Monday, 20 April 2020

#මයිනාගෙකතා... 82... දානෙ ගෙදර

#මයිනාගෙකතා... 82... දානෙ ගෙදර...

                         දන්නව නේ, කොල්ලන්ට කොළු කාලේ හරියට වැඩ නෙ. "බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ" කිව්වෙ ඔන්න ඔය කාළවකවානුවට තමා. අතන මෙතන කොතන උනත් තියෙන දානෙට, මගුළට, පිරිතට, මළගමට ආදි වශයෙන් ඔය කොයි තැනත් කොල්ලො පෙනි ඉන්නව. දන්න - නොදන්න, ඥාති - නොඥාති, මිතුරු - සතුරු.... සියළු දෙනාගෙම පොදු වැඩවලට කොල්ලො බොක්කෙං වැඩ. මළගෙයක් නම් ඒ ගෙදර සමග තියෙන සම්බන්ධතාවය අනුව තමයි එතන රැඳෙන කාළය ගණනය වෙන්නෙ. හත් දවසම ඇදපු මළගෙවලුත් නැතුවම නොවෙයි.

                 මයිනා සහ අපත නඩේ කියලත් වැඩි වෙනසක් නෑ, පොදු වැඩ සහ පොදු ක්‍රියාකාරකම්වලදි ඉදිරියෙන්ම හිටියා. ගමේද පිට ගමකද කියලා වෙනසක් නැතුව කොතනටත් උපරිමයෙන් සහය දුන්නා. ඕං ඉතිං එක දවසක මයිනලට සෙට් උනා දානෙ ගෙදරක යන්න ඇල්පිටිය දිහවේ, කට්ටගෙ පුංචි අම්මගෙ ගෙදර. කට්ටගෙ පුංචි අම්මා කියන්නෙ අපෙත් පුංචි අම්මා වගෙ නිසා අපතයන් රැළ ඒ දානමය පුණ්‍ය කටයුත්තට සහබාගි වෙන්න තීරණය කලා.  කට්ටගෙ පුංචි අම්මට තමංගෙ පරපුරෙ එවුංගෙ පිරිස් බළය වැඩිපුර පෙන්නන්න ඕන නිසා හැම එකාටම එන්න කියන පණිවිඩේත් ලැබුනා.   අපරාදේ කියන්න බෑ දානෙට කලින් දවසෙ උදේම කට්ටියම ඇල්පිටි යන්න කියලා සූදානම් වෙලා ගාළු පාරට ආවමයි දැක්කෙ ගමෙං බාගයක් එතන.  අපරාදේ කියන්න බෑ ඉතිං දන්නව නෙ කටවල් වල හැටි.  එන එන බස් එකේ ඉඩ ඇති හැටියට කොහොම කොහොම හරි කට්ටියම අම්බළන්ගොඩට සේන්දු උනා.  ඊළඟට තියෙන ඇල්පිටි බස් එක කිව් එකට එන්නත් කලින් අර තොටගමු සෙනඟ බස් එකට නැගිපි.  අපරාදේ කියන්න බෑ තව ඇඟිල්ලක් ගසන්න ඉඩ නැත.  ඩ්‍රයිවර්ටයි කොන්දටයි කිව්වා හැමොම ඇලිපිටියට යන්නෙ දැං යමං මොන කිව්ද මොන ටර්නද කියලා.  ඩැයිවරයගෙ සීට් එක යංතං ඉතුරු වෙලා තිබ්බා. ඒකට ඌ ගොඩ උනා ඩෑස් බෝඩ් එක උඩිං කොන්දවත් වාඩි කරං එක පිම්මෙ ඇල්පිටියට.  කොන්දා ඇලිපිටියෙන් බැහැලා ඉස්සරහා දොරෙන් හැමෝම බැහැපල්ලා කියලා ටිකට්වල සල්ලි ගත්තා.

                     කට්ටිය 70ක් විතර මහ පෙරහැරක් වගෙ පුංචිගෙ ගෙදරට.  ටින්, බෙලේක්ක, හට්ටි, මුට්ටි, බාස්කට් එක්ක සෙට් එක කඩං පත් උනා.  ළමා, තරුණ, මහළු ගැහැණු, පිරිමි වශයෙන් හැම එකාමත් හිටියා.  ඒ මහ පිරිස දැකලා අති උනු බයට බාප්පට සිහි නැතුව ගියා, පුංචි ප්‍රීතියෙන් පිනා ගියා.  පළමුව තේ පැන් සංග්‍රහය... දුන්නා සෙට් එකම මෙසෙත් සුද්දයි කෑමත් සුද්දයි ගෙදර හිටපු අනික් ඈයො තූෂ්නිම්භූත වෙලා ගියා.  උස්සං අපු හට්ටි මුට්ටිවල බළ මාළු, බටු මෝජු, සුදූළුණූ වෑංජන, අච්චාරු සහ විවිධ වර්ගවල කැවිළි.  ඒවා දැකලා බාප්පා නැවත පියවි සිහියට ආවා.  ඇයි යකෝ දානෙට උවමනා සේරම බඩු තොටගමුවේ ඈයෝ අරං ඇවිත් නෙව.  පිරිසක් ඇළට නාගන්න ගියා, පිරිසක් ළිඳට නාගන්න ගියා, තව පිරිසක් අරං ආපු බෝතල් සමග සප්පායං වෙන්න ගියා, බොහොම සුළු පිරිසක් දානේ ඉදිරි වැඩ ගැන සාකච්චා කරන්න ගියා.





                              ඉනපසු එළඹි දවල් කෑම වේලාව.... ආයෙමත් හැන්දෑව ගැන ෂුවර් නැති උන් දීලා ඇරියා බඩේ හතර මුල්ල ඇදෙන්න. අපරාදේ කියන්න බෑ දෙවනි පාරටත් ආං අර බාප්පට සිහිමුර්ජා උනා. කාලා ඉවර වෙලා පැයක් ගිය තැන රාහුළ හාමුදුරුවො බැඳං වැඩ ගත්ත යක්කු ගාණට තොටගමුවෙ එවුං වැඩ.  වත්ත සුද්ද කිරිමේ සිට ළුණු සුද්ද කිරිම දක්වා සියළු වැඩ අපේ එවුං අතට පත් වෙද්දි, එගම පුරවැසි සහ බාප්පාගෙ ඥාති හිතවත් සියල්ලම පැත්තකට වීසි උනා. හවස් වෙද්දි හයි කරපු තහඩු ටෙන්ට් එකේ දැහැත් විඩ සෑදිම සහ වෙනත් පිරිකර සූදානම් වීමත් සිද්ද උනා.  වටේ පිටේ ඇහැට කණට පේන නොපෙනෙන සියළුම ගවුම් කෑලි දානෙ ගෙදර දිහවට, අපේ හාදයො දෙපැත්තෙන් පෙර පෙර පැණි හළනව.   ගමත් එකයි කොහෙත් එකයි න්‍යායෙන් ගමේකම මතුවෙලා එද්දි ආයේ පිට කියලා නෑ ආමන්ත්‍රණය හුයන්නෙන්.  ඒ වගෙම ගමේකමට කටට හුරු පුරුදු නම්වලින්.  සැන්ඳෑ අඳුර ලොව ගළන වෙලාවේ අපේ කටාට වැසිකිළි යෑමේ උවමනාවක් ආවා.   කටා ගෙට මීටර් 20ක් විතර ඈතින් තියෙන වැසිකිළියට.


                                පෙර පුරුද්දට මු ඇඳන් හිටපු ජොකයි ෂෝටයි වැසිකිළි කවුළුව උඩින් තිබ්බා.  සාං.. ගාලා එතනට ගිය එකෙක් අරුගෙ ෂෝටයි ජොකයි ඉස්සුවා.   කටා ලෝඩ් එක බාලා ඇතුලෙ ඉඳන් වස්තරා ඉල්ලනව කරුණාවෙන්.  කට්ටිය ශබ්ද නැත.  දෙවනි පාර රළු බසින් ඊට පසු සුපුරුදු වාග් මාලාවෙන්.   ඇඳුං ගනිපු එකාගෙ අම්මා තාත්තා සහවාස වෙච්චි තැන ඉඳලා වදලා ලොකු මහත් කරපු හැටි සහ මේ මොහොතවන විට බල්ලෙකුත් කෙළපු කතාවක් වෙනකං කටා කියාපි.  දානේ ගෙදර ආපු එගම වැසි කන්තාවන් කන්වල ඇඟිළි ගහගෙන, වැඩිහිටි මාමාලා තූෂ්ණීම්භූත වෙලා, කෙල්ලො ගෙවල්වල දුවලා.   ඕං ඔය වෙලාවේ ආපු ලෑන්ඩ්මාස්ටරයක් පන්සලෙන් පිඟන්, කෝප්ප, පැදුරු, පඩික්කං ආදිය අරන් එන්න යං කියලා කතා කලා.   වල් වළත්ත නසරාණි සෙට් එකෙන් බාගයක් අර ලෑන්ඩ්මාස්ටරේට නැග්ගා.   එක නසරාණියෙක් කටාගෙ ෂෝටයි ජොකයි ලෑන්ඩ්මාස්ටරේට දාගෙන පන්සලට අරන් ගිහින්.  මළ පැනපු කටා "තොපිට මගෙ ප## බලන්න නේ ඕනේ කියාගෙන ලැට් එකෙ දොරත් ඇරන් එළියට ආපි.  ඇස් වසාගත් ගෑනු, බිම බලාගත් පිරිමි, ක්ලාන්තෙ දාපු ආච්චිලා, හූ තියපු කොල්ලො මැද නැවත අරුට මතක් උනා මේ ගෙදර නෙවෙයි කියලා.  කටා නැවත අසුරු සැනින් වැසිකිළියට, ඒ වෙද්දි සියල්ල සිදුවී හමාරයි.   කට්ටගෙ පුංචි අම්මා සිහි නැතුව වැටිලා.   තවත් පැය බාගෙකට පස්සෙ ආපු ලෑන්ඩ්මාස්ටරෙ තිබුනු ජොකයි ෂෝටයි වැසිකිළි කවුළුව උඩට.   වස්තරා ඇන්ඳට ඒ වෙද්දි කටාගෙ ආත්මේම නිර්වස්තරා වෙලා ආහවරයි.   ලැට් එකෙන් එළියට ආපු කටා විළිලැජ්ජාව මැද ඇඳුම් බෑග් එකත් අරං දානේ පැත්තක තියෙද්දි ගෙදර ගියා.  යන්න කළිං ලැජ්ජාව දෙපිටිං යන්න කියලා "තොපි ගස් කැ%යො එකාට එකාට පොළු පාර ගානෙ දෙනවා වරෙව්කො හෙට ගෙවල්වලට" කියාගෙනම ගියා. "කටා ඇල්පිටි යමුද" ඇහුව්ව නං ඉතිං කටාගෙන් අහගන්න තිබුනා හොඳ හොඳ වචන ටිකක්. එන්නං ඈ.......
___මයිනා___

3 comments:

  1. කොරෝනත් අමතක උනා
    කාපු කෑම ඉස්පොල්ලේ ගියා කියහනකෝ

    ReplyDelete