Wednesday 11 March 2020

මයිනාගෙකතා... 75... තඩියා - 3

#මයිනාගෙකතා... 75... තඩියා - 3

                     තඩියා කියපු හැටියෙම උඹළට මතක් වෙන්නෙ හෙණම ගොං මීහරක් ඩයල් එකක් නේ, එහෙම හිතන්න එපා බොළව් ඕකා හෙණම ලෝක අණ්ඩයා.   අපේ කට්ටා යාළුවෙලා හිටියෙ අපේ ගමට ගම් දෙකක් විතර එහා පැත්තෙ ගමක කෙල්ලෙක් එක්ක.   සතියකට 2කට සැරයක් රාත්‍රියෙ ඔය ගෙදර ජනේලෙකින් ගේ ඇතුළට පැනිම අපේ කට්ටා පුරුද්දක් කරගෙන හිටියා.  කට්ටා එහෙම යන දවසට උගෙ තනියට සහ ආරක්ශාවට අපේ එකෙක් එක්ක යනව.  රෑ 10ට 11ට කාමරේට පනින එකා පැය 2ක් 3ක් ගියාම තමා එළියට එන්නෙ.  එතකං තනියට යන එකා එළියෙ කොහෙ හරි තැනකට වෙලා මදුරුවො තළ තළ ඉන්න ඕනේ.  හැබැයි කට්ටා ඔය ගමනට කටා සහ තඩියා කියන දෙන්නම සහබාගි කර ගත්තෙ නෑ.  මොකද කට්ටා දන්නවා බුෆේ දාලා ගම් පොරියල් තමයි ලැබෙන්නෙ කියලා මුන් දෙන්නා එක්ක ගියාම.  කට්ටගෙත් නරක දවසක් උදා වෙලා කට්ටට ඔය ගමන යන්න එදා දවසේ කවුරුවත්ම සෙට් වෙලා නෑ.   අන්තිමට හිත හදාගෙන තඩියව එක්ගෙන ගිහින්.   ඔය දවස් වළ ගෙවල්වලට හොරු පනිනව කියලා ලොකු කතාවක් තිබුනා.

                           කට්ටා වෙනදා වගෙම රෑ 10ට විතර ගිහින් ගෙදරට මීටර් 50ක් විතර ඈත තියෙන ළිඳ ලඟින් තඩියව තියලා කෙල්ලගෙ කාමරේට රිංගලා.  තඩියා ඉතිං ළිඳ ලඟ ඉන්දැද්දි වටේ පිටෙ හිටපු මදුරුවෝ එහෙම සෙට් වෙලා තඩියා සමග වළිය.  තඩියා ඇඟෙ වහන මදුරුවට ටෝච් එක අල්ලනව ඊට පස්සෙ මදුරුවට ගහනව.  පිටේ වහන මදුරුවන්ට එතන ගහකින් කඩා ගනිපු කොළ අත්තකින් ගහලා එළවනව.   ළිඳ තියෙන තැනට අල්ලපු වත්තෙ ගෙදර එකා ඈත ඉඳං බැළුවම කවුරු හරි ළිඳ ළඟ ඉඳං ඉන්නව.   නාන රෙදි හෝදන විදියක් පේන්නත් නෑ ඕං ඉතිං ඒ ගෙදර එකා ඇඳ පොල්ලකුත් අරන් ටෝච් එකකුත් අරන් ළිඳට කිට්ටු කරලා.  තඩියට මීටර් වෙලා කවුරු හරි එනව තඩියා හෙමිහිට ළිඳේ අනිත් පැත්තට සෙට් වෙලා.  ආපු එකාගෙ ගෙදර එවුං හතරවටේ ලයිට් දාලා පොල්ලක් අරන් ගිය එකා බලන්න.   පොල්ල අරන් ආපු එකාගෙ ගෑණියි අවුරුදු 12ක විතර කොල්ලයිත් ඇවිත් තව ටෝච් එකකුත් අරන්.  පොඩි එකා ටෝච් එක ගහද්දි තඩියා මාට්ටු "තාත්තෙ මෙන්න තඩි මිනිහෙක් මෙතන ඉන්නවො" ගාද්දි තඩියට කරන්න දෙයක් නෑ, අරුගෙ ගෑණිත් පෙරලගෙන දුවලා.  දුවන ගමං "කට්ටො දුවපං" කියලා කෑ ගහලා, ඊට පස්සෙ ඉතිං ඒ හඬ ඇහෙන මානේ හැම ගෙදරම විදුළි පහන් දැල්වි ගෙවල්වල එවුං කොසු, පොළු, කඩු, පිහි, මන්න සමග එළියට.  තව එකෙකුට දුවපං කිව්වට කවුරුත් දිව්වෙ නැති නිසා හැමෝම අනිත් එකාව හොයලා.   කට්ටගෙ කෑල්ලගෙ ගෙදර එවුනුත් එළියට පැනලා කට්ටා කාමරෙ ඇතුලේ.  කෙල්ලගෙ කාමරෙ දොරට ගහද්දි කට්ටව ඇඳ යටට දාලා කෙල්ල නිදි පාට් එකේ දොර ඇරලා.   කෙල්ලව තනියෙන් කාමරෙ ඉන්දන්න බයයි කියලා, කෙල්ලගෙ අම්මා කෙල්ලගෙ ඇඳේම නිදියලා.  අනේ ඉතිං උදේ 5 වෙනකම්ම කට්ටා ඇඳ යට.  කෙල්ල ස්කෝලේ යන්න ලෑස්තිවෙන මුවාවෙන් කොහොම හරි කට්ටව ජනෙලෙන් පන්නල යවලා. තඩියා දුවපු දිවිල්ල කෙලින්ම ගෙදරට ගිහිං නිදියලා, කට්ටා පාන්දරම ඇවිත් තියෙන්නෙ මළ ඕවර් කරං තඩියගෙ ගෙදරට. උදේ පාන්දර කට්ටා එන හින්දා තඩියගෙ නංගි අහලා "තමුසේ ඊයේ රෑ ගෙදර නෙවෙයිද ඕයි හිටියෙ"


කට්ටා (මළ ඕවර් වි) :- නෑ මං ඊයේ රෑ ගියා අරූගෙ අම්මට #@%^%_ දැං මේ එන ගමං

තඩියගෙ නංගි:- තෝ එකට මහන්සි නොවි හිටපිය ඌගෙ තාත්තා තාම ජීවතුං අතර ඉන්නව.


                                                    අරූ ගිහින් තඩියගෙ කකුළකින් ඇදලා ඇඳෙං බිමට දාලා. නින්දෙන් තුෂ්නිම්බූත වෙච්ච තඩියා බිම වැටිලා මංඥ්ඥං වෙලා බලන් ඉන්නවළු  කට්ටා දිහා.  කට්ටා අරුට බනිනවලු "$%න වැඩ කරන්න එපා වාහෙ, අරකිගෙ තාත්තට අහු උනා නම් මගෙ බෙල්ල කපනව නේ".  එතකොට තමා තඩියට රෑ වෙච්ච සිද්දිය මීටර් වෙලා තියෙන්නෙ.  තඩියා හිනාවෙනවලු කට්ටා දිහා බලාගෙන, මළ ඕවර් වෙලා ආපු එකත් තඩියත් එක්කම හිනාවෙනවලු.   උදේ 6ට විතර මුං හිනාවෙන්නෙ ඇයි කියලා ආහලා අච්චි තඩියට බනිනවලු.  එදා දවසම ආතල් සාගරයයි, කට්ටගෙ කෙල්ලගෙ කාමරේ ජනේලෙට අරක්ෂාව උදෙශා ග්‍රීල් එකක් හයි කරලා.  හැබැයි ඉතිං ඒ ග්‍රීල් එකේ ඇණ දෙකක් ඉතිරි කරලා අනිත් ඇණ ටිකටත් ගේමක් ගැහුව්වා කෙල්ලටම කියලා.  

අන්න එහෙමයි අපි උදව් කරන්නෙ යාළුවන්ට.
____මයිනා____

No comments:

Post a Comment