Sunday 22 March 2020

මයිනාගෙකතා..78... කුක්කුඩෝල් - 3

#මයිනාගෙකතා..78... කුක්කුඩෝල් - 3

                                                               ඇඩවාන්ස් ලෙවල් පළවෙනි අවුරුද්දෙ අන්තිම හරිය වෙද්දි කුක්කුඩෝල් ෆුල් පොෂ් වි මයිනාට නීති තහංචි සහ උපදෙස් දෙන මට්ටමට පැමිණ සිටියා. ඒ වෙද්දි පට්ට කෑල්ලක් වෙච්චි කුක්කුඩෝල් පස්සෙ ගාල්ලෙ මල්ලිලත් වැටුනා. ඔන්න ඔහොම වදයක් වෙච්ච එක මල්ලි කෙනෙකුට බොහොම ආදරෙන් කියල දුන්නා මේ මගෙ ලව් එක පාඩුවෙ ඉදිං කියලා. ඊටත් මාසෙකට විතර පස්සෙ ඕං ඉතිං තව එකෙක් පස්සෙං වැටිලා කියලා කුක්කු නහයෙන් අඬන්න ගත්තා. හික්කඩුවෙ කුමාරකන්දෙන් හැරුනම හෙන්නතොට කියල ගමක් තියෙනව ඕං ඔය ගමේ, අපි වගෙම නහයට අහන්නෙ නැති හාදයෙක් තමා පස්සෙන් එන්නෙ. ඕං ඉතිං ඒ හාදයත් හම්බ වෙලා මල්ලි වද නොදි ඉඳපං මේ මම බඳින්න ඉන්න ගෑණු ළමය කියලා පැහැදිළි කරා. ඌ ඉතිං වැඩි නහරේ උළුප්පං "මට ඕන්නං මම ට්‍රයි කරනව උඹ ඒකිගෙ තාත්තද......" කියලා අහාපි මෙතෙක් වෙලා නිහඬව හිටි තඩියා දීලා ඇරියා එකක් මල්ලි රවුං දෙකක් විතර කැරකිලා ගෙම්බා පොළවෙ ගැහුව්වා වගෙ බිම. ඔන්න ඉතිං පාසල් වයසේ කොල්ලො ටිකක් වට උනා වළියට ඒත් තඩියගෙ ඇඟට බය වෙච්ච උං පස්සෙ බලා ගැනීමේ පොරොන්දුව පිට විසිරිලා ගියා.

                                                                   ඊළඟ සතියෙ දවසක මයිනා ප්‍රියංබිකාව බැළිමට ගාල්ලට, පෙරදිනක ඇති වු අවමානයට අවධානයෙන් සිටි මල්ලිලා සටන් බිමට. අපරාදේ කියන්න බෑ මිත්‍රවරුනි වැදුනා වැදිල්ලක්...... කෑම අතිවිශිෂ්ඨයි. රිච්මන්ඩ්, මහින්දෙ, ඇලෝෂියස්, විද්‍යාලොකේ විතරක් නොවෙයි කොටුව ඇතුලේ මෙලෝකමකට නැති බොළවත් නම අහලා නැති ඕල්සන්ට් කියන ඉස්කෝලෙ එවුනුත් ගැහුව්වා අප්පා. ඉතිහාසෙ ප්‍රථම වතාවට වෙන්න ඇති මේ පාසල් සියල්ලම එකමුතු වෙලා යම්කිසි ක්‍රියාකාරකමක් කරන්න ඇත්තෙ. අපරාදෙ කියන්න බෑ නාසයෙන් ලේ ගලනව ඇහි බැම පැළිලා ලේ ගළනව ඇදං හිටපු ටි සර්ට් එක ඉරිලා මයිනා ඉතිං ලංකාවේ දිගම බස් නැතුම් පොළ වටේම දිව්වා ආයේ නෑ..... ඊට වසර කිහිපෙකට පෙර ගාල්ල බස් ස්ටෑන්ඩ් එකේ මයිනලා හින්දම පිහිටවපු පොලිස් මුර පොළට පිං සිද්ධ වෙන්න අම්බානයි ටිකයි කාපු මයිනා බස් එහෙකට පැනලා හැංගුනා. මොකා ගැහුවද කොහොම ගැහුව්වද කියලා මයිනට අදටත් මතක නෑ. අන්තිමෙ මයිනා නැගල හිටපු බස් එක යනව අර ගහපු එවුන් ගැන හිත හිත කේන්තියෙන් ආපු මයිනට බස් එක යන්නෙ කොහෙටද කියලවත් නිනව්වක් නෑ.



                                                                   කොන්දා ළඟට ආවම අතේ තිබ්බ රුපියල් 20න් 10ක් කොන්දට දුන්නා. මේන්න බොලේ බස් එක ගමනාන්තයට ඇවිත් බැහැලා බැලින්නං බස් එක දෙණියායටම ඇවිත්. දැං මොකෑ කරන්නෙ අතේ තියෙන්නෙ රුපියල් 10යයි ආයෙමත් ගාල්ලට යන්නත් සල්ලි මදියි. දෙණියාය කොළඹ බස් එකක් ළඟට ගිහින් කොන්දයියට ඇත්තම විස්තරෙ කියලා හැන්දෑවේ 8ට විතර මයිනා ඒ බස් එකෙන් ඇවිත් හික්කඩුවෙන් බැස්සා. ගෙදර දිහාවට නොගිහං තඩියලගෙ ගෙදරට ගිහිං කිව්වා විස්තරේ. තඩියගෙ නංගියි තඩියයි උණු වතුරෙන් තවා තෙල් බෙහෙත් ගල්වා රෑට කන්නත් දීලා එහෙම නිදි කරව ගත්තා. පසු දා අනික් අපතයනුත් විස්තරෙ දැනගෙන  මොකද අපි කරන්නෙ සහ කොහොමද රිටන් එකක් දෙන්නෙ කියන දෙගිඩියාවෙන් ඉන්දැද්දි අපේ කටා දුන්නා අයිඩියාව.
"ඕකට ගාල්ලෙදි ගහන්න බෑ ඉස්කූල් යුනිෆෝම් පොලිස් කේස් ආවොත් අවුළ" "මිල්ලෙ අහවලා උඹගෙ බොක්ක නේ පොරට කියලා ඕකගෙ ගමට හරි ගෙදරටම හරි ගිහින් තමයි සද්ද දාන්න වෙන්නෙ"

                                                                         ඉදිරි දවස් කිහිපයෙ අදාල මල්ලි බබාගෙ සියළු විස්තර අපේ කටාම ගෙනත් දුන්නා. දවසක් හැන්දෑවක මයිනා සමග එවකට සුපිරි බුලට් එකක් උනු මිල්ලෙ බුවා සහ තවත් එවැනිම හාදයෙක් එක්ක ට්‍රේල් බයික් දෙකකින් හෙන්නතොටට ගියා. මල්ලියා තාප්පයක් උඩට වෙලා කකුල් දෙක වන වන ඉන්නව තව හතර පස් දෙනෙකුත් එක්ක. අනේ ඉතිං මයිනට දැනුනු සංතෝෂෙ............ මයිනා ආයෙත් නෑ දුන්නා දීමක් වෑන් ඩෑම්, බෲස් ලී, ජෙට් ලී ආදි සියළුම නළුවන්ගෙ ඉරියව් වලින්. ගමේ හාදයො චන්ඩි වගෙ දුවගෙන ආවට එකෙක් නොවෙයි කිට්ටු වෙන්නෙ මයිනා සමග ගියපු පුද්ගළයො දෙන්න දකින දකින එකා නවතිනව. අන්තිමට ඒ නහර මල්ලිගෙ ඥාතියෙක් ඇවිත් අරැං දෙන්නගෙ කකුල් දෙක ළඟ වැටුනමයි මයින ගහන එක නැවැත්තුවෙ. ඒ වෙද්දි අර මල්ලි බාගෙට මැරිලා වගෙ තමයි හිටියෙ. ඊට පස්සෙ ඒ මල්ලි  පාරකදිවත් දැක්කෙ නම් නෑ. අර මයිනා එක්ක ගිය පුද්ගළයො දෙන්නගෙන එක්කෙනෙක් නම් වෙඩි පහරකින් මිය ගියා පසු කාලෙක. ඒ වෙද්දි මයිනගෙ සහ කුක්කුඩෝල්ගෙ ගෙවල් දෙපැත්තෙන්ම දරා ගත නොහැකි තරමටම ප්‍රශ්ණ ආවා, අනික තමයි කුක්කුඩෝල්ගෙ ආච්චි මයිනගෙ ගෙදරටම ඇවිත් පිය රජානෝ හමුවිම. "අනේ පුතේ කොල්ලට කියාපං කෙල්ල විභාගෙ ගන්නකම් පාඩුවෙ ඉන්න කියලා ඊට පස්සෙ ඕන දෙයක් කර ගත්තාවෙ" කියලා ආච්චි කියාපි. එන්න එන්න කුක්කුඩෝල්ගෙ නීති රෙගුලාසි වැඩි වෙද්දි කුක්කුඩොල්ගෙන් ඈත් වෙන්න කරුනු කාරනා එකතු උනා. යාළුවො ආශ්‍රය කරන්න එපා අරක අඳින්න එපා, කොන්ඩෙ කපන්න එපා,......... සහ පොඩි පොඩි දේවල් වලටත් රණ්ඩු වීම වගෙම මයිනගෙ පොඩි අක්කාට බැන වදිමින් පණිවිඩ එවිම. තවත් කරුණු කාරණා තිබුනත් ඒවා ලිවීම කුක්කුඩෝල්ට අවැඩක් නිසා නොලියා සිටිම මැනවයි සිතමි.

                                                                   අන්තිමට මයිනා විසින් ප්‍රේමයට තිත තබන ලදි, පසු කාලෙක මයිනා විදේශගත විමෙන් පසු මයිනාගෙ බාප්පගෙ පුතාගෙන් මයිනගෙ දුරකථන අංකය ඉල්ලා තිබුනත් ඔහු එය දීම ප්‍රතික්ෂේප කර තිබුනා. එක අවුරුද්දක දෙසැම්බර් වලදි මයිනා ලංකාවට ආපු වෙලාවක කුක්කුඩෝල් අහම්බෙන් මුණ ගැසි දුරකථන අංක හුවමාරු කර ගත්තත් මයිනා වන මා කුක්ඩෝල් සමග කතා කිරිමට නොගිය බව ප්‍රකාශ කරමි. කුක්කුඩෝල්ගෙ පියා කිහිප වතාවක්ම මයිනා සමග බළෙන්ම කතා බහ කරත් මයිනා ඇසු ප්‍රශ්ණ වලට පමණක් පිළිතුරු දී පලා යන ලදි. ඌට හිතෙන්න ඇති අපරාදේ මූව දූවගෙන් ඈත් කරෙ කියලා. මේ ප්‍රේම කතාවෙ තව බොහො දේ ඇතත් ඒවා කීම හො ලිවිම කුක්කුඩෝල්ගෙ අනන්‍ය්තාවයට හානියක් විය හැකි බැවින් නොලියා සිටිම මැනවයි සිතමි. අද දවසේ කුක්කුඩෝල් කොහෙ ඇද්දැයි නොදන්නා නමුත් මාගෙ මෑණියන් සහ බාළම්මා යන දෙදෙනාම කේන්ති ගැස්සවීමට අදත් මා යොදා ගන්නෙ කුක්කුඩෝල්ගෙ නමයි. "ඒ කාලේ මට ඒකි බඳින්න දුන්නෙ නෑ දැං බොරුවට කසාද බැඳපං ගාන්න එපා" කිව්වා නං "ඒ පට්ට ##ති නැතුවට කමක් නෑ තෝ ඔහොමම හිටපිය" ලෙස පිළිතුරු ලැබෙන බව නිසැකය. අදත්  මා නොදන්නෙ කුක්කුඩෝල් සමග මාගෙ මෑණියන්ට ඇති තරහව කුමක්ද යන්නයි. ඒ ලව් එක ගැන කතා ඉවරයි එහෙනම් හරිද? තව ලව් තියෙනව ඒව ගැන කියන්නම්.....
____මයිනා_____

1 comment: