Monday 20 April 2020

#මයිනාගෙකතා... 81... ගම හරහ

#මයිනාගෙකතා... 81... ගම හරහ...

                                               කාලෙන් කාලෙට එන එක එක ක්‍රිඩා තියෙනව නෙව. ක්‍රිකට්, වොළි බෝල් ඔය අතරින් පළමු තැන ඉන්නව. අවශේෂ ක්‍රිඩා අතරේ එල්ලෙ, චක්ගුඩු වගෙ ඒවා තමයි ඉස්සරහින්ම ඉන්නෙ. ඒ වගෙම මළළ ක්‍රිඩාත් සමහර එවුංගෙ ඇඟවල් ඇතුළට බැහැලා ඒ අංශෙනුත් ඉදිරියට යන එවුං ඉන්නව.

ඉතිහස කතා පෙරලගෙන යද්දි මළළ ක්‍රිඩා අංශයෙන් කප් ගහපු නම තියපු එවුං එමටයි නෙව. කාල් ලුවිස්, හුසේන් බෝලට් වගෙ එවුං තමා මේ කාලේ ලෝක මට්ටමෙ ඔය නම තියං ඉන්නෙ. ලංකාවෙ ඉස්සර හිටියා මැරතන් කරූ සහ තිලකරත්න. ලංකාවේ නම මුලින්ම ඔය අංශෙන් ලෝකෙට ගෙන ගියපු පොරක් තමා ඩනකන් වයිට් කියන්නෙ . ඒ වගෙම තමයි ලෝකේ විශිෂ්ඨතම පරාජිතයා වශයෙන් හඳුන්වනු ලබන කරුණානන්ද ලංකාවේ නම ජපන් පාසල් පෙළ පොතටත් දා ගත්තා. ඒ ඔහු පරාජිතයෙකු ලෙස නොපසුබට උත්සහය නිසයි.
සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ්‍රියානි කුළවංශ මයිනලගෙ ගැටව් අවදියෙ හිටපු ජනප්‍රියම ක්‍රීඩිකාවො තමා. ඒ කාලේ මයිනලගෙ ගමෙත් හිටියා අයියයි නංගියි දෙන්නෙක්, පැය 24 පුරාම දුවපු එකම කෙරුවට උං දෙන්නා දිනපු තරඟයක් නම් දන්නෙ නෑ. ඔය කෙල්ලට නම් කිව්වෙ මයියොක්කා දර්ශා කියලා, උං කොහෙ ඉන්නවද කියල නම් දන්නෙ නෑ.





එක කාලෙක මයිනටත් හිතුනා මැරතන් කරූ වගෙ වෙන්න. එහෙම හිතලා තනියට තව ගොබිලො දෙන්නෙකුත් ඇදගෙන හැන්දෑවට හැන්දෑවට මයිනා පුහුණුවිම්වල නිරත උනා. තොටගමුවෙ හංදියෙ ඉඳලා කහව හංදියට ගිහින් හැරිලා ඒම තමා කලේ. මයිනා සහ අනිත් උන් දෙන්නා සමග පුහුණුවීම් කරනව පෙරගමන් සයිකල් පසුගමන් සයිකල් සමග අනික් අපතයොත් එනව. ඕං ඔහොම දවස් 10ක් 15ක් ප්‍රැක්ටිස් කරද්දි මයිනලට සහබාගි විය හැකි තරඟයක් පිළිබඳව හෝඩූවාවක් ආවා. මයිනත් මොකද කරේ අනිත් එවුං දෙන්නත් සමග ඒ මහ ගම හරහ දිවිමේ තරඟයට සහබාගි වීමට තීරණය කලා. දින ගෙවි ගියා තරඟය පවත්වන දිනය ආවා මයිනත් අනිත් එවුං දෙන්නව ඇදගෙන ගිහින් තරඟයට සහබාගි උනා. තරඟය ආරම්භ කිරිමට අංක එහෙම ලැබුනා 60ක් විතර පිරිසක් තරඟෙට සහබාගි උනා.


                   ටික වේලාවකට පසු තරඟය අරම්භ කලා මයිනා සහ පිරිස තරඟ බිමේ. මයිනට සහ අනිත් එවුං දෙන්නට වතුර අරං බීම අරං ග්ලූකෝස් අරන් බයිසිකල් පෝළිමකුත් සපෝට් එකට එනව. ඕං ඔහොම දුවගෙන යද්දි සමහර උං අතරමග නවතිනව තව සමහර උං දුවනව. මයිනත් එක්ක ආපු අනිත් උන් දෙන්නත් උංගෙ උපරිම වේගෙන් දුවන්න ගත්තා. මයිනා පහු උනා සපෝට් එකට ආපු එව්වො අරුන් දෙන්නා තරඟෙ දිනවන්න ඕන නිසා මයිනගෙ සහය පැත්තකට දාලා අරුන් එක්කම ඉදිරියට. මයිනා ඉතිං පුළුවන් උපරිමෙන් ඇදගෙන එනව. මග දිගට ඉන්න නරඹන්නො වතුර බකට් එහෙම තියාගෙන ඉඳලා දීලා අරිනවා පෙර වෛර පිරිමන්නැහෙ. එකේක ගහපු වතුර පාරකට ක්‍රීඩකයෙක්ගෙ කණේ වතුර ගිහින් ඌ උඩ පනිනව ඔළුවට ගහ ගන්නව එක විකාරයයි. තව නරඹන්නෙක් ගහපු වතුර එක සමග පනිට්ටුව පැමිණීම නිසා තවත් ක්‍රීඩකයෙක් ලේ පෙරාගෙන. මේ සියල්ල දැක දැක මයිනා තරඟයෙ. ඕං ඉතිං මයිනගෙ කරුමේ සෙට් වෙච්ච තැනකදි එක නරඹන්නෙක් දීලා ඇරියා මයිනටත් වතුර එකක්. කියන්න අජූතයි පිංවතුනි, තුං නොදකිං ඒ වතුර එක මූ පොල් ලෙලි පල් කරන වළක වතුර එකක් ගහලා තියෙන්නෙ. ගන්දස්කාරේ බෑ මදුරු පණුවොයි ඉස්ගෙඩියි හිට ඇඟෙ කටට ගියපු වතුර වලට තෑහ් තූ තූ... තමා. "හිටපිය කැ@යා තොගෙ අම්මට #කවලා ගන්නෙ" කියලා මයිනා අරු එක්ක වළිය ඇද්දා. මයිනා තනියෙං හිංදා ගේම ඉල්ලුවට වැඩක් නෑ "හිටපං රේස් එක ඉවර වෙලා එන්නං" කියලා මයිනා දුවනව ආයෙමත්.  සපොට් එකට ආපු බයිසිකලයක් ආයෙමත් ඇවිත් මයිනා නැතුවට බලන්න. මයිනගෙ ළඟ පට්ට ගඳයි ඉස්ගෙඩිත් ඇඟෙ.

                 ආපු එකාට විස්තරෙ කියන ගමන් මයිනා රේස් එකේ පස්ස බැළුවම එකෙක් ළඟ ළඟම එනව ඇඟෙ ඉතිරි සියළූ වෙර වීරිය අරං මයිනා තරඟය නිමා කලා.      කියන්න සංතෝෂයි මිත්‍රවරුණි අර පස්සෙන් ආපු එකා අන්තිමයා.   ඊට කලින් ආපු මයිනා අන්තිමයට කලින් එකා.   තරඟය නිමා කළ පිරිස 38යි මයිනා 37 වෙනියා. මයිනගෙ අපතයො දෙන්නා 3 වෙනියා සහ 7 වෙනියා වෙලා තිබුනා. සියළුම අපතයන් මයිනට මඩ වතුර ගහපු එකා හොයන්න පිටත් උනා.  15ක පමණ පිරිසක් මඩ වතුර ගහපු එකා හොයන්න උගෙ ගමට.   යද්දි ඌ කුරුඳු වගයක් පටවන්න ලෑන්ඩ් මාස්ටරෙන් ගිහිල්ලා.   අර කුරුඳු පටවන්න ගියපු තැනට ගිහින් අරූව අල්ල ගත්තා,  අරන් ආවා දෙකක් දීලා ඊට මෙහා තිබුනු පල් වෙච්ච පාළු ළිඳක් ළඟට.  අර ළිඳෙන් වතුර බාස්කට් එකක් අරන් බාගෙකින් අරූව නෑව්වා ඉතිරි බාගෙ බීපිය කියලා අරූටම දුන්නා.   අරූ දැන් නොඳිනා වැඳුං වඳිනව සමාව ඉල්ල ඉල්ල.   කුරුඳු පටවන්න ආපු එකා නැතුවට කුරුඳු වත්ත අයිති එකා හොයාගෙන එද්දි පාළු ළිඳ ලඟ අරූව දණ ගස්සලා පල් වතුර පොවන්න හදනව.   සිද්ධියෙ අග මුළ නොදන්න කුරුඳු අයිතිකාර එකා ගේම ඉල්ලුව. වළිය වෙනතකට කට්ටියම සෙට් වෙලා කුරුඳු අයිති එකාට දෙන්න හදද්දි සද්දෙට පාරේ ගිය මාමා කෙනෙක් ආපි.





                 උන්දෑ ආපු හැටියෙ "මොකෑ පුතේ මේ" කියල අහපි.   හුටා උන්දෑ මයිනගෙ අප්පගෙ ළඟම බොක්කක්. කටා කිව්වා සීන් එක මෙහෙම දෙයක් මූ කරා ඒකට පනිෂ්මන්ට එකක් දෙන්න ආවේ.  මේ මාමා අපිත් එක්ක වළියට ආවා දෙන්නටම එකට තියලා දෙන්න හැදුවේ කියල.  ඔන්න ඕක අතෑරලා දාපං පුතේ බල්ලෙක් කෑවට උඹලා බල්ලො කන්න යන්නෑ නේ කියලා මාමා ධර්මෙන්ම වැඩේ ෂේප් කලා. මාමා හින්දා වැඩේ අතෑරලා එන ගමන් එකෙක් ඇරූගෙ ලෑන්ඩ්මාස්ටරේ ස්ටාර්ට් කරන හැඬල් එක අරන් ඇවිල්ලා. මයිනලා ඇවිත් පැයකට විතර පස්සෙ අරු එනව තව ලෑන්ඩ්මාස්ටරයක් තියෙන මාමා කෙනෙකුත් එක්ක.   ඒ ආපු මාමාත් ගමේ බොහොම ගෞරවයට පාත්‍ර උනු කෙනෙක් අරූට මොකවත් කර ගන්න විදියක් නැති උනා ඒක නිසා. "තෝ පරිසම් වෙලා ඉඳපං මේ මාමා නිසා බේරුණා" කියලා හැඬල් එකත් දීලා යැව්වා.   මාස 2කක් විතර ඕකව අල්ලන්න ට්‍රයි කරාට ඌ නොවෙයි අපි යන එන පාරකවත් ගියෙ.   එන්නං ඈ.......
____මයිනා___

No comments:

Post a Comment