Wednesday, 27 June 2018

හිත් සවි නැත්තන්ගේ පෙමක්..

කර්මය... සිංහළ අපේ කටේ කොයි දේටත් එළියට පනින අපූරුම වචනය. සත්වයා කර්මය දායාද කර ගනිමින්ම උත්පත්තිය ලබනවා කියලයි දේශනාවෙ තියෙන්නෙ. හැබැයි ඉතිං කරුමේ කියාගෙන ඉන්නෙ නැතුව අළස නොවි, කල්පනාවෙන් උත්සාහ කරොත් ජිවිතේ දිනන්න පුලුවන් බව බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. 

කාලෙකට ඉස්සර මයිනා ගමෙන් පිටමං වෙලා සංචාරක ජීවිතයක් ගත කලා. ඒ සංචාරක ජීවිතේ ඇතුලෙ හමු වු පුද්ගළ චරිත විවිධයි. ඔවුන් තුළ සැඟවුනු කතා... ඔවුන් ඇසු දෑ දුටු දෑ.. එවත් හරිම පුදුමයි. 

මයිනට යාළුවෙක් හිටියා පොල්ගහවෙල පැත්තෙ. දවසක් ඒ යාළුවා එක්ක මයිනා කෝච්චියෙ යද්දි මීරිගම පහු කරලා ටික දුරක් යද්දි යාළුවා මයිනට කිව්වා මචෝ මෙතනදි මගෙ යාළුවෙක් කෝච්චියට පැනලා මැරුණා කියලා. ඒ කතාව මයිනා යාළුවගෙන ඇහුව්වා. මගෙ යාළුවා කිව්ව කතාව තමයි මේ. 
මගෙ යාළුවගෙ යාළුවා යාළුවෙලා හිටියා කෙල්ලෙක් එක්ක. කෙල්ල ගිරිඋල්ල පැත්තෙ. යාළුවගෙ නම නිමල් කියමුකෝ. නිමල්ගෙයි ඇයගෙයි ආදර කතාව අවුරැදු 4ක් පරණයි. කෙල්ල සා.පෙළ කරන කාලේ තමයි නිමල් එක්ක යාළු උනේ. බොළඳ පෙම්වතුන් විදියට පටන් ගත්තු මේ ආදරෙ දවසින් දවස දළු ලා වැඩිලා අන්තිමට මේ දෙන්නගෙ සම්බන්දෙ ගෙදරට ආරංචි උනා. එතන ඉදං ගැහැණු ළමයට දහසක් තහංචි වැටුනා. උසස් පෙළ කරාට පස්සෙ දෙන්නට මුණගැහෙන්න තිබුනු අවස්තාව තවත් ඇහිරුනා. 
නිමල්ට ජොබ් එකක් නොමැති වීම මේ දෙන්නට තිබුනු ලොකුම බාධාවක් උනා. නිමල් තීරණය කලා හමුදාවට බැඳෙන්න. යුධ හමුදා පුහුණුව ලබමින් නිමල් යුධ සෙබළෙක් වෙද්දි ඇය උ.පෙළ ප්‍රථිඵළ වලින් පස්සෙ පෞද්ගළික ආයතනයක සේවයට එක් උනා. 

කාළය ගෙවිලා යද්දි නිමල් නිවාඩුවට ආවම ඇය මුණ ගැසුනා. ඒත් නිමල්ට ඇය ගැන සැකයක් තිබුනා. ඒ දැන් ඇය රැකියාවක් කරන නිසා ඇය වෙන කෙනෙක් සමග සම්බන්ධයක් ඇති කර ගනී කියලා. 
එක දවසක නිවාඩු ආපු නිමල් ඇයව එක්ක ගියෙ නිට්ටඹුව පැත්තෙ හොටෙල් එකකට. එදා ඇය ඔහු නිසා ගැහැණියක් බවට පත් උනා. නිමල්ගෙ පපුවට තුරැළු වෙලා ඇය කඳුළු මුදා හරිද්දි නිමල් කිව්වෙ දැන් මේ ලෝකේ කාටවත්ම ඔයාව මගෙන් උදුර ගන්න බෑ කියලා. 
නැවත කඳවුරට ගියපු නිමල්ව උතුරු නැගෙනහිර සටන් පෙරමුණට යැවිමට ඉහළ නිළධාරින් යෝජනා කරලා තිබුනා. සටන් පෙරමුණට ගියපු නිමල්ට එක දිගටම සටන් බිමේ ඉන්න සිද්ද උනා. 

නිමල්ගෙ අතින් ගැහැණියක් උනු ඇය මවක් වීමේ ලකුණු පහළ වෙමින් තිබුනා. තව දුරටත් මෙය සඟවන්නට නොහැකි තැනට කරුණු කාරනා සිද්ධ වෙද්දි ඇයගෙ තාත්තා ඇයව ගෙදරින් එළවලා දැම්මා. නිමල්ට මේ විස්තරයක් දැනුම් දෙන්න ක්‍රමයක් ඇයට තිබුනෙ නෑ. අද වගෙ සන්නිවේදන පහසුකම් නොතිබුනු අනුව දශකය මැද ඇය තවත් අසරණ උනා. නිමල්ගෙ ගෙදර ගැන නිමල්ගෙන් අහපු විස්තර විතරක් දැනගෙන හිටපු ඇය නිමල්ගෙ ගෙදරට ගියා. තමන්ගෙ පුතා කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් තිබුනු බව දැනන් හිටියත් ඇය කවුද කියලා හරියටම නොදන්න ඒ ගෙදර අයත් ඇයට කිව්වෙ ඔයා ගෙදර යන්න පුතා ආවම අපි මේ ගැන කතා කරමු කියලයි. නැවත ගෙදරට ආපු ඇයට තාත්තා ගහලා පන්න ගත්තා. 

පාර දිගෙ අරමුණක් නැතිව ඇවිදගෙන ආපු ඇය රේල් පාරට ගොඩ උනා. කොළඹ පැත්තෙ ඉඳලා වේගෙන් ආපු යකඩ යකාට තමන්ගෙ ජීවිතයත් මෙලොව එළිය නොදුටු තමන්ගෙ කුසේ මෝරණ දරුගැබටත් ඒ අවසන් විනාඩිය බව පසක් කරමින් ඇය රත් උනු යකඩ පීල්ලට තමන්ගෙ ගෙළ පුජා කලා.



හඬන වැළපෙන දෙමව්පියන්ගෙත්, අඳෝනා නගන සහෝදර සහොදරියන්ගෙත් ගම්වාසින්ගෙ සෝ සුසුම් මැද්දෙනුත් ඇය අවසන් ගමන් ගියා. 

මාස තුනහමාරකට පස්සෙ නිමල්ට නිවාඩු ලැබිලා එද්දි ඔහුට ලෝකෙ ඔහු සතු ආදරණීයම වස්තුව අහිමි වෙලා ඉවරයි. තමන් නිසා ඇයට සිදු උනේ වරදක් කියන හැඟිමෙන් ඔහු බොහෝ පීඩාවට පත් උනා. වරදකාරි හැඟිමෙන් ඇය ගිය රේල් පාර දිගෙම ඇවිදන් ආපු ඔහු තමන්ගෙ ජීවිතයත් යකඩ යකාට බාර දුන්නෙ ඇය ඉන්න ලෝකෙකට යන්න වෙන් ඇති. 

ඉතිං ඇත්තටම ප්‍රේමය මේ සා කුරිරුද?  මේ  කර්මය ද? මයිනා දුම්රිය කව්ළුවෙන් ඈත බලාගෙන හිතුවා.

Friday, 22 June 2018

මයිනාගෙ කථා ...17 ක්‍රිකට්...

මයිනාගෙ කථා ....17   ක්‍රිකට්

සුද්දන්ගෙ  ක්‍රීඩාව  හෙවත්  මහත්වරුන්ගෙ  ක්‍රීඩාව  කියන්නෙ  ක්‍රිකට්  වලට   නොවෑ. ඇත්තටම  කියනව  නම්  මයිනට  ක්‍රිකට්  බෑ.  ගොං  අඩි පොල්  අඩි  ගහන මයිනා  ග්‍රවුන්ඩ් එකට  ගියාම  එක  දිගට  හූව  තමයි  ඉතිං.   කැච්  වලට එහෙම කිලෝ මිටරයක් විතර දුර ඉඳන් අත් දෙකත් දික් කරගෙන එද්දි ප්‍රේක්ෂකාගාරයෙන් ලැබෙන ප්‍රතිචාර  ඉතිං  සනත්  ජයසුරියලට  ලැබෙන්නෙ නෑ."අඩෝ මල් වට්ටි පුජාවක්ද" "හූ හූ හූ""මයිනෝ බොක දාන්න යන ගමන්ද ලැට් එක අර පැත්තෙ""තොට හිරලේ පාත් වෙලාද" "හු හූ හූ""බෝලේ නවත්ත ගන්න බැරි නං සරමක් ඇඳන් වරෙන් බෝක්කුවා""තෝ බග්ගො අල්ලනවද වහෙ බොලේ අල්ලපිය"කොහොමද ප්‍රතිචාර නේද. ඇත්තම කියනවනං මිත්‍රවරුණි කියන්න කණගාටුයි මයිනා ක්‍රිකට් ගහන්න ආපු වෙලාවක මල්ලි එහෙම හිටියොත් මයිනට කියනවා"උඹ ග්‍රවුන්ඩ් එකට නම් එන්න එපා" කියලා. මොකද මල්ලි හොඳ  ක්‍රිකටර්. ඌට ඇහෙනව ඇතිනේ අයියට ලැබෙන ප්‍රතිචාර ප්‍රේක්ෂකාගාරයෙන්. මේ අවුල් වියවුල් නිසා මයිනා ක්‍රිකට්වලට කැමති නෑ අදත් ඒක එහෙමයි. ඒක හින්දා මයිනා වැඩියෙ ක්‍රිකට් මැච් නොබලති. ඕං එක දවසක අපත රැළ කොහෙ හරි යන්න සෙට් වෙලා එකෙකුගෙ ගෙදරට සෙට් උනා. ඒ ගෙදර එකාගෙ තාත්තා පරට්ට ක්‍රිකට් පිස්සා එදත් මැච් එකක් යනව ටි.වි. එකේ එන එන එකා මැච් එක දිහ බලන් ඉන්නව. මයිනා දැන් අරුන්ට යමල්ලා කිව්වට එකෙක් නොවෙයි එන්නෙ. මයිනගෙ කෝවිල් කට ඇරැනා."ඕං බලහංකෝ විකට් එකක් යන හැටි"කිව්වා විතරයි සනත් ජයසූරිය ක්‍රීඩාගාරයට. ඕං ඉතිං අරුංගෙ තාත්තා රවලා බැළුවා බැළිල්ලක් දවලා අළු වෙලා යන්න. අරවින්ද සිල්වා අච්චි වැහිලා වගෙ වනනවා හතර අතට. මයිනා දැං අයෙමත් අරැන්ට කිව්වා"අඩෝ යමල්ලා බං""අරවින්ද 100 දැම්මාම යමං""මොන සීයද බං අරවින්දට මේ ඕවරෙන් බඩු හරි"
අනේද  කියන්නෙ  සුපෙම්වතුනි  ලකුණු  96ක්  පමණ  ලබා  සිටි  අරවින්ද  සිල්වා  මහාතාට  බඩු බනිස්.   අරුංගෙ  තාත්තා  පැන්නා  එළියට  කොස්සත්  අරං..  දුන්නා  ගෙදර  එකාට කොසු පාරවල්  හැටක්   විතර."දුවපියව් %රි බල්ලො  එකෙක්   එන්නෙ එහෙම  නෑ  පැත්ත පලාතක"සහ    තවත්  බොහො  වචන.  ඒ  අස්සෙ  හිටපු  එකෙක්  අර ගුටි  කාපු  එකාට කියාපි"දැං මැච්  එක  දිනලා  උඹලගෙ  තාත්තට  කප්  එක  ගෙනත්  දෙයි  අල්ල  අල්ල  ඉන්න"මලා  ජෝන්  ඒක  ඇහුනා  අරැගෙ  අප්පට.  ආයෙ  මොනවද  ඉතිං  වළිගෙ  ගිණි  තියා  ගත්ත හනුමා  වගෙ  තමා.   කොස්ස  අරන්  අරූගෙ  පස්සෙන්  පන්නපි. හිටපු  ඈයොත්  එහෙට මෙහෙට  මිසින්.  එදා  අරැගෙ  තාත්තා  අරැට නීතියක්  දැම්මා මයිනා  ඇතුළු  පිරිසට  ඒ ගෙදර තහනම්.
ඒ  කතාව  එතනින්  ඉවරයි  දැං  මේ  කතාව  ඒ  කාලේ  ක්‍රිකට්  වසන්තයක්  උදාවෙලා හැමතැනම  ටූනුමන්ට්.   සික්ස්  සයිඩ්  කියයි,  ටෙන් ඕවර්ස් කියයි,  සුහද තරඟාවලි කියයි, අණුස්මරණ  කියයි  අරවද  මේවද  හම්මේ  ඉතිං   බැළු  බැළු  පැත්තෙ  ක්‍රිකට්.   අපේ හිටපු එවුනුත්  ක්‍රිකට් ගහනව අපි අපි සෙල්ලං කරද්දි මයිනත් ක්‍රිකට් ගහනව ඒත් වෙන කණ්ඩායම් එක්ක ගහාන මැච් වලට මයිනා නෑ. ඇත්තම කිව්වොත් අරන් වැඩක් නෑ බෝළ 2කයි නැත්තං 3යි හූ හඬ මැද නැවත හැරිලා ඒම තමයි සිද්ධ වුනේ.
මෙහේම මෙහෙම මෙහෙම ගිහිල්ලා එක දවසක අපේ අපතයො වෙනත් ගමක එවුන් වගයක් එක්ක මැච් එකක් දාගෙන ඇවිත් රැපියල් 2000ක ඔට්ටුවකුත් එක්ක. අදාල දවසේ අපතයො ටික ඒ ගමට ගියා මැච් එකට එකෙක් උඹලා පළයං මම එන්නම් ග්‍රවුන්ඩ් එකට කියලා ඌ ගියා ගියාමයි නැවත ආවේ නැත. අරැංගෙ තනි නොතනියට ගියපු මයිනට අර ආපු නැති එකාගෙ අඩුව පුරවන්න සිද්ධ උනා. ග්‍රවුන්ඩ් එකේ ඈත කොනක වීහිළුවටවත් බෝළයක් එන්නැති කොනක පන්දු රැකීමට මයිනව දැම්මා. ඕං ඉතිං ඒ ගම්පලාතේ එවුනුත් මයිනාගෙ ගමේ එවුන්ගෙ පරාජය දැක උංගෙ ගමේ එවුන්ගෙ ජයග්‍රහණය බුක්ති විඳිම උදෙසා ක්‍රිඩාංගණයට පැමිනෙනව. බාළ මහාළු තරැණ අතරෙ ඇහැට කණට පේන කෑළි කිහිපයකුත් ඇවිත් ඒක දැකපු ගමං ඒ ගමේ එවුන් වර්ළඩ් කප් එකට සෙල්ලං කරන්න ආපු ඕස්ට්‍රේලියාව වගෙ පඩ ෂෝ. අපේ අපතයො හිංදි නළුවන්ගෙ භූමීකාවේ මැච් එක දැන් පටන් අරන් උන් බැටිං අපි ඉතිං පන්දු රැකීම. ඕවර්ස් 15ක් ඉවරයි උංගෙ විකට් 6කට ළකුණු එකසිය දහයක් ගහලා තිබුනා.


පන්දුවට පහාර දිමට මයිනාගෙ කණ්ඩායම පිටියට. අනේ ද කියන්නෙ සුපෙම්වතුනි යන සැනින් නැවත ක්‍රිඩාගාරයට හරවලා එවන්න තරං ඒ කණ්ඩායමේ එවුන් සහෑසි වුනා අවසානය වෙද්දි ඉතිරි මයිනා පමණයි ළකුණු තිස් දෙකක් ඕනේ දිනන්න ඕවර් 3ක් සහා පන්දු 2ක් ඉතිරි. දැං හැම එකාම දන්නව මයිනා ගියත් වෙන්නෙ කොහොමත් පරාද වෙන්න ඒත් ඉතිං දුකයි ශෝකයයි හිතේ දරාගෙන කණ්ඩායමේ එවුන් මයිනව පිතිහරඹය සඳහ පිට්ටනියට යැව්වා. මයිනත් ඉතිං එතන තිබුනු කොටම බැට් එකත් අරන් පන්දුවට මුහුණ දීම සඳහ පිටියට. ඒ ගමේ ටීම් එක දන්නව මයිනගෙ ක්‍රිකට් හැකියාව. හූ හඬ විසිල් හඬ මැදින් මයිනා පන්දුවට මුහුණ දිම පළමු පන්දුව ගැන හිතා ගන්නත් බැරි උනා සිං ගාලා ගියා. දෙවන පන්දුව බැට් එකේ වැදුනා කරැමෙට එක ළකුණක් දිව්වා ඕවරෙ ඉවරයි ඊළඟ පන්දුවටත් මයිනා මුහුණ දිය යුතුයි.



මයිනා කියන හාල් පාරැවට ක්‍රිකට් බෑ කියලා දන්න අර ගොයියො මොකද කරෙ උංගෙ ටීම් එකේ ඉන්න හාල්පාරැවෙකුට දුන්නා ඕවරෙ දාන්න. ප්‍රේක්ෂක ප්‍රතිචාර නැවතත්.
"සමනා දාපං හාල් කෑල්ලක් බැහැලා"
"හූ හූ හූ මයින්නු කවදද ක්‍රිකට් ගැහුව්වෙ"
අනේ ඉතිං අරැංගෙ කෑගැහිල්ලට අර ගැටිස්සියො කැකිරි පලනවා. ඕං ඉතිං අරැ දැම්මා චමින්ද වාස් වගෙ මයිනා මුත්තයියා මුරළිදරන් වගෙ දීලා ඇරියා ඇස් දෙක පියාගෙන එකක්.

"තණතිල්ල දිගෙ ඇදීලා යනවා සිත මා පිරිලා......."
අනේද  කියන්නෙ  අරැගෙ  බෝලේ  බැට්   එකේ වැදිලා  ප්‍රජාශාළාවේ  වහාළට    ඉහලින් පියාඹලා ගියා.  ලකුණු 6 යි  ඇල්  මැරි  හිටපු  අපේ  අපතයෙ  ටික  ප්‍රබෝධයෙන්  පිනා  ගියා. පපර  ඩාන්ස්  සමග  සිංදු  සහා  ජය  ඝෝසා.  මයිනා  ෆෝම්  උනා  ඊළඟ  පන්දුවට  4 ක්,   ඕං ඉතිං  ඒ  ටීම්  එකේ  එවුන්  බෝල්  කරන  එකාගෙ  මෑණියො  අමතනව.   ඒ අප්සට්  එකට බෝල්   කරන   එකා   වයිටුයි   නෝ   බෝලුයි   දාන  අතරෙ   මයිනා   තව 4ක්   ගැහුව්වා.    ඒ ඕවරෙ   ඉවර  වෙද්දි   අරැ  දාපු  වයිටුයි  නෝ  බෝලුයි  සහණාධාරයි  එක්ක  එක්ක   ලකුණු 24ක්   එකතු   වෙලා.    තව   ඕවර් 2ක්   ඉතිරියි   ලකුණු   8ක්   දිනන්න   ඕනේ.


අළුත්   ඕවරෙ  දාන්න  ආපු  එකාට  කිව්වෙ  සේන්  ප්ලොක්  කියලා  ඒරියා  එකේම  සුපිරි බෝලර්  කෙනෙක්  තමා.  පළවෙනි  බෝලේට  අනිත්  පැත්තෙ  එකා  එක  ළකුණක්  ගහලා ආපු  නිසා  ඊළඟ  බෝලේ  මයිනට.   අරැ   ඈත   දුර   ඉඳන්   දුවගෙන   ඇවිත්   දැම්මා.   බෝලයක්   මයිනත්   ඇඟෙ  පතේ   තිබුනු   සියළු  වෙර  වීරිය   යොදලා   ඇස්   වහගෙන වැනුවා.    බැට්   එක   වැනුවේ   බොළව්..  අනේ   අර  බෝලර්ගෙ  කාඩ්  කුඩු.  ප්‍රජා ශාළාවට ඉහළින්   ඇදි   ගිය   පන්දුව   ලකුණු 6යි.   ජයග්‍රහණය   සඳහා   තව ලකුණයි.   ගමේ ඇයොන්ගෙ   කටවල්   වැහිලා.   අපේ   ඈයෝ   අරැන්ට   නෝන්ඩියට   හිනා   වෙනව   එක විකාරයයි.    අරූ   දැං   ආයෙමත්   දුවගෙන  ඇවිත්   දැම්මා.   බෝලේ   මයිනා    ඇස්   දෙක  පියන්   වැනුවා.   ඒ  බෝලේ   හයේ   සීමාවට   යන්නත් කලින්   මයිනා   උස්සන්   යන්න   අපත රැළම   ග්‍රවුන්ඩ්   එකට.



·         ජයග්‍රහණයෙන් උදම් වෙලා හිටපු එක නසරාණියෙක් ඇඟිළක් කට ඇතුළට "පො පෝ" කියල සවුන්ඩ් එකක් දලා ප්‍රේක්ෂකාගාරෙ හිටපු එවුන්ට පෙන්නලා. අර මැච් බලන්න ආපු එවුන් අස්සෙ ඔය සීන් එකට තරහා යන එකෙක් ඉඳලා පැනපු ගමන් දිලා අරැට ඇහැ නිල් වෙන්න.

"සමීයට ගැහැව්වා සමියට ගැහුව්වා" කියලා කෑ ගහනව ඇහුනා. බැට් පාරවල් ස්ටම්ප් පාරවල් සමග දෙපැත්තෙන්ම හුවමාරැ සිද්ධ වෙනව. උංගෙ ගමේ නිසා අපිට ඉතිං අඩු නැතුව ලැබේනව. ග්‍රවුන්ඩ් එකට එන්නං කියලා හැරිලා ගිය එකා එද්දි ග්‍රවුන්ඩ් එකේ අම්බානයි ටිකයි වෙන්න අපිට වදිනව. අරෑ ටාර් ගාලා නැවත ගමට පුටාර් එක පැදගෙන එද්දි මගදි "රත්තයියා" කියලා එක්කෙනෙක් ඉන්නවා එයාව මුණ ගැහිලා එයාට කියලා අපේ එවුන්ට ගහනවා කියලා. මිනහගෙ ට්‍රේල් බයික් එකක් තියෙනව විනාඩි 10ක් යද්දි එයා ග්‍රවුන්ඩ් එකට. එයාට අපේ ඒරියා එකම බයයි. අරැ ඉතිං මග දිගට පණිවිඩේ දීලා බයිසිකලයක් පැද ගන්න පුළුවන් මට්ටමේ එවුන් ඔක්කොම ඒ ගමට. රතු අයියා ඇවිත් වළිය ඉවර කරා එහෙමයි කියලා හිස් අතින් යන්න පුළුවන්ද බෑනේ. රතූ අයියට යන්න කියලා අනිත් එවුන් 30ක් විතර ඉන්නව. රතු අයියගෙ අක්කගෙ පුතෙක් හිටියා ඌත් ඉන්නව දැං ඉතිං අර ටීම් එකේ එවුන්ට ගහන්නම ඕනේ.
එකෙක්   ගිහින්   අරැන්ට   කිව්වා   ඔට්ටු   දාපු   2000   දීපල්ලා කියලා.   උං කියනවා   අන්තිම බෝලෙට   6ක්   ගියෙ නෑ   උඹලා   ඔක්කොම   ග්‍රවුන්ඩ්  එකට ආවා   අයෙමත්  ලකුණු 2ක් ගහලා   දිනපල්ලා කියලා.


"මොනවද වාහෙ හිඟන වැඩ කරන්නෙ තොපිට සල්ලි නෑ කිව්ව නම් ඉවරයි නේ"
දැං  ආයෙමත්  අපේ එවුන්   ගේම ඉල්ලනව   කට්ටිය   30ක් විතර   ඉන්න නිසා   අවුළක් නෑ. කතාවෙ   දුර   දිග   යෑම  ආයෙමත්   පටන්   ගත්තා  ගහ ගන්න.   උංගෙ   ගමට   ගිහින්   ඒ ගමේ  කොල්ලන්ට   එළව  එළව  ගහනවා.     ගමේ   එවුන්   අතාහරිද   අපිව   කඩු   පොළු   කැති   පිහි   මන්න   අරන්   එනවා   ක්‍රිකට්   ගහපු   එවුන්ගෙ   මාමලා    අයියලා   තාත්තලා බාප්පලා ,   දැං   ඉතිං  ඉවර   කරපු  වළිය  පටන්   ගත්තෙ   අපිම   නේ.     කට්ටියම   කකුල් දෙකේ පිහිට පැතුවා ආවට මොකද අරැං එක්ක මළ තරහා.     දැං අර ක්‍රිකට් ටීම් එකේ එවුන්ට කොහෙ  දැක්කත්  ගහනව.    මාසයක් පුරා    එහෙමයි   ගාල්ලෙ   දැක්කද   ගැහුව්වා, අම්බලන්ගොඩ    දැක්කද   ගැහුව්වා.     ක්ලාස්   එහෙක   සෙට්   උනාද    ගැහුව්වා,   ඉරිදට බීච් ආවද ගැහැව්වා.      බයිසිකලේක   ආවද   හුළං   බැස්සුවා ,      සමහර  එවුන්   සෙනසුරාදා ඉරිදා   ගල්ලට  එනව  උංගෙ   ආදරවන්තියො   බලන්න.    ගාළු   කොටුවේ   එහෙමත්   නැතිනම් ධර්මපාළ   පාර්ක්   එකේ   අනේ   ඉතිං පෙම්සුව විඳිමින්   ඉන්න   ප්‍රේමවන්තයෝ   ඈත අපි දැක්කාම   පෙම්වතියවත්   අතහැරලා දුවනවා.     මේ   කෙළිය    කරන්න   බැරිම   තැන   අරුන් ටික   දවසක  ආවා  අපේ  අපතයෝ  හම්බ  වෙන්න"මචංලා  මෙන්න  උඹලගෙ  රැපියල් 2000 දැං  මේ  අවුළ ඉවර  කරපල්ලා"    කියලා සමාව අරන් ගියා.    ඊට පස්සෙ   නම්   උන්ට  වද දුන්නෙ නෑ.     එහෙමයි කියලා අපේ නසරාණි වැඩ ඉවර උනාද...? නෑ නේ.