආවා මයිනා ගෑරොප්පුවෙන් ඇනලා එක චිකන් කෑල්ලක් කැපුවා විතරයි, මළයාලියා පටන් ගත්තා මස් කපන්න. ටං...ටිං.... ටුං.... සවුන්ඩ් සමග අරු කනව මයිනා හැඳි, ගැරොප්පු, පිහි පැත්තකින් තියලා අතින් කන්න පටන් ගත්තා.





මුළු රෙස්ටූරන්ට එකම අරූ දිහ බළනව, මූ වගක් නැතුව කම්මලෙ එකා යකඩ තලන්න වගෙ වැඩ. සප්ලයර්සලා මූණට මූණ බළනව, ඉංදියාවේ අපේ ඔෆිස් එකේ එකා මයිනගෙ මූණ බළනව. අරු හෝ ගාලා කනව හරියට ඌ තමයි මූළු හෝටලේටම චීප්ගෙස්ට් වගෙ. මයිනා වෙටර් කෙනෙකුට කිව්වා "වන් පින්ගර් බෝව්ල් ප්ලීස්" කියලා. අරුත් කන ගමන්ම අතින් වේටර්ට ඌටත් එකක් ඕන කියලා පෙන්නුවා. වේටර් මදක් උණුසුම් වතුර සහිත කෝප්ප දෙක ගෙනත් දෙන්නා ළඟින් තිබ්බා. ඔය අත හොදන කෝප්පෙ එන්නෙ දෙහි පෙත්තක් එහෙම දාලා නේ. අර ගොන් නාම්බා අරක තියපු ගමන් ගුඩුස් ගාලා බීපි. සප්ලයර්ලට හිනා වෙන්නදො අඬන්නදො කියලා හිතා ගන්න බැරුව ගියා. ඒක අරං ආපු වේටර්ට හුචුස් ගාලා හිනා පැන්නා, අනිත් මේසවල හිටපු එවුන් කුටු කුටුව. අර වේටර් අනිත් එවුන්ට මූව පෙන්න පෙන් වෙනම ආතල් එකක. මයිනා පාඩුවේ අර කොප්පෙන් ඇඟිළි ටික හෝද ගත්තා. අරුට දැන් කාලා කා ගන්න බෑ උනු ලැජ්ජාව, මයිනට ආපු හිනාව බොහොම අමාරුවෙන් ආයාසෙන් යට කර ගත්තා. ඉංදියාවෙ ඔෆිස් එකේ එකාට මළ මූ කරපු වැඩේට. අරු හුළං බැහැපු බැළුම වගෙ නෝ කතා නෝ සිනා විරුව පට්ටං ගහගෙන ඉන්නව. ඩිනර් ඉවර කරලා එළියට ආපු ගමන් ඉංදියාවේ ඔෆිස් එකේ එකා කතා කරලා කුවයිට් ඔෆිස් එකට අරු ඉස්සරහම කිව්වා "උඹලා කොහෙන්ද මුං හොයලා එවන්නෙ, මෙන්න මූ අත හොදන කෝප්පෙ බිව්වා" කියලා. කුවයිට් එකේ ඔෆිස් එකේ ඒක ප්‍රචාරය උනේ මළයාලියා අත හෝදපු ඉඳුල් වතුර බීපු විදියට. අනේ ඉතිං අරු කුවයිට් ඒකට ආවට පස්සෙ හෙළුවෙන් හිට ගත්තා වගෙ තමයි. හැම එකාම අරුව නෝන්ඩි කරනව "මොකද බං ඉඳුල් වතුර බිව්වෙ උඹට සුප් එකක් වගෙ පෙනුනද" කියලා. අන්තිමේ ඌ කම්පැණියෙනුත් අයින් වෙලාම ගියා. මයිනා නං බහිරවයා ලැග ගත්තා වගෙ තමා ඒ කම්පැණියෙම වැඩ තාම......
එන්නං ඈ.........
___මයිනා___

1 comment: