Thursday 4 June 2020

මයිනාගෙකතා... 87...සෙවළයා


මයිනාගෙකතා... 87...සෙවළයා


මයිනා පුතා කාලෙකට ඉස්සර කොලොන්නවෙ ප්ලාස්ටික් බෝතල් හදන ෆැක්ටරි එකක වැඩකලා. ඔය ෆැක්ටරි එකේ තමයි හොරිලික්ස් බෝතල්වල මුඩිය එහෙම හැදුවෙ. ඔතන ෆැක්ටරි එකට වැඩට යන්න හේතුවක් උනේ ගමේ එවුං සෙට් එකක් එතන ජොබ් එකට ආවා. උන්ට කොළඹ ආපු අළුත නිසා උන්ව කොළඹට හුරු වෙනකං තමයි මයිනත් උං එක්කම එතන ටික දවසක් වැඩට යන්න සෙට් උනේ.  හැබැයි ඔය ආපු සෙට් එකේ හිටිය මයිනගෙ මාමා කෙනෙකුගෙ  පුතෙක්. වෙනකොට කසාද බැඳලා හිටියෙ, මයිනලට වඩා අවුරුදු 5ක්  6ක් වැඩුමාල් වගෙම ලෝකඅණ්ඩපාළ.  ඊට අමතරව ගෑණු සෙවළයා. මයිනට ඕකව දිරවන්නෙම නෑ. ගමේ ඉන්න දවස්වලත් මයිනා ඕකා එක්ක දෙතුන් සැරයක් වළිය දාගෙන හිටියෙ. ඕකා එක්ක තිබුනු ඇරියස් කවර් කර ගන්න මයිනට මාර උවමනාවක් තිබුනෙ. ඒකට මයිනට අවස්ථාවක් නොලැබුනු එකට මයිනා දුකෙන් හිටියෙ.

ඔය ආපු සෙට් එකේ එකෙක් හිටියා මයිනගෙ බොක්ක හින්දා තමයි මයිනා ටික දවසක් උන් එක්ක ඉන්න තීරණය කලේ. ෆැක්ටරියටම ටිකක් එහට වෙන්න තිබුනු වත්තක (මුඩුක්කුනිවාස) බොඩිමක් සෙට් කරං ඒකේ නැවතුනා.  මයිනට ඉතිං සමහර දවසක බෝඩිමේ ඉන්නව සමහර දවසක මාළඹේ යනව.  කට්ටියටම බෝඩිමේම උයන් කන්නත් සෙට් කරලා දුන්නා. ලාම්පුතෙල් ලිපකුයි හට්ටි තුන හතරකුයි පිඟන් වගයකුයි මාළඹේ ගෙදරින් ගෙනැල්ලා දුන්නා. මයිනා ආපු එවුන්ට පැහැදිළිවම කිව්වා, පාඩුවේ වැඩ කරපල්ලා ගෙදර වරෙල්ලා කාලා-බීලා පාඩුවෙ ඉඳපල්ලා.  මේ වත්තෙ කෙල්ලන්ට ගෑණුන්ට ටෝක් කරන්න යන්න එපා. වැරදිලා හරි කේස් එකක් ආවොත් තොපිට දුවන්න කොළොන්නාවෙ පාරවල් මදි වේවි. කොහොම පැහැදිළි කරලා ආවත් මයිනා දන්නව අරූ කන එක කනව අම්බානක.  මොකද ඕය සෙවළ ගතිය ඌගෙ ජාන වලින්ම එන පුරුද්දක්, ඕකගෙ තාත්තත් ගෑණු සෙවළය.

ආපු සෙට් එකේ හතර දෙනෙක් හිටියා. මයිනගෙ බොක්කයි තව එකෙකුයි නෝමල් එකේ තමන්ගෙ ජොබ්එක කරගෙන ෂේප් එකේ ඇදගෙන ගියා.  අර සෙවළයයි තව එකෙකුයි ෆැක්ටරියෙ කෙල්ලන්ට සෙවළ පෙරන්න ගත්තා. මයිනා ඉතිං ඔතන වැඩට යන්න උවමනාවක් නැති නිසා අරුන්ටත් ෆැක්ටරි එක හුරු හිංදා මාළඹේටම ගාල් උනා. ඉඳ හිට සතියකට දෙකකට සැරයක් අරුංව බළලා යන්න මයිනා ගියා. එහෙම ගියාම මයිනගෙ බොක්කා කියනව සතියෙ සමාලෝචනය. මතක ඇතුවම අර සෙවළයගෙ ක්‍රියාකාරකම් ටිකත් කියනව.  පළවෙනි අරංචිය ආවා අරුං දෙන්නගෙන එකෙක් බෝඩිම අයිති ඇන්ටිගෙ දුවට ලයින් කරන බවත්,  අනිත් එකා ඒකිගෙම යාළුවෙකුට ලයින් කරන බවත්. මදිවට උං දෙන්නා ලැල්ලක් හිල් කර හදා ගත් හිළකින් එහා පැත්තෙ නාන කෙල්ලන්ට බැල්මට් එක දාන බවත්. මයිනා පුතාට අවබෝධ උනා ළඟදිම කෑමක් ෂුවර් ඒක වළක්වන එක මයිනට කරන්න බැරි දෙයක් බවත්.

බෝඩිමේ ඇන්ටි කරෙ සල්ලි පොළි කරපු එක, ඇන්ටිව මයිනට හඳුන්වලා දුන්නෙ පොඩි චමින්ද කියලා මයිනගෙම යාළුවෙක්. ඇන්ටි පොඩි චමින්දයගෙ නෑයො වෙනව.   වගෙම තමයි ඔය වත්තම හොල්ලගෙන තමයි හිටියෙ. මයිනා අරුංව බළලා යන ගමන් ඇන්ටිගෙ ගෙදරටත් ගොඩ උනා.   ගිය තොරතුරු කතා බහ කරලා ඇන්ටි බෝඩිමේ ඉන්න අයගෙන් කරදරයක් එහෙම නෑනේ, කුළිය එහෙම වෙලාවට දෙනව නේදඅහලා පැත්‍තටත් වචනේ දාලා බැළුවා. ඇන්ටිගෙ දූ පැනලා අර උස අයියා ඔයාගෙ මාමගෙ පුතාලු නේකියලා අහපි.  මයිනත් කල්පනා කරලා බලලා කිව්වා අනේ අපේ ගංවල අපි කවුරුත් එකාට එකා නෑයෝ,  කොහෙන් හරි නෑ කමක් නම් ඇති හැබැයි ඉති ඒවා මේ ළඟම ලේ නෑකම් නොවෙයි හොඳේකියලා මයිනා ෂේප උනා. ඊට පස්සෙ ෂෙප් එකේ ඇන්ටි චුට්ටක් එන්නකොකියලා ඇන්ටිවත් එක්කගෙන පාර දිහවට එන ගමන් ඇන්ටිට විස්තරෙ කිව්වා.  ඇන්ටි අර උස එකා බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්නව, ඇන්ටිගෙ දුව ඒකා ගැන බොහොම උනන්දු වෙන පාටයි ටිකක් පරිසමින්කියලා.  දුවට අඟවන්න එපා ටිකක් ඇහැ ගහගෙන ඉන්නකො කියලා මයිනා ආවා. මයිනා මයිනගෙ බොක්කට කියලා ආවා මොනවම හරි කේස් එකක් ආවොත් උඹයි අනිත් එකයි බොරැල්ලට ඇවිත්  177 නැගලා මාළඹෙ පහු උනාම තියෙන නෙමිකො ෂෝ රූම් එක ළඟින් බැහැපං,  ඊට පස්සෙ ඉස්සරහට ඇවිදගෙන වරෙන්,   එතන ජොතිපාළ මාවත පහු උනාම ඊළඟ පාර කහන්තොට පාර එතන කාගෙන හරි අහපං කීල්ස් ස්කීම් එකට යන්නෙ කොහොමද කියලා. එතනට ආවම මම ඉන්නව නැත්ත කාගෙන ඇහුව්වත් උඹටගේ පෙන්නයි.  විස්තර කියලා දීලා මයිනා මාළඹේ ආවා.  සතියකට විතර පස්සෙ සැන්දෑවරුවක 7   විතර මයිනගෙ බොක්කයි අනිත් එකයි ඉහෙන් කණින් දාඩි පෙරා ගෙන ස්කීම් එකට ආපි. මයිනට තේරුණා වැඩේ දෙල් වෙලා කියලා. “මොකෑබංඋනේ  අරුං දෙන්නා ඇන්ටිගෙ දුවයි තව කේලෙකුයි එක්ක ෂෝ එකක් බලන්න ගිහින් බං ඒක ඇන්ටිට මාට්ටු” “උඹලගෙ මාමාගෙ පුතා මාට්ටු ඌට අම්බානක දෙනව අරු පැනලා දිව්වා කොහෙ දිව්වද දන්නෑ” “උඹලා දෙන්නා ආවේ කොහොමදඅපිට අව්ළක් නෑනේ බං,  ඇන්ටි අපිට වචනයක් කිව්වෙ නෑ.  බොළගෙ එකා දණ ගස්සලා කුඩුකාරයො දහයක් දොළහක් එක්ක දෙනව අම්බානක”.


                                                            ඔය වලි අස්සෙ ගිහින් කොහෙවත් නැති පෝරියල් කන්න ඕනයෑ. මයින පුතා පහු වෙනිදා උදේ පොඩ් චමින්දයට කිව්වා පොඩ්ඩක් බලා ගෙන වරෙං අර පැත්තෙ විස්තර කියලා.  ඇන්ටි අරුට කියලා අර ළමයා මට හොඳ වෙලාවට කිව්වෙ,  ඕකා බැඳලා කියලා. ආයේ ගෑණු දෙස නොබලන්න දුන්නා ඕකට, අනිත් එකා පැනලා දිව්වානෙ නැත්තං ඌටත් දෙනව”. අනිත් එවුන් දෙන්නට අවුළක් නෑ,  උන් දෙන්නා බොඩිමේ ඉඳන් වැඩට ගියා.  හැබැයි ඉතිං මුළු ෆැක්ටරි එකම දන්නව සීන් එක. “උඹළගෙ දෙන්නෙකුට අම්බානක දීලලුනේඔය වදන තමයි හැමෝම අහනව කියන්නෙ. රෙද්දක් ඇඳන් වැඩට යන්න බැරි නිසා උන් දෙන්නත් ජොබ් එක දාලා යන්න ගියා.
අර සෙවළයට ගහද්දි පැනල ගිය එකා කැලෙන් කොලෙන් ඇලෙන් පැනපැන ගිහින් මතුවෙලා තියෙන්නෙ කොලොන්නාවෙ තෙල් ටැංකි දිහවෙන්.  එතන හිටපු ආමි එකේ සෙට් එකෙන් රුපියල් 100කුත් ඉල්ලන් ඌත් ගමට සේන්දු වෙලා තිබුනා. සෙවළයා පහු කාලෙක රට ගියා රටදි ගෑණියෙක් එක්ක යාළුවෙලා ගෑණිත් බැදං දැන් හළාවත දිහවෙ ඉන්නව කියලයි අරංචිය.  උඹලගෙත් ඔයවගෙ චීත්ත රෙදි වලට වහ වැටුනු එවුං ඉන්නවනං ලියා ගෙන පලයල්ලා උන් ගැන.  එන්නං ඈ.....
___මයිනා___


No comments:

Post a Comment