Sunday 8 April 2018

මයිනාගෙ කතා...1 කරාටේ ක්ලාස්

  
                  මයිනගෙ  ජන්ම භූමිය වෙන්නෙ බෙන්තර පාළමෙන් එහා ගමක් ඒ කිව්වෙ හික්කඩුව ආසන්නයෙ ගමක්. ඇට්ටරයො, නරැමයො, පාතාලේ ඈයො අරැං මුං හැම වර්ගයෙන්ම හොයන්න පුළුවන් ගමක්. ඒ අස්සෙ ගම් 5ක් තියෙනව ඒ ගම් 5යෙ එවුන් එකම කූළකයකට අයිති එවුන් තමා වැඩිපුර ඉන්නෙ.  තොටගමුවකළුපේ, සීනිගම, වැරැල්ලාන  සහ  මලවැන්න  කියන  ගම් 5 තමයි මේ කියන ශාන්ත දාන්ත  දරු පැටව් ඉන්නෙ. 

                     උපතින්ම අරන් එන ගැහෙන උණ නිසා යංතං ඇටෙන් පොත්තෙන් එළියට එද්දිම අවි ආයුධ වලට ආසාවක් දක්වන මේ පැටව් පාසල් යන්නෙත් කිණිස්සක් හරි පිහියක් හරි බෑග් එකේ දාගෙන. හික්කඩුව ශ්‍රි සුමංගල විද්‍යාලය ඇතුළු පාසල් වල අකුරු කරන මේ ළමයි මාසයකට සැරයක් වලියක් දා ගත්තෙ නෑ කියන්නෙ කෑවේ නෑ වගෙ තමයි. මේ වග දන්න ගුරැ බවතුන් එහෙම වැඩියෙ මේ දෙවල් වලට මැදිහත් වෙන්නෙ නෑ. ඒක උන්ට අවශ්‍යම කික් එක බව එතුමන්ලා දන්නව. 

                             මේ ගම්වලින් ඇවිත් නම තියපු අය නම් ගොඩයි. ඒ අයගෙ රෙකෝඩ් වැඩිපුර තියෙන්නෙ රහස් පොලිසිය ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ආයතන වල. කළුපේ මනෝජ්, ආමි මල්ලි, කිරියා, පොඩි අමිළ වගෙ අය අවියෙන් නම තියද්දි, තොටගමුවෙ හැරිසන්, බබර් රංග, බේකරියෙ චරිත් වගෙ අය පැකට් විකිනිමෙන් නම තිබ්බා. උදයා, සුභයා, සෂියා, චූටියා වගෙ අය මංකොල්ලා කෑම සහ හරක් පැටවිමෙන් පොලිස් පොතේ වාර්ථා අතරට එක් උනා. 


                               ඒ කාලේ ඒ කියන්නෙ මයිනගෙ තරැණ අවදියෙ මේ ගම්වල ඉන්න ඈයොන්ට හැදුනු උණ තමයි කරාටි උණ. ඉතිං මේ උණට බෙහෙත් ගන්න එක එක ඈයො එක එක ඩොක්ටර්ස්ලා හොයාගෙන ගියා. එකල කරාටෙ ඩිස්පැන්සරි කරපු අය කිහිප දෙනෙක් හිටියා මතක විදියට නම් ප්‍රේමසිරි වක්වැල්ල, ප්‍රසාද් කාරියවසම්, ප්‍රසාද් චමින්ද....... මේ වගෙ කිහිප දෙනෙක්. ජිට් කුන්ඩො, ටයිකුන්ඩෝ, කික් බොක්සිං, සෝටෝඛාන් මේ වගෙ විවිධ නම් වලින් උණට බෙහෙත් ලැබුනා.

                             මයිනගෙ ගමට ආසන්නව හිටපු කරාටෙ සමන් අයියගෙ ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්න මයිනත් ගියා. හැබැයි මයිනගෙ අප්පුච්චා මේ වැඩේදි එක නීතියක් දැම්මා "කරාටි පංති යනව නම් ගුටි කන්න බෑ එහෙම උනොත් පංති යන්න බෑ" මේ නීතියට යටත්ව කාලයක් පංති යද්දි කරාටි ප්‍රැක්ටිස් කරනවා. කෙසෙල් ගස් වලට පංච් කරනවා, කික් කරනව, උළු බිඳිනවා පංචි බෑග් එකක් එල්ලන් මුළු හවස් වරැමෙ ඒකත් එක්ක ඔට්ටු වෙනවා. 

                            කාලය ගෙවෙද්දි එවකට තරැණ වයසෙ මයිනගෙ හිටපු කරාටි ගුරැතුමා ගෑණු ළමයෙකුට ලයින් දාන්න ගිහින් පෑරෑළිය කියන ගමේදි ගුටි කාලා ඒ මදිවට එකෙක් කණේ කැල්ලකුත් කඩන්. කරාටි සමන්ගෙ මාමගෙ පුතා වෙච්චි නළින් ගිහින් අර ගමේම එවුන්ට ගහලා දෙතුන් දෙනෙක් කරාපිටියෙ. මේ සිද්ධිය අරංචි උනු මයිනගෙ අපුච්චා මයිනට කියාපි "තෝ අදින් පස්සෙ ගුටි කාපු එකාගෙ පංති යනවා එහෙම නෙවෙයි. තෝ යනව නම් අර ගමට ගහපු නලින්ගෙ පංතියකට පල" කියලා. 
මාස්ටර්ගෙ කෑමෙන් සහ නෑමෙන් පස්සෙ මයිනාගෙ කරාටි සිහිනය බොඳව ගිය බව පවසමි.......... ආයේ හම්බ වෙමු ඈ....

.......මයිනා......

3 comments:

  1. හම්මෝ ඒ..............ක.

    ReplyDelete
  2. කරාටේ ක්ලාස් ..... 1 කියලා එකක් හොයාගන්න නෑනේ

    ReplyDelete